Thursday, January 12, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (2 කොටස)

විරහවෙන් මිලිනව ඉරි තැලුන හදවත් වලට, අකාලයේ හෙන ගසන වැස්සක, ජල සම්පාදන මණ්ඩලයේ ටැප් එකකින්, නිරපරාදයේ ඇද හැලෙන ක්ලෝරීන් දිය ඩිංග... කුසූ - සිතූ ආදර අන්දරය

"යන්න එපා සිතූ....."

සට පට ගා වැස්ස වැටෙන අදුරැ රාත්‍රියේ කුසූ නිදා සිටි පැදුරෙන් නැගිට්ටේ සිතූ ගේ නම කියාගෙනය. තමා කුඩා කල සීයා ඇති කල වසු පැටියාට කළ ආදරය සහ සිතූ වෙනුවෙන් තමා කරන ආදරය අතර ඇත්තේ සුළු වෙනසක් බව කුසූට සිතී අවසානය. වෙනදාට වහු පැටියා මූන ලෙවකන අයුරැ සිහිනෙන් දැක අවදිවනවා සේම දික් වූ නිකටක්, වක් වූ නහයක් සහිත තම පෙම්වතා වස්සා ගේ බෙල්ලේ සීනුව මෙන් අඩියක පමණ දම්වැල් මාලයක් දමාගෙන සිටින අයුරැ ඈ සිහිනෙන් දකින්නේ මධ්‍යම රාත්‍රියේය.

කලින් දින හවස පන්තියේ පඩිපෙල යටදී සිගරැට් සැර සහිත සිතූගේ තොල් කුසූ ගේ තොල් අතර සිරවුනේ ඇගේ සිරැරට නිකොටින් බෙදා හරිමිනි. වෙනදා මෙන් බන්ටි ටොෆියක් කන්නට අමතක වූ සිතූ සරාගී සිතුවිලි අතර සිරව අසරණ වූ අතර ලැබුණ ක්ෂණික අවස්ථාවේ ඇය ග්‍රහනයට ගත්තාය.

සියළු මතකයන් සමග ඇය ඇගේ සිහින් ඉගට හා කොහු මෙට්ටයට සිරවූ චයිනිස් දුරකථනය ඈ සුරතට ගත්තාය. බට්න් කීපයක් එබූ විට ඩිස්ප්ලේ එක දැල්විණ. ඒ තැලුනු හුරතල් දෙතොල් හෑන්ඩ්ස්  ෆී එකේ මයික් එක අතර තද කොට ඇය ඇමතුවේ සිතූ නොව... තම සිම්පතේ ස්වක්‍රීය සේවාවේ අංශයයි. ඒ බැලන්ස් එක චෙක් කිරීමටය.

කුසූට මහ රෑ සිතූ සමග දොඩමලු වන්නට සිත් විය.

"ඈ බොල කෙල්ලේ මේ මහ රෑ මොකද හුලු අත්තක් පත්තුකරන් තෝ තනියම එලියට යන්න හදන්නේ චූ කරන්නද?...."

කුසූ ගැස්සින. තම ඩිස්ප්ලේ එකේ එලිය අත්තම්මා ගේ මුහුණට වැටී ඇත. ඇගේ ඇද කඩා වැටුන නිසා ඇයද නිදාගත්තේ කුසූ සමග බව කුසූට මතක් වුනේ එතකොටය. 

"නැහැ අත්තම්මේ ‍මේ මගේ මොබයිල් එක.." ලා දලු දෙතොල් සැලී කුසූ තෙපලීය. 

"කොයිල් එක...??? ඇයි කෙල්ලේ අත පුච්ච ගන්න හදන්නේ, මදුරැ කොයිල් එක තියපිය ඇද යටින්" අත්තම්මා ඇයට ආදරේය. ඒත් දැන් ඇයට දැනෙන්නේ තම හදවත බිංකුන්ඩෙකු මෙන් පසාරැ කල සිතූ ගේ ආදරය පමණි.

"අනේ අත්තම්මේ මේ රෑ ජාමේ ඇයි වහලේ උළු උඩ යන්න කෑගහන්නේ.. කන් ඇහෙන්නේ නැද්ද.."

