Friday, January 27, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (3 කොටස)


කුසූට දැන් සනිපවෙලා සති දෙකක්‍ පිරෙන්නත් ආව. කුසූ වෙනුවෙන් බෝධිපූජා, සෙත් කවි, භක්ති ගිත, බලි තොවිල්, වාද බයිලා සහ හිටිවන කවි වගේ නොයෙක් දේවල් බ්ලොග් අවකාශයේ පැතිරුණා. හැම දේටම සිතූ ඔයාලට ණය ගැති.

එදා සෙනසුරාදා නිසා කුසුමගේ (කසින්) අයියා විමලේ කුසූ ගේ ගෙදර ආවේ ඔට්ටු සෙල්ලම් කරන්නටය. හැමදාම වාගේ කරන ඔට්ටු සෙල්ලම කුසූට දැන් එපා වී ඇත. ඒත් බෑ කියන්නට බැරිය. අයියා නොදන්නා තම අළුත් පෙම්වතා සිතුම් කුසූට දුන් චයිනීස් දුරකතනය අතේ හොරෙන්ම සිරකරගෙන කුසූ විමලේ අයියා සමග දොඩමලු වීය.

"මොකද කුසූ අද අපි කරන්නේ.. ඔට්ටු සෙල්ලම් කරමුද??" විමලේ ඇසුවේ සුපුරුදු ලෙංගතු කමින්ය.

"කුසූ..?? ඔයා එපා මට කුසු කියන්න. මට ආදරේ කරන කෙනා විතරයි එහෙම මට කියන්න ඕනේ" දෙකේ දෙකේ මලක්  ගැසූ අයෙකු මෙන් විමලේගේ ඇස් උඩ ගියේ කුසූ ගේ අලුත් පෙම් හබය නොදන්නා නිසාය...

"අප්පේ දැන් මෙයාගේ ගණන්.. අර ගහෙන් වැටුනට පස්සේ තමා ඔක්කොම.." විමලේ මතක් කළේ අහවල් ගහෙන් වැටුන කතාව නොව, ඇට්ටේරියා ගහෙන් වැටුන කතාවය.

"යනවා යන්න අද අපි හැංගි මුත්තං කරමු" කුසූට ගණ දෙවි නුවන පහල විය. හැංගි මුත්තං පිටින් දමා හැංගී තමාට සිතූ සමග කතා කල හැකි නිසාය.

"ජොනීයි මමයි ගාලුගියා.. ටකා..ටිකා.. හුටා.."

"හරි මම හැංගෙන්නේ..." කුසු මාලු කට්ටක් දුටු බළල් තඩියෙකු මෙන් කෑගෑවාය.

"හරි හරි හැංගෙනවකෝ.. මට බැරිකමක් නැහැ තමුසෙව හොයා ගන්න.. ඔය කරවල සුවද මට කොහොමත් දැනෙනවා" විමලේ කීය.

"එකායි..දෙකායි... අනූනමයායි..." විමලේ z-ස්කෝර් එක හදන්නාක් මෙන් ඇස් පියාගෙන සීයයට ගණිද්දී කුසූ තම වත අල්මාරියේ දොර පිටුපස සගවා ගත්තාය. දොරවසාගෙන ඇය ඇමතුවේ සිතූටය.. තම ආදරණිය සිතූටය...

"සීයායි.. ඔන්න මම එනවා...." විමලේ අයියා කෑගැසීය. 

"රූං.. රූං.. රූං.. රූං... බෘම්..බෘම්..බෘම්..බෘම්.." රබර් ඇටෙන් සැදි රූම් පෙත්තක් මෙන් නිදහසින් කටින් සද්ද දමමින් විමලේ අයියා කුසූව සොයන්නට වූයේය. ඒ අතර කුසු අල්මාරිය ඇතුලට වී දොර වසාගෙන සිතූගේ තුරුලේ සැනසෙමින් සිටියාය.

"ඇයි රත්තරන් තාම පොඩි ලමයෙක් වගේ හැංගිමුත්තං කරන්නේ. අනික නාකි විමලේ අයිය එක්ක" සිතූ ඇසුවේ දුකින් නොව තරමක් කේන්තියෙනි. 

