Thursday, July 12, 2012

උඹ මට ජීවිතේ කියා දුන් අපූරුව....


මම අතට අරන් හිස් කඩදාසියක් ලියන්න දෙයක් නැතුව ලත වුණා. ඒ ඉස්සර උඹ මගෙ හිතට එන්න කලියෙන්. මොකද මගෙ හිත හිස්. උඹ කොහෙන් මගෙ හිස් කොලේ කැටයම් කරයිද කියල මට තේරුම් ගන්න බැරුව හිටියේ. කැටයම් කරනව කිව්වම හිතෙයි කටුවක් අරන් කොටනව කියලා. ඇත්ත එතකොට රිදෙනවා. මුල් කාලෙ, උඹෙ හිත හැම තැනම දුවන කාලෙ මගෙ හිත හිස් කොලේ. උඹ අත තිබ්බ ගල් කටුව. කෙල්ලෙ මට උඹ රිද්දුවා. මම කඩදහිය අරන් රෝල් කරල සාක්කුවෙ ඔබා ගත්තා. ඒ වෙන එකෙක්ට කියල කොටව ගන්නැතුව ඔය සිනිදු අතින්ම කොටා ගන්න. කැටයමක්, පුංචි එකක්, ඔය සුවද කවලා මට මතක හිටින්න පර්ස් එකේ ඔබා ගන්න. ගද ගහන නෝට්ටු අස්සේ, හැම හන්දියකම තියෙන හිල් වලට රිංගන ඒ.ටී.එම් කාඩ් එක අස්සේ, තැනක හිර කරන්න.

දවසක් ඔයාට වැරදිලාද මන්ද මගෙ දිහා බැලුව. කෙලින් වෙච්ච කොන්ඩේ මූනට වැටිල තියෙද්දි ඔළුව ගස්සලා ‍මගෙ හිස් කොරස් මූණට ටැප් එකකින් වතුර ගැලුව වගේ ඔය ඇස්වල තෙතමනය මගෙ හිත් යටට පාවුනා. ඇත්ත එදා උඹට වැරදුනා. මට හරි ගියා. මම ඉල්ලපු කැටයම, මට නොදී ඉස්සර කැටයම් දාපු උඹ මගෙ හිත එක්ක මුසු වුණා.

ලීයට තියල කරකවන ඉස්කුරුප්පු ඇණේ වුණත් පාරක් හදාගෙන ඔහේ බහිනව ඇතුලට. ඒ වගේ, මගෙ නහර අස්සෙන් උඹේ ලේ ගැලුවා. රතු පාටට, ඔක්සිජන් නැතුව නිල් පාට වෙයි කියල මට හිතුනෙ නැහැ. ඒ වුනත් මට වැඩක් නැහැ. උඹ ඇතුලට ගිහින් ඉවරයි.

අමතක වුනාද රෝල් කරපු කඩදහිය. කතාව ඉවර නැහැ. ඒ කඩදහිය අතට අරන් උඹ මට කිව්ව මෙතන එක කොළයයි. මේක පොඩ්ඩයි. අතට ගත්ත කඩදහිය කෑලි දාහකට වඩා වැඩිවෙන්න උඹ කීතු කීතු වෙන්න ඉරුවා. මගෙ මූනට ඉස්සරහින් අත තියල, අත උඩින් තියාගත්ත කඩදහි කෑලි ටික මගෙ මූනටම තියල පිම්බා. මට කියල කරන්න දෙයක් නැතුව ඒ ආදරේ මම බදා ගත්ත.

උඹ මට ඉගැන්නුවා බල්ලො පැන්නත් බල්ලට සාප කරන්න එපා කියලා. උන්ට උන්ගෙ ගෙදර එකාල, සහෝදරයො ගැන කැක්කුමක් නැහැ කියලත් කෙල්ලෙ උඹ මට කිව්වා. ඒ නිසා උන්ගෙ දරුවන්ට සාප වුනත් උන් රෙන්න ඕනෙ තැන රෙනවා, කකුල් උස්සල හුජ්ජ කරන බව මගෙ කෙල්ල මට ඉගැන්නුවා. එදා ඉදන් බල්ලො මට වෛර කලත් මම බල්ලන්ට සාප කලේ නැහැ. ඒත් මම දන්නවා ඒ සාපෙ උන්ට නැතත් උන්ගෙ දරුවන්ට ආ පස්සට එනවා කියලා. ඒකට මට කරන්න දෙයක් නැහැ. මොකද මගෙ හිතේ වරදක් නැති නිසා.

