Tuesday, December 25, 2012

නත්තල් දා අවසන් වූ සෑමාගේ තෙවසකරක ආදරය...


නත්තල සැමට සතුට ප්‍රීතිය ගෙන දෙන්නේය. ඒ ආගම් භේදයක් නැතිවය. කතෝලික, ක්‍රිස්තියානි ඇත්තෝ ජේසුස්වහන්සේගේ උපත සිහිකොට සතුටුවෙද්දී අනෙක් ඇත්තෝ නිවාඩු දිනයේ සුවය ලබන්නෝය. එසේම නත්තල් සමරන අයගේ පාටි වලට සැට් වන්නෝය. ඒ සියල්ල මැද සෑමාටද පාටියක් සෙට් වුනේය. ඒ කිටියාගේ ගෙදරින්ය.

සියල්ල එසේ සිදුවෙද්දී වසර තුනක් පැරණි සෑමාගේ ආදර බිද වැටෙන්නේය. කතාව නම් මෙසේය.

සෑමා 2009 වසරේ ආලෙන් වෙලන්නේය. සියළු බාධක මැඩගෙන සෑමා තමාට සුදුසු දේ තෝරාගන්නේය. කල් යැල් බලා සෑමා සුදුසු බැම්මෙන් වෙලන්නේය. එහෙත් අවාසනාවට සෑමාට ඊට සුදුසුකම් මදි බව ඇගේ පැත්තේ අය කියන්නේය. සෑමාට ඌරු ජුවල්ය. කරන්නට දෙයක් නැතිය. සෑමාට වත්කම් පෙන්නා ඇයව ලබා ගන්නට සිදු වූයේය. සෑමා සියළු කටයුතු සූදානම් කොට තමාගේ වත්කම් හෙලි කළේය. එදින සෑමාට ඇයව ලැබුනේය. සෑමා මුළු ලොවම දින්නේය. සතුටින් සිටියේය.

දිවා රැයේ සෑමා ඇය සමග සම්බන්ධ වුවේය. ආදර, සෙනෙහස සහ උණුසුමින් සෑමා ඇය ලග උන්නේය. ඇයද සෑමාට නොසෑහෙන්න සාධාරණයක් ඉටු කරන්නීය. සෑමාගේ සියළු කටයුතු වලට ඇය උපකාර කරන්නීය. සෑමාගේ දකුණු අත සේ ඇය සියළු භාරදූර වගකීම් දරන්නීය. සෑමා ලද සියළු ජයග්‍රහනවලට පැසසිය යුත්තේ ඇගේ නොසෑහෙන උපකරයන්ය.

උතුරා යන සෙනෙහස මැද්දේ සෑමාට ඇගේ උණුසුම මදි වන්නේ මේ අතර කාලයේය. කොතරම් ලග සිටියත් ඇය සමග හුරතල් වීමට සෑමාට හිත දෙන්නේය. ඉක්බිති සෑමා උත්සාහ කරන්නේ ඇය සමග යහන් ගත වීමටය. ඇය සමග මේසය මත සිට, පුටුව මත හිදගෙන ආදරය කළ කාළය, ලගින් රැදෙමින් හුරතලින් කතා කළ කාලය සෑමාට මදි වන්නේය. සුව පහසු යහනක් මත වැතිර, සිනිදු කොට්ටයක් මත හිස තබා, ඇය ලගින් වැතිරෙන්නට සෑමා වෙර දැරුවේය. වසර ගණනාවක් රැදුනු ප්‍රේමයේ විශ්වාසය තිබියදී පවා ඇය සෑමා සමග යහනක නොවැතිරුණාය. ඒ ආදරය මදි කමක් නිසා නොව, මේසය, පුටුව මත රැදි ආදරය යහන් කරා රැගෙන යාමට ඇති අපහසුව නිසාය.

දින ගෙවුනේය. සෑමා නිවසට ලැප් ටොප් එකක් ගෙනාවේය. ඇය ඊට වඩාත් කැමති වූවාය. වෙනදා රැදි සෙනෙහස උතුරා යන්නට වුයේය. සෑමාද ඇයට ඇති සෙනේ වැඩි කළේය. ඇය වෙනදාට වඩා සෑමාට උපකාර කළේය. ලැප නැති කාලේ ඇය කළ උපකාර නොදැනීම දෙගුණ වූයේය. ආදරය දෙගුණ වෙද්දී නැවත සෑමාට සිහිවූයේ මේසය, පුටුව මත රැදි ආදරය සයන කරා ගෙනයාමටය. උණුසුමින් යහනේ වැතිරෙන්නටය. සෑමා නැවත ඇයට ආයාචනා කළේය. ඇය නිරතුරු උණුසුම් කළේය. සෑමා ජය ගත්තේය. ඇය එකවරම සෑමා සමග වැතිරුනේය. පළමු රැය එකම යහනේ සෑමා සමග වැතිර සිටි ඇය ඊට ඇබ්බැහි වූවාය. එතැන් පටන් දිනපතා ඇය සෑමා සමග රැය ගත කළාය. උණුසුම් වුවාය. වැඩි හරියක් උණුසුම් වී ආදරයේ බාධක බිදෙන්නට පෙර ඇයව නිදි කරවන්නට සෑමා සමත් වුවේය.

