Wednesday, July 4, 2012

දිව නොනමා කතා කිරීම - මැනේජර් සම්බන්ධවයි.....


දුරකථන නිසා කුණුහරප අසා ඇත්ද ? කියවූ අය සෑමාට සාධාරණ මඩක්ද ගැසූවෝය. ඒක ඇත්තය. වටේටම කුණු හබ්බ දෙසන මැනේජර් සෑමාට කුණු හබ්බ දෙසුවේ නැත්දැයි ඇතමෙක් අසන්නට වීය. මේ සෑමාග් පිළිතුරු කතාවය. එයින් මැනේජර උතුමා සෑමාට සැලකූ විදිහ විද්‍යා මාන වන්නේය. දුමින්ද ෆෝන් එක පොකැට්ටුවේ තිබියදී ෆෝන් එක කැඩුන නිසා නොදන්වා නිවාඩු ගත්තේ යැයි කියද්දී අත ගැස්සී වැරදියට රැවුලේ පැත්තක් කැපී ගියාක් මෙන් පොකැට්ටුවේ තිබුණ ෆෝන් එක නාද විය. එදින සිට දුමින්දගේ පිවිතුරු චරිතයට කණ කොකා හැඩුනේය.

දිනක් සෑමාද හදිසියේ නිවාඩුවක් ගත්තේය. දැන් නම් හේතුව අමතකය. ඒත් එදා සෑමා මැනේජර උතුමාට දැනුම් දීමක් කලේ නැත. ආයතනයේ සිටින වෙන එකෙක් නොකියා නිවාඩු ගියාට මැනේජර්ට වැඩිය දැනෙන්නේ නැතිය. එහෙත් හදිසියේ කුමන හෝ ගැටළුවක් (නිවාඩු ගත් පුද්ගලයාට අදාල) පැන නැගුන හොත් මැනේජර් ඔහුව හෝ ඇයව සොයන්නේය. එවිට කිසිවෙකු හෝ පැමිණ නොසිටිය හොත් වසලා හමාරය. එහෙත් සෑමාට එසේ නොකියා නිවාඩු ගැනීමේ අවස්ථාවක් නොලැබුනේය. මන්ද සෑමා සිටියේ මැනා උතුමානන්ගේ එහා පුටුවේ වීම නිසාය.

කොසේ හෝ සෑමා එදා නොදන්වා නිවාඩු ගත්තේය. ගෙදර සිටියදී නිතර නිතර සිහි වූයේද පහුවදා ගොස් මැනාට මුහුන දෙන්නේ කෙසේද කියාය.

කෙසේ හෝ සෑමා පහුවදා උදේ කන්තෝරුවට ගියේය. මොහොතින් මැනා ආවේය.

"ගුඩ් මෝර්නිං සර්" සෑමා පැන එසේ කීවේ පොර ‍උදේම ශේප් කර ගැනීමටය.

"ගුඩ් මෝර්නිං.. මොකද ඊයේ නොකියා නිවාඩු දැම්මේ ?"

"කියන්න බැරි වුනා සර්.." ඒ සෑමාය.

"මොකද ආවෙ නැත්තේ ?" ඒ මැනාය.

"එන්න බැරි වුනා සර්.." ඇගට නොදැනී කීවේ සෑමාය.

මැනා හා, හූ නැතිය. හිස සැලුවා පමණි. ආවේ නැති හේතුව ඇසුවාම "එන්න බැරි වුනා සර්" වැනි උත්තරයක් දෙන්නෙකුගෙන් ප්‍රශ්න කර වැඩක් නැති බව මැනාට සිතෙන්නට ඇතිය.

