Tuesday, April 30, 2013

කම්කරුවාට තාවකාලික ආතල් එකක් දීම.. - මේ ඩේ ස්පෙෂල් !


රැකියාවක් කරන අය කම්කරුවෝය...? රැකියාවක් නැත්තෝ කම්කරුවෝ නොවන්නේය...? එහෙත් ආදායම අවම මට්ටමේ සිට රැකියාව කරන්නෝ කම්කරුවෝ කියා සමාජ ගතව තිබෙන්නේය. පාරේ වැඩ කරන මනුස්සයා කම්කරුවෙක්ය. පහත් තලයේ ආදායම් ලබමින් රැකියා කරන්නෝ කම්කරුවෝය. ඒ ලාංකීය චින්තයය. සුදුසුකම් තියාගෙන ලැබෙන රැකියාව කරන්නෝ සිටින්නේය. ඒ විරැකියාව නිසාය. සාධුකින් පෙළෙන්නවුන් නැගිටියව්! අන්තිම සටනට සැරැසියව්! ඒ-එදා කම්කරුවාගේ සටන් පාඨයය. දැන් එසේ නැත්තේය. මැයි පළවෙනිදාට (කාන්තාවන් වැඩිපුරම ශෝක වන දිනය නොවේ) සියළු කම්කරුවෝ පාරට බහින්නෝය. ඒ කම්කරුවන් ලෙස නොවේය. එජාපකරුවන්, ජේවීපී කරුවන්, පො.පෙකරුවන් ලෙසය.

මැයි පලමු දා උදේම එකී බෙදුම් කරුවෝ පාරට බහින්නෝය. තම තමන්ගේ පාට තොප්පි හිස දවටාගන්නෝය. එකී දේසපාලුකරුවන්ට අදාල පාට පාට කමිස ඇග දවටා ගන්නෝය. වැඩිම වාසි පැත්තට, වැඩිම සෙනග එන පැත්තට කොඩි ඔසවාගෙන දුවන්නෝය. ආතල්ය. සුපිරිම ආතල්ය. දින 364ක් පුරාවට නොලබන ආතල් එක එදාටය. දවල් කෑම් නොමිලේය. විටක තොප්පිය, කමිසය පවා නොමිලේය. ට්‍රාන්ස්පෝට් ගැන නොදැනෙන්නේය. ගමටම බස් එක පැමිණ රැගෙන යන්නේය. වෙනදාට ටිකට් කඩන කොන්දා මෙදාට මිතුරාය. සැප කනේය. ඩොල්කි ගසා, බොංගෝ ගසා, ගමටම පැමිණ රැගෙන යන්නෝය. කම්කරුවා රජ වන්නේ එදාටය. වෙනදාට බාර් බිල ක්‍රෙඩිට් දමා ගෙවන කම්කරුවා එදාට බොන්නේය. එයද නොමිලේය. වැඩේ අහවර වී බස් එකේ ගෙදරටම ගෙනත් නොදමන්නේය. ඒත් ආතල්ය. පයින්ගේ කන සාක්කුවේ දමාගෙන ගෙදරට එන්නෝය. වසරකට එක දිනක් ලැබෙන සැප කම්කරුවා ගන්නේය.

ලොක්කෝ කෑ ගසන්නෝය. පක්ෂ විපක්ෂ ලොක්කෝ සැවොම මයික් උගුරේ දමාගෙන කෑ ගසන්නෝය. පට්ටම කික්ය. උදේ සිටම ජනතාව වෙනුවෙන් කෑගසන්නෝය. පක්ෂයේ අය පවා කම්කරුවාගේ පැත්ත ගෙන කෑ ගසන්නේය. රට කරවන පැත්තේ සිටියත් එදාට කම්කරුවාට නොලැබෙන දේවල් දකින්නේය. ඒවා වැරදි බව කියන්නේය. ඒ වැරදි නිවැරදි විය යුතු බව ගිරිය කඩාගෙන කියන්නෝය. කම්කරුවෝ විසිල් ගසන්නෝය. බල්ටි ගසන්නෝය. ෂොට් දෙකතුන ලග ලගම නවා ගන්නෝය. 

විපක්ෂයද  කෑගසන්නෝය. උන් කරන විදිහ වැරදිය. අපි මෙය මෙසේ කළ යුතුය. රට ගොඩ දැමිය යුතුය. කම්කරුවා ගොඩ දැමිය යුතුය. ආතල්ය. සුපිරිම ආතල්ය. අපි ආණ්ඩුව පෙරලනවාය. වැඩිවූ විදුලි බිල නිසාම ලොක්කා ගෙදර යවනවාය. නීතිය ආතල් එකක් කරගත් ලොක්කාට පාඩමක් උගන්වනවාය. කම්කරුවාගේ වැටුප, ජීවන වියදම, ප්‍රශ්න සියල්ල එක එක විසදෙනවාය. බෝතල් හිස් වෙනවාය. බෝතල් අඩිය (ආතල් බොඩිය) තවත් සැප දෙනවාය.

