සියළු සංවිධාන සංගම් පාරට බහින්නෝය. ඒ උන්ට එක එක ඉල්ලීම් දිනා ගැනීමටය. ඒත් අහිංසක අපේ එවුන්ට, එනම් ස්ක්‍රීන් එකක් ඉස්සරහට වී යුනිකෝඩ් වලින් බ්ලොග් ලියන අපේ උන්ට පාරට බැසීමට කිසියම් හේතුවක් තිබේදැයි ඔළුවේ අතගසාගෙන කල්පනා කළ යුතු තැනට අප දැන් පත්ව සිටින්නේය. මේ පිළිබද ගැඹුරින් කල්පනා කරද්දී, සිතුවිලි එකින් එක වැල නොකැඩී ගලා එන බව කිව යුතුය. ඒ නම් මෙසේය.
නොදන්නා කෙනෙක්, දන්නා නමකින්, බ්ලොගක් හරහා එකිනෙකාට සමීප වෙද්දී එවන් බ්ලොගක් පිටුපස සිටිනා මනුස්සයා කවුදැයි දැන ගැනීමට අපට කුතුහලයක් උපදින්නේය. ඉතින් එවන් කුතුහලයක් ඇති කරගෙන ගෙදරට වී කල්පනා කරනවාට වඩා අප පැරට බැසිය යුතුය.
සමහර විටක බ්ලොග්කරුවන් කිහිප දෙනෙක් එකිනෙකා හදුනනවා ඇතිය. ඔවුන් ගියවර සයිබර් උලෙලේදී හමුවී තිබෙන්නට පුළුවන. ඒත් නැවත හමූවී මිත්‍රත්වය වැඩි දියුනු කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකිය. එසේනම් තවත් කල් නොමරා සියළු බ්ලොග් කරුවන් පාරට බැසිය යුතුය.
බොහෝවිට ඔබේ බ්ලොගට නොවරදවාම එන තවත් බ්ලොග්කරුවෙක් සිටිය හැකිය. ඔබේ බ්ලොගේ සාර්ථකත්වය වෙනුවෙන් නිතර උපදෙස් දී ඔබට සපෝට් කරනවා ඇතිය. නැතිනම් ඔබ ඔහුගේ ඇයගේ බ්ලොගට ගොස් නිරන්තරව කමෙන්ට් කරනවා ඇතිය. එකිනෙකාට අදහස් හුවමාරු කරගන්නවා විය හැකිය. එහෙත් තිරයෙන් පිටුපසට වී, සාමාන්‍ය ජීවිතයේදී හමු නොවී උදව් උපකාර කරන මිතුරා දැක ගැනීමට ඔබ උනන්දු විය යුතුය. එසේ නම් ඔබ ඇතුළු සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතුය.
ඹබ කොළඹ, ගාල්ල, නුවර, ගම්පහ හෝ මොනයම් පැත්තකට වී බ්ලොගක් ලියනවා විය හැකිය. ඒ අතර ඔබ කැමතිම තවත් බ්ලොගක් ඔබේ පැත්තේම සිට කිසිවෙකු විසින් ලියනවා විය හැකිය. එහෙත් ඔබ ඒ බ්ලොග්කරුවා හෝ බ්ලොග්කාරිනිය නොදන්නවා විය හැකිය. එසේ වෙනවා නම් එය ඔබටත් ඔබේ ගමට/නගරයටත් නින්දාවක් වන්නේමය. තමන්ගේ ගමේ එකාගේ බ්ලොග ඔබ නොදැන සිටීම ඔබට කෙරෙන නින්දාවක් නොවන්නේද? එසේනම් ඔබ, ඇතුළු සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතුය.
විටක ඔබ තනිකඩ වන්නට පිළිවන, නැතිනම් පෙම්වතා, හෝ පෙම්වතිය ඔබව හැර ගොස් බොහෝ කල් වන්නට පුලුවන. නැවත නොයිදුල්, නොකැලැල්, අවංක පෙමක් බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකිය. එසේ නම් ඔබ කියවන බ්ලොග්වල සිටින අවංක පෙම්වතුන්, පෙම්වතියන්, කාත් කවුරුත් නැති අවංක ආදරවන්තයන්, ආදරවන්තියන් හමුවී එම බන්ධනය විවාහයක් දක්වා දුර ගෙනයාමට ඔබට අවස්ථවක් ලබා ගත හැකිය. ඒ සදහා ඔබ ගෙදරටවී සිට වැඩක් නැත්තේමය. එසේනම් සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතුය.
