Friday, April 19, 2013

ලකාට රෙද්දේ රෙවෙයි... - සෑමා - උමාට ආදරෙයි..


පුංචි කලේ බයිසිකල් පදිනකොට පාර පුරා සිටින බල්ලන් පස්සෙන් පන්නන්නේය. එවිට උන්ට වැඩ දමමින් සද්ද දමමින් දැගලුවේ පොඩි නිසාය. දැනුමක් නැති නිසාය. දැන් පාරේ යද්දී කාර් එක පස්සෙන්ද බල්ලෝ එලවන්නේය. ඒ ගැන පොඩි පෝස්ටුවක් දිනක් වැටුනේය. එහි තිබුනේ පාර අසල නිවසක බල්ලෙක් සෑමාගේ කාර් එක පසුපස දිනපතා බුරා පැන්න කතාවක්ය. බල්ලෙක්ට ලියමි ලෙස එය ලියැවුනේ බල්ලන්ට උත්තර දීමටවත්, ගේම ඉල්ලීමට වත් අවශ්‍ය නිසා නොවේය. එය හුදෙක් අහිංසක බලුපැටියෙකු නැති වීම නිසා මහ බැල්ලිය වාහනය පසු පස පැන්නූ ඉතා ලස්සන කතාවක් නිසාය. බල්ලන්ට පිලිතුරු බැදීම වැඩක් නැතිය. එහෙත් බල්ලෙක් කළ වැඩකින් සමාජයට අර්ථවත් කතාවක් නිර්මාණය වේ නම් එය ලියා තැබීම හොදය. පිං අතේ වැඩක්ය.

ගෙට්ටුගෙදර් එකේදී වෙච්ච දේවල් හැම එකාම දන්නවාය. සෑමාද කිරිකොට් ගැහුව බව ලකා නොදන්නේය. ඌ පව්ය. ඒ නිසා කිරිකොට් නොගහා සෑමා උමා සමග සිටි බවක් කියන්නේය. උමාව සෑමා ගේ ඇස ගැටුනේද ගීතයෙන් ගීතය කරනා අවස්ථාවේදීය. ඒ බව එදා සිටි හැම එකාම දන්නේය. උමාගේ බ්ලොග දැන ගත්තේද එදාය. තහනම් වචනයාගේ සහෝදරියක් බදු ඇය සෑමා සමග උරෙන් උර ගැටුනේය. අවසන ඇය සෑමාගේ ගායනය හමුවේ පරාජය වී සෑමා දින්නේය. ඒ සිද්ධිය හැම එකාම දැක්කේය. බස් රේඩියෝවේ ලයිව් විකාශය කලේය. ලකා පව්ය. ඌ හිතලා කතන්දර හදන්නේය. ඒත් හොදම හරිය එලියට එන්නේ දැන්ය.

සියල්ල අවසන සෑමා ගෙට්ටුව පිලිබද පොස්ට් එකක් දැම්මේය. බොහෝ දෙනා ෆොටෝ සමගම දැම්මේය. ඒ අතරතුර සෑමාගේ සපත්තු කුට්ටම නැති වූයේය. ඒ කිරිකොට් මැච් එක අතරතුරය. ෆීල්ඩ් කරද්දි පවා සෑමා එහා පැත්තේ සිටියේ වී පොකුරේ වීයා. එහා පැත්තේ වෙඩික්කාරයාය. උන් දෙන්නා අසල සිට බැට් කරන්නට සපත්තු ගලවා ගිය විටකදී චමිලයා පැමිණ සපත්තු කුට්ටමට ගේම දී තිබුනේය. එය නැතිව එන අයුරුත්, සපත්තු කුට්ටම ලැබී එය නැවත දා ගන්නා අයුරුත් පොටෝ ගමකට ෂෙයාර් වුනේය. ලකා නැවතත් පව්ය.

