Thursday, July 19, 2012

සෑමාට ටිකට් එකක් ඇදේ... නමුත් වාසනාවන්ත 28 අදත් හරහට



ලොතැරැයි ගැනීම සූදුවක් ලෙස දකින්නෝද සිටින්නේය. එය එසේද යන්න කීමට සෑමාට දැනුමක් නැති බැවින් ඒ පිලිබද කතා නොකර සිටීම හොදය. ඒ නිසාම ලොතැරැයි නිසා සෑමාට ලැබු දිනුමක් ගැන මෙසේ සටහන් තමන්නේ සෑමාය.

ඒ අතර සෑමා නම් කාලයක් ටිකට් ගත් බව කිව යුතුය. ඒ 2009 වසරේ කිසියම් ආයතනයක වැඩ කරන කාලයේය. හැමදාම උදේ බණ්ඩාරවත්තෙන් බස් එකෙන් බහින සෑමා ආයතනයේ ට්‍රාන්ස්පෝට් එක එනතුරු සිටියේ ඔය කියන හන්දියේය. වරෙක රාජ් ගේ නවාතැනේ රාජ් තම බයිසිකලය පවා අතුරුදහන් කර පෙන්නුවේද ඔය හන්දියේදීය. උදේ බස් එකෙන් බැස ගත් විටම එතැන තිබෙන ලොතැරැයි කූඩුවේ අංකල්ගෙන් සෑමා ටිකට් පතක් මුලින්ම ගත්තේ හැමදාම ගන්නා චේතනාවෙන් නොවේමය. නමුදු පළමු දින ගත් ටිකට් පතේ රුපියල් 20ක් තිබුණ නිසා, පහුවදා සෑමා තම අතිනුත් රුපියල් විස්සක් දමා ටිකට් දෙකක් ගත්තේය. එදින ද රැපියල් පනහක් තිබුනා සෑමාට මතකය. පහුවදා යලි රුපියල් 60ක ටිකට් ගත්තද සතයකවත් දිනුමක් නොලැබුනේය. 

එහෙත් ඒ වන විට අංකල් සමග ඇතිවු හිතවත් කම සහ උදේ බස් එකෙන් බැස්ස පමනින් ගුඩ් මෝනිං පාරක් දමන නිසාම ටිකට් පතක් ගැනීමට සෑමාට සිදුවිය. එහෙත් බොහෝ විටක රැපියල් 20 තෑගි ලැබීම සෑමාට අරුමයක් නොවීය. බොහෝ විට සෑමා මිලදි ගන්නේ අංක ‘28‘ තිබෙන ටිකට් පත්ය. කුමන හෝ හේතුවකට සෑමා එය තමාට වැදගත් අංකයක් සේ සලකන්නට පුරුදු වි සිටියේය. තම ලග්නය සිංහ නිසාත් එම ලග්නයට මුල් තැන දි ටිකට් පත් ගැනීමට සෑමා හුරුවූවේය.

එකී සියළු සිදුවීම් සිදුවද්දි අංකල් ගෙන් ලබා ගන්නා ටිකට් තරමක හෝ දිනුමක් තිබෙන බැව් සෑමාගේ හිතට ආවේය. එහෙත් ලොතැරැයි වලට නිමාව තබමින් ඒ අතර වාරයක සෑමා එම ආයතනයෙන් සමුගත්තේය. එදා පටන් ටිකට් පත් ගැනීමේ ක්‍රියාවලියකට සෑමා අත නොගැසුවේය.

දැන් සෑමා වැඩ කරන්නේ වෙනත් කමැපැනියකය. කලින් පෝස්ටුවක කි පරිදි කාර් රථයක් සමග සෑමා ජීවිත ගමන ආරම්භකර ඇත. කාර්ය බහුලත්වය නිසා රෑට ගෙදර තිබෙන කම්පියුටර් පොඩ්ඩෙන් බ්ලොග් කියවීමට ලැබෙන්නේ සුලු මොහොතක් නිසා හොදවෑයින් ලැප්ටොප් කැබැල්ලක් මිලට ගත් සෑමා මේ පෝස්ටුව කොටන්නේද නිට්ටම්ඹුව නගරාසන්නේ ඇති ගස් සෙවනක සිටය. :)