සෑමාගේ ආච්චී සහ සීයා ලව් කරන කාලේ ඔවුන්ගේ දෙමාපියන් ඒ කටයුත්තට විරුද්ධ වූ බව කිව යුතුය. සෑමාට ඒ මතක් වෙද්දී පවා දුක හිතෙන්නේය. ඒ කාලේ එකම ඉඩමක ගෙවල් දෙකක අසල්වාසින් ලෙස ඔවුන් සිටියෝය. එහෙත් දෙපැත්තේම දෙමාපිය මැදිහත් වීමෙන් දෙදෙනාගේ පෙම්හබයට බාධා මතුවූවේය. එසේ තිබියදී ඉඩම මැදින් දෙදෙනාට හමුවීමට නොහැකි වන සේ විශාල වැටමාර ගස් පෙලක් හිටවූයේ දෙමාපියන් විසින්ය. ආච්චී සහ සීයා විවිධ උපක්‍රම යෙදුවේ තමන්ගේ සම්බන්ධය නොකැඩී තබා ගැනීමටය. සීයා දිනපතා උදේ සවස එහා පැත්තේ සිට වැටමාර ගස්පෙලට මුත්‍රා කළේද ඒ නිසාමය. එවිට වැට මාර ගස් විනශ වී දෙදෙනාට හමුවීමට හිඩැසක් හදා ගැනීමටය. එහෙත් එම යූරියා මිශ්‍රනයේම උදව්වෙන් වැටමාර ගස් සරුසාරෙට වැඩෙන්නට වූයෙන් එම ක්‍රමය අසාර්ථක වූයේය.
සියල්ල අත්හල සීයා ආච්චී වෙනුවෙන් බ්ලොගක් ලිව්වේය. කිසිවෙකුත් කියවන්නට නොපැමිණි ඒ බ්ලොගට, දෙවන තුන්වන පෝස්ටුවේ සිට කමෙන්ට් වැටෙන්නට පටන් ගත්තේය. සීයා තවත් උද්යෝගයෙන් තමන්ගේ දුක්ඛිත ආදර කතාව අකුරු කළේය. ඒ අතර නොවැරදී හැමදාම බ්ලොගට එන බ්ලොග්කාරිනියකගේ කමෙන්ට් සීයාට දැක ගන්නට හැකි වුයේය. එම ලින්ක් එක ඔස්සේ ඇගේ බ්ලොග සොයා ගත් සීයාට දොලොව රත් වුයේය. තමන්ගේ බ්ලොග් පෝස්ටු ඇය හොරකම් කර ඇති බවට සීයාට තද වූයේය. වහාම ඇයට විරුද්ධව පියවර ගත්තේය. නමුත් ඇය කීවේ තමන් කොපි නොකල බවක්ය. කරුණු එකින් එක විමසද්දී දෙදෙනාට වැටහී ගියේ දෙදෙනාගේම කතාව එකක් බවය. එනම් දෙපැත්තට වී එකම කතාව ලියා ඇත්තේ සීයා සහ ආච්චීය.
ඔබටත් මෙවන් අත්දැකීම් සෙට් වෙනවා නියතය. එසේනම් ඔබ නොදුටු මිතුරන් දැක ගැනීමට, ඔවුන් දැක හදුනා ගැනීමට, සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතුය. පාරට බැස එකම දිශාවකට ගමන් කළ යුතුය.
එසේනම් සූදානම් වන්න, සියළු බ්ලොග්කරුවන් ගම්පහ ප්‍ර දේශයට එකතුවන දින වැඩි ඈතක නොවේය. එය බොහෝ විට ජනවාරි පළමු හෝ දෙවන සතියේ විය හැකිය. වෙනසක් නැතිව අපි සයිබරයේ ලබන වින්දනය, ගම්පහදී ලබා ගනිමු. වැඩි විස්තර ලගදීම..
ස්තුතී !
සැමට ජය !
Written by sAm ශ්‍රී Perera 9:03am_13/12/12
වැඩේ ස්ථිරයි.. ඔන්න 2013 වසරේ ජනවාරි 27 ඉරිදා, ගම්පහ හෙනරත්ගොඩ නොහොත් මල්වත්තේදි හමුවෙමු...
වැඩේ ස්ථිරයි.. ඔන්න 2013 වසරේ ජනවාරි 27 ඉරිදා, ගම්පහ හෙනරත්ගොඩ නොහොත් මල්වත්තේදි හමුවෙමු...
පිං කැමැත්තෝ, සැප කැමැත්තෝ මේ ලින්කුවෙන් රෙජිස්ටර් වේවා..... මෙතන කොටන්න
මේ පාරවත් පොල්ලක් නොතියා එන්න බලන්න ඕනේ සෑමෝ
ReplyDeleteමම කොහෙද බොල පොලු තිබ්බේ/??
Deleteමම ගැන සෑමෝ කිව්වේ
Delete///ඔබ තනිකඩ වන්නට පිළිවන, නැතිනම් පෙම්වතා, හෝ පෙම්වතිය ඔබව හැර ගොස් බොහෝ කල් වන්නට පුලුවන. නැවත නොයිදුල්, නොකැලැල්, අවංක පෙමක් බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකිය////
Deleteහොඳ හේතුවක්දුන්න නේද .......... අපි එනෝ...............
පළමුවෙනි වෙඩි මුරය සැම් ගෙන් ... එල ජය වේවා ...
