Tuesday, July 17, 2012

අභිසාරිකාවන්ගේ උන්මාද 'හඩ' අතරේ...



මෙතැන පටන් ඇය නීතා ලෙසත් - ඔහු අමල් ලෙසත් හැදින්වෙන්නේය.

අමල් දිනක් රැයක හදිසියේ ෆේස් බුකියේ සෑමාගේ චැට් බොක්ස් එකෙන් මතුවිය. රැයේ පාරේ දුවන හොරෙකු දැක බුර බුරා පනින බල්ලෙකු මෙන්, බුර බුරා නැගෙන රාගයෙන් ඔහු දැවෙන්නේය. ඒ අභිසාරිකාවක් සොයා ගැනීමේ අභිලාෂය පෙරටු කොට ගෙනය.

අමල් - සෑමා බඩුවක නම්බර් එකක් දියං කෝ..

සෑම් - හිටු බලන්න.. (තමා ලග නැති වුනත් සෑමා මිතුරාගේ දැවෙන ගින්නට පිදුරු දමන්නට සැරසුනේය.)

අමල් - අඩෝ දියන් කෝ..

සෑම් - මෙන්න මචං.. 0777 *** ***. මාව නෝන්ඩි කරන්නෙ නැතුව වැඩේ කර ගනින්. අපේ ඔපීස් එකේ කෑල්ලක්. බඩ්ඩක් නෙවේ බං පොඩි ආතල් සීන් එකක්.

අමල් - හරි හරි බං මම දැන්ම ගන්නම්... 

අමල් දැන්ම කෝල් කරන්නම් කීවාට එවිට වේලාව මධ්‍යම රාත්‍රිය ඉක්මවා තිබුනේය. උක්ත අය යනු, වයස 52 ඉක්මවූ, කොට, හුරුබුහුටි, සාරි හැද පබළු වැලක් ගෙල වැලදාගෙන, ලාලිත්‍ය ස්භාවයෙන් කතා කරන ඇයක්ය. එතැන් සිට සිදු වූ දේ කඩින් කඩ වාර්ථා කලේ අමල්ය.

පසුවදා..

අමල් - මචං ඒක නාකි කෑල්ලක් නේද බං?

සෑම් - නැහැ බං. එච්චර වයස නැහැ. ඒත් කටහඩ අවුල්. උඹ කතා කළාද?

අමල් -ඔව් බං ගත්තා. හුරතල් විදිහට කතා කළා. කියන දෙයක් පැහැදිලි නැහැ බං. වෙවුල වෙවුල කෑගහන සද්දෙකින් කතා කලේ.

සෑම්- අනේ මන්ද බං ඕනෙ මගුලක් කරපං. මාව ශේප් කරලා.

ඊට පසු දිනෙක ඔපීසියේදී සෑමා සිටින තැන ඇයට කෝල් එකක් ආවේය. ඒ අමල්ය.

ඇය - ආ.. ගුඩ් මෝනිං අමල්.

අමල් - ***

ඇය - එහෙමද? අද දැක්කෙත් නැහැනේ ඔයාව.

අමල් - ***

ඇය - හරි හරි ඔයා නෙවේ කියනව නම් අපි හම්බුනාම බලා ගමුකෝ. මම තියන්නම්..
සෑමාගේ ඇස් නිලංකාර විය. අමල් ඇය අල්ලාගෙනවත්ද? ඇය අමල්ව වසගයට ගත්තා වත්ද? එහෙත් ඇය යනු එතරම් නරක කාන්තාවක් නොවේමය. ඇය කතාකරන භාෂා ස්වරූපය නිසාම ඇගේ අංකය අමල්ගේ දුරකථනයේ සේව් කරවූයේ සෑමාය. ඒ වැරදි චේතනාවකින් නොවේමය. අමල් ලොරි ටෝක්ස් වුනාට වැඩ කන් හැන්දෙන් බව දන්නා නිසාත්, ඇය යනු නරක ඇත්තියක් නොවන නිසාත්, වැඩි භජනයට ආවහොත් අමල් හොද කතන්දර අසා ගන්නා බව දන්නා නිසාමය. ඒත් මුන් දෙන්නා මෙච්චර ලං වූයේ කෙසේද? ඇය කී පරිදි මුණ ගැසෙන්නට සැරසෙන්නේ කොහේදීද?

සෑමාගේ දුරකථනය නාද වූයේය.

අමල් - මචං වැඩේ ගොඩ.

සෑම් -මොන වැඩේද බං?

