Friday, December 7, 2012

නැතිවූ කාලය නැවත ලබා ගනිමු... - අසික්කිත උපදෙස්


වෙලාවට වැඩ කිරීම නම් බහුතරයකට කරන්න බැරි වැඩක්ය. ඒ නිසාම බහුතරයක් තම ඔරලෝසුවේ වේලාව පවා තබා ගන්නේ විනාඩි කිහිපයක් වැඩිපුරය. එවිට අත කරකවා වේලාව බැලු විට අප්පද බොල පරක්කු වෙලා යැයි සිතා හදිසියේ වැඩ කටයුතු කරන්නේය. එය පසු කාලීනව අසාර්ථක වූයේ වැඩිපුර නේද වෙලාව තියල තියෙන්නේ යැයි සිතා හරි වේලාව ගණනය කර කටයුතු කරන්නට පටන් ගත් නිසාය.

වෙලාවට වැඩ කිරීම අතින් සෑමා නම් සාමාන්‍ය මට්ටමක සිටින්නේය. කිසියම් ගමනක් යෑමට සූදානම්ව තවත් කිසිවෙකු සූදානම් වෙනතුරු බලා සිටීම තරම් අපහසු රාජකාරියක් සෑමා දැක නැත්තේය. එසේම තමන් සමග හවුලේ ගමනක් යන යම් පිරිසක් වේද, ඔවුන්ගේ හැසිරීම් රටාව මත සෑමා සූදානම් වෙන වේලාව පවා වෙනස් කර ගන්නේය. බොහෝවිට ගමනක් යද්දී මගදී තම මිතුරන් හවුල් කර ගන්නට වේ නම් සෑමා ගෙදරින් පිටත් වෙද්දීම උන්ට කෝල් කරන්නේ මග රස්තියාදුවට අකැමැති නිසාය. ඉන් කිව්වේ සෑමා සදාතනිකව වේලාවට වැඩ කරන ඩයල් එකක් කියා නොවේය. එහෙත් යම් ගමනක් යෑමට තිබේ නම් උදේ පමා වී අවදි වුවහොත් ඒ පමා වූ කාලය අල්ලා ගැනීමේ හැකියාවක් සෑමාට තිබෙන්නේය. එය මෙසේ අකුරු කිරීමෙන් නැති වූ කාලය නැවත ලබා ගැනීම පිළිබද අදහසක් සෑමා තම රසිකයන්ට ලබා දෙන්නේය.

පමා වී අවදි වූ අය, නැති වූ කාලය ලබා ගැනීමට සෑමා අනුගමනය කරන මෙවන් පියවර අනුගමනය කරන්න.

දත් මැදීම

සමහරු නම් පමා වූ විට දත කට නොමැද පවා ගමන් බිමන් යන බව නොරහසක්ය. ඒත් සෑමා නම් කොපමන පමා වුවත් දත් මදින්නේය. ඉස්සර සෑමාගේ අයියා නම් උදේ දත් මැද්දාට පසු හවස් ජාමයේ ගමනක් බිමනක් යන්නේ නම් මූණ පිහිදාන ටවල් එකෙන්ම ඉස්සරහ දත් සැට් එක අතුල්ලනවා සෑමාට අද වගේ මතකය. එය තාවකාලික පැලැස්තර විසදුමක්ය. උදෑසන පමා වී අවදි වූයේ නම් සෑමා කරන්නේ කාර්්‍යයන් දෙකක් එකට කිරීමය. සාමාන්‍යෙයන් අප වැසිකිලියේ, කොමඩ් එකේ ඉදගෙන සිටිනා කාලය අපරාදේය. ඒ කාලයෙන් වැඩක් ගැනීමට නම් හෝ නැති වූ කාලය නැවත ලබා ගැනීමට නම් සෑමා කරන්නේ කොමඩ් එක මත හිදගෙනම දත කට මැදීමය. එය අති සාර්ථක ක්‍රමයක් බව සෑමා ක්‍රියාවෙන් ඔප්පු කර හමාරය. තටමන අතර දත් මැදීම අපහසු බව යමෙක් පවසන්නේ නම් මේ ක්‍රමය සංවාදය විවෘතය.

