Thursday, July 26, 2012

පොලා සංයුක්ත ගණිතය x විෂයෙන් දෙවරක් අවකලනය කරයි...


ඒලෙවල් කාලේ අපට ගණිතය ඉගැන්නුවේ පොලා සර්ය. නම එලෙස කෙටි කලේ ඔහු නම ප්‍රසිද්ධ වීම හොද නැති නිසාය. පරණ බයිසිකලයකින් පාසල් එන සර් සිරාය. එසේම අප සෙක්ෂන් එකේ හෙඩ් ඔහුය. අපේ එවුන්ට වෙලාවකට මහ වදයක් වුවද වෙලාවකට හිත හොද එකාය. එහෙත් පුද්ගලයා අනුව විවිධ හැදි වලින් බෙදීමේ ක්‍රමයක් ඔහු සතු වූ බව කියව යුතුය. එය දිනක් හොදින්ම අත් වින්දේ මේ සෑමාමය.

පාසලේ දුන් ගෙදර වැඩ කරගෙන විත් නොතිබුණ කිහිප දෙනෙක් පන්තියේ සිටින බැව් දැන දැනම දිනක් හේ සෑමාව පමණක් එලියට දැම්මේය. ඊට හේතුව රසායන විද්‍යාව කළ වයලා ටීචර් සෑමා සමග අමනාපව ඔහුට පැමිණිලි කර තිබුන නිසා බැව් පැහැදිලි විය. එසේ වුවද සෑමා ඔහුට ගරු කලේය. විටෙක අප සියල්ලෝම විහිළු කලේ ඔහුගේ අමුතු හැසිරීමටය. එකම වචනය දෙතුන් වරක් ගොත ගසමින් කීම, නහයේ කොන කැසීම, ඇග පුරා හුණු තවරාගෙන බෝඩ් එකේ ලිවීම, කලිසමට බෙල්ට් නොදැමීම, යටට බැනියමක් නොඇදීම ඔහු හාස්‍යයට ලක් වු කරුණුය.

පියල්, පොලා, වයලා, චන්දරේ යන විශයන් හතරේ ගුරුවරු අලලා ගීතයක් අප පන්තියෙන් නිර්මාණය වුනේ මේ වකවානුවේය. එය රූකාන්ත මහතාගේ ‘මම ඇහැව්වා හොරෙන් හදවතින්‘ ගීතයේ තනුවට අනුව නිර්මාණය වූවකි. පද මෙසේය. පහතින් ඇත්තේ 2006 වසරේ සෑමා ගේ අත් අකුරින් ලියැවුණු කොළ කැබැල්ලය.

මම ඇහැව්වා හොරෙන් පියල්ගෙන්
අර ඈතින් ඉන්නේ චන්දරේ දෝ කියා...
මට වයලා කිව්වා තව පොඩ්ඩෙන්
පන්තියට පොලා පනී කියා...

මම පන්තියට ගියා...
වයලා කී දේ ගැනම සිතා..
පොත් පැත්තකින් තබා..
පොලා ගැනම කල්පනා කලා..
පොලා ගැනම කල්පනා කලා..

කල්පනාව ගැඹුරුයි මැවෙනා සිතුවම් හරි කුරිරුයි..

මේ පිටුව සුරක්ෂිතව තබා ගත් සලින්ද සොයුරාට තුති..

ඒ අතර පොලාගේ නිතර අමතක වීමේ ගති ගුණය අපේ එවුන්ට පුදුම විනෝදයක් වුවේය.

එදින අපට තිබුනේ රසායන විද්‍යාව කාලපරිච්ඡේදයක්ය. නමුත් වයලා නැති නිසා අපේ එවුන් විනෝදයෙන් සිටියෝය. ඒ අතර එහා පන්තියේ සිටියේ ආදරණීය පොලා සර්ය. ඔහු එම පන්තියේ උගන්වන හඩ ඇසෙන නිසාම අපේ එවුන් මෙහා පන්තියේ සිට පිස්සු නැටුවේ ඔහුගේ පාඩමට කරදරයක් නොවන්නටය. එසේ කරදරයක් වුවහොත් සෙක්ෂන් හෙඩ් තුමා වශයෙන් පොලා අප පන්තියට පොලා පනිනු නියත බැව් අපේ එවුන් දත්තෝය. එනිසාම වැඩි හඩක් නොනගමින් අපේ එවුන් පාඩුවේ ආතල් එකේ සිටියෝය.

