Wednesday, April 3, 2013

අප්‍රේල් පළවෙනිදා දත පුක මැදගත් කොල්ලා... - April Fool


එදා අප්‍රේල් පළවෙනිදාය. හැම එකාම නැගිටින්නේ පචයක් කෙලින්න බලාගෙනය. බ්ලොග් පෝස්ට් පවා ලියවුණේ කස්ටිය ඇන්දවෙන ඒවාය. හැමදාම බොරු ලියන නිසා එදාට පමණක් සාමාන්‍ය පෝස්ටුවක් දැමීමට සෑමා සිතා ගත්තේය. ඒත් ෆෝන් එකෙන් ජල්තරයක් දැම්මේය. සෑමා උදේම සම්පාට මැසේජ් එකක් දැම්මේ ලකියා ගමේ එකෙක් එක්ක ඇරගෙන හොස්පිට්ල් ඇඩ්මිට් කර ඇති බවටයි. ඉන් පසුව ලකියාට මැසේජයක් ගැසුවේ සම්පා නැවත වතාවක් ඌගෙ වාහනය හප්පගෙන බවටයි. සම්පාගේ වාහනය සතියකට වරක්වත් කොහේ හෝ ඇනෙන නිසා එය සාධාරණ පචයකි. එසේම මැසේජය ගසන වේලාවෙත් උන් දෙන්නා අනිවාර්යෙන්ම අවදි වී නැති බව සෑමා දන්නේය. එකවරම සම්පා සෑමාට කෝල් කළේය.

“මචං අරූ ඉන්නෙ කීය වාට්ටුවෙද? මොකක්ද හොස්පිට්ල් එක?“

“වාට්ටුව දන්නෙ නැහැ මචං, හැබැයි ලීසන්ස් එකේ ඉන්නෙ. පොරට ඉන්ෂුවර්න්ස් එකත් තියෙනව නේ...“

“බලපං මම කෝල් කලා මූ ෆෝන් ඕෆ් කරල..“

“අප්පට හුඩු.. නිදි ඇති බං.. ඊයෙ රෑ සීන් එක වෙලා තියෙන්නේ..“

“හරි බං මම ආයෙ අරන් බලන්නම්..“

“අපි කෝමත් රාගම පැත්තට යනවනේ බං.. එතකොට ගිහින් බලමු..“

සම්පා නිහඩ විය. ඊට පසු මොනවා වුණාදැයි සෑමා නොදන්නේය. ඒත් සම්පා ලණුව උපරිමයට ගිල ඇත්තේය. ලකියා මැසේජ් එක දුටු විගසම සම්පාට කෝල් කර හැප්පුනු වාහනය ගැන අසනවා පට්ට ෂුවර්ය. දෙදෙනා අතර ගිය සංවාදය නොදන්නා මුත්, හොද ආතල් එකක් ගිය බවට සැක නැත්තේ උන් දෙන්නාම කෝල් කර සෑමාගේ පතුරු ඇරිය නිසාය. දෙවන වර සම්පා කතා කරන විට සෑමා සිටියේ ඔෆිස් එක පැත්තට යන ගමන්ය. කතා කර කර යන අතර තුර ඉදිරියෙන්ම ගිය ත්‍රීවිලි එකක් දබාස් ගා පාර පැත්තට පෙරලුනේය.

“අඩෝ සම්පා.. අන්න ත්‍රීවිල් එකක් පෙරලුනා යකෝ..“

“අනේ පල හු^&* යන්න... තෝ මට ආයෙත් ලණු දෙන්න හදනවද///“

එදා නම් මුන් කියන කිසි එකක් අහනවා බොරුය. කම්පැනියෙන් අස් කළා කිව්වත් මුං පලයන් බං යන්න කියනවා ෂුවර්ය.