ඒ කෙල්ල මට ආලෝකයක් වුනා. උඹ කුරුසෙ එල්ලගෙන ඉන්නකොට, මම ධර්ම චක්‍රය කැරකෙව්වා. ඒ ගේමට නෙවේ, සංසාර චක්‍රය ගැන උඹට මට තියෙන දැනුම නිසා. උඹෙ ආගමේ නැවත ඉපදීමක් නැති වෙද්දි මගෙ ආගමේ විදිහට උඹ ආයෙ මාත් එක්ක තවත් භවයෙක එකතු වෙන්න පෙරුම් පුරණවා. ඒ ආගමට එරෙහිව නෙවේ. ආදරේට පක්ෂව. කුරුසෙ පිහිටලා හිටියත් උඹ දන්නවා කරපු පව් ආයෙ පස්සෙන් එන බව. අපි සාප කලත් නොකලත්. ඒ නිසා උඹ මට ඉගැන්නුවා ලෝකෙම උඹට ගල් ගහද්දි, බොරු කතන්දර ගොතද්දී, නිහඩ වෙයන්, උන්ට, උන්ගෙ දරුවන්ට, උන්ගෙ එකාලට, ඒ බොරුව නිසා දවසක විදවන්න වෙන බව.

බලු කුක්කො, කුක්කියෝ කළු තෙල්, ඩීසල් පාරවල් ඇග පුරා හලාගෙන උන්ගෙ ලෝකෙ වෙනසක් කියල අනිත් කුක්කන්ට වැඩ දාන කොට, උඹ මගෙ ලෝකෙ, මම උබේ ලෝකෙ, අනිත් හැම ලෝකෙම එක්ක සමානව ජීවත් වුනා. පුක කැඩිච්ච කඩිය උන්ත් කඩි රැලේ වැඩ්ඩො බව උන්ට හිතෙනව මොකද උන් ජී‍විතේ  වෙනස් කරගෙන. ලොකු අඩුපාඩුව උන්ගෙ ලෝකෙ ආලෝකය. මට ඒ වෙනස උඹ කියල දුන්න.

පොල් මල තලලා රා එනකල් පොල් මුල වටේ ඉදලා කීයක් කෙල හලනවද? උඩට ගිහින් තලන එකාට තියෙන ජීවි‍තේ දන්නෙ ඌ විතරමයි නේද? මට කල්පනා වුනා. ඒ උඹ මට හිතන්න කියල දිපු නිසා. 

වසර හතරක් උඹ එක්ක ඉදලා මට ඇති පදම්. එපා වෙලා නෙවේ, ජීවිතේ ඉගෙනගෙන. අපේ ගෙදර පූස් තඩිය වුනත් කක්ක කරලා වැලි වලින් බෙට්ට වහනකල් කලබල නොකර ඉන්න කියල ඉගැන්නුවේ උඹ. බෙට්ට දැකල කලබල කරල ඌව පැන්නුවොත් ඒක වහන්න වෙන්නෙ ගෙදර එකාට. රීපු පූස් තඩිය මාරුවෙනවා. ඒකයි ජීවිතේ. ගග ගලනකොට බැහැලා නාගෙන ගොඩ එන්නෙ නැතුව ඒක කොටු කරගෙන මගේ කියන්න එපා කියල උඹ මට කියල දුන්න. කොටු කරගෙන මාළු අල්ලන්න පුලුවන්ද? පුලුවන් උනත් ටික කාලෙකට රසක් තියෙයි. වෙනසක් තියෙන තැන ජීවිතේ නේද?

උඹෙ ආදරේ ඇඹරිලා හොදටෝම. මගෙ වටේ එතිලා, ස්ප්‍රින් එකක් වගේ. දිග අරින්න අරින්න ඇ‍ඹරෙන තරමට. ජීවිතේ කියල දීලා, නොසෑහෙන තරමටම. හිතා ගන්න බැහැ. වැටෙන්නෙ නැත්තෙ ඇයි කියල. ලක්ෂ ගණන් බඹරු ඉන්න බඹර කූඩු කඩන් වැටෙනකොට, තනි මම නොවැටෙන ලස්සන. ශක්තිමත් වෙලා, උඹ හින්දා, උ‍ඹේ ලස්සන හින්දා. අපේ කාටවත් කරදරයක් නැති ජීවිතේ හින්දා.