එම ආයතනයේ ජනවාරි මස මුලදී නොයෙක් ආකාරයේ තෑගි බෝග දෙන්නේය. බොහෝ විට පොඩි රේඩියෝවක්, උණුවතුර බෝතලයක් වැනි දෙයක් දෙන්නේ සියළු දෙනාගේ හිත සතුටු කිරීමටය. අනෙක ආයතනය වෙනුවෙන් සේවා කිරීමෙන් ලැබෙන වැටුපට, දිරි දීමනා, වලට අමතර දැනෙන්නනට යමක් කිරීමටය. එවන් එක් වසරක අපේ පැට(ර්)න් මේකිං (CAD - Computer Aid Designing or pattern making - ඇදුමක් මැසීමට පෙර පතොරම් හදන්නාක් මෙන් විවිධ ස්ටයිල් වලට පැටන් මේකර්ලා සිටිත්. ඔවුන්ට හොද වැටුපක්ද ලැබෙන්නේය.) ඩිපාර්ට්මන්ට් එකට පොඩි රේඩියෝවක් ලැබී ඇත්තේය.
මේ CAD එක අතුලේදි ස්ටයිල් එකක් ඩමියකට ෆිට් ඔන් කරන සීන් එකක්

එම ආයතනයේ CAD රෑම් එක හදා තිබ්බේ නියම ආකාරයකටය. එනම් කාමරය වටේට බිත්ති හතර දිගේම මේස දමා කම්පුයුටර් දමා තිබිණ. පැටන් හදන්න සියල්ලෝම බිත්තිය පැත්තට මුහුණ යොමා වැඩ කරද්දී පිටු පසින් එන කිසි වෙකු නොපෙනෙන්නේය. එසේම කාමරය මැද පිරෙන්නට විශාල මේස දමා තිබිණ. ඒ පැටන් කැපීමට සහ පැටන් නිවැරදි කිරීමේ කර්තව්‍යය සදහාය. බොහෝ විට සිතියම් අදින්නාක් මෙන් මේස මත එලාගෙන පැටර්න් නිවැරදි කරන අවස්ථාද තිබෙන්නේය.

කෙසේ හෝ කැඩ් එකට ලැබුන රේඩියෝව ලග තබා ගත්තේ නිමල් අයියාය. අපි පොරට අයියා කිව්වාට පොර හරියටම කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතාගේ වයසය. එහෙත් නිමල් අයියා හැසිරෙන්නේ කොල්ලා වගේය. පොර අළුතෙන් ආයතනයට පැමිණි දෙතුන් දෙනෙක්ට ටෝක් කර සැර බීම පවා ලබා ගත්තේ කාටවත් නෙදැනීමය. පසුව කට්ටිය එකතු වී අළුතෙන් ආ අයගෙන් බෝතලයක් සෙට් කරපං කියද්දී නිමල් අයියා තමන්ගෙන් කලින් සංතෝසම් ලබා ගත්බව ඔවුන් කියන්නෝය. නිමල් අයියා ඒ තරම් බඩ්බක් බව දන්නා නිසා CAD එකට පොදුවේ ලැබුණු රේඩියෝව පවා නිමල් අයියා සතු වෙද්දී එකෙක් වත් කතා නොකළෝය. නිමල් අයියාට අවශ්‍යය කුමක්ද පොර එවලේම එය තමා සතු කර ගන්නේය. අපේ එවුන්ට ඉල කැඩෙන්න හිනා ගිය කරුණ නම් නිමල් අයියා කාලයක් නිවසේ මෙහෙකාර කමට කෙල්ලෙක් සෙවූ සීන් එකක්ය.

එක වරක් CAD එකේ මැනේජර්ව සිටි සුද්දීට IT එකෙන් LCD මොනිටර් එකක් එව්වේය. ඒ ඇයට තිබුණ CRT මොනිටරය අක්‍රිය වූ නිසාය. නිමල් අයියාට පෙර සිටම තිබ්බේ LCD මොනිටර් එකක් වුවත් එය නිතර ගැස්සෙන සුළු නිසා සුද්දී එන්නට පෙර ඇහිල්ලක් බැලිල්ලක් නොමැතිව නිමල් අයියා එය තමා සතු කර ගත්තේය. කිසිත් නොදත් සුද්දී බැන්නේ IT එකටය. නිමල් අයියා නිහඩය.
මේ අපේ නිමල් අයියා.. ටිකක් බොද කරල දැම්මේ අදුන ගන්න බැරි වෙන්න