එකී නැවතුන ලොතැරැයි මිලදී ගැනීමකට සෑමා පසුගිය දිනක මුල් ගල තැබුවේ මීගමුවේදීය. ඒ අවට සිටින දුරකථන අංක සහිත බ්ලොග්කරුවන්ට සෑමා කතා කලේද එදාය. ගමන අතර තුර සෑමා ප්‍රෙට්‍රල් ශෙඩ් එකකට ගොඩ වූයේය. ෂටර් එක ඇරුණු පසු දිව ආවේ ෂෙඩ් එකේ අයියා නොව පාසල් වියේ දරුවෙක්ය. ඔහු සුරතේ ලොතැරියි කිහිපයක්ද විය. සෑමාගේ වාහනයට පෙර නවතා තිබි බයිසිකල්කරුට තම දෑත දිගු කරද්දී ඔහු අහක බලාගත්තද සෑමා එම දිගු වු දෑත මත රැපියල් 20ක් තබා එකක් දෙන්න යැයි කීවේය. පොඩි එකා වහාම දිගුකලේ මහජන සම්පතක්ය. “අපෝ මේක ඇදෙන එකක් නෙවේ මල්ලි.. මට දෙන්න ලග්න එකක්.“ හදිසියේ තේරීමක් නොකරම සෑමා කැබි හෝල් එකේ ඔබා ගත්තේ ඒ ටිකට් පතය.

පහුවදා උදේ සෑමා ගම්පහ අවට රාජකාරී කටයුතු කිරීමට පිටත් වෙන්නට පෙර නැවත අර ටිකට් පත එලියට ගෙන බැලුවේ අංක ‘28‘ තිබේද කියාය. අපෝ වැඩක් නැත. ඇත්තේ චාටර් නම්බර් සෙට් එකක්ය. එනම් කිසිවෙකු කවදාවත් හිතාමතා නොගන්නා නම්බර ටිකක්ය. 11,12,51,52 ඒ නම්බර් සෙට් එකය. නැවත ගත් වේගයෙන්ම සෑමා ටිකට් පත ඇතුලට එබුවේය.

ගම්පහ වැඩකරන අතර සෑමා ඒ.ටී.එම් එකකට රිංගන්නට වූයේ මුදල් ගැනීමේ වුවමනාවකටය. ඒ ගොස් එලියට එන විට තවත් අංකල් කෙනෙක් ටිකට් කිහිපයක් දික් කලේය. සෑමා එකක් ගන්නා අතර අංකල් සමග මෙසේ දෙබසක් ඇතිවිය.

“අංකල් ඊයේ නොම්බර මොනවද?“ ඒ සෑමාය.

“කෝ මහත්තයා ටිකට් එක?“

“අප්පා අංකල් ඒක දැන ලග නැහැ. කමක් නැහැ මට නොම්මර ටික කියන්න.“සෑමා තම පර්ස් එකේ ටිකට් එක නැති නිසා අංක ඇසුවේය.
“11,12,28,51 - ලග්නය කන්‍යා“ ඒ අංකල්ය.

අංක ටික මතුරමින් කැබි හෝලය ඇරුනු සෑමාගේ කටත් ඇරිණ. ඒ 28 හරහට සිටි නිසාය. ත්‍යාග මුදල දැන් රැපියල් 1000කි. 28 තිබුණා නම් ලක්ෂ දෙකකි.  එසේම ලග්නය සමග ඉහත අංක තුන තිබුණා නම් ත්‍යාගය 10,000කි.

ටිකට් පතට රැපියල් 1000 නොගෙන සෑමා බලා සිටින්නේය. ඒ නැවත ලබන සතියේ මීගමු යන නිසාත්, පෙර කී ෂෙඩ් එකෙන්ම තෙල් ගැසීමට බලාපොරොත්තු වන නිසාත්, සුපුරුදු පරිදි අර ටිකට් මලයා එහි සිටී යැයි බලාපොරොත්තු වන නිසාත්ය. 

මල්ලී උඹ හිටියොත් සෑමා උඹෙන් 500ක ටිකට් ගන්නවා නිසැකය.

Written by sAm_1:52pm_19'07'2012_@wathupitiwala

96 comments:

  1. ඕකත් මදෑ.තව එක්දාස් පන්සීයනේ බං,මේමාසේ ගොඩ!!!

    ReplyDelete
    Replies
    1. අප්පද බොලේ ඔව් මචං.. 2500ක් ඇති නේද? මම දෙතුන් පාරක් කියවලා කමෙන්ට් එක තේරුම් ගත්තේ...

      :)

      Delete
  2. මට නම් 50ට වඩා ඇදී නැත.

