Tuesday, July 24, 2012

කලිසම, අමුඩය සහ කුට්ටම සමග ජයග්‍රාහකයෝ...



කුට්ටම යනු පුංචි සන්ධියේ සිට කුඩා පිරිමි දරුවන් පනවාගේ ආරක්ෂා කරන්නාවූ වත්තුවක්ය. පුංචිම කාලේ ගම්බිරිස් ඇට කුඩු කොට පුංචි එකාලගේ කුට්ටමට පිඹින සිරිතක් ඒ කාලයේ සිට පැමිණ ඇත්තේය. එකී සියළු උවදුරුවලට මුහුණ දෙමින් වර්ගයා බෝකරන මට්ටම දක්වාම කුට්ටම දිව එන්නේය. එකී කුට්ටම මුහුණ දෙන්නාවූ අපල උපද්‍රව රැසක් සමග සෑමා ප්‍රථම සහ අවසානවතාවට තම බ්ලොග් එකේ ඇසූ ගැටළුවට පිළිතුරු ලබා දුන් ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත්කරන්නේය.

සෑමාට අතීත කතාවක් මතක් වන්නට කාලීන සිද්ධියක් අවශ්‍යය. මෙවන් කතාවක් මතක් වන්නට හේතුව සෑමාගේ අයියාගේ පුතන්ඩියාය. පොර නොහොත් න(ර්)සරි යන වයසේ සිටින පුතන්ඩියා කුට්ටමට කියන්නේ  ‘ඩොංගල්‘ එක කියාය. ඒ සෑමාගේ අයියා පොරට අවයව නාමකරනය කියා දී තිබෙන ආකාරයය. කලක් පොඩි එකා කුට්ටමට කීවේ ‘ඉඤ්ඤා‘ කියාය. නමුත් එය තැනක භාවිත කළ නොහැක නිසාත්, දිව පැටලෙන නිසාත් අයියා ඉගැන්නුවේ පුතේ ‘ඩොංගල්‘ එක කියපං කියාය. එහෙව් පුතන්ඩියා ගේ න(ර්)සරියේ නිල ඇදුමට අදාල කලිසමේ සිප් (Zipper) එකක් අඩංගුය. එය පුංචි උන්ට නිර්මණය කරන කලිසමකට යෙදීම ඉතා භයානකය. ඒ උන් චූ කර ඩොංගල් එක ඇතුලට දමද්දී සිප(ර්) එකට ඩොංගල් එක අසු විය හැකි නිසාය. නිවැරදිව කුඩා ලමුන්ට නිර්මාණය කරන කලිසමක ඉලාස්ටික් යෙදීම සෑහෙන බව සෑමාගේ අම්මා ප්‍රකාශ කළාය. එම ප්‍රකාශය දිගේ සෑමාගේ මතකාවර්ජනය මෙසේය.

කුඩා කාලයේ වැඩිදෙනෙක් ජොකා අදින්නේ නැතිය. ඉතිං අපට මොන්ටිසෝරියේ දී ඇන්දුවේ සිප් එකක් නැති කලිසම් කොටයක්ය. ඉලාස්ටික් සහිත එය ජුන්ඩා එලියට පන්නා මුත්‍රා කිරීමට සෑහෙන්නේය. දැන් කාලේ වගේ නොව ඒ කාලේ ජුන්ඩාගෙන් අපට තිබු ප්‍රධාන අවශ්‍යතාවය මුත්‍රා කිරීම පමණක් නිසා ඊට වඩා යමක් අප සිතන්නට උත්සුක නොවු බව සැබෑවක්මය.

එසේ මොන්ටිසෝරියේදී ඉලාස්ටික් කලිසං කොටය සමග ආරක්ෂිතව වැඩුනු ජුන්ඩා දිනක් ගෙදරදී අදින සිප(ර්) කලිසම් කොටය අතර සිරවීම සෑමාට සිහිවන්නේය. කදුලු පිරි දෙනෙතින් සෙමින් සෙමින් නැවත සිප(ර්) එක දිග හරිමින් තමා ඒ අත්දැකීමට මුහුන දුන්නේ නින්දා සහගත ලෙස වුවද තනියමය. අනාගතය සදාකාලික අදුරු වේ යැයි සිතමින් මෙවන් උවදුරකට ගොදුරු වූ පිරිමි දරුවෙක් සිටිය නොහැකි බැව් කිව යුතුය.