තේ බීම

දත් මැද ගත් පසු තේ බීම කළ යුතුය. බොහෝ විට ගමනක් යන්නට පමා වී තිබියදී තේ එක බීම පවා කරදරයක්ය. ඒ අතර තේ එක සෙල්සියස් අංශක 100ට වැඩි නම් දිව පිච්චෙන්නේය. ඒ අතර සිතට කෝපයක් පවා උපදින්නේය. ඒ නිසා සමහරෙක් හැදූ තේ එක විසි කොට ගමන පිටත් වන්නේය. සමහරෙක් තේ එක නිවෙන්නට හැර එක හුස්මට බොන්නෝය. ඒය නම් අසාරථකමය. සෑමා නම් පමා වූ විටක තේ එක රැගෙන බාත් රූම් එකට යන්නේය. එය කොමඩ් එකේ ෆ්ලෂ් කරන පෙට්ටිය උඩ තබා ඇග සෝදන අතර ෂොට් එකක් දමා ගන්නේය. සබන් ගාන අතර ෂොට් එකක් දමා ගන්නේය. සෝදා අහවර වී ෂොට් එකක් දමා ගන්නේය. එවිට එකවර එක හුස්මට බීමට අවශ්‍යය නැතිය.

ඇග සේදීම

බොහෝ අය පමා වී හදිසියේ සූදානම් වන විට ඇග සෝදනවා, නානවා වෙනුවට මුහුන කට පමණක් සෝදා ගමන් පිටත් වන්නෝය. එය නම් සාර්ථක නැතිය. එවිට සමාජයේ කොන්වීමට ප්‍රාත්‍ර වනවා නිසැකය. මේ සදහාද සෑමා යොදාගන්නේද ඉහත කී කොමඩ් එකමය. ඒ මත හිදගෙන සිටින විට දත් මැද අහවර වුවද තවත් කාලය ඉතිරිය. ඒ අතර තුර හෑන්ඩ් ෂවර් එක උපයෝගී කොට ඇග සේදීම සාර්ථකව කළ හැකිය. ඒ අතරම පස්ස පැත්ත පවා සෝදාගෙන නැගිට එළියට ආ හැකිය. මේ ක්‍රමය ඉතා සාර්ථක පිලියමක්ය. නැති වූ කාලය නැවත ලබා ගත හැකිය.

සපත්තු දැමීම

ඇදුම් ඇදීමට නම් ෂෝට් කට් නැතිය. ඒ නිසා එම කොටස අතෑර සපත්තු දැමීමේ අංගය ගැන කතා කිරීම උචිතය. උදෑසන ගමනක් යන්නට තිබේ නම්. පමා වේ යැයි බිය නම්, ඒ ගමනට සුදුසු ඇදුම හැදගෙනම නිදා ගැනීම සුදුසුය. නැති නම් සුපුරුදු පරිදි ඇදගත යුතුය. ඒ නිසා ඇදුම් ඇදීමට ෂෝට් කට් නැති බව සෑමා විශ්වාස කරන්නේය. නමුතු සපත්තු දැමීමට නම් ෂෝට් කට් තිබෙන්නේය. ඔබ ඔෆීස් යන්නේ, ගමන යන්නේ පෞද්ගලික වාහනයක හෝ ස්ටාෆ් සර්විස් එකක නම් සපත්තු දෙක, මේස් කුට්ටම අතේ තබාගෙන වාහනයට දිව යා හැකිය. ඉන්පසු ගමන් කරන අතරතුර නිදහසේ සපත්තු දා ගත හැකිය. සෑමාගේ මිතුරෙකු නම් තම සපත්තු දෙක තියන්නේ ඔහුගේ වාහනයේමය. වැඩ නිමවී නිවසට එන්නේ සපත්තු වාහනයේ තබාය, නැවත පහුවදා වාහනයේ සිටම සපත්තු පලදින්නේය. එසේම සපත්තු පොලිෂ් නොකර පිහිදැමීමට අවශ්‍යය නම් මේස් දෙක දමා, සපත්තු දෙකද දමා, දකුනු කකුලේ සපත්තු වම් කකුලේ මේස් එකෙන්ද, වම් සපත්තුව දකුනු කකුලේ මේස් එකෙන්ද පිහිදැමීමේ ක්‍රමය බහුතරයක් දන්නා බව නිසැකය.

එකී නොකී උපදෙස් අනුව සිරිලංකාව වේලාවට වැඩකරන සමාජයකින් පරිපූර්ණ කිරීම සෑමාගේ එකම පැතුමය. ඔබ දන්නා තවත් ක්‍රම කමෙන්ට් ලෙස අඩංගු කරන්න.

ජය වේවා !

Written by sAm ශ්‍රී Perera_8.03pm_06/12/12

87 comments:

  1. උඹ මිස්ට බීන්ගෙ සිංහල වර්ශන් එකද...?

