Tuesday, April 16, 2013

පොෂ් කෑලි තුනක් වෙනුවෙන් පොඩි සෑමා ...


පොඩි සෑමා සමාජ සත්කාරයේ නිරත වන්නෙක්ය. ගමේ හන්දියේ බයික්කලයක පැච් එකක් ගියත් පොඩි සෑමා එතැනය. බයික්කලේ තල්ලුකරගෙන යන එකාට විංකලයක් පෙන්නා රුපියල් 50ක් කඩා ගන්නට පොඩි සෑමා සමත්ය. බයික්කලේ පැච් එක දැමීමට යන්නේ රුපියල් පනහක්ය. පොඩි සෑමා සමග ගියොත් රුපියල් සියයක් වියදම් වුවද, නැති බැරි මොහොතක පිහිට වීම සත්කාරයක්ය. ඒ සංතෝසයට අසරණවූ ජනතාව මුදල් දෙන්නෝය. එය තරම් සමාජ සේවයක් පොඩි සෑමා නොදත්තේය. 

පොඩි සෑමාගේ අල්ලපු ගෙදර ආච්චි කෙනෙක් සිටින්නේය. ඇයට පට්ට පොෂ් මිණිබිරියන් තිදෙනෙක්ය. උන් තිදෙනාම වයස 25/24/22 යන වයස් වල ඇත්තියෝය. උන්ගේ දෙමාපියන් නැතිය. පුංචි කාලේ සිටම ආච්චී සෙවනේ වැඩුනෝය. ඒ නිසාම දහමට ලැදිය. ඒ වගේම පොෂ්ය. දිනක් පොඩිම එකී හන්දියේ කමියුනිකේෂන් එකේ ඉදගෙන සිටියාය. ඒ ඩේටා සිම් එකක් ගන්නට ගොස්ය. කමියුනිකේෂන් එක එහා පැත්තේ බාර් එකය. බාර් එකට යන්නට හිටි කොල්ලෝ, අංකල්ලා හැම එකාම එකපාර කමියුනිකේෂන් එකට රිංගුවෝය. ඒ රීලෝඩ් දමා ගැනීමට කියාය. රී ලෝඩ් දමා ගත්ත උන්ද එතැනින් පිටත්ව නොගියෝය. හිස් බියර් බෝතල් සහිතව කමියුනිකේෂන් එකේම සිටියෝය. ඒ අහවල් එකකටවත් නොව ආච්චීගේ පොඩි කෙලීගේ ඩේටා සිම් එක බැලීමටය. ඇය දණහිසට අඩි බාගයක් පමණ ඉහලට වන්නට ඇදන් සිටි ගවුම අස්සේ ඩේට සිම් එක හරහට තබා ගත්තීය. ඒ තමා සතු දේ ජනතාවගෙන් වසන් කිරීමටය. ආච්චී කෙල්ලෝ තුන්දෙනා හැදුවේ එහෙමය. දහමට ලැදිවය. ඉතා සංවර විලසය. නැතිනම් අච්චර සෙනගක් මැද්දේ ඇයට ඩේටා සිම් එක පෙන්නා සිටීමට තිබුණාය. ඇය එහෙත් එහෙම නොකලාය. ඒ හැදිච්ච කම නිසාමය. කොච්චර පොඩි ඇදුම් ඇන්දත් ඇයගේ ඩේටා සිම් එක දැක්ක එකෙක් නැත්තේය. හරිම පුදුමයක්ය. එහා වත්තේ සිටින පොඩි සෑමා පවා එය නොදැකීම බලවත් ඛේදනීය තත්වයක්ය.