දින සති මාස ගෙවී ගියේය. ඉක්බිති වසර 3ක් ගෙවී නත්තලට පෙර දින රැය උදා වූවේය. සුපුරුදු පරිදි සෑමා ඇයත් සමග යහනට වැදුනේය. ඇය යහනේ සතපා සෑමා මදුරු දැල දැමීමට නැගිට සිටියේය. මදුරු දැල සකසා සෑමා විදුලි බුබුළු නිවා දැම්මේය. ඒ නිවා දමා ඇය වැතිර සිටින අසලින් වැතිර ගැනීමට සෑමා කළුවරේම යහන මතට අත තබා බර දුන්නේය. වසර තුනක් ගෙවු පෙමක් එක මොහොතින් අවසන් වූයේය. ලැපට සවිකර තිබූ සෑමාගේ ඩොංගලයේ කොනකට සෑමා අත බර කර තිබුනේය. ඒ සමගම යහනේ පොල්ලක් කඩා වැටී ඩොන්ගලෝ කොනක් ලැපේ සිරව තිබියදී අනෙක් කොටස කැඩී බිම වැටුනේය. දැන් ඩොංගලය කොටස් දෙකක්ය. 

2009 වසරේ නිවසේ විදුලි බිල් පෙන්නා කම්පැනියට වත්කම් පෙන්නා ගත් ඩොංගලය, ඩෙස්කටොප් කම්පුයුටරය තිබුණු කාලේ මේසය මත පුටුව මත ආදරය ගොඩ නැගුණු ඩොංගලය, ලැප් එක ගත්දා සිට සෑම රැයක් ම සෑමා සමග යහන් ගත වූ ඩොංගලය, වැඩිය උණුසුම් වන්නට නොදී ගලවා දැමූ ඩොංගලය, ඊයේ රෑ සෑමාගේ අතට තදවී, ඇදේ පොලු කැඩී දෙකඩ වූ ඩොංගලය, සෑමා අතැර ගිය පුවත නම් එසේය. අද උදේ ඊයම් ඩොට් තබා හේමේ අංකල් (හේමේ ගේ සේලයින් සහ ධර්මේ ගේ ජොකා, බයිස්කෝප් හේමේ)නැවත එකතු කළ ඩොංගලය, බිම වැටී නැවත දෙකඩවූ අයුරු සෑමාගේ සිත තවන්නේය. දවන්නේමය. නැවත ප්‍රතිසංස්කරණය සදහා හේමේ අංකල් ඩොංගලය රැගෙන ගිය නිසා පෙටෝ නැත.

පලි - තම ඩොංගලය මලයාට පරිත්‍යාග කළ සෑමාගේ අයියාට පිං !

කෙසේ වුවද සුභ නත්තලක් වේවා.. !

Written by sAm ශ්‍රී Perera_08:54pm_25/12/12

79 comments:

  1. මට නිකමට වගේ හිතුනා..!!

    ReplyDelete
    Replies
    1. අපෝ පොඩ්ඩා කිව්වට තෝ මහ ලොකු එකෙක්නේ..

      Delete
  2. හෆොයි වෙච්චි දේ.....හැම ලබ්බම ඇඳට අරං යන්ඩ තදියං වෙන උන්ට මේවා හොඳ පාඩං බොලව්!!!

    ReplyDelete
    Replies
    1. බලපං අත තියල තද වුනා මදිවට ඇදේ පොල්ල කඩන් වැටුන නිසා කැඩුනේ..

      අපරාදේ බං.. :((

      Delete
    2. මම කොරනවා වගේ ඇඳ අයිං කරලා මෙට්ටෙ බිමට දාගෙන නිදා ගනින් මචං.කිසිම ගැටළුවක් නෑ.ඇඳ යට දූවිලි නෑ.රෑට එක එක සද්ද ඇහෙන්නෑ(ඇඳේ පොලු හෙල්ලිලා එන කීක් කීක් සද්දේ) වැදගත්ම එක තමයි ඇඳ කඩං වැටෙන්නෑ......