නිමල් අයියා දහවල ආහාරයෙන් පසුව රේඩියෝව දමාගෙන කල් ගෙවීය. සද්දය මද පමණින් ‍දමා නිමල් අයියා තමන්ගේ පාඩුවේ ඇස් පියාගෙන පැටර්න් ඇන්දේ කෑමෙන් පසු ඇස් පියාගෙන වැඩ කිරීමේ හැකියාව තමා සතු වූ නිසාය. මේ අතර සවස් ජාමයේ නිමල් අයියා බැහැ දැකීමට දුමින්ද ද පැමිනෙන්නේ කටින් අංශයේ තනිව සිටීම කම්මැලි නිසාය. බොහෝ විට නිමල් අයියා ඔවුන් දෙස නොබලා මොනිටරය දෙස බලාගෙනම කතා කරන්නේ තමාගේ කාර්්‍යය බහුලත්වය පෙන්වීමටය.

"‍මොකක්ද අයිසේ ෆෝන් එකක්ද ඔය සිංදුවක් ඇහෙන්නේ??"

"නැහැ බං මේ අපි වෙනද හවසට දාන රේඩියෝ එකනේ.." නිමල් අයියා මොනිටරය බලාගෙන පිළිතුරු දුන්නේය.

"කවුද ඕක උස්සගෙන ආවේ.??"

"ඇයි බං ජනවාරි මුලදී අපිව රවට්ටන්න මහ එකා දුන්න රේඩියෝ කට්ටනේ බං මේ..." ඒ නිමල් අයියාය.

දුමින්ද යැයි සිතා මැනේජර්ට ප්‍රති උත්තර දුන් නිමල් අයියා තම කාර්යයේ දිගටම නියැලෙද්දී මැනේජර් ආපිට යන්නට හැරුනේය. දොරෙන් පිටත් වන්නට පෙර ඔහු හිනාව තදකරගෙන සිද්ධිය බලා සිටි පිරිසට කිව්වේ "අරූගෙ හිතේ දුමින්ද ඇවිත් කියලා. මම ගියාම කියපං කවුද ආවෙ කියලා."

නිමල් අයියාගේ වයස නිසා නිමල් අයියා නිදහස් වූ නමුදු පොර පසුව ගොස් මැනාගෙන් සමාව ගත්තේය.

Written by sAm_5.15pm_04.07.2012

101 comments:

  1. හි හි.. ආය නම් මුණ බලලම උත්තර දේවි..:)

    ReplyDelete
    Replies
    1. ඒත් මැනාගේ මූන බලන්න බැරි වෙයි හැබැයි :)

      Delete
  2. නිමල් අය්ය නොදැන උනත් සිරා උත්තරයක්නෙව දීල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. දැක දැක කිව්වද මන්ද බං. ඒ තරම් බඩ්ඩක් !

      Delete
  3. කෝ ඉතින් පටන් ගත්ත විදියට මම හිතුවේ සෑමත් අහගන්න ඇති හොදට කියලා, කතාව ලස්සනට මාරු කරලනෙ

    ReplyDelete
    Replies
    1. හොර නැහැ බොරු නැහැ වංජා නැහැ.. මේක ගලා යන කතාවක් :)

      Delete
  4. "ගෙදර සිටියදී නිතර නිතර සිහි වූයේද පහුවදා ගොස් මැනාට මුහුන දෙන්නේ කෙසේද කියාය"

    නිවාඩු දැම්මට ගෙදරනේ ඉදලා තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. අපේ එකෙක් හිටියා. පොර බැදලා. නිවාඩු දාන්නෙ නැහැ. නිවාඩු දාලා ගෙදර හිටියම ඔපීස් එකේ ඉන්නවට වැඩිය අමාරුයි කියලා.

