Saturday, March 24, 2012

ඉස්කෝලෙ උගන්නපුවා සම්පූර්ණ වැරදි(ද?)...


බාධක මැද ඉදිරියට යා යාතුය.

අපි ඉස්කෝලෙ යන කාලයේ ටීචර්ලා කීවේ බාධක මැද ඉදිරියට යායුතුය කියාය. ජීවිතයේ හමුවන සෑම කඩ ඉමක්ම මැඩගෙන ඉදිරියටම යායුතුය කියාය. ඒ නිසාම අපි වැස්සේ පවා ඉස්කෝලේ ගියෙමු. බස් ස්ට්‍රයික් තිබුනද වෙලාව පහුවෙලා හෝ ඉස්කෝලේ ගියෙමු. ඒ ලෙවල් කාලයේ මැත්ස් සෙක්ෂන් එකට පන්ති තහනමක් තිබුණා සෑමාට තවමත් මතකය. එහෙව් කාලයක පවා, අපට පාසල තහනම් වී තිබියදි අපේ පන්තියම ඉස්කෝලේ ගියේ බාධක මැඩගෙන ඉදිරියට යායුතුයි කියා ඉස්කෝලෙදීම අපට උගන්වා තිබුන නිසාය. 

ඒ පාසල් අවධියයි. නමුත් එකී උපදෙස් අපට තවමත් මතකය. එදා සෑමා ඔපීසියේ සිට ගෙදර බලා ගමන් කරමින් සිටියේය. කැළණිය පොලිසිය අසල සිට කැළණි ප්‍රධාන බස් නැවතුම දක්වා දිවෙන මාර්ගයේ මැද හරියේ පාර දෙකට බෙදා තිබෙන්නේ කඩ ඉරි වලිනි. ප්‍රධාන බස් නැවතුම දෙසට හැරෙන වංගුව ඇත්තේ තනි සුදු ඉරෙනි. කඩ ඉර කැපීම වරදක් නොවන නිසා සෑමා කඩ ඉරි කපාගෙන සියළු රථවාහන බාධක මධ්‍යයේ ඉදිරියට අදුනේය. වංගුව අසල සිටි පොලිස් මාමා නිසාත්, තනි සුදු ඉර නිසාත් නැවත නිවැරදි මංතීරුව අනුගමනය කරමින් ඉදිරි‍යට ගියේ බාධක සමගය. ප්‍රධාන බස් නැවතුම අසලට ලංවත්ම තවත් පොලිස් මාමා කෙනෙක් වෝකි ටෝකිය අතේ තබා සෑමාට අත වැනුවේය. සෑමා නැවතුනේය.

"ලයිසන් එක දෙන්න..."

"ඇයි ඒ ?"

"ඉස්සරහ තිබ්බ සුදු ඉර කපලා ඉස්සර කරලා තියෙනවා" පොලිස් මාමා කීවේය.

"ඔයා මෙතන ඉදන් කොහොමද කියන්නේ ?" සෑමා ඇසුවේය.

"මට ‍මැසේජ් එකක් ආවා."

පොතේ හැටියට තනි පොලිස් මාමා කෙනෙකුට දඩ කොලයක් ලිවිය නොහැක්කේය. අවම වශයෙන් දෙදෙනෙකු සිටිය යුතුය. ඒත් සෑමාට නීතිය කතාකරන්නට නොහැකි වූයේ අවම නිලධාරීන‍් දෙදෙනෙකු නොමැති වුවත් මැසේජ් එකක් මගින් ඔත්තුවක් ලැබුනොත් තනි අයෙකුට වුවද දඩයක් ලිවිය හැකි බලතලයක් ගැන සෑමා නොදත් නිසාය. සෑමා ලයසන් එක දික්කලේය.

"මල්ලී මම උසාවි දාන්නේ නැහැ. ඉර කපපු එකට විතරක් දඩය ලියන්නම්." ඔහු පව්ය. සෑමාට දුක සිතින. හරි හොද පොලිස් මාමා කෙනෙකි. 

දඩ කොළය අතට ගෙන බැලු සෑමා වරද ලෙස දුටුවේ "බාධක මැද ඉදිරියට යාම" කියාය. "එතකොට සුදු ඉර ගැන නැහනේ". සෑමා තමාටම කියා ගත්තේය.