අමල් - අර කෑල්ල (52ක කාන්තාව මූට කෑල්ල වූ අපූරුව) හම්බුනාම බලා ගමුකෝ කිව්වා. ඇයි දන්නෙ නැහැ බං එක පාරට. ඊයෙත් මට බැන්නා. අද උදේ හම්බවුනාම බලා ගමුලු. :)

සෑම් - එහෙමද? පරිස්සමෙන් හැබැයි.
එදා දහවල කෑම ගනිද්දී කැන්ටිමේදී....
ඇය, සෑමා තව කිහිප දෙනෙක් සිටියෝය. ඇය කෑම දිග හැරියේය. "බලන්න අප්පා අපේ අමල් මට විහිළු කරනවා ෆෝන් එකෙන්. මහ රෑටත් කතා කරනවා. පිස්සු කොල්ලෙක්. ඕක බැන්දම හරි යයි." සෑමාට කන වැටුනේ එපමනක්ය.

ඉන්පසු කැන්ටිමේ දොර ලගින් මතු වූයේ අප ආයතනයේ සිටි අමල්ය. ඔහු දුටුවිට සෑමාට සිහි වුයේ තමාට අමතක වූවත් ආයතනයේද අමල් කෙනෙක් සිටි බවය.
"අහ්.. මිස් තනියම ලන්ච් ගන්නවා වගේ...  " අමල් සුපුරුදු පරිදි ඇය දුටු විට කරන්නා වූ විහිළුවක් කලේය.

"ඔව් ඉතිං, මහ රෑට වුණත් මට කෝල් කරලා, කෑවද, බිව්වද, නිදාගන්නෙ නැද්ද, නිදිකරවන්නද අහන්නේ ඔයා විතරනේ..."

අපේ අමල්ගේ සිහි විසඥ්ඥ නොවීම ගැන සෑමා සතුටු වුනේය. ඒ අතර කැන්ටිම පුරා ගලා ගියේ අල, ලූණු හැපුනු දසන් පෙන්නා ඇදුනු සිනාවක්ය.

අමල් එදා සිට විනාසය....

Written by sAm_7.37am_17.07.2012

83 comments:

  1. ඔය වගේ වැඩ කරන්න එපා යකෝ... :)

    ReplyDelete
    Replies
    1. දෙන්නගෙම හැටි මනා අවබෝධයෙන් සිටි නිසාම කලෙමි..

      නැත්තම් නොකරමි..

      :)

      Delete
  2. හපොයි දෙයියනේ.... මේවා භයානක වැඩ බොලව් උක්ත ආඛ්‍යාත පැටලිලා අදාල තැනැත්තිට මොනාහරි උනානම් බඩුම තමයි.

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ බං. මට පට්ට සුවර් එකක් තිබ්බා අලාභානියක් නොවන වගට..

      :ඩී

      Delete
  3. අනේ දෙයියනේ...
    මේ මොකෑ මේ?????

    ReplyDelete
  4. හපොයි පව් දෙයියනේ

    ReplyDelete
  5. Replies
    1. මූ කවරෙක්දැයි නුඹ දන්නෙහිය.. :)

      Delete
  6. ගිණි තියන්න එපා යකෝ ඔවා සෙල්ලං නෙවේ...

    ...........තව මදිවට මෙකෙත් පබ්ලිෂ් කළානෙ... :(

    ReplyDelete
    Replies
    1. පබ්ලිෂ් කලාට අදාල කිසිවෙක් නෙදකී...

      එසේම මීට වඩා ගේම් දෙන එවුන් මේවා කියන්නේවත් අගවන්නෙවත් නැත්තේමය.

      හුදෙක් කිසිදු අවුලක් නොවන බව දන්නා නිසා කලෙමි. එසේම අවුලක් නොවී සිනහවෙන්ම සමතයකට පත් වූ නිසාම ලිවීමි..

      ප්‍රහාරකයාට ජය !

      Delete
  7. // අමල් - සෑමා බඩුවක නම්බර් එකක් දියං කෝ.. //

    ප්‍රශ්නයක් ඇත. දන්න කියන එවුන් කතා කර බඩුවල නම්බර් ඉල්ලන්නෙ සෑම් ළඟ කලෙක්ෂන් එකක්ම තිබෙන නිසා විය හැක. නැත්නම් දෙයියනේ මේ අපෙනුත් ඉල්ලන්න එපෑයෑ. උඹ නවද ඉඳන්ද බං ඒ ජොබ් එක කරන්නෙ. එව්වයින් වෙන වෙන වාසිත් ඇති නේ ද? හෙහ් හෙහ් .....

