Friday, April 5, 2013

එක් මුස්ලිම් කෙල්ලකගේ කතාවක්... - Muslim, But a Human...


ජාතිවාදය නෙවේය. ආගම් වාදය නොවේය. ආගමකට හෝ ජාතියකට නිගා කරනවා නොවේය. සාමාන්‍ය පුරවැසියෙක්, කාන්තාවක් ලබන නිදහස නොලබන අයෙක්ගෙන් අසාමාන්‍ය මට්ටමේ වැරදි වෙන බවට හුදෙක් ජීවමාන උදාහරණයක් ලෙස සෑමා මෙය අකුරු කරන්නේ අත්දැකීම ලබා මාස හයකටත් වඩා ගෙවුණු පසුය. මාස ගණනාවක් පුරා දෙගිඩියාවෙන් සිටියේ ලියනවාද? නැද්ද කියමින් සිතමින්ය. එහෙත් අද ලියමි...



ඇය සෑමාගේ මිතුරියක් වූයේ මීට වසර පහකට පෙරය. ඇය මුස්ලිම් කෙල්ලෙක්ය. අපේ මිතුරු මිතුරන් මැද ඇය අප අතරේ සිටියේ සාමාන්‍ය කෙල්ලක් මෙන්ය. නමුත් ඇය ආගමට ආදාල ඇදුමින් සැරසී සිටියාය. අපේ උන් මෙන්ම ක්ලාස් එක තුල ඇය ස්කයිප් කළාය. මිතුරන් ඇසුරු කළාය. අන්තර්ජාලය ඇසුරින් නොයෙක් මිතුරන් ඇසුරු කළාය. එය ඔවුන්ගේ ආගමට අනුව හොදද නරකද කියා මම නොකියමි. එහෙත් එය මානව නිදහස වන්නේය. ඒ හෙයින් අපි සැමට අමුත්තක් නොවූ නිදහස ඇය අත් වින්දාය.

ඒ කාලේ දවසක ක්ලාස් එකේ සෙට් එකම සෑමාගේ නිවසට ආවෝය. ඒ water world එක බැලීමටය. එහෙත් ඇය හැද සිටි ආගමික ඇදුම ඇයට අපහසු බව ඇය අපට කීවාය. ඒ අන් කිසිවක් නිසා නොව හැම එකාම ඇය දිහා බලන නිසාය. ඇය අප නිවසට ආ විට ඇදුම මාරු කර ගත්තාය. සාමාන්‍ය මට්ටමේ සල්වාරි එකක් හැදගෙන ඇය වෝටර් වල්ඩ් ගියාය. අප සමග විනෝද වූවාය. ඒ සියළු මතකයන් ඉතිරි කර ඇය, අප, සියළු දෙනාම අපගේ පාඨමාලාව අහවර කොට වෙන් වූවෙමු. යාපනයේ සිටි දිමිල මිතුරෙකු, ක්ලාස් එකේ සිටි එකම මුස්ලිම් මිතුරිය, සහ බෞද්ධ, කතෝලික, මිශ්‍රනයෙන් අප වෙන්වී පාඨමාලාව අහවර කලේ හැම එකාගේම සිත් වල සොදුරු සටහන් ඉතිරි කරමින්ය. ඒ අතර අපගේ මිත්‍රත්වය දුරකථන ඔස්සේ, ෆේස්බුක්, ඊමේල් ඔස්සේ නොකැඩි තිබුනේය. කුරුණෑගල, යාපනය, නුවර, බදුල්ල, කොළඹ අවට, ආදී දිවයිනේ නොයෙක් දෙසින් හමුවූ මිතුරන් තවමත් අපි ඇසුරේ තවමත් ඇත්තේය. ඉන්දියානු ගුරුමණ්ඩලය ඔවුන්ගේ රටට පිටත් වූවෝය.