ඒ කියන්නේ අපිට ඉස්කෝලෙ උගන්නලා තියෙන්නේ බොරුය. බාධක මැඩගෙන ඉදිරියට යාම නීත්‍යානුකූල නැත. 550ක් දඩ කෑ හැකි වරදකි.

වැඩි ලකුණු ගත්තොත් ෆේල්


ඉස්සර විභාගයක ලකුණු මදි වුණාම ටීචර් කරන්නේ ගෙදරින් කස්ටිය එක්කගෙන එන්න කීමය. එහෙමත් නැත්නම් ටීචර් කරන්නේ පන්ති කවයෙදී ලකුණු අඩු දරුවන්ගේ රෙදි ගැලවීමය. විටෙක දෙමව්පියන්ගේද රෙදි ගලවන්නේමය.


සෑමා ගමේ ඉස්කෝලයට යද්දී නම් පන්තිකවයට කිසිවෙකු ආවේ නැත. එන්න කියා කීවේත් නැත. සෑමාගේ තාත්තාට දිනපතා සෑමා ගැන අප්ඩේට් එකක ලැබෙන නිසා එසේ කරන්නට අවශ්‍ය වන්නට නැත. ඒ සෑමාගේ තාත්තා ගමේ පාසලේම ගණිත ගුරුවරයෙකු වූ නිසාය. පහ වසරේ ශිෂ්‍යත්වය පාස් වී වෙන ඉස්කෝලෙකට මාරු වෙන තුරුම සෑමා මේ කරදරයට මුහුණ දුන්නේය. වැරදි නැති වුනත් පන්තියේ කියපු විහිලු කතන්දර පවා අපේ තාත්තාගේ කනේ තියන්නේ ටීචර්ලාය. දවසක් පහවසරේදී අපේ කොල්ලෙක්ට "මල පැනලා" කියලා මම ටීචර්ට කීවෙමි. ඒ දවස්වල මල පැනලා කියන එක පවා කුණු හරපයක් වගේ සංකල්පයක් තිබිණ. සෑමා ගෙදර ආ සැටියේ තාත්තා ඇහුවේ අද කාටද මල පැන්නේ කියාය.


ඒ ලෙවල් කරන කාලේ වයලා ගුරුතුමී සෑමා ඇතුලු තව පහක් (සෑමා, අප්පුවා, චරියා, කලර්ස්, කස්සා, සහ මාකා) වෙනමම ගත්තේ දෙමාපිය රැස්වීමකදී අපේ වැරදි කියන්නටය. වැරදි වූයේ අහක යන ඒවාය. මාකා ටීචර්ට වයලා (ටීචර් ගේ නම වයලට්ය.) කියා අසු වී තිබිණ. අප්පුවා ඩෙස් එක උපයෝගී කොට ඩ්‍රම් ගැසීමේ වැරදි කරුවෙක්ය. ගීත ගායනය, කෑගැසීම් අදී වැරදි ඒ අතර විය. සෑමා එක්කගෙන ගියේ තාත්තාවය. අනිත් එවුන් ද තම දෙමාපියන් එක්කරගෙන එද්දී කලර්ස් (colors) ආවේ ආච්චී සමගය. කලර්ස් ගෙදරදීම ආච්චීට කියා ඇත්තේ කෙමෙස්ට්‍රි ටීචර්ට ටිකක් අප්සට් කියාය. කියන කිසිවක් ගණන් නොගෙන සිටින ලෙස පවා ආච්චීට උගන්වා තිබිණ.

"මම මෙයාලට කියන්නේ හයේ කල්ලිය කියලා" ටීචර් අපි හය දෙනාගේ දෙමාපියන් ඉදිරියේ රැස්වීම ඇරඹීය. කලර්ස්ගේ ආච්චී සිනා මුහුණින් බලා සිටියේ ටීචර්ට පිස්සු කියා කලර්ස් ගෙදරදීම උගන්වා තිබුණ නිසාය.

"මේ ඉන්නේ $$%, මෙයාට පන්තියේ ලමයි කියන්නේ මාකා කියලා" ටීචර් මාකාට ඇගිල්ල දිගු කොට වැරදි කියන්නට වූ‍වාය.