උක්ත මිණිබිරියන් තිදෙනා නිසි වයසට පැමිණි පසු හොද කොල්ලෝ තිදෙනෙක් සොයා බන්දලා දීමට ආච්චී සිතා ගෙන සිටියාය. ඒ නිසාම ආච්චී එක වරම ඇඩ් එකක් දමා කොල්ලෝ තුනක් සැට් කර ගත්තීය. එකම දිනයේ වෙඩිමද සැට් කලේය. කරදර බර බර නැතිව අඩු වියදමින් ආච්චී කෙල්ලෝ තුන්දෙනා කොල්ලෝ තුන්දෙනෙකුගේ ඇගේ ගැහුවාය. බදින්නට පෙර එක කොල්ලෙක් සමග උන් එකෙක් වත් යාලු වී නොසිටියෝය. උන්ට දවස් හතට හත බැගින්ද, ලබන හැම වසරක් පාසාම තවත් හත බැගින්ද සෙට් වෙන නිසා එක කොල්ලෙක් කියා නොසිටියෝය. එසේම ඒ කොල්ලන්ට කෙල්ලන් අනාචාරයේ හැසිරීමට කිසිම වුවමනාවක්ද නොතිබුනේය. වියතක් උඩට එසවූ කළ සියල්ල කර ගත හැකි නිසා හෝටල් ගානේ උන් රස්තියාදු නොවුනෝය. ඒ අතින් නම් එම කෙල්ලෝ හා සැට් වූ කොල්ලෝ අවම පිරිවැයෙන් සියළු කටයුතු කර ගත්තෝය. එහෙත් ආච්චී සිතුවේ කෙල්ලෝ තුන් දෙනා ආච්චී මෙන් විවාහයට පෙර පුහුණුව නොලද්දෝ කියාය. 

ඒ නිසාම විවාහට පෙර ආච්චී කෙල්ලෝ තිදෙනා තමා සමීපයට කැදවා ගත්තෝය. එහා ගෙදර සිටින පොඩි සෑමාද කොට තාප්පය අසල සිටියදී ආච්චීගේ මීටින් එකට කන දැම්මේය. 

“කෙල්ලනේ තොපිට මේ ලෝකෙ දැනුමක් නැහැ. කොල්ලෙක් එක්ක නිදාගන්න යන්නෙ පලවෙනි වතාවට. තොපි තුන්දෙනාටම මම රටවල් තුනකට ටිකට් ලෑස්ති කොරල තියෙන්නෙ. ඔය සත් මුහුදින් එහා ගිහින් පළවෙනි රාත්තිරියෙ සිද්ධ වෙන දේවල් ගැන එක වචනයක් හරි මට චැට් එකේදි කියපං.“

සිද්ධිය එසේ හමාර වී කෙල්ලෝ බැන්දෝය. ආච්චී තනි වූවාය. ඒ අතර ආච්චී පොඩි සෑමා නිවසට කැදවූවාය. නිවසේ තිබූ ඩෙස්ක් ටොප් පරිගණකයෙන් ආච්චීට ෆේස් බුකි අකවුන්ට් එකක් සාදා දෙන ලෙස ආච්චී ඉල්ලා සිටියාය. එය සාදා දී කෙල්ලෝ තුන්දෙනාට රික්වෙස්ට් තුනක් දමා දෙන්නටත් සියළු තාක්ෂණික දැනුම ලබා දීමටත් පොඩි සෑමාට සිද්ධ වූයේය. බුකිය සාදා දිනපතා උදේ සවස ආච්චීව බුකියට ලොග් කිරීමට සිදු වූයේ පොඩි සෑමාටය. එසේම බුකියේ පුංචි අකුරු කියවීමට පවා පොඩි සෑමාට සිද්ධ වූයේය. ආච්චී අර අදින්නේ කෙල්ලන්ගේ පලමු රාත්තිරිය ගැන දැන ගැනීමට බව දැන සිටියද පොඩි සෑමා නිහඩව උන්ගේ පතිවත රැක්කේය. 

දින තුනකට පසු හවායි ගිය කෙල්ල ඕෆ් ලයින් සිට මැසේජයක් දමා තිබ්බේය. එහි තිබුනේ "Nescafe" කියා පමණක්ය. ආච්චී උඩ බිම බැලුවාය. පොඩි සෑමා ඒ මොකක්ද ආච්චියේ කියද්දී කිසිත් නොකියාම කුස්සියට දිව්වාය. දිවගොස් සිනා මුසු මුහුණින් පොඩි සෑමා අසලට පැමිණ “අනිත් උන්ගෙන් මැසේජ් නැත්තං දැන් ඕක ලොග් අවුට් කරපං“ කීවාය. ලොග් අවුට් කළ විගසම පොඩි සෑමා ගෙදර ගොස් නෙස්කැෆේ පැකැට්ටුවක් ඇද කියවා බැලුවේය. "Good till the last drop" ලෙස සදහන්ව තිබූ නිසා ආච්චිගේ සිනහව සාධාරණ බැව් පොඩි සෑමා තේරුම් ගත්තේය. මිණිබිරිය අන්තිම බින්දුව දක්වා පිපාසය සංසිදුවාගෙන ඇති නිසා ආච්චීට සංතෝස වීමට කාරණා ඇත්තේය.