ඒ අතර හදිසියේම පොලා සර් අපේ පන්තියට ආවේය. ඔහු ආපු වේගයෙන්ම අපෙන් ප්‍රශ්න අහන්නට වූයේය.

“ආ ලමයි බෝඩ් එක ඔය ඉක්මනට මැකුවද?“ අපේ එවුන් සද්ද නැතිය. දැන් මහා කරදරයක් පාත් වෙනු නියත බැව් දන්නා නිසා සියල්ලෝම නිහඩය. ඒ අතර අපේ එවුන් ගේ මුවේ ප්‍රශ්නාර්ථ ලකුණක් සටහන්ව තිබිණ. වැඩි සද්ද නොදමා අපේ පාඩුවේ ආතල් එකේ සිටියදී ඔහුගේ හදිසි ආගමනය සැක සහිතය. නොඒසේ නම් පිනා මහතා මේ පැත්තට එනවා විය හැකිය. එනිසා පොලා අපිට වැඩක් පවරා නික්ම යනු නොඅනුමානය.

“කෝ ලමයි උත්තරේ ගත්තාද?“ ඔහුගේ දෙවෙනි ප්‍රශ්නය අපව තවත් අන්ද මන්ද කලේය.

“සර්.. අපිට දැන් තියෙන්නේ කෙමෙස්ට්‍රි.. “

“ආ.. සොරි ලමයි මට දැන් තියෙන්නේ එහා පන්තිය.. ඔයාල සද්ද බද්ද නොකර වැඩක් බලා ගන්න..“ කියමින් පොලා කඩියා තබාගෙන ආවේගයට වඩා වේගයෙන් පන්තියෙන් පිට වූයේය.

පසු විපරමකදී අපට දැනගත හැකි වූයේ පොලා එහා පන්තියේ එවුන්ට ගණනක් හදන්නට දී තම රූම් එකට ගොස් ඇති බවක්ය. එසේ ගොස් එන අතරේදී අමතක වීමකින් එහා පන්තියත් පසුකරගෙන අප පන්තියට පැමිණ පාඩම ඉවර කරන්නට තැත් කළ බවක්ය.

මෙන්න පොලාගේ අහිංසක බයිසිකලය අපට පසු වසරකදී සිසුන් පිරිසක් තල්ලු කරන දර්ශනයක්...


මේ පොලාගේ කණ්නාඩිය උස්සා පැලද සිටින අපේ ශිලා සොයුරා.. නහය අල්ලාගෙන සිටින්නේ පොලාගේ ඉරියව්ව සිහි ගැන්විමටය. වසර හයකට පෙර ගත් ෆොටෝවකි.


මේ පොලා ගණිත ගැටළුවක් විසදන අයුරු..



Written by sAm_12:47_26-07-2012

65 comments:

  1. පොලා මටත් පාට් එකක් දැම්මා..
    දර්මාලොකේ සයන්ස් ඩේ එකට ආපු දවසේ..
    රැවුල වැඩියි කියලා..

    ReplyDelete
    Replies
    1. අඩෝව්.. ‘ද‘ නෙවේ ‘ධ‘ හරිද??

      තරියා ඉතිං පියෙක් වගේ රැවුල වවාගෙන එන්න ඇති.. පොලාට තද වෙන්න ඇති මොකද පොරගෙ රැවුල නැහැනේ :ඩී

      Delete
  2. නිතර අමතක වීම නොසැලකිලිසහගත බව ගණිත විශය හෝ ඒ ආශිත විශයන් හි යෙදී ඉන්න පුද්ගලයන්ගේ පොදු ලක්ශනයක් කීව හැකි .....
    දෙන්ඩ නං එක්සාම්පල් ඕනි තරම් අපේ ඉස්කෝලෙත් ඔය වගේ පොලා " කෙනෙක් උන්නා ( පින්න පොල සර් ) ඔය වගේම හැසිරීමක් කීව හැකි වෙනසක ට තිබ්බෙ ... නිතර කියවෙන " ආච්ච්ට හාල් ගරන්න ........ සීයට කොස් ඇට පුච්චන්න වගේ " අහින්සක ව්චන සෙට් එකක් විතරයි........
    උන්දැ ගැන නං පොතක් ලීව හැකි .....