ඒ අස්සේ අපේ දිලා මරු ගුලියක් සැට් කර තිබ්බේය. ඒ කඩවත පැත්තේ ෂොප් එකක් පොඩි එකෙක්ටය. ඒ පොඩි එකාට පෑනක්, පොතක් දුන්නොත් කෙල්ලෙක් සෙට් කරන්නේය. දිලා ඌට කී ටැග් එකක් දුන් විටක පොඩි එකා උගේ නැන්දාගේ දුවව සැට් කළේ ෆෝන් නම්බර් එක සොයා දෙමින්ය. වැඩේ නැගලා යන්නේය. දිනක් මේ කිසිවක් නොදත් සම්පා ඌට පෑනක් දුන් විටක පොඩි එකා.. “ආ උඹටත් කෙල්ලෙක් ඕන වෙලාද මට පෑන් දෙන්නේ යැයි ඇසුවේය.“ කිසිත් නොදත් සම්පා චාටර් වූයේය. “උඹල මට මේවා දෙනවා නම් අපේ පරම්පරාවම වුනත් උබලට සැට් කරන්නම්“ කියා පොඩි එකා කීවේය. ඌ නම් පොඩි නැත්තේය. ඒ.ලෙවල් කරන වයසේ එකෙක්ය.

අප්‍රේල් පළවෙනිදා දිලා ගුලිය දුන්නේ ඒකී පොඩි එකාටය. පොඩි එකාගේ කඩේ ලගින් වාහනය නැවැත්තුවොත් ඌ කාර් එකට රිංගා ගත හැකි යමක් තිබේනම් අතපත ගාගෙන යන්නේය. කලින් කී පරිදි ඌට පෑන් නම් පේන්න බැරිය. ඒවා අපිට කම්පැනියෙන් කම්ප්ලිමන්ට්ස් ලෙස ලැබෙන ඒවාය. පළවෙනිදා දිලාගේ කාර් එකට නැගුනු පොඩි එකා අතපත ගා ගන්නට දෙයක් සෙව්වේය. දිලා සතුව Lidocaine අඩංගු සම්පල් එකක් තිබ්බේය. Lidocaine යනු Anesthetic එකක්ය. ඒ කියන්නේ ගාන තැනක හිරිවැටෙන එකක්ය. පොඩි එකා එය අතට ගත්තේය.

“මේ මොකක්ද බං මේ..“

“මේක දත් සුදුවෙන්න මදින දත් බේත් එකක් බං..“

“අඩේ මේක මට දියන්..“ හැම එකම කුදලන්නට සැරසෙන පොඩි එකා ඉල්ලුවේය.

“විකාරද බං??? මට මේක ඕනෙ. තොට මොකටද, ඔය දත්ටික සුදුවට තියෙන්නේ...“

පොඩි එකා සාම්පල් එක පැත්තකින් තැබුවේය. දිලා පොඩි එකාට සමුදී යන්නට ගියේය. මොහොතකින් පොඩි එකා දිලාට කෝල් එකක් දුන්නේය.

“මේ මොන හූ^&ක්ද යකෝ මට දීල ගියේ..“

“මොනාද??“

“යකෝ මොනාද මේ දත් සුදු වෙනව කියල දීල ගියේ..“

“අම්මට.. තෝ ඒකත් ගත්තද?“

“ගත්ත තමයි ප^^ ඒකට මගෙ කටම හිරි වැටුන යකෝ..“

“උඹ මොකටද ඒකෙන් කඩේ ඉදගෙනම දත් මදින්න ගියේ...?? අනික තොට හොද වැඩේ හොරකම් කරනවට...“

“නෑ බං.. එහා කඩේ එකා බාබුල් පාරක් දුන්න කන්න.. මාමා එන්න කලින් මම උඹ දීපු එකෙන් දත් මැද්දා..“

“එහෙනම් මාමටත් දියං ඕකම දතයි පුකයි දෙකම මැදගන්න කියලා...“


Written_by_sAm_ශ්‍රී_Perera_11:22pm_03.04.2013


මෙතැනින්... දෙපයින් නැගිටින්නට වෙර දරණ යශෝධාට ශක්තියක් වෙන්න...

56 comments:

  1. කෝ එතකොට සෑමා ගිලපු ලණුව ගැන මේකේ නෑනේ???

    ReplyDelete
    Replies
    1. ගිල්ලා නම් ලියන්න තිබ්බා නොවැ :)

      මම පලවෙනිද විතරයි බං ලනු නොගිලින්නේ :ඩී

      Delete
  2. හික්ස්..මමත් අප්‍රේල් පලවෙනිදට ගිලින්නෙම හොස්පිට්ල් ලණු තමයි.. මෙදා පාර නම් හැබැයි කාටවත් බැරි උනා මට ලණුවක් දෙන්න..