කල් යද්දී මුස්ලිම් මිතුරිය සමග අපේ සබදතා බිද වැටුනේය. ඒසේම යාපනේ මිත්‍රයා එංගලන්තය බලා ගිය නිසාත්, නොයෙක් දෙනා විවිධ රැකියා ඒ ඒ ප්‍රෙද්ශ වලින් සොයා ගත් නිසාත් අප අතරින් දුරස් වූවෝය. එහෙත් කිහිප දෙනෙක් තවමත් සම්බන්ධතා පවත්වමින් සිටින්නෝය. වසර ගණනාවක් ගෙවුනු තැන මුස්ලිම් මිතුරිය විවාපත් වූ බවත්, ඇයට දරුවෙකු ලැබුනු බවත් අපට ආරංචි වී තිබුනේය. ඒ අතර දිනක් ඇය මා හට දුරකථන ඇමතුමක් දුන්නාය.

“සෑම්.. අදුරන්න පුලුවන්ද?“

“නම්බර් එක නම් සේව් කරල නැහැ.. මේ කවුද???“

“මම xxx“

“අහ්.. කියනවා.. මොකද වෙන්නේ...‍්??“

“ඉන්නව සෑම්.. මම මැරි කළානේ.. පොඩි උදව්වකුත් ඕන ඒකයි කතා කලේ..“

“ආරංචී..ආරංචී....උදව්වක්.. කියන්න.. මොකද වෙන්නෝනි..“

“මට මගෙ යාලුවෙක් පාර්සල් එකක් එවනව කිව්වා. ඔයාගෙ ඇඩ්ඩ්‍රස් එකට ගෙන්නල දෙන්නම්. ඔයා ඒක අරං තියල මට දෙනවද? මම පාර්සල් එක ආවට පස්සෙ කිටීලගෙ ගෙදර එන්නම්. ඔයා එහෙට ඇවිත් මට පාර්සල් එක දෙනවද?“

“හරි මම කරල දෙන්නම්..“

කවදාවත් නැතිව මතක් වූයේ මේ උපකාරය ගැනීමටදැයි විමසන්නේ නැතිව, පාර්සලය කාගෙන්ද? මොනවාද? කියා විමසන්නේ නැතිව සෑමා ෆෝන් එක තිබ්බේය. උපකාරයක් ඉල්ලූ තැන ඒවා විමසමින් සිටිය  යුතු නැත. එසේම සිද්ධ වෙන්නට යන දේ ගැන කිසිම වැටහීමක්, වැරදි අදහසක් සෑමා සතුව නොතිබුනේය. වහාම කිටීට සියළු කරුනු පිලිබද දන්වා සිටින්නට සෑමා උත්සුක වූයේය.

දිනක් සෑමාට තවත් දුරකථන ඇමතුමක් ලැබුනේය. එය අරාබි රටක සේවය කරන පුද්ගලයෙකුගෙන්ය.

“මචං උබ සෑම් නේද?“

“ඔව් මචං.. උඹ කවුද?“

“මම අහවලා... අරයගෙ යාලුවෙක්..“

“එහෙමද? කියපං.. මොකද වෙන්න ඕන?“

“මචං මම පාර්සල් එකක් එව්වා.. ඒක මල්වාන පැත්තෙ මගෙ යාලුවෙක්ට එව්වෙ. උබ ඒක අරන් අරයට දියන්..“

“ඔව් එයා මට කිව්වා.. මම වැඩේ කරන්නම්..“

සැහැල්ලුවෙන් ඇයට පොරොන්දු වූ උදව්ව, බරපතල් බව සෑමාට වැටහුනේය. ඒත් කරන්නට දෙයක් නැත්තේය. කළ යුත්තේ පාර්සලය අරන් අදාල අයට පවරා අත පිහිදා ගැනීම පමනක්ය.

සතියකින් පමණ නැවත දුරකථන ඇමතුමක් ආවේ මල්වානේ පුද්ගලයාගෙන්ය. ඔහු පිටරට ඉන්න පුද්ගලයාගේ තවත් මුස්ලිම් සගයෙක්ය.