සෑමා පොඩි කාලේ සෑමාගේ අයියා නිවසේ කටයුතු වලදී ප්‍රධාන කර්තව්‍යයක් ඉටුකලේය. ඔහු ඒ කාලේ ලොකුය. ඒ නිසා ඔහු විටෙක නිවසට ඇන්දේ සරමය. සරම හැද අයියා කඩේ වැඩ කටයුතු වලට දායක වුනාද සෑමාට මතකය. කඩේ සල්ලි දමන මේසය තිබ්බේ අයියාගේ ඉන මට්ටමට මදක් පහතින්ය. සැබෑවට කිවහොත් කුට්ටමට සමාන මට්ටමක උසකින්ය. ඔහු විටෙක කඩේට පැමිනෙන අය සමග ගණුදෙනු කොට ලාච්චුව වසන්නේ අතින් නොව ලාච්චුවට ඇග තද කරමින්ය. එවිට ලාච්චුව වැසෙන්නේ කලවා තද වීමෙන් (උස මට්ටමින්) ය. විටෙක කුට්ටම සමගම ලාච්චුවට තද වන්නට ඇතිය. ඒවා ඒ තරම් මතක නැත්තේ සෑමා පොඩි එකා නිසාය.

ඒත් සෑමාට එක දෙයක් මතකය. දිනක් අයියා ඉතුරු සල්ලි ලබා දී ලාච්චුව ඇගින් තද කොට වැසුවේය. ඒ සමගම “හපෝයි..“ කියමින් කුට්ටම දෑතින් බදාගෙන එතැනම හිදගත්තේය. අම්මා, සෑමා, වටවි ඇසුවද පොර කදුලු පෙරාගෙන බිම වකුටුව සිටියා මිස කිසිත් නොකියා අපට බැන වැදුනේය. කිසිත් සිතා ගත නොහැකි අම්මා සහ සෑමා මුහුනට මුහුන බැලුවා පමණක්ය. එහෙත් මොහොතින් නැවත යථා තත්වයට පැමිණි අයියා කියා සිටියේ සරම හැදගෙන කලවා වලින් ලාච්චුවට හේත්තු වෙද්දී කුට්ටම ලාච්චුවට වැටී වැසුනු බවක්ය. එවිට කුට්ටමේ මල්ලේ තිබූ ටීක් බෝල දෙක ලාච්චුවට වැටී ලාච්චුව වැසී ඇත්තේය. මතක් වෙද්දිද සැමැගේ දත් හිරිවැටෙන්නේය. අම්මා නම් කීවේ වැරදි කරුවන් “හතරවෙනි තට්ටුවට“ රැගෙන ගියාම කරන්නේත් ඔය දේම කියාය.

අයියාගේ සිද්ධිය පාසල් සමයේ සෑමාට නැවත මතක් වුනේ තවත් කතාවක් නිසාය. මේ අපේ පාසල් මිතුරෙක් කී කතාවක්ය. “මහ මුහුදු විමානේ - රණ තිසර උදානේ“ ගීතයට හැදුනු කතාවක්ය.

අමුඩය ගසාගත් සීයා කෙනෙක් කුඹුරු වැඩ අවසන නිවසට පැමිණ ආච්චී ලව්වා කෑම පිගානක් බෙදාගත්තේය. එහි තිබී ඇත්තේ බතලය. පිගාන රැගෙන ඔඩොක්කුවේ තබා ගත් සීයා බඩගින්න වැඩි කමට හා බතල ලද සතුටට ගීයක පදයක් කීවේය.

“මහ මුහුදු විමානේ...“

අමුඩය ගසාගත් සීයා ඔඩොක්කුවේ තබාගෙන බතල ගිලින අයුරු දුටු ආච්චී සීයාගේ කුට්ටම දැක මෙසේ ගැයුවාය.

“දෙක බතල පිගානේ....“

කලිසම සහ අමුඩය අතුරින් ඔබේ මනාපය කුමකටද???

Written by sAm_11.30pm_24.07.2012

මෙය සෑමාගේ ප්‍රථම හා අවසාන ප්‍රශ්නයයි. සෑමා රජුගේ සොයාගැනීම අනුගමනය කරමින් ප්‍රශ්න අසන්නට යනවා යැයි සිතා, ගැන නොදත් අය දැමු කමෙන්ටු පිලිබද යම් කනගාටුවක් සෑමාට ඇතිවිය.



සූස්ති ගුණේ July 22, 2012 6:31 PM
හැක..හැක.. 

එක හරකෙක් තප්පුලනකොට අනිකා නගුට වන වනා තප්පුලනවා වගේ! 

අහෝ බ්ලොග් අවකාශය!

Replies

මොනා වුනත් ටිකක් ඇත්ත කතාවක් වගේ :D
ටිකක් නෙවේ ගොඩක් ද මන්දා

මෙන්න වාසනාවන්ත ජයග්‍රාහකයෝ... ඇයි හත් දෙයියනේ ටොයිලට් එකට ගිය හැටියේ හැම එකාම කරන්නේ අනිත් පැත්ත හැරෙන එක නේද???