    ReplyDelete
    Replies
    1. අමතක වෙන්න ඇති.. බර්ත් ඩේ එක නිසා :ඪී

      Delete
  3. Samtath hoda lanu lebenna aethi apita nokiuwata :p

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි බං මැකුවේ..

      මට මේල් එක ආවා.. හිකිස්..

      මට මොනා හරි ගුලියක් සැට් වුනා නම් නොලියා ඉන්නෙ නැහැ බං :)

      Delete
  5. Samtath hoda lanu lebenna aethi apita nokiuwata :p

    ReplyDelete
  6. Apita nokiuwata sam oyatath supiri lanuwak lebenna aethi :p

    ReplyDelete
  7. මලා . අප්‍රේල් පළවෙනිදා පහු උනාද ?

    ReplyDelete
    Replies
    1. ඇයි බං කේක් කැපුවෙ නැද්ද?

      Delete
  8. දැන් එතකොට සෑමා ගිලපු ලනුව මොකක්ද මේවයින්?

    ReplyDelete
  9. පොඩි උනත් ලොකු උනත් හොරකම නම් හොරකම

    ඒකට දුන්න ද්ඬුවම නම් අගෙයි

    ReplyDelete
    Replies
    1. මීට වඩා හොදයි ගස් බැන්දනම් !

      Delete
  10. අප්‍රේල් පළවෙනිද සෑම ගිලපු ලණු ටික ලස්සනට අනික් උංගෙ පිටිං ඇරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කතා හදන්න එපා බං. මං පව් !

      Delete
  11. සෑමට දීපු ලනුව එහෙම්මම පොඩි එකා ගිලල. නැත්තම් සෑම දත් මදින්න ඉඳල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අඩෝව්.. පොඩි උන් කඩේ යවන්නෙ නැහැ බොල අපි.

      Delete
  12. අඩේ මං ලණුවක් ගිල්ලෙත් නෑනේ

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ බං උබෙ උපන් දිනෙනුත්.

      Delete
  13. ගන්න එපා කියන ඒවා අරගෙන ගිහින් අමාරුවෙ වැටුනට හොඳ වැඩේ!!

    ReplyDelete
  14. ඔබතුමාට ගුටිකන්නත් වුනා නම් තමයි වැඩේ අර යාළුවෝ දෙන්නගෙන්.. :P

    ReplyDelete
    Replies
    1. සෑම්ට ගහන්න උන් ? පිස්සු හැදෙයි ආ......

      Delete
  15. පොඩි එකාට වෙච්චි වැඩේ නං මරු,ඌ ඊට පස්සෙ හොරකම් අත අරින්න ඇති.
    ඔය කිව්වට පළවෙනිදා උඹත් කන්න ඇති හොඳ ලනුවක්

    ReplyDelete
    Replies
    1. ඌ හැදෙන්නෙ නැහැ හැලපයියා.. ඌ ඊයෙ මගෙ වාහනේ යතුර ඇද කලා බං :((

      Delete
  16. දෙයියන්ගේ පිහිටෙන් එදා මම නම් අන්දුණේ ණා හතර පස් දෙනෙක්ව ඇන්දුවා මිසක්කා.

    අර හිරි වැටෙන බේත පාවිච්චි කරන්නේ මොන මොන වෙලාවල් වලදිදී අප්පා. වලියකදී ඇඟ පුරාම ගාගෙන යන්න කියාපු භාණ්ඩේ බං

    ReplyDelete
    Replies
    1. වලියකට ගිහින් කාගෙ හරි කටේ අතුල්ලපං. එතකොට ඌ බය වෙයි මූ දතක් ගැලෙව්ව කියල :ඩී

      Delete
  17. “ආ උඹටත් කෙල්ලෙක් ඕන වෙලාද මට පෑන් දෙන්නේ යැයි ඇසුවේය.“
    පට්ට කතාව. මමත් පලවෙනිද උදේ ලනුවක් කෑව අමතක වෙලා. පිට කාගෙවත් නෙවේ නෝනගෙන්.