ඊලග දවස් කිහිපය ආච්චී සිටියේ සාංකාවෙන්ය. ඇයට අනිත් උන් දෙන්නාගෙන් මැසේජ් නැතිය. එහෙත් වැඩේ අත් හැර දැමීමට කල්පනා කරගෙන සිටියදී යාන්තම් මැසේජ් එකක් පාත් වුණේය. ඒ දෙවෙනි කෙල්ලගෙන්ය. ඇය එවා තිබුනේ "Rothmans" කියාය. ඒ අටමගුල පොඩි සෑමා අහලා වත් නොතිබුනේය. ආච්චී කීවේ එය සීයා පවා පානය කළ රට සිගරට් එකක් කියාය. ආච්චී සිගරට් පෙට්ටියක් රැගෙන විත් පොඩි සෑමා ලගම වාඩි වී මේකෙ තියෙන එක කියවපං කීවාය. ආච්චීගේ ඇස් පෙනුනා නම් ගෙදර ගොස් බලන්නට සිගරට් පෙට්ටි නැති නිසා එහෙම වුණ එකෙන් හොදට ගියේය. 

“අක්ක එහෙ ගිහින් සිගරට් කම්පැනියක වැඩද ආච්චි අම්මේ..“ පොඩි සෑමා නොදන්නා ස්වරයෙන් ඇසුවේය.

“සිගරට් කම්පැනියක වැඩ කරන්න නෙවේ බොල ඒකි ගියේ.. දවස් කීපයක් ඉදල එන්න. තෝ පූදින් නැතුව ඕකෙ ගහල තියෙන එක කියපං..“

"Extra Long. King Size කියල තියෙන්නේ..."

“ඈහ්..“

ආච්චීගේ ඇස් එලියට පැන එක එල්ලේ පොඩි සෑමා දිහා බලා සිටියදී, කුස්සියට ගොස් ක්ෂණිකව වතුර පනිට්ටුවක් ගෙන ආච්චීගේ ඔලුවේ හැලීමට පොඩි සෑමාට සිදු වූයේය. ඒත් එසේ බය වීමට හේතුව කීමට ආච්චී අකාරුණික වූවාය. 

එතැන් පටන් මාසයක් පුරාවට බාරයක් ඔප්පු කරන්නාක් මෙන් ආච්චී, පොඩි සෑමා සමග දිනපතා බුකියට ලොග් වුවද පොඩි කෙල්ලගෙන් සද්දයක් නැතිය. සෑම දාම දහවල ලොග් වන අපට ඇය ගැන කිසිම හෝඩුවාවක් නොමැති නිසා සවසට පන්සල්, පල්ලි, කෝවිල් ගානේ බඩ ගාන්නට පොඩි සෑමාටද සිද්ධ වූයේය. ආච්චී ඇයට පිං අනුමෝදන් වන වැඩ රාජකාරි වල නිරත වූවාය. බලු කපුටු දාන, බත් පාර්සල් බෙදීම් ආදියෙහි දිනපතා ඇය නිරත වූවාය. තමන්ගේ ගෙදර සිටි පොඩි එකීව හදිසියේ විවාපත් කොට ඇයව මරණ මංචකයට ඇද දැමූ බවක් සිතමින් ඇය ඇයටම සාප කර ගත්තාය. ඒ හැම විටකදිම පොඩි සෑමා ඇය අසලින් සිට ඇයව අස් වැසුවේය. මේ අතර දිනක ආච්චීගේ නිවසට පෝස්ට් කාඩ් එකක් ආවේය. එහි වූ අත් අකුරු සොයා ගැනීමට නොහැකි තරම් වෙව්වලන ස්භාවයකින් යුක්ත වූයේය. එහෙත් අකුරු ඇද ඇර බැලූ කලෙක ඒ නම් පොඩි අක්කාගේ අකුරුම බව පොඩි සෑමාට පසක් වුයේ ඇගේ හොර ලියුම් කඩා බලා ඇති නිසාවෙන්මය.