    ReplyDelete
  3. අඩේ ඒ සතුට නිමිත්තෙන් සෑමා කොමන්ට් කරන හැම එකාටම රීලෝඩ් දානවා කියන්නේ ඇත්තද බන්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බං. මේ තියෙන්නේ ජ්‍යාමිතික සුත්‍රය පහලින්...

      1000 / කමෙන්ට් දැමූ පුද්ගලයන් ගණන = එක් අයෙකුට ලැබෙන රීලෝඩ් මුදල

      :)

      Delete
  4. මම නම් ඉතින් කවදාවත් අරගෙන නෑ ටිකට්... හැබැයි අර සූරන එව්වා නම් සූරන්න ආසයි....

    ReplyDelete
    Replies
    1. අහිංසකයින්ව හූරං කන මිනිස්සුනේ :පී

      Delete
  5. මටත් 1000 ඒවා නම් 3ක් විතර ඇදිල තියෙනව 500ත් දෙකක් තුනක් ඇදිලා තියෙනවා.
    අපිට ඉතින් බලාපොරොත්තු තියාගන්න බෑනෙ, පුළුවන් ලොතරැයි පොරොත්තු විතරයි.....

    ජය....!!!

    ප්‍රතිඵල:- සංවර්ධන -- ජාතික

    ReplyDelete
    Replies
    1. වාසනාවන්ත පොරක් නොවැ තුන්දාහක්ම ඇදිලා..

      මට දාහක් ඇදුනමයි.. ;)

      ඔය සයිට් වලින් තමා මාත් වෙලාවකට ප්‍රතිඵල බලන්නේ :)

      Delete
  6. ඇදෙන්ට නම් ඉතින් අරගෙනම බලන්ට ඕනි නේද ? සොයන්නාට සම්බවේ. තට්ටු කරන්නාට දොර ඇරේ වගේ. :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි තට්ටු කරන්නාට දොර ඇරේ වගේම තමා දොර අරින්නාට තට්ටුවේ ....:D

      Delete
    2. ඇත්ත තමා බලාගෙන යනකොට නේද? කලින් මෙහෙම හිතිලා නෑ. දැන් ඔයා කීවට පස්සේ එහෙම හිතෙනවා. :D

      Delete
    3. අනේ මන්දා දෙන්නා තක්කු මුක්කු වෙලා වගේ !

      Delete
  7. ඕක සූදූවක් අෆ්ෆා .... මම නම් ඔව්ව ගන්නෙත් නෑ, ඒ ගැන උනන්දුවකුත් නෑ. ජය !

    ReplyDelete
    Replies
    1. ඕකෙ අගක් මුලක් මටත් තේරෙන්නෙ නැහැ. සූදුවක් අහවල් එකක්ද කියලා !!!!

      Delete
  8. මමත් කාලයක් ඔහොම ටිකට් ගත්තා. ඒත් ඇදුනේ නෑ...! පස්සෙ ආර්පිකෝ එකෙනුත් ගිහින් ගත්තා...! ඒත් ඇදුනේ නෑ...!

    ReplyDelete
    Replies
    1. ආර්පිකෝ එකත් ඇදුනෙ නැත්තං ඇදෙනඒව නෑ.

      Delete
    2. ආර්පිකෝ රබර් තියෙනවා නේද බං :)

      Delete
  9. ඔය වගේ සුළු සුළු වැඩ කරලා ගොඩයන්න බෑ සැමෝ, කැසිනෝ පාරක්වත් ගැහුවොත් නරකද ? ලැපත් දාගෙන කාරෙකේ ආවොත් උකස් කරල හරි ගහන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒවත් ඉවර වුනොත් අහවල් එක ඇපේට තියලත් ගහන්න වෙයි බං.. :(

      Delete
  10. සෑම්..මම අර නිවාඩු ට්‍රිප් එක ගිය වෙලාවෙ ටිකට් එකක් ගත්තා..යූරෝ 2 කට. ඒකෙ තිබ්බ මැච්වෙන අංක 3ක්. මේ විදියට 23.24.23. මුදල් තිබ්බ මෙහෙම.. යූරෝ 20.10.20. මම දිනුව 50 ක්.රුපියල් වලින් නම් 8200 ක් විතර..ඒත් මෙහෙ ඒකෙන් ඒතරම් දෙයක් කරන්න බැහැ අනේ....:(:(

    ReplyDelete
    Replies
    1. හයියෝ සල්ලි... ඔහෙ කරන්න බැරි දේවල් මෙහ කරන්න පුලුවන්. එවන්න අපි මොනව හරි කරගන්නම්.. :ඩී

      Delete
    2. ඔව් ඔව්... ටික කාලෙකට කලින් කවුද ළමයෙක් කිව්ව විදියට කරනවා නම් ඔය සල්ලි වලින් මාසෙම කාල ඇඳලත් තව ඉතුරුත් වෙනවා...