සහෝදරවරුද කෑ ගසන්නෝය. අපි අපෙ සහෝදර වරු වෙනුවෙන් එදා මෙන් අදත් කැප වෙනවාය. අපිට කොකා පෙන්නා රජයට ගැති කම් කරන්නට සීගිරි නොගිය බයියා පක්ෂය හැර ගියේය. අපිට එවන් උන් වැඩක් නැතිය. රට කරවන්නට හැකි අපිටය. ලේ පාටට, දෑ කැත්තට, උදැල්ලට පන්නරය දෙන්නේ අපිය. සග, වෙද, ගුරු, ගොවි කම්කරුවාට ආතල් දෙන්නේ අපිය. ඒ ආතල් එක රටටම බෙදන දවස වැඩි ඈතක නැත්තේය. ඒ සැප බෙදා ගන්නට අද මෙහි ආරම්භක වාක්‍ය කිව යුතුය. ඒ වාක්‍ය යේ හිමිකරුවන් ඔබය. කම්කරුවාට ජය වේවාය.

උදේ සිට නොමිලේ ලැබෙන සවාරියෙන් සැප අරගත් කම්කරුවා ගෙදර එන්නේය. පාවෙන්නේය. හිස් කළ බෝතල් වල ආතල් එක යන තුරු පාවෙන්නේය. හද මට්ටමට පැමිණ නැවත පෘථිවියට ලගා වෙද්දී ආතල් ඩබල්ය. පාට පක්ෂ වල රූකඩයන් වී ග්‍රවුන්ඩ් පුරවමින් දුන් ඔවුන්ට දුන් සපෝට් එක ගැන අභිමානයෙන් සිටින්නෝය. මාසය අවසන විදුලි බිල එද්දී උන්ගේ උක්ත ස්වරය ඇහෙන්නේ නැතිය. තම තමන්ගේ බලු කෙදිරිල්ලෙන් පමණක් ලැබෙන කික් එකෙන් ගොස් විදුලි බිල ගෙවන්නේය. බඩ පිටට ඇලෙනා තෙක් ඉතුරු කරන්නේය. මැයි පලවෙනිදා ලැබූ බත් පත වසරේ ඉතුරු දින ගෙවන්නට ප්‍රමණවත් නොවන්නේය. එදාට පළවෙනිදා තමන්ට ආතල් දුන් සැට් එක ගෙදර එන්නේ නැතිය. තියෙන රස්සාවෙන් පවුල නඩත්තු කළ යුතුය. නොමිලේ බස් සේවා, නැතිය. ටිකට් කඩන කොන්දා පස්සෙන් එලව එලවා ටිකට් ගන්න කියන්නේය. හවසට ෂොට් එක නොමිලේ නොලැබෙන්නේය. ඒකටත් ටැක්ස් ගහලාය. වැඩි වූ මුදල පවා ගෙවන්න වෙන්නේ කම්කරුවාගේ තුට්ටු දෙකෙන්ය. 

තාවකාලික ආතල් එක සදාකාලික නොවන්නේය. තාවකාලික ආතල් ගන්න ගොස් නොමිලේ ලැබෙන නිවාඩුව විනාසකර ගත යුතු නැත්තේය. නැත්තං නිවාඩුවක් ගන්න ගියොත් නෝ-පේ ය. ඒවාත් කම්කරුවාගේ සල්ලිය.

Written by sAm_8:43pm_30/04/2013

35 comments:

  1. මොන කම්කරුවෝද බං??මට මතක නෑ!!!

    ReplyDelete
  2. ලස්ස විස්සක් එනවලු සන්දාන රැළියට .."teeeeek" ලස්ස විස්සක් ..
    සෙල්ලන් නැහැ එක පෙළට මැලවෙද්දී ....:D

    ReplyDelete
    Replies
    1. සැපක් අරන් ගෙදර යයි බං. ඉතුරු දවස් ටික ඇටිකෙහෙල් කාල වගේ ඉදී !

