Sunday, July 15, 2012

මම අතරමං වෙලා..

එගොඩ කැළණියේ පහන් පූජාව

පාවහන්
පන්සලේ
වැට ලගින්
වැතිරිලා

මම බුදුන්
හමුවෙන්න
මළුවටම
පැමිණිලා

මොහෙතින්
මොහොතටම
පාවහන්
සිහිවෙලා

හොරා
ගන්නට කලින්
පිටවෙන්න
සිදුවෙලා


අද අපේ පාසලේ, අපේ බැච් එකේ ආලෝක පුජාවක්. එගොඩ කැළණි පුද බිමේ. පහන් 500ක පමණ ආලෝකයක් විහාර මළුට දීලා, අපි පන්සල් ගනිද්දි, එලියෙ නවත්තපු කාර් එක, එලියෙ ගලවපු පාවහන් දෙක අතර සිත යොමුවෙද්දි, බ්ලොග් එකට පෝස්ටුවක් මතක් වුනා. මේ ඒක මම හිතන්නේ.

පලි - ටිකක් කාර්ය බහුල වුණා. බ්ලොග් කියවීම සීමා වුනා. නැවත පරණ බ්ලොග් ජීවිතේට එනවා හෙට ඉදන්. එතෙක් සමාව.

නයි නැත - පසුගිය බදාදා සිට ආයතනය මට ලබාදුන් කාර් පැටියා සහ පෙට්ට්‍රල් සදහා අමතර ගෙවීමක් ආයතනය සිදු කරන නිසා ආයතනය සෑමාට වැඩි බරක් දී ඇත්තේය. එසේම අපේ එවුන් ආදිශිෂ්‍ය සංගමේ, අපේ බැච් එකේ, සෑමාව ලේඛම් ධූරයට පත් කළ නිසාත් අහවල් මගුලකට දැම්මද මන්දා කාර්ය බහුල වී ඇත්තෙමි. හෙට සිට සුපුරුදු දිවියට හැරෙන්නට පතමි.

Written by sAm_9.55pm_15.07.2012

http://syndi.buzzradio.lk/

46 comments:

  1. අම්මටසිරි කාරයක් ලැබුනු නිසා සෑමයියා බෝධි පූජාවක් පවත්තලා වගේ...

    ReplyDelete
    Replies
    1. අද තිලාන් ගෙන් අටපිරිකරක් ගන්න මම පන්සලට ආවා බොල සෝද හතරෙන්ම. ;)

      නැහැ නැහැ ආලෝක පුජාව අපේ ඉක්කෝල සීං එකක් :ඩී

      ජය !

      Delete
  2. "නයි නැත" ටික නියමයි :D

    ReplyDelete
    Replies
    1. හිත පාරිශුද්ධයි අලේ.. මේ අමූලික ඇත්ත..

      Delete
  3. කොල්ලා මොකද මේ. ලයිට් එළියෙන් සිතුවිලි එනවා කියන්නේ හොඳ නිර්මාණකරුවෙක්ට විතරයි.

    නයෙක් නෙවෙයි සිරා.

    ReplyDelete
    Replies
    1. ලයිට් එලිය ? පහන් එලිය ගැන වෙන්න ඇති කියන්න ඇත්තේ :ඩී

      Delete
    2. මට එවෙලේ ආවේ වෙනාදහසක්‌. ලයිට් එලියට සෑමාගේ සෙරෙප්පු දෙක දැක්කාම හිතුන සිතිවිල්ලක් වගේ. දැන් තමා හරියටම තේරුනේ.

      Delete
  4. බැජ් නෙවෙයි බං "බැච්" ...... නැත්නම් අර "ඉංග්‍රීසි සර්" ආවොත් ආයෙත් බැණුම්.... :)

    ReplyDelete
    Replies
    1. batch / badge වෙනස දනිමි. සිංගිරිසියෙන් බැජ් / බැච් වෙනස පෙන්නා දුන් ප්‍රහාරකයාට තුති.. :)

      Delete
    2. sir නොව Madam කෙනෙක්ය.

      Delete
    3. ඔය කියන්නෙ Dude සර් ගැන බන්.. ඇයි එතුමා පෝස්ට් එකක්ම් දාල තිබුනෙ ඔය බැජ් / බැච් හුටපටේ ගැන..

