Tuesday, April 9, 2013

පළමු ආතල් එක - සයිබර් උලෙලේ ප්‍රථම තරගය ඇරඹේ..


සයිබර් උළෙලට සමරු කලාපයක් නිකුත් කෙරෙන්නේය. ඒ සදහා දැන්වීම්, සුභ පැතුම් ආදිය නොපමාව ලබා දිය යුතු බවට නිවේදනයක් පවා දියත් වූයේය. එය දුටු බොහෝ අය දැන්වීම් හා සුභ පැතුම් ලබා දීමට උත්සුක වූවෝය. 

ඒ සදහා අප හට ලැබුණු ඊමේල් එකේ සදහන් වූයේ මෙම කරුණුය..

2013 සයිබර් සිහින උළෙලේ සමරු කලාපය සඳහා ඔබගේ දැන්වීම මෙතෙක් අප වෙත ලැබී නැත. ඔබගේ දැන්වීමේ අඩංගු විය යුතු පණිවිඩයද මේ මස 10 වෙනි දිනට පෙර අප වෙත දන්වා එවන මෙන් ඉල්ලා සිටිමු. ඔබ විසින් සකස් කල දැන්වීමක් එවිය හැකිනම් වඩාත් පහසුය.

සමරු කලාපය සකස් කරනු ලබන්නේ B 5 ප්‍රමාණයෙන් වන අතර ඔබගේ දැන්වීම කළු සුදු ආකාරයෙන් සකස් කර එවන්න.

ඒ සමග ඔබගේ දායක මුදල ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ - ප්‍රධාන කාර්යාල ශාඛාවේ - "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුම් අංක 10001-11-71577 වෙත තැන්පත් කොට එම රිසිට්පතේ පැහැදිලි ඡායාරුපයක් හෝ ස්කෑන් ඡායාරුපයක් එවන්නේනම් බෙහෙවින් කෘතඥ වෙමු.


මෙය දුටු විට ප්‍රසිද්ධ බ්ලොග් කරුවෙකු බැංකුවට දිව ගියේ ඇඩ් එකක් ලබා දීමටය. හෙතෙම වහාම බැංකුවෙන් මුදල් තැන්පතු පත්‍රිකාවක් රැගෙන තම නම, තැන්පත් කරන මුදල් ප්‍රමාණය, හා බ්ලොග් අවකාශයේ මිතුරෝ ගිණුම් අංකය පැහැදිලිව ලියා අදාල කවුන්ටරයේ කෙල්ලට දික් කළේය. ඇය බොත්තම් ඔබා බලා බ්ලොග් කරුගේ මුහුණ බැලුවේය. 

“මේකෙ ඉලක්කම් තුනක් අඩුයිනේ..“

“ඈහ්.. එහෙම වෙන්න බැහැනේ..“

කියමින් නැවත ඔහු නම්බරය චෙක් කළේය. එය එසේම පත්‍රිකාවේ සදහන් වි තිබුනේය. ඔහු වහාම ඇමතුවේ සෑමාවය.

“බලපං බං අර නම්බර් එක වැරදි කියනවනේ..“

“වෙන්න බැහැනේ බං.. මාත් සල්ලි දැම්මනේ...“

නමුත් ඔහුකීවේ එය වැරදි බවය. නැතිනම් බැංකුවේ ප්‍රධාන ශාඛාවට අදාල අංකය හෝ ඉදිරියට පැමිණිය යුතු බවක්ය. ඔහු බැංකුව දෙවනත් කරමින් අදාල අංක තුන සොයමින් සිට තවත් පැය කාලකට පසු සෑමා ඇමතුවේය.

“මචං අරක හරි යන්නෙ නැහැ බං..“

“ඒක තමයි බං හරි.. වෙන්න බැහැනේ.. වරදින්න විදිහක් නැහැ..“

“ආයෙත් බලපං 10001-11-71577.. මේක නේද??