ReplyDeleteහැම වෙඩිමුරයකටම සහය අවශ්‍යයි :)
Deleteජයම වේවා !
වෙඩිතියාගන්න තැං වලට යනවට මහඇදුරුතුමා කැමති නැහැ.
Deleteහපොයි ඒකත් එහෙමද?
Deleteබ්ලොග් ලියන එකත් නවත්තන්න වෙයි කවි...
මූ ඒපාර අපිව පාරට ඇදල දානව....බහිමු බහිමු... :P
ReplyDeleteසැට් වෙලා එලියට බහිමු බං
Deleteවරෙන් හොදේ !
බලන්න ගියාද? මම දන්නෙවත් නෑ. උඹලාව කොටියාම කාපිය. ගෙම්බා.
ReplyDeleteබලන්න ගියෙ නැහැ ගෙම්බී. හෙට තමා..
Deleteහි හි..
ReplyDeleteමේකිනං එන්නේ නෑ. ෂුවර්.
Deleteකෝම හරි ගෙන්න ගමු !
Deleteපාරේ තමයි බොල දැනුත් ඉන්නේ. ආයේ කොහේ යන්නද?
ReplyDeleteඑහෙනම් අනිවා එනව නේ..
Deleteබලපං මුන් පාරෙ ඉදන් බ්ලොග් කියවන්නේ.
අලේ...ඒ කියන්නෙ කස්ටිය ගම්පහදී සෙට් වෙන්නයි යන්නෙ...
ReplyDeleteළිහිණි එනව නේද
Deleteෂොට් එකටම වරෙල්ලා..
Deleteඋඹ කියන එක පට්ට ඇත්ත සෑමෝ... මටත් අල්ලපු වැටේ ඉන්න බ්ලොග් කාරයෙක්ව හම්බුනානෙ බ්ලොග් එකෙන්ම...
ReplyDeleteබලමුකො එහෙනම් පාරට බැහැලා...
ඒකනේ කියන්නේ.
Deleteඅනිවාර්යෙන් වරෙන් සෙන්නා...
බැහැපිය @#$@#$ පාරට. යකෝ මෙච්චර මේ දඟලන්නේ කෑල්ලක් දාගන්නනේ. කෑලි ටිකත් ඔක්කොම වරෙව්. හිරුවා එහෙම නාවට කමක් නෑ. වෙකන්සි නෑනේ. හි හි
ReplyDelete..................................
සැමෝ මචෝ, ඇත්තටම හොඳ වැඩක්. ට්‍රයි එකක් දෙනවා එන්න.
හිටපියකෝ... එන්නෙම නෑ...
Deleteයකෝ මේක මාර සින් එකක්නේ. හැම එකාම හිරුවා එනකල් බලං ඉන්නේ?? වෙන කෙල්ලො නැතුවද :ඩී
Deleteඇත්තට වරෙන් හිරුවෝ !
...//හැම එකාම හිරුවා එනකල් බලං ඉන්නේ?? වෙන කෙල්ලො නැතුවද :ඩී//....
Deleteසැමාට මඥන්. මේ පේලිය දැකලා නැද්ද කොහෙද?
....//හිරුවා එහෙම නාවට කමක් නෑ. වෙකන්සි නෑනේ.//...
අපි බලන් ඉඳියි ඕකි එනකන්. හුහ්!
උඹලගෙ හැටි මම නොදන්නවද බං?
Deleteඋබල එන්න එපා කියන්නේ එන්න ඕනෙම කස්ටියට නේ :පී
වේකන්සි තියෙන කෙල්ලො වරෙව්... අහිංසක අපි ලබන වසරේදිවත් මංගල කේක් ගෙඩියක් කපන්න...
Deleteසිරාවට?
Deleteආයෙත් කට්ටිය හමුවෙන්න පුලුවන් එහෙනම්
ReplyDeleteඅනිවාර්්‍යෙයන් ! එදා වගේ කඹ අදිමු :)))
Deleteඑහෙනම් ලගදීම කට්ටිය සෙට් වෙනවා...එල
ReplyDeleteඅනිවා සංජා.. සැට් වෙමු !
Delete// සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතු කාලයයි මේ... //
ReplyDeleteඔබ කිසිවෙක් කරදර විය යුතු නැත, මේ ආණ්ඩුව තව නොබෝ දිනකින්ම ඔබ සියළු දෙනා පාරට බස්සනු නියතය.
සෑමාගේ ආච්චී සහ සීයාගෙ ලව් එක මරුය, ටැමිල් ෆිල්ම් එකක් වගේය.
[අපිට බ්ලොග් නැත, බ්ලොග්කරුවන්ගේ කුලකයට අපි ඇතුලත් වන්නේ නැතැයි හැඟේ. :( ]
එහෙම වෙන් කිරීමක් නැත්තේය. ලියන එකා වගේම කියවන උන්ද (ඇනෝලා ඇතුළුව) උක්ත කුලකයට ගැනෙන්නේය..!
Deleteකකාගෙ බ්ලොගේ ඇනෝලත් එනවද, බඩුම තමා !