"මෙයා ගුරුවරයෙක් වෙච්ච මට කතා කරන්නේ වයලා කියලා. මේ මගේ කන් දෙකටම ඇහිල තියෙනවා." ටීචර් එකිනෙකාට ඇගිල්ල දික් කරමින් වෙන වෙනම වැරදි කියන්නට වූවාය. සියල් මැදහත් සිතින් බලාගෙන කලර්ස්ගේ ආච්චී සි‍නාසුනේ ටීචර් ගැන මුණුපුරා කියා තිබූ දේවල් නිසාය.

"මෙයාගෙ වැඩේ පිටි පස්සෙ ඉන්න එක්කෙනා එක්ක කතාව." ටීචර් සෑමාට අත දිගු කර කියද්දී සෑමා තම පියාගේ මුහුණ බැලුවේය. වසලා හමාර බවක් සෑමාට සිතින.

"ඉතිං ටීචර් මෙයාව පිටි පස්සේ ලමයා ලගට දාන්න" සෑමාගේ තාත්තා ගුරුවරයෙකු වශයෙන් ගැලපෙන උපදෙසක් ටීචර්ට දුන්නේය. ටීචර් ඊට වඩා වරදක් සෑමාට කීවේ නැත.

එහෙව් සියළු ගුරුවරු පොඩි කාලේ සිට අපට කියා දුන්නේ වැඩි පුර ලකුණු ගන්න කියාය. උපරිමය 100%ක්ය. ලකුණු අඩු වූ විට බනින්නේය. ඒත් දැන් මාර්ග නීති කැඩුවොත් අපිට ලකුණු ලැබෙන්නේය. එහි උපරිම ගත්තොත් ෆේල්ය. අඩුවෙන් ගත්තොත් පාස්ය.

ඒ කාලේ අපිට ඉස්කෝලේ උගන්වා ඇත්තේ බොරුය. වැඩිපුර ලකුණු ගන්න කියා ගුරුවරු අපිට පහරදී දඩුවම් කර ඇත්තේ බොරුවටය. වැඩි ලකුණු ගත්තොත් ෆේල්ය. ලකුණු වැඩියෙන් ගැනීම රියදුරු බලපත පවා වසරකින් අහෝසි වීමට හේතුවේ.

කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න


එහා පැත්තේ ඉන්න එකාට පැන්සලකින් පෑනකින් ඇන්නොත් ටීචර් කියන්නේ පාඩුවේ කාටවත් කරදරයක් නැතිව හිටපං කියාය. අපි අට ව‍සරේ ඉන්න කාලේ අපේ බොකා එහා පැත්තේ සිටි "ටෝචාට" ඇන්නේ කව කට්ටකිනි. එවිට අපිට උගන්නමින් සිටියේ පාසලට අලුතෙන් ආපු සර් කෙනෙකි. ඒ සර් පන්තියේ අපිට බනින්නේ ගහන්නේ නැති තරමට හොදය. බොකා කවකට්ටෙන් ඇනපු පාරට ටෝචා උඩ ගිහින් කෑගසාගෙන බිම වැටින. සර් ටෝචාගේ මුහුන බැලීය.

"බලන්න සර් මූ මට ඉදිකට්ටකින් ඇන්නා..." ටෝචා කීවේය.

"මුගෙ බො‍රු සර්, ඉදිකට්ටකින් නෙවේ ඇන්නේ කවකට්ටකින්..." කවකට්ට ඉහලට ඔසවමින් කීවේ බොකාය. එදා ඒ සර් කාටවත් බැන්නේ ගැසුවේ නැත. කීවේ කාටවත් කරදරයක් නැතිව ඉන්න කියාය.

තවත් දවසක් අපේ මනා (DJ manoj) 11 වසරේදී අපේ පුටු පේලියේ හිදගෙන සිටියදී ඉස්සරහ පුටුවේ සිටි‍යේ අපේ වින්දනයාය (පොර දැන් එයාර් ෆෝස්ය). ඉස්කෝලේ යද්දී අපි ඉදගන්නේ බෑග් එක පුටුව මත තබා බෑග් එකේ පටි දෙක පුටුව හරහා දැමීමෙන් අනතුරුවය. අපේ මනා පාඩම අසා සිටින අතරතුරදී තම පෑනෙන් වින්දනයාගේ බෑග් පටියේ කුරුටු ගාමින් සිටියේය. අපි ගණන් ගත්තේ නැත. ටීචර් පාඩම අහවර කර ආයුබොවන් කීමට නැගිටින විට පන්තියම නැගිටිද්දී වින්දනයා පිටිපස්ස බලා කෑගැසුවේ ටීචර්ටය.