    ReplyDelete
    Replies
    1. සුද්දට කලිං බං අපි මේව හොයා ගත්තෙ.

      Delete
    2. අනිවා ........... අපි හෙළයොනේ බොල !!!!!!!!!!!!!

      Delete
  2. සෑමා කවදද ඉතින් ශිෂ්ට උපදෙසක් දුන්නේ අපිට :D :D
    ඒ වුනාට ටී එක අරන් වොෂ් රූම් එක ඇතුලට යන්න මට නම් අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. පිරිසිදුවට තියාගත්තොත් බත් දාගෙන කන්න බැරියෑ..

      Delete
    2. නිකමට කරල බලන්ඩ. කාර්යන් පහසු කරයි :D
      අත්දුටුයි ප්‍රත්යක්ශයි :P

      Delete
  3. යකෝ සිරිත්මල්දමම මෙතන තියනවා නේ.ඔය තේක ගෙනියන එක ඇරෙන්න අනිත් වැඩ නම් ඉතින් ඉඳල හිටලා කරනවා.බෝඩිමේ නේ ඉන්නේ තේ නෑ.

    ReplyDelete
    Replies
    1. තේ නැතුව මට නම් බොකත් සැට් වෙන්නෙ නැහැ :(

      Delete
    2. මටත්නං තේ එකක් ඕනමයි...

      Delete
  4. උඹ කොමොඩ් එක බහු කාර්ය උපකරණයක් විදියට උපයෝගී කරගන්නව වගේ. බෝම අගේ. :D

    මටත් මිට්ටර් බීංව මතක් උණා

    ReplyDelete
    Replies
    1. මල්ටි පර්පස් කොමඩ් එකක් බං :)

      Delete
  5. වටිනා කියන උපදෙස් ටිකක් එල එලස් (Y)

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ටුවෙ පිහිටෙන් තමා උබ එදා මීටින් එකට වෙලාවට ආවේ. මට තේරුනා !

      Delete
  6. සැමා වගේම බුවාත් සැහෙන දුරට වෙලාවට වැඩ කරන කෙනෙක් ,ප්‍රමාදයක් වුනොත් ඉතින් ප්‍රයිවෙට් බස් එකක් හෝ වෙනත් කෙනෙක්ගේ ප්‍රමාදයක් නිසා තමයි 90% අවස්ථාවල . හැබැයි නැගිටින්න නම් කවදාවත් පරක්කුවෙලා නෑ . උදේ 4.30න් පස්සෙ ඕනි වෙලාවක එක එලාම් එකෙන් පුතා ගොඩ . ඊට කලින් නම් ෆෝන් එකෙන් එලාම් 3/4ක් තියනවා විනාඩි 5න් 5ට වදින්න අන්තිම එක නැගිටින්න ඕනි හරිම වෙලාවට

    ReplyDelete
    Replies
    1. මාත් එලාම් එක නම් තියන්නේ පැයකට කලින්. තුන් හතර පාරක් විනාඩි 10 බැගින් එහාට කරල තමා නැගිටින්නේ.

      ඒකට කියන්නේ snooze කියලද කොහෙද. එහෙමයි නිදිමතේ ෆෝන් එකේ වැටෙන්නේ.

      Delete
  7. කොමඩ් එකේ තියාගෙන තේ බොන එකනම් අවුල් වගේ. අනිත් වැඩ නම් එළම තමය.. සෑහෙන්න වෙලාවක් ඉතුරුයිනේ..

    ජය

    ReplyDelete
    Replies
    1. කොමඩ් එක පිරෙන්න ඉදගත්තම, පහලට වැටෙන මුකුත් පේන්නෙ නැහැනේ බං. එතකොට තේ එක බොන්න පුලුවං

      Delete
  8. මේ උපදෙස් වලින් 50% ක් විතර දැනටම ක්‍රියාත්මකයි. ඉතුරු 50% කර ගන්න සලකල බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඉතිරි 50%න් තමා ජීවිතේ සාර්ථක වෙන්නේ !

      Delete
  9. හෙට ඉදන් පරක්කු වෙලා ඇහැරුනාට අව්ලක් නෑ එහෙනම්.

    මගෙ ලගත් තියනව කොට කැපුම් ටිකක්,

    ඔලුව පීරන්න
    හෙයා ඔයිල් වෙනුවට වතුර, පනාව වෙනුවට අත, කන්නාඩිය වෙනුවට පෝන් එකේ ඉස්සරහ කැමරාව පාවිච්චි කරන්න පුලුවන්. ඒකට පාර අයිනෙ තියන ටැප් එකක් ලගට ගියත් පහසුකම් තියනව.