      Delete
  11. අපේ රවි අයියත් ටිකට් ගන්නව හැමදාම. මම තමයි නෙට් එකෙන් බලන්නෙ. "මල්ලී ඉස්සෙල්ල 'නියත ජය' එක බලපං, ඒක ඇදිල නැත්තං අනිත් ඒව කොහොමත් නැතුවැති". ඔන්න විධානෙ!

    ReplyDelete
    Replies
    1. අඩෝ අර කතා ගොන්නක නායකයා වුන පොර නේද...

      දකින්න ආසයි දාපං කෝ පොටෝවක් :ඩී

      Delete
  12. ටිකට් ඇදෙන්නේ නැත්නම් පෙරුක්කායම් ටිකක් ගාලා ඇදලා බලපන් :D

    ReplyDelete
    Replies
    1. මටත් ඇහිල තියෙනවා අපේ අම්මා කියනවා ඔය වචනේ.. :ඩී

      Delete
  13. //ටිකට් පතට රැපියල් 1000 නොගෙන සෑමා බලා සිටින්නේය. ඒ නැවත ලබන සතියේ මීගමු යන නිසාත්, පෙර කී ෂෙඩ් එකෙන්ම තෙල් ගැසීමට බලාපොරොත්තු වන නිසාත්, සුපුරුදු පරිදි අර ටිකට් මලයා එහි සිටී යැයි බලාපොරොත්තු වන නිසාත්ය.

    මල්ලී උඹ හිටියොත් සෑමා උඹෙන් 500ක ටිකට් ගන්නවා නිසැකය.//

    මේ ටික පට්ටය.. සෑමා කව්ද අදුනගන්න උදවිය සදහා..

    2009 අපේ ඔපීසියේද බන්??

    ReplyDelete
    Replies
    1. ස්තුති උපුටා ගැනීමට මචං..

      2009 ඉනෝ එකෙන් අහක් වෙලා සැප්තැම්බරේ සිට අහවල් කම්පැනියට ගියාට පස්සෙ සීන් එකක් මචං..

      ජය !

      Delete
  14. මටත් උපරිම රුපියල් 50 තමයි ඇදුනෙ.. සතුටු වෙයන් බන් දාහක්ම ඇදිලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මට නම් 50 කෑලි කිහිපයක් කලින් ඇදුනා වෙනි අයියෝ...

      Delete
  15. 11,12,28,51 හා 11,12,51,52 අතර ලොකු වෙනසක් තියෙනවා. ඔය දෙක අතර ඊට වඩා ලොකු සමාන කමක් පෙනීම තමයි ඇස් බැන්දුම........... සමහර විට දිනුම තිබුණු ටිකට් පත අලෙවි වෙන්න ඇත්තේ කුරුණෑගල පැත්තේ වෙන්න පුළුවන්... කොහොම වුනත් ආශ්චර්යයක් බලාපොරොත්තුවෙන් අපි තාමත් ටිකට් ගන්නවා. :)

    ReplyDelete
    Replies
    1. ඒ ලග යන්න ඇත්තේ. මම පෝස්ටුවේ නොදැම්මට පුදුමෙ කියන්නේ අපෙ මහප්පාටත් 1000ක් ඇදිලා එයාගෙ තිබුනෙ නැත්තේ 51 මගෙ හිතේ..

      Delete
  16. ආවමද මන්ද මේ පැත්තට මතකත් නෑ...කොහොම නමුත් නියත ජය ලැබෙනකම් ජයෙන් ජයම පතනවා...

    මීගමුව ටවුන් එකට හැරෙනම තැන ෂෙඩ් එකේද?

    ReplyDelete
    Replies
    1. ටවුන් එකෙන් ටිකක් ඈතට වෙන්න. හලාවත පැත්තට ඊලග ෂෙඩ් එක. මාත් ෂෙඩ් එකක් හොයාගෙන මොකට ඒ පැත්තට ගියාද මන්දා. මම හිතන්නේ ඕක ගන්නම යැවෙන්න ඇති..

      Delete
  17. මගේ සුභ පැතුම්!