Written by sAm_11:45pm_11.07.2012

http://syndi.buzzradio.lk/

74 comments:

  1. //බෙට්ට දැකල කලබල කරල ඌව පැන්නුවොත් ඒක වහන්න වෙන්නෙ ගෙදර එකාට.
    අම්මපා ඇත්තට ඔය පූසංගෙනං අල්ලලා මහන්න ඕනා...
    පෝස්ට් එක පට්ට ඈ...

    ReplyDelete
    Replies
    1. පව් බොල අහවල් එක ඌ කරන්නෙ කටින්ද?

      අනික වටේ ඉන්න පූස් තඩියෝ අනාත වෙනවා.. :(

      Delete
  2. හේ .... මතං, උඹට මොකුත් අසනීපයක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. මටත් තේරෙන්නෙ නැහැ බං. කෝම මේක ලියවුනාද කියලා.

      විස්වාස කරනවද නොහිතා ලියන, ප්ලෑනක් නැතුව ලියන මෙහෙම ඒවා, එච්චර සිරාවට ලියවෙයි කියලා.. ?

      :ඩි

      Delete
  3. ම්ම්ම්ම් අදට වසර හතරක් පිරෙනවද සැමා අයියගේ ප්‍රේම වෘත්තාන්තයට....

    කොහොම උනත් තියෙන හැඟීම් මරුවට ලියලා තියෙනවා...

    //අපේ ගෙදර පූස් තඩිය වුනත් කක්ක කරලා වැලි වලින් බෙට්ට වහනකල් කලබල නොකර ඉන්න කියල ඉගැන්නුවේ උඹ. බෙට්ට දැකල කලබල කරල ඌව පැන්නුවොත් ඒක වහන්න වෙන්නෙ ගෙදර එකාට. රීපු පූස් තඩිය මාරුවෙනවා. //

    කොච්චර හැඟුම්බරව ලිව්වත් සැමායියාගේ මේ ටෝක්ස් නම් කොහොම හරි ලියවෙනවමයි....

    සුභ පතනවා දෙන්නගෙ අනාගතයට...

    //වසර හතරක් උඹ එක්ක ඉදලා මට ඇති පදම්. එපා වෙලා නෙවේ, ජීවිතේ ඉගෙනගෙන. //

    මටත් මෙහෙම හිතෙන වෙලාවල් ඕනෙ තරම්.යාළුවෙලා ඉද්දි මෙහෙම නම් බැන්දම??? සේරම හොඳට වෙයි මචෝ සැමෝ

    ජය වේවා ඈ...

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ දිග ප්‍රසංසාවක්..

      ෂුවර් හැම දේම හැමදාටම හොදයි.. ජය !

      Delete
    2. //ම්ම්ම්ම් අදට වසර හතරක් පිරෙනවද සැමා අයියගේ ප්‍රේම වෘත්තාන්තයට....//

      ඉලක්කම '4' කියන එක නම් හරි මචං.. ඒත් දිනේ පහුවෙලා.. :ඩී

      කෝමද අංකෙ දන්නේ :-0

      Delete
  4. අඩේ එළ ඈ අයියේ..ජය වේවා..

    ReplyDelete
  5. කොයි දේ උනත් ඕනවට වැඩියෙන් ඕනම නෑ....

    මිනිස්සු ප්‍රායෝගික දේවල් ( කොටින්ම කිවුවොත්) ගොඩක් වෙලාවට ඉගෙන ගන්නෙ පොත පතින් වත් ගුරුවරුන්ගෙන් වත් නෙමෙයි.. තමන්ගෙම අත්දැකීම් වලින්....
    මම ඒ යථාර්ථයට ආසයි..
    ඕක චක්‍රයක්. අපි ඕකට මූන දීල විඳපු දුක් අපෙන් පස්සෙ ඉන්න පොඩි උන්ට අපි කොයි තරම් කිවුවත් උන් ඒව ගානකට වත් ගන්නෙ නෑ අමාරුවෙ වැටෙනකම්ම.. හරියට අපේ අයියල අක්කල අපිට ඕව කියා දෙනකොට ඒ කාලෙ, අපි නිකම් ඒ කනෙන් අහල මේ කනෙන් පිට කලා වගෙ...
    :)