    ReplyDelete
    Replies
    1. අඩේ නැහැ මචං...

      සමහර එවුන් මෝල කර වුනාම ඔන්ලයින් ඉන්න දන්නම යාලුවෙක්ගෙන් ක්ෂණිකව ඉල්ලනවා නම්බර්. එහෙම සීන් එකක් මට වුනේ.

      ඕනේ නම් හොයලා දෙන්නම් 55ට වැඩි ඒවා..

      Delete
  8. බඩු පාවිච්චි කරන්නේත් ඩයලොග් වගේ :D

    ReplyDelete
  9. සෑමෝ ඔන්න ඔහේ මටත් නම්බරයක් දියන්....

    ReplyDelete
    Replies
    1. හිටු ඩිරෙක්ටරිය බලන්ට..

      Delete
  10. හපොයි සැමෝ !!!

    උඹට යුතුකමක් තිබ්බා ස්වයංපාපොච්චාරණයකට :)

    ReplyDelete
    Replies
    1. ඒක එතනින් හිනාවකින් අහවර වෙද්දි මොන පාපොච්චාරණද බං ?

      :)

      Delete
  11. හපොයි සෑමා හෙනම නොසන්ඩාලයෙකි.......

    ReplyDelete
  12. උඹත් දෙන ලණු

    මාත් ඉතින් ඔය වගේ ඒවා කරලා තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ.....ඔය තියෙන්නෙ........දීකිරට බළල්ලුත් සාක්කිලු... ;)

      Delete
    2. @සුමියා - මම උඩින් උඹට දිපු රිප්ලයි එක සාධාරනයි නේද ? ;)

      බය නැතුව දැම්මේ කාටවත් කරදර නොවුන නිසා.. :ඩී

      Delete
  13. සෑමාව කන්ටෑක් කරන්ඩ වටින කොල්ලෙක් නෙව. ඒ උනාට මේකා මොන ගිනි ගෙඩියක් දෙයිද මන්දා !

    ReplyDelete
    Replies
    1. හිකිස්.. උඹේ නම්බරේ තියෙනව මගෙ ලග :ඩී

      Delete
  14. බලු වැඩ කරන්ඩ එපා යකෝ... ඔය නීතා බ්ලොග් බලනවනම් සිහි විසඥ වෙන්න්නෙ අමල්ට නෙමේ බොට.

    ඒ මදිවට වේලෙන්ඩත් කලින් ඒක පත්තරෙත් දාලා..

    ReplyDelete
    Replies
    1. මීට වඩා ගේම් දෙන එවුන් මේවා කියන්නේවත් අගවන්නෙවත් නැත්තේමය.

      හුදෙක් කිසිදු අවුලක් නොවන බව දන්නා නිසා කලෙමි. එසේම අවුලක් නොවී සිනහවෙන්ම සමතයකට පත් වූ නිසාම ලිවීමි..

      ජය !

      Delete
  15. ඔහොම කරන්න එපා සහෝ..මිනිස්සු පව්..

    ReplyDelete
    Replies
    1. දෙන්නගෙම හැටි දන්න නිසා මචං බය නැතුව දුන්නේ. නැත්තම් එහෙම වෙන්නෙ නැහැ.

      ජය !

      Delete
  16. මූ එක්ක කතාකරන්ටත් බයයි මේ කරන වැඩ නිසා. 52 කියන්නෙ උඹේ අම්මගෙ වයසෙ ගැහැනියෙක් නේද බොල?

    ReplyDelete
    Replies
    1. අපොයි.. පොලිසියෙන් පැන්න වගේ..

      මේ වගේ කරපු එකම එක. ආයෙ කලේ නැහැ.
      නැත්තම් වෙනදට මේ වගේ ගේම් දෙන්නේ (කාන්තාවන් සම්බන්ධ නැති ඒවා) කොල්ලන්ටමනේ..

      ""හුදෙක් කිසිදු අවුලක් නොවන බව දන්නා නිසා කලෙමි. එසේම අවුලක් නොවී සිනහවෙන්ම සමතයකට පත් වූ නිසාම ලිවීමි..""

      Delete
    2. බලාගෙන අක්කා මූට නම්බර් එක එහෙම දෙන්න එපා.

      Delete
    3. සුදීක මමනං ඔය වැරදිලා එන කෝල්වලට කියන්නෙ මම වැඩ කරන්නෙ ආරක්ෂක අමාත්‍යාංශෙ කියල. එහෙම කියලත් ආයෙ කතා කොලොත් ඇදුරුට හරි පුතාට හරි කතා කරන්ට දෙනව. ඇදුරු සංවරව නීති පහදල දුන්නට පුතා නං කතා කරපු එකාට අම්මගෙං බීපු කිරි මතක් වෙන්න ම දෙනව.