මධුරංග July 22, 2012 8:45 AM


කරන පලවෙනිම දේ තමා හැරෙන එක !!!
ඇයි යකෝ හැරෙන්නේ නැතුව දොර වහන්නේ කොහොමද... හික්ස් :)

ඒක නෙමේ මේ සිකුරාදා තෑගි ප්‍රශ්නය තිබ්බේ නෑ නේ ? මොකෑ දන්නේ නෑ.



Mee Godayaa July 22, 2012 10:32 AM
හැරෙනවා යකෝ



මඩිස්සලේ නිශාන් July 22, 2012 8:03 PM
ඉස්සෙල්ලම කරන්නේ අනිත් පැත්තට හැරෙන එක
මට තෑගී එපා උඹ රජාට කඩේ යන්නත් එපා :D


111 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අමුඩේ බං අමුඩේ

      Delete
    2. සැහැල්ලුයි - සනිපයි - දේශීයයි !

      Delete
  2. රැල්ලේ කතාව ඇත්ත වගේය :D

    ReplyDelete
    Replies
    1. අපොයි රැලි නැත.. අපේ ගමන සමතලය :)

      Delete
  3. අම්මෝ ... බ්ලොග් අවකාශෙ එන් එන්නම දරුණු වෙනවද කොහෙ ද.
    කොහේද බං උඹ පහුගිය දවස්වල ගිහින් හිටියෙ. කමෙන්ට්වලට රිප්ලයි වත් නෑ. වැරැද්ද කම්පැනියෙ, බොට කාර් එකක් අරන් දුන්න එක. :)

    ReplyDelete
    Replies
    1. පට්ට බිසි මචං.. මහ රෑ වෙනකල් ඉදලා මේ පෝස්ටුව දැම්මේ. දවස් දෙකක් හලාවත පැත්තේ හිටියේ. අනිත් බ්ලොග් බලන්නත් ඕනේ..

      ස්තුති මචං..

      Delete
  4. පවු බන් අයියට උන සීන් එක
    මගේ ඇඟත් හිරිවැටුනා ඒක කියවද්දි

    ReplyDelete
    Replies
    1. මගෙ දත් හිරිවැටෙනවා බං මතක් වෙද්දි !

      Delete
  5. මේ පේලිය දැක්කම ඇස් හීනි කරගෙන කියෙව්වේ

    //ලාච්චුව වසන්නේ අතින් නොව ලාච්චුවට ඇග තද කරමින්ය//

    මම හිතුවා මුල් සැරේ අහුවුනාම තමා කියලා.ඒත් එහෙම නොවිච්චි හන්දා දිගටම කියෙව්වා ඇස් ලොකු කරගෙන ඒ පාර සිරාවටම අහුවෙලාලු ඇඟ හිරිවැටීගෙන ගියා සැමෝ...

    "නොවන් මෙවන් විපත්"

    ඒක නෙමේ සැමයියේ දැන් ඔය දොර කකුලින් තල්ලු කරලා වහන්න බැයිද?? මම නම් හැරි හැරි වහන්නෑ දෝයි ගාලා දොර තල්ලු කරගෙනමයි යන්නේ...

    හැබැයි දවසක් ඔහොම වැසිකිලියකට ගිහින් වහන්න දොරක් හොයද්දි තමා ගින්දර පත්තුවුනේ මොකෙක් හරි එකෙක් දොර ගලවලා දාලා....

    ReplyDelete
    Replies
    1. දොර කකුලෙන් වැහුවත් මචං ඇතුලෙදි හැරෙන්න වෙනවා කලිසම ගලවන්නත් කලියෙන්. මොකද කොමඩ් හයි කරල තියෙන්නෙ හැරිලා කක්කා දාන්න නොවැ.. :ඩී

      දොර මොකටද බං වැඩේ වෙනව නම්.. :)

      ජය !

      Delete
    2. dora wahanna issella watura 1 gahan nisa dewaniyata tama anit pettta harenne..:P

      Delete
  6. මේක නම් බ්ලොග් පොලෝසියෙ උදවිය උදහට ලක්වෙන විදිහේ ලිපියක් සෑමෝ...

    ReplyDelete
  7. මාත් කියෙව්වා ඉතින් අච්චෝ........................................... :)

    ReplyDelete
  8. //දැන් කාලේ වගේ නොව ඒ කාලේ ජුන්ඩාගෙන් අපට තිබු ප්‍රධාන අවශ්‍යතාවය මුත්‍රා කිරීම පමණක් නිසා ඊට වඩා යමක් අප සිතන්නට උත්සුක නොවු බව සැබෑවක්මය.
    අනේ මන්දා ඉතිං...

    ReplyDelete
    Replies
    1. හා බොරුද?