"තේරුම් ගන්න සිතූ එයා මගේ අයියා කෙනෙක්. ඒ ඇරෙන්න දෙයක් අපි අතර නැහැ."

"මම දන්නවා රත්ත‍රනේ. ඒත් මම කැමති නැහැ පැට්ටෝ ඔයා අයියා එක්ක තනි පංගලමේ සෙල්ලම් කරනවට. අනික අම්මලත් ගෙදර නැහැ. ගිරා පැටියා හිටියනම් ඔයාට කරදරයක් වුනොත් කෑගහන්න හරි එයා ඉන්නවා."

"මට බැහැ සිතූ අයියව ඈත් කරන්න. එදා ගග අයිනේ තිබුණ ඇට්ටේරිය ගහෙන් වැටිලා මාව ආතක් පාතක් නැතිව ගගේ ගහගෙන යද්දී විමලේ අයියා එයාගේ යාළු වෙලා හිටපු අක්ක ගැනවත් නොහිත මාව ගොඩට ගන්න පැන්නේ අර අපි ඉස්සර හොරෙන් බලපු ‍බේ-වොච් (Bay-watch)" කතන්දරේ හිටපු අයිය වගේ. ඇස් පියාගෙන හිටපු මට කෘතීම ස්වසනේ දුන්නේ මගේ විමලේ අයියා. එයා දීපු හුස්මෙන් මම තාමත් ජීවත් වෙන්නේ ඔයා වෙනුවෙන් සිතූ. ඔයා වෙනුවෙන් විතරමයි."
හොරෙන් බලපු ‍බේ-වොච් (Bay-watch)" කතන්දරේ හිටපු අයිය වගේ
"හරි. ඒක අමතක කරමු. කමක් නැහැ. හැබැයි වැඩිය ලං වෙන්න එපා මයෙ දෙයියෝ. මට මැරෙන්න ගමේ තියෙන නියගලා අල මදි වෙයි මයෙ දෙයියෝ"

"පිස්සු කොල්ලා. මට ඔයාව නැතිවෙන්නේ නැහැ අයියෝ.. උම්හ්හා..." කුසූ ගේ දෙතොල් මයික් එක අතර තද වෙද්දී, සිතුගේ දෙනෙත් පියවින. හැමදාම හවසට ගහන මලේ මිහිර ඔහුට මේ තරම් නොවිණ.

"ක්ර්රාාාාස්..."

දොර දෙකේ අල්මාරියේ සැගවී සිටි සිතූ තිගැස්සින. තමා සිටි පැත්තේ දොර නොව අනිත් පැත්තේ දොර හැරිණ. අත්තම්මගේ පරණ අල්මාරියේ ඇදුම් තිබුනේ කිහිපයක් නිසා එහා පැත්තේ දොර හැරියද තමාව පෙනෙන බව ඇය දනී. ඇය ෆෝන් එක කට් නොකරම ඇස් තදකොට පියා ගත්තේ ගෙදර හිටපු බැල්ලීට ඉන්ජෙක්සන් ගසද්දී ඌ ඇස් පියා ගත්තා සේය.

"කුසූ කුසූ ඔයාට මොකද වුණේ? කතාකරන්න මයෙ දෙයියෝ කතාකරන්න" කුසූ නිහඩය. සිදුවන දේ අසා ගැනීමට සිතූ තම ෆෝන් එක කට් නොකලේය.

"පිස්සු කෙල්ල, තාම ඉස්සර වගේ මෝඩ විදිහට හැංගෙන්නේ. දන්නේ නැද්ද අයියා ඔයාව කෝම හරි හොයා ගන්නව කියලා" විමලේ එහෙම කිව්වේ තමාද අල්මාරියට රිංගමින් කුසූව තුරුලු කරගනිමින්ය.

ඇය සෙමින් ඇස් දෙක හැර බැලුවාය. විමලේ අයියාගේ දිලිසෙන ඇස් දෙක ඇය කලින් දැක තිබ්බේ හවසට  කසිප්පු ගහගෙන පාරේ කෑගසන වෙලාවට පමණි. සිතුවාට වඩා ඔහු ලෙංගතුය. කුසූ ඒ උණුහුමට තුරුලු වූවා නොවේය. ඒත් අසරණ වූවාය.