      Delete
  3. මල විකාර ... අපිට නිදහසේ ගමනක් යන්නවත් නැහැ. ඊයේ රෑ ඉදන් හතරවටේ බ්ලොක්. සල්ලි කන්න කරන වැඩ. හනේ අම්මියෝ.. සුබ සුබැ ,,

    ReplyDelete
    Replies
    1. පිස්සු කියවන්න එපා බං. එක දවසයි මේම ආතල් :ඩී

      Delete
  4. ලංකාවේ කම්කරු නීති අනපනත් අනුව කම්කරුවා යනු පහලම සේවකයින්ෙ නාවේ...කම්කරු අයිතිවාසිකම් ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියාට පවා හිමිය...
    අපිට අයහපත් කම්කරු ඒකරාශී වීම් වලට උදාහරණ තියෙනවා..ඒත් අපි ඔය පාර්ථනා කරන යහපත් සමාජය නියෝජනය කරන යහපත් මැයි රැලි පේන්න නැහැ...
    ඇයි ඒ?
    සරලව කිව්වොත් මොකුත් ලැබෙන්නෙ නැත්තං කවුරුත් කැමති නැහැ අව්වෙ යන්න....

    ReplyDelete
    Replies
    1. සරලවම කිව්වොත් මැයි රැලි දේශපාලනීකරණය වෙලා ඒකයි කේස් එක....

      Delete
  5. ඉඳලා ඉඳලා නිවාඩුවක් ලැබෙන දවසේ ගෙදරට වෙලා ‍‍ජොලියේ ඉන්නේ නැතු ව මොන මගුලට අව්වේ කර වෙ‍වී කඩේ යනව ද මන්දා!

    ReplyDelete
  6. ඊයේ මට කතා කරපු යාලුවෙකුත් කිව්වා උන්ව බලෙන් වගේලු ඕවට එක්ක යන්නේ. නොගියොත් පනිෂ්මන්ට් ලු. මෙහෙමයි රජයේ ආයතනවල. ඉතුරු කතන්දර කියන්න මම ආයෙත් පෝස්‍ටුව කියවලම එන්නම් මචං. දැන් වැඩට යන්න සූදානම්වෙලා ඉන්නේ..ඒ නිසා වෙලාව මදි.

    ReplyDelete
    Replies
    1. ඉතිරිය දාපං..

      අපෙ පැත්තෙ කොල්ලෙක් ගෙන් ඇහුවම කිව්වෙ එහෙම සීන් එකක් නැහැ කියල බං.. O.o

      Delete
  7. මැයි රැලි තියෙන පැතිවල බාර් වහන්නෙ නො‍මිලේ බොන්ට දෙන්ට වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව;; ගිහින් සෙට් වෙමුද?

      Delete
  8. මේ පැත්තෙනුත් CTB බස් පුරවාගෙන ගියා මම හිතන්නේ බී ඇස්.

    ReplyDelete
    Replies
    1. හැම පැත්තෙන්ම ගිය බව තේරුනේ නිවුස් දැක්කම..

      Delete
  9. ලොක්කගේ බත්තරමුල්ලේ එකට පලයන්. නැත්තං තවත් එකෙක් අඩු වෙනවා...

    ReplyDelete
  10. අපිට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. මමත් දන්න කාලෙක ඉඳලා මැයි දිනේ කියන්නේ රතු, කොළ නිල් හා වෙනත් පාටවල තොප්පි දාගත්ත පෙලපාලියක්.

    ReplyDelete
  12. ලයිට් බිල අඩු කරා අයියේ අපිට සැබෑම කම්කරු දිනයක් දුන්න මහින්ද මාමට පිං :D

    ReplyDelete
    Replies
    1. ඇහ් අඩුකලාද? හොරෙන්ම ?

      Delete
  13. එදාට දෙන නිවාඩුව නිවාඩුවක් විදියට ගත කරන්න ඔවුන්ට ප්‍රඥාව පෑදේවා.

    ReplyDelete
  14. සෑම් මොනාද කලේ කම්කරුවො වෙනුවෙන්?ගෙදරට වෙලා හිටියද නත්නම් කම්කරුවො එක්ක සැපක් ගන්න ගියාද?

    ReplyDelete
    Replies
    1. ගෙදර ඉදන් සැපක් ගත්තා :)

      Delete
  15. සින්දුවක් මතක් උනා..

    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

    දා ගැබ් මහ වැව් කලා නිකේතන
    නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
    ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
    මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ
    මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ

    රජ සැප විඳිනට රජ දරුවන් හට
    නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
    ඒ නුඹලාගේ දුක දැක ගන්නට
    මොන රජ දරුවද පැලකට වැඩියේ

    ReplyDelete
    Replies
    1. //ඒ නුඹලාගේ දුක දැක ගන්නට
      මොන රජ දරුවද පැලකට වැඩියේ//

      ඇයි මැතිවරණ කාලෙට?

      Delete
  16. අම්මපා නිවාඩ් දවසේ ගෙදරට වෙලා ආතල් එකේ ඉන්නේ නැතුව මොකට අවුවේ චාටර් කන්න යනවද මන්දා බං..

    ReplyDelete
    Replies
    1. අනෙ මන්ද බං ? අන්න ඒ මදිවට එකෙක් මැරිලා. .බස් එකෙන් වැටිලා..