    මට නං එකක් නොවෙයි දෙකක්ම ඇඳුණා.

    1. http://kathandara.blogspot.com.au/2010/03/blog-post_05.html

    2. http://kathandara.blogspot.com.au/2010/03/blog-post_06.html

    රචනා වලදී විතරයි!

    !!!

    ReplyDelete
    Replies
    1. //ඌ වාක්‍ය රචනයට ලිව්වෙ එකම එක වාක්‍යයයි.

      "මට ලොතරුයි දිනුමක් ඇදුනොත් මම ඒ මුළු මුදලම බැංකු ගිනුමක තැන්පත් කරමි."//

      මේ කතාව සිරා සහෝ..

      //තවත එකක්. මං ලොතරැයියක් ගත්තත් ගනනේ එක ම එක ටිකට් එකක් විතරයි. වාසනාව තියෙනව නම් ඇදෙන එක ඇදෙනවමයි. ටිකට් ගොඩක් ගන්නෙ ඇයි?

      ලොතරැයි සිහිනය දිගටම.....//

      කතාව ඇත්ත..

      ජය !!

      Delete
  18. කාලෙකින් මේ පැත්තට ආවේ. ජයෙන් ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවා මොකෑ සීන් එක?

      ලිව්වෙත් නැද්ද ලගදි ???

      Delete
  19. ඔහොම යමු ඔහොම යමු 20න් 100න් පටන් අරන් ලක්සෙටම යන්න බැරියැ
    //ඒ සතුට නිමිත්තෙන් සෑමා කොමන්ට් කරන හැම එකාටම රීලෝඩ් දානවා කියන්නේ ඇත්තද බන්// සැමාල තමයි අදහන්න වටින මිනිස්සු ඔන්න ඔහෙ 100ක්ම දාහං

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බං. මේ තියෙන්නේ ජ්‍යාමිතික සුත්‍රය පහලින්...

      1000 / කමෙන්ට් දැමූ පුද්ගලයන් ගණන = එක් අයෙකුට ලැබෙන රීලෝඩ් මුදල

      :)

      Delete
  20. මොනා කියන්නද අපරාදෙ උබේ 28 .. අව්ලක් නෑ අර උඩම කමෙන්ට් එකේ වගේ තව 1500 නෙ අඩු

    ReplyDelete
    Replies
    1. තව 1500ක් හොයා ගත්තොත් මාසෙම ගොඩ ඈ !!

      Delete
  21. බෝලත් සිංහද? එළ මාත් සිංහ... දාන්න පහක්....

    ReplyDelete
    Replies
    1. මේක සිංහ ලන්තයක් නොවැ.. මෙන්න පහ..

      Delete
  22. අපරාදේ !!! වාසනාව මිස් වෙලා.
    මට මතකයි එක වතාවක් අපේ තාත්තට රුපියල් පන්සියයක් ඇදිලා මට සපත් දෙකක් ගෙනත් දුන්නා.

    ReplyDelete
  23. සැලෙන්න එපා අයියා.. වාසනාව උනත් බලෙන් ගන්න හොද නෑ.. දෙන කොට දෙයි ටොකු ඇණ ඇණ...

    ජය වේවා නව මොටර් ජීවිතයට..

    ReplyDelete
    Replies
    1. ස්තුති සල්මරා මලයා..

      Delete
  24. ටිකට් එකක් රුපියල් 20 වෙන්න කලින් දවසේ තමා මම අන්තිම ටිකට් එක ගත්තේ.ඒකත් නුවර යන ගමන් ආදරීගේ නමේ මුල් අකුරටයි මගෙ උපන්දිනය 28 නිසා ඒ අකුරයි සහිත එකක්.කොහොමෙන් හරි රුපියල් 10ක්ද කොහෙදෝ ඇදුනා වගේ මතකයි.වැඩේ කියන්නේ ඉංග්‍රීසි අකුරට ආවේ T අකුර ඒක මගේ නමේ මුල් අකුර....

    රුපියල් 20ක් වෙච්චි දවසෙ ඉඳන් තාම ටිකට් එකක් ගත්තේ නෑනේ...

    සැමෝ වාසනාව වටේ කැරකෙනවා වගේ ඈ....

    //මල්ලී උඹ හිටියොත් සෑමා උඹෙන් 500ක ටිකට් ගන්නවා නිසැකය.//

    අගය කරන්න වටිනවා....

    ReplyDelete
    Replies
    1. //මගෙ උපන්දිනය 28 නිසා// මගෙත් 28 වෙනිදා....