"කොහෙ කං ඇහෙන්නද බොලා මගේ ඉයර් පෝං එක කනේ ඔබාගෙන නේ.." අත්ම්මා කන් ඇහෙන් නැතිවාට ගසන ඉයර් ‍ෆෝන් එක කුසූ හැන්ඩ්ස් ෆ්‍රී එක යැයි සිතා කනේ ගසාගෙනය. කුසූ එය එකවරම අත්තම්මගේ කනේ එබීය.

"අනික උඹ මේ රැ මොනවද ඔය දිස්ටිය ඔබාගෙන කොරන්නේ..."

"මම මේ ඊ-බඩී (E-buddy) ලොග් වුනා අත්තම්මේ" සිතූ ගැන කිව නොහැක. කිව හැකි බොරැව කීවේ ඇය බේරීමටය.

"මොකක්ද බොල ඔය ඊ බඩී කියන්නේ???"

"හෙට උදේට කියන්නම් අත්තම්මේ දැන් නිදියන්න.." ඇයට තේරැම් කල නොහැක. කුසූ මග හැරියාය.

මොහොතකට පෙර තම හිස අතගා දොයි කල සිතූ නැවත ඇහැ ඇරිය නොහැක. නපුරැ සිහිනය පසුව කිව හැක. සිතූ දැන් ගල් බෝර දැම්මාත් ‍නොනැගිටන විපුල් මමලාගේ ගල් කොරියේ බල්ලා මෙන් නිදි ඇති. කුසූ තනිවම සිතුවාය. ඇයත් ඇගේ බෙඩ් ෂීට් එක ඇද ඇග මතට පොරවා නිදාගත්තාය.

"ඈ යකෝ තෝ මගේ චීත්තේ පෙරෝ ගත්තම මම ලැවැන්ඩරිය එලිය දාගෙනද නිදියන්නේ. තොටත් කූඹිවහයි බොල" කුසූ බැරි වී අත්තම්මාගේ රෙද්ද පොරවාගෙන ඇත. ඇය සතර පෝයට සිල් ගත්තද තැනක් නොතැනක් නැත. කියන්නේ කුණු හරපමය. දිනක් සිල් පවාරනය කර ලොකු හාමුදුරැවන්ට බැන්නේත් xxxයා කියාය.

කුසූ දෑස පියා ගත්තාය. නැවතත් විශාල ගල් අතරින් වැටෙන දිය ඇල්ලක් ලග ඇය සිහින ලොව සැරි සැරැවාය. එහි කොනෙක හරක් බලා ගන්නා කොල්ලෙකු මෙන් වස් දඩු වැයුවේ සිතූය. තම සිහිනය, පැතුම, සිතූය....
ඇගේ සිහින් ඉගට හා  කොහු මෙට්ටයට සිරවූ චයිනිස් දුරකථනය ඈ සුරතට ගත්තාය

කුක්කු කූක් කූක්............


"අන්න අත්තම්මේ කිරි කාරයා ඇවිත් කෑගහනවා..." කුසූ නිදි මතින් අත්තම්මාට තෙපලීය.

"බොලාලට ලව් මාන්දමේ රෑ දෙගොට ජාමේ එක එකාට කුක්කු පොවලා නිදාගත්තට අපි පලිද බොල.. කුක්කු කූ ගාන්නේ තොපෙ අප්පච්චියා කැන්දං ආපු කිකිලි..."

අත්තම්මා කෑගසමින් නැගිට (කක්)කුස්සියට යද්දී... කුසූ ‍සලං බලං ගා බිම පතිත වූ තම චයිනීස් ෆෝන් එක බිම අතපත ගා අහුලා ගත්තාය. එහි තිබුනේ පාන්දරම සිතූ තමාට එවූ එස්.එම්.එස් එකයි...

"පිස්සු කොල්ලා.. ‍උදේම මාව මතක් වෙලා... මොකක් හරි කුණු හබ්බයක් වෙන්න ඇති නිදි මරගාතේ එවන්න ඇත්තේ.."

තම දගකාර ආඩම්බර සිතූ ගැන දන්නා කුසූ තම නොකැලැල් ප්‍රථම ආලයෙන් මුසපත්ව එසේ සිතමින් එස්.ඇම්.එස් එක දිග හැරියාය..