    ReplyDelete
    Replies
    1. සිරා.. උගත් අයට නිතර පොඩි දේවල් අමතක වෙනවලු.. :ඩී

      Delete
    2. මේ නුවර ඒ ලෙවල් ක්ලාසස් කරන පින්නපොල සර් නම් ඒ සිරාවට පොතක් ලියන්න චරිතයක්.

      Delete
    3. //සිරා.. උගත් අයට නිතර පොඩි දේවල් අමතක වෙනවලු.. :ඩී//

      එකද දන්නේ නැහැ මටත් අමතක වෙන්නේ..:ඩි

      Delete
    4. පොඩ්ඩක් කොමෙන්ටුව නිවරදි විය යුතුය ... පින්න පොල සර් නොව " වල් පොල සර් " ලෙස ( උගත් අයට නිතර පොඩි දේවල් අමතක වෙනවලු.. :ඩී )
      උසස් පෙල රසායන විද්‍යාව කරන පින්නපොල සර් නං දෙවිකෙනෙක් වගේ මනුස්සයෙක් ....

      Delete
    5. දරුවනි.. දරුවනේ..

      කියල නේද පින්නපොල සර් කතා කරන්නේ ?

      Delete
    6. අපිට ෆිසික්ස් උගන්නපු සර් කෙනෙක් කතාකරන්නෙ ‘පැටව්නේ‘ කියල.

      Delete
  3. මතං මේ කොළය තොරණ හන්දියේදී කවුදෝ පෙන්නූ අයුරු මට අවුරුදු 6කට කලින් වගේ මතකය..පොලාට ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මම නෙවේ නේද?

      පොලාට ජයෙන් ජය !
      එතකොට උබට ගහපු පියල්ට ???

      Delete
  4. අපේ සර් කෙනෙක්ව මතක් වුනා. මේ වගේම තමයි. හැබැයි හිම කුමාරයෙක් වගේ (අයිස්)
    එකම වචනය දෙතුන් වරක් ගොත ගසමින් කීම, ඇග පුරා හුණු තවරාගෙන බෝඩ් එකේ ලිවීම, යටට බැනියමක් නොඇදීම ට අමතරව සඳුදා උදේට හැක්ස් ටො‍ෆි කකා සිටීම ත් අපි නිරීක්ෂණය කළා

    ReplyDelete
    Replies
    1. අයිස් සර්ලට අපි නම් ආදරෙයි..

      Delete
  5. අපේ ඉස්කෝලෙත් ඔය වගේ පිස්සු චරිත හිටියා......

    ReplyDelete
    Replies
    1. උඹලත් ඇතුලුව නේද බං ?

      Delete
  6. අපිට ඉගැන්නුවා එක සෑර් කෙනෙක් නිතරම වහලේ උළු ගනන්කරා.බඩ මැදින් කළිසම ඇදීම.අපිට ගොන් බූරූවෝ කියා බැණිම නිතරම තිබුනා.හැබැයි අන්තිම පීරීයඩ් එකේ නිදා ගැනීම..තව හිටියා ඔය වගේ කස්ටිය.දවසක ලියන්නම් ඉස්කොලේ හිටිය හොදම කස්ටිය ගැන

    ReplyDelete
    Replies
    1. එල එල.. ලියන්න අපි එන්නම් බලන්න..

      Delete
  7. අපෙත් හිටිය ඔයවගේ සර් කෙනෙක්. අමතක නොවෙන වැඩ කලේ. ම්.... මතක් වෙච්ච වෙලාවක කියඥ්ඥං.