කතාවේ හොදම හරිය තවමත් ආවේ නැතිය. ඒ ටික කියන්නේ දැන්ය. සෑමා ගේ වෙන්ඩ බිරිය කිටියා ගෙට්ටුගෙදර් එකේ පෝස්ට් එක සෑමාගේ ලැප් එකෙන්ම බැලුවේය. ඒ අතර සෑමා වල්මත් වී කියන ගීත පෙල සහිත වීඩියෝව ද දැක්කාය. එය අවසන ඇය උමා සෑමාට දෙන කිස් එකද දුටුවාය. ඇය සතුටින් කුල්මත් වී සිටියාය. පෝස්ටුව බැලීමට පටන් ගත්තාට වඩා සතුටක් ඇගේ මුහුනේ ඇදි තිබුනේය.

“මොකෝ මාව කිස් කරපු කෙල්ල කැතද ඔහොම හිනා වෙන්නේ?“

“නැහැ අප්පා.. මේ කිස් එක නිසා මට අවුරුදු ගානක් ඈත් වෙලා හිටපු යාලුවෙක් ආයෙ හම්බුනා..“

“ඈ.. ඒ කවුද ඒ?“

“මේ මධුරංගි අක්ක නේද?“

“ඈ.. ඒ කවුද ඒ.. මේ ඉන්නෙ උමා..“

“නෑ නෑ මේ මධු අක්කම තමා..“

“ඒව මම දන්නෙ නැහැ මේ උමා..“

“හරි හරි ඔයා අහල බලන්නකෝ. මේකි අපෙ ඉස්කෝලෙ, අපේ කැඩෙට් සෙට් එකේ හිටිය. අක්ක කෙනෙක්. හරිම හොද කෙල්ල. අපිට මාර සපෝට් එකක් දුන්නෙ ඒ කාලෙ.. “

“හරි හරි.. එතකොට කිස් එක? “ සෑමා ඇයව ඇවිස්සීය.

“අපෝ මේකිගෙන් එකක් නෙවේ කිස් කොච්චර ගත්තත් මට අවුලක් නැහැ. මේකි මගෙ බොක්කෙ ෆිට් එක.“

සමාජය තේරුම් ගත් කෙල්ලෙක්, යාලුවන්ව තේරුම් ගත් කෙල්ලෙක්, තමන්ගේ පෙම්වතා තේරුම් ගත් කෙල්ලෙක්, නිසා ලකාට අද රෙද්දේ රෙවුන බව කරුණාවෙන් සලකන්න. සැප ලබන උන්ට ඉරිසියා නොකරන්නට, ලබන භවයේ වත් සැපක් ලබන්නට, මේ භවයේ වත් පිං කරන්න මේ පෝස්ටුව හේතු වාසනා වේවා. 

සෑමා - කිටී - උමා - ලංකළ එවන් සොදුරු දිනය නැවතත් උදාවේවි.

21 සයිබර් සැනකෙලියට එන්න.
ඉරිසියාවෙන් තොරව වින්දනය ලබන්න...

පලි - ලකා ලබා ගත් සියළු ඡායාරූප කාගෙන්වත් ගත යුතු ඒවා නෙවේය. ඒවා සෑමාගේ ඇල්බම් වල ඇති ඒවාය. ලොවම දුටු පොටෝ නැවතත් දැමීමට තරම් ඌ පජාත වී ඇත්තේය.

54 comments:

  1. සාමාන්‍යයෙන් කොල්ලකු කෙල්ලක සමග ලංව ආශ්‍රය කිරීම දරා ගත හැක්කේ ශිෂ්ට සමාජයකට ය. එවැනි දේවල් ගැන රස කරමින් තළු මරමින් ඕපාදූප වපුරන්නේ ශිෂ්ට සමාජයක නොවේ, වනචාරී ගෝත්‍රික සමාජයකය. වනචාරී සමාජ වල හැගීම් පාලනය කියා දෙයක් නැත. අහුවුණු අහුවුණු එකා සමග ලත් තැනම රමණය කිරීමේ සිරිතකි එහි ඇත්තේ. හැකියාව ඇති එකා එසේ කරන විට බැරි උන් හූල්ල හූල්ලා බලා සිටිති. එපමණක් නොව, ඊරිසියාව නැති කරගන්නට ඕපදූපද, අසහනය නැති කරගන්නට හස්ත කර්මාන්තද කරති.