    ෂර්ට් වල බොත්තම් දාල තියනව එකක් ඉතුරු කරල,

    කැමති නම් මේස් නොදා සපත්තු විතරක් දාන්න පුලුවන්.(කලිසම ටිකක් දිගට තියනව නම්) සපත්තුවෙ ලේස් බුරුලට ගැටගහල තියන්න පුලුවන්. ලේස් අල්ලන්නෙවත් නැතුව සපත්තු දාන්නත්, ගලවන්නත් පුලුවන් එතකොට.

    බොට නම් බාත්රූම් එකේ බත් කන්නත් පුලුවන් ඇති.

    ReplyDelete
    Replies
    1. මම නම් කෝමත් පනාවෙන් තොරයි. අතින් තමා කොන්ඩේ හදලා ජෙල් කරන්නෙ.

      අපෝ මේස් නැතුව සපත්තු දැමිම අප්‍රසන්නයි :(

      හිකිස්.. ඔව් බං බාත්රූම් එකෙත් මට කෑවහැකි :ඩී

      ස්තුති අදහස් වලට !!!

      Delete
  10. සෑමෝ උඹ දැකලා තියනවනේ දවල්ට මම මජං නාගන , විට කාගන හඩ්ඩා වාගේ ඉන්නේ කියලා , එහෙව් මම වත් ඔය වාගේ අසික්කිත වැඩ කරන් නැ , උඹ ඌරෙක් නෙමෙයි ඌරු කොටුවක්

    ReplyDelete
    Replies
    1. අනේ පල පල, උබ වැඩපලෙත් නිදා ගන්න එකා නිසා වෙලාවට ඇහැරෙනව ඇති. අපි එහෙමද ??

      Delete
    2. අටම් උඹේ බොලොක්කෙ අකුරු මගෙ ෆෝන් එකෙන් පෙන්නෙ නැහැ. ඉස්කෝල පොත ෆොන්ට් එක නෙමේද තියෙන්නෙ . . .

      Delete
  11. පිළිගත හැකි දේත් නොහැකි දේත් ඇත. ඔය මොකුත් නැනේ ටිකක් කලින් නැගිට්ටනම්.

    ReplyDelete
    Replies
    1. කලින් නැගිට්ටත් ලෑස්තිවෙන්න පමා වෙන වෙලාවල් තියෙනවා නලීන්. මට අනන්තවත් වෙලා තියෙනවා.

      Delete
  12. මට මතක්වුනේ අර බොග දාන ගමන් කුරුම්බා කාපු පොර......කමක් නෑ ඉතින් කාලය කළමණාකරණය කරගන්නනේ......

    ReplyDelete
    Replies
    1. කුරුම්බා කෝම්බ වලටම බොග දැම්ම නමි පහසුයි බං :)

      Delete
  13. උඹේ වටිනා කියන උපදෙස් ගැන ඔන්න මම මොකුත් කියන්නෙ නෑ, කිව්ව කියල හිතාගන්.

    ඒ වුනාට මට මතක් උනේ අර ඉස්සර හිටපු සැටලයිට් මැඩම් පැය ගණන් පරක්කු උනාම වෙලාව කවර් කරන්න මොනව කරනව ඇත්ද කියල.

    ReplyDelete
    Replies
    1. සිරාවටම මම ලගදි කියෙව්වා එකී ගැන ලියපු පොත.මම හිතන්නේ එයා කෙලින්ම බාත් රූම් එකේම දොයියනවා ඇති.

      Delete
    2. පොත කිව්වෙ අයිවන් මහත්තයගෙ එකද, ඒක ටිකක් විවාදාපන්නයිනේ. අයිවන් මහත්තය තුරුම්පුටික අතේ තියාගෙන ගේම ගැහුවෙ, මෑන් ඇත්ත ටිකක් කවලම් කරල ලස්සන කතන්දරයක් ලිව්වා කියලයි මම හිතන්නෙ. එයා කොහොමත් ඒ වගේ ලිවිල්ලට දක්‍ෂයි. මගේ හිතේ මැඩම් නඩු නොගියෙ, නඩුව බලවන්න ගත්ත නම් වෙන කට්ටිය චූන් වෙන නිසා, නැතුව ඒකෙ තියෙන ඒව 100% ක් ඇත්ත කියල මම හිතන්නෑ බං.