    ReplyDelete
    Replies
    1. නෝනලා දවස් 365ම ලණු නෙ බං දෙන්නෙ !

      Delete
  18. කොච්චර හිතා හිටියත් ළණුවක් කන්නෙ නෑ කියලා දන්නේම නැතුව ළණු කැවෙනවා.. ඒයි ඇත්තටම මොකක්ද බං ඔයා කැවේ ත....

    ReplyDelete
  19. සෑම් යාලුවො දෙන්නට දීල තියෙන ළණුව නම් නියමයි. මම නම් ආසම යාලුවොන්ට ඔහොම විහිලුවක් කළාට පස්සෙ එයාල කෝල් කරල බනිනකොට.ඒ වෙලාවට එයාල බනින විදිහට හිනාව නවත්තගන්නත් බෑ :D

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ යාලුවෙත් බනින්නේ, බැනපු විදිහ කාටවත් කියන්න බැරි විදිහටද?

      Delete
  20. හිකිස් දැන් කෝ බොලා කාපු ලණු

    ReplyDelete
    Replies
    1. අපි කන්නෙ නෑනෙ.. ලණු :පී

      Delete
  21. හිරිවැටෙන ක්‍රීම් කිව්වේ මොනාද?මොනා වුනත් පව් වැඩේ.ඉස්සර මන් ගාව තිබ්බා චුයින්ගම් පැකට් එකක්.එකෙන් එක චුන්යින්ගම් එකක් පොඩ්ඩක් එලියට ඇවිත් තියෙන්නේ.කාටහරි දුන්නම ආ චුයින්ගම් එකක් කන්න කියලා.අදින්නෙම අර පොඩ්ඩක් එලියට පැනලා තියෙන චුයින්ගම් එක.ඒක ඇද්ද ගමන් පොඩි කරන්ට් පාරක් වදිනවා.ගොඩක් උන්ගෙන් කුනුහරපත් අහන් තියෙනවා ඒකෙන් :)

    ReplyDelete
    Replies
    1. අපොයි. ඔය ගැජට් එක එන්වා බං ටික්ස් ගාල පත්තුවෙන ගෑස් ලිප් වලයි, ලයිටර් වලයි. මමත් ඕක කොරල තියෙනවා.. පට්ට සැප !

      Delete
  22. අඩෝ පවු අඩෝ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  23. කවදා හරි උඹ ඩබල් ලණුවක් කනවා.

    ReplyDelete
    Replies
    1. ඩබල් ලණු ශක්තිමත් නේද බං ?

      Delete
  24. හම්මෝ බං. ඕක ඕවඩෝස් වුනොත් මොකුත් ප්‍රශ්නයක් හෙම වෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එක්ටර්නල් යූස් නේ බං.. ඉන්ටර්නල් ඒව විතරයි ඕවර් ඩෝස් වෙන්නෙ !

      Delete
  25. අනේ බොරු නොකියා ඉඳපන් බං!

    ReplyDelete
  26. යස වැඩේ ඒ කොල්ලට අහුවෙන අහුවෙන දේ ගන්නවට...

    ReplyDelete
    Replies
    1. හිතනවද ඌ හැදෙයි කියල ?

      Delete
  27. //කලින් කී පරිදි ඌට පෑන් නම් පේන්න බැරිය.// ඇයි බං ඌට ඒ හැටි පෑන්. ඌ කන්නේ ඒවා ද... මොනව උනත් ඌ හොඳ කොල්ලෙක් වගේ. :D

    ReplyDelete
    Replies
    1. පිස්සෙක් බං.. ඌගෙ කඩේ ඇතුලෙ අපි දීපු පෑනක් වත් පේන්න නැහැ..ඌ ඒව ගිලිනවද මන්ද,

      තඩියා..

      Delete
  28. පව් වෙච්ච වැඩේට.. මේ ඇත්තමද?

    ReplyDelete
    Replies
    1. ඇත්තද කියල දැනගන් පුලුවන් පොඩි එකාට කෝල් කලොත්. ඌ සිංහලෙන්ම කියයි !

      Delete
  29. හොරුන්ට හොඳ පාඩම් :D

    ReplyDelete
  30. හිනා කාල පනගියා ඕයි :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...