Tuesday, July 10, 2012

නොදැන දානවාට වඩා දැනගෙන දැමීම ආරක්ෂිතය....



දැම්මොත් උදේම
දකියි හැමෝම
කියයි කතන්දර
වටේට හිදගෙන


දැම්මොත් හවසට
ගලයි හෙමීටම
අඩුයි කතන්දර
සද බසිනා තුරු


එහෙත් සමරු
කරනව වැඩ මරු
දානව බොරුවට
දකින්ට හැමටම


තිරයෙන් වහලා
සැගවී හිදලා
බැන්දත් වෙස් උඹ
හැංගී හිදලා


තිර හෙම ඇරලා
window ඇරලා
නැකැත් බලාලා
දමයි හොලෝලා


දැම්මොත් සැරටම
හෙල්ලෙයි සැම අත
සැර අඩු කරලම
දාපං හැම විට


සමහර කෙල්ලෝ
දිව එයි සැනකින්
දාපු හැටියෙන්
මුල් තැන ගනිමින්


කොල්ලොත් පනිමින්
දාන්නේ හනිකෙන්
මුල් තැන දෙන්නට
කෙල්ලෙක් නාමෙන්


සෙමින් හුරතල් කොට
ඇගිලි පටලාගෙන
දාමු සනීපෙට
සිත් සනසන්නට


හිත් රිදවාලා
බලෙන් දමාලා
හොද නැහැ ඒවා
දැනගන් සැවොමා


ඇගිලි හොලෝලා
ගැඹුර බලාලා
සෙමින් කොටලා
දමන් සොයාලා


*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*


Written by sAm_4:50_10.07.2012

80 comments:

  1. හා ...

    මම එක වෙන එක හරිද මන්දා

    ReplyDelete
  2. hahahaaaa....nikanwath hithe naha mekanam..katha hithne.

    ReplyDelete
  3. අර ෆොටෝ එක දුමී අයියා දාල තිබුණ ලස්සන කතාවක් එක්ක. මට දැක්ක ගමන් මතක් වුනේ ඒක.

    අන්තිමට මොකක් කිව්වත් ලියල තියෙන්නෙ වෙන එකක් හිතේ තියාගෙන ද කොහෙ ද

    ReplyDelete
    Replies
    1. Indian size මටත් දැක්ක ගමන් මතක් උනා බං

      Delete
    2. දුමියාගේ පෝස්ටුව බලන්න ඕනේ.. ඒක වල් එකක් නෙවේ‍නේ.. :)

      Delete
  4. හිකිස්.මාත් බලන්න ආවේ ඒ දුමි අයියගේ පෝස්ට් එක වගේ මොකක් හරි ඇති කියලා..දෙපාරක් හිතලා දාන්න ගියොත් මට දාන්න වෙන්නේ වෙන කොහේ හරි තමා(කැතට සිතීම තහනම්)

    ReplyDelete
    Replies
    1. අඩේ දුමියගෙ එක බලන්නම වෙනවා.. මොනාද ඒකෙ තිබ්බේ.. ?

      මමම ගිහින් බලන්නම්..

      Delete
  5. අනේ මංදා අදත් අන්තිම වෙනකන් වැරදි පාරෙම ගියා.

    ReplyDelete
  6. හි හි...
    ඇත්ත ඇත්ත...

    ReplyDelete
  7. :D හැමෝම කරන්නේ නැහැ බ්ලොග් කරුවන්ට පමණයි

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කරුවෝ එච්චර දරුණුද මචං.. එයාල විතරද දාන්නේ..?

      Delete
  8. ඇගිල් පැටලෙන් නැතුව ඔබා ගන්න එකයි ඇත්තේ.. :)

    ReplyDelete
    Replies
    1. ඇගිලි තුඩ විතරයි පාවිච්චි කරන්නේ නේද?

      Delete
  9. අපේ සෑම් මලය කුනුහබ්බ කියන්නෑ කවදාවත් නේද......

    ReplyDelete
  10. අනේ මංදා.. මට මෙව්වා ඔලුවට එන්නෙම නෑනෙ අන්තිම වෙනකම්.