    ලකා නම් වූ මේ අසහන කාරයා ගැන ටක්කෙටම කිව හැකි දේවල් කීපයක් තිබේ. එක: මූට කවමදාකවත් කෙල්ලෙක් කිස් එකක් දී නැත. දෙක: මූට කවදාවත් ජීවිතේ සුරතාන්තයක් ලැබී නැත. තුන: මූ දන්නා හැටියට ගැහැණු පිරිමි අතර සිදුවන්නේ ලිංගික ක්‍රියා පමණි.

    සදාචාර සම්පන්න බ්ලොග් කරුවන් සිය ගමන යද්දී ලකාට කළ හැකි එකම දෙය, පුරුෂ ලිංගයක් නැති කමේ වේදනාවෙන් කඳුළු සළමින් බලා සිටීම සහ සිය බොග පඩංගුවේ ඒ ගැන කඳුළු කතාවල් ලිවීම පමණි.

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ට කෙල්ලෝ සැට් වෙන්නේය. කෙල්ලන්ට කොල්ලෝ සැට් වෙන්නේය.

      එහෙත් දෙකටම නැති උන්ට අන් සරණක් නැත්තේය. එනිසා අනිත් උන්ට ඉරිසියාකරන්නේය.

      ස්තුති තහනම් වචන !

      Delete
  2. ඌව ෆෙමස් කරන එක අපේ වැරැද්ද බන් , සිරාවටම මේ පාරත් අනිවාර්යෙන් ඒ වගේ සතුටින් දවස ගෙවන්න ඕනේ හැමෝම

    ReplyDelete
    Replies
    1. ෆේමස් කරන්න ඕන නැති නිසා ලින්ක් නොදා ලිව්වේ.

      අපේ ගෑනිට නැති අමාරුවක් මූට තියෙන එක ගැනයි බං දුක :ඩී

      Delete
  3. කවුද අප්පා මේ ලකා..

    ReplyDelete
    Replies
    1. හොයන්න එපා. වැඩක් නැත.

      Delete
  4. හක්ස්,, වෙන්ඩ අයිතිකාරයා එක්ක දෙමාපියන්ගෙ අවසරය ඇතිව ආව අපටත් මඩ ගැහුවා නම් තව මොන කතාද අයියණ්ඩි..
    බලා කුපිතවන්නට නොව
    බලා සිනාසෙන්නට එයයිගේ බ්ලොග් එක..

    ReplyDelete
    Replies
    1. කුපිත වෙලා නොව ශම්මියෝ. කෙල්ලට නැති අමාරුවක් අහක ඉන්න පොන්සියෙක්ට තියෙනකොට ලියවෙන ඒවා...

      Delete
  5. මේක දැක්කමයි මං දැනගත්තේ ලකපස් පෝස්ට් එකක් දාලා කියලා...
    චාටර් ලකා චාටර්...

    ReplyDelete
    Replies
    1. අම්ම තාත්තට ලැජ්ජ ඇති නේ බං එවන් එකෙක් හැදුවට !

      Delete
  6. ඔය ලොන්ත ෆ්‍රාන්ස් කියන එකා මේ ආත්මෙ කෙල්ලෙක් සෙට් කරගන්න බැරි,හදිසියෙවත් ගෑල්ලමයෙක් පාරක් ඇහුවත් ජොකා තෙත් වෙන,අධි ලිංගික කුහකත්වාමානයෙන් පෙලෙන භයානක රෝගියකි.ලංකාවෙ නෙට් එකෙන් සෙක්ස් වැඩි පුරම බලල තියෙන්නෙ ඔය ලෝන්තයයි උගේ කස්ටියයි.ඒකයි ලංකාව පලුමු තැනට ඇවිල්ල තියෙන්නෙ.
    "හොදම දේ දරුවන්ටයි අපිටයි"කියල ඕව නොබල ඉන්න එකම තමයි "හොදම දේ"

    ReplyDelete
    Replies
    1. ඌගෙ චූන් එක එහෙම වෙන්නැති නේද බං?