“ඔව් බං ඒකම තමයි..“

“එතකොට බැංකුව Peoples Bank නේද?“

“පිස්සුද යකෝ... NSB එකට දාන්න ඕනෙ..“

එලෙස නිල වශයෙන් ප්‍රථම ආතල් එක සැපයූ එතුමා සමග බ්ලොග් අවකාශයේ මිතුරෝ, ජාතික තරුණ සේවා සභාවේ සම අනුග්‍රහයෙන් පවත්වන, සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම 2013 සයිබර් සිහින බක්මහ උළෙල , අප්‍රේල් මාසෙ 21 වෙනිදා ( කාටත් පහසු නිවාඩු ඉරිදා දවසෙ) උදේ 9 ඉඳන් හවස 4 වෙනතුරු, මහරගම ජාතික තරුණ සේව සභා පිටියේ දී හමුවෙමු.

උළෙලට ඇතුළත් වීමේ ගාස්තුව ලෙස රුපියල් 200ක ප්‍රවේශ පතක් නිකුත් කෙරෙන අතර, සහභාගි වන සැමටම දිවා ආහාරය සහ සමරු කලාපයේ පිටපතක් ලබා දෙන්න දැනටමත් සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

තව විස්තර කියවන්න, ලියාපදිංචි වෙන්න, තරඟ වලට ඇතුලත් වෙන්න, ටී ෂර්ට් ඉල්ලුම් කරන්න වැඩි විස්තර කියවන්න...
http://cyberfestival.blogspot.com/2013/03/newyear2013.html

එහෙනං මේ මාසේ 21 වෙනි ඉරිදාට එන්න...

පලි-  උක්ත ආතල් එක ගැන ඇත්ත දැන ගැනීමට සභාපති ප්‍රදීප් මහතා හෝ අඩවි රජ අමතන්න...


Written_by_sAm_ශ්‍රී_Perera_07:18pm_09.04.2013

මෙතැනින්... අපේ සතුට ඇයට කොයිද? කියවන්න.....

65 comments:

  1. මේ සැරෙත් පට්ට ආතල් එකක් ගන්න පුළුවන් වෙයි වගේ :)

    ReplyDelete
    Replies
    1. ජයග්‍රාහි පිට පිට දෙවෙනි වතාවට දැමු පළමු කොමෙන්ටුව :D

      Delete
    2. උඹ යකෝ පෝස්ට් දානකල් බලන් ඉන්නවද ?

      බලපං රජෙක් බැංකු ගිය හැටි :ඩී

      Delete
    3. අප්පට සිරි රජාද එතකොට මේ බැංකු මාරු කරගත්ත බුවා? :D

      Delete
    4. රජා නෙමෙයි ඔය සැමාම තමයි. අපි නොදන්නා මොනරතැන්න. :P

      Delete
  2. අයියෝ සල්ලි! බැංකුවේ වැඩි සෙනගක් හිටියේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. රජාගෙන් තමා බං අහන්න වෙන්නෙ !

      Delete
  3. හික්ස් එදාට සෙට්වෙමු ආ නෑ කලින් සෙට්වෙමු හික්ස් හුඟකාලෙකින් බං ආවේ බලහං අපේ ඔෆිස් එකේ ඉන්ටනෙට් දෙයියො බ්ලොග්ස් බ්ලොග් බ්ලොක් කොරලනේ බන් හුග්....

    ReplyDelete
    Replies
    1. ඉවර වෙලාම සැට් වෙමු.. :)

      උබලගෙ බැංකුව වෙනුවට වෙන බැංකුවකට රිංගලා වෙච්ච හදියක් බං !!
      පව් කොල්ලා !!!!!!!!!!!

      Delete
  4. හි හි... යූත් එකේ නේ... ඔලුව දාලා බලන්න එන්නම්....

    ReplyDelete
    Replies
    1. එලස් !

      ඇවිල්ලම යන්ටෝ...

      Delete
  5. ගෙදරට කියාගන්න බැරුව ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔයාට ඉතින් හැමදාම කියාගන්න බෑනේ

      Delete
    2. කියාර් ගන්න බැර්..