“හරි යකෝ මොන සක්කරයගෙන් හරි කමක් නැහැ ඔය කොටුවෙ තියෙන ටික කියවපං...“

“අනෙ මන්ද ආච්චී.. අක්කගෙ අකුරු වුනාට මේක එයාර් පෝට් ඇඩ්වර්ටීස්මන්ට් එකක්ද කොහෙද..“

“ඇයි යකෝ මත්තල ගැනද තියෙන්නේ???“

මත්තල ගැන යන ඇඩ් ගැන කම්පාවී සිටින ආච්චී තවත් කුපිත වූවාය.

“මත්තල කියල නෙවෙ ආච්චී තියෙන්නේ... මේකෙ තියෙන්නේ South African Airways කියලා.."

“ඒ කිව්වෙ පුතේ.. “

“දන්නෙ නැහැ ආච්චි ඉන්න අපි ගූගල් එකේ වත් බලමු..“

කියමින් ආච්චීට south African Airways සයිට් එක ඕපන් කළේ පොඩි සෑමාය.

“බලපං පුතේ උන්ගෙ තේමා පාඨය මොකක්ද කියලා..“ පොඩි අක්කාගේ මැසේජ් එකේ සැගවී ඇත්තේ කුමක්ද කියා සෙවීමට ආච්චී දැගලුවාය. පොඩි සෑමාද මවුස් එක ස්ක්‍රෝල් කරමින් කල් මරමින් සිට අවසන ඇසට අසුවූ යමක් හඩගා කීවේය.

"Ten times a day, seven days a week, both ways."

ආච්චී හොද හුස්මක් ඉහලට ඇද්දාය. පහලට දමා ගත නොහැකි වූ හුස්ම ඇගේ පපුවට වැරෙන් ගසමින් ඉවත් කළේ පොඩි සෑමා විසින්ය.

“වැඩිය හිතන්න එපා ආච්චී... තුන්දෙනාම හනිමූන් ඉවර කරල ලංකාවට එනවනේ.. එතකොට අපි බලමු...“

ආච්චිගේ හිත හදමින් පොඩි සෑමා ගෙදර ආවේය.

Written_by_sAm_ශ්‍රී_Perera_08:18pm_16.04.2013

52 comments:

  1. රී මේක් එකක් නේ

    ReplyDelete
    Replies
    1. හැම ගායකයෙක්ම කරන්නෙ ඔය ටිකනේ ;)

      Delete
  2. පට්ටයි සෑම් අයියේ.......:D :D :D

    ReplyDelete
  3. Replies
    1. පව් නැහැ ආාාාාතල්.... ;)

      Delete
  4. මේක මට ලඟදී කොල්ලෙක් කීවා. හැබැයි කීවේ එතිහාඩ් එයාර්වේස් කියලා. බුකි කෑල්ලක් නම් තිබුනේ නැහැ. පස්ට රී මික්ස් එක නාඩියා කීව විදියටම

    ReplyDelete
  5. චැට් එකේ අකුරු කියවිය නොහැකි පොස් කෙල්ලගේ ආච්චී නෙස්කැෆේ බෝතලේ කුරුකුන්ඩං අකුරු කියවයි...
    ඔය වගේ ආච්චියෙක්ගේ දුවෙක් අපේ දහම් පාසලෙත් ඉන්නවා මේ දවස් වල..
    හම්බ උනාම කියන්නංකෝ...

    ReplyDelete
    Replies
    1. අඩේ කවුද බං ඒ???

      දැන්ම කියපංකෝ...

      Delete
  6. යකෝ මේව දැනගත්තොත් ඔය කොම්පැනි උංගෙ තේමා පාඨත් වෙනස් කරගන්නව.

    ReplyDelete
    Replies
    1. ඇයි බං වටිනා තේමා පාඨ වෙනස් කරන්නෙ??

      Delete
  7. මම මගේ ජීවිතේට දැකපු පට්ටම රීමේක් එක මචං..... මැක්සා.....

    ReplyDelete
    Replies
    1. සිංදුවකුත් රි මේක් කලේ අපි..

      Delete
  8. සිරා සිරා... (මාත් ඔය කතාවෙ පරණ වර්ෂන් එක මිසිස් ඩ්‍රැකී ට කිව්වා අපේ හනිමූන් එකේ දි. :-ඩී මේ පෝස්ට් එක අවුරුද්දකටවත් කලින් දැම්මනං...)

    ReplyDelete
    Replies
    1. අහ්.. හනිමුන් එකට දැන් අවුරුද්දක් එහෙනම් :))

      ජය වේවා !!

      Delete
  9. පොඩි කෙලි ගේ වාසනාව..............

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... ඕම එවුන් සෙට් වෙනවද මං අහන්නේ..

      Delete
  10. කොහොම උනත් උගත් වැදගත් කෙල්ලො තුන්දෙනෙක්. අනුවර්ථනය නම් පස්ඨ්....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ වැදගත් කමේ උපරිමය !

      Delete
  11. 18+ කෑල්ලක් දැම්මා න්ම හොදා නේද??

    ReplyDelete
    Replies
    1. අයියෝ එච්චර නරකද මේක ?

      Delete
  12. මේ සෑමා පොඩි උනාට වැඩ නම් පොඩි නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. අහිංසක පොඩි එකෙක්ට කැත කතා කියන්න එපා හරිය ?

      Delete
  13. කලිං අහපු සින්දුවක්(අන්තිමපේලියේ) උනත් ‍රැප් කරලා තමනුත් ඇතුල්කරල ලියාල තියෙන හින්දා ආතල් එක අඩු නැත..

    ReplyDelete
    Replies
    1. ඉංගිරිසි සයිට් එකකින් ගත්තෙ. :)

      Delete
  14. දන්න කතාව උනත් උඹේ ලිවිල්ල හොඳයි.

    ReplyDelete
  15. අන්තිම කෙල්ලට තමයි හොදම කොල්ලා සෙට් වෙලා තියෙන්නේ ..සෙල්ලම් නැහැ ..හික්

    ReplyDelete
  16. පව් නේද පොඩි අක්කා :D

    ReplyDelete
  17. පොඩි කෙලීගෙ කතාවට ආච්චිගේ හුස්ම හිර උනේ සන්තොසෙට වෙන්න ඇති නේ?

    ReplyDelete
    Replies
    1. ආච්චි නියම බේත කෙල්ලට දීල නේ ?

      Delete
  18. සැමා කතාව මොඩිෆයි කරලනේ..

    ReplyDelete
  19. මට නම් දුක හිතුනේ අර පොඩි සෑමට. කොච්චර නම් කරදර වෙලාද මේ ආච්චි වෙනුවෙන්...:D:D

    ReplyDelete
    Replies
    1. නැතුව ආච්චි ඇතුලු ජීවිත හතරක් නොවැ !

      Delete
  20. ලියවිල්ල ලෙසටම සුපිරි.
    කැටයම් දාල කොමන්ට් කෙරුවොත් පොඩි එව්වො නරක් වෙනව.

    ReplyDelete
    Replies
    1. මේ කෙමෙන්ට් එක මදෑ ;)

      Delete
  21. ආච්චි මාරයිනේ. පොඩි සැමත් හරිම ආසාවෙන් උදව් කරන්න ඇති නේද???

    ReplyDelete
    Replies
    1. ආච්චිත් කෑල්ල නේ :ඩී

      Delete
  22. පොඩිම කෙල්ල ගැන ආච්චිට හරිම සතුටු ඇති නේද සෑමො

    ReplyDelete
    Replies
    1. අල්ලුපු ගෙදර පොඩි සෑමාටත් ආඩම්බරයක්...

      Delete
  23. අඩේ අපේ පැත්තෙත් ඉන්නවා ලමයි හනිමූන් එකට හවායි යවන්න පුලුවන් ආච්චිලා, ඈ. කාටද ආඩම්බර. ඇයි ඔය වගේ පොශ් ගෑල්ලමයි හෙම! Finger licking Goooood! KFC

    ReplyDelete
    Replies
    1. ආස හිතෙනවා බං ඇගිල්ල වුනත්.. ලෙවකන කැත.. :)

      Delete
  24. ඕක ඉටිහට් එයවෙස් නෙවෙයිද බං.

    ReplyDelete
    Replies
    1. මොක වුනත් දවසට කීප වරක් ප්ලේන් එක නග්ගනව නොවැ !

      Delete
  25. හුදීජන පහන් සංවේගය උදෙසා සෑමාගේ ලිපි ගෙඩිය පිටින්ම කොපි කිරිඉමට තීරණය කළෙමු ,, උපුටාගැනීම වැළැක්විය නොහැක්කේමය - එහෙත් සෑමාගේ බ්ලොගයේ ලින්කුවක් දැමීමට අප සංවේදී මානුෂිය මිනිසුන් වන්නෙමු ,, ඔබට ජය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...