“මචං සෑම්.. මගෙ යාළුවා පාර්සල් එක එව්ව උබට ගන්න එන්න පුලුවන්ද?“

“කොහෙටද එන්න ඕන?“

“උඹ ඉන්නෙ කොහෙද කියපං..“

“මම දැන්නම් ඉන්නෙ ගෙදර.. “

“මම බියගමට එන්නද?“

“දැන් එපා.. මම කෝමත් හවසට බියගම පැත්තට එනවා.. එතකොට මේ නම්බර් එකට ගන්නම්..“

සවස් ජාමයේ සෑමා බියගම පැත්තට ගියේ තමන්ගේ වැඩකටය. ඒ අතර අර පුද්ගලයා අමතා ගෙන්වා ගත්තේය. ඔහු වෑන් එකක පැමිණ, සෑමාගේ කාර් එක නවත්වා තිබු තැනටම පාර්සලය ගෙනත් දුන්නේය. වෑන් එක පිරෙන්නට තවත් ඔහුගේ මුස්ලිම් මිතුරන් සෙට් එකක්ම සිටියේය. ඔහු පැමිණි වාහනේ නොම්මරයත්, මාගේ වාහනයේ නොම්මරයත්, අප දෙදෙනා දුරකථන සංවාදයේදී අසා දැන ගත්තේ හදුනාගැනීමේ පහසුවටය. 

ඔහු දුන් පාර්සලය සෑමා ගෙදර ගෙනාවේය. ඇතුලේ ඇත්තේ කුමක්දැයි සොලවා බලන්නටවත් උත්සාහ නොකළ සෑමා පාර්සලය සති කිහිපයක් තම කාමරයේ රදවා ගත්තේය. විටක අම්මා පවා ඇසුවද සෑමාට දෙන්නට උත්තරයක් නොවීය. කියන්නට සිදුවූයේ “මේක මේ පාර්සලයක්...“ කියා පමණක්ය.

හදිසියේ ඇය මා ඇමතුවාය. කිටීගේ නිවසට අදාල දිනයක එන බවත්. එදාට පාර්සලය රැගෙන එන බවත් කීවාය. කිටීගේ නිවසේ ඇය, සැමියා, සහ පුංචි දරුවා වෙනුවෙන් විශේෂ ආහාර වේලක් පිලියෙල වූයේ මේ අතරය. ඒ ඔවුන් කිලෝමීටර 100කට වඩා දුර ගෙවා එහි පැමිණි නිසාය. සෑමාද එහි ගියේ පාර්සලය අතැතිවය. කිසිත් නොදත් සෑමා සියල්ලෝම ආහාර ගෙන කතා බහ කරන අතර පාර්සලය මතක් කළේය. ඇය කතාව ලස්සනට මග හැරියේ සැමියාගේ අවධාන නොලැබෙන පරිදිය. සැමියා දරුවා අත තබාගෙන ඉන්න අතරක ඇය සෑමාට හොරෙන් කීවේ පාර්සලය තමාට දෙන ලෙසය. එය රැගෙන ඇය කිටී සමග  කාමරයට වැදී පාර්සලය කඩා බැලුවාය. එහි තිබුනේ වටිනා රත්තරං මුද්දක්, ස්මාර්ට් ෆෝන් එකක් සහ තවත් අයි පෑඩ් එකක්ය. සියල්ලේම වටිනාකම ලක්ෂ දෙකක් පමණ විය යුතුය. නැතිනම් ඊට වඩා වැඩිය. එය ඇය බෑගයේ සගවා ගත්තාය.

එදින ඔවුනට නැවත ගෙදර  යාමට පහසු වන ලෙස සෑමා බස් රථයක් ගත හැකි තැනකට පවා ඇරලුවේය. එදා ගියායින් පසුව ඇය තවමත් සද්ද නැතිය. ස්තූති කර කෝල් එකක්වත් දුන්නේ නැතිය. ඒ සියල්ල කෙසේ වෙතත් තම සැමියා මුලා කරමින් සිටින ඇයට අප අමතක කොට තම කාර්යයන් ඉෂ්ඨ කර ගැනීම අපහසු නොවන්නේය. සිත තවන කටයුත්තක් නොවන්නේය. එහෙත් ඇගේ සැමියා නම් ඉතා හොද අයෙක් බව කිව යුතුය. අපව දුටු පලමු දිනයේම හොද මිතුරෙකු ලෙස කතා බහ කලේය. 