"ටීචර් බලන්න කවුද මගේ බෑග් එකේ මොනවද ලියලා..."

පන්තියේම අවධානට ඒ දෙසට යොමු වෙද්දී ටීචර් දිව ආවේ අපේ වින්දනයා ලගටය. ටීචර් පටිය ඇද බැලුවේය. එහි තඩි අකුරෙන් ලියා තිබුනේ "පු - ක" කියාය. ටීචර් වට පිට බලද්දී මානා අතේ තිබ්බ පෑන සමග මාට්ටු විය.

ටීචර් මනාට හොදටම දෙස් දෙවුල් තබා අන්තිමට කීවේ "ලමයෝ කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න ඉගෙන ගන්නවා" කියාය. මානාට එදා වින්දනයාගේ බෑග් එක ගෙදර ගෙනියන්නට ලැබුනේ "පු" සහ "ක" මැකෙන ලෙස සෝදාගෙන එන්නට අණ දීමෙන් අනතුරුවය.

ඉස්සර සිට අපිට කීවේ කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න කියාය. එසේ තිබියදී කාටවත් කරදරයක් නැතිව කොළඹ මාර්ගයක පැත්තකින් ගමන් කර බැලිය යුතුය. පිටු පසින් එන වාහන පෝලිමේ ඇවිත් හෝන් ගගහා ඉස්සර කර යන්නේ කාටවත් කරදරයක් නැතිව පාඩුවේ ගමන් කිරීම නිසාය.

කාටවත් කරදරයක් නැතිව පාරේ යාමෙන් තමාට කරදර වන අවස්ථා නැත්තේ නොවේමය.

Written by sAm_1.15pm_23.03.'12

60 comments:

  1. සික් සෑමාටත් වෙන දේවල්.මාත් මීට පස්සේ අඩුවෙන් ලකුණු අරන් ජීවත් වෙනවා අෆ්ෆා.:(

    ReplyDelete
    Replies
    1. අම්මේ ඒ කියන්නේ බොට මෙච්චර කල් වැඩි ලකුනු ලැබිල වගේ..

      :)

      Delete
  2. අනේ සැම් මාමාට මක්කෙයි මේ උනේ... දඩයකුත් කාලා නොවැ..... ඇත්තටම සැම් අයියා කියපු දේවල් නම් සහතික ඇත්ත..... අපි කොහොම උනත් වැරදි නොකර ඉන්න බලමු

    ReplyDelete
    Replies
    1. වැරදි‍ නොකර ලියන එක තමා දුක.. උන් එකක් කතා කරනවට වඩා හොදයි 550 දීල අත හෝද ගන්නවා.. ;)

      Delete
  3. @දේවා - මචන් මේක සිරි ලංකාව , ඔය ලකුණු ක්‍රමේ හොඳයි පොලිසිය නිතිය රකින රටකට නම් , මෙහෙ ඔය ලකුණු ක්‍රමයෙන් වෙන්න පුලුවන් එකම දේ ලකුණු කැපෙන එක වලක්වගන්න බාප්පලාගේ තේ තිබහවල් , බඩගිනි සන්විඳුවන්න සිද්ධ වෙන එක . ඒ වගේම අපි හරියටම ගියත් ලකුණු කපන්න හේතු හොයාගන්න අපේ රාලහාමිලට පුලුවන් !

    ReplyDelete
    Replies
    1. සිරා කතාව බුවා..

      රාලහාමිලා වැරදි හදල පෙන්නනවා.. ඇයි දෙයියනේ කඩ ඉර කපපු මට ලියපු එකේ... :))

      Delete
  4. උඹටත් මට වගේම ට්‍රැ‍ෆික් පොලෝසියෙන් කරදර බව අසා චිත්තප්ප්‍රීතියට පත්වීමි. ඇයි මමත් දාලා තිබ්බෙ පොලිස් කතා තුනක්. පලවෙනි එක මැදියම් රෑ පොලිස් දේශණය.
    විලි ලැජ්ජා සන්තෝසේ බෑ සෑමා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් බොල අපි දැක්ක කතා සෙට් එක..

      ඇයි හත් දෙයියනේ බොලට වගේ තව එකාලටත් කරදර කරනකොට ප්‍රීති වෙන්නේ.. ??