      සාමාන්‍ය කෙල්ලෙක් ඕක ලගට යන්නෙ නැති නිසා ඇවිස්සිල ඇත්තෙ. පව් අයියෝ.

      Delete
  7. මමත් එකම එක දවසක් ගියා හැමෝම කතාවෙන නිසා. හරිම අප්‍රියජනකයි... උපහාසය කියන එක ගෑවිලාවත් නෑ... මානසික අවුලක් තියෙන්නේ. හැබැයි මම කියන්නේ ඔතනට ගිහින් ඌට බැනලා හරි එකෙන් උඹලා කරන්නේ ඌව අප් කරන එක. මේ වගේ පෝස්ට් වලිනුත් වෙන්නේ ඌ ගැන නොදැන සිටි එවුන් පවා හොයාගෙන ගිහින් ඕක බලන එක. ඌ වෙන නමකින් ඉන්නේ බැනුම් අහන්න බලාගෙන තමයි. උඹලා ඔතෙනට ගිහින් මොන මොනවා හරි ලියලා (ඌට බැනල වුනත්) එනතාක් කල්, ඌ ඔය වැඩේ කරයි. උඹලා ඔතනට යන එක නතර වෙච්ච දාට, ඌ ලියන එක නවත්තයි.

    ReplyDelete
    Replies
    1. තිසර එක්ක එකඟයි කියන්ඩ තියෙන දේ සේරම එතන තියෙනවා. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙත් නෑ හඳ කඩා වැටෙන්නෙත් නෑ. ජීවිත අත්දැකීම් වලින් හඳක් හරි කන්දක් හරි වෙන්ඩ උත්සාහ ගන්නයි ඕනි. ඕක හරි අමාරුයි මොකද බහුතරයක් සාමය ඒත්තු ගන්වන්න යන්නෙත් මරලා හරි ! එහෙව් කාලයක්...එහෙව් ලෝකයක් !

      Delete
    2. @තිසර,
      මේක එච්චර හිතන තරම් සරල සමීකරණයක් නොවුනත් ඔයාගේ කීමට එකඟයි. බ්‍රහ්ම දණ්ඩනය කියලා එකකුත් අපේ ආගමේ තිබිලා තියනවනේ..

      Delete
    3. අපි කොතෙකුත් ඉල්ලා හිටියා ඔය සයිට් එකට යන්න එපා කියලා. ඒත් සෑමා උඹත් හිටියේ ප්‍රොෆයිල් වලින්ම ගිහින් එතන කමෙන්ට් දාන්න ඕනේ කියන තැන. ඒක කරන එකා බලාපොරොත්තු වෙන්නෙත් ඒකමයි. හිට්ස් ගැනීමේ අරමුණින් කරපු එකක් කියලා හොඳටම පැහැදිලියි. අවුරුදු ගණන් තියෙන බ්ලොග් වලට නැති ප්‍රසිද්ධියක් අපේ බ්ලොග් සහෘදයෝ කැමැත්තෙන්ම ඒකට ලබා දුන්න. ඕක නිකක් වඳුරා කූඥ්ඥ අද්දා වගේ වැඩක්. අපි නිහඬව හිටියා නම එක පොස්ට් එකෙන්ම ඕක ඉවර වෙනව.

      Delete
    4. දැන් බලන්න මෙතනම ඕක ගැන දන්නැති කීයක්‌ ඉන්නවද?අද ඉදලා උනුත් ඕක හොයනවනේ බං.

      Delete
    5. ඌව අප් කරන්න නෙවෙ බොල ලිව්වේ.

      ඒ කිස් එක පිටිපස්සෙ තිබ්බ දිග කතාව එලියට දාන්න. මම කීප වතාවක් හිතල, ලින්ක් එකක් වත් නොදා කතාව ලිව්වෙ ඒකයි.

      ජය !