"ආදරණීය සුදූට සිතූ අයියාගෙන් සුභ උපන් දිනයකට ආසිරි - ගල්ඹය බෝ සමිදු පිහිටයි"

ජිල් බෝල මෙන් විශාල වූ කුසූගේ සිහින් ඇස් වලින් එලියට පැන්න ලවන සිහිත කදුලු කැටය වැටුනේ ෆෝන් එකේ ඩිස්‍ප්ලේ එකට උඩින් ස්පීකරය සදහා ඇති සිදුර තුලටයි. පුංචි කදුලු බිදුවක් නිසා ෆෝන් එකට අතුරැ අන්තරාවක් නොවුනද ඇගේ හදවත තට්ටු පහකින් බිමට වැටුන පුංචි සමනලයෙක් මෙන් සී සී කඩ විසිර ගියේය.

තවමත් ටෙස්ට් මැච් එකක දින ගනනවත් පසු නොකල තම ප්‍රේමයට මාරයා අත වනන බවක් ඇයට සිතින. කුසූ ගේ උපන්දිනය පහු වී මාස 3ක් වුවද, සිතූ හදිසියේ කාට හෝ යැවු සුභ පැතුමක් තමන්ට ලැබී ඇත. සිතූ විජාතික බලවේග වලට අත වනන තරම් දේශද්‍රෝහියෙකු බව කුසූ සිහිනෙකින්වත් නොසිතුවාය.

ගැහෙන ලැමට කොට්ටය තද කොට, සෝඩියම් ක්ලෝරයිඩ් දියර ඇස් කොනින් ගලා ‍වැටෙද්දී ඇය ක්ෂණිකව ඇමතුවේ 119 නොව. සිතූටය... ඔව් සල්ලාල සිතූටය.

"හික්ස්.. හික්.. ඉහි.. ඉහ්ක්... සිතූ මම හිතුවේ නැහැ ඔයා මේ තරම් අමනයෙක් කියලා. මගේ මාල ගිරා පැට්ටා මැරැණ දවසේ මම හිතුවා ඔයා මගේ මුළු ලෝකෙම වෙලා මගේ ලග නවතී කියලා. ඒත් අද ඔයා කරපු වැඩෙන් මගේ මුළු ලෝකෙම නැවතිලා මම අන්ත අසරණ දුක්ඛිත තත්වයට වැටුනා සිතු... ඔයා මාව මැරැව නම් හොදයි සිතූ...මැරැව නම් හොදයි සිතූ... හොදයි සිතූ... සිතූ... " සිතූට හිතා ගන්නට බැරි විය. පාර්ලිමේන්තු සැසි වාරයක් ඇරඹුනාක් මෙන් එක දිගට කුසූ වදන් ඇමිනුවාය.

"ප්ලීස්.. කුසූ.. කූල්.. කියන්න බබා මට මොකද වුණේ කියලා.. කවුද ඔයාව මුලා කලේ.."

"ඔබා  බබා වෙන්න හදනවද මෙතන. කාටද උදේ පාන්දර විශ් කලේ.." කුසූ ප්‍රති උත්තර බැන්දාය.

"අප්පට හුඩු.. පැට්ටෝ ඔයාටද මැසේජ් එක ආවේ... මගුලයි.." සිතූගේ වදන ඇයගේ හදවතට ගල් කටුවෙන් ඇන්නාක් බදු විය.

"ඔයා ලැජ්ජ නැති දේශපාලඥයෙක් වගේ මිනිහෙක් සිතූ.."

"නැහැ.. නැහැ... රත්තරං අහන්නකෝ, උදේ නැගිට්ට හැටියේ අම්ම කීව අද කසුන්තිකා අක්කගේ බර්ත් ඩේ එක කියලා.. මම සටස් ගාලා ගැහුවා මැසේජ් එකක්. ඒක තමා වැරදිලා ඔයාට එන්න ඇත්තේ.. කසුන්ති..කුසූ නම් දෙකම එක ලග බබා කන්ටැක්ට් ලිස්ට් එකේ තියෙන්නේ"

"ඔයා නම් මහා..... ඔයා නම් මහා..... අමුම අමු මැට්ටෙක් සිතූ" ශ්‍රී ලංකාවේ ආදරවන්තියන් දන්නා දරැණුම වචනය කියා කුසූ සිතූට බැන ෆෝන් එක තැබුවාය.