      Delete
  5. මෙහේ නම් හරියට ඔය ලකුණු කැපිල්ල වෙනවා.. මටත් ලියුමක් ආවා මගේ ලකුණු 10ක් කපලා කියලා.. හයිස්පීඩ් ගිහින්.. මෙහේ බාප්පලා අපිව මග නවත්තන්නේ නෑනේ.. ගෙදරටම තැපෑලෙන් එවනවා..

    ReplyDelete
    Replies
    1. මෙහෙත් කැමරා වලින් ගේම ගහන්න හදනව කියන්නේ.. අලේ මන්දා මොන අට මගුලක් වෙයිද කියලා.. :)

      Delete
  6. සෑමා ඉස්කෝලේ යන්ඩ ආස උනාට මම නම් ස්කෝලේ යන්ඩ ආස නෑ. මම් ආසම බස් හෝල්ට් එකට වෙලා ඉන්ඩ !!!
    සමහර දාට පැයක් විතර බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇයි බෙලා කවුරු හරි කෙලි පොඩිත්තියක් වත් ඒ වෙලාවට එනවද ?

      අපිත් ඉස්කෝලෙට 8ට ඉන්න 7 ඉදන් කැළණි හෝල්ට් එකේ.. හිකිස්..

      Delete
  7. ටීචලා කියා ඇත්තේ බොරුය. ටීචලා වෙනුවට පොලිස් මාමලා ඉස්කෝලයට දැම්මානම් අගේය.ටීචලාට වඩා පොලිස් මාමලා අපූරුවට උගන්නති.

    ReplyDelete
  8. බලපන් ඉතින්...

    ගුරුසිත නොරිදවා, වේලාව නොවරදවා අපි බොරුනෙ ඉඟනගන තියෙන්නේ...

    බාධක "මැද" ඉදිරියට යාමයි, බාධක "මැඩ" ඉඩ්දිරියට යාමයි දෙකක් සෑමෝ.. උබට බාදක "මැඩ" ඉදිරියට යන්ඩ ඕනනම් දේසපාලුවෙක් වෙලා පරිවාර රථ තුන හතරක් වට කරන් යන්ඩ වෙනවා.. ඒවට දඩ නැහැ.. පොලෝසියෙන් සැල්යුට් හම්බෙනවා ඒවට.. හැබැයි බාධක "මැද" ඉඳිරියට යන්ඩ ගියොත්නම් කිව්වත් වගේ වැඩි ලකුණු හම්බෙන වැඩක් ඒක.

    ReplyDelete
    Replies
    1. //ඕක එක එකා එක එක විදිහට කියවනවා බන්.. සමහරු "සෙනා" කියනව, සමහරු " සෙන්නා " කියනවා, සමහරු "සේනා" කියනවා.. උබත් උඹට කැමති විදිහකට කියපන්..//

      @සෙනා/සෙන්නා/හෝ සේනා..

      බාධක මැඩ යන් එක තමා සිරාම. ඒත් සුදුසු කම් මදි වගේ මට..
      ස්තුති !

      Delete
    2. හෙහ්.. උඹට "සනා" මිස්වෙලා... :-)

      Delete
    3. මගුලයි.. අඩේ මම කොපි පේස්ටුවක් දැම්මේ.. ඒක විතරක් හැලුනේ ???

      Delete
    4. ඒක උඹ කොපි කරපු එකේ නැහැ බන්.. ඒක ගැටයගෙ නිර්මාණයක්.. ආයේ ගිහින් බලපන්..

      Delete
    5. ඇහ්.. පොර මොඩිෆයි කරන්වද කමෙන්ට්.. ඕකව මරන්න ඕනේ.. ගැටයා - තනි ඇටයා

      Delete
  9. හොද පොලිස් මාමෙක්....
    ගතමනාවක් දුන්නෙ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. හිකිස් මම ඇහුව.. කට කොනින් හිනා වුනා විතරයි. එපා කියල හිතෙන්න ඇති..

      Delete
  10. සිරි ලංකාවෙ ඔහොම තමා සෑම්....අපිට නම් පොලිස් මාමල මග නතර කරල වදදෙන්නෙ නැහැ එයාල ෂෝයී....ගෙදරටම එනව දඩේ....!!

    ReplyDelete
    Replies
    1. මේ ඇත්ති ලංකාවෙ නෙවේ වගේ..