කුසූගේ දෙනෙත් අ‍ඩවන් වෙද්දී, විමලේ අයියාගේ දෙනෙත් දැල්විණ. ඒ දෙනෙත් එලියෙන් කුසූ ගේ ලෝකය නිලංකාර වන බව සිතූට පෙනුනේ නැත. නමුත් සිහින් වදන්, සිහින් මිමිණිලි, කෙදිරිලි සමග සියල්ල සිතූගේ මනසේ ඇදිනි. අපොයි චයිනීස් ෆෝන් අරන් දෙන වෙලා තව කීයක් හරි දාලා 3-ජී ෆෝන් එකක් අරන් දුන්නා නම් සියල්ල බලා ගත හැකිව තිබිණ.

නාදළු දෙතො‍ලේ
සිරව සිටි රළු විමලේ
කුසූ ලැම මඩලේ
පරව යාවිද කුමරි කටු අකුලේ

සිතූ කන වැකුනේ
හෑන්ඩ්ස් ෆ්‍රී එක සරණේ
ලැම රතට දිලුනේ
විමලේ සහැසිව රතියෙ වෙලුනේ

කුසූ නම් චපලය
සිතූගේ නම් අපලය
විමලේ ලය සිසිලය
කුසූ ඉම්බේ විමලේ නලලය

සිතූ සිත ගත්තේ
කුසූ පෙම මත්තේ
විමලෙ සිප ගත්තේ
කුසූගේ රස නැවුම් **ත්තේ

සිතූට ඇසේ යයි සිතූ
ෆෝන් එක ගත් කුසූ
බට්න් එක පාට රතූ
එබුව සැහැසිව පෙමක් නැහැ මතූ

ලැම ඉහල එ‍සවී
විමලේ සුරත තදවී
තහනම් දොරගුළු හැරී
කුසූ සුර ලොව ගියා තුටිනී

හැගීම් සියල්ල සත්‍යය ආදරයක් ගිලගත්තා. කුසූ දිව දොට්ට දාගෙන හති අරින බලු කුක්කෙක් වගේ හතිලමින් විමලෙ ගෙන් මෑත් වෙද්දී සිතූ කිසිවක් හිතාගන්න බැරිව ඔළුව බිත්තියෙ ගහගෙන කල්පනා කරන්න වුණා.

"විමලෙ අයියා මෙනවද මේ කලේ. ඇයි මට මෙහෙම දෙයක් වුණේ. මම අයිය ලග ඉස්සර හිටපු පුංචි නංගි නෙවේද තාම, කියන්න මට කියන්න ඇයි ඒ සහෝදරකමට මෙහෙම කලේ." අහස් කූරක් පත්තුවෙලා බිම වැටුන වගේ සුළු මොහොතක සතුටක් වෙනුවෙන් දැන් කුසූ කදුලු හෙලනව. විමලෙට දඩි බිඩි ගාලා පහර දෙන ගමන් ප්‍රශ්න අහනව.

"බය වෙන්න එපා නංගියෝ. මම ඔයාව දාල යන්නේ නැහැ. සත්තයි. මගේ වත්තෙ බැදල ඉන්න වැස්සි පල්ලා" විමලේ දිවුරුවා. ඇති තරම් දිවුරුවා.

"බැහැ, මට බැහැ. මට ඕනෙ මගෙ සිතූ. එයා කවදාවත් මාව අත් අරින්නේ නැහැ." කුසූ ඒ තරමට සිතූව විස්වාස කලා.

"හරි නංගියෝ.. මම ඔයාලගෙ ආදරේ වෙනුවෙන් ඕන උදව්වක් කරන්නම්.. බය වෙන්න එපා විමලේ අයිය හැමදාම ඉන්නව" (පුහ් නැතිවට..)