Written by sAm_11:05pm_12.01.'12

සිතූ - කුසූ ගේ ආදර අන්දරයේ පළමු කොටස බලන්න මෙතැනින්...

බහුතර ඉල්ලීම මත ලියැවුණු කුසූ - සිතූ ආදර කතාව... ඛේදාන්තයකින් අවසන් වෙයිද..?



************
සියල්ල පහලින් කියවන්න.....


************

49 comments:

  1. නව පරපුරේ කඳුලේ නව කතාකරු සෑමා.ආදරේ දෝර ගලා යනවා.මොකද බන් ඒ මහා රැ බැලන්ස් එක චෙක් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. කුසූ සිතූට දාන්න කියපු රීලෝඩ් එක ඇවිල්ලද කියල බලන්න මහ රෑ බැලන්ස් චෙක් කලේ..

      කෑලි කැපෙන අදුරේ, වදුලක හිද කුලුදුලේ ලියන, කදුලේ නවකතාකරැ අසික්කිත සෑමා !

      Delete
  2. කවුද බං ඔවා දන්නේ?
    ලියන උබනේ :)

    ReplyDelete
    Replies
    1. ඛේදාන්තයක් වෙයිද කියල මමවත් දන්නෙ නැහැ මහිම..

      ආදරයක් මුල පුරනකොට අවසානේ කොහොමද, කවුද දන්නේ.. ඒ වගේම උඩු ගම් බලා යන කුසූ - සිතූ ටීනේජ් පෙම් හබය ??? මට හිතා ගන්න බැහැ..

      ප්‍රේමතී ජායතී සෝකෝ....

      Delete
    2. මගේ අම්මේ මොකෝ මේ?

      Delete
    3. කිසි අවුලක් නැහැ බොල.. මහිම කීවම මේ ටිකේ ටීවී එකේ යන නාට්‍යයක් මතක් වුනා...

      ඒකෙත් ඔහොම වදන් තමා.. :)))

      Delete
  3. එළ කිරි සැමෝ..හිනා කෑවා උඹගේ මේ බාසාව නිසා...මොකක්ද බං ලැවැන්ඩරිය....හික් හික් හික් .....

    ReplyDelete
    Replies
    1. ලැවැන්ඩරිය... පරණ වෙද්දී ලොන්ඩරි වලට දාන ඒවා.. වයසට යද්දී ලොන්ඩරි වලට දාන්ට බැරි ඒවා..

      ඇත්තටම ශබ්ද කෝෂයට අලුත් වචනයක් සෑමා එක්කලා යැයි හැගේ.. ඒක සිතූ කුසූ ගේ ආදරේ අයිෂ්චර්යයි..

      Delete
  4. කියවන්න පටන් ගත්ත වෙලාවෙ ඉදලා හිනාගියා.... ලොවෙත් නැති ටෝක්ස්... අම්මප මොකක්ද ලැවැන්ඩරිය කියන්නේ...............?

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැති වූනාට සිතූගේ කුසූගේ ආදර ලෝකේ හැම දේම තියෙනවා.. විටෙක ආදර හැරෙන්නට ගොඩක් දේ..

      ලැවැන්ඩරිය... පරණ වෙද්දී ලොන්ඩරි වලට දාන ඒවා.. වයසට යද්දී ලොන්ඩරිවලට දාන්ට බැරි ඒවා..ඇත්තටම ශබ්ද කෝෂයට අලුත් වචනයක් සෑමා එක්කලා යැයි හැගේ.. ඒක සිතූ කුසූ ගේ ආදරේ අයිෂ්චර්යයි.. :))

      Delete
  5. භාෂා විලාශය නම් මරු. කියවන්න ආස හිතෙනවා. ඉතාමත් සුලභ මාරුකාවක් ලස්සනට ගලාගෙන යන ලෙස හසුරුවන එක හරිම අමාරු වැඩක්. ඒ බාධකය ඔබ ලස්සනට ඉක්මවලා. හොද කථාවක්. රස වින්දා.