      Delete
  8. මොනව උනත් හෙනම ජුජුබ්සා ජනකයි ......... එත් කවුද බං ලකා

    ReplyDelete
  9. මට නම් කියවන්න ලැබුනේ ඔය *ක ලාන්ස් ගේ එක පෝස්ට් එකයි. මූට තියෙන්නේ හීන්නෝන්මාදය. අනිත් එවුන්ගේ බ්ලොග් වලට කොමන්ට් හිට්ස් තියෙන නිසා, තමන්ගේ නමින් බ්ලොගයක් කලාට හිට්ස් නැති නිසා, ඌට ජීවිතේ වෙන වැඩක් නැති නිසා... අනුන්ට මඩ ගහනවා. ඔවා ඉතින් ප්‍රවේණිගත වෙච්ච පුරුදු. අපිට අයින් කරන්න බැහැ සෑමෝ... :D

    ReplyDelete
  10. මට නිකං කොයිල් වගේ :O

    ReplyDelete
  11. (මට නං උඩක් බිමක් තේරෙන්නෙ නෑ) කොහොම උනත් වර්චුවල් (සයිබර්) ලෝකෙ හැබෑ ලෝකෙට වැඩිය ලස්සනයි. මං කැමතියි ඒ ලෝකෙම ඉන්න. :-)

    ReplyDelete
    Replies
    1. මම දන්නව ඒකය උබ හැමදාම මෙහෙම සෙට් වීම් මග හරින්නෙ. මාතලන්, ඇතුලු තව කීප දෙනෙකුත් ඔය තියරියෙ ඉන්නව. මට හිතිල තියෙනව එහෙම.

      උබෙ කතාවත් ඇත්ත. ඒත් සයිබරේ හොද උන් ගොඩක් ඉන්නවා. එකෙක් දෙන්නෙක් චාටර් වුනාම අනිත් උන් පවා චාටර් වෙනවා. :(

      ජය !

      Delete
    2. @ රාජ්, සාතා ++++

      Delete
    3. මමත් මේ එන අන්තිම එක වෙන්න පුළුවන්!

      Delete
    4. මමත් ආව අන්තිම එක එක වෙන්න පුළුවන් කියලා කලින්ම කිවේ ඒ හින්දයි... (ගම්පහ )

      Delete
  12. කවුරු ගැනද මේ කියන්නෙ

    ReplyDelete
  13. ane.uge...(sorry wena ona) uba kaduda kiyala mama witarak nami ape wife,Baba danawa.
    uba bokak..sAm api uba eka.
    Jayawewa.

    ReplyDelete
  14. බල්ලෝ වගේම පොන්නයොත් සැමා එක්ක තරහයි වගේ.
    මේවට උත්තර බදින්නෙ නැතිව වෙනද වගේ ලියපන් බන්, මුන්ගේ මානසික රෝග හොදකරන්න බ්ලොග් වලින් බෑ.

    ReplyDelete
  15. පව් බං! ඒ අසරණ අසහනකාරයාට අනුකම්පා කරමු!!!!!!!!! ඒත්...අපි බලමු...... අපිත් ලඟදි මැරෙන්නේ නැති වෙයිනේ!!!!

    ReplyDelete
  16. ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ කෙල්ලෙක් ලබන්න පින් කරලා තියෙන එක ගැන සතුටු වෙයන් සෑම්... හැමෝටම ඔහොම තේරුම් ගන්න පුළුවන්කමක් කොල්ලෝ කෙල්ලෝ හම්බුවෙන්නේ නෑනේ... හි හි

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයා එහෙම කෙල්ලෙක් ඉඹල ඔහොම එකක් අරං තිබ්බ නං මං කරන වැඩේ දනී.. හුම්ම්.. (හිරු_)

      Delete
    2. මමත් ඕක හිතල ලිව්වෙ නැහැ සරත්.

      Delete
    3. හි හි.... කවුද ඕක මුලින්ම කියන්නේ කියලා මං මේ බලං හිටියේ....