සැමියා ගුණවත් වීමටත්, බිරිද අවස්ථාවාදී, ප්‍රොඩාකාරී අයෙක් වන්නටත්, ඔවුන්ගේ ආගමෙන් කිසිම අහිතකර බලපෑමක් විය නොහැක්කේය. සියල්ල සිදුවන්නේ ඔවුනොවුන්ගේ ගති පැවතුම් වලින්ය. මෙය ඇය මුස්ලිම් කාන්තාවක් වූ නිසාම සිද්ධ වූවක් නොවේය. බොදු, කිතු, මුස්ලිම්, හින්දු, ඕනෑම ආගමක කාන්තාවක් විසින් සිදු විය හැකි වරදක්ය. එහෙත් මහා බාධක, නීති රීති පනවමින් මෙල්ල කන්නට හදන කාන්තාවක් තම නිදහස ලබන්නට තැත් කරන ආකාරය, වරදට පෙලඹවෙන ආකාරයෙන් සිද්ධ වන්නේය. මෙය සෑම මනුස්සයෙකුටම පොදුය.

Written_by_sAm_ශ්‍රී_Perera_08:22pm_05.04.2013

43 comments:

  1. අපෝ මෙහෙම ගෑණු නම් යාලුවෙක් කරගන්නවත් සුදුසු නැහැ.අනාගතේදී ප්‍රශ්නයක් වුනොත් අපේ නමුත් කැත වෙන්න ඉඩ තියෙනවා!

    ReplyDelete
  2. තහනම් ගෙඩිවල රස බලන්න ගිහින් මාට්‍ටු උන වෙලාවක් රෙදි ගැලවෙනවා ඉතින්!

    ReplyDelete
  3. ආගම මොකක් උනත් ජාතිය ගෑනුනේ.. ආයේ මොකක්ද වෙනසක්....

    ReplyDelete
    Replies
    1. අන්තිම කැත කතාවක්....

      Delete
    2. අනේද කියන්නේ..ලැජ්ජා නැති කතාවක්.

      Delete
    3. "පිරිමිනුද පතන
      අවසර කල රහස් තැන
      මිස නොලැබෙන බැවින
      ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන"

      හැබැයි මේක මගේ කවියක් නම් නෙමෙයි ඒක ලිව්වේ රණස්ගල්ලේ හාමුදුරුවෝ.

      Delete
    4. පිරිමියෙකුත් එහෙම තැනක ඉන්නවා කියල අමතක කරන්න එපා මචංලා..!!!

      Delete
    5. අනේ මගේ කට කහන තරමක්. ඔය හන්දුරුවො කියාපු ගෑණු ලෙස්බියන්ල වෙන්ටැ!

      Delete
    6. ගෑණු ලෙස්බියන්?

      Delete
  4. // එහෙත් මහා බාධක, නීති රීති පනවමින් මෙල්ල කන්නට හදන කාන්තාවක් තම නිදහස ලබන්නට තැත් කරන ආකාරය, වරදට පෙලඹවෙන ආකාරයෙන් සිද්ධ වන්නේය. මෙය සෑම මනුස්සයෙකුටම පොදුය.//

    මෙන්න මචන් හරය . ඕක තමයි ඉස්ලාම් ආගම බදාගෙන ඒක පරම සත්‍යය කියල කාන්තාවන්ව ගැට ගහන්න හදන උන්දලා කරන්නේ . ඒත් ඒ ගැන අපිට කථා කරන්න තිබුන ඉඩත් , තවත් අන්ත්වාදින් පිරිසක් නිසා අහිමියි . බුර්කාව වගේම ළමා සාරියත් අනිවාර්ය කරන්න ඒ අන්තවාදින් කටයුතු කරන්න ඉඩ තියනවා . නමුත් මොන අට මගලෙන් වැහුවත් ඒක අස්සෙ ඉන්නේ එකම වගේ සිතුම් පැතුම් තියන මනුස්ස පරාණයක්

    ReplyDelete
  5. මොනව කියන්නද කියල කල්පනා කලේ.
    සමාජයේ සුලබ...එහෙත්..පසුකාලීනව මහාඛේදවාචකයකට මුල පාදන හේතු...ආගම දහමින් මිනිසා තුල හික්මීමක් ඇතිකනවා විනා නීති පනවා මේ දැ යටපත් කල නොහැකියි.