      Delete
  3. අෆ්ෆා..... :/ මැදැයි!! මම හිතුවෙ හෙන සිරාම ලව් ස්ටෝරියක් කියලා... :p

    ReplyDelete
    Replies
    1. නැතුව මේක මගෙ බොක්කෙ ලව..

      Delete
  4. අහෝ වේදනා සංසාරේ.....

    ReplyDelete
  5. අලුත් ඩොන්ගලෙත් අරගෙන ඇඳට යන්න ආයෙමත් :D :D

    ReplyDelete
    Replies
    1. මට බැහැ ඒ වරද ආයෙත් කරන්න..

      Delete
  6. අයියෝ... මං හිතුවා ඕක වෙයි කියලා....

    ReplyDelete
    Replies
    1. ඇයි බං කලින් නොකීවේ.

      Delete
  7. aiyoo salli..
    Okane bn tikak parissamen wada karanna epayi...
    Me adata aluth polu tikak genath dammoth hoda..

    Atha tiyala ohomanan arehema kohoma hitida.. :D

    ReplyDelete
    Replies
    1. අම්මෝ අරහෙම ඒව වෙනදාට අළුත් වියන් ඇදක් ගේනවා.. ඒක දැනටමත් හදනවා.. ;)

      Delete
  8. මාත් රැවටුනේ නං නෑ. මං හිතුවෙ ලැප කැඩිල කියල. ඇඳට ගත්තම කැඩෙනව බං. කොරන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇදේ තිබ්බොත් හැම දේම විනාසයි. කුඩේ කුඩු නේද බං?

      Delete
  9. සෑමා අයියා ගේ වැඩ චුට්ටිත්තක් දන්න නිසා අග සිට මුලට කියවූවෙමි....:P
    වැඩේ අහු වුණි.....:D
    මල් හතයි.

    ReplyDelete
    Replies
    1. අපෝ.. හොර අල්ලන්න යන්නෙ නැතුව රස විදින්න එපෑ යකෝ..

      Delete
  10. යාන්ත්‍රික ප්‍රේමයක් හෙහ්..හෙහ්..!

    මුල ටිකට නම්..අහු උනා බං..`!

    ReplyDelete
  11. සැමෝ ඔය ඇඳ හදා ගනිං.. නැත්තං ඊළඟ පාර කොන්දට වත් වැඩේ හි යයි .. හි හි ( නෙටි එකක් දාගෙන නිදා ගන්න එක නම් හොඳයි කොල්ලෝ.....)

    ඩොංගල් එක රත් වෙන්න හොඳ නැද්ද...?????

    ReplyDelete
    Replies
    1. ඇයි බොල නෙට් එක දාන එක හොදා කියන්නේ?? මට තේරුනේ නැත..

      ඩොංගල් එක රත් වෙන එක අවුලක් නැහැ හිරුවෝ.. උණුසුම් වෙන හැටි ලියලා කට්ටිය නොමග යවන්න උත්සාහ කලේ..

      ඩොංගල් එක කෙසේ වෙතත්, වස්තුවක් තවත් වස්තුවක දිගටම ඇතිල්ලෙනකොට ඝර්ෂණය නිසා උණුසුමක් උපදිනව නොවැ.. ඒ ඝර්ෂණය අඩු කරන්න ලිහිස්සී ද්‍රව්‍ය යොදා ගන්න පුලුවන්.. තෙල්, ක්‍රීම් වගේ..

      Delete
    2. මඳුරු දැල ගැන මං කිව්වේ.. මතක නැති උනා ඔයාලා දන්‌ෙන් එක නෙට් එකක් ගැන විතරයි කියලා.. හි හි

      //වස්තුවක් තවත් වස්තුවක දිගටම ඇතිල්ලෙනකොට ඝර්ෂණය නිසා උණුසුමක් උපදිනව නොවැ.. //

      හැබෑට... සැමත් යමක් කමක් දන්නවා නේ.... හි හි

      Delete
  12. අනේ..ආරක්‍ෂිත උපක්‍රමයක් පාවිච්චි කරන්න තිබ්බනේ!

    ReplyDelete
    Replies
    1. දරුණු වැඩි වුනාම, හදිස්සි වැඩි වුනාම අනාරක්ෂිතයි බං :(

      Delete
  13. පට්ට ලිවිල්ල ඈ සෑම් අය්යේ. මරේ මරු

    ReplyDelete
  14. අපිට කැත හිත් නැති නිසා හොදා.. :P

    ReplyDelete
  15. සෑමාගේ කුජීත පෝස්ටු නිසා ඩොංගලේටත් කෙල වී ඇති බව පෙනේ..
    අයියාගේ එකට විදින්නැතිව අළුත් එකක් ගත්තනම් හොඳයි නේද සෑමෝ?