    ReplyDelete
    Replies
    1. අන්තිම වෙනකල් දාන්න එපා හොදට හිතලා බලන්න.. ඔලුව පාවිච්චි කරන්න හොදේ !

      Delete
  11. මම නං හිතුන ගමං දානව‍‍. බල බල ඉඳල පුරුද්දක් නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න පොරවල්.. ගෙදර අය කලබල වෙන්නෙ නැද්ද හදිසි තීරන නිසා..

      Delete
  12. ඇත්ත ඇත්ත කම්පනා කරන්න ඕන :ප

    ReplyDelete
  13. සික්... මගේ කැත හිත...
    රුවිතෙටමයි හිතෙන්නේ... හිකිස්‌ (කෝලං ඩී)

    ReplyDelete
  14. බුදු අම්බෝ පොටෝවෙ තියන පැකට් එකේ ලොකු බලහන්කෝ....

    මට කලන්තේ.........අල්ලගනියෝ.......

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩෝ කැරි පොන්න රජා, හැමතැනම ගිහින් ගොං කැරියෙක් වගේ සුභ වේවා කියන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කියපිය පුත්තලම් බූරුවෝ

      Delete
    2. කිං හන්තර් ගේ ලිංකුවෙන් ගියත් යන්නේ අඩවි රජගේ ප්‍රොෆයිල් එකටනේ.. :-0

      ඇයි බොල ඒ??

      Delete
    3. අඩෝ......... මූ මගෙ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක දාලා බං......
      කවුද මේ #$%^%%.... මරනවා යකෝ තෝව... :/

      මට දැන්නං සිරාවටම කුණුහරප කියවෙනවා ඈ...

      Delete
    4. උබ ගනන් ගන්ඩ එපා සජෝ.......
      එක එක පොන්නයෝ පිරිමි වේසයෙන් එනවා..
      ඒත් දාන කමෙන්ට් වලින් තේරෙනවා ඇදන් ඉන්නේ නයිටි කියලා...
      උබ දිගටම සුබ වේවා කියලා කියහන්.........
      .......සුබ වේවා......

      Delete
    5. හැදෙන එකාලට වල කපන්න එන පැරණි ශ්‍රේෂ්ඨයේ නින්දා සහගතය. තමන්ගේ පාඩුවේ වැඩක් කරන එකාලවද විනාස කරන්නෝය. මෙය සාපයක් වී උන් පසු පසම එලවා වී යැයි සෑමාගේ පැතුමය. මන්ද ඇනෝ පහරවල් වල කෙලවරක් නැත. සෑමාට ගල් කපපු කතාවක්ද කියන්නේය. පෝලිමේ එන්න කියපල්ලා කපලා යවන්න...

      Delete
    6. අනේ භය සිතෙනවා මේ කියන හරැප අහලා... අපි හොද හැදිච්ච ළමයි ඔන්න... කිං හන්තර් උඹ හරි නෝටි කථා කියනවනෙ.. හරිම නාකයි...

      Delete
  15. මම 20
    සැමා ඉදල ඉදල දාන ඒවා .....

    ReplyDelete
  16. හිත හිත හිටියොත් චෑන්ස් එක මිස් වන්නට ඉඩ ඇත

    ReplyDelete
    Replies
    1. නොහිතා දැමීම භයානක නැද්ද ?

      Delete
  17. maduru dala ganada kiyanne..

    ReplyDelete
    Replies
    1. මදුරු දැල ගැන කලින් කිව්ව නෙවැ !

      Delete
  18. විදුලිපංකාවද

    ReplyDelete
  19. බොලාටත් හිතෙන දේවල්..!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මොනව වෙලාද කියලා..

      Delete
  20. ඇත්ත...ඇත්ත.......දාපු ඒවා ගැන කියන්නෙත් පරිස්සමින්....

    ReplyDelete
    Replies
    1. මම හිතුවා සුමිත් ප්‍රහාරය පටන් අරන් ඒකෙ ලින්ක් එක දාලා කියලා. මේක මේ වෙන ප්‍රාහාරයක්නෙ..