Deleteඑහෙනං එක්කාසුවක් නෙවෙයි ගුටි කෙලියක් වෙන්නේ ;)
Delete//කකාගෙ බ්ලොගේ ඇනෝලත් එනවද, බඩුම තමා//
Deleteඑහෙනං මං අනිවා එනවා (වැටමාර පොල්ලකුත් කඩාගන)
@DDT - බ්ලොග් නැති වුනත් බ්ලොග් බලන, සයිබරේ ඉන්න අය එන එක ලොකු දෙයක්.
Deleteඅම්මේ ඒ ඇනෝලා නම් බයානකයි බං !!
අපි සැමදා මහපාරේ:P
ReplyDeleteදැන් ඉන්නෙත් ගම්පහ.. මාත් එනෝ:)
එහෙනම් සැට් වෙමු..
Deleteඑලය.සෑමාගේ සීයා සහ ආච්චිවත් අනිවා එන්න ඕනි.
ReplyDeleteඅපට බ්ලොග් නැත්තේය.ඉතින් අපිට එන්න ඇහැකිදෝ?
බ්ලොග් අවශ්‍ය නැත. උබල හැමාදාම යන එන උදවියනේ.. වරෙන් සැට් වෙමු
Deleteහත් ඉලව්වයි. තොප්පි හැටයි කිව්වලු මොකක්ද බන් සෑමෝ ඒ හරුපේ? සීයා බ්ලොග් ලිව්වද මට එන්න බැරි උනා නොවෑ එන්න ඕනේ බලන්න.
ReplyDeleteකෝරලේ වලව්ව
එන එකයි ඇත්තේ අපේ ගෙට්ටුගෙදර් එකට.. :)
Deleteඅපරාදෙ බං... මාත් ගම්පහ ඉන්න තිබ්බ කොල්ලෙක්....
ReplyDeleteගම්පහ විතරක් නෙවේ. රට පුරාම කස්ටිය එනවා..
Deleteඇත්ත තමයි සැමො. මම නම් බ්ලොග් ලියන කිසිම කෙනෙක්ව මුනගැහිලා කතාකරලා නෑ මම හිතන්නේ මාවත් බ්ලොග් ලියන කවුරුත් හම්බවෙලා නෑ.
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
මාත් එහෙමයි.බ්ලොග් ලියන කවුරුවත් ඇහැට දැකලා නෑනේ. පරණ යාළුවෝ බ්ලොග් අවකාශේ හිටියට මොකද ඒ අයවවත් හැබැ ලෝකේදි හම්බවෙන්නේ නෑ. ලෝකේ හැටි...!
Deleteහරි ඉතින් එන්නකෝ ගෙට්ටුගෙදර් එකට !
Deleteමගේ උණුසුම් සුභ පැතුම් සැමෝ.. යේ.. ජය වේවා.. ආයෙම කස්ටිය සෙට් වෙන්න යන්නේ... හුරේ..
ReplyDeleteඅඩෝ සතියකට දෙකකට කලින් වත් කියපං හොදේ.. නිවාඩු දාන්න එහෙම ඕනිනේ.. ;)
කරන්න යන වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. ඕනි උදව්වක් කියපං මචෝ..
හරි මචං. ටච් එකේ හිටු !
Deleteවැඩිම බ්ලොග් කාරයෝ ඉන්නෙත් ගම්පහ මම හිතන්නෙ....කාටත් ලේසියි-පහසුයි. සෙනසුරාදා දවසක් දාගත්තොත් වඩාත් හොදයි....
ReplyDeleteඔව් සුමියා. බහුතරයකගේ සහභාගිත්ව බලාපොරොත්තු වෙනවා !
Deleteබ්ලොග් ලීන ලස්සන ගෑල්ලමයි එහෙම ඉන්නවනං එන්න හම්බෙන්න...
ReplyDeleteඅයිං හියර්....
ලස්සන නැති උංටනං කියන්න තියෙන්නේ මට වෙලාවක් නෑ මං හරි බිසී...
--තරියා--
අපෝ පව් බං එහෙම කරන්න එපා.. :)
Deleteබහිමු බහිමු.
ReplyDeleteඑල !
Deleteබොරු පොරොන්දු නොදෙමි. අම්මා අවසර දුන්නොත් එමි....
ReplyDeleteස්තුති බට්ටි කෝම හරි එන්න බලන්න..
Deleteහොඳ අදහසක් අයියේ.. ඒ උනාට ඉතින් ...... මේ මේ අපි කොහෙන්ද සෙට් වෙන්නෙ. කොලඹ නම් ඉතින් අපිට දුර වැඩී.. මොනා උනත් අඳුන ගන්න නම් කැමතියි. එල ඒල ... හොඳ අදහසක්.
ReplyDeleteපුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
උඹ තබ්බෝවටම වෙලා වැවේ මාළු අල්ලාගෙන හිටපන් :P
Deleteයකෝ රෙපා එන්නේ.. කොච්චර දුර වුනත් වරෙල්ලා.. රෙපාව ආදර්ශෙට ගනිල්ලා..