    ReplyDelete
  6. මගේ හොඳම යාලුවෙක් ඉන්නවා මුස්ලිම්.ඒකි අර හිජාබ් අඳින්නේ නෑ ඩෙනිමට දිග ටොප් එකක් ඇඳලා ඔලුව ට ස්කාෆ් එක දානවා.හරි ශෝෂල්.මේ ඊයේ පෙරේදා ඒකිට තව මුස්ලිම් කෙල්ලෙක්ගෙන් ෆෝන් එකට මැසේජ් එකක් ආවා "ඔයා කතා බහ කරන හැටි අපේ ආගමේ කෙල්ලෙක්ට ගැලපෙන්නේ නෑ" අරකයි මේකයි කියල.
    ඕක මට පෙන්නුවාම මම කිව්වා ගණන් ගන්න එපා ඔය ඔයාට වගේ නිදහස නැති නිසා තියෙන ඉරිසියාවට කියන කතා කියල.

    ReplyDelete
  7. කළු ගුලක් අස්සෙ ගෑණිව හැංගුවත් වැඩ සිද්ධවෙන්නෙ ඔහොමයි.....(අයියෝ... ලෙබ්බෙලාගේ සල්ලි)

    ReplyDelete
  8. ඔන්න ඔහොමලු නේද එතකොට උනේ....ආගම ජාතිය මොක උනත් මිනිස්සු මිනිස්සුමනේ. අර වතුරේ හංගන රබර් බෝල උඩ එනවා කියන්නේ ඔයවගේ වෙන්ඩ ඇති නෙහ්...

    ReplyDelete
  9. නැතිවෙන නිදහස ලබාගන්න ( මේක ගෑණු සහ ආගම ගැන විතරක්ම හිතලා නෙවෙයි කිව්වේ ) එක එක දේවල් කරනවා මිනිස්සු... සමහරු හෘද සාක්ෂියට විරුද්ධවත් වැරදි කරනවා... සමහරු හෘද සාක්ෂිය පැත්තකට දාලා සන්තෝසෙන් වැරදි කරනවා... සමහරු ඉවසගෙන ඉන්නවා...

    ReplyDelete
  10. හේතු නම් ගණනාවකි, වැරද්දක් කරන්නට ඕනා වූ විට හේතු හැදී එයි, වැරද්දට මෙන්ම එම හේතු වලටද ජාති , ආගම්, කුල භේද නැත. මේ සියල්ලෙන් කියන්නේ හැමෝම මිනිසුන් පමණක් බවයි.

    ReplyDelete
  11. මටත් කියන්න දෙයක් නැත....

    ReplyDelete
  12. ඔතන තියෙන්නේ සින්හලද, දෙමලද, මුස්ලිම්ද කියන ප්‍රශ්නෙ නෙවෙයි. සැමියාට ද්‍රෝහි වීම. රටේ දැන් දික්කසාද වැඩි ඒකනෙ.

    ReplyDelete
  13. සියලු දෙනාම මිනිසුන් නිසා වරදට පෙළඹීමට ජාතිය ආගම ප්‍රශ්නයක් නොවේ.

    ReplyDelete
  14. ගෑනුනම් ගෑනු මය! වෙනසක් නැතිය!!!!!!

    ReplyDelete
  15. ඕනම දෙයක් තීරණය වෙන්නේ පුද්ගලයා අනුව මිසක්,ජාතිය,ආගම,වර්ගය,ස්ත්‍රී පුරුෂභාවය මත නෙවෙයි,,

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඇත්ත ඔයා නම් ශ්‍රේස්ඨයි!!!!!!!

      Delete
    2. සත්තකින්ම සත්තකින්ම LOL :D

      Delete
  16. ඇය හරියි කියන්න කැමති නෑ විස්තරේ හරියට නොදන්න නිසා.. වැරදි කියන්නත් බෑ විස්තරේ හරියට නොදන්න නිසා.. කොහොම වුනත් සෑමා පරිස්සම සේරටම හොදයි කියලනම් කියන්න පුලුවන්. දැන හෝ නොදැන හෝ වැරැද්දකට හවුල් උනොත් ප්‍රතිඵල භයානක නිසා..