      පොර කරන්නේ දුර ටිකට් එකක් අරන් කෝච්චියේ නැගල නිදා ගන්නවලු. ආයෙ හවස් වෙද්දි හැරිල ගෙදර එනවලු.

      :ඩී

      Delete
  5. සෑමාගේ මැනේජරයා නම් සුපිරි ඩයල් එකක්..මෙච්චර අන්ඩපාලයො ඉද්දි මෝඩ ප්‍රශ්නමනෙ අහන්නෙ..

    ReplyDelete
    Replies
    1. පොර හිතන්න නැතුව ඇති නිමල් අයියා දැක්කෙ නැහැ කියලා.. හිකිස් !

      Delete
  6. මෙකත් නිකන් මෙගා ටෙලියක මැද කොටසක් වගේ. මුල තියෙන කියන දේ නෙමෙයි අන්තිමට තියෙන්නෙ සෑමෝ....

    ___සිහින මදාරා____

    ReplyDelete
    Replies
    1. මේක එක මෙගා කතාවක් නෙවෛ් ජුන්ඩං කතා දෙකක් මදාලෝ...

      කස්ටිය හිතුවෙ මම බැනුම් අහල කියල වෙන්න ඇති.. :පී

      Delete
  7. මමත් හිතුවේ සෑම් බැනුම් අහයි කියලා. කෝ අපට කියලා නෑනේ.:)

    ReplyDelete
    Replies
    1. කස්ටිය හිතුවෙ මම බැනුම් අහල කියල වෙන්න ඇති.. :පී

      පොර මට බනින්නෙ නැහැ බොලව් !

      Delete
    2. // පොර මට බනින්නෙ නැහැ බොලව් ! //

      සාධාරණ ප්‍රශ්ණය : ඇයි ඒ ?

      Delete
    3. අපිට එක එක ඒවා හිතෙනවා.. මේවට උත්තර ඕන සෑමෝ.. :)

      Delete
    4. මෙතන දාන්න බැහැ මචං..

      හිමීට කියන්නම්.. අපේ එක්කෙනාගෙ දුරින් මාමා කෙනෙක් නම් නෙවේ.. :ඩී

      Delete
  8. මදැයි වෙච්චි දේ..

    ReplyDelete
  9. කෝ බං සෑමාට වෙච්ච කෙංගෙඩියක් මේකෙ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. හරි හරී හිතුවෙත් සෑමා බැනුම් අහයි කියල නේද?

      බලපං මෙන්න මිත්තරයෝ !

      Delete
  10. සෑමාට වෙච්චි දේ කියයි මේන් කියලා. අනිත්වා අනුව ඒක හිතා ගන්න ඉඩතියලා සැමා පැන්න පීල්ල නිමල් අයිය ගාවට.

    ReplyDelete
    Replies
    1. ටිකක් අධ්‍යනය කරල කමෙන්ටුවක් දාලා වගේ.. :)

      ජය හොදේ !

      Delete
  11. අන්න එහෙහම තමා උත්තර දෙන්න ඕන.. මම අපේ ලොක්කා එක්ක කතා කරනවා වගේ... :)

    ReplyDelete
    Replies
    1. උබලගෙ බොසා අර මාළුවෙක් අල්ලං ආව කතාව මතක් වුනා...

      :ඩී

      Delete
  12. අපි ඉස්සර ප්‍රින්සිපල්ට බනිද්දි පිටිපස්සෙන් ඉඳං අහගෙන හිටපු සිද්දිය. එත අපිටනම් සමාව දුන්නේ නැහැ ගැහුවා බං හේනට..

    ReplyDelete
    Replies
    1. ඒ ඉක්කෝලෙ නිසානේ මචං.. කන්තෝරුවෙ ගහන්න බැහැ නොවැ..

      Delete
    2. අසාර්,හේනටගැහුවකිව්වෙබං?උඹල වැව්වද??

      Delete
    3. හේ හේ... හේනට නෙවේ හෙනට.....

      Delete
  13. ඔයින් ගියා මදෑ.