Deleteආයේ අමුතුවෙන් කියලා බහින්න දෙයක් නැ නෙවැ පාරට....අපිත් ඔං එහෙනම් ඈ..
ReplyDeleteඑකෙන්ම.. එච්චරයි වෙන්නෝනි...
Deleteබ්ලොග් කාරයො පාරට බස්සන්න මේ ගම්පහ... ඕවට නම් එන්න එපා පුතෝ... එල්ලනව හරි...
ReplyDeleteආ මේ සුහඳ හමුවක් නේද?... අවුලක් නෑ... ෂේප්.. :)
සාතනුත් එනවාදෑ ?
Deleteසාතන් හා මධුරංග ගම්පහ දිස්තිරික්කේ නොවැ. පිටින් එන අයට සලකන්නෝනි ඕං !
Deleteඅදනං පාරට බහින්න වෙන්නේ නැහැ සෑමෝ..අද වැඩ පොලේ ඉන්නේ.. හෙට උදේට ෂුවර් එකටම පාරට බහින්නං... කොහොමත් ගෙදර යන්න පාරට බහින්නම එපෑ...
ReplyDeleteඅඩේ මාරයියා.. ඔන්න ගම්පහ ගෙවල් ලගටම වැඩේ ගෙනෙල්ලා තියෙන්නේ...
Deleteඑන්නෝනි හරිය ?
එල කිරි සෑම් අයියේ . මේ අර උඹේ සීයයි ආච්චියි ලිව්වයි කියපු බ්ලොග් දෙකේ ලින්කු දෙක දීහන්කෝ තරහ නැතුව
ReplyDeleteඒ දෙන්නවත් අරන් එනවා. එදාට බලා ගනින් පැතුමෝ.
Deleteහප්පොච්චි තාත්තේ ගම්මහද තියෙන්නෙ.??... කමක් නෑ... මූණු ටික බලාගන්නත් ඕනි..
ReplyDelete*ගම්පහ
Deleteඑක දවසක් බ්ලොග් අවකාශය වෙනුවෙන් දුර ගැන නොහිතා එන්ටෝ...
Deleteමමත් පාරට බහින්න ඉන්නේ :ඩි
ReplyDeleteඇත්ත..ද ංආ.....? එහෙනම් දැම්මම බැස්සොත් හොදයි....:P
Deleteඑදාටවත් වේලාසනින් එන්න පුළුවන් වෙයි..
Deleteහිකිස්.. මුළු ලෝකෙම දන්වද කොහෙද වර්ණාගේ කාල රාමුව :)
Deleteකෙල්ලන් 4කට රාජගිරියේ සිට ගම්පහ යෑමට සහ ඒමට පහසුකම් ඇත
Deletemawa geniyanna kawikaara nande :)
Deleteවර්ණා emailkavikaari@gmail.com එකට මේලක් දාන්න ටෙලිෆෝන් අංකය එක්ක. දෙසැම්බර් 31 වෙනකොට කෙල්ලො 4ක් නැතිනම් කොල්ලන්ට ඉඩතියේවි.
Deleteකෙල්ලෝ තුනයි සෑමායි අරන් යන්න බැරිද?
Deleteපවුල් පිටින් එන අයටත් ඉඩ දෙමු සෑමා. ඔයාගෙ ආච්චියි සීයයි ගෙනියන්නෙ කවුද එතකොට?
Deleteකාලෙකට ඉහත බ්ලොග් ලිව්ව හන්දා මටත් එතෑකි. එල එල සෙට් වෙමු !!
ReplyDeleteඅඩේ කිව්වත් වගේ පාරට බහින්න වෙලාව හරි. දැන් වෙලාව 4.45යි. පහට ඕෆ් වෙන්නත් ඕන.
උබ පැය කාලකට කලන් ඕෆ් වෙන්න ලැස්ති වෙනවද බං? රජයේ සේවකයෙක්ද දැන්??
Deleteකලකට ඉහත උබත් බ්ලොගක් ලිව්ව තමා
නැතුව නැතුව. කොණඩේ පීරගෙන චූ පාරක් දාලා ෂර්ට් එක යට කරගෙන එනකොට වෙලාව ගානට සැට් වෙනවා. ඊට පස්සේ පාරට පහිනවා.
Deleteකෝමද ගැල්ලමයි ලැස්තිවෙන ලැස්ති වීම :)
Delete"BLOG" leyana nati "BLOG" kiywana, Comment dana "BLOG" walata adarya karna api wage ayta mokada wena?
ReplyDeleteJayawewa
ඔය වගේ අය පැමිනිම අපිටත් සතුටක් බොල. විකාර නැතුව වර !
Deleteමටත් බ්ලොග් එකක් නෑනේ . කවුරුත් අදුරන්නෙත් නෑනේ .ඉතින් මන් මොකද කරන්නේ .දුක තමා
ReplyDeleteදුක තුනි වෙන්න එදාට එන්න..