    ReplyDelete
  17. සෑමෝ මට නාඩියාටවත්, බණ්ඩගේ කතාවටවත් රිප්ලයි කරන්න දෙන්න නෑ ඇයි ඒ..??

    ReplyDelete
  18. මිනිසා යනු මනසින් උසස් සත්වයෙකු නොව මනස උසස් මට්ටමට පත් කර ගත හැකි සත්වයෙකි..........

    ReplyDelete
  19. ඔච්චර හිතන්න එපා,සෑම් කලේ යාලුවෙකුට උදව්වක්නෙ

    ReplyDelete
  20. මගේ යාලුවෙකුත් හිටියා. හැම අවුරුද්දකම ඔෆිස් එකෙන් යන ට්‍රිප් එක දවසේ ගෙදරින් ඇඳන් ආපු ඇඳුම ගලවලා ඩෙනිම , ටි ෂර්ට් එක ඇඳන් ගියේ.හවස ආයෙත් අරක ආයේ ඇඳගෙන ගෙදර ගියා.

    ReplyDelete
  21. හැඟීම් සඳහා ජාතියක් හෝ ආගමක් බල නොපාන බව මගේ අදහසයි...

    ReplyDelete
  22. සියල්ල නොදැන නිසි අදහසක් ප්‍රකාශ කල නොහැක.

    ReplyDelete
  23. මේ කෙල්ල කරල තියන වැරදි:‍
    1. සැමියාට හොරෙන් යාළුවන් සමග එක්ව රත්තරං මුද්දක්, ස්මාර්ට් ෆෝන් එකක් සහ තවත් අයි පෑඩ් එකක් සහිත පාර්සලයක් ගෙන්වා ගැනීම හා එය ලිහා බැලීම.
    2. තමන්ට උදව් කළ සෑම්ට ස්තුති කර කෝල් එකක් නොදීම.
    //ඇගේ සැමියා නම් ඉතා හොද අයෙක් බව කිව යුතුය. අපව දුටු පලමු දිනයේම හොද මිතුරෙකු ලෙස කතා බහ කලේය//
    හොඳින් කතා බහ කළ පමණින් ඔහු හොඳ මිනිසකු බව තීරණය කළ හැකිද?

    මෙහෙම වෙන්න බැරිද? කෙල්ලගෙ මිනිහ මුදල් නාස්ති කරනවා. වටිනා කියන බඩුවක් දැක්කොත් උකස් තියනවා, නැත්තං විකුණනවා. ඉතින් ඒකෙන් බේරෙන්න තියන එකම ක්‍රමය, මිනිහට හොරෙන් ඒ බඩු ටික පරිස්සම් කර ගැනීමයි.

    නීතියෙන් කසාද බැඳපු නිසා, දාල යන්නත් බෑ. ඊටත් පොඩි එකෙකුත් ඉන්නවා.

    ඔය වගේ කපල්ස් ලංකාවේ ‍ගොඩක් ඉන්නවා. සෑම්ලා අපේ වයසට එනකොට ඒ වගේ අය මුණගැහේවි. ඉස්කෝලෙ යන කාලෙ තිබුනු ෆිට් එක දිගටම තියා ගන්න අමාරුයි. යාළුවො නෙවෙයි, සහෝදර සහෝදරියොත් එහෙමයි. මං මගේ මල්ලිට කෝල් එකක් දෙන්නෙ උවමනාවක් වුනොත් විතරයි. හැබැයි මගේ හාමිනේනං මල්ලිගෙ හාමිනේට දවස් තුන හතරකට සැරයක් කතා කරනව.

    ReplyDelete
  24. මොනා උනත් මිනිස්සුනේ බං..