    ReplyDelete
    Replies
    1. අළුත් එකක් ගන්න හැදුවම අයිය කිව්වා අන්න එකක් තියෙනවා අරන් පල කියලා :)

      අඩේ ලියන ඒව ඩෙංගලේ විනාස වෙන්න තරම් අවුල්ද බොල?

      Delete
  16. සුභ නත්තලක් වේවා.. !

    නිදාගන්න යද්දි ඔය රෙද්ද මොකට උස්සය් යනවද ආතල් එකේ හීනයක් නොබල

    ReplyDelete
    Replies
    1. නිදාගද්දි රෙද්ද උස්සන් යනවා???

      මොනවද බං මේ කියන්නේ

      Delete
  17. අයියෝ සල්ලි.....හික්....

    ReplyDelete
  18. සෑම් ඇතුළු පවුලේ සැමට සුබ නත්තලක් !

    ඩොංගල් සමඟ යහන්ගතවන උන්ට මේවා හොඳ පාඩම්ය. දැන්වත් කසාදයක් කාරිය බැඳගෙන ලැප ඇඳෙන් අයින් කළ යුතුය, සුදුස්සාට සුදුසු තැන දිය යුතුය.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සහෝ...

      මගෙ අප්පේ මේ මොනවා කියනවද මන්දාා

      Delete
  19. මදැයි මූ කොලොත් ඔහොම විනාසයක්මයි.

    ReplyDelete
    Replies
    1. ඇදට ගත්තොත් කැඩෙනවා ෂුවර්..

      Delete
  20. අයියෝ ඩොන්ගල් එක හරිද දැන් ඉතින්...?.අපරාදේ...

    ReplyDelete
    Replies
    1. වෙන එකක් සෙට් වුනා බං

      Delete
  21. අපි අහුවෙයි ඕවට.....;)

    ReplyDelete
  22. මේකේ අසුබ නිමිත්තක් ඊයේ රෑ මම දුටුවා. සෑමාගේ පොස්ට් එකෙක් හීනෙන් වගේ දැක ක්ලික් කලද කලින් කියවූ පොස්ටුවක් දකින්න තිබුණි. මා දකින්න උත්සාහ කලේ "නත්තල් සීයාට පාඩමක්" වැනි එකක්ය. ගිය විට එහෙම එකක් නොතිබුනේය. ඇත්තටම එහෙම පොස්ට් එකක් ලිව්වද සෑමෝ ?

    ReplyDelete
    Replies
    1. ඒක ගිය අවුරුද්දේ පෝස්ට් එක බං.. මේක අළුත් එක..

      මොකද නත්තල් දවසෙ බිව්වාද?

      Delete
  23. මදෑයි... මමත් ඉතින් කෑත හිතින් බෑන බෑන බෑලුවා....බෑලුවම හරි දුක හිතෙනවනේ....මාගේ සාතීශය සන්වේගය...

    ReplyDelete
    Replies
    1. හයියෝ.. සාතීශය සංවේගය කියන්න මිනී මැරුමක් වුනේ නැතෝ..

      Delete
  24. Mama eth beluwa 18+ dala neththe ey kiyala..adooow ubath mara athal thamai denne ban..siraawatama elama kiri..jaya wewaa...

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ.

      18+ දැම්මනම් උබට මේක බලන්න බැහැනේ :)

      Delete
  25. රවට්ටනවා කියලා ඔහොමත් රවට්ටනවද මිනිස්සුන්ව..අනේ මන්දා අපිත් කවදා හැදෙයිද කියලා..මේවට තවමත් රවටෙනවනේ..

    ReplyDelete
    Replies
    1. කිසිම රැවටිමක් නැහැ අප්පා.. මේක මගෙ ඇත්තම දුක..

      Delete
  26. මමනම් හිතුවෙ ටැබ්ලට් එකක් ගැන කියන්න යනව කියල. රජා වගේම සැමත් කියන්නෙ ....... කතාමනේ. ( මතකයිනෙ රජා එක පාරක් නංගිට අම්ම කැමති උනා කිව්ව )

    ReplyDelete
    Replies
    1. අපෝ නංගිගෙ කතාවට මාත් ඇන්දා බං..

      ජය වේවා.