    ReplyDelete
    Replies
    1. ආදර රැදු වේදනාවක් වී හදවත් පතුලට උලුක්කුවක් දැනුනොත් සිතූ කුසූ කවදා හෝ ඔබෙන් සහයක් පතාවි.. එදාට වෙද ගෙදර කවුලු පියන් ඇරේවි.. මොහොකටවත් නෙවේ.. මහ වෙදනා ගෙන් බෙහෙත් පත්තුවක් බැදගන්න..

      ඔබට තුති !

      Delete
  6. //ඈ යකෝ තෝ මගේ චීත්තේ පෙරෝ ගත්තම මම ලැවැන්ඩරිය එලිය දාගෙනද නිදියන්නේ. තොටත් කූඹිවහයි බොල//
    හැක් හැක්. ෆට්ට කතාව බං. ඇද ඇද ඉන්නෙ නැතුව දාපං.

    ReplyDelete
    Replies
    1. ආදර අන්දරයක් කිසිම හිතක් පපුවක් නැතිව එක පාර දාන්ට..?
      කොයි හිතකින්ද මෙහෙම ආදරයකට අකුල් හෙලන්නේ???

      ස්තුතියි රාජ් මහත්තයා.. මම දැක්කා කමෙන්ටුවකිනුත් කතාව රික්වෙස්ට් කොරලා තියෙනවා.. :)

      Delete
  7. ගුරුළු ගෝමි පරපුරේ ප්‍රේමනීය නවකතාකරු සැමාගේ අති විසිස්ට කතාව හද පතුලේ උලුක්කුව ඔබත් අදම කියවන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙපා.. !

      ආදර රැදු වේදනාවක් වී හදවත් පතුලට උලුක්කුවක් දැනුනොත් සිතූ කුසූ කවදා හෝ ඔබෙන් සහයක් පතාවි.. එදාට පත්තුවක් බැද ලගින් ඉන්ට ඒ ටිකත් ඇති..

      Delete
  8. අනේ අම්මේ.... සිතූ ගහන බොරු වල තරම. යකෝ අක්කෙක්ට විස් කොලානම් කොහොමද සිතූ අයියාගෙන කියලා කියන්නෙ අතේ මාට්ටු....හික්ස්....

    එල....

    ReplyDelete
    Replies
    1. අහිංසක ආදරයකට කන කොකා හැඩවීමක්ද නිසූ...

      කුසූ තවමත් දන්නේ නැහැ ඇත්ත නැත්ත.. බලං ඉමු.. මොනව වෙයිද කියලා..

      ස්තුතී !

      Delete
  9. දිගටම ලියන්න සෑම්..හොඳ ලිවීමේ හැකියාවක් තියන බව පේනවා...
    ෂෝයි කතාව අප්පා ඇ‍ඬෙනවා..

    ReplyDelete
    Replies
    1. ආදරය ඇඩෙන්න තරමට මිහිරිද?

      ස්තුතී රෑ...

      Delete
  10. //කුසූ ‍සලං බලං ගා ໤ම පතිත වූ තම චයිනීස් ‍ෙ‍ෆා්න් එක ໤ම අතපත ගා අහුලා ගත්තාය. එහි තිබු‍ෙ‍න් පාන්දරම සිතු තමාට එවූ එස්.එ໦.එස් එකයි...//
    මෙහෙම උනෙ නං පරම පිවිතුරු ප්‍රෙමෙටම වෙන්ටැති...
    නැත්තං කවද්ද සලං බලං ගාලා බිම වැටුන චයිනීස් පෝං ආපහු වැඩ කලේ!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.. ඇත්තමයි බොල.. ස්තුතී !

      Delete
  11. අඩේ සිරාවටම අයියේ අරූ ඇයි අතේ පත්තුවෙන පචයක් ගැහුවේ අක්කට විශ් කලේ අයියා කියලානේ හි හි කෙල්ලගේ මොලේ තරම තමා ඒවා පිළිගන්නේ එල එල කෙල්ලන්ගේ මොලේ සැබෑ තත්වය පෙන්වා දුන්නාට...නියමයි අයියේ මේක ඛේදාන්තයකින්ද ඉවර වෙන්නේ...දිගමට ලියන්න මරු සීන් ටික ජය වේවා

    ReplyDelete
    Replies
    1. සැබැ ආදරයක් ඛේදාන්තයක් වෙනතුරැ සමාජය බලා හිදිනවා බොල...