      දැන් අපිට චූ කරනවට වැඩිය වැඩ තියෙනවා අහවල් එකෙන් කරන්න.. :පී

      Delete
  9. ලාච්චුවට අහු උනාම ආයෙ ගන්න දෙයක් ඉතුරු උනාද..ඒටික කියවද්දි මටත් කුට්ටම ඇල්ලුනා..ඇඟ හිරි වැටුනා.. බුදු අම්මෝ!!!

    මේ කථා වැඩක් නෑ තෑග්ග ඕනේ.. බොරු පොර්න්දු දුන්නොත් යවනවා දියවන්නාවට... අවුරුදු 6කට ආතල් ගන්න

    ReplyDelete
    Replies
    1. දියන්නාවට යවනව නම් තෑගි දෙන්නෙම නැහැ.

      පුළුවන්නම් දියවන්නාවට මාව යවපං කෝ..

      Delete
  10. ඒ පාර මොකාටද එන්න හදන්නෙ මහත්තයො? ලොකු තැන්වල උදහසට ලක්වේවි ඔන්න.

    ReplyDelete
    Replies
    1. අනේ නෝනා කරුනා කර මේ අහන්නකෝ
      ලොකු තැන්වල ඉන්නා අය කියල දෙන්නකෝ

      Delete
  11. අයියා ඊට පස්සේ සෑහෙන පරිස්සම් වෙන්න ඇති... :)

    ReplyDelete
    Replies
    1. දරුවෝ දෙන්නෙක් හදනකල් ප්‍රරෙවේසම් වුනා නොවැ..

      Delete
  12. ලෝකේ තියෙන වෙදානකාරම දේ තම ඔය ලාච්චිවට අහුවෙන එක. ෂිප් එකට අහුවුන වාර අනන්තයි. අප්පෝ වින්ඳ දුකක් ඒ කාලේ..

    ReplyDelete
    Replies
    1. ෂිප් එකට අහුවෙනවා කිව්වේ නැවකටද බං??

      තව ඉස්සරහට වේදනාකාරී අහුවීම් තියෙයි සහෝ.. ජීවිතේ දුකාාාාාායි !

      Delete
    2. නෑ නෑ... සිප් එක...

      Delete
    3. ඔන්න අපිව නම් ෂිප් වලට අහු වෙනවා :-)

      Delete
    4. එච්චර ලොකු එකකට ?

      Delete
    5. සෙනාගේ රස්සාවනේ..

      Delete
  13. අනේ පව් දෙය්යනේ...:D

    ReplyDelete
    Replies
    1. මමද? කුට්ටමද? අයියද? කලිසමද? අමුඩෙද?

      Delete
    2. මෙන්න පෝස්ට් එක තරම්ම හොඳ කමෙන්ට් රිප්ලයි එකක් සෑමාගෙන්!!! :D :D :D
      henryblogwalker the Dude

      Delete
    3. සෑම් පොඩ්ඩි ඔතන අනේ පව් කිව්වෙ ඔයා හිතන දේවල් වලට නෙවේ,,, ලාච්චුව ට.! :D:D

      Delete
    4. :D :D :D
      මේ ඇතැම්විට වින්චැට් කිරිල්ලි ලියූ හොඳම කමෙන්‍ටුව විය හැක. :D LOL
      This is probably the best comment made by Winchat Kirilli
      "Probably the best beer in the world" යන Carlsberg දැන්වීමේ ආකෘතියට නිර්මාණය කරන ලදි.
      henryblogwalker the Dude

      Delete
    5. හපොයි මෙයා වින්චැට් නේන්නම්.. මෙච්චර කල් මම ඕක කියෙව්වෙ චිට් චැට් කියලනෙ.. දැන් ඩූඩ් ඉංග්‍රීසියෙන් දාපුවම තමයි හරියට කියෙව්වෙ... චැක් හ්..

      Delete
    6. හෙන්රියා මාර ෆන් එකක් දීල නොවැ..

      හිනා යනවා බං..

      Delete
    7. අපොයි හතරවරං දෙයියනේ සෙන්නා මෙච්චර කල් තව මොනා මොනා හිතාගෙන උන්නද දන්නෙ නෑ...ස්තූතියි the Dude මහත්මයාට...:D:D.

      Delete
  14. ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහිබුද්දියෙං කියවිය යුතුය. නැතිනං "මිස් අන්ඩර්ස්ටෑන්ඩ්" වේ

    ReplyDelete
    Replies
    1. ලියන්නා කිව්වේ වෙනි අයියද ?

      Delete
    2. නම වෙනස් කරන්න කීප වාරයක් හිතුවත් දැන් පරක්කු වැඩී.. මොකද අනාගතෙදි උනත් මාව ගොඩක් වැරදි වලට මාට්ටු වෙන්න තියෙනවා මේ ලියන්නා නම නිසා..