      Delete
    4. අඩේ මං ඒ පෝස්ට් එක දාලා සති දෙකකට වැඩියිනෙ. තාම ඒක මතකයි. ඒ වුනාට අපේ මතකය සති දෙකයි කියනවා නේද? :D

      henryblogwalker the Dude

      Delete
  5. http://matahithenahatty.wordpress.com/2012/03/21/%E0%B6%8C-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%B6%E0%B7%90%E0%B6%A2%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%A0%E0%B6%82-%E0%B6%91%E0%B6%B1/

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා ඉංග්‍රිසි සර් කෙනෙක් ගැන කිව්වාට, මට එදා ඉදන් හිතුනා ඒ නම් ඉංග්‍රිසි ටීචර් කෙනෙක් කියලා.

      සෑමාගේ සැකය සාධාරණයි නේද කවී?

      හෙන්රියගේ ඔයා පෝස්ටුව මා බැලීමි..

      Delete
  6. එල කිරි සෑමෝ වාහෙනෙ නැතත් පෙට්‍රල් අමතර වියදමනම් දැං කාලේ හැටියට වටිනවා...

    ReplyDelete
  7. හී හී..නියමයි සහෝ........

    ReplyDelete
  8. සතුටුයි සෑම් දැන් ඉතින් ජීවිතේ තව ටිකක් පහසු වේවි නේද? මම කිව්වෙ මේ ගමන් බිමන්...මාත් ආශයි පන්සල් යන්න..ගූඩ් ලක් සෑම්..!!

    ReplyDelete
  9. වාහන කථාව කලින් කියලා තිබුන නිසා නයෙක් නොවන වග දනිමි.... ඔන වෙඩිමකට දැම්මට කමක් නැ වෙනදා වගේ ඇවිත් හොදේ

    ReplyDelete
  10. නිදහසෙ "පන්සල්" ගන්ඩවත් නැති හැටි නේද ? :-)

    කාරෙකන් මතක් වුනා කියමුකො, ඇයි බන් සෙරප්පු දෙකක් මතක් වෙන්නෙ.. ? රත්තරන්ද ?

    ReplyDelete
    Replies
    1. කාර්එක නං කොම්පැනියෙනෙ බං. ඒවගේද සෙරෙප්පුදෙක නැතිවුනොත් පාඩුව!

      Delete
    2. මාත් මේ කියන්න හැදුවෙ ඒකමයි රාජ්. කාර් එක වගෙද සෙරෙප්පු දෙක? :D
      henryblogwalker the Dude

      Delete
    3. හිහ් ඒකත් හැබෑව...

      ඒවයෙන් මේවයෙන් සෑමට සුබ පතන්ඩත් බැරුව ගියා.. සුබ පැතුම් සහෝ !!

      පරිස්සමින් එලෝපන්... ලංකාවෙ මාර්ග සංස්කෘතියයි, විනයයි ටොප් ක්ලාස්.. ඒක නිසා කොයි වෙලෙත් අවධානෙන් එලවපන්..

      Delete
  11. පන්සල් යන්නඕනෙ පරණ සෙරෙප්පු දාගෙනයි සෑම්.එතකොට හිත සුද්දයි...

    ReplyDelete
  12. දැං පල්ලියට ගිහිල්ල සයිලන්සරේ කොන කැපුවද?

    ReplyDelete
  13. සන්තෝසයි සෑමෝ.. ජය.. !

    ReplyDelete
  14. නයෙක් නෙමෙයි අලුත් අලුත් හැමදෙටම සුබපැතුම්!

    …යකෝ මිනිස්සු පන්සල් යන්නෙ තෘෂ්නාව නැති කරගන්න. හිතෙ බර අඩුකරගන්න ...

    ReplyDelete
  15. පන්සල් ගැනීම යනු පන්සිල් ගැනීම ද ? ඉස්පිල්ල ලොප් වෙලා..

    සෑමාගේ වෘත්තීය ප්‍රබෝධයට මාගේ සුභ පැතුම් !

    ReplyDelete
  16. ජය වේවා සෑමෝ.කාර් එකෙන් ඒ පැත්තෙ එන දවසක අපිටත් කියන්නකො ඈහ්... ;))

    ReplyDelete
  17. සුභ පැතුම් සෑමෝ..දැන් වගකිවයුතු මනුස්සයෙක් නේ නේද?.

    ReplyDelete
  18. රුපියල් හාරසිය අසූවක් දීල ගත්තා සෙරෙප්පු දෙක මිහින්තලේ නගිද්දී කැලයක් අස්සේ හංගලා නැග්ගේ ඒත් බහිද්දී සෙරෙප්පු දෙක නැහැ.

    ReplyDelete
  19. අඩේ මාවත් කාර් එකේ වටයක් දාගෙන යමන්කෝ !!
    සුබ පැතුම් සෑමෝ... ඔය කාර් එකෙන් ගිහින් උබේම කාර් එකක් ගන් !!!