    ReplyDelete
  14. සැමා "නිමල් අයියා" පිට දමා කතාව නොමගයවා ඇත

    ReplyDelete
    Replies
    1. නිමල් අයියා වයසට ගියත් කිසිදාක පිට ගොස් නැති බව හෙතෙම කියන්නේය.

      Delete
  15. සෑමා සැහැසි ලෙස කථාව මාතෘකාවෙන් පිට පන්නා පොට ගස්සා ඇත.... නිමල් අයියා නම් පස්ට චරිතයකි...

    ReplyDelete
    Replies
    1. නිමල් අයියා පට්ට පට පටය.. දෙතුන් දෙනෙක්වම රවැට්ටුවේ ජොබ් හොයා දෙනවා කියාය.

      මාතෘකාව වැරදී මම හිතන්නේ. කතාව හරි :ඩී

      Delete
  16. මැනේජරයා හා සෑමා අතර නොමනා සම්බන්ධ කමක් ඇති බව මැනජරයා සෑමාට නොබැනීමෙන් මනාව පසක්වේ

    ReplyDelete
    Replies
    1. හුටස්.. මේක ඇමරිකාව නොව ලංකාවය. එසේම මම සෑමාය. :ඩී

      Delete
  17. කතාව කියෙව්වා! :)

    ReplyDelete
    Replies
    1. උබත් කට්ටි පැනලා සබියෝ..

      Delete
  18. හ්ම්... මූ අපිව අන්දන්න හදන්නෙ, දෙන්නම් ‘ඹට.

    නිමල් අයිය මැනේජරට අනිත් අය ඉස්සරහ (නොදැනුවත්ව හෝ) අපහාස කරලත් මැනා මොකුත් කිව්වෙ නැතුව හිනාවෙල ගියා. ඒ නිමල් අයියාගේ වයස නිසා. මැනේජර් එතකොට සෑම්ව එයාගෙ ළඟින් තියාගෙනමයි හිටියෙ. අනිත් එකෙක් කළානම් කුණුහරුප කියල බනින වැරැද්දක් සෑම් කළාම මොකුත් කිව්වෙත් නෑ... දැන් මට තියන ප්‍රශ්නෙ සෑම්ටත් මොකුත් කිව්වෙ නැත්තෙ සෑම්ගෙ වයස නිසාද?

    (නෑ... නෑ... මම කිව්වෙ ඔය කට්ටියට එකපාර එන සරල උත්තරේ ගැන නෙවි, සෑම නාකියි කියල. මම කියන්නෙ ඒකෙ අනිත් පැත්ත, සෑම කොල්ලා! මැනා සෑමට කැමතියි!)

    කොහොමද මගේ ටිකිරි මොලේ.

    ReplyDelete
    Replies
    1. මළා .. මම මේක හිත හිත කොටන අතරෙ අන්න ජිංජිබිරිස්ටත් ඒ අදහසම පහළ වෙල.

      Delete
    2. ඔන්න තවපාරක් Detail Detecting Technician (DDT) ගෙ Detail Detecting Talent (DDT) එක! :D
      මං කිව්වෙ බොරුද?
      මටත් ඔහොමම හිතුනා. නමුත් සෑමා මෙච්චරකල් දාලා තියෙන මාතෘකාවල හැටියට අපිට එහෙම දෙයක් නොහිතුනොත් තමයි පුදුම!
      henryblogwalker the Dude

      Delete
    3. @හෙන්රි - මම ඔය DDTට කලින් කිව්වේ TNT (tri nitro toluene - වෙඩි බේත්) කියල නම වෙනස් කරපං කියලා. බුවාට මතකද දන්නෙ නැහැ. මේකා පැපරාසියෙක් වගේ.

      අඩේ අහවල් මාතෘකා ගැනද මේ කියන්නේ ?

      මැනා මට මුකුත් නොකියන හේතුව මෙතන කියන්න බැහැ බොලව්. ඊමේලයක් දමව් !