      ගෙදරටම එන නිසා ලැජ්ජ වෙන්න දෙයක් නැත... :))

      Delete
  11. පලමුව කිව යුත්තේ සෑමා වැන්නෙකුට ඉගැන්වූවාට ගුරුවරුන්ට තෑගි දිය යුතු බවය..
    ලකුණු ගැන කියන්නට ඇත්තේ නඩුත්,බඩුත් ලකුණුත් හාමුදුරුවන්ගේ කියාය..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ගුරුවරුන්ට අපි තෑගි දී සමුගත්තෙමු...

      ලකුණු සේම සියල්ලම උන්ගේය..

      Delete
  12. සෑමාගෙ සෙට් එකට පුදුම පිළිගැනීමක්නෙ ඉස්කෝලේ තිබිලා තියෙන්නේ.
    ඔන්න ඔහොම තමයි ළමයි වුනාම ඉන්න ඕන.

    පොලිසිය ගැන නම් කතා නොකරමි.

    ReplyDelete
    Replies
    1. අම්මේ මතක් කොරන්න එපා පලි ගැනීම.. වෙන එකෙක් විසල් එකක් ගැහුවොත් ටීචර් ඇහුවේ ඒ සෑම් නේද කියල. මම ඉන්න තැනම..

      පොලිසිය ගැන කතා කරන්නට දෙයක් නැත. :)

      Delete
  13. ඉස්කෝලේ කියාදීපුවා දන අනිත් පැත්තට කරන්න වෙනවා වගේ .පොඩි ළමයින්ගේ සිත් රවටල.එහෙ,අ හොඳ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒකනේ මචං.. අර උබලගෙ එකෙක් ඇද යටට රිංගපු එක සාධාරනයි මයෙ හිතේ..

      Delete
  14. සැමාට මාර්ග නීති මතක් වෙලා වගේ...පොලිස් මාමලටත් දැන් ටාගට් දීලනේ තියෙන්නේ පව් ඒ අහිංසකයොත් ජීවත් වෙන්න එපැයි...

    ReplyDelete
    Replies
    1. ඔව් මම හිතන්නේ ටාගට් සීන් එක හින්ද තමා බොරුවටත් නවත්තන්නේ..

      පව් ඉතිං ලොකු මාමාට සල්ලි මදි කමකුත් ඇති නොවැ..

      Delete
  15. ඕකට තමා සැමා අයියේ කියන්නේ පහත් තැනින් යයි ගලේ ජලා කියලා.... මොනා උනත් සැමා අයියට අතීතය මතක් කරවපු එකටත් මේ වගේ පෝස්ට් එකක් දාන්නත් මුල පිරූ ඒ අසම සම පොලිස් නිලධාරිතුමාට මගේ ගෞරව පූර්වක ස්තූතියි පුද කරනවා මේ වෙලාවෙදි...

    //අපේ මනා (DJ manoj)// අපේ මනාත් dj මනෝජ් කෙනෙකි....ඌ නම් ඇත්තටම ඒවා කරනවාය...කලින් කතාවක හිටි ලොල්ලාද අපේ පන්තියේ හිටි බැවින් පාසල්වල අමන රැල හැම පාසලකටම පොදු නම් වලින් යුක්ත වී ඇති බවට තවත් සාක්ෂියකි...

    නියම ලිවිල්ල අයියන්ඩි

    ReplyDelete
    Replies
    1. යකෝ අපේ එකාත් ඩී.ජේ තමා දැන්..

      ඇත්තටම //පාසල්වල අමන රැල හැම පාසලකටම පොදු නම් වලින් යුක්ත වී ඇති බවට තවත් සාක්ෂියකි...//

      යකෝ මේකා පොලිස් කාරයටත් පිං දීල නොවැ.. මරන්න වටින්නේ..

      Delete
  16. මෙයාටත් වෙන වැඩ...

    ReplyDelete
  17. හොද හැදිච්ච ළමයි..වැඩිය ලකුණු අරන් නෑ..:D

    ReplyDelete
    Replies
    1. මට පේ‍න්නේ මෙයත් හොද ලමයෙක් වගේ.. :)

      Delete
  18. සැමාගෙ තාත්තා ටීචර්ට දීපු idea එකනම් මරු..වයලට මල පැනල ඉන්න ඇති කියන හැමදේටම කලර්ස්ගෙ අච්චි හිනා වෙද්දි..:D

    ReplyDelete
    Replies
    1. එදා පුදුම ෆන් එකක් ගත්තේ අපේ එවුන් තාම මතක් කරනව උබලගෙ තාත්ත තමා උබට පස්සේ වයලව හරියට බයිට් කලේ කියලා... හිකිස්...