Deleteපාරට බහින්නනම් පුළුවන්. ඒත් තියෙන ලොකුම බය කදුළු ගෑස් නාන්න තමා....
ReplyDeleteගෑස් නොගහා රබර් බුලට් පාරවල් විතරයි ලැබෙන්නේ. ගෑස් ගනන්ලු බං.
Deleteඑදාට සැට් වෙමු. හොදේ
මේ හිරුවා මගේ අසල් වැසියා. වර වර කඳුළු ගෑස් කන්න හරි වර
Deleteහැමෝම එකතුවෙමු ඉතා වටින දෙයක්නේ මේ. දැනට බ්ලොග් ලියන්නන්ගෙන් මා හමුවී ඇත්තේ ඩූඩ් පමණි. මාරයා හොයාගන ගියත් සොයාගත නොහැකිවිය.
ReplyDeleteහෙන්රියා නම් අල්ල ගත්ත එක ලොකු දෙයක්. මාරයා නම් හොයාගෙන යන්න එපා නලින්. හරි භයානකයි.
Deleteඑදාට එකතු වෙමු හැමෝම. :)
සැමා, හත් මාසෙන් ඉපදිල ඒ මාස තුන වයසෙන් අඩු කරල ගනන් හැදුවත් සීයට 50ට වැඩි වෙන්න ඕන නෙහ්.
ReplyDeleteමේකා තව ටිකකින් කියයි සීය ආච්චිට ලව් කරනකොට සහයට ඩැනී උනේ මමයි කියල.
කතාව නම් පස්ටය,
ගම්පහ නම් හීනයක්ය.(මට)
ඇයි බං උබ කොහද ඉන්නේ?
Deleteසීයගෙයි අච්චිගෙයි බ්ලොග් වල ලින්ක් 1 දාපන් අපිටත් බලන්න..
ReplyDeleteඒව එකස්පයර් බං දැන්
Deleteඅපිට exm.. :( :(
ReplyDeleteදවසවත් නොදැන මෙන්න මෙයාට ඇක්සෑම් ලු.
Deleteඇයි බන් ඔයා කිව්වේ ජනවාරි පලවෙනි හරි දෙවෙනි හරි සතියේ කියලා :/
Deleteඔන්න දැන් ඔයාටත් එන්න පුලුවන්. වැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !
Deleteබ්ලොග් දුකීන් පෙළෙන උන්...
ReplyDeleteදැං ඉතීං නැගිටියව්..
අන්තිමා සටනටා සැරසියව්.........
ජය වේවා.
Deleteමෙව්ව තියේනම් අපිත් එනව..!
ReplyDeleteගම්පහ දුර වැඩී බං ..අපි දකුනෙනෙ....කොලඹකිට්‍ටුවට ගම්මු.
කොළඹ ගම්පහ මහ දුරක් නැහැ බං.
Deleteකෝච්චියේ එන්න පුලුවං නේ
එල එල...කාගේද මේ බලවේගේ......
ReplyDeleteදැම්ම මෙව්වා ටිකකුත්පුරුදු වෙන්නද... ;)
නැතුව නැතුව..
Deleteඒකත් එහෙමයිලු නේ වෙන්නේ! ගම්පහ පැත්තේ වැඩකුත් තිබුනා..බලමුකෝ නේ ;) එළ! එළ!
ReplyDeleteගැල්ලමයෙක් බලන්න තියෙනවා නේද ඒ පැත්තේ??
Deleteගම්පහ කියල නේද කිවුවෙ? පිස්සු හැදෙයි... මම බැහැල සප් එක දෙනවා එහෙනම්, ගමේ වැඩ වලට ගමේ උන් බහින්නේ නැතුව කවුරු බහින්නද?
ReplyDeleteමචං ගම්පහ නම් මට බුකියේ මැසේජ් එකක් දාල තියපං. සපෝට් එකක් ඕනේ.
Deleteනැටුම් තෙල් තියෙයි.....?
ReplyDeleteඅපෝ නැහැ.
Deleteසද්ද කරන්න එපා බං
උගුර තෙමා ගන්නවත් චුට්ටක් නැද්ද ?
Deleteකවදා ඉඳලද බොල අඩිය ගහන්න පුරුඳුූනේ . . .
Deleteගම්පහ ! හ්ම් ................. :(
ReplyDeleteඑච්චර දුරක නෙවේ නේද රෙහානි?
Deleteහිත ඇත්නම් පත කුඩාද නංගි...ඔන්න ඔහෙ ඇවිල්ලා යන්න එන්න...
Deleteඅපි නම් ඉතින් කොහොමත් පාරෙනේ බන්. ජය වේවා :)
ReplyDeleteඑකෙන්ම !
Delete;)
ReplyDeleteඋඹලගෙ දිස්ත්‍රික්කෙ නේද? පලයන් .. පලයන් ... ගිහින් උදව්වක් කරපන් වැඩේට ලැහැස්ති වෙන්න.