    ReplyDelete
  25. සමහරවිට ඔය තෑගි දෙන්න ඇත්තෙ අර වගෙ සබඳතාවයක් නිසාම නොවෙන්න පුලුවන්.. අපි සමහර වෙලාවට සමහරුන්ගෙන් තෑගි ගැනීම තහනම් කරන්නෙ වෙන පුද්ගලික තරහ මරහ නිසාත්.. ඔවුවට ආගම්වල සම්බන්දයක් නෑ සෑමා.. කෙලෙස් ප්‍රහීන නොකල මිනිස්සු ගෑනු කවුරුත් අතින් වෙන්න පුලුවන් දේ..

    ReplyDelete
  26. මේ දෙයින් ගැහැණු කෙනා වැරදි බවට නිගමනයකට එන්න බැහැ.. ඒ වගේම දවසක් කතාකල පමණින් ඇගේ සැමියා හොඳ යැයි කීමටද බැහැ... රහසේ තෑගි එවූ පමණින් ඔවුනතර ඇත්තේ අනියම් සබඳතාවයක් යැයි කියන්නටත් බැහැ.

    ReplyDelete
  27. @ තිසර,
    මේ සැමියා ගේ කතාව මම නොකියා හිටියෙ මෙතන සැමියන් ඇවිස්සෙයි කියල මල්ලි.. ඒක තමයි ඇත්ත කතාව, මිනිස්සු ලෝකෙට මොනව පෙන්නුවත් ගෙදරට මරගාතේ කියනවනේ... එහෙම අය තමයි වැඩි. සමහරවිට ඇගේ සැමියත් එහෙම වෙන්න පුලුවන්. සැමියා නරක උනත් ඇය වැරැද්දක් කරනවා නම් මම ඇයව සුද්ද කරා නෙමෙයි..
    @ සෑමෝ, මට මේ කාගෙවත් ඒවට රිප්ලයි කරන්න බැහැ... එනවා.. ඇයි දෙයියනේ බ්ලොග් අයියා මට කෙනෙහිලිකම් කරන්නෙ?

    ReplyDelete
  28. සෑමා,
    මම උඹේ බ්ලොග් එක කාලෙක ඉඳන් කියවනවා මචං. කමෙන්ට් දාන්න පරක්කු නොවී එක දිගට කියෙව්වා. වෙරි සොරි කමෙන්ට් නොකළට.
    අපි හරියටම දන්නෙ නෑනෙ මුස්ලිම් මිනිස්සුන්ගෙයි ගෑණු අයගෙයි ජිවිත ගැන. උඹ අනුගමනය කරපු ක්‍රියා මාර්ගය හරියටම හරි. පසුවට නිගමන වලට එළඹෙන්න හදිසි වෙන්න එපා.
    ඒක නෙවෙයි මචං. පොඩි සෑමා ගේ ලියුම් නවත්තන්න එපා. ඒක නම් සිරාම සිරා. අනික් පෝස්ට් වලත් ඔඹේ භාෂාව නියමයි.
    උඹට ජය !

    ReplyDelete
  29. මම කට කසා ගතිමි :)

    ReplyDelete
  30. බොහොම වෙලාවට තමන්ගේ ගති ලක්ෂණ තදින් ඉස්මතු නොවෙන්න ආගම හේතුවක් වෙනවා. ඒත් එහෙමයි කියලා, යම් ආගමක් අදහන හැම කෙනෙක් ම පාලනයකින් යුතු වෙනවා කියන්න බැහැ. සමහර විට ඇය මීට වඩා නිදහසක් ලබා ගත්තා නම්, මීට වඩා වැඩියෙන් පිස්සු නටන්න තිබුණා.
    ඇගේ සැමියා හොඳ කෙනෙක් නම්, වරද වෙන කෙනෙක් පිට පටවන්න බැහැ. යම් විදියකින් ඇයට හොඳ සැමියෙකු නොලැබී, ඇය වරදට පෙළඹුනා නම්, එහි වැරැද්ද සැමියාගේ අතේ. මෙතැනදී කෙල්ලගේ අතෙයි වැරැද්ද. උපන් ගති කොයි විදියකින් වත් මකන්න බැහැ නේ සැමෝ!!
    ජය වේවා!!

    ReplyDelete
  31. ඔය ගැනී කවුද කියල හරි තොරතුරු කියන්න ලඟම තියෙන පල්ලිය ලවා ගෑනිගේ හතර හන්දි කඩන්න

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...