      මම ගොඩක් වෙලාවට ගෙවල් අහල පහලින් ටිකට් එකක් ගන්න වෙලා ඒක ඇදුනොත් ඒ මුදලින් උගෙන්ම ගන්නවා ටිකට් එකක් හරි.

      ජය සහෝ !

      Delete
  25. ගහක් යට ඉඳන් පෝස්ට් එකක් පබ්ලිශ් කරපු පළවෙනි එකා විදිහට සෑමා ඉතිහාසගත වෙලාවත්ද ?

    මම නම් ලොතරැයි ගන්න එක නවත්තලා ගොඩක් කල්. මගේ දෛවයෙ තියෙන්නෙ මහන්සියෙන් හරි හම්බ කරලා උපයා ගනින් කියලද කොහෙද. කවදාවත් රුපියල් දහයකට විස්සකට වඩා ඇදිලා නෑ..

    උඹට කවදාහරි කෝටි ගානක ලොතරැයි ජයක් පතමි !

    ReplyDelete
    Replies
    1. බොටත් කෝටික් පතමි... :)

      ගහක් යට ඉදන් පෝස්ටු තව දාන්න වෙයි මචං... දැන් ඉතිං මාවතේ ජීවිතේ.. :ඩී

      Delete
  26. සෑමාට කලින් ශෙඩ් එකට ගොස් වෙන එකෙක් පොඩි එකා උස්සනවා ශුවර් ය

    ReplyDelete
    Replies
    1. ඒ කුජීත රත්ගමයා මිස අන් කවරෙක්ද ?

      Delete
    2. හිකිස්.. අන්න රතේ උඹට මොනවද කියනවා සෙන්නා... :)

      Delete
  27. මම එකම එක දවසක් රුපියල් තුන්සීයක ටිකට් සීරුවා..අන්තිමට ඔක්කොම සල්ලි නැති වෙලා හම්බ උන දේකුත් නැති නිසා ටිකට් ගන්න වැඩේ අත්හැරිය..

    කමක් නැහැ ඔයාට දාහක් හරි හම්බුනානේ.. :)
    සතුටුයි! :)

    ReplyDelete
    Replies
    1. අන්න හොද දැරිවියෝ අන් සැපතක් වුවත් තම සතුටක් ලෙස සිතනවා :)

      ජය හොදේ !

      Delete
  28. අපේ බෝඩිමේ අයිය කෙනෙක් ඉන්නවා පොර අනිවා ඒ දවසට දිනුම් අදින ලොතරැයි ටික නම් ගන්නවාමයි. පොරටත් එකම එක අංකයකින් දස ලක්ෂයක් මිස් වුනා. පොර සතියක්ම ඒක හැම එකාටම පෙන්න පෙන්න හුල්ල හුල්ල ඉඳල තිබිච්ච රුපියල් 1000 ගත්තා. තවමත් හැබැයි ඒ ගැන නම් කියවනවා

    ReplyDelete
    Replies
    1. හිකිස්.. උඹ හීනියට සෑමාට මඩක් ගැහුව නේද :)))

      Delete
  29. ගොඩේ කියන්නේ ගොඩේ ගොඩ නේ... ඔහොම ගමු...

    ReplyDelete
  30. අයියෝ ලක් එක මිස් බයි ද කෙස් ගස්

    ReplyDelete
    Replies
    1. යෑස් යෑස් දැට් තිංග් හැපන්ඩ්...

      Delete
  31. මමත් ඉදහිට ගන්නවා වැඩියෙන්ම ඇදිල තියෙන්නේ රුපියල් දහයයී

    ReplyDelete
    Replies
    1. දහය ඇදෙන්න ඇත්තේ ගොඩ කාලෙකට කලින් වෙන්න ඇති..

      Delete
  32. මචං උඹල වනල වෙඩි තියනවා නේ එතකොට අදෙනේ නැහැ ඉඳල හිටලා ගත්තත් තියෙනවා ක්‍රමයක්. ගාථාවක් තියෙනවා ඒක 108 වරක් මතුරලා පොල් තෙල් වලට ඒ තෙල් වලින් බිංදුවක් නළලේ හරි මැද ගාන්න ඕනේ. ඉරහඳ පත්තරේ තිබුනේ.

    ReplyDelete
    Replies
    1. එතකොට නලලේ තියාගෙනද ටිකට් ගන්නෝනි.. ?