"ඒත් මම කෝමද සිතූට මූණ දෙන්නේ.. එයා හැමදේම අහගෙන ඉන්නැති. අනික මම ෆෝන් එක කට් කලේ මගදි..." කුසූ ඇස් පුංචි කරලා බෝංචි කරල වගේ දෙකට නැමිල කිව්ව.

"නැහැ නංගි දැන්ම කෝල් එකක් අරන් කතා කරන්න. එතකොට වැඩේ ෂේප් වෙයි..."

චයිනීස් ෆෝන් එකකට වඩා වේගෙන් කුසූගේ අත වයිබ්බ්‍රේට් වෙන්න ගත්තා. ඒත් මුකුත් නොවුන ගානට කුසූ කතාකලා.

"සිතූ...."

"කුසූ.. මොකද දෙයියනේ උනේ.. අර පාහර විමලයා ඔයා ලගට ආව නේද? කියන්න ප්ලීස්.. මොනාද උනේ මට පිලිවෙලට කියන්න... මම ඕකව මරනවා..."

"හිහ්..! හී.. ! රැවටිච්චා.. පොල්කිච්චා.. කෝපි ගහේ දෙමලිච්චා.. ඔයාට තේරුනේ නැද්ද අනේ. අපි හැංගි මුත්තං කලේ ටීවි එක දාලා. විමලේ අයියා අල්මරියේ දොර ඇරල මට කිව්වා මරු ෆිල්ම් එකක් යනව කියල. ඔයා ලයින් එකේ ඉන්නැද්දිම මම එලියට ගියා ෆිල්ම් එක බලන්න."

"බොරු නේද කුසූ ඔයා මට කියන්නේ. එහෙනම් අමුතු සද්ද ආවේ. ඔයාගෙ කටහඩ වගේ. අනික ඇයි මගදි ෆෝන් එක කට් වුණේ??"

"අහ්.. මරු වෙලාවට අපි ෆිල්ම් එක බලන්න සෙට් වුනේ. අපිට සද්දෙ ඇහුනට එවලේ කොටු දාපු නිසා අපි මුකුත් දැක්කෙ නැහැ සිතූ.. බොරු නම් ඔයත් ටීවී දෙරණ දාල බලන්න ලස්සන ෆිල්ම් එක, හැබැයි කොටු විතරයි..."

"අනේ කුසූ මම ගොඩක් බය වුණා. හැබැයි මීට පස්සේ විමලේ එක්ක සෙල්ලම් බැහැ. ඔය පිච්චුන ලේ ටික හොදටම ඇති. මාත් යනවා ඔය කියන ෆිල්ම් එක බලලා යමක් ඉගෙන ගන්න. හිකි..හිකි.. "

"බායි මයෙ අම්මා..." කියමින් කුසු සියල්ල අමතක කර දැම්මේ රැයේ දුටු සිහිනයක් මෙනි.

ගෙදර ‍මාළු ටික හොරෙන් කා, වැලි ගොඩේ ජරා කර, වැලි ටිකකින් වසා දමන්නාවූ වල් බැළලියක මෙන් කුසූ සියල්ල සගවන්නට හදන්නීය. ගමේ අළුතෙන් සවිකල ටැප් එක මෙන් කිසිවක් ලීක් නොකරන බව දිවුරමින් විමලේ පිටත්ව ගියේය. සිතූ මී පාසානම් කෑ මීයා මෙන් කිසිවක් නොතකා මී ගුල ඇතුලට රිංගා ගත්තේය.

******************
කුසූ ගේ අසනීපය දැම්මේ හේතුවක් සහිතවය.
තව කොටස් දෙක තුනකින් කුසූ - සිතු ආදර අන්දරය අහවරය.... එතෙක් විමසිල්ලෙන් සිටින්න

******************

සියල්ල පහලින් කියවන්න.....


************

58 comments:

  1. අයියෝ සෑමෝ කුජීතයිනේ බන් ...
    ඕන් ඕකයි තත්වේ ... සංසාරේ සංසාරේ

    ReplyDelete
    Replies
    1. කුසූ චපල වුණාද මන්දා.. :(

      Delete
    2. ආයෙත් අහලා..චපල වෙලා නේන්නම්..පව් අප්පා සිතූ..