      Delete
    3. කියා ගන්න බැරිනම් නොකිය එන්ටො....

      Delete
    4. අනේ මේ සැරේ අත ළඟටම අවුරුදු උත්සවේ ඇවිත් දෙයියනේ .... ඇත්තමයි මට මේ කියාගන්න බෑ නේ

      Delete
  6. උපරිම උත්සාහයක් ගන්නම්

    ReplyDelete
    Replies
    1. අදුනගන්න ඉතාම කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඔබ මාතලන්

      Delete
    2. අපොයි ඌටත් පොවන්න හදන්නෙ !

      Delete
    3. උගුරු ඇටේ කැඩෙන්නත් කලින් හොරෙන් රා බීල පටන් ගත්ත >>ඌ බබා ?<<

      Delete
    4. නෑ.... ඌ බෙබා... හි හි... ( විහිළුවට ඈ...)

      Delete
    5. විහිළු නෙමේ බොන එව්වන්ට කියන නියම සිංහල වචනය ඕක තමයි.

      Delete
    6. හ්කිස්.. බෙබා..

      Delete
  7. එන්නම්කෝ! හැබැයි සැමෝ මේ සැරේ සින්දු නම් කියන්න බෑ!!!!

    ReplyDelete
    Replies
    1. අපෝ එහෙනම් මට බෑ !

      Delete
    2. ඔහෙලා දෙන්නම සිංදු කියන්නෑ කියලා පොරොන්දු වෙනවනම් එනෝ.. නැතිනම් බෑ.. :/

      Delete
  8. ඒ මහජන බැංකුව ලස්සනයි නේ බං?

    අම්මෝ ඔය වැරදුන එකා දුන්න ආතල් එකක්. මට ෆෝන් එක කට් කරලත් හිනා ඕයි!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පට් හලෝ වැරදුන හා උදව් කරන උන්ට මඩ ගහන එක.

      Delete
    2. දතයි කටයි වහගෙන එලියට පැන්න එක තමා කලේ..

      පට්ට චාටර් ඕයි... !

      Delete
    3. තවත් හිනා...

      මම ඉන්නේ පීපල්ස් බෑන්ක් බං ^_^

      Delete
  9. සෑම් මලයෝ මගේ බ්ලාගේ මගේ මේලය ඇති ඔබේ ලිපිනය එතැනට දාපන්.

    ReplyDelete
  10. මැද හරිය කියවද්දි හිතුනා ආතල් එක දුන්නෙ රජාවත්ද කියල බැලින්නම් ඒක හරියටම හරි :)

    ReplyDelete
    Replies
    1. පව් බං රජාවම අල්ලන්නෙ ඇයි ?

      Delete
  11. Suba patum. mata ena wena naha. (Sira hodin neda?).
    Jayawewa.

    ReplyDelete
  12. මොකක්ද රජා දාන්න යන ඇඩ් එක. අන්තහ්පුරයට ස්ත්‍රීන් බඳවා ගන්නද? :D

    ReplyDelete
    Replies
    1. හයියෝ.. ඒකටත් මූ බැංකුවට යන්න දන්නෙ නැහැනෙ බං .

      Delete
  13. දැන්ම ඉදන්ම හූල්ලන්න ලෑස්ති වෙනවා.... එන්න වෙන්නෙ නෑනේ ඉතින්,

    ReplyDelete
  14. මම අනිව එනව .. මොකද මට අදුර ගන්න ගොඩාක් අය ඉන්නවනේ.... ඇවිල්ලම සෙට් වෙමු...

    ReplyDelete
  15. රමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින්, ඒවාට ප්‍රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. මෙන්න ඒ සඳහා පිළිතුරු දෙන්න ඉඩ

    රමේෂාට පිළිතුරු

    ReplyDelete
  16. හ්ම් හ්ම් කට්ටිය සෙට් වෙනවා එහෙනම් ඈ.
    එන්ජෝයි කරපල්ලා. ෆෝටෝ දාපල්ලා.