    ReplyDelete
    Replies
    1. එල එල දෙසාබාන්න තියෙන්නේ.. :)

      Delete
  8. අපෙත් "පොලෙක්" හිටියා. ඒ ගුරුවරයෙක් නම් නෙමේ. අපේ වයසේ එකෙක්. උගෙත් කතා නම් එමටයි.

    හොඳම කතාව තමා ක්ලාස් ට්‍රිප් එක ගිහින් මූ සීගිරියේදී ප්‍රංශ කෑල්ලකට ගයිඩ් කරන්න සෙට්වීම සහ ඒකෙන් මේකෙන් ඒ කෑල්ල මුට ටෝක් වීමත් ඒ ප්‍රංශ කෑල්ලගේ මිනිහා හෝ කොල්ලා කෝපයෙන් පුපුර පුපුරා සිටීමත්ය.

    අවසානයේදී සිදුවූයේ අපි සීගිරිය නරඹා පහළට විත් පැය දෙකක් පමණ පොලා උගේ ප්‍රංශ කෑල්ලට විස්තර කියාදෙමින් පහළට එනතෙක් බලා සිටින්නට සිදුවීමයි. [විශේෂයි පොලාගේ ප්‍රංශ දැණුම අතිවිශිෂ්ටයි :) ]

    ReplyDelete
    Replies
    1. සිරාවට ප්‍රංශ පුලුවං කොල්ලෙක්ද?

      හසිතයාත් ආශ්‍රය කරල තියෙන්නේ මාර පොරවල් නොවැ !

      Delete
    2. @ sAm (සෑම්)

      උගේ ටාගට් එක අනාගතයේදී ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති වෙන එක

      Delete
  9. කියෙව්වෙමි.. ගතියක් නැත. සිංදුවනම් හොඳයි..

    ReplyDelete
    Replies
    1. මටත් කික් එකක් නැහැ මචං. සිංදුව විතරක් දාන එක අසාධාරන නිසා දැම්මේ පුංචි කතාවක් එක්ක..

      Delete
  10. ඉස්කෝලේ යන කාලේ සර් කෙනෙක්ට හරි ටීචර් කෙනෙක්ට හරි නමක් වැටෙන්න පොඩි හේතුවක් ඇති. අපේ ඉස්කෝලේ හිටියා "දියරෙද්දා" කියල සර් කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ සර් ඕපදූප හොයනවද ?

      Delete
  11. මල්ලි මොනවා උනත් තමුන්ට අකුරක් හරි උගන්නපු සර් කෙනෙකුගේ පොටෝ නොදා ඉන්නවනං ඒක හොඳයි නේද..? ඉස්කෝලේ යන කාලේ අපි ගුරුවරුන්ව දැක්ක හැටියි ඒ සම්බන්ධ විහිළු කතායිනං දැම්මට කමක් නැහැ... ඒත් පැත්තකින්වත් පේන විදියට එහෙම දාන එක හරි මදි කියලයි මට හිතෙන්නේ.මොකද තාමත් ඔය ගරුවරයා පාසලේ ඇති. ඒ වගේම ඔයාගේ බ්ලොග් එක ඒ පාසලේම ළමයි බලනවා වෙන්නත් පුළුවන්... ඒ බලන ළමයින්ගේ හිතේ තියෙන ගුරු ගෞරවය අඩු වෙන විදියට වැඩ කරන එක හරි මදි නේද..? අනික මේක ඒ ගුරුවරයම උනත් දැක්කොත් කොහොම දුකක් හිතේවිද..? මුංටද අපි ඉගැන්නුවේ කියලා.

    කොල්ලෝ කාලෙට අපිට ආතල් වැඩ තමා ඕවා.. ඒත් දැන් සෑම් ඉස්කෝලේ යන ළමයෙක් නෙවෙයිනේ මං හිතන්නේ 25කටවත් කිට්ටු ඇති කියලා..(දැකලා තියෙන ඡායාරූප අනුව)

    අනිත් කතා ටිකනං රස වින්දා..කොහොමත් මං උඹේ ඉස්කෝල කලේ කතා මුල්ම කාලෙත් කියෙවුවා උඹට මතකත් ඇති සමහර විට...