      Delete
    4. හප්පුච්චියේ .. ඩූඩ් අයියා අළුත් අර්ථකතන දෙනව, සෑමා අළුත් නම් දෙනව. මේක හරියන මඟුලක් නෙවි, නම වෙනස් කරල දාන්න ඕන. ;)

      Delete
    5. හෙන්රියා මගෙ පොටෝ එකට කියපු කතා මතකනේ.. :ඩී

      Delete
  19. බලපං උඹ ලියපු පිලිතුරු ලිපියටත් මුන් මඩ ගහලා නෙව. චෙහ් ...මෙහෙමත් යාලුවෝ...හික්..! ඇත්ත කිවුවනම් හෙටින් පස්සේ බොලොග් එක පැතේ එන්නේ කොහොමෙයි රෙදිත් ඇදන්..නේ..? අම්මාපල් ඔය ටික තේරුම් ගන්න බැරුව නොවැ බොල මේ.....! ජය....!

    ReplyDelete
    Replies
    1. මුන්ව හදන්න බැහැ බං.. සික්.. කැත සමනල්ලු !

      Delete
  20. ඔය කියන විදියට දොරට පිටුපාලා පුටු මේස තියන එක තාක්ෂණික වරදක්, මැනා ඒක හිතාමතාම කරවලාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. දොරට පිටුපාලා කිව්වේ?

      Delete
    2. සාමාන්‍යයෙන් පුටු මේස ස්ථානගතකරන්න ඕන දොරෙන් ඇතුළුවන අය පෙනෙන විදියට. ඒක ආරක්ෂාවටත් වැදගත්, හැබැයි මේක රීතියක්- නීතියක් නෙවෙයි.

      Delete
    3. හැබැයි සුමිත් අයියා මම දැකපු ගොඩක් කැඩ් රූම් ඔය විදිහ තමා. ඒ කියන්නේ මැද ටේබල් දාලා පැටන් ඩිසයින් කරන්න, කපන්න එහෙම, වටේටම කම්පීතර ටේබල් දාලා.

      සුමිත් අයිය කියන රීතිය ගොඩක් ඔපීසිවල සිද්ද වෙනවා හැබැයි..

      ජය !

      Delete
  21. මේකෙත් සෑමගෙ එව්වා වාරණය කරලා ඈ....
    මොනා උනත් පට්ට මැනේජරයා....
    නිමල් අයියා හරියට අපේ දහම් පාසලේ කෑමලාල් වගේ තමා...
    (කෑම ලාල් ගැන සෑමයියා දන්නවා යැයි සිතමි)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. කැම ලාල්.. මතක් කරන්න එපා බං මට හිනා යනවා..

      පොර‍ගේ කතා ගොඩක් මතක් වුනා.. ජය ඇහ් !

      Delete
  22. සැමා ඔතන කොච්චර කල් හිටියද දන්නෑ....හිමිජ්ජ වගේ...බේරිලා.!!

    ReplyDelete
    Replies
    1. වසර දෙකක් අමාරුවෙන් හිටියා.. මතක් වෙද්දි හයියෝ..

      Delete
  23. හික්ස් පවු ඩෙයියනේ නිමල් අංකල්....

    ReplyDelete
  24. මොකද ඊයේ නොකියා නිවාඩු දැම්මේ ?
    කියන්න බැරි වුනා සර්....
    පුදුමයි මෑන්ස් ගුටි නොකා බේරුණ.... :D :D :D

    ReplyDelete
    Replies
    1. ඇයි ආවෙ නැත්තේ?

      එන්න බැරි වුනා සර් !

      Delete
  25. හිකිස්ය.. වෙන මුකුත් නැතිය....

    ReplyDelete
  26. මම අනන්තවත් අපෙ බොස්ට ඔය වගෙ කතා කියලා තියනවා ඒ හන්දා කාට හරි ලොක්කට මොනව හරි කියන්න් උවමනා උනාම මට කියලා තමයි කියවන්නෙ. මට ලිස්සලා යන්න බොස්ට ඔය වගෙ කතා කියත හැකියි

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.. උබට ඔපීසියේ සලකන්නෙ ජෝන් සීනා වගේ ‍චන්ඩියෙක් කියල වෙන්න ඇති :)

      Delete
  27. අනේ අර මුල් පින්තුරේ මරු..