      Delete
    4. මම මේ කට තියාගන ඉන්ඩ බැරුවට අහන්නේ ඕකේ අනිත් පැත්ත උනානං මක් වෙයිද හිරුවො

      Delete
  17. මේක නම් අන්තිම පුදුම කතාවක්. සෑමාගේ කෙල්ල ලංකාවේද කියලත් මට හිතෙනවා. අද කාලේ තමන්ගේම අක්ක/නංගි එක්ක කතා කලත් මුණ නොරොක් කර ගන්න ගෑණු ඉන්න රටක් මේක. මෙහෙම එකියක් හම්බ වුන එක උඹේ පෙර පින සැමෝ.

    ReplyDelete
  18. හාදුවක් ගිය දුරක් :) :)

    ReplyDelete
  19. කිටීගේ අවබෝධාත්මකභාවයට ( :) එහෙම වචනයක් තියෙනවද මන්දා!) මගේ ප්‍රනාමය.

    ReplyDelete
  20. අඩේ උබේ කෙල්ල නම් මාරයි.. පටු අදහස් නෑ.. උඹට කවද හරි හොඳ බිරිඳක් වේවි...

    අනික උඹ මේ එක එක බල්ලො බිරුවට රිප්ලයි පෝස්ට් දාන්නෙ වෙන ලියන්න දේවල් නැද්ද ?

    ReplyDelete
  21. ඔවුවන්ට බල්ලො කියන්න එපා බං. බල්ලො කියන්නෙ ‍ඔයිට වඩා කලගුණ දන්න සත්තු ජාතියක්. මේ වගේ එවුවන්ට බල්ලො කියන එක බල්ලන්ට අපහාසයක්.

    ReplyDelete
    Replies
    1. මට මතක් උනේ ෆ්‍රෙඩී සිල්වගෙ,ප්‍රේමකීර්ති ලියූ බල්ලා ගීතය.

      Delete
  22. සෑමා මේ පාරත් උමා එක්ක සිංදුවක් කියමු බන්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඕයි...වදින්නත් එක්ක.

      ඕන්නං මම උඹට උම්මා එකක් දෙන්නං ;)

      Delete
  23. ඇත්ත පෙනී පෙනී තියෙද්දී ඌ මහා ගොනෙක් ඒ වගේ ලිපියක් ලියන්න තරම්.මම හිතුවේ ඌ ටිකක් හරි දැනුම් තේරුම් තියෙන එකෙක්/එකියක් කියලා.ඒක ලියපු උන්ට වෛර කරලා වැඩක් නැහැ අනුකම්පා කරන්නයි ඕන!

    ReplyDelete
  24. ඇමෙරිකාවේ ප්‍රසිද්දියේ සිපගන්න පුළුවන්.ඒත් චූ කරන්න තහනම්.
    ලංකාවේ ප්‍රසිද්දියේ චූ කරන්න පුළුවන් ඒත් සිපගන්න තහනම් .....හුකෑස්

    ReplyDelete
  25. ඌට අහවල් එක නැහැ කියල ආයෙත් පාරක් ඌම ඔප්පු කරලා පෙන්නුවනේ. ආයේ මොකට වද වෙනවද උන් ගැන :3

    ReplyDelete
  26. මක්කටෙයි බං ඕව ගැන ලියන්නෙ.

    ReplyDelete
  27. සැමාට වෙන වැඩ නෑද,

    බොගෙ කෙල්ලටත් නැති අමාරුවක් උට තියනව නම් මෙතන මුකාක් හරි මෙව්ව එකක් තියනව. පොර බොට ලව්ද දන්නෑ

    ReplyDelete
  28. මම නම් ඒ කෙනා ගැන දන ගත්තේ අද.සෑම් ඒවා හිතන්න එපා.

    ReplyDelete
  29. සෑමා, මෝඩ ආතල් ගැන සිරාවට ලියන්න ඕනෙ නෑ බං. තමන් කරන දේවල් වලට ඒවා බලපෑමක් කරගන්න ඕනෙත් නෑ. බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන් නෑ කියල පරණ කියමනක් තියෙන්නෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...