Deleteෂුවර් නැහැ ඒ වුනාට අයියා
Deleteනිශාන් ගෙ බොඩිය බලන්න ඉන්නෙ. කොහොමහරි එන්න
Deleteමගේ බොඩිය නැන්දට මීටර් වගේ :)
Deleteසේරම පාරට බහින එකේ අපිත් බහිමු
ReplyDeleteඅනිවා එන්න තියෙන්නෙ අවතාර් !!
Deleteමේ අවුරුද්දෙත් හුල්ලමින් ෆොටෝ හා පොස්ට් දිහා බලා සිටිමි..
ReplyDeleteඔන්න ඔහෙ වරෙන් බං
Deleteඑහෙනම් කට්ටියම පාරට බහින්නයි හදන්නේ එහනම්?
ReplyDeleteවැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !
Deleteඑමු හොදේ !!
යා යා දැන්ම ප්ලෑනක් ක්‍රියාවට නංවමින්. මෙහෙයුම සාර්ථක නම් අනිවා එදාට එනවා
Deleteමරු අදහස එකනම්...
ReplyDeleteදසුනා එදාට එන්නෝනි
Deleteඔන්න පළවෙනි වෙඩිමුරය පත්ත කොරලා. සැමයි, සිරයි (මං දන්න විදියට) බ්ලොග් ජනවාරි ගෙට්ටුව මේ සැරේ ගම්පහට ගේන්නයි හදන්නේ. හැම කෙනෙක්වම එදාට ගම්පහදි දකින්න බලාපොරොත්තු වෙනවා. ඔන්න අපි නම් දැම්මම ලෑස්තියි හොදේ...ජය...!
ReplyDeleteස්තුති සභාපතිතුමා
Deleteඔන්න අපි හෙට යනවා ස්පොට් එක බලන්න..
අත්දැකීමුත් තියෙන එකේ ඔන්න මමත් පාරටම බහිනවා ඈ!!!!
ReplyDeleteනාඩියට එන එකයි ඇත්තේ
Deleteඅඩේ මගේ කමෙන්ට් එක නෑනේ.....
ReplyDelete(තරියා)
ස්පෑම් වෙලා තිබිල දැම්ම ඕං
Deleteඔන්න එක්කෝ බහිමු නෙහැ , කම්මලි මේ දවස් ටිකේ , :D
ReplyDeleteලබන මාසෙ කම්මැලි නැහැනේ. එදාට තමා එන්න තියෙන්නේ.
Deleteඅනිවා එන්න.
නියමයි සෑම් අයියා අපිත් ගම්පහ තමයි... එල උදව් ඕනේ නම් කියන්න
ReplyDeleteසපෝට් එකක් දියන දිලාන්. මට බුකියෙන් මැසේජ් එකක් දාපං.
Deletemamath gamapha aiye support dennam apith :)
Deleteස්තුති අනු මට මේල් එකක් දාන්න..
Deletetosamindika@gmail.com
ඔය වැඩේට මම නාකි වැඩියි කියලයි හිතන්නේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
පිස්සු හැදෙයි. වයස් භේද නොමැත. දැක්කෙ නැද්ද අපෙ සීයා, ආච්චි ගැන කතාව??
Deleteඑදාට එන්න විචාරක..
සැහ්......... සිරාවට අපේ පොඩි එවුන්ටත් මේ වගේ කතා තියේවි නේ අපි ගැන කියන්න [අල්ලපු ගෙදර නගාටත් බ්ලොග් ලියන්න කියලදෙන්න සිතමින් :p]
ReplyDeleteඑදා වගේ වරෙන් මචං.. මම වාහනේ ස්ටාට් කරන්නම් ;)
Deleteඇෆ්ඵට සිරි.. සැමා වෙඩි මුරය තියලා. වගේ... බලමුකෝ.. අපිත් සැට් වෙන්න... ගම්පහ නෙහ් ..දන්නෙත් නැහැ අෆ්ෆා ඔය පැත්ත :/
ReplyDeleteවැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !
Deleteඑමු හොදේ !!
ගම්පහ :) :) :) :) මේ පාර නම මම එනවා,අපේ පැත්තේ තිබුනම නෑවිත් බෑනේ.පිලිකුත්තුවෙනුත් සපෝර්ට් දෙන්නම් අයියේ
ReplyDeleteමට මේල් එකක් දාන්නෝ
Deleteපිලිකුත්තුව කිවුවේ අපේ අල්ලපු වැටේ තියන එකද දන්නේ නෑ... :)
Deleteවෙදික්කාරය කොහෙද ? බුත්පිටියේද?නැත්තම් යක්කල පැත්තේද?
Deleteඅනේ මටත් එන්න තිබුනනම්...ම්..බලමු බලමු...ඔන්න සෑමෝ මම දැනට May Be හොදේ...හී..හී..මේ සැට් වෙන දවස් කළින් කිව්ව නම් වෙන ඇපොයින්මන්ට් දාගන්නේ නැතිව ඉන්න පුළුවනි...හිකිස්..
ReplyDeleteවැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !
Deleteඑමු හොදේ !!
වැඩ නිසා ෆට්ට කාලෙකින් මේ පැත්තට අවේ බොලේ.. මොකක්ද බන් මේ නමේ මැදට "ශ්‍රී" කෑල්ලක් දාගෙන අහ්...?
ReplyDeleteශ්‍රීමන්ත නොවැ මම
Deleteගම්පහ තියෙනවා කියන්නෙ ඉතිං අපි බොක්කෙන්ම සප් එක දෙන්න ඕනෙ වැඩක් නොවැ... මම අද හවසට ටවුමට යනවා හොද සද්දෙ තියෙන බට්ටො වැලක් දෙකක් ගන්න...
ReplyDeleteසැට් එකම පේලියට පේවෙලා එන්න ඕනෙ එහෙනම් එදාට...
ඔන්න මචං අපි අද බුක් කලා..
Deleteඋබ කෑම සින් එක බැලුවද?
කට්ටියට හොදම හෝටලේකින් කවන්න තමයි මේ අහිංසක වෑයම...
Deleteඑමි........!
ReplyDeleteදරුමල්ලෝ උස්සන් වරෙ !
Deleteජනවාරි 17ට ඉස්සෙල්ලා දමා ගත්තොත් හමු වන දිනේ...මන් එනවා...ඊට පස්සෙ නම් ඉතින්...පොඩ්ඩක් සොරි වෙයිද මන්දා ????
ReplyDeleteඅයියෝ වෙනි අයියා.. අද ග්‍රවුන්ඩ් බුක් කළා.
Deleteවැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !
කෝම හරි එමු හොදේ !!
වෙනී මාමා පික්සු නම් කෙලින්න එපා ඔන්න...අපිට තද වෙනවා අරිද ?
Deleteකොහොම හරි නිවඩුවක් පටලෝ ගන්න පුලුවන් උනොත් ෂුවර් එනවා . . .
ReplyDeleteවැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !
Deleteඑමු හොදේ !!
ගම්පහ මල් වත්තේ දි ??? එදාටත් වෙනදා වගේ විසිල් ගහයිද මන්දා :O
Deleteආ.. මේ කියන්නේ ගම්පහ ඒරියා එකේ නම් අස්ගිරිය මල්වත්ත තැනත් නරක නැ.
ReplyDeleteවැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !
Deleteඑමු හොදේ !!
This comment has been removed by the author.
Deleteහෙනරත්ගොඩද???
ReplyDeleteඅන්න හරි නැන්දෙ...එතැන ලව් කොරන ජෝඩු ගොඩායි...
Deleteනැන්දා නොදන්නවා වෙන්ට බැරි නැහැ !
Deleteමමත් වෙස් වලාගෙන එන්න ඉන්නේ හික්..හික්...
ReplyDeleteවරෙන් වරෙන් වෙස්වලාගෙන හරි !
Deleteඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
ReplyDeletehttp://sinhapedia.blogspot.com/
මොනාද බං ලැජ්ජ නැතුව ඇඩ් දාන්නේ ??
Deleteකියවත්දී මට හිතුනා සෑමා නිලධාරි මණ්ඩලේට සෙට් වෙලා කියල. D. බෙල්ල කඩන හරි එනවා සෑමෝ. උඹල අපි ගිය පාර හම්බුනාට තව වෙස්මුනු දෙකක් තුනක් තියෙනවා ගලවන්න. D.
ReplyDeleteවෙන එවුන්ගේ වෙස්මුහුනු ගලවන්න ගිහින් උන් උබේ රෙදි ගලවයි සුදීකයෝ..
Deleteඅනිවා එන්න !!
හි හි නියමයි නියමයි :)
ReplyDeleteනියමයි නෙවේ යකෝ එනවා කීපිය !
Deleteමැරුම් නොකා වරෙන් නංගි....
Deleteපව් අලේ පොඩි එකා.!
Deleteම්ම්ම්.... මට නම් එන්න බැරි වේවි... ඒත් ඔයාලගේ වැඩේට සුභ පතනවා.... මේ වැඩෙන් පස්සේ කට්ටියවම ෆොටෝ වලින්වත් බලා ගන්න බැරියැ.....
ReplyDeleteමේල් ඇඩ්‍රස් එක දුන්නොත් ෆොටෝ ටිකක් මේල් කරතෑකි. :)
Deleteහාකෝ...හාකෝ..... :)
Deleteනිවාඩු තිබුණොත් ඉතිං අනිවා..............
ReplyDeleteමනසින් දිවියට
බැරිද කීය කීය හරි සම්මාදමක් දාලා මට ටිකට් එකක් එවන්න :D
ReplyDeleteමමත් එනවා නංගිත් එක්ක!!!
ReplyDeleteඑමි...
ReplyDelete....
...
..
.
මමත් එනවා
ReplyDeleteසෑම්ගේ ආච්චිගේ සහ සීයාගේ දුක්බර පෙම් කතාව දැක කඳුළු සැලීමි..;)
ReplyDelete