    නිමල් අන්කල් ට වයස හින්දා මොනාත් නොකිව් එක හොදයි නේ මැනා..අර ගැහැනු කෙනෙක්ට අරහෙම බැන්නා නම් මම හිතුවා අම්මමෝ නැතුව බනියි කියලා අප්පා..

    ReplyDelete
    Replies
    1. දන්නවනේ එක එක පුද්ගලයාගේ පෙර වැරදි අනුව තමා ඕව තීරනය වෙන්නේ.. ;)

      Delete
  28. සැමා මැක්කගෙ කථාව ලියන්න අරන් වගේ.මම කියල පටන් අරන් වෙන එකෙක්ගෙන් ඉවර කරලා.

    ReplyDelete
    Replies
    1. හිකිස්... බලධාරීන් අකැමැති කොටස් තිබ්බම ඕම තමා.. රජ‍යේ මාධ්‍ය නිවුස් බලන්න. අන්න ඒ වගේ :)

      Delete
  29. //"එන්න බැරි වුනා සර්.." //
    සෑමගෙ නිදහසට කරුණත් වටිනවා.. :D ‍ඉගෙන ගන්න.. :D

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ.. බොරු කියන්න හොද නැති නිසා ඇත්ත කාරණාව කිව්වා ;)

      Delete
  30. අම්මේ උඹ වගේ එකෙක්.. අර පිස්සු පුසා කාටුන් එකේ වගේ.. නිදහසට කරුණු නෑ කිව්වේ.. ඇත්තටම ඕක වැඩ කරන ට්‍රික් එකක්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

    ReplyDelete
    Replies
    1. ඕය වගේ ඒවා හදිස්සියට වටිනවා. ඒ කියන්නේ මැනා බිසී නම් පොරට ඒ වගේ උත්තර දැනෙන්නේ නැහැ..

      ජය !

      Delete
  31. අයියෝ කොන්ද............

    ReplyDelete
  32. සෑමෝ මීට වඩා ආතල් සිද්ධි අපේ ඔපීසියෙ ඉද්දිත් උනානේ බන්.. උඹ මේ පිළිතුරු ලිපිය ගල් ආ‍ඳෙකු ලිස්සා යනවා වගේ ලයින් එකක් මට පේන්නේ... හිකිස්..

    ReplyDelete
    Replies
    1. හිකිස් ගල් ආදා අහිංසක සතෙක් බං..

      Inno කතා සෙට් එකට ක්‍රමයෙන් එන්න ඕනෙ මචං.. මතක් වෙද්දි ෆන් !

      Delete
  33. සෑමට බොසා නොබැනීමට හේතු විය හැකි කරුණු
    1. වැඩට ආවත් වැඩක් නැති කම
    2. කොම්පැණි අයිතිකාරයාගේ නෑදෑයෙක්/හිතවතෙක් වීම
    3. දේශපාලන දර්ශණය අතින් සමාන වීම
    4. සෑමා බොසාගේ පුද්ගලික රහස් දැන සිටීම හෝ ඒවාට උදව් කිරීම (පිම්පි වැඩ වගේ එව්වා : ඩී)

    ReplyDelete
    Replies
    1. මළා. ‘පිම්පියා‘ය කිව්ව, හෆොයි ... සෑමා !

      Delete
    2. සුදීක පට්ට සාර්ථක කමෙන්ටුවක්. විභාගයක් පාස් වෙන්න උත්තර ලිව්ව වගේ මචං.. සිරා..

      ඩී/ඩී/ටී - පිං-පියා යනු.. පිංවත් පියාය.

      Delete
    3. හෙහ් හෙහ් ... ගෝඩ් ෆාදර් වගේ.

      Delete
    4. මචං සෑමා මට හිතෙනව ඇත්තම කාරණේ මට මිස් වෙලා කියලා.