      Delete
  17. වැඩ නොකරන ජනතාවගේ........වැඩකරන දවස..........ඇයි දෙයියනේ උදේ ඉඳන් ගිරිය පුප්පන් කෑ ගහන එක සෙල්ලමක්ද..?

    ReplyDelete
  18. අනේ දෙයියනේ පුළුවන්නම් වෙන රටකට ආණ්ඩුව අරන් යන්න කියන්න අප්පා, ඒක තමයි හොදම දේ :/

    ReplyDelete
  19. ඔය පෙළපාලි ගිය සහ ඉදිරියටත් යන ගොන්කෙරුමෝ ගැන නම් කතා කරන එකත් පව්ය...
    මම මැයි පළවෙනිදා වැඩ කර කර ඉන්න අතරේ කම්කරු ජනතාවගේ සදාකාලික ගැලවුම්කරුවන් වන ජෙප්පන්ගේ පෙළපාලියක ගමන්ගත් අසික්කිත බලු පාහරයෙකු මගේ ඔළුවට උගේ අතේ තිබු කෝටුවකින් පාරක් ගහගෙන ගියේය...
    ඌ සහ පෙළපාලියේ ගිය ජඩයන් කිව්වේ කම්කරු දිනයේ වැඩකළ අප ද්‍රෝහීන් බවය....
    ඌ තියා උගේ අම්මාවත් නොදන්නා කම්කරු දිනයක් ගැන කතා කරන්නට බත් එකකට සහ අරක්කු බෝතලය වෙනුවෙන් මට ගැසූ ඒ පරයාට ඇත්තේ කුමන අයිතියක්ද...
    කම්කරු දිනයේදී අනුන්ගේ මුදලින් කා බී ආතල් ගත් ඒ නරුමයාටද, කම්කරු දිනයේ පවා මාගේ කැමැත්තට වැඩ කල මා හටද නියම කම්කරු අයිතියක් ඇත්තේ....

    මගේ ඔළුවට ගහපු ගමන් මම බැලුවා කවුද ගැහුවේ කියලා... එතකොට ඒ පරයාගේ නිකන් බීපු අරක්කු මගෙන් ඇහුවා "මොනවද කැ...යෝ බලන්නේ" කියලා... කෝප වෙන ලේ මේ කාලේ වෙද්දී ඇඟේ නැති නිසා අහක බලාගෙන ඌ ගැන අනුකම්පාව උපදවාගෙන හිටියා.
    සහෝදරයා....
    උඹට තේරුනාද රුසියාවේ චීනේ කම්කරුවෝ තමන්ගේ උන් වෙනුවෙන් පණ දීපු මැයි පලවෙනිදත් අපේ හරක් මොකද කරන්නේ කියලා...
    ඕක තමයි ඔය පෙළපාලි වල යන එව්වන්ගේ තරම.
    මම උඹේ බ්ලොග් එකට කලින් හොඳට ආගිය කෙනෙක්. ඒත් දැන් වෙලාව හිඟයි. දැන් බ්ලොග් ලියන්න බලන්න වෙලාව මදි.
    ඒ උනත් අර මෝඩ ජෙප්පා උගේ නිරුවත පෙන්නපු නිසා මට මේ කමෙන්ට් එක ලියන්න හිතුනා...
    උඹට ජය වේවා...

    ReplyDelete
  20. මැයි පළමුවැනිදා මටත් ආරාධනාවක් ලැබුනේය. පෙළපාලියේ යන්නට නොවේ දහම්පාසල් ළමුන්ට සූදානම් කල තිබූ වැඩසටහනක දේශනයක් කරන්නටය. මට වෙළව දී තිබුනේ 9යටය මැයිදිනයට පින්සිදුවන්නට මන් එතනට යන විට 10ත් පසුවී තිබුනි. හවස ආපහු එද්දි ආතල් ඩබල්ය උදේ තිබුන බස් 2,3 ද නොතිබුනි. උදේ පෙළපාලියට සෙනග ගිය ආපසු යමින් තිබුන බසයක අදුනන කොන්දොස්තර අයියා කෙනෙකු සිටියේ මගේ වෙලාවටය. නැතිනම් රෑ වෙන තුරැම පාරේය. සිද්දිය ගැන ඇසූවිට "උදේ ගියෙනැත්නම් හෙට ඉදන් දුවන්න පර්මිටුත් නෑ බං.. බලහන් ඩීසල් ටිකත් අපෙන්මනෙ.." යැයි කීවේය. කාට කෙසේ වෙතත් ඔවුන්ටනම් ආතල් නැත. දවසේ සොයා ගන්නා ආදායමද නැත. ඩීසල් ටික පාවා ඔවුන්ගෙන්ය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...