    ReplyDelete
  20. සෙරෙප්පු නොදා පන්සල් එන්න වෙලා තියෙන්නෙ මේ සෙරෙප්පු හොරු හින්දා

    ReplyDelete
  21. සුභ පැතුම් සෑමා. පරෙස්සමෙන් එලවපාං!
    පන්සලකට ගියත් කොහෙ ගියත් ඔය භීතිකාව නම් තියෙනවා තමා.

    henryblogwalker the Dude

    ReplyDelete
  22. සැමාටම කියල කාර් එකක් තියෙනවා එහෙනම් සන්තෝසයි ජය! ජය!

    ReplyDelete
  23. එළ ඈ...සුබ පැතුම්..

    ReplyDelete
  24. මොකද මේ? දැන් ඩිස්ක්ලෑමර් දාන්න ඕනෙද? සතුටුයි බොල.. ජීවිතේ උඹ අතරමං වෙලා නෑ.

    ReplyDelete
  25. සෙනග වැඩි තැනකට ගිහින් සෙරෙප්පු ගැලෙව්වොත් ඉතින් ඔය බය හිතේ කොහොමත් තියෙනවා බන්.එක නෙවේ කාර් එකට සුබපැතුම් ඈ...(සෑමාට මගේ පලවෙනි කමෙන්ට් එක)

    ReplyDelete
  26. මමත් මේටිකේම බිසී නිසා බ්ලොග් එක පැත්තේ වත් එන්න බැරි උනා. උඹේ ලිපි සැට් එකක්ම මග ඇරිලා. අවුලක් නෑ මම ඔක්කොම කියවන්නම්. ඒක නෙමේ කාර් එකක් ගැන කියනවා ඇහුනා. අඩේ ඒ කියන්නේ උඹ ලොකුවෙලා ඈ...? වාසනාවන්.. රෝද දෙක හතර උනා වගේ එක්කෙනා දෙන්නා වෙන්න කියලත් ප්‍රාර්ථනා කොරන්නම් ඉක්මනින්ම කහටක් නැතුව හිතේ. ඇතුල හොද උන්ට හරියනව බොල....!
    ජය...!

    ReplyDelete
  27. අප්පට සිරි ... සෑම් දැන් ලොකු මිනිහෙක් ආඃ........ අළුත් ලේකම්තුමාට ජය වේවා ! (අර කාර් පොඩ්ඩටත් එක්ක, ඈ ...)

    නොකිව්වට මොකද බං කාර් ගැන කියනකොටම මට හිතුනෙම මූ සෙරෙප්පුවක් පිටින් දාගෙන නයෙක් අරිනව කියල. ‘පෙර වැරදි‘ නිසා ඒ ගැන කියනවද නැද්ද කියල හිත හිත එනකොටම මෙන්න අර මොකක්ද එකට කලාබරේ ගහපු වගේ තියෙනව ‘නයෙක් නෙවේ‘ කියල. සතුටුයි. සතුටුයි. සෑම් දියුණු වෙල, දැන් සෑම්ට ඇඟිල්ලෙන් ඇනල නයි පෙන්නන්න ඕන නෑ. උඹටම කියල යමක් කමක් තේරෙනව.

    ආ ... තව දෙයක්, මේ පැත්තෙත් තියනව ලංකාවෙ සුප්‍රසිද්ධ බෝධියක්. ඒ දවස්වල මොකෙක් හරි පන්තියට අළුත් සෙරෙප්පු දෙකක් දාගෙන ආපුවහම කොල්ලො අහන්නෙ “ආ .... උඹ බෝධි කඩේ ගියාද?“ කියල.

    ReplyDelete
  28. එහෙනම් සෑමත් ලේඛම් කෙනෙක්... :)

    ReplyDelete
  29. ලැබුන හැම දේකටම සුභ පැතුම් සෑමෝ

    ReplyDelete
  30. හයියෝ එන්න ටිකක් පමා වුනානේ.... මුලින්ම සැමාගේ සාර්ථකත්වයට මගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න...

    ඔය සෙරප්පු නැතිවෙන එකනම් හැමෝම අත්වින්ද දෙයක් තමයි.වැඩේ කියන්නේ සෙරප්පු මාරු වෙනවනම් ඉතුරු වෙන්න එකක් හරි තියෙන්න එපායැ... එහෙමවත් ඉතුරුවෙන්නේ නෑනේ සමහර වෙලාවට ගෙඩි පිටින් නැතිවෙන්නේ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...