      Delete
  19. //පොර දැන් එයාර් ෆෝස්ය//
    ඒ කියන්නෙ පොල් කඩනවද ? :-)

    ReplyDelete
    Replies
    1. අපෝ ඔබා මාමා දන්නේ කෝච්ච් ගැන විතරයි උඩින් යන ඒව දන්නේ නැහැනේ..

      පොර දැන් එයාර් ක්‍රාෆ්ට් මොනාද කොරල ඕකෙ වැඩ..

      Delete
  20. හපොයි ඉස්කෝලේ යන ලමයි මේවා කියෙව්වොත් ලකුණු ගන්ට දඟලන එකක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං කොපි කොරන්ට ඕනෙ නැහැනේ. පාඩුවේ විභාග ලියයි... :)

      Delete
  21. උඹගේ ලිපියනම් සුපුරුදු පරිදි පට්ට මම ඕක ගැන ලියන්නේ මොකක්ද කිය කිය කල්පනා කොර කොර උන්නේ. හැබැයි පුතේ කොස්සෝ උනත් අල්ලන්නේ වරදක් කළොත් පමනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      ෆිස්සුද බං දැන් ඉතිං වැරදි නොකලත් අල්ලනවා.. ලොකු මාමාට සල්ලි නැතිලු.. ඇයි හත් දෙයියනේ කීයක් නඩත්තු කරන්නද ?

      Delete
  22. මමත් එන ගමන් පොලිස් මාමා කෙනෙකුට අසු වුණෙමි, ඒ වුණත් වරදක් නැතිනිසා මට යන්නට දුන්නේය. එහෙම හොඳ අයත් සිටිති. කෙසේ වෙතත් ඕනෑවට වඩා ලකුණු දාගැනීමට යාම නම් එතරම් සුබදායක නැත!

    ReplyDelete
    Replies
    1. සිරාවට බොල අඩු ලකුනු ගැනීම හොදය..

      Delete
  23. හේ හේ පව් අනේ :P

    ReplyDelete
    Replies
    1. කවුද ? පොලිස් මාමාද ? සෑමාද ? බ්ලොග් කරුවෝද ? පංචායුධ මාමා ද? වයලා ද? මාකා ද ? බොකාද ? කස්සාද ? දෝදුවාද ? මඩයාද ? හැලයාද ? සීදේවිද ?

      වර්ණා ද ?

      Delete
  24. ඉස්කෝලේ ඉගැන්නුවා සම්පුර්ණයෙන්ම වැරදි...!!!

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම කියා සෑමා කීවේ නැත.. :)

      Delete
  25. තාත්තගෙ කතාව තමා මරු...

    ReplyDelete
    Replies
    1. අපේ එකාලා තාම මතක් කරනවා.. හිකිස්.. එයා ඔහොම ෆන් තමා දෙන්නේ..

      Delete
  26. දෙමාපිය රැස්වීම් තියෙන දවස තමයි අවුරුද්දෙ කුජීතම දවස........

    ReplyDelete
    Replies
    1. අපෝ මතක් කරන්න එපා.. අපේ එවුන් හැබැයි කුලියටත් එක්කගෙන ආවා..

      Delete
  27. අඩේ එය ද‍ඩ ගහන්න බැරි හේතු සෙට් එක කොහේ හරි එකක තිබ්බා... මතක නැ බං..

    ReplyDelete
    Replies
    1. අනේ.. ඇයි බං අමතක කරන්නේ.. අපිව බේර ගනිං..

      Delete
  28. පොලිෂ් මමාට අර නෙක්ස්ට් ෆිල්ම් එකේ වගේ විනාඩි 2ක් අනාගතේ පේනවා ඇති සෑමෝ... එකනේ කලින්ම නවත්තලා දඩේ ලිවුවේ...

    ReplyDelete
    Replies
    1. හිකිස් එහෙම සීන් එකක්ද මන්දා..

      ජය !

      Delete

Related Posts Plugin for WordPress, Blogger...