      Delete
  34. සෑමාට මැනේජර්ගෙන් විශේෂයක් මොකද.

    ReplyDelete
    Replies
    1. විශේෂත්වයට හේතුව මගෙ රිප්ලයි කමෙන්ට් අස්සෙ හැංගිලා ඇති.. ;)

      Delete
  35. හය්යෝ හය්යෝ...මරු සීන් එක..

    ඔය වගේ වැඩක් අපේ ඔපිස්‌ එකේ එකෙක්ටත් උනා..ඒ නම් කෝල් එකකින්..අපේ මැනේජර් කෙනෙක් ඉන්නවා සමන්ත කියලා.. තව පිස්සු කෙලින කොල්ලෙකුත් ඉන්නවා සමන්ත කියල.. දවසක් මැනේජර් සමන්ත කෝල් එකක් අරගෙන මෙන්ටෙන්ස් එකේ එකෙක්ට වැඩක් කියලා ..මෙන්ටෙන්ස් එකා කව්ද කතාකරන්නේ ඇහුවම , මම සමන්ත කියලා .. මෙන්ටෙන්ස් බුවා හිතලා තියෙන්නේ සමන්ත කොලුවා ඌව බයිට් එකට ගන්න හදනවා කියලා... මැනේජර් කාරයට තිත්ත කුණුහරුපෙන් බැනල..
    පස්සේ ගිහින් සමාව අරගෙන තිබුනා

    ReplyDelete
    Replies
    1. රෙදි නැතුව ඇති බං මැනාගේ..

      පොර හිතලම කලාද දන්නෙ නැහැ සමාව ගත්තත් බැනලා ඉවරනේ...

      ජය !

      Delete
  36. කෝ සෑමාට කුනුහබ්බෙන් බැනපු එව්ව ඈ??

    මං මේ දත් මදින්නෙත් නැතුව් ආවෙ ඒක බලන්න :(
    ;)

    ReplyDelete
    Replies
    1. මට බැනපුව බලන්න දත් මැදගෙන වරෙන් !!

      Delete
    2. ඒ දත් මදින විදියත් මතක නෑනෙ සෑමො....
      උඹෙ කතා කියවලම මං දත් මදින එකත් අතෑරල දැම්මනෙ!
      @#$%$$#@#$%$%#$@#^%^$

      Delete
  37. පට්ට ආතල්, කට හඬ අඳුන ගන්න බැරිද අප්පා

    ReplyDelete
    Replies
    1. එව්ව නම් අනේ මන්දා..

      Delete
  38. හෙහෙ මෑන්ස් තමයි මෑන්ස් :ඩ්

    ReplyDelete
    Replies
    1. මෑන්ස් කිව්වේ නිමල් අයියද ? මැනාද ?

      :)

      Delete
  39. නිමල් කියුවේ ඇත්ත නිසා කරගන්ඩ දෙයක් නැතූව ඇති

    ReplyDelete
  40. මං හිතුවේ මනේජරයා බව දැනගෙනම එහෙම කිව්වා කියලා...

    ReplyDelete
  41. වෙන මුකුත් නැමුවෙ නැතැයි ?

    ReplyDelete
  42. කවදා හරි සබ්බුව හම්බ වෙයි මැනා ගෙන්...මිනිහව සොයලා මේ බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න ඕනි !

    ReplyDelete
  43. හිකිස්....මරු සීන් එක....

    ReplyDelete
  44. කාටත් හොරෙන් සැමා පෝස්ටු දෙකක්ම දමා ඇත...

    මම හිතුවේ මේකෙන් සැමා බොසාගෙන් බැනුම් අහපු දෙයක්වත් කියයිදෝ කියලා කොහෙද කොලේ වහලා ගහලනේ...

    මරු ලොක්කා.... සැමා යහතින් ඉන්නවද ඇහුවේ බැනුම් ඇහුවේ නැති නිසා :පී

    ReplyDelete
  45. මරු සිද්ධිය අප්පා....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...