      ඇත්තටම CLI තියෙන නිසා දැං නීතියෙං තදබල දඬුවම් දෙන්ට පුලුවං. ඒක නිසා සෑමො පරිස්සමින්

      Delete
    4. කවි නම්බර් එක නිසාද මන්දා බය වෙලා :)

      Delete
  17. වැඩේ තනිකර වැරදි. කොහොමද ගිනි පත්තු වුනානම්.

    ඒ බං ඒ ඇන්ටි බැඳලද?

    ReplyDelete
    Replies
    1. මේ මොකෝ මෙයා මේ ඇන්ටි ගැන අහන්නෙ..? :D:D

      Delete
    2. අප්පොච්චියේ උඹ දවසක් කතා කලොත් එපා වෙයි.. :ඩී

      Delete
  18. චුට්ටිම අතපසුවීමක් උනාට සෑම් කරල තියෙන්නෙ ලොකු සේවයක්...''ආදරයට වයස ප්‍රශ්නයක් නෑනෙ''(අපේ ආච්චි කිව්වෙ.):D

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ සතුටුයි එකෙක් හරි මගෙ පැත්තට හිටියාට :ඩී

      සීයා කෙනෙක්ගේ නම්බර් එකක් ඕනෙද ? ;)

      ජය !

      Delete
  19. ශිකිස් හූ ඈ ,., අයියෝ,., මෙවන් විපතක්,.,සිදුනොවේවා,., :D,.,., ලොක්කා මගෙ බ්ලොගිය වෙනස් කරා ඒකයි සයිලන්ට් වෙලා හිටියේ මෙන්න අලුත් එඩ්‍රස් එක ඈ ,., http://sudusm.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඇයි බොල එහෙම වෙනස් කරන්නේ. අපරාදෙ..

      කමක් නැහැ මේක ෆලෝවක් දෙන්නම්. ජය හොදේ !

      Delete
    2. ඒ මම එක බොල ෆලෝවර්ස්ලගෙන්.. :ඩී

      Delete
  20. හුටා..............පව් යකෝ අහිංසකයා

    ReplyDelete
  21. ගෑනු ලමයින්ට නම් මෙහෙම කරන්ට එපා...:)

    ReplyDelete
  22. වැඩේ නං .... අනේ මන්ද බන්.. මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ.. හිකිස්..

    ReplyDelete
  23. අයියෝ පවන්! අහ්හ් නෑ නෑ අයියෝ අමල් :ඩී

    ReplyDelete
    Replies
    1. අමල්ගෙ මුලකුරුද ඩී ?

      Delete
  24. අප්පේ..මේකත් කරන වැඩ!!!!!!

    ReplyDelete
  25. යකො මූව තියන්න වටින්නෑනෙ

    ReplyDelete
  26. මේවා නම් ඇස් රතුවෙන විහිළු යාළු..මේ වගේ දේවල් ආයෙ නොකරන් පුළුවන්නම් වටිනවා..

    ReplyDelete
  27. අය්යෝ කොල්ලෝ ඔයත් කරන වැඩ :D

    ReplyDelete
  28. උඹට අනිත් උන් බැනලා තියෙන නිසා මම ආයෙ බනින්නට නොයමි.

    ReplyDelete
  29. අනේ යකෝ කරන වැඩ..:P

    ReplyDelete
  30. තුක් වනචරයා :ඩී

    අනිත් උන් නොසෑහෙන්න ලස්සන වචනයෙන් බැණ ඇති නිසා මම බනින්නේ නැත..
    ඒත් හැමෝම සෑමාගෙන් බඩු වල නම්බර් ඉල්ලන්නේ සෑමා ලඟ බඩු කොලෙක්ෂන් එකක් ඇති නිසා විය යුතුය..

    බලාගෙන ගියහම මූද හෙන වටිනා පොරකි (සීයලාට) :D

    ReplyDelete
  31. වෙලාවක උඹ කනවා හොඳ හොටලෙකින්..අපි එඥාං තෙල් බෙත් ටිකකුත් අරගෙන...නෑ වෙදමහත්තයාගේ ටෙලිෆොන් නොම්බරෙ එව්වම ඇතිනේ.