      Delete
  21. කාලෙකට පස්සේ කැත හිත් වලට කවි පොඩ්ඩ ලියලා !
    එලටික් එලටික් !!
    අද මොකද මන්දා වෙනදා හිතෙන මෙවුවා හිතුනෙම නෑ. ගමන් මහන්සිය හන්දා වෙන්ටෑ. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ගමන් මහන්සියට ගොඩක් දේවල් මග හැරෙනව නොවැ !

      Delete
  22. මම කලින්ම වැරදියට උපකල්පනය කළා උඹ ටීවී එකක් ගැන කියන්නෙ කියලා.. ඒක නිසා අදනම් මගේ හිත කැත වුනේ නෑ.. ඒත් මේ බ්ලොග් ගැන කියනවා කියලනම් තුන් හිතකින්වත් හිතුන්නෑ..

    ReplyDelete
  23. ඇත්තටම creative මචෝ

    ReplyDelete
  24. ෆොටෝ එක දැක්ක ගමන් මතක් වුනේ දුමී අයියා කියපු කතාව :D

    ReplyDelete
  25. චික්... බං අදත් රැවටුනා.

    ReplyDelete
  26. අනේ අම්මපා පහලට එනකම්ම මම හිතාගෙන හිටියෙ මහ කුණුහබ්බ විදිහටනේ...ෂිකේයියා...
    එළ ඈ..

    ReplyDelete
  27. අම්මෝ අපි හොද ලමායි.. ඔන්න මුකුත් වෑරදියට හිතුවෙත් නෑ හිතන්නේත් නෑ... මේ සෑමට හිතෙන දේවල්

    ReplyDelete
  28. බොරු පින්තූර දාල මිනිස්සු නොමග යවලා පල් වැඩ කරන්න එපා බන්,පින්තූරෙට හරියන එකක් දැම්ම නම් මොකද

    ReplyDelete
  29. අන්තිමම පේලි 4 තමා නියම... :)

    ReplyDelete
  30. මොකද්දඇත්තට,අරඋඩපින්තුරෙතියෙන්නෙ?

    ReplyDelete
  31. නියම පොස්ට් එක. නැවත වරක් කාලීනයි. නමුත් සෑමාගේ මුද්‍රාව සහිතවම.

    ReplyDelete
  32. පහුගිය දොහේ මේ පැත්තේ ඇවිත් යන්නත් බැරිවුනා... ඒ ටිකට හෙන සංගෙදියක් වෙලා නෙව.. සෑමෝ බ්ලොග් සීන් එකත් පාර්ලිමේන්තුව ව‍ගේ තැනක් වෙන්නවත්ද බන් යන්නේ..
    මාත් ඕන්න මගේ මූනෙන්ම වැඩේ පටන් ගත්ත බන්.. නමක් තියෙද්දි ඇනෝ වෙන්නේ මොකටද.. හිකිස්..
    පහුගිය දවස් වල වෙලා තියෙන දේවල් බලද්දි මරේ මරු කාලෝචිත පෝස්ටුවක් සෑමෝ..
    ජය!

    ReplyDelete
  33. පීරා මුලු ජාලය
    සොයාන මූ රූපය
    ලියාලා (කුණු ) හර්පය
    කලඹයි බ්ලොග් ලෝකය

    ReplyDelete
  34. සෑමාගේ තරම දන්නා නිසා.. උපකල්පන වලට නොගොස් අවසන් වන තුරැ කියැවීමි... මොකද මම දිවයින පාඨකයෙකි...

    ReplyDelete
  35. දෙවෙනි පාර හිතල කොමෙන්ට් එක දාන්නම් .../ ලියන උඹල දෙපාරක් හිතනවානම් කොමෙන්ට් කොටන අපිත් දෙපාරක් හිතන්න එපෑ
    ම්...ම් ...ම් මූ මේ කුණුහරපයක් ලියලද .....ද ....?