      Delete
    3. ඒ යෝදිගෙ වැරැද්දක් නෙවේ බං ඒක ‘චන්ද්‍රිකා‘ කියන නමේ වැරැද්දක්. දැක්කද මලින්ද මාමාගේ පුතාටත් ඔය චන්ද්‍රිකාව වෙලාවට යවා ගන්න බැරිවුනා නේද?

      Delete
  14. කෑම්ප් එකේ එවුන් මතක් උනා බන්..

    උදේ පාන්දර පෝලිම් වෙන්න ඕනනෙ.. වේලාසන නැගිටින්න කම්මලි එවුන් කරන්නෙ උඩේට අඳින්න ඕනා ඇඳුම ඇඳගෙන නිදා ගැනීම.. සමහර එවුන් සපත්තුත් දාගෙන..

    අපි පාන්දර නැගිටලා දත කට මැදලා නාලා කරලා එනකන්ම උන් බුදි.. අපි ලෑස්ති වෙන ටිකට උන් දත් මැදලා මූණ හෝදන් පෝලිමටත් ගිහින්..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒකත් සිරා කතාව.

      දැක්කද කම්මැලියාට තැන ලැබුන හැටි

      Delete
  15. ඉතා විශිෂ්ටයි! මේවායින් බොහොමයක් මං තුමාත් ඉතා තුටින් මේ දිනවල භාවිතා කරමින් සිටිමි!

    ReplyDelete
    Replies
    1. ස්තුති. ජීවිතය ජයගන්න වාසනා වේවා.

      Delete
  16. උදෑසන තේක බොක බෑමට ප්‍රථම පානය කිරීමෙං කටයුත්ත ඉක්මනිං ඉවර කර ගැනීමට උපකාරී වේ...
    තරියාගේ උපදෙස්...

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන් දනිම්.

      සමහර දවස්වලට තේ එක නොබී බව මතක් වන්නේ කොමඩ් එකේ හිදගත් විටය.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ඉස්සර කොමඩ් එකේ ඉදන් ඇඟ හේදුවොත් එහෙම ඊළග දවසෙම අපේ අම්මා මාව ගෙදරින් එළෝනවා.... බාත් රෑම් එක විනාස කරනවා කියලා... හි හි....

    අටම් කියනවා වගේ උඹ නම් ඌරු කොටුවක්ම තමා කොල්ලෝ.. හැබැයි වෙලාවට වැඩ කරන්න ඔහොම හරි කරළා පුරුදු වෙනවනම් ඒකත් ලොකු දෙයක් ඉතිං....

    ReplyDelete
    Replies
    1. බොහොමයක් ගෙවල් වල ඔය කේස් එක තියෙනවා. බාත්රූම් එක තෙමනවට කැමති නැති සීන් එකක්. යකෝ බාත්රූම් එක නොතෙමෙන්න නාන්නෙ කෝමද??

      අඩේ මට ඌරු කොටුවලු

      Delete
  19. ඇයි බන් උදේ කෑම එක ? ඒකත් කොමඩ් එකේ ඉඳන් කාපන්කො.. එතකොට තවත් ලේසියිනෙ..වෙලාව ඉතුරුයිනෙ... කොටින්ම උබ කොමඩ් එක උඩම නිදා ගනින්කො..ඔය වෙලාව ඉතුරු කරගන්න උඹට වාහනේ යන ගමන් බොග දාන්ඩ වගේ අදහස් ඇවිත් නැත්ද ?

    මම තනියෙන් යන ගමනක්නම්.. වෙලාවක් කිව්වොත් ඊට විනාඩි පහකට කලින් බඩු අදාල තැන ඇති.. ලංකාවෙ වෙලාවට වැඩකරන උන් කාලකණ්නි වෙනවා.. ඇයි උන්ට ඉතින් හැමදාම අනිත් එකා එනකම් කාලය කකා බලන් ඉන්න වෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. උබ උඩින් කියපු ඒවට මම කිව්ව කියල හිතා ගනින්.

      //ලංකාවෙ වෙලාවට වැඩකරන උන් කාලකණ්නි වෙනවා.. ඇයි උන්ට ඉතින් හැමදාම අනිත් එකා එනකම් කාලය කකා බලන් ඉන්න වෙනවනෙ..//

      මේ සීන් එක මම අත්විදිනවා බං බොහොම. ඒක නිසා ඒ ඒ පුද්ගලයාගෙ හැටියට තමා මම ගමන් වලට පිටත් වෙන්නේ.