      Delete
    3. හිකිස්.. වැරදියට වටහා ගන්න එපා සහෝ.. මේක මට කියල ඇත්තේ... කවි කෝමත් මට මඩ ගහනවා ආදරේටද මන්දා.. ;)

      Delete
    4. වෙනියා, උඹ ඔය හො‍ටු බ්‍රේකර් ‍රැවුල වෙනස් කරලා බලපං බං, එතකොටවත් හරියයිද කියලා.
      henryblogwalker the Dude

      Delete
  15. සෑමෝ .. මන් මේ හොඳින් කියන්නේ.. උඹ මගේ බ්ලොග් එක පැත්තේ ආවේ නැත්නම් මම උඹේ +++++= ලාච්චුවට දාල වහනවා කවදා හරි හම්බවෙච්ච දාට

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඇවිත් ගියා ඕං !


      යකෝ මම ෆලෝ කරල තියෙන්නේ.. බැලිලා නැහැ නොවැ..

      Delete
    2. කපුටා හැම සතාගේම මස් කනවලු හැබැයි ඒ කන එකෙක්වත් කපුටු මස් කන්නේ නැතිලු.. ..

      Delete
    3. හිකිස් අවුලෙන් වගේ :පී

      Delete
  16. හත්තිලව්වෙ සැමා අයියේ මගේ ඩොංගල් එකත් ටීක් වෙලා ගියා..බොරු කියන්නෙ මොකටද තරුවත් 7 වසරෙ වගේ ඉන්න කාලේ සිප් එහෙකට ඔහොම දෙයක් කරගෙන අන්තිමට සිප් එක ඉතුරු වෙන්න කලිසම කපලා එහෙම්ම ඉස්පිරිතාලෙට ගෙනිහින් හිරිවට්ටලා අයින් කලේ..හපූයි මතක් වෙනකොටත් ඩොංගල් එකට මොකද්ද වෙනවා..

    ReplyDelete
    Replies
    1. තාම හිරි වැටිලාලු ..

      Delete
    2. සරත් මම මේ දැං අහන්න හැදුවේ ඕක තමා..

      තාම හරියට වැඩ නැතුව ඇති. හිරි වැටුනම ඉතිං පව් ජීවිතේ..

      Delete
  17. කලිසම වගේද අමුඩේ.. සිසිල් සුළං සමග හොඳ වාතාශ්‍රයක්. ලාච්චු වලට අහු වෙන්නෙත් නෑ (ලේසියෙන්). සිප් නැහැ.. තව මොනවද ?

    ඒත් අමුඩේ අඳින්න පින් කරලා තියෙන්න ඕනි. අපි එහෙම නෑ..

    අපේ මහ වෙදනත් අමුඩය ගැන කතා කලා දවසක්.

    ඒ වගේම අර කාරණය කර ගන්න 4 වෙනි තට්ටුවට යන්න ඕනිම නැහැ. ඒ වගේ දේවල් වලට බලය විමධ්‍යගත කරලා නිසා ප්‍රාදේශීයවත් කරගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. විමධ්‍යගත කළ බලය මගින් කැළනියේද 4වෙනි තට්ටුවේ කාර්්‍යය කර ගත හැකි බැව් සන්තෝසයෙන් දැනුම් දෙමි..

      ;)

      Delete
  18. ෂෝට........

    ReplyDelete
  19. මචං උබ දන්නවද දණ්ඩ නීති සංග්‍රයයෙත් කුට්ටම ආරක්ෂා කරන්න විධිවිධාන සකස් කරලා තියෙන විත්තිය. කෙනෙක්ගේ පිරිමිකම නැති කලෝත්.. ඒ කියන්නේ යම් කෙනෙක් තව එකෙක්ගේ කුට්ටමට හානි කලොත් හෝ දරුවෙක් හදන්න බැරි තත්වයක් ඇති කලොත් ඒ කෙනාට දඩුවම් පනවන්න පුලුවන් ලූ...

    අපේ මලයට අධිකරණ වෛද්‍ය විද්‍යාවට කියලා තියෙන්නේ ඕකේ හරිම නීති වගන්තිය මම් උන්දැගෙන් අහලා කියන්නම්....

    මම නම් කියන්නේ අමුඹේ පට්ට !!! හුලනුත් වඳිනවා නෙව.. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. අම්මද බොල ස්භාවධර්මයෙන් කුට්ටමට හානි වුනොත් වන්දි ගෙවන්නෙ නැද්ද මචං. උඹට චාන්ස් එකක් තියෙයි එහෙනම් :ඩී

      අඹුඩේ මම ඇන්දොත් නම්.. කෝටු කෑල්ලකට ගහලා කොඩියක් දැම්ම වගේ තියෙයි.