      Delete
    3. සිතූ ගේ නම් අපලය.. ;)

      බලමු අවංක ආදරයක් ජය ගන්න හැටි !

      Delete
  2. අන්තිම කොටසින් පස්සෙ මගේ කමෙන්ට් එක දෙන්නම්. මට ඇත්තටම තාම හිතා ගන්න අමාරුයි මේ කථාව යන විදිහ. බලමු ....

    ReplyDelete
    Replies
    1. සිතූවත් දන්නේ නැහැ මොකද වෙන්න යන්නේ කියලා.. සෑමත් බලන් ඉන්නේ ඒකම තමා ;)

      Delete
  3. හප්පේ උඹත් මාර කථා නේ ලියන්නේ....සැහැසිව රතියේ කියලා දැක්කම පව් කියලා හිතුනා බං...අර අන්තිම පිංතූරේ එළ ඈ...වැඩේ හිතාගත්තැකි....අවසානේ සිතූ මේකට කර ගහයිද මචෝ....

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැහැ මොනා වෙයිද කියල. අහිංසක ආදරයක් රුදුරු විමලේ බිලි ගත්ත.

      බලමු මොකද වෙන්නෙ කියල,

      Delete
  4. //කුසූ ඒ උණුහුමට තුරුලු වූවා නොවේය. ඒත් අසරණ වූවාය.//

    හරිනෙ ඕකනෙ ඉතින් වෙන්නෙ....
    උඹ මහ වලත්තයෙක්....ඉහි...ඉ...හි.....මගේ අසරණකමින් ප්‍රයෝජන ගත්තා...

    කාලා දිරව ගත්තටත් පස්සෙ එහෙම තමයි කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් මචං විමලේ අවස්ථා වාදියෙක්. මොනව කරන්නද බලමු මොකද වෙන්නේ කියල.

      අවංක ආදරයක් වෙනුවෙන් කදුලු හෙලන හැමෝටම තුති !

      Delete
  5. ඕකයි එහෙනම් තත්ත්වේ ආහ්... හැංගි මුත්තම් කෙලින වයසෙ ඉන්න උන් ලව් කරන්ඩ ගියාම ඔහොම වෙනවා.. සිතූට මට කෝල් එකක් දෙන්ඩ කියපන්..

    ReplyDelete
    Replies
    1. හරි මචං සිතූට කියන්නම් සෙන්නාට කෝල් කරන්න කියල. හැබැයි හිත ‍රිදෙන ඒවා කියන්න එපා බං. විශේෂයෙන් මේ වෙච්ච දේවල් එකක්වත් පොර දන්නෙ නැහැ හරියකට

      Delete
    2. නෑ නෑ මම මුකුත් කියන්නෑ.. හැබැයි මට දැන ගන්ඩ ඕනා මේ කිසිම දාඩිය මහන්සියක් නැතුව, නිකම්ම වගේ හම්බෙන්ඩ යන පිය පදවිය බාර ගන්නවද කියලා... හිහ් හිහ්.. පොරට අප්සට් යයිද..?

      Delete
    3. එකක් ගත්තොත් දෙකක් ලැබෙන, සියළු දේ නිකං ලැබෙන සමාජෙක මේවා මොනාද මචං..

      කොල්ලගේ හිත රිදෙන එකක් නැහැ. ;0)

      Delete
  6. අහෝ බේදයකි....!!!

    ReplyDelete
    Replies
    1. අවංක ආදරයක් වෙනුවෙන් කදුලු හෙලන හැමෝටම තුති ඔබා..!

      Delete
  7. ඇහැට නැගුනු කඳුළු බින්දු තාම වේලිලා නෑ. සිතූ පවූ. තවත් අහි0සක කොල්ලො කී දෙනෙක් නම් මේ වගේ ව්‍යසන වලට මුහුන දීල ඇත්ද..?

    ReplyDelete
    Replies
    1. තෙත් වුණ හිතක් තියෙනව බං උඹට. කදුලු හලන්නේ සිතූගේ ආදරේ වෙනුවෙන් නිසා තවත් ස්තුති. මේවට බිලි වෙන කොල්ලො පව් බං !

      Delete