      මේක ඝනාවේ සීන් එකක් කියල මම හිතුවේ !

      Delete
  33. මමත් සිංහයෙක් තමයි බං.
    එක මෝඩ පහේ ඩයල් එකකට ඔය 28 හන්දා ලොතරයියක් ඇදුනලු. ඉතින් තෑග්ග දෙනකොට අර නිවේදකයා අහනවලු. විස්තර.
    "මම දෙවියන්ට කන්නලව් කලා මුලින්ම. ඊටපස්සෙ මට 28 හීනෙන් පෙනුනා,"පොර කිව්වලු.
    "ඇත්තට?"
    "මෙහෙමයි 28 ම නෙවෙයි.මට දවස් තුනක් පිට පිට අටේ ඉලක්කම පෙනුනා."
    "ආහා, ඉතින් ඉතින්?"
    "ඉතින් අටවරක් තුන විසි අටයිනෙ. මම ගිහින් 28ම තියෙන ලොත‍රැයියක් ගත්තා."
    "ම්ම්ම්. අටවරක් තුන විසි හතරයිනෙ."
    "ඇත්තද? ඒ වුනාට මට ලොත‍රැයිය ඇදුනා. පොර මෝඩ හිනාවක්දාල කිව්වලු."
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හිකිස්.. සිරා කතාව. නූගත් කමේත් වටිනාකමක් තියෙනවා එහෙනම්.. :)

      Delete
  34. මම නම් ටිකට් ගන්නේ නෑ.ඒ නිසා ටිකට් අදිලත් නෑ..:ඩී

    ReplyDelete
    Replies
    1. අහල නැද්ද උත්සහවන්තායා ජය ගනීලු !

      Delete
  35. අපිත් සින්හ වන්ශෙ හරිය..
    මටත් පෙරෙදා එක අන්කයකින් ලක්ශ 10 මිස් උනි.තෙරුනෙ අන්ක 2 මගෙ තිබුනෙ 1. අදත් ඒ සතුටට 2ක්ම ගත්තා.ඔන්න කොටියක් වත් ඇදුනොත අපෙ බ්ලොග් කරන ඔක්කොටම ඩොමෙන් අරන් ඩෙන්ව නොමිලෙ.අනිවා.

    ReplyDelete
    Replies
    1. ඩොමෙන් මොනව කරන්නද බං. අපිට මේ තියෙන ඉඩ මදෑ..

      මට පර්චස් 50ක් අරන් දියන්කෝ කොළඹින්.. :)

      Delete
  36. ටිකට් ගත්තාට බැලෙනවැයි????
    අපිට කොයිද මහජන සම්පත..

    ReplyDelete
    Replies
    1. දැන් සයිට් එකේ ප්‍රතිඵල තියෙනව නොවැ..

      ඇයි බොට බ්ලොග නිසා “ජනතා සම්පත“ නැතෙයි?

      Delete
  37. අප්පට හුඩු කිව්වලු!!! :))) 28 ට කැමති තව කෙනෙක් දැක්කාමයි!!! මම හිතං හිටියේ 28 ඉලක්කමට කැමති ලෝකේ ඉන්න එකම මනුස්සයා මම කියලා... අනිත් දේ තමයි , 28 + 52 = 80 කියන එකේ මට මාරම මාර ත්‍රිල් එකක් තියෙනවා!!!(ඇයි කියලා දෙයියෝ තමයි දන්නේ!!!) ඒ නිසා ඉස්සර ඉඳන්ම 28 , 52 & 80 ට මම මාරම මාර ආසයි!!!

    මොනාවුනත් ටිකට් නං ඇදිලම නැහැ 100 ඒවාට වඩා... :((

    ReplyDelete
    Replies
    1. //28 + 52 = 80 කියන එකේ මට මාරම මාර ත්‍රිල් එකක් තියෙනවා!!!//

      ඇත්තටම ඇයි බං ඒ..

      දන්නවද මටත් තියෙනවා මේ වගේ සීන් එකක්. ඉස්සරහ යන වාහනේ නම්බර් ප්ලේට් එක බලලා ඒකෙ අංක දෙක දෙක ඒ කියන්නේ 5625 නම්.. 56+25= රවුම් ගානක් නම් මට මාර ත්‍රිල්..

      ඇයි බං ඒ ?

      Delete
  38. කෝටියක මුල් දිනුමක් ලෙස එක් අයෙකු බුක්ති විඳින්නෙ කෝටියක් දෙනාගෙ අහිමි වූ බලාපොරොත්තුය

    ReplyDelete
    Replies
    1. අන්න ඒ නිසයි මචං සූදු කියන්නෙ...!