      කරල බලපං එහෙම. :)

      Delete
  20. මං නම් පරක්කු උන වෙලාවට කරන්නේ රැවුල නොකපා යන එක.. මගේ වෙලාව එතනින් මම අල්ලනවා.. ඕක දවසක් නොකැපුවා කියලා මක්ක වෙනවද මං අහන්නේ?

    ReplyDelete
    Replies
    1. රැවුල ගැන කියනව නම් ........ මම දැන් සති 3කින් කපලා නෑ ... කොන්ඩෙත් අන්තිමට කැපුවේ මේ අවුරුද්දේ මුල හරියෙ....... තාත්ත නම් අවුලක් නෑ ඒත් අම්ම මට තර්ජනය කලානේ බං නින්ද ගිහාම කොන්ඩෙයි රැවුලයි කපලා දානව කියලා ... ඒනිසා මම මේ දවස්වල නිදා ගන්නේ නෑ

      Delete
    2. @දිනේෂ් - පහුවදා උදේම ගමනක් යන්න තියෙනව නම් මම කරන්නෙ රෑට රැවුල කපල නිදා ගන්න එක

      @දිනෙල්ක - සිරා කතාව බං. උබට නින්දක් නැතුව ඇති :))

      Delete
  21. බලං ගියාම කොමඩ් එකෙන් මාර ප්‍රයෝජන ගන්න පුලුවන්නෙ.... උඹ කියන විදිහ කොරන්න ගියොත් මගේ නම් ආතල් නැති වෙනවාය. කොමඩ් එකේ ඉඳගෙන ඉන්න කාලය, මගෙ දවසේ ආතල්ම වෙලාවයි.... කයි සිතුවිලි, බොග් සිතුවිලි, අදී මෙකී නොකී සිතුවිලි පහල වෙන වෙලාවයි.... ඒ ආතල් එක නම් නැතිකරගන්න බැරිමය.

    ReplyDelete
    Replies
    1. බොක පිට වෙන වෙලාවේ අදහස් සමුදායක් ගලා එන බැව් නම් සහතිකය.

      ඒත් බං හැමදාම නෙවේ. පරක්කු වුන දවසට මේව අත් හදා බලපං.

      Delete
  22. කොමඩ් පොරක් වගෙයි......එල ආහ්හ්.....හැබැයි කාලය ඉතිරි කරන එක ගැන හිතන්න ඕනි කාලය කන්න කලින් තමයි...කවුදෝ කිව්වා වගේ උදේම නැගිට්ටා නම් ඉවරයි නේ....

    ReplyDelete
    Replies
    1. උදේම නැගිට්ටත් ලෑස්තිවෙන්න පමා වෙන දවස් නැත්ද බං. එදාට මේක ගැලපේ.

      Delete
  23. මමත් කාලයක් බෝඩිමක ඉන්දැද්දි නං ඔය නාන වැඩෙයි බාන වැඩෙයි දෙකම එක පාර කරල තියෙනවා.. ඒ බාත්රූම් එකේ ෂවර් කැඩිලා තිබුනේ.. ෂවර් ‍එකෙන්ම නාන්න ඕනිනං ‍පොඩ්ඩ දුරක් ඇවිදින්න ඕනි.. ඒ වෙලාව ඉතුරු කරගන්න වැඩ දෙකම එකට කරගෙන තිබේ..
    -රස්තියාදුකාරයාගේ දිනපොත-
    (ලොග් වෙන්න බැරි කේස් එකක් ඇවිත් මචං)

    ReplyDelete
  24. කාලෙකට පස්සේ ඔලුව දැම්මේ එකත් කොමඩ් එකක්. :P
    ඌරෙක්ටවත් බැරි වෙයි මචන් උඹට අභියෝග කරන්න.

    ReplyDelete
    Replies
    1. සූකරයෝ පරාදයි බං සිරාවට. මොකද උන්ට වෙලාවට වැඩ බැහැනේ :ඩී

      Delete
  25. ‍ඔන්න ඔය වගේ වෙලාව ඉතිරිකරන්න පුලුවන් තරමට Dudesira හුජ්ජ ගැජට් එක සංවර්ධනය කරන්න තමයි අපේ බලාපොරොත්තුව...

    කාර් එකේ සපත්තු දාලා එන යාලුවා මේස් දෙකත් ඒකෙම දාලා ද එන්නෙ... උගෙ ලග බොහොම හොද පුසුබක් ඇති නේද බන්...