      Delete
  27. මම නම් නත්තලට කලින් දවසෙ බූට් එක තිබ්බා... දැන් මම ඒ ඩී එස් එල්... ;)

    ReplyDelete
  28. නොදකින් වත් මාර අස්පට් එකේ ආවේ හිත හැදෙන්ට මොනව හරි කියලා යන්න .මේ ඩොංගල් ලව් එකක් ගැනනේ මේකා ලියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අඩේ ඉතිං හිත හදලා පලයන් අවතාර්.

      Delete
  29. හයියෝ මුල් ටිකේ නම් හොදටම මාට්ටු උනා..
    යහන්ගත වෙන හරියෙදි හිතා ගත්තා වෙන මගුලක් තමයි කියලා.. ඒ ගමන අන්තිම බැලුවා.. ෆොටෝ එක දැක්කා.. වැඩේ මාට්ටු..
    හි හි


    ReplyDelete
    Replies
    1. බණ්ඩා ආතල් කුඩු කරගෙන..

      Delete
  30. අදම ගනින් පැදුරක් නිදාගනින් බිම.එතකොට පොලු කැඩෙන්නෙත් නැ.බිම වැටෙන්නෙත් නැනේ.

    ReplyDelete
    Replies
    1. බෑ බං. ඇද තරම් සනීපයක් නැහැ පැදුර.

      Delete
  31. ඉස්සර වගේ අපිව තම්බන්න බෑ කියලා සෑමා දන්නේ නෑ වගේ. හිකිස් :)

    ReplyDelete
    Replies
    1. උඹල දැන් තැම්බිලා ඉවරයි මධුවෝ..

      Delete
  32. උබේ වැරැද්ද ඇයි ඕක ඇදට අරගෙන යන්න ගත්තේ...ඇදට අරගෙන ගියාම කැඩෙනවා තමයි බොල...;)

    ReplyDelete
  33. මම නම් දැන් තාගෙ කෝල්ම් පෝස්ට් වලට රැවටෙන්නෙ නෑ. ඉස්සෙල්ලා පතුල බලනවා. හිකිස්... හොඳ වැඩෙ... :)

    ReplyDelete
  34. හදිස්සි උනාම ඔහොම තමයි බන්.. හික්ස්

    ReplyDelete
  35. අඩේ මෙච්චරකල් සැම ට ඩොංගලයක් තිබිලා නැනේ.

    ReplyDelete
  36. ගැහුවට පස්සේ ගලවල දැම්මනම් ඉවරනේ..එහෙනං අදත් ගහන්න තිබුන...දැන් වෙන එකක් ගන්න වෙයි ගහන්න..

    ReplyDelete
  37. මුලින් හිතුනෙ පහුගියකාලෙ කාපු බූට් එකක් කියලා.. 2009 දැක්කම හිතුනා හපොයි මේ නත්තලේ ද කියලා.. අයියෝ සල්ලි..

    ReplyDelete
  38. උඹ කරන වැඩ වලට ඔහොම වෙලා මදි..

    ReplyDelete
  39. දැං ඉතිං උනුසුං උනත් ෆ්ලග් වෙන්නැති ආදරෙකට මාරු වෙයං හික්ස්

    ReplyDelete
  40. අවුරුදු 3ක් යහන්ගත වෙලා කැඩුනේ ඊයෙද.. හයියූ..

    ReplyDelete
  41. ආයේ යකඩින් කෝට් එකකුත් බස්සපන් වැඩි ආරක්ෂාවට!

    ReplyDelete
  42. අයියගේ එකත් එක්ක තාව කාලිකව යහන්ගත වෙන්න උණුසුම් වෙන්න පෙර ඉවත් වෙන්න.

    ReplyDelete
  43. යහන්ගත වනදේ කවදාහෝ කැඩෙන බවට සෑමා පාඩමක් ඉගෙනගන්නා ලදී.

    ReplyDelete
  44. මං හිතුවේ සෑමාගේ ඩෙක්ස්ටොප් කම්පියුටර් එකට කෙලවිලා කියලා.කමක් නෑ වෙනදා වගේම තෝ විසින් ජනතාව පෝලිමට අන්දා ඇත.

    ReplyDelete
  45. අපි දනී සැමා... මග යනකොට හිතුන මොකක් හරි හීං නූලෙන් කතාවක් කියල... ඔය ඇත්තටම හුරතල් වෙවී ඉන්න දැරිවි එක්ක එහෙම අමනාප වෙනව නෙවේ ඕං සැමෝ... :D

    ReplyDelete
  46. ඔව්වා යහන්ගත කරන්න ගිහින් යහන්ගත වෙන්න ඉන්න එක්කෙනා මොනා කියයිද මන්දා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...