      ඇයි ගැමියෝ සමාජය මෙතරම් කුරිරැ??

      Delete
    2. මොනා කරන්නද අයියේ සමාජේ හරිම කූරයි කියලා ආදි කාලේ කියලා තියෙනවලුනේ

      Delete
    3. සමාජය කූරයි.. ආදරය රෑට පත්තු කලාම ලස්සන මොහොතින් නිවිල යන නිලා කූරක් වෙයිද මලයා..

      Delete
  12. එල කතාව... ඊලග එකත් ඉක්මනට දාපන් බන්...

    ReplyDelete
    Replies
    1. වේගය මරැ කැදවන බව කුසූ සහ සිතූ ආදරේ පරිනතභාවයෙන්ම අදුන ගෙන තිබ්බා බොල..

      කලබල වෙන්ට හොද නැහැ.. කොරොස් ක‍ටෙත් අත දාන්ට බැහැ නොවැ..

      Delete
  13. අඩේ සිරා කතාව මචං... මම පළවෙනි එක කියවලා නෑ.. ඒකත් කියවන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ අවංක ආදරයක් වෙනුවෙන් දෙන සහයෝගයට.. ;)

      Delete
  14. මොන මංගල්ලෙකටද බොලේ මේ වෙඩිමට මාව ගාව ගත්තෙ?

    ලැවැන්ඩරය කියන්නෙ ආච්චිගෙ ......................?

    ReplyDelete
    Replies
    1. බබා බබා කියල ටයිප් කරද්දි ඔබා මතක් වුනා බොල.. මට තනියම හිනා ගියා :)

      අන්න හරි.. බුද්ධිමතා තේරැම් ගත්තා...කැත නැතිව කියන්න පුළුවං වචනේ නේද ඔබා මාමේ...

      Delete
  15. මොකක්ද බොල ලැවන්ඩරිය කියන්නේ... අදමයි ඇහුවේ.. නිකන් ලෙවරියා වගේ එකක්ද ?? හික් හික්..

    කතාවනම් පට්ට කොල්ලෝ.. නිකන්.. " සෙව්වන්දියකට පෙම්බැන්දා " වගේ..

    ReplyDelete
    Replies
    1. කූඹි වහනවා කියපු නිසාද බොල ලැවරිය වගේද ඇහුවේ :)

      මේක සෙව්වන්දිය ජීවිතෙන් වන්දි ගෙව්වා වගේ සරල ආදර කතාවක් නෙවේ. හෙන ගහන වෙලාවට ඇන්ටනාව ගලවලා දානවා වගේ පරිස්සමට කරපු ආදරයක්...

      Delete
  16. අඩෝව් පට්ට යකෝ...කරටි කැඩෙන ලවු එකක් වගේ...ලවු මාවතේ ඔහොම්මම යමවු බොලවු

    ReplyDelete
    Replies
    1. විරහ වේදනා දැනෙන තුරැ සිතූ-කුසූ ලවු මාවතේ ගමන් කරන තුරැ නිහඩව ඉමු !

      Delete
  17. මම පලවෙනි කතාව කියවන්න කලින් මේක කියවල ඊට පස්සේ ඒකට ගිහින් ආයෙත් කියවලා ආවේ.. නැගලා යන ලවු ස්ටෝරියට මගේ සුභ පැතුම්. ජය වේවා සහෝ!!!

    ReplyDelete
    Replies
    1. නැගල යන්න සිතූට තාම බයිසිකලයක්වත් නැහැ බොල !!

      ස්තුතී ශෘනි..

      Delete
  18. කතාවේ මුල ටික කියවගෙන යනකොට මට මඤ්ඤං උනා. කොල්ලයි කෙල්ලයි දෙන්නම එක වගේ නම් තියෙන්නේ. කවුද කොල්ලා කවුද කෙල්ල කියලා ලොකේට් කර ගන්න බැරිව වරුවක් ලත උනා. කතාව සුපිරි බං !!!