    ReplyDelete
  17. අම්මට සිරි. දැනටම ආතල් පටන් අරගෙනද!

    ReplyDelete
  18. ඇත්තටම කොල්ලා දුවගෙන ගොස් තිබෙන තැන හරි. මොකද පොදු අරමුදල්, සේවාවල් වගේ කොන්ත්‍රාත් වැඩි හරියක් කරන්නේ අපි නේ.

    ReplyDelete
    Replies
    1. ඕන්....එයත් ඇඩ් එකක් දාගෙන...

      Delete
    2. සු දී ක අයියේ. add ඔට්ටු නෑ හොඳේ...

      Delete
    3. මේක ඇඩ් එකක් නෙවෙයි. මම කියන්නේ සාමාන්‍ය ගනුදෙනු වලට අමතර පොදු සේවාවල් කරන එක. උදාහරණයකට සුනාමියට රුපියල් 5000 ගානේ ණයක්/ප්‍රදානයක් බෙදා ඇරියෙත් අපි හරහා, ඒ කාලේ වින්ද කරදර ඒ පැති වල ඉන්න නංගිලා/මල්ලිලා කිව්වා.

      Delete
  19. අනේ ඔහොම මේල් එක්ක ආවේ නෑ අපිට,, අර ඇඩ් ගැන කියලා පිටුව ගැනයි කියලා විතරයි ආවේ.. :/

    ReplyDelete
  20. ජාතියේ හදගැස්ම තියෙන කොල්ලෙක්.එහෙම වුන් ඉබේම යන්නේ ඒ වගේ තැන්වලට.

    ReplyDelete
  21. පුදන කොටම කාපි "රජා"....!

    අපිත් එනවා...

    ReplyDelete
  22. අය්යෝ. අපිට නම් එන්න හම්බවෙන්නෙ නැ. පොටෝ දාන්න.

    ReplyDelete
  23. කිමෙක්ද මහරජ ??

    ReplyDelete
  24. ඔය පටන් අරන් තියෙන්නෙම කාඩ් එකකින්

    ReplyDelete
  25. එන්ඩ වෙන එකක් නෑ බං.දුක තමයි මක්කා කොරන්ඩද?

    ReplyDelete
  26. මඩ ගහනවා කියලා මෙහෙමත් මඩ ගහන්න එපා සෑමෝ..!!

    ReplyDelete
  27. මට මේ වතාවටත් උඹලව මග හැරෙනවා. අවුලක් නෑ ඊලඟ වතාවේ බලමු. තව කොච්චර දේවල් කෙරෙයිද ඉස්සරහට නේද...! සැමා ඇතුලු පවුලේ සැමට සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  28. people's bank කීවාම මතක් වෙන්නේ අපේ සෙට් එක බැංකුවට ගිහින් ක්‍රිකට් මැච් බලලා සිකුරුට්ටා අන්කල්ට දුන්න ආතල් එක- කවුද අප්පේ අකැමති full A/C, කුශන් පුටුවල වාඩිවෙලා මැච් බලන්න- :)

    ReplyDelete
  29. හුලන්ටෙල් 25 කාඩ් එකක් කුඩුවෙනකන් දවස් තුන හමාරක් සැමාගෙ බ්ලොග මුල ඉදන් අගට කියෙවුවා- ඒක දැකපු අම්මා 'ඈ කොලුවෝ දවස තිස්සෙම පෝන් එකට මූන ඔබාගෙන ඉන්නේ ආයෙත් සක්කරවට්ටමක් කරගහගත්තද? ' කියල කියපි- අනේ ඉතින් කාට කියන්නද
    අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්-

    ReplyDelete
  30. ප්‍රදීප් සහෝදරයා මා හමුවෙලාම ආරධනයක් කළා එන්න කියලා ... බලමු උත්සාහයක් ගන්නම්

    ReplyDelete
  31. මේ පාරත් ඉතින් මම නෑලු.. ඒත් නෙක්ස්ට් ටයිම් මම අනිවා ඇති..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...