    තරහක් අමනාපයක් හිතට ගන්න එපා... අකුරක් හරි මටත් උගන්නපු ගුරුවරුන් වෙනුවෙන් ඒ ටික කිව්වේ...

    ReplyDelete
    Replies
    1. ස්තුති මාරයියා කාලෙකින් කමෙන්ටුවක් දැක්කේ ;)

      පැත්තක ඉදන් බැලුවම මාරයියා කියන දේ හරි. ඒත් ඒ කාලෙ කරපුවා ගැන සර් අදටත් හිනා වෙවි කියනවා. ඒ වගේම උබල ගෙ හැටි එහෙමයි කියල අපිට එදා බැන්නට ගැහුවට මේ පෝස්ටුව දැක්කමත් සර්ට කදුලු එයි ඒ අතීතෙ මතක් වෙලා. ඒ සතුටට මිසක් මම මඩක් ගැහැව්ව කියල හිතල නෙවේ.

      බයික් එක තල්ලු කරන පොටෝ එක, ඇතුලු සියළු පොටෝ මට කලින් ගොඩාක් අය ෆේස් බුක් එකේ ෂෙයාර් කරපුවා. විවිධ කමෙන්ට් දාපුවා. ඒ වගෙම පොටෝ නැතුව උනත් පාසල ගැන කලින් දාපු පෝස්ට් ඉස්කෝලෙ බොහොමයක් දෙනා කියවලා සතුටු වුනා. ඒ පටු අදහසකින් නෙවේ අතීතය මිහිරක් විදිහට දැකලා. කාවවත් පාගලා දාන්න නෙවේ.

      ඕනෙ තැනක ගුරුවරයෙක් දැක්කම ගරුකරන පුරුද්ද අපේ එවුන්ට තියෙනවා. ඒ බව ඔවුන් දන්න නිසා මේක අශෝභන වැඩක් විදිහට දකින්නෙ නැහැ ඔවුන් උනත්.

      // ඒ බලන ළමයින්ගේ හිතේ තියෙන ගුරු ගෞරවය අඩු වෙන විදියට වැඩ කරන එක හරි මදි නේද..?// මේක බැලුව ගුරුභක්තිය අඩු වෙනවා නම් ඒකා බුද්ධියක් නැති එකෙක් මගෙ මතය විදිහට.

      නැවතත් ස්තුති මාරයියා මේක දකින වෙන අයගේ වැරදි ආකල්පයක් තිබ්බොත් මේ කමෙන්ට් එක දැකලා වෙනස් වෙයි..

      ජය !

      Delete
  12. අඩේ මරු සර් කෙනෙක් නේ... සර්ට වඩා හොද අර ලස්සන සිංදුව !!
    ඒක නම් පට්ට !
    උබට පට්ට හැකියාවක් තියෙනවා මචං !

    ReplyDelete
    Replies
    1. අපි තාමත් ගරු කරනවා එතුමාට !

      Delete
  13. අතීතය තරම් රසවත් තවත් දෙයක් වේද...?

    ReplyDelete
  14. මාතෘකාව ගැන නම් මට පොඩි අවුලක් තියනවා සෑමෝ..
    කොහොම වුනත් ලස්සන අතීතයක් වගේ පේන්නේ...

    ReplyDelete
  15. පට්ට තමයි සෑමෝ..
    අපේ සෙක්ශන් හෙඩුත් ඔය ගති පොඩ්ඩක් තිබ්බ ඩයල් එක..
    හැබැයි හරිම හොද පොර..
    මෑන් ඉගැන්නුවෙ Physics..

    ReplyDelete
    Replies
    1. අපේ පොරත් හොදයි නෙවැ.. :)

      Delete
  16. අපේ සර් කෙනෙක් හිටිය නම ධනපාල. ඈත යද්දී අපි සින්දුවක් කිවුවේ ඉස්සර ජනප්‍රිය සින්දුවක්. "ධනපාල වුනාත් මිනිහා මහා පාරේ හිගනවා" එලොගෙන එන්නේ එහෙම ඇහුනොත්..

    ReplyDelete
    Replies
    1. අපේ එකෙක්ගෙ ඉස්කෝලෙ හිටියාලු ‘පුරප්පාඩුවා‘ කියල සර් කෙනෙක්.

      එයා එන්නේ උගන්නන්න ගුරුවරු නැති පීරියඩ් වලලු !

      Delete
  17. පොලා, ආදේශකයක් නැතුවම සංයුක්ත ගණිතය x විෂයෙන් අවකලනය කරලනේ.

    උඹේ සිංදුව දැක්කහම මතක් වුනේ. මේ පැත්තෙ ප්‍රසිද්ධ ඉස්කෝලෙකත් හිටිය කෙමිස්ට්‍රි කරපු ටීචර් කෙනෙක්, චන්ද්‍රානි කියල. පස්සෙ කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකත් වැඩකළා. ටීචර් සති අන්තෙ ගෙදර ක්ලාස් එහෙමත් කරා. ටිකක් සැරයි. ටීචර්ගෙයි එයාගෙ පරම්පරාවෙ ගුරුවරු කීප දෙනෙක්ගෙයි නම් දාල ඒ දවස්වල කොල්ලො හදල තිබුණ අර “චන්ද්‍රා මේ රෑ පායා ආවා“ කියන සිංදුවට ආදේශකයක්. ඒ දවස්වල ඒලෙවල් සයන්ස්, මැත්ස් කරපු උන් අතර ඕක හරි ජනප්‍රිය සිංදුවක්. ක්ලාස් එකකදි එකෙක් හෙමිහිට හරි ඕක කිව්වොත් අනිත් එවුවොන්ට ඇට කැඩෙන්න හිනහයි.

    ReplyDelete
    Replies
    1. අනේ.. ආදේශක ගිතය කෝ.. දාපං කෝ..

      Delete
    2. පිස්සුද එව්ව මෙතන ලියන්න පුළුවන් ද? අනෙක වැඩකුත් නෑ බං. ඒක රස විඳින්න නම් අනෙක් අදාල ගුරුවරුන් ගැනත් අවබෝධයක් තියෙන්න ඕන.

      Delete
    3. ඉසදීන් ටවුන් එක පෑත්තෙ කෑරකිලා තියනවා වගේ. අපිත් ටීචගෙන් ලුණු ඈඹුල් ඈතිව අහගත්තා බන්ධන හෑඩ ආදර්ශනය කරන්න ගෙනාපු බෑලූන් ක්ලාස් එක අස්සෙ පුපුරවලා :D

      Delete
  18. මට මතකයි අපේ ස්කෝලෙ උන්නා ටීචර් කෙනෙක් එයා අපිට ඔය මොනා හරි කරන්න දීලා නවකතා පොත් කියවනවා...
    සිංදුව නම් මරු සෑම්..!

    ReplyDelete
    Replies
    1. මරු ටීචර්.. ඒකයි ලමයි මේ විදිහට හැදෙන්න ඇත්තේ :ඩී

      Delete
  19. සැමා ඔක්කොම කමෙන්ට් කියවල ඉවර කරන්න බෑ. හෙට ඉතිරි ටික බලනවා. මේ වගේ කතා වලින් අපිව අතීතයට ඇදිල යනවා. මෙන්න මම ලියපු එඅ වගේ කතාවක්. මෙතන ලින්ක් එක දැම්මට අමනාප නොවන්න.
    http://awidda-paya.blogspot.com/2012/01/blog-post_23.html

    ReplyDelete
    Replies
    1. සුන්දරයි බං.. කාට හරි ගින්නක් දීල අපි හිනා වුනේ හිතේ තියෙන නරක කමට නෙවේ. විනෝදෙට, මොහොතකින් සියල්ල අමතක කරල හිනා වෙන්න.

      ලිංකුව කමෙන්ට් එකේ දැම්මට තුති..

      Delete
  20. අපේ ඉස්කෝල ජීවිතේ ගැනත් ලියන්න හිතේ තියේ. ඒත් කෝ වෙලාවක්?

    ReplyDelete
  21. ඉස්කෝලේ කාලේ වැඩ නම් නියමයි තමා..:)

    ReplyDelete
  22. මට මතක් උනේ අපේ එකවුන්ට් සර්ව.. පන්තියෙන් පන්තියට එක එක නම් දාලා තිබ්බේ සර්ට.. වෙලාවක ඒ ගැන ලියන්නම්..

    ReplyDelete
  23. ඉස්කෝලේ ගිහින් කරලා තියන වැඩ....:)

    ReplyDelete
  24. උගන්නපු මිනිස්සුන්ටත් නම් හදපු උඹටත් සාත්තරේ පිහිටපු එකනේ අපුරුව සෑමෝ !

    ReplyDelete
  25. ඉස්කෝලේ කාලේදී හම්බවුනු විවිධාකාර ගුරුවරු නිසා ඇත්තටම සමහර විෂයන් පවා අපි හොදින්ම ඉගෙන ගත්තා ...

    ReplyDelete
  26. ඔය කියන්නෙ තෙන්නකෝන් තුමාවෙන්න ඕනෙ. :)
    යටට බැනියමක් නො අඳින එකත් අමුතු හැසිරීමක් හැටියට ගනං ගැනෙනවද?
    henryblogwalker the Dude

    ReplyDelete
  27. අපිට මේ කතාව එච්චර දැනෙන්නෙ නෑ බං .....

    ReplyDelete
    Replies
    1. මටත් කික් එකක් නැහැ මචං. සිංදුව විතරක් දාන එක අසාධාරන නිසා දැම්මේ පුංචි කතාවක් එක්ක..

      Delete
  28. හිටපු ගමන් අපේ පන්ති වලටත් පොලා පැනීම් සිදුවෙනවා

    ReplyDelete
  29. සින්දුවනම් මරු සෑමෝ... මොනවා වුනත් හරි හොද සර් කෙනෙක් වගේ... :D

    ReplyDelete
  30. හිකිස් මට අපේ ඉස්කොලේ මිස්ලා සර්ලා මතක් උනා....හික් හික්...ඔය වගේම තමා සමහරු..

    ReplyDelete
  31. හ්ම්ම් අමුතු අමුතු හැසිරීම තියෙන ගුරුවරු එක්ක ගෙවෙන පාසල් කාලය හරිම රසවත්.. කවදා හරි මතක් කරලා සතුටු වෙන්න තියෙන්නේ ඒවා තමයි...

    ReplyDelete
  32. පව් බන් ගුරෙක් කියන්නේ දෙවියෙක් වගේ කෙනෙක්ට

    ReplyDelete
  33. බුකියේ දැක්ක ගමන්ම තාලේ කියන්නත් කලින් මට සිංදුව මතක් වුණා... රසවත් අතීතයක්...අපිත් මිස්ල සර්ලට නම් දාල තිබ්බ..යාලුවෝ එකෙක්වත් ඇහෙන්න කිව්වෙම නෑ ...ඔක්කොම අපි අපි අතරේම තමා...

    ඒකෙන් මේකෙන් සෑමාගේ අත් අකුරුද බලා ගත හැකි විය :)

    ReplyDelete
  34. මොකක්ද බං අර චිට් එකේ ගහලා තියෙන අත්සන? Unregistered කියලද? අර මුල අකුර මට පේන්නෙ H වගේ.
    උඹලා කොහොමද අර කන්නාඩි කුට්ටම ඉස්සුවෙ?
    henryblogwalker the Dude

    ReplyDelete
  35. අපේ සෙක්ෂනල් හෙඩ් තමා චන්ඩි වජේ xD හොකෑස් විය
    ජය!!!

    ReplyDelete
  36. අතීතය සුන්දර සිහිනයක් මචං. සින්දුව නම් එල :))

    ReplyDelete
  37. aththatama pola e kale dunna athal mathak weddith asai..api polatath athal denna gihin pina gawatath ekkan giya..eth ethandi apiwa beragaththeth polama tamai..hitha hoda sir..mis him lot...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...