    ReplyDelete
  32. පව් යකෝ.. අර අහින්සකයා.... ඌ දැන් රෙදි ඇඳගෙනද ඔෆිස් එන්නේ

    ReplyDelete
  33. ඒ වුනාට අර ඇන්ටිටත් මොකක් හරි විචිකිච්චාවක් තියෙනවා.

    ReplyDelete
  34. ඔය වැඩේ නම් පුතෝ එච්චර හොඳ නැහැ.. ඉල්ලන් පරිප්පු කන්න වෙන වැඩක්..

    ReplyDelete
  35. කොල්ලෙක්ගේ ලිංගික අවශ්‍යතාවයක් කෙලින්ම කියලත් උඹට ඒක ව්හිළුවක්.උඹට කියුවට වඩා හොදයි අමල් පාරට ගිහින් හචිමක් ඇරියනම්, ප්රෝපෙෂනල් කෑල්ලක් දුවගෙන ඇවිත් වැඩේ ඉටුකරයි. උන් ඒකට ප්රෝපෙෂනල්

    ReplyDelete
  36. සෑම් අයියෙ උඹත් අම්මප යස වැඩ නොවැ කරන්නෙ.....කාලෙකින් ආවෙ දිගට එන්නම්...ජය වේවා....!!!

    ReplyDelete
  37. අනේ සෑමෝ මටත් ඔන්න ඔය නම්බර් 2-3 ක් දීපන්කො.උඹට කියන්න මමත් ඕවට නැති උනාට මගේ යාලුවෝ හිටපු ගමන් ඉල්ලනවා බන්.මම දන්නවා උඹත් ඕවට නැති මම වගේ බුවෙක් කියල.කෝකටත් ඉතින් හදිස්සියකට යාලුවෙකුට ඕනි උනොත් නේ....ද.....?

    ReplyDelete
  38. දැන් ඇයි ඒ යාලුවා ඔයාටම නම්බර් එකක් එවන්න කිව්වෙ.. සැමා අයියා මරු වැඩ තමා කරන්නෙ..

    ReplyDelete
  39. ඩීලිං කරන්න පටන් ගත්තද සෑමා.... අම්බානක කන්න වෙන කේස් එකක් ඕක...

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මෝ ඩීල් නෙවේ බොල !

      Delete
  40. ඒ මාවත් දාපන්කො බන් අල්ලලා ඔය ඇවිලෙන පිදුරු ගොඩකට...

    ReplyDelete
  41. ඇති කොල්ලා ඉතුරු උනා. ඇත්තටම ඌ ඉතුරුද?

    ReplyDelete
  42. සෑමාට නම්බර් දී ඇත්තියන් වහාම සිම්පත් මාරුකරගන්න. මොන මරාල ඉදිරියේදී සෙට්වේදැයි කිව නොහැක.

    ReplyDelete
    Replies
    1. හිකිස්... පරිස්සම් වෙයන් කොල්ලා !

      Delete
  43. අඩේ මම කලින් කිවුවා වගේම මූ කරන තරමක් කරන්නෙම අලුකුත්තේරු වැඩ. හිකිස්... බොට පවු හිතෙන් නැද්ද බං ඔය වගේ ගිනි දෙනකොට..ජය....!

    ReplyDelete
  44. හරි අසාධාරණයි බොල කෝ මගේ කොමෙන්‍ටුව.ඕං මං කිවුවා කරුනා...... කරල දාපං ඒක.

    ReplyDelete
  45. උබත් කරන වැඩ ..
    පරිස්සමින් යකෝ..

    මමත් ඔයිට සමාන ජෝක් එකක් කළා එක විහිළුව කරපු එකක් උනත් දුර දිග ගියා වැඩි . අපේ බොසා ව සම්බන්ද කරගෙන කොල්ලෙක්ට කරපු ජෝක් සිං එකක් (බොසා යවන විදියට කොල්ලෙක්ට සෙක්ස් එස් එම් එස් එවලා ) , මටක් වෙනකොටත් බය හිතෙනවා.. පස්සේ තමයි බරපතල කම තේරුනේ (මුට මලපැනල ගිහින් බොස්ගෙන් ඇහුවට පස්සේ )

    ReplyDelete
  46. අභිසාරිකාව.... අම්මෝ මෙයා දන්න දේවල්... පව් හලේ දෙන්නම.... :))))

    ReplyDelete
  47. 52ක් උනත් බැදලා නැත්තම් කෙල්ලෙක් තමයි බොල..

    ReplyDelete
  48. හත්තිලව්වයි...සැමා අයියාගෙන් උදව් ලබා ගැනීමට මම තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් සිතමින් සිටිමි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...