Saturday, July 28, 2012

අමදෝරුගේ බැටරි කෑල්ල...


රැයක් දවාලක් නොබලා කැපූ තැනින් කිරි වෑහෙන රබර් ගස් පිරි පාළු වත්ත සිසාරා හමා ආ සිහින් සුලග හදිසියේ යන්තමින් වසා දමා තිබූ දිරුණු දොර කීරි හඩ නංවමින් ඇරෙන්නට විය. එලා තිබු පැදුරේ දහඩිය පෙරාගෙන සිරිමලී සමග වැතිර සිටියේ අමදෝරුය. නිලට දිලෙන ගලා යන නදියක් අසල ගල් තලාවකට වී දෙපා වතුරේ දමා දිය බොර කරමින්, ජල පහර මතුපිටින් තලන්නාවූ පුංචි දරුවෙකු මෙන් අමදෝරු ඇය සමග හුරතල් වුවේය. තැලීම් සීරීම් නොමැතිව අපූරුවට රකිනා වූ නිල් මැණිකක් මෙන් අමදෝරු ඇය ලමැද සෙමින් සුරතල් කලේය. විටෙක සියුම්ව තද වෙමින්, අත්ල තිසරු මත දිවෙද්දී ඇය සිහින් හඩින් අමදෝරුගේ සිත කලබල කළාය. නමුදු අමදෝරු ශාන්තය, රේණු නොතලා රෙන් ගන්නා බඹරෙකු බදුය. ගෙහිමියාගේ හඩින් කලබලව තමා කපා ගත් කෙසෙල් කැන වත්තේම දමා වැටෙන් පැන දුවන සිතක් අමදෝරු සතු නොවීය. හෙතෙම හැට්ටය තුල තම අත්ල එහා මෙහා කළේය. කිසිවිටත් හදිසි නොකළේය.

“කොහෙන්ද මේව ඉගෙන ගත්තේ?“ ඒ සිරිමලීය.

“මේව උපතින් ආපුවා. මමත් අහන්නද උඹගෙන් මේව දරාගෙන ඉන්න ඉගෙන ගත්තෙ කොහෙන්ද කියලා“ අමදෝරු ඇගේ සිහින් කෙදිරිලි ගැටළුවට පිලිතුරු දුන්නේය.

“උඹ දන්නවද ඔය එලියෙ තියෙන බංකුව උඩදි මම පොඩි කාලෙදි අපෙ මුත්තා ලෙලි ගහල දීපු ආනමාලුව එක හුස්මට හිර නොවි ගිලපු ගෑණියෙක් මම...“ ඇගේ කෙදිරිල්ල එසේමය. ඒ හඩ අමදෝරුවා සලිත කලේය.

“උඹ යක්ස ගෑණියෙක් නොවැ.. ඉස්සර කවුරුවත් ලෙලි ගහල දීපුවා ගිලලා, දැන් උඹම ලෙලි ගහල ගිලිනව නොවැ..“

“ඒම තමයි මේ සිරිමලී.. උඹ දන්නෙ නැහැ තාම..“ ඇය හදිසි වූවාය. ඒ වචන කිහිපය සමගින් බැද සිටි දගකාර වහු පැටියෙක් ගලවා දැමූ ලෙසින් ඇය ක්ෂණයෙන් අමදෝරුවාගේ සරම කැඩුවාය. ඒ අතරින් පෙර කෑ ආනමාලුව චොප්ප වෙන්නට සුරතින් මිරිකුවාය.

“ඈ..ක්.. යකෝ ඕව මනුස්ස අවයව, තොපිට ඕන විදිහට හුරතල් කරන්න බැහැ..“ හිරිවැටුන ගතින් අමදෝරු කෑගැසීය.

“ගම පුරාම තියෙන අහුමුලු වල රිංගපු කෙසෙල් ඇවරි වලට මෙහෙම සලකලා මදි බොලව්. පුලුවන්නම් මේ කැන එල්ලපං මගේ ගේ උලුඅස්සේ. නැතුව මේක ගම වටේම දුවනවා.“ ඒ ආත්මාර්ථකාමී සිරිමලීය.

“හොදට හිටී බොල, ගමේ ගෑණු මැරෙයි කන්න නැතුව. ගෙදර එකාල කන්න නොදෙන කොට මම තමා ගිහින් පන ගහල ඉන්න ආනමාලුවක් හරි කවන්නේ. උන්ට හිච්චං සුවදැල් ගිලලා එපා වෙලා. එක කටයි නොවැ.. අනික උඹ අහල තියෙනවද ඒ ඒ බනිස් ගෙඩි වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියලා කතාවක්?“

“අම්මද බොල උඹ ඒ ගමන මට ලොකු කතා කියනවද? (ආනමාලුව තවත් මිරිකින) විකාර නොකර හැමදාම එකම බනිස කාලා, ආනමාලුව ගේ මැද්දෙ එල්ලලා මාත් එක්ක තේ කහට එකක් බීගෙන හිටපං අමාදෝරු අයියා..“ ඇස් කොන තෙත් වෙද්දී ඇය ලැජ්ජාව අත හැරියාය. චීත්ත රෙද්ද කැඩී අමදෝරුවා බිම සමතලා වූයේය.

ගමේ එවුන් බෝක්කුව උඩින් ගමන් කරද්දී, ඒ යටින් ගලා යන සීතල ජලයෙන් තිත් පැටව් දගකරන්නේය. ගම්මුන්ට ඒවා අමුත්තක් නොවේය. යන්තමින් සිසිලට තෙත් වු බිත්ති මැදින් අමදෝරු පිහිනුවේය. තිත්ත පැටවුන්ට නැති සතුට තනි ආදෙකුට දැනෙන්නේ යම් සේද අමදෝරු පිටස්තර ගමක කරනම් ගැසුවේය. දිවෙන් තෙත් කොට දිය නොවන මි පැණි කන්දක මුදුනේ සිට අමදෝරු තප්පර හෝරා වෙන තුරු සිරිමලීගේ පපුතුර  උරා බැලුවේය. එදා රස මෙන් නොඅඩුය. සියළු කවුලු හැරී, දොරගුලු හැරී, ලන්තෑරුම් වාවා ගත නොහැකිව දෑස් පියා ගති.

සතුටේ කෙලවර කැන බර වැඩිවී කඩා හැලි කෙසෙල් කදක් සේ අමදෝරු සිරිමලී ගේ වත්ත මත පතිත වූවේය. හිරි වැටුන කකුල් අමදෝරුව අසරණ කළේය. ඇගේ කෙදිරිලි සිනහව අමදෝරුට සරදම් කළේය. අඩු වැඩිය සපුරාලන්නට ඇගේ දත් පහරවල් අමදෝරුගේ උරහිසේ රැදුනේ ලෙලි නොගසා පිටින් හපා දැමූ කෙසෙල් ගෙඩියක රැදුනු දත් පහරවල් සිහි කරවමිනි.

“මම ගහින් හෙට එන්නම්. උඹ පරිස්සමෙන් හිටපං...“ කකුල් වාරු ලැබි අමදෝරු ඇයට සමු දෙන්නේය.

“තව මාසයක් වත් යයි. උඹ මේ ගමටම කන්න දෙන්න එපැයි..“ සිරිමලී නෝක්කාඩු කීවේ, ගම වටේ කර තියාගෙන දුවන කෙසෙල් කැන තම නිවසේ එල්ලා ගැනිමේ අදිටනින්මය.

“ගමටම කන්න දුන්නත් වැඩක් නැහැ, උඹ වගේ කන්න බොන්න ලැදි එකියකට කන්න නොදී, උඹ ගැනල බලපං ගිය මාසෙත් උඹ දෙපාරක් කෑව නොවැ.“

නොනිමි සිහිනයක් අරඹමින් නිදි පැදුරේ සිටි ඇය පහුවදා ඇහැරුනේ කුකුල් හඩට නොව සිරිමෙවන් ගේ හඩටය.

“ඈ බොල යෝදියේ උඹ විලි සංගෙ නැතුව හැට්ට කඩාගෙන නිදි නේද? බලපං ඉරත් මුදුන් වෙලා..“ ඒ සිරිමලීගේ ස්වාමියාය.

“අනේ අපෙ මහත්තයා මට දැනුනෙ වත් නැහැ එලි වෙලා.. ඇගේ අමාරුවටද මන්ද නින්ද ගියා..“

“ඒකට කාරි නැහැ හදපං කෝ තේ කහට ඩිංගක්... මේ තියෙන්නේ යස ටෝච් කෑල්ලක්.. උඹට කොහෙන්ද මේක..“

“ආ.. අපෙ මහත්තයා.. ඔය ඊයෙ රෑ යසවතියා ඇවිත් ගියා. මට තියා ගනින් කියල දීල ගිය ටෝර්ච් කෑල්ල වෙන්න ඇති..“

“ඒකි හොද එකී බොල.. උඹ ඒකිට කරපුවයෙ ගුණේ ඒකිට තාම තියෙනවා. ඒත් කෝ බං මේක පත්තු වෙන්නෙ නැහැ නේ හරියකට“

“අපොයි ඕකට බැටරි කෑලි දාන්න යන්න වෙයි දැන සිදාදි..“ සිරිමලී කුස්සියේ සිට කහට කුරු ගාමින් කීවාය.

“කමක් නැහැ බං. මම අරන් එන්නම්. මම දන්න හොද කඩයක් තියෙනවා සිදාදියේ.. ගිය පාර ඔය අපේ අමදෝරුවාටත් බැටරි ගෙනාවේ මම නොවැ.. අනික ඒ බැටරියත් මේ සයිස් මයි.“

Written by sAm_11:50pm_28/07/2012

96 comments:

  1. මොකද සෑම් මේ දවස්වල මහ රෑට පෝස්ට් දාන්නෙ.

    ReplyDelete
    Replies
    1. බුදු අප්පේ .... කෝ යකෝ 18 +

      Delete
    2. වෙලාව ලැබෙන හැටි තමා සහෝ..

      18+ දැම්මොත් හැම එකාම දුවගෙන එයි. විශේෂයෙන් පොඩි උන් :)

      Delete
  2. අර කිව්වත් වගේ කෝ යකෝ 18+
    දැනුවත් කොරහන් නැත්නම් අපි වගේ පොඩි උන් නරක් වෙනවා මෙව්වා බලලා...:D

    ReplyDelete
    Replies
    1. උඹ වගේ පොඩි උන් ඇවිත් අපිවත් නරක් කරල යයි :පී

      Delete
  3. මොකද්ද බං මේ කියල තියෙනේ.. ආනමාලුයි . ටෝචුයි.. මෙලෝ දෙයක් තේරුනේ නෑ

    ReplyDelete
    Replies
    1. :))

      බරපතල් වැඩිද? සම්භාව්‍ය ඒව නොවැ ;; හිකිස් ;;

      Delete
    2. හෑ ...... මීයා බබා !

      Delete
    3. මී ගොඩගේ මීයාද ?

      :)

      Delete
  4. සෑම දැන් කෙසෙල් බිසිනොස්ද කොරන්නෙ...?

    ReplyDelete
    Replies
    1. කැනක් තිබේ නම් එවපං.. වෙන්දේසියේ විකුනල දෙන්නම් ;)

      Delete
    2. කැණ විකුණා හමාරය.. නැවත විකුණනු නොලැබේ...

      Delete
  5. යකෝ ඕව මනුස්ස අවයව

    ආසම කෑල්ල :D

    ReplyDelete
    Replies
    1. ආසම කෑල්ල කිව්වේ අවයවයටද ?

      Delete
  6. අමදෝරුවාට ආයෙත් නිකන්ම බැටරි හම්බවෙයි වගේ,

    ReplyDelete
    Replies
    1. බැටරි කෑලි දෙකේ ටෝර්ච් එකක් :ඩී

      Delete
  7. සම්භාව්‍ය !!! සම්භාව්‍ය !!!

    තේරුම් ගනිමින් සිටිනවා... ටික වෙලාවක් යයි ... මේ අවස්ථාවේදී "නළාවලෝක" තත්වයට පත් වෙලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. තේරුනා මම හිතන්නේ.. :)

      Delete
    2. සම්භාව්‍ය ඒවා නොතේරුනා කිව්වාත් චාටර් නොවැ..

      Delete
    3. අන්න උඹට තේරුනා ඒක. :))

      Delete
  8. කුණුහරුප කතාවක් සැර වැඩි වගේ..

    තමා සන්තකේ කරගන්න හැදුවට සාමෙන් නේ එන්නේ. ඒත් ඇයි අරකි කිවුවේ බින්න බහින්න එන්න කියල මිනිහෙකුත් ඉද්දි. හිනයක්වත්ද?

    ReplyDelete
    Replies
    1. කාමයේ ඇති කලාව විදහා දැක්වුවේ මචං..

      හීනයක් නෙවේ. සමාජයේ කතාවක් !

      Delete
  9. හෙහ්.. සිරාම කතාව.. මම මේ හොද කෙටි කතාවක් වගේ එකක් කියවන්න හිතුවා මුල් ඡේදේ බලද්දි.. එල එල...

    ReplyDelete
    Replies
    1. ස්තුති දින්නා..

      කැත විදිහට නොබලා යතාර්ථය දැක්කට :)

      Delete
    2. අඩේ උඹ කෝමද අපේ ගෙවල් පැත්තේ අපේ උන් මට කියන නම ගෙස් කලේ..

      Delete
    3. හිකිස්.. දිනේෂ්ලා බහුතරයකට වැටෙන නම ඕක නොවැ..

      උඹලගෙ ගෙවල් පැත්තේ එකෙක් මට උබේ කැරැට්ටුව හිටං කිව්වා..

      Delete
    4. උබේ බුකියේ ෆෑන් පේජ් එකේ මම දන්න මූණක් තියෙනවා.. ඌ වෙන්න ඇති එහෙනම් ශුවර් එකටම.. මම හරි හොද ළමයා කියලා නේ කිවුවේ..

      Delete
  10. අමදෝරුවා යස ටෝච් කෑලි දාලා ගිහින් අන්තිමට වෙන දේ තමා වෙන දේ.............

    ReplyDelete
    Replies
    1. //අන්තිමට වෙන දේ තමා වෙන දේ.............//

      මට කොයිල් වගේ.. මොකක්ද බං තේරුම ?

      Delete
    2. @ sAm (සෑම්)

      ඔය කරන සෙල්ලම්වලින් අමදෝරුවා අන්තිමට හොඳ හැටි මට්ටු වෙනවා

      Delete
  11. රෑට රෑට බොටත් හිතෙන එව්වා...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ cd එන්ට කලින් තිබ්බ වැල පත්තර තාම ගහනව ද ? තාම ගහනව නම් උඹට පාටි ටයිම් ජොබක් ශුවර්... :D

      Delete
    2. මගුලයි ජොබකුත් සෙට් වුනා එහෙනම්...

      උන් ඒව ලියන්නේ අධර්මය වපුරන්න මිස සමාජ පැතිකඩක් පෙන්නන්න නෙවේ බං:(

      Delete
    3. එකෙ සමාජෙ පැතිකඩෙ තමයි ඒව්ව බලපු බොලා අපි...

      Delete
  12. මේකට ගෑල්ලමයි කොමෙන්ට් දාන එකක් නැහැ. පෝස්ටුව සැර වැඩියි. රටේ නීතිය කැඩෙන තත්තෙට ලියවිලාද මංදා. එහෙම උනොත් නඩු තමා.

    ReplyDelete
    Replies
    1. කවී මේක අර කොල්ලේ සුද්දෝ එක් නිදා ගන්න ජාතියේ එකක් නෙවේ නේ.. :ඩී

      එතකොට ඒවාට වාරණ නැද්ද ?

      Delete
    2. මේක අර කොල්ලේ සුද්දෝ එක් නිදා ගන්න ජාතියේ එකක් //තේරුනෙ නැහැ නෙව තේරෙන්ට කියාපිය. මොකද දැං හැදෙන එවුං හැමතැනම :ඩී:ඩී කියල දාන්නෙ?

      Delete
    3. මේ ලගදි බ්ලොග් එකක තිබ්බා එහෙම කතාවක්.. ඒකයි.. :)

      :ඩී = :D වේ..

      Delete
    4. http://magejointeka.blogspot.com/

      Delete
    5. මම හිතන්නේ ඔයාලා කියන්නේ මෙන්න මේ බ්ලොග් ලිපිය ගැන වෙන්න ඇති.ඒ ලිපියයි මේ ලියලා තියන කථාවය සංසන්දනය කරනවා නං ඒ තරම් මෝඩයෙක් නෑ කියලයි මම හිතන්නේ. ඒක මුල ඉදන් අගට ලියවිලා තිබුනු විදිය කියෙව්වහම එතන තිබුනේ සරළ සමාජ කාරණාවක් නෙමේ.ඒ වගේම දේවල් ලියලා තියන විදියත් මම පුද්ගලිකව අගේ කරනවා. සුද්දත් එක්ක කොළඹ ගියපු සිරිසේන කියන පොඩි එකාට සුද්දා ඇරියා කියන එක වුනත් කියලා තියෙන්නේ පොඩි එකාගේ ඉන වටේ බැදලා තිබ්බ සුරය ඇද පල්ලට විසික් වුනා කියලා. ඒ වගේ දෙයක් ලියවිලා තියන විදිය කියලා කාටවත්ම එතන අසභ්‍ය දෙයක් ලියවිලා තිබුනා කියලා කියන්න බෑ. මට සෑම්ගෙන් අහන්න තියෙන්නේ මෙච්චරයි. ඇයි ඔයා ඔයා ලියපු දේ ඊටත් වඩා හාත්පසින්ම වෙනස් කෙටිකථාවක් එක්ක සංසන්දනය කරන්න හදන්නේ? ඒ කෙටි කතා‍වයි ඔයාගේ කථාවයි අතර තියෙන්නේ අහසයි පොළොවයි වගේ වෙනස්කමක්. ඔයා නෙමේ වෙන ඕනම කෙනෙක් කියනවා නම් ඒ කතාව අසභ්‍යයි කියලා මට හිතාගන්න වෙන්නේ එහෙම කථා කරපු අයගේ රසාස්වාදය. මට මෙතන කමෙන්ට් කරන්න සිද්ධ වුණේ ඔයාගේ කථාවට ඔයා ඒ වගේ හොද කෙටිකථාවක් සංසන්දනය කරලා තියන නිසා. ඔයා මෙතන ආනමාලු ගැනයි තවත් දේවල් ගැනයි කෙලින්ම ලියලා තියනවා.ඒ වගේ දේවල් කෙලින්ම නොකියා සංකේතාත්මකව ලියන කෙනෙයි දක්ශයා කියලා මම හිතන්නේ. සිරිසේන කෙටිකථාවේ සුද්දා සිරිසේනට පුකේ ඇරියා කියලා ‍වගේ කෙලින් ලියවිලා තියනවා නම් ඔයා ඔයාගේ ‍කතාවට ඒක සමාන කරාට කමක් නෑ. අනික ඒකෙන් කියවිලා තියන සමාජ කාරණාව දැන් බලවත්ව සිද්ධ වෙනවා.ඒ වගේ දේවල් ගොඩක් උන් ලියන්නේ නෑ. මොනවා හරි කුණුහරුපයක් ලියලා කෙටිකතා විදියට දානවා මිසක්.මම උඩ ඒකේ ලිංකි එක දැම්මේ ඒක කියවලා නැති උන්ට කියවන්න.මේක මගේ පුද්ගලික මතය.මොකද මම බ්ලොග් කියවන්නෙක් මිසක් බ්ලොග් ලියන මිනිහෙක් නෙමෙයි.

      Delete
  13. සැර උනත් කලාත්මක ගතියක් තියනව. අවුලක් නෑ. ටෝච් කතන්දරය නිසා "වැල" ගතිය අන්තිම මොහොතේ අඩුවෙනව.

    ReplyDelete
    Replies
    1. වැල ගතියක් තියෙනවාද රාජ්.. ?

      මට ඕනෙ වුනේ ඇත්තට සමාජයේ සිද්ද වෙන දෙයක් ලියල දාන්න, කලාත්මකව ;)

      Delete
  14. සුපිරි කථාව සෑමා නියමයි... හොරාට හොරාට ආනමාලු කවන උනුත්.. දැන් ඉතින් ආනමාලුව අතින් තද කරගෙන මේ පෝස්ටුව කියවනවා ඇති... හික් හික්...

    රෙන් ගන්නවා කියලා ලියලා තියෙන්නෙ.. ඒක රොන් ගන්නවා ලෙස හදන්න... ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුති සිරා.. රෙන්.. රොන් කරන්නම්..

      ජය !

      Delete
  15. හෑ බොල.............. ආනමාලු, කෙහෙල් කැන්, ටෝච්, හයියූ සංසාරේ

    ReplyDelete
  16. මෙන්න කතා.. පුඃ !!
    එලකිරි සෑමෝ... දැන් නම් ඉතින් සිරිමලීලෑ දිහෑ දිගට හරහට ඒවි. ලිඳේ ගැඹුර මැන ගත්තා නෙව.. හීක්ස් :)

    ReplyDelete
    Replies
    1. ලිදේ ගැබුර මයින්නේ බාල්දියක බැදපු කඹයක් දාල නේද බං ?

      Delete
  17. ලොවෙත් එල ඈ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  18. කතන්දර ලියන්න නියම විදියක්! හරිම ශෘංගාරාත්මකයි සෑම් ;)

    ReplyDelete
    Replies
    1. කුනුහරප නැතුව ලියන විදිහ :)

      Delete
  19. පට්ටයි! ලියලා තියෙන හැටි නම් එල ඈ

    ReplyDelete
  20. මට නම් තෙරුනේම නෑ මොකුත්ම. අපි පොඩි ළමයිනේ. කෙහෙල් සහ ටෝච් සම්භාව්‍ය වැඩිද මංදා.:P

    ReplyDelete
  21. මම හිතාන උන්නේ සිරිමලාගේ ටෝච් එකට අමදොරුගේ බැටරිය දන්නේ කියල. බලපුවාම සිරිමලත් ලේසි නෑ. ඌ අමදොරුවගේ ටෝච් එකටත් බැටරි දානවා.

    ReplyDelete
  22. අනේ අපි තාම පොඩි උන්... මෙවා කියවල නරක් වෙන්න බෑ.. :පී

    ReplyDelete
    Replies
    1. පව් දරුවෝ..

      ස්තුති සහෝ !

      Delete
  23. මට මතක්වුනේ ලේඩි චැටර්ලිස් ලවර් කියන එක මේක කියවලා.. කරන්න හොඳ නම් සාහිත්‍ය නිර්මාණයක් වෙන්න හොඳ නැත්තේ මොකද?

    ReplyDelete
    Replies
    1. කවුද හොද නැහැ කිව්වේ සහෝ.. ?

      කාමයේ ඇති කලාව දැහැමිකම් පෙරව ගත්ත හිත් වලට පේන්නෙ නැහැ නොවැ..

      ස්තුති සහෝ !

      Delete
  24. ඇත්ත....... කලාවෙන් පෙන්නද්දී රස වැඩි.....
    සිරිමලිත් දන්නෙම නෑනේ.... :ප්
    ගැහුණු කවුරුද වරදේ නොබැදෙන..?
    දවල්ට අමදෝරු රෑට යසවතී නරකම නෑ බොල

    ReplyDelete
    Replies
    1. අන්න සුදා මල්ලී ශක්තිමත් ගෑණු !

      Delete
    2. දන්නා කියන අය ඉන්නවා නම් හොයලා කියන්න...
      පස්සේ කියාවිද දන්නේ නෑ නාහේ ආරුගේ වගේ... බඩ මුගේ වගේ... අහවල් එක ...(නෑ ඕනේ නෑ )

      Delete
  25. යකෝ මූ එල්ලලත් මදි නෙව. අත දිග ඇරලම###### ලියලා අද.( දැන් කියයි මේ තමයි ශෘංගාර රසය කියලා.අනේ සැමෝ.......! ජය....!

    ReplyDelete
  26. ඉස්සර බලපු වල් පත්තරයක් වගේ උනාට අමුතූ ගතියක් තියනවා

    ReplyDelete
    Replies
    1. චික් ඒවත් බැලුවද උබලා.. ඊක්කාාාාා

      :))

      Delete
  27. සෑමගේ සිංහල වැල කතා
    ටෝච් කතන්දරේ නිසා නැගලා ගියාලු

    ReplyDelete
    Replies
    1. වැලේ වැල් නැහැ බොලව්.. මේකේ වැල ගතියක් නැහැනේ ;)

      Delete
  28. ශා ශා.... නියමයි. මම මේ නියමයි කිව්වේ කතාව ව්‍යාංගයෙන් ගලපලා තීයෙන් විදියට. ඒක තමා වටිනාම දේ. උදා හරණයක් විදියට ගත්තොත් අමරදේව සර් ගෙ " කුමරියක පා සළඹ සැලුනා " සින්දුව. මේකත් අන්න ඒ ලන්නින්ම යන තරමට අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති කමෙන්ටුවට. ඒත් ලිහිණි සමහර ඇනෝලා කියන විදිහට අලුත් බ්ලොග්කරුවන් විදිහට අපි බට්ටෝ බ්ලොග් අවකාශෙ කන්න ආපු උන්.. ඒ නිසා අපි පුලුවන් විදිහට ලියමු.

      ජය

      Delete
  29. කුඩාරම් ගහන්න වෙන්නේ පෙර සුදානමක් නැතුව මේවා කියවන්න ඇවිල්ලා :D

    ReplyDelete
    Replies
    1. අපොයි යටිතල පහසුකම් වත් නැද්ද ?

      Delete
  30. පට්ට සෑමා.... අඩෝ ලියකෝ මෙහෙම එල බං....

    ReplyDelete
  31. එල ඈ!!!වෙල් ඉපනැල්ලක සිහිල් සුළඟ පිස එන අමුතු සුවයක් වගේ ඈ!පිස්සු බම්ප් වෙනවා!!!

    ReplyDelete
  32. මරු බං. හොඳ ඉවසිල්ලේ ලියල තියෙනවා.

    ReplyDelete
  33. හොඳ නිර්මානයක් කොම්පිතර නැතිකාලේ පත්තරනේව තිබුනේ මිහිර විජය වගේ එව්වා හික්ස්

    ReplyDelete
  34. අපේ කාලයේ සම්භාව්‍ය නිර්මාන ශිල්පියා - "ද සෑම්"‍
    පට්ටයි ඈ !!!

    ReplyDelete
  35. ම්ම්ම් ශෘංගාරය පිරිලා ඉතිරිලා යනවා.. හිටහන් මම පිහාගෙන ඇවිත් ඉතිරි ටික කොටන්නං

    ReplyDelete
  36. හුටා මේ මොකද්ද යකෝ මේ
    මට තේරුනාද මන්දා
    සිරස් තලයට ලම්බකයක් ගහනවා වගේ දෑනෙනවා
    මං ටක් ගාලා ගිහින් එන්නම් ඈ

    ReplyDelete
  37. හුටා....පිස්සු කොර...ශෘංගාර රසයද මොකද්ද එක එලටම තියනවා..මට නම් දැන් වෙන රසක් එන්නෙ...පස්සෙ එන්නම් ඈ..

    ReplyDelete
  38. රී චාජබල් ටෝර්ච් එකක් නෙමේ වගේ.මේක බලල මගෙත් බැටරි බැස්සද මන්ද.?

    ReplyDelete
  39. එළ කිරි වගේ ලියලා තියෙනවා වැඩක් නෑ කියලා......සම්භාව්‍ය ටෝක් නේ දීලා තියෙන්නේ.....ජය !!!!

    ReplyDelete
  40. මම "පට්ට" කියන්නේ පට්ට කතාවලටය. ඒකියන්නෙ මේක පට්ට නිසයි

    ReplyDelete
  41. චූටි උනාට මමත් කියෙව්වලු ඈ !!
    ජය!!

    ReplyDelete
  42. සිරා මචෝ . මේවට වල කියනවනම් සමහර ඒවාට.........

    ReplyDelete
    Replies
    1. සිරා මචෝ . මේවට වල් කියනවනම් සමහර ඒවාට.........

      Delete
  43. චිත්‍ර රුප මැවිලා පෙනුන නොවැ :ප්
    මරු නියමයි

    ReplyDelete
  44. එල කථාව සෑමෝ. දැන් එතකොට කවුද අමදෝරුවා ???

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...