      ඒ උඹ අර ප්‍රශ්නයේ ජයග්‍රාහකයෙක්..

      Delete
  20. අම්මො....!අමගෙත් අනන්ත අහුවෙලා තියෙනවා බං ෂිපර් එකට.
    ඇත්තට අපේ පැත්තෙ එන්නෙත් නෑ නොවැ උඹ..!

    ReplyDelete
    Replies
    1. බිසී වුනා මචං.. මේ ටිකේ පහුගිය ඒවා රිකව(ර්) කරගෙන යනවා..

      ජය !

      Delete
  21. සිපර් කේස්එක නං මටත් වෙලා තියනව. ඒ ඇබැද්දිය නොවුන එවුන් ඉන්නෙ කලාතුරකින්.

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔවු මචං. කොච්චර කල්පනාවෙන් කලත් කොන අහුවෙනවා..

      හැබැයි මුස්ලිම් සහෝදරයින් බේරිලා ඇති ඕකෙන්..

      Delete
  22. රට අමුඩ නෙ දැන් අඳින්නෙ.. කොහොමද ක්‍රිකට් ගහද්දි බෝලෙ කූට්ටමේ වැදුනහම සනීපෙ. මතක් වෙනකොටත් යටි බඩ රිදෙනවා රිදෙනවා වගේ දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ... මතක් කරන්න එපා..

      Delete
    2. ඒක නම් ඇත්තබං....අම්මෝ...###&***

      Delete
  23. 1. අපි කලිං ඔපීසියේ වැඩකරන කාලේ දවසක අපේ යාළුවෝ සෙට් එක ගල්කිස්සේ මුහුදුවෙරලෙ ගියා පොඩි ෆන් එකක් ගන්න.. ඒ අස්සේ අපිට වඩා අවු. 5ක් විතර බාල පොඩි එකෙක් අපිත් එක්ක ඇවිත් පොරේ එක්කං යන්න කියල.. මුගෙන් බේරෙන්නම බැරිම තැන එක්කං ගිහින් කට්ටියත් එක්ක මුහුද මැදදි මුගේ කලිසම ගලෝල ‍වැල්ලේ කෝටුවක් හි‍ටෝලා කලිසම එල්ලුවා.. අනේ පව් අර මහ සෙනග මැද්දේ පොඩි එකා ඩොංගල් එක අතිං වහගෙන බාගෙට අඩාගෙන ඇවිත් කලිසම ඇදගත්ත.. එදායින් පස්සේ පොර වැරදිලාවත් අපි යන පාරකවත් එන්න නං හැදුවේ නෑ..

    2. මගේ හොදම මිත්‍රයෙක්ගේ දැන‍ට අවු 4 කට විතර ඉස්සෙල්ලා එක ටික් බෝල‍‍යක් සැත්කමකින් අයින් කලා.. ඔය පුංචි සංදියේ‍ බෝල වගේ ඒවා වැදිච්ච උන් ඉන්නවානං බලා ගන්න දැන්මම.. නැත්තං එකෙන් තමා ගේම රන් කරන්න වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. තනි එකෙන් පුලුවං ලු ගේම රන් කරන්නට.. ඒත් එවන් අවාසනාවක් කාටවත් නොවේවා.

      එතකොට බැලන්ස් නැති වෙලා පැත්තට ඇල වෙනවද බං???

      Delete
  24. අමුඩේ බං. හතර වෙනි තට්ටුවටම යන්න ඕනද ඉතින් ඕකට.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. රෙපාට අමුඩයක් ගැහුවම කෝමට තියෙයිද බං. මට මැවිල පේනවා :පී

      Delete
  25. හම්මෝ මගේ ඩොන්ගල් එක කීපාරක්‌ නම් සිප් එකට අහු වෙලා ඇද්ද.මතක් වෙද්දීත් හූ තියන්න හිතෙනවා.රාගම පොලිසියේත් දැනට දශක ගානකට පෙර කුට්ටම ලාච්චුවට දමා වසලා දෙන දඩුවමක් තිබ්බලු.

    ReplyDelete
    Replies
    1. අම්මද බොල රාගම පොලිසියේ.. මේ මොහොතේ මම දැන් ඒ කිට්ටුව ඉන්නේ.. බයේ බැහැ..


      ඩොංගල් එක පරිස්සම් කර ගනින් පුතා. !

      Delete
  26. පව් දෙයියනේ :පී

    ReplyDelete
    Replies
    1. මමද? කුට්ටමද? අයියද? කලිසමද? අමුඩෙද?