    එලටම ලියලා තියෙනවා. මේ ලවු එකත් සුජීව අයියගේ නවකතාවක් වගේ ශෝකාංතයක් වෙයිද දන්නේ නෑ (එහෙම උනොත් කියවන්න එන එවුන්ට ටිෂූ ටිකක් බ්ලොග් එකේ එල්ලලා තියන්න.)

    මේ ලියන විදිහ මරු ය.

    සෑමාගේ දකුණු අතට ටයර් හංදියේ සරණයි !!! තොරණ හංදියේ පිහිටයි !!

    ReplyDelete
    Replies
    1. සිතූ = සිතුම්.. කුසූ = කුසුම්.. සිතූ කුසූ ආදරය දළු දාපු ප්‍රථම එපිසෝඩ් එක කියෙව්වනම් පැටලෙන්නේ නැහැ බොල :)

      අන්ධයි කියන ආදරය පටන් ගත්ත තැන ඉදලා ගල් මුල් වල හැපි හැපි මල් ගස්වල වෙලි වෙලි අවසානය දකිනකල් මොන අරැමයක් වෙයිද කියලා කැළණියේ විෂ්ණු දේවාලයවත් දන්නේ නැහැ මචෝ... ‍ශෝකාන්තයක් වෙන එකක් නැහැ මයෙ හිතේ.. ;)

      සෑමාගේ අතක් පයක් කපන්නද බොල හදන්නේ :ඩී

      Delete
    2. පලවෙනි කතාව කියවලා තියෙන්නේ බොල.බොරු නම් කමෙන්ට් බලව.
      ඒත් මට නාට්ටියක් බැලුවත් චරිත මතක නැති ලෙඩේ පවති.

      Delete
    3. හිකිස්... චරිතෙ අවුල් ඇති මයෙ හිතේ .. ;)

      Delete
  19. හිහිහී.. පළවෙනි කතාව කියවන්න යන්න ඕනා..
    දඩ කන්න පුළුවන් ආදර කතාවක් වගෙයි..
    ලස්සනට ලියලා තියෙනවා සහො.

    ReplyDelete
    Replies
    1. ස්තුතී කීවා..

      දඩ කන්න පුළුවං ඇයි?? තේරැනේ නැහැ වගේ..

      Delete
  20. ලස්සන කතාව අයියා. නවත්තන්න නම් එපා හොදේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතී වර්ණා, මේක දිගටම ලියනවට කස්ටිය කැමතිද අකැමතිද බලන්ට ඡන්දයක් තිබ්බා.. බලමුකෝ රිසල්ට් එක ආවහම :)

      Delete
  21. ෆට්ට කතාව.. නියමෙට ලියලා තියනවා.. එක පාරම කියවලා ඉවර කරන්න පුලුවන්.. ඊලග කොටසත් ඉක්මනටම දාන්න..

    ReplyDelete
  22. එල එල.....කතාව එල. ඒත් ගොයියෝ මට පොඩි පරහක් තියෙනවා. ඒමම දකින විදියද දන්නෙ නෑ...ඒත්මට පුළුවන් නම් ඒටික විසදල දෙන්නකෝ, ඒ මේන්න මෙව්වා......
    1)මොකක්ද මේ හැමෝම අහනවා වගේ "ලැවන්ඩරිය" කියන්නේ,.....
    2)එතකොට ඇයි මූ අච්චර බොක්කෙන් ලවු කරන කෙල්ලට, අර වගේ අතේ පත්තු වෙන ටොනක්ඇරියේ කියන එකයි......(ආහ් ඒකනම් කමන් නෑ කියල හිතමු, ඇයි ඉතිං teenage love එකක්නේ)
    3)අනිත් දෙය නම් සමවයස් ලව් එෆෙයාර්ස් මම හිතෙන විදියට පවතිනවා අඩුයි..(ඒකට හේතුව විදියට මම හිත්නේ, මත ගැටුම්ම තමයි.!)
    ඉතිං සෑම් මහත්තයෝ මම දකින පරහවල් නම් ඔන්න ඕවා තමා.... පුලුවන් නම් ඔන්න ඔය පුරස්න වලට උත්තර දාන්නකෝ.....?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...