    ReplyDelete
  36. කමක් නැද්ද මන්දා :පි

    ReplyDelete
  37. උඹ නම් මාර බුලට් එකක් බං.. කියවන අපි හොද ළමයි නිසා හොදයි...

    ReplyDelete
  38. sAm (සෑම්)July 10, 2012 6:33 PM

    //සනත් විජේවර්ධනයන් (ඔබ්සර්වර්) වෙනුවෙන් වූ පාසැල් පුස්ථකාලය ඉදි කිරීම ගැනත් මේ දිනවල අම්පාර ගලහිටියාගොඩ මහා විද්‍යාලය සමඟ සාකච්ඡා කරමින් යනවා.. //

    ජය !
    Reply
    Replies

    AnonymousJuly 10, 2012 11:19 PM

    අපෝ මූ රෙද්දක් ඇඳගෙනද ඇවිත් ඉන්නෙ
    AnonymousJuly 11, 2012 10:52 AM

    ubage iskole kale wistara okkoma liwuwa eke, ara gal ajith ekka wechcha seen ekath liyapanko. eka uba nodannawata ubath ekka igena gaththa okkoma dannawa ban.. gal ajith ubata galak kapuwa kiyala beela apitama kiwwa ban. yalukamata api ubawa bite nokara hitiye.eth uba dan porak wela boru kiyanakota thawath kata wahan inna ba.. uba liyana ewa kiyawana unta ube kolu seen eka ganath kiyapanko ban...

    ano awe mata namin ennai profile ekakui nathi nisa. anika me mama cmnt karana palaweni wathaawa me blog eke.meka sahathika aththa.sAm kiyanne ekthara kaleka kollo gahapu ekek. gal ajith kiyanne apita wadaa awurudu 2k wadimal ekek.uu thamai muuta mulinma gal kapuwe. eka sAm hithanne kawruwathma danne na kiyala. uba shehanta hamadama eka digata reta cl karala lv sms karanna patan aragena uu ube yalukamuth iwara karala ube number eka block kara kiyalath api dannawa..

    thaamath gal ajithayawa bar eke api dakinawa. sAm uba dan kiyai mewa boru kiyala. ubata kade yana unuth kiyai mewa apahasa kiyala. eth hithata thattu karala balapan me mama kiwwe aththa neda kiyala..

    ReplyDelete
  39. @ ඇනෝ, උඹගේ සොයාගැනීම වෙනුවෙන් මල් මල් ජංගි 6 ක් අඩංගු පාර්සලයක් යතා කාලයීදී ඔබට ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. අභීත July 9, 2012 10:06 PM

      බ්ලොග් ත්‍රස්තවාදී කල්ලිය කියන මොකෙන් හරි කමක් නෑ මම ඉතා විනීතව ඉල්ලනවා සභ්‍යත්වයෙන් හැසිරෙන්න කියලා.... එහෙම නැති වුනොත් මට කමෙන්ට් මකන්න වෙනවා... මම අකමැතිම වැඩක් ඒක...

      Delete
    2. @Ano July 11, 2012 3:00 PM

      උඹ දන්න, මම නොදන්න, උඹට ඇරපු ගල් අජිත් කවුද කියල දැන ගන්න කැමති.

      //gal ajith kiyanne apita wadaa awurudu 2k wadimal ekek.// අජිත් කියල එකෙක් අපේ පැත්තෙ පොල් කඩනවා. ඌද බොට ඇරියේ.. මේ වගේ නමක් යොදා ගැනීමෙන් උඹේ වයස සහ උඹ කවුද කියල මට ගෙස් කරන්න පුළුවං. කතන්දර හදද්දි ටිකක් කල්පනා කරපං.