    ReplyDelete
    Replies
    1. //අපි ඕකට මූන දීල විඳපු දුක් අපෙන් පස්සෙ ඉන්න පොඩි උන්ට අපි කොයි තරම් කිවුවත් උන් ඒව ගානකට වත් ගන්නෙ නෑ අමාරුවෙ වැටෙනකම්ම.. හරියට අපේ අයියල අක්කල අපිට ඕව කියා දෙනකොට ඒ කාලෙ,//

      ජීවිතේ ගැන යාථාවාබෝධයෙන් ලියපු වචන ටිකක් පවනි. :)

      Delete
  6. බූට්‌ එකක් කාලද මන්දා
    විරහා වේදනාව මැද්දට අසූචි ගාවපු එකනම් හරි නැහැ ඈ :D

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම මෙව්වා එකක් හිතුනා

      Delete
    2. එහෙව් එව්වා එකක් නම් මම මෙහව් එකක් දාන්නෙ නැහැ නේ .. :ඩී

      Delete
  7. බයි ද වේ මට නම් මෙලෝ දෙයක් නොතේරුණි

    ReplyDelete
  8. එයා මේක කියෙව්වොත් අඩයි බං... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එයා කියුවක් උපුටා ගැනීමකි..

      //අපෝ ඔයාගෙ බ්ලොග තනි පාට, තැඹිලි පාට, කැතයි අප්පා. මම බැලුවා අර යටින් තියෙන අනිත් බ්ලොග්. ඒවා පිලිවෙලයි, ලස්සනයි.//

      ඒක ඇත්ත. :)

      Delete
  9. Replies
    1. sAm knows option ways to react against things / people,
      Hope you got to know what he has said here as a post..

      ''tnkz for wishes''

      Delete
  10. ඇත්ත සෑමෝ, වෙනස් පොස්ටුවක් වගේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙනස් මචං

      වෙනදට ඉවර කරන්නේ 'ය' යන්නෙන් නේ. ....

      Delete
  11. මුළු හදවතින්ම ලිව්ව පොස්ටුවක්!!

    ReplyDelete
    Replies
    1. නැහැ කී-බෝඩ් එකෙන්ම..

      Delete
  12. කිබොඩ් එකට කතා කරන්න පුලුවන්නම් කියවි නෙද ඉතින් මොකක්ද හරියටම මේ සින් එක කියලා... ආයේ එන්න වේවිද මන්දා කියවලා යන්න

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනා අමරදේව මහත්තයාගෙ ගීතයක්. උඹ කීබෝඩ් එක ගැන කිව්වම..

      ඉර හද ඇසුවා ඇල දොල දුටුවා
      අතිනත ගෙන අප දෙඩූ කතා බහ
      එනමුදු එදවස් සගවනු හැකිවේ
      ඉරට - හදට, ඇල - දොලට කතා බැහැ

      Delete
  13. හික්ස් :)
    අඩේ ඇස්වහක් කටවහක් නෑ උබේ උපමා සාගරේ නම් නියමයි !!! මට කියවලා හිනා වෙලාම හති !!! අම්බෝ බං මේ බ්ලොග් සතියක් නිසා කට්ටිය හිටු කියලා ලියනවා. කියෝන අපේ හම යනවා !!! හික්ස් :)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් සතිය තියා බං වෙසක් / පොසොන් සතිවලත් මම දැම්මෙ සුපුරුදු මාත්‍රාවට.. හිකිස්..
      දන්නවනේ.. දවස් දෙකකට එකක්.. තමයි සෑමාගේ මාත්තරාව.. :)

      ජය හොදේ..

      අහ්.. උපමා නේද? තව ඕනෙ නම් කියපං සහෝ.. දෙන්නම් උපමා නැවක්..

      Delete
    2. හෙහෙහෙ.... මාත් ඔය මාත්තරාවෙන් තමා අනුමත වෙන්නේ. ඒත් දහයක් ලියා ගත්තොත් ඉතුරු ටික ෆ්‍රී එකේ ඉන්නවා. ලියන්නම ඕන කියලා හිතුනොත් විතරයි පෝස්ට් 10න් එකාට්ට ලියන්නේ !!!! :)

      උපමා විතරක් දීලා හරියන්නේ නෑ. ඒක හරියට දෙමල පත්තරේ අතට දීලා ශබ්ද නගා කියවන්න කිව්වා වගේ. ඔය උපමා ටික දාලා කතාවක් ලියමුද ?

      Delete
    3. ඇයි බං උපමා පුරවලා ලියපු සිතු කුසු මතක නැද්ද? ඒ මදෑ :)

      Delete
  14. //ගග ගලනකොට බැහැලා නාගෙන ගොඩ එන්නෙ නැතුව ඒක කොටු කරගෙන මගේ කියන්න එපා කියල උඹ මට කියල දුන්න. කොටු කරගෙන මාළු අල්ලන්න පුලුවන්ද?//

    එල!!

    ReplyDelete
  15. මොකක් නමුත් දෙයක් කියනවා.....ඒත් මට හරියට තේරෙන්නෙ නෑ.

    ඉතිං.... බං එයා සුදු ද ?

    ReplyDelete
    Replies
    1. මටත් තේරුමක් නැහැ වගේ.. :)

      එයා බ්ලැක් ඇන්ඩ් වයිට්..

      //අර සුමිත් කියන පොර කවුද? ඌ දාන්නෙ මාර කමෙන්ට්// මේ එයා.

      Delete
  16. ලිවිල්ල නියමයි, ඒත් කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුනේ නැහැ. මොකක් වුනත් ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. ජය රාමා..

      බයයි බං. රාවනෙක් ඉන්නව නේද? ඌටත් ජයලු ඇ...

      Delete
  17. කවියක් ලියාගන්න බැරිව අතරමං උනාමද මන්දා මගෙ හිත..ගොඩාක් ආදරෙයි....

    ReplyDelete
    Replies
    1. "The First Cut Is the Deepest" මට ඇස්සුවෙ,

      "Brown eyes (Remember the first day when I saw your face) මට ඇස්සුවෙ,

      වක්කඩ කඩපු ආදරේ දෝරෙ ගලන ඔයි හිත. වසර පහකට එහායින්. ඒත් අදවගේ...

      පරිස්සම් වෙයන්. ආදරේ අපිව විනාස කරයි. පිස්සු වට්ටයි. ගහගෙන යමු ඒ රැල්ලට. එල්ලෙන්න එපා පිදුරු ගහකවත්..

      Delete
  18. මම මේ කතාවත් කියෝලා..කොමෙන්ට් එහෙමත් කියවන් එද්දි සැමා ගේ කොමෙන්ටුත් නිකන් ආදරේ උතු...රනවා වගේ ....

    කොම හරි...ආදරේ කියන්නේ මට නම් ජිවිතේ දවසින් දවස අලුත් වෙන අවුශදයක් වගේ....දවසින් දවස නැවුම්.......

    ජිවිතේ තියෙන තාක් කල්..එ ජිවිතේ ගෙවෙන හැම මොහතකම එ ආදරේ ඔයාගේ ලගින් ඉන්න පතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුති නිම්ශා..

      වෙනසක් නැත්නම්, ආදරෙ වුනත් එපා වෙනවා.. මතක තියාගන්න. හැමදාම එක විදිහට නැතුව වෙනස් විදිහට එක්කෙනෙකුට ආදරේ කරන්න..

      ජය !

      Delete
  19. ලස්සනයි......
    මගේ ඇස් වලටත් කඳුළු ආවා.
    දෙන්නටම හැමදාම මේ විදිහටම ඉන්න ලැබෙන්න ඕනි.ඇස් වහක් කට වහක් නෑ ඔන්න. :)

    ReplyDelete
  20. මට හිතාගන්න බැරුව හිටියේ මොකක් ගැනද මේ ලියන්නේ ක්කියල.

    මේ.. දෙන්නටම සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. උඹ දාර්ශනිකයෙක් හිතන්න පුලුවං හිතපං හොදට..

      ස්තුති සහෝ !

      Delete
    2. හිතුවා පස්සේ තේරුනා.

      Delete
  21. සියලු පැතුම් මල් පිබිදේවා...සසර වසන තුරු එක්වී එකට ඉන්නට වාසනාව ලැබේවා..!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති කිරිල්ලී...

      කොල්ලන්ට වැඩිය කෙලින් හිටගන්න පුලුවං කිරිල්ලියක්.. ජය හොදේ !

      Delete
  22. ආලෙන් වෙලා ගන්න කෝලම් කලා - හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
    මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා - ඔබ සායම් මකාලන්න වෑයම් කලා
    ජයම පතනවා!!!!!

    ReplyDelete
  23. ම්ම්ම්...සබැවෙනසක් සෑමා ට මොකක් හරි වෙලතියෙන පාටයි ...

    සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. වෙනස පබ්ලිෂ් කලේ අද ඒකයි. :)

      Delete
  24. "උන් රෙන්න ඕනෙ තැන රෙනවා",
    "කකුල් උස්සල හුජ්ජ කරන",
    "පුක කැඩිච්ච කඩිය",
    "කක්ක කරලා වැලි වලින් බෙට්ට වහනකල්"
    වගේ යෙදුම් අඩංගු ප්‍රේමාලාප දකින්න ලැබෙන්නෙ කලාතුරකින්.
    සුභ පැතුම් දෙපලටම.:)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුති හෙන්රි... ඇය ඔබේ ජන්ම ග්‍රාමයට නුදුරින් වසන්නීය.

      Delete
  25. අපිව තේරුම් ගත්තු, අපි‍ට වැරදෙන තැන් පෙන්නන, අපි හැමෝම සතු‍ටින් තියන්න පුළුවං ඕවගේ හිත් හම්බෙන්නෙ කලාතුරකින්.. ඒ හින්ද මොන දේ උනත් ඒ හිත පරිස්සම් කරල තියා ගනින්..
    උඹල දෙන්නට දිගාසිරි.. :D
    ජය වේවා මචෝ!!

    ReplyDelete
  26. //අපේ කාටවත් කරදරයක් නැති ජීවිතේ හින්දා.//

    දෙන්නට දෙන්න කරදරයක් නැත්තං අනිත් අය මොනවා කිව්වත් මොකෝ..
    සෑමාගේන වෙනස් ලිපියක්..නියමයි..

    ReplyDelete
    Replies
    1. වෙනසක් කළා.. හොදයි නේද ?

      ස්තුති හොදේ !

      Delete
  27. තේරුනේ නැහැ වගේ අෆ්ෆා ,,, සුබ පැතුම් කියන්නම්කො. කමෙන්ට්ස් බලලා තේරුම ගත්තේ :පි

    ReplyDelete
    Replies
    1. සරලව කීවොත් උඩින් යටින් දෙකක් ලියල තියෙනවා.

      :ඩී

      Delete
  28. උඹ මේ ලියල තියෙන්නේ සුස්තියක් ගැනද කියල මට හැකයක් එනව මලය

    ReplyDelete
    Replies
    1. සූස්තියක් වගේ ඇබ්බැහි වුන ආදරයක් ගැන..

      :)

      Delete
  29. අවුරුදු හතරක් ඈ... සෙල්ලමක් නෙවෙයි අවුරුදු හතරක් එකම කෙල්ල එක්ක ඉන්නවා කියන්නේ.. :-) ජය සහෝ!!!

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන් සෑමා එක්ක නේද ?

      Delete
  30. දෙන්නටම අපෙන් සුභ පැතුම් එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඔබ දෙපලටත් එසේම වේවා !

      Delete
  31. මොකද්ද සෑමො මේ...

    ReplyDelete
  32. මටනම් මෙලෝ මගුලක් තේරුන්නෑ බන්.. මේ උඹේ කෙල්ල ගැනද කියලා තියෙන්නෙ ? අනේ මංදා.. උඹ ඒකි එක්ක කතා කොරන්නෙ ඔය බාසාවෙන්ද ?

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මෝ එහෙම කතා කලානම් සෑමා තවදුරටත් ජීවත් නොවනු ඇත.

      :ඩී

      Delete
  33. පුසාට නිදහසේ සෑමා ගෙන් බේරී කක්කා කිරීමේ නිදහස ලබා දීම සම්බන්දයෙන් අදාළ උත්තමාවියට මගේ ප්‍රණාමය ! D ,

    ReplyDelete
  34. උඹ මේ ඇත්තටම කෙල්ලෙක් ගැනද කිවුවේ කියලා සැකයි බං.. සිරාවටම.. මේක ආයෙම හෙමීට බලන්න ඕන..

    ReplyDelete
  35. බෙටි කථා මැද ආදර කථාවකුත් ගලා ගිහින්.. කරදර බාධක කම්කටොලු නැති ආදරයක් මෙලෝ රහක් නැ... වගකීමෙන් කිව්වෙ සෑමා... ජය!

    ReplyDelete
  36. මුල කියවද්දිම පැහැදිලි නැති නිසා මට හරි සතුටුයි.... සම්භාව්‍ය ගනයේ කතාවත් වගේ :ඩී ( පැහැදිලි වුන මගුලක් නැති නිසා )

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...