      Delete
    2. වැදගත් කමෙන්ටුවක් ජෝන්.. සිරා !

      Delete
  39. කඩේ කොරන කාලේ මමත් ලොත‍රැයි ගත්තා. එක අතකින් බැලුවම ගත්තම නෙමේ, ලොත‍රැයි අංකල් මට ඒවා වික්කා හැමදාම. මම නොහිටියත් අගට හත තියන ලොත‍රැයි දහයක් විතර තියලා යනවා උන්දෑ. හම්බ උනහම මගෙන් සල්ලි ගන්නවා.රුපියල් 20 වැඩි දිනුමක් කවදාවත් තිබිලා නම් නැහැ. හැබැයි රුපියල් 200 කට විතර තට්‍ටුවෙනවා හැමදාම. ජය...!

    ReplyDelete
  40. අපි වගේ එවුන් ගොඩ යන්ඩ නං සුයිප් එකක් ඇදෙන්ඩම ඔන කියලා මමත් ගන්නවා බං හැමදාම තාම ඇදිලා තියෙන්නේ රැපියල්50යි ලොකූම දිනුම

    අපි වගේ කාලකණ්නින්ට ලොතරැයි ඇදෙන්නෙත් නැ

    ReplyDelete
  41. ගම්පහ කියන්නෙ සිරාගෙ අඩවියනෙ... කලින් කිව්වනම් අලේ බෝතලයක් එහෙම ටීපෝ එකක් උඩ තියලා පුටු දෙක තුනකුත් ලං කොරලා තියෙනවනෙ...

    ReplyDelete
  42. තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් සෑම් ලක්ෂපතියෙක්.

    ReplyDelete
  43. මම කෙසේ වෙතත් මගේ බිරින්දෑ නම් ලොතරැයි මිලදී ගන්නට සුරියකි. ඈ මිලදී ගත් ලොතරැයි බලන්නේ මාස 6 කට වරකි. ඒ නිසා දිනුම් නැත. අහිංසක මම නම් ගත්තොත් එකක් ඇදෙන්නේ රබර් වගේමය. දිනුම් නැත.

    ReplyDelete
  44. මමත් දවසක් හීනෙන් අ0කයක් දැකලා ටිකට් එකක් ගත්තා.. ඒකට රු 20 තිබුනා.. ඒ සල්ලි නොගෙන ආයෙත් එකක් ගත්තා.. අයියෝ පරාදයි. ඊට වඩා හොඳා ලැබුණ රු 20 න් පොඩි වඩේ කෑවනම්

    ReplyDelete
  45. එක දවසක් රුපියල් 10 ඇදුනා , එච්චරයි.....

    ReplyDelete
  46. මටත් යාන්තම රුපියල්ම 50ක්ද කොහෙද තිබුනා එක පාරක්. එච්චරම තමා හැබැයි.

    ReplyDelete
  47. මේ ගැන දේවාගේ අඩවියෙත් ලිපියක් තිබුනා..
    මම නම් ගොඩක් වෙලාවට ටිකට් ගන්නෙ මට ඇදුනෙ නැතත් මහපොළ ශිෂ්‍යත්වෙට දායක වෙන්න පුළුවන් නිසා..

    ReplyDelete
  48. හෆ්ෆටසිලි මරුනේ....ගොඩාක් ඈත චූටි සන්දියෙදි මටත් 500ක් ඇදුනා මතකයි...දැන්නම් ටිකට් එකක් ගත්ත කාලයක් මතක නැ...

    ReplyDelete
  49. නීත්‍යානුකූල සූදුවක් තමයි සුවීප් කියන්නෙත්!

    ReplyDelete
  50. අනේ මම නම් ඔය මල ඉලව් ගන්නේ නෑ බන්..ඕවා ඇදෙන්නෙත් නැහැ ගත්තත්

    ReplyDelete
  51. අපිට ඇදෙන්නේ ඉතින් ඉලාස්ටික් තමයි . හයියෝ සල්ලි . ඇදුනානම් මාලයක් අරන් අම්මේ ලස්සනයිද කියලා අහන්න තිබුනා..

    ReplyDelete
  52. අනිත් දවසෙ 28 තියන එකක්ම ගන්න. :) මාත් ඉස්සර අරගන තියන්ව. 10,20 තම ඇදිල තියෙන්නෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...