      මේ වගේ බොරු මඩ කතාවක් උඹේ ඔය අත් දෙකින් ටයිප් කලානේ. මතක තියා ගනිං මම උඹට සාප කරනවා මේ වගේ කතන්දර හැදුවට. උඹේ අම්මෙක්, තාත්තෙක්, සහෝදරයෙක්, දරුවෙක්, ගෑනියෙක් ඉන්නව නම්, උන් කවද හරි මොකක් හරි සිද්ධියකින් උඹ ඉන්න ගමේම චාටර් වෙයි. ඒ උඹ මේ වගේ කතන්දර හදලා ජීවත් වෙන නිසා. එදාට උඹට සෑම් මතක් වෙයි. සෑමා වගේ එකෙක්ට උඹ මෙහෙම කතාවක් හැදුව නේද කියලා.

      මගේ ධර්මය, මගේ ආගම, මාව රකිනවා. උඹ වගේ එවුන්ට මගේ ධර්මය දඩුවම් කරන්නෙ නැති වුනත් උබේ ඔය පපුව ඇතුලෙ තියෙන අසූචි ගොඩ උඹටම සාප කරන දවසට මම සතුටු වෙන්නෙත් නැහැ. ඒත් උඹට එදාට සෑම් මතක් වෙයි.

      තව එකක්.. ත‍දයෙක් නම්, උබ වැඩ්ඩෙක් නම්, කොන්ද පන තියෙන බ්ලොගෙක් නම්, ඔය කියන අජිත් ව අරගෙන කැළණිය හන්දියට වරෙන්..

      එදාට උඹට තේරෙයි මම බය නැතුව පෝස්ට් දාන්නේ ඇයි කියලා, මම මර්වින් ගෙ නම කියල උඹට මම කවුද කියන්නෙ නැහැ. කොන්ද තියෙනව නම්, උබ ඔය කියන අජිත් කියන එකාව අරගෙන බය නැතුව වරෙන්..

      @කම්මල - මූට මේක සාපයක් වෙනව මචං. කාවත් කියල ගල් කපව ගන්න සෑමාට නගින්නෙ නැහැ කියල හිතන්න ඇති. ඌට නොනගින බව ඇනෝ පාරෙන් තේරෙනවා.

      Delete
  40. දුමි අයියගෙ ඉන්දියන් සයිස් පෝස්ටුව තමා දැක්ක ගමන් මතක් වුනේ... හි හි හිත කැත කරගෙන බැලුවේ කවුද අප්පා හිතන්නේ මේක බ්ලොග් එක ගැන කියන්නේ කියලා.මේ වගේ පොටෝවක් දැක්කම කොහොමත් හිතෙන්නෑ මේ වගේ දෙයක්....එල ඈ මේක හොඳයි අපේ සෞඛ්‍ය තත්වය බලන්න

    ReplyDelete
  41. ෂා මෙන්න කවි

    ReplyDelete
  42. සමහර කෙල්ලෝ
    දිව එයි සැනකින්
    දාපු හැටියෙන්
    මුල් තැන ගනිමින්

    ඔන්න ඔය කෑල්ල හින්ද මට නම් වැඩේ මාට්ටු වුනේ... කොහොමත් උඹ කුණුහරපයක් දාන්නෙ නෑ කියල දන්න හින්ද ඇඳගන්නෙ නැතුව බලනව.... :)

    ReplyDelete
  43. කැතට සිතීම තහනම් උනාට කැතටමනේ හිතෙන්නේ

    ReplyDelete
  44. මම නම් 4 පාරක් සිතා බලනවා...ඒත් සෑම් 4 ට විතරක් සිංහල දන්න මම ගැරඬියට ලියන්නෙ නයා කියලමනෙ....ශික්..! :D:D:D:D.

    ReplyDelete
  45. හපොයි බ්ලොගේ කියලානම් හිතුනෙම නෑ.

    ReplyDelete
  46. හ්ම්ම්..හ්ම්ම්..

    ReplyDelete
  47. මුලදි නම් බං මම හිතුවෙ මේස් එක ගැන කියනවා කියලා. පහලට කියවාගෙන එද්දි සැක හිතුනා. බ්ලොග් පෝස්ට් එකක් කියලා නම් හිතුනෙම නෑ. මේ පාර නම් අති සාර්ථකයි. :)

    henryblogwalker the Dude

    ReplyDelete
  48. හික්ස්.. දන්න අයට බොරු බැ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...