    ReplyDelete
    Replies
    1. ඔය ගැජට් එක සංවර්ධනයට උබ රට යනවලු නේද?

      ඒ මේස් එක සිරා බං. වාහනේට මැස්සො එන්නෙ නැහැ ඒක නිසාම.

      Delete
  26. කැම්පස් එකෙන් ට්‍රිප් යනකොට මගේ යාලුවත් රෑට කාල දත් මැදලා ඇඳුම් ඇඳගෙන නිදාගන්නවා.පාන්දර එකට විතර නැගිටලා එහෙමම යනවා..

    ReplyDelete
  27. අපෙත් එකෙක් ඉන්නවා වෙලාවට වැඩක් කරන්න දන්නෙම නැති එකෙක්.එක දැන් බස් එකට නැග්ග කියල කෝල් කලොත් තම ඇදෙන බහලවත් නැ.ඒ උනාට පරක්කුඉ කියල එකට ගානක්වත් නැ.ඔහේ ලතාවකට ලස්තිවෙනවා.සැමා කොමඩ්ඩුව බහු කාර්ය කරගෙන ඇති බව පෙනීයයි.මට තියෙන අවුල තේ එකට වතුර වැටෙන්නේ නැතුව තියාගන්නේ කොහොමද කියල.

    ReplyDelete
    Replies
    1. අපේ එකෙකුත් ඉන්නවා බං. උදේ කෝල් කලාම කියන්නේ මේ දැන් පිටත්වෙන්න යතුර කටට දැම්ම විතරයි කියල. බලනකොට ඌ ඇදේ.

      Delete
  28. හි හි හි .. එළ උපදෙස් ටික.

    කොමඩ් එකේ ඉදන් දත් මදින වැඩේනම් කරනවා.අනිත් ඒවා නම් තාම කරලා නෑ. කොච්චර කලින් ගමනක් යන්න කලින් මුල් වැඩ ටික කරන් ආවත් ඇදුම් අදින්න පටන් ගත්තාට පස්සේ මට වෙලා යනවාමයි.මොකද අදින ඇදුම් මැදගන්නෙත් ඒ වෙලාවේ. උදේ පාන්දර යන ගමනක් නම් කලින් මැදගන්නවා.ඒත් නැගිටින්නේ වෙලා ගිහින්.ඉතින් කොහොමත් මගේ ගමන් පරක්කුයි :)

    ReplyDelete
    Replies
    1. මම නම් සතියටම ඇදුම් මැදල තියනවා බං. ඒක මහ එපා කරපු වැඩක් නැත්තං

      Delete
  29. සමහර දේවල් ප්‍රායෝගිකව කරන නිසා අනුමත කරමි.......
    ඇයි කැම කන එකත් යන ගමන් කරන්න පුළුවන් කකා ඉන්න ගියොත් තව විනාඩි 10ක් 15ක් ඉවරයිනේ.....

    ReplyDelete
  30. tawama bada ridenawa hinawela..uba maru porak sAm..
    Jayawewa

    ReplyDelete
  31. නාන ගමන් නියපොතු කැපීම, බත් කන ගමන් පත්තරේ බැලීම, බස් එකේ නිදා ගැනීම, බස් එකේදී ෆෝන් එකෙන් බ්ලොග් බැලීම, මේස් වලින් සපත්තු පිහ දැමීම, වතුරෙන් අත තෙමා කොණ්ඩය සැකසීම....
    ඔන්න මගෙන් ටිකක්...
    මන් අර තේ බොන වැඩේනම් කරන්නෑ. මොකද මන් තේ බොන්නති නිසා...

    ReplyDelete
  32. අඩේ මුල ඒවා ඔක්කොටම කොමඩ් එක මුලික වෙලා නේ xD

    ReplyDelete
  33. නිදහසේ ඉන්න තියෙන එකම තැන කොමඩ් එක විතරයි ...... මු හදන්නේ ඒකටත් කෙලවන්න ..... උඹත් මැදමූලනද බං ...

    තිත් දෙකයි ඩී

    ReplyDelete
  34. මේ වගේ උපදෙස් ගන්න නම් විමසන්න සෑම් !

    ReplyDelete
  35. බීන් පරාදයි. ගහමුද අයියෙ Mr. sAm කියල අළුත් එකක්. ලෝකෙටම ආදර්ශයක් වෙන්න පුළුවන් ;) හිකිස්

    අපේ පැත්තෙත් පුළුවන් වෙලාවක අවිත් යන්න. My Tech Gate නම මෙහෙම උනාට සිංහල හොඳේ

    ReplyDelete
  36. මෙවන් වටිනා උපදෙස් ඉදිරියේදීත් ලබා දේයයි උදක්ම බලාපොරොත්තු වෙමි.... බොහෝම ස්තූතියි.. සැමා...... "මහත්මයා"

    ReplyDelete
  37. ඇත්තටම ප්‍රයෝගික උපදෙස් මාලාවක්..හෙහ් හෙහ්.. පරක්කු වෙලාවට කොමඩ් එක උඩ ඉඳගෙන දත් මදින වැඩේනම් මමත් කරනවා, ඒවුනාට දත් මදිනකොට නිකන් හක්කේ එක ඇන්දක් විතරක් මැදෙන ලයින් එකක් තියනවා.. ගෙදරදි නම් ෆ්ලෂ් කරන පෙට්ටිය උඩ තියාගෙන කිරි එකත් බිව්වා කියමුකෝ. ඒත් අම්මපා බෝඩිමක ඉඳන් ඔය තත්වේ ගැන හිතනකොට... දත් මදින එක කෙසේ වෙතත් කිරි බොන එක. (සමහරුන්ට නම් සිගරට් එක ගහන්න ටොයිලට් එක තරම් ප්ලේස් එකක් නෑ -කතාවට අදාළ නැති වෙන කතාවක්)

    ReplyDelete
  38. මු මොන එකෙක්ද. යන බස් එකකවත් නගින්නේ නැහැ,සිරා....

    ReplyDelete
  39. මම මේ කල්පනා කලේ මම මොනවද වෙලව ඉක්මන් කර ගන්න කරන්න කරන්නේ කියලා...එක්කෝ එව්වා කියන්න ඕනි නෑ.. ;)

    ReplyDelete
  40. වැඩක් නෑ බන් ඉතුරු කරලා ළමයිට දෙන්න කියලයෑ

    ReplyDelete
  41. වෙලාව ඉතුරු කරන්න උත්සාහ කරන එක නම් අගය කරන්න ඕන..

    ReplyDelete
  42. කාලය සම්බන්ධයෙන් ප්‍රශ්ණ මං තුමාටද ඇත. මේ කුමක් කලත් මං තුමාගේ අපතේ යවන කාලය නැවත නොගත හැකි යැයි විස්වාසයයි (රජා ස්ටයිල්)

    ReplyDelete
  43. මට ඕනෑම වෙලාවක නැගිට ඕනෑම් වෙලාවක ලෑස්ති වීමට හැකි වුනත්, අනෙක් ඇයගේ ප්‍රමාදයන් නිසා මටද පරක්කුවෙ වේ. මම පරක්කු දාට තේ බීම අත අරිනවා.

    ReplyDelete
  44. මාත් ඔය ක්‍රියා අත්දකින එකෙක් මට නම් වෙලාව කිව්වොත් ඒ වෙලාවටම වැඩේ වෙන්න ඕන.එකට අපේ අම්මා හැමදාම පරක්කුයි.ගමනක් යන්න හැදුවොත් කිව්ව වෙලාවට වඩා විනාඩි දහයක් පහලවක් අනිවා පරක්කු වෙනවා.

    ReplyDelete
  45. හික් හික්..නලක සමනලයා..
    මේ විදිහට කෙරුවොත් අපේ අම්මා අපිව පිස්සන්කොටුවට දානවා..

    ReplyDelete
  46. සුපිරි කොල්ලෙක්නේ,
    උඹට සපත්තු දාන එකත් පුළුවන් කොමඩ් එකේ ඉදන් දාන්න.

    අපි ඉස්කෝලේ හොස්ටල් ඉන්නකොටත් ඔය වගේ දෙයක් තිබ්බා,
    අපි රෑට දත් බුරුසුවට , දත් බෙහෙත් දාල නිදා ගන්නවා. උදේ බෙල් එක ගහපු ගමන් ඒකත් අරන් දුවනවා. එහෙම නැත්නම් උදේට ටැප් එකක් අල්ලන් ඉවරයි. අයියලා ආවම උන්ට දෙන්න එපැයි මුල් තැන්

    ReplyDelete
  47. උඹේ ඔය උපදෙස් ටික අනුගමනය කොලානං එදා වෙලාවට එන්න තිබ්බා. ෂිහ්.....! මං දැන්නෙ මේක කියෙව්වේ..

    ReplyDelete
  48. තෝ මොකෝ පරණ පොස්ට් අයේ දාන්නෙ ගෙම්බෝ ?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...