      Delete
  27. හි හී මේ වැඩේ මටත් වෙලා තියන්වා 2 - 3 වසර වල, සෑමා වගේම මාත් තනියම කුට්ටම බේර ගත්තා,
    හැබැයි මේ වැඩේ මගේ කැම්පස් බැචෙකුට වෙලා තිබ්බා, _තේ ගහන්න ගිහිල්ලා. හයේ හතරේ එකෙක්. ඉස්පිරිතාලේ අරන් ගිහින් ජුන්ඩ නිද්හස් කර ගත්තේ.
    හිතා පල්ලල්කෝ අලි සයිස් එකෙක්, ඩොන්ගල් එකේ සිප් එකේ කෑල්ලකුත් එල්ලගෙන ඉස්පිරිතාලෙට ගියාම වෙන රගේ

    ReplyDelete
    Replies
    1. අපොයි ඩොන්ගලේ කපාගෙන කැලේකට රිංගුව නම් ඒ තරම් ලැජ්ජාවක් නැහැ නොවැ..

      හිකිස්...

      Delete
  28. අලේ උඹට වගේම සෑමා මගෙත් කලිසමේ සිප් එකට සම්පූර්ණයෙන්ම වගේ ඩොංගල් එක අහුවුනානෙ දවසක්... අම්මෝ එහෙම වේදනාවක් විදපු උං තමා දන්නෙ... කට හපාගෙන අනිත් පැත්තට ආයෙත් සිප් එක අදිනකොට තමා දහසක් තරැ පායන්නෙ...

    ReplyDelete
    Replies
    1. කෝමද සැප.. ඩොංගලේ නැතිව ඉපදුනානම් සැපයි කියල හිතෙනව නේද හිර වෙලා ඉද්දි :ඩී

      Delete
  29. හපොයි මට ඉස්සර අමුඩෙ පෙන්න බෑ. අපේ තාත්තා මං පොඩි කාලෙ බය කරනවා තාත්තා අමුඩයක් ගහනවා කියලා.

    ඉස්සර ටීවී එකේ ඇඩ් එකක් යන්නෙ සුඑන්සු කියලා.ඒ ඇඩ් එකේ කුඹුරු කොටන දර්ශනයක් තියෙනවා අමුඩ ඇදන්.මං ඒ වෙලාවට දුවලා ගිහින් ටීවී එක වහ ගන්නවා තාත්තට පෙනෙයි කියලා. :D

    ReplyDelete
    Replies
    1. //අපේ තාත්තා මං පොඩි කාලෙ බය කරනවා අමුඩයක් ගහනවා කියලා//

      අමුඩ ගහන අයත් ඉන්නවලු නේද ?

      Delete
    2. දිව ඔසුවකි සුවෙන් සූ.. දිව ඔසුවෙකි සුවෙන් සූ...

      ඉස්සර මට මතකයි ‘ඩේන්ටී රස පැන‘ යනවෙලාවේ මේ ඇඩ් එක යනවා.

      ඉරිදා දවල් නේද ?

      Delete
    3. ඇයි සෑමෝ,, දියවැඩියාව නොහොත් මධුමේහය සම්පුර්ණයෙන් සුවකළහැක..(උස්වත්ත වෙදා)මතකද?

      Delete
    4. හිකිස්.. හැක හැක..

      මතක් වුනා බොල.. අනේ මරු ඇඩ් බං..

      Delete
  30. Replies
    1. නොහැක නොවි හැක හැක නම් හොදයි..

      Delete
  31. පවු යකෝ අයියා ,මූ ඌව කුජීත කරනවා .....

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ. පොර මං වගේ සැලෙන්නෙ නැහැ :)

      Delete
  32. ඩොන්ගල් එක්ස්පීරියන්ස් එක කාටත් පොදු දෙයක් වගේ... මොක කරන්නද ? කොල්ලෙක් වෙලා සිපර් එක තියන කලිසම් අඳිනකොට ඔහොම වෙනවා.. :) නොවුන එකෙක් දන්නේ නෑ නේ ඒ ආතල් එක.

    ReplyDelete
    Replies
    1. හූඌඌ....හොඳ වැඩේ කොල්ලන්ට..දැන් මෙතන එක කෙල්ලෙක් කියල තියනවද ඔය වගේ වෙච්ච කිසිම ඇබැද්දියක්??? හොඳම වැඩේ..

      Delete
    2. එයාලට වෙලා තියෙනවා.. හැබැයි කෙස් ගස් පැටලිලා.. :පි

      Delete
  33. ලාච්චු කතාව ඇඟ කීරී ගස්සයි!

    ReplyDelete
  34. සිප් එකට අහුඋනාම, සිප් එක ලොක් වෙලා තියන පැත්ත කපන්න ඕනෙ.( පොඩි කතුරකින් ) පටාර් ගාල සිප් එක ඇරෙනව.
    ....හොද වෙලාවට අපේ මල්ලිලා බ්ලොග් නොලියන්නෙ

    ReplyDelete
    Replies
    1. හොඳම උපදේශය. ස්තුතියි!
      කම්මල්කාරයෙක් වුනේ නිකංයෑ!
      henryblogwalker the Dude

      Delete
    2. කම්මල තමා..

      අතපය එහෙ මෙහෙ වෙලා කොන කැපුනොත්... ජාතිය ආගමත් වෙනස් කරන්න වෙනවා !

      Delete
  35. හික් හික් කුට්ටම රැකුනොත් ඇති.

    ReplyDelete
    Replies
    1. කුට්ටම දෙවියන් ලබා දුන් දායාදයකි. කොළ 52කි.. අහ් ඒක බූරු කුට්ටම නේද ?

      Delete
  36. කොල්ලෙක්ට ඉහත කී ඩොංගලේ අත්දැකීම නැත්තං වැඩකුත් නෑ සෑම්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. එහෙව් ඩොංගලයක් තැලී සීරීම් තෙරපීම් වලට ඔරොත්තු දෙන එකක් නැහැ !

      Delete
  37. අප්පොච්චියෝ....... ;) :) ;) ;)

    ReplyDelete
  38. මං පරක්කුවුනා බොලේ....අද ලයිටි ආවෙ 3.00 ට

    කලිසම ඇන්දත් වැඩි දෙනෙක් යටට අදින්නෙ අමුඩෙ හින්ද දෙකම හොදයි...(හැබැයි මට නෙවෙයි)

    ඩොංගලේ සිපට අහුවුන කේස් එකක් ඉස්සර "සත්සිරි" පත්තරේ "නෑ එයාට ඒඩ්ස් නෑ" චිත්‍රකතාවෙ ගියා. මතකද....?

    ReplyDelete
    Replies
    1. කතාවනම් මතක නෑ.. හැබැයි නම මතකයි. කවුද ඇන්දෙ කියලත් මතක නෑ.. අයියෝ ඒපත්තර ආසාවකටවත් දැන් නෑ.. මෙදා සැරේ නිවාඩුවට ගිය වෙලෙත් මම පත්තර කඩ ගානක බැලුවා.. ම්හ්හ්.. උන් කින්ඩියට හිනා වෙනවා දැන් ඒ පත්තර ගැන අහපුවම..

      Delete
    2. සුමියා අපි උබට සමාව දීල තියෙන්නේ පමා වුනත් කමක් නැහැ. මොකද දැන් උබ ලියන්නත් තියෙනව නොවැ. :)

      සත්සිරි/සිත්තර/ වගේම සුමියා කියන ඔය කතාවෙ නමත් මතකයි. කැමිලස් ප්‍රකාශන නොවැ ඔය පත්තරේ කලේ. දැන් නැහැ මගෙ හිතේ. ඒ පත්තරේ නම දාල තිබ්බ ෆොන්ට් එක සිරා නේද?

      @සෙන්නා- ඒ පත්තර තියා චිත්‍රකතා පත්තරයක් හොයා ගන්න නැහැ මචං දැන්..

      Delete
    3. කතාවෙ චිත්‍ර ඇන්දෙ ඉන්ද්‍රජිත් රංජන් ලියපු කෙනාගෙ නම මතක්වෙන්නෙ නෑ. කතාව ඉවරවුනාට පස්සෙ නවකතාවක් විදියට ප්‍රින්ට් කරලා කැමිලස් එකෙන්ම බෙදාහැරියා (රු.35/=)

      සෑමට පුළුවන්නෙ අහලා බලන්න "නෑ එයාට ඒඩ්ස් නෑ" පොත තාම තියෙනවද කියලා.

      Delete
  39. හප්පා කොහොමද ඒ කතාව..... හී හී

    ReplyDelete
  40. කොහොමද ඒක.. රෙදිත් නෑ,,.. එල

    ReplyDelete
    Replies
    1. රෙදිත් නැහැ රෙදි වැලෙත් නැහැ !

      Delete
  41. පැංචා සන්ධියෙ නම් මදෑ ... කරදඬු උස් මහත් වෙලත් හිර වෙලා තියෙනව ඕං ...

    ReplyDelete
    Replies
    1. අපොයි විනාසයි... එච්චර හදිස්සියෙන්ද දොට්ට දාලා ඇතුලට දාන්නේ ?

      Delete
  42. සිවිල් පිට සරම විතරක්,,,,,ආසයි නේ! ;)

    ReplyDelete
  43. ඉස්සරහින් කට් එකක් දාපු කලිසමට

    ReplyDelete
  44. ///“දෙක බතල පිගානේ....“///

    බතල කෑවෙ මොනා එක්කද දන් නෑ නේ ?? :ප් සැරට තියෙන්නෙ ඇති

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...