Sunday, April 14, 2013

නව නැකත් පතක්..






ගෙවල් දොරවල් පිරිසිදු කිරීම -


සිංහල අලුත් අවුරුද්ද උදාවට පෙර සියළු නිවෙස් පිරිසිදු කෙරෙන අතර, තමන් ඉන්නා ස්ථානය මනා සිත්කළු අන්දමට සැකසෙන්නේය. ඒ අලුත් ජීවිතයක උදාවක් සනිටුහන් කිරීමටය. මේ සදහා ඔබගේ හාඩ් එක ෆෝමැට් කරනු මැනවි. එසේ කිරීමට නොහැකි නම් Defragment කරනු මැනවි. සියළු දත්ත පිළිවෙලකට සකසා, නව අලුත් අවුරුද්දට බැති සිතින් මුහුණ දීමට නම් බෑඩ් සෙක්ටර්ස් ඉවත් කොට, වැල පාට්ෂන් පවා මුලින් උපුටා දමනු මැනවි. ඉක්බිති සියළු පැතුම් ඉටුවන නැවුම් අලුත් අවුරුද්දකට ඔබ සැමට ශක්තිය බලය ජවය ලැබෙනු ඇති.



නොනගතය / පුණ්‍ය කාලය -

නොනගතය යනු කිසිම ක්‍රියාවක් කිරීමට සුදුසු කාලය නොවන බව ජෝතිෂ්‍යෙව්දියෝ කියත්. එනිසා නැකතක් නැති එවන් මොහොතක කිසිම කාර්යයක නියුක්ත නොවී පුණ්‍ය කටයුතු වල යෙදෙනු මැනවි. ඒ සදහා බුකියේ Offline දමා තැබිය යුතු. සියළු හාද කම් තාවකාලිකව නවතා දැමිය යුතු. එසේම පුණ්‍ය කාලය බැවින් වැල සයිට් බ්ලොක් කර තබනු මැනවි.

අලුත් අවුරුදු උදාව -

සූර්යයා මීන රාශියෙන් මීන රාශියට පැමිණීමත් සමගම අලුත් අවුරුද්ද උදා වන්නේය. පැරන්නෝ මෙය මහා මංගල්‍යයක් ලෙස පිදුම් ලැබුවෝය. සෑම නිවසකම පාහේ රතිඤ්ඤා සද්ද පැතිරෙන්නේය. එය හුදෙක් රටම එකළු කිරීමක් බදුය. එසේ උදාවන අවුරුද්දට නැකතට ඔබේ ලැප් එක/ පරිගණකය ක්‍රියාත්මක කරනු මැනවි. නිවැරදි වේලාවට හරියටම පවර් බට්න් එක ඔබා සියළු කටයුතු ආරම්භ කරනු මැනවි. පරිගණකය ක්‍රියාත්මක කිරීමේදි එන බීප් හඩ එදා රතිඤ්ඤා හඩට සමානය. එසේ සියළු රට පුරාම පැතිරෙන බීප් හඩ රටම එකම තැනකට ගෙනෙන්නේය.

ලිප ගිණි මෙලවීම -

එසේ උදාවන අවුරුද්දට සෑම නිවසකම කිරි ඉතිර වෙන්නේය. මුළු රටම එකම මොහොතක ලිප ඉදිරියේ සිට ගන්නෝය. එලෙස රත් වෙන ලිප, මුට්ටිය, දෝරෙ ගලා යන කිරි හැලියක් වන්නේය. අලුත් අවුරුද්ද පුරාම පැතිරෙන්නේ ඒ උතුරා යන සතුටය. ඒ සදහා බ්ලොග් එකක් බැද, ගිණි අවුලමින් පෝස්ට් එකක් දැමිය යුතු. නො ඒසේනම්, ඔබ බ්ලොග් හිමි කරුවෙක් නොවන්නේනම්, අන් අඩවියක හෝ ඇනෝකමෙන්ට් දමමින් ගිණි ඇවිලිය යුතු. එය අවුරුද්ද පුරාම පැතිරී තිබෙනු ඇති.

ආහාර පිසීම -

වසරක් පුරාම බුකියේ Barn Buddy හෝ FarmVille මගින් සපයා ගත් ධාන්‍ය, ආහාර, එකතු කොට ගනිමින් ලිප දල්වා ආහාර පිස ගනු මැනවි.



ආහාර අනුභවය -

නිවැසියන් සියල්ලෝම එකතු වී ආහාර අනුබව කලේ ඒ කාලේය. ගෙතුල සියළු සාමාජිකයන් එකම කෑම මේසයක මතට වී ආහාර බෙදා හදාගෙන අනුබව කලේ සතුට, සමාදානය රජ කරවමින්ය. ඒ සදහා අද දින Barn Buddy හෝ FarmVille මගින් සපයා ගත් ආහාර අනුභවය මැනවි. එසේම ආහාර බෙදා හදා ගැනිමට නම් friend list එකේ සිටින සියළු දෙනාට එම ක්‍රීඩා වලින් game request යවනු මැනවි. එවිට සියළු දෙනාටම එක සේ ආහාර අනුභව කළ හැකිය. අපි වවමු රට නගමු සංකල්පය එයයි. සෑම කෙනාම Barn Buddy හෝ FarmVille ගැසිය යුතුමය. තමාම සිටුවා ආහාරයට ගත යුතුය.


ගණු දෙණු කිරීම -

එකල්හි සියළු ගණුදෙනු කළේ ජීවිතය පුරාම තමන්ට ජලය ලබා දුන් ලිද සමගය. එහෙත් අද ලිදවල් නැතිය. ඒ සදහා සුදුසුම ක්‍රම දැන් ඕන තරම් ඇත්තේය. නිවැරදි වේලාවට Adsense/Forex වැනි ගිණුම් ආරම්භ කර ගණුදෙනු කිරීම මැනවි. නැතහොත් තම මිතුරෙකුට Ez Cash මගින් මුදල් යවා, ඔහුගෙන්/ඇයගෙන් ඔබටත් මුදල් ගෙන්වා ගැනීමෙන් ගණු දෙණු ආරම්භ කරනු මැනවි. නැතිනම් ඔබේ මුල්‍ය ගිණුමේ E බෑන්කිං සේවාව ආරම්භ කර ගත යුතු.

වැඩිහිටියන්ට බුලත් දී වැදීම -

වැඩිහිටියන්ට සැලකීම, උපකාර කිරීම බුදු සමයේ සිටම යහපත් ක්‍රියාවක් බව කියවෙන්නේය. අලුත් අවුරුදු දිනයේද වැඩිහිටියන් අසලට ගොස් වැද සමාව අයදින්නේ පෙර දි සිදුවූ වැරදි වලට සමාව ගැනීමටය. එසේම තමන්ගේ යටහත් පහත් බව කියා සිටීමටය. දැන් බුලත් හුරුලු සෙවීමට නොහැකිය. දුංකොළ පවා තහනම්ය. ඒ නිසා සියළු වැඩිහිටියන්ට Cc කොට බුලත් හුරුල්ලක ෆොටෝ එකක් මේල් කරනු මැනවි. බුකියේ නම් ටැග් කරනු මැනවි. හෝ ෂෙයාර් කරනු මැනවි.

හිස තෙල් ගෑම -

පයට නුග පත්ද, හිසට නානුද ගා උත්සවාකාරයෙන් හිස තෙල් ගෑවේ ඉස්සරය. දැන් හිස තෙල් ගෑ විට සෙම ඇවිස්සෙන්නේය. නහය බුරුල් වන්නේය. කිවිසුම් යන්නේය . ඒ නිසා ජෙල් ගෑම හොදය. එහෙත් ජෙල් ගෑමෙන්ද අතුරු ප්‍රතිඵල රැසක් වන්නේය. හිස කෙස් සුදු වීම එකක්ය. ඒ නිසා තම හිස බේරාගෙන අන් හිසක තෙල් ගෑම මැනවි. එය කරන්නට ගියද ගුටි කන්නට වන්නේය. ඒනිසා ඔබේ පරිගණකයේ CD/DVD ප්ලේයර් එකේ හෙඩ් එකේ Disc Cleaner ටිකක් ගා හොදින් සුද්ද කරනු මැනවි.


රැකි රක්ෂා සදහා පිටත්ව යාම -

රැකි රක්ෂා තිබෙන උන් රැකියා සදහා නැකතට පිටත් විය යුතු. එසේ නැති උන් ගෙදරට වී බුකියේ ඔන් ලයින් පාරක් දමාගෙන සිටිනු මැනවි.

** මේ වසරේ නැකත් පත සැකසුම sAm cReations හි, සෑම් විසින්...

උක්ත කරුණු හොදින් අනුගමනය කරමින් සුභ අළුත් අවුරුද්දක්ම උදා කරගන්න. 
සැමට සුභ වේවා. 
ජය වේවා..

67 comments:

  1. ඈ බන්... වැල පාටිෂන් එක මැකුවාම කෝමෙයි නව ජවයකින් වැඩ අරබන්නේ. කෙසේ වෙතත් මෙදා පාර සෑමාට අවුරුදු සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. යකෝ පරන වැල මකල අලුත් ඒව දාගන්නෝනි...

      ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
    2. ආන්න එහෙම කියහන්...

      Delete
  2. වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්
    ඔබගේගේ පවුලේ සියලු දෙනාටමත්

    ReplyDelete
    Replies
    1. ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  3. ඔබ ඇතුළු සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  4. හෙහ්... මරු නැකැත් පත....!!

    ඔබටත් පවුලේ සැමටත් උදා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  5. සෑමාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  6. නැකැත් පතක් ලියලා සැමා නැකැත් පති වෙලානේ..

    සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. අඩෝ නැකත් පති වුනේ නැහැ යකෝ..

      ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  7. නැකැත් පත්‍රය නම් නියමයි :)
    සෑම්ටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  8. //රැකි රක්ෂා තිබෙන උන් රැකියා සදහා නැකතට පිටත් විය යුතු. එසේ නැති උන් ගෙදරට වී බුකියේ ඔන් ලයින් පාරක් දමාගෙන සිටිනු මැනවි.//

    රැකියාවට ගිය හැටියේ වැඩ ඇල්ලීම සඳහා බ්ලොග්වල කමෙන්ට් දැමීමට පටන් ගත යුතුය.:D

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නේද?

      ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  9. \\\\මීන රාශියෙන් මීන රාශියට පැමිණීමත් ///
    mesha bola mesha...

    ReplyDelete
    Replies
    1. හුටස්..

      ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  10. මරු නේ.. බලමු ටිකක් ටිකක් වත් කරන්න..:D

    ReplyDelete
    Replies
    1. එල එල...

      ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  11. සෑමාටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

    මෙවැනි නිර්මාන වැඩි වැඩියෙන් උඹ අතින් බිහිවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති හෙන්රියා..

      ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  12. මෙහෙම කළොත් නම් "අළුත්" අවුරුද්ක්ම තමා උදාවෙන්නෙ....

    සුබ අලුත් අවුරුද්ක් වේවා....!

    ReplyDelete
    Replies
    1. ඒ වගෙම කෝමද බං සුබ/සුභ පටැලැවිල්ල ඇර ගන්නෙ??

      ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  13. ඔබ ඇතුළු පවුලේ සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    ජෝතිෂ්‍ය කාර්යාලයක් දමා ගනින්....

    ReplyDelete
    Replies
    1. එතකොට මාරයියාට මොකද බොල වෙන්නේ ?

      ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  14. ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  15. ඔබටත් එසේම කිරීමට හැකි වේවා.

    ReplyDelete
    Replies
    1. ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  16. මේ හැම දෙයක්ම උඹ කලින් කර වෙනස අපිටද වටහා දෙනු!!..

    ReplyDelete
    Replies
    1. ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  17. එය එසේම වේවා සෑම් ගුරුන්නාසේ!!!!

    ReplyDelete
    Replies
    1. ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  18. ඔක්කොම නවීකරණය වෙලා තව අවුරුදු ගානකින් මේවා ඇත්තටම වෙයිද?.

    සුභ අලුත් අවුරුද්දක් වේවා සෑමෝ

    ReplyDelete
    Replies
    1. ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  19. ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  20. නැකත් පති සෑම් මහතා !

    ReplyDelete
  21. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    අපිට ඉතින් මොන නැකැත්ද බං..

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? උබ නැකැත් පති තුමා නේ!!

      ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  22. සෑමාටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා !තෙරුවන් සරණයි !

    ReplyDelete
    Replies
    1. ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  23. එක පාරක් සුභ පැතුවා ආපහු බෑ...

    ReplyDelete
  24. හදවත සතුට උතුරන
    දස අත සැපත පැතිරෙන
    සුබ මිස අසුබ නොගෙනෙන
    ජයම වේවා! වසර එළඹෙන..

    ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරුණූ වාසනාවන්ත නව වසරක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  25. අනේ උඹේ ‘නැකත් පත‘. හික් හික් .....

    සැමාටත් පවුලේ සියළුදෙනාටත් සතුට සැනසුම රජයන බත බුලතින් සරුවුනු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. පල පල !!

      ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  26. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  27. නැකත් පත්‍රය නියමයි. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ★。☆
      。☆。*。☆。
      ★。\|/。★
      දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
      Wish your Happy New Year!
      புத்தாண்டு வாழ்த்துக்கள்!
      ★。/|\。★
      。☆。*。☆

      Delete
  28. ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  29. සැමාගේ "නැකත් පත" ද?

    ReplyDelete
  30. පට්ට පට පට. බිම පෙරළී සිනාසෙමි. හිස තෙල් ගෑම තමයි හොඳම එක.

    ReplyDelete
    Replies
    1. කරල බලපං ඩ්‍රැකියෝ :)

      Delete
  31. කාලෙට ගැලපෙන්න නැකැත් හදල වගේ
    හොඳයි හොඳයි

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ඉෂ්ටූටී !

      එසේම වේවා !

      Delete
  32. සියළු පැතුම් ඉටුවන සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  33. ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ඔන්න බලහං අලුත් අවුරුද්දේ ගෙඩි පිටිං කොපි කරන හැටි.

    ReplyDelete
    Replies
    1. අන්න ලාංකීය අනන්‍යතාවය :ඩී

      ජය !

      Delete
  34. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.!!!!!

    ReplyDelete
  35. අඩේ මට නැකත් පත්තරේ මිස් වෙලානේ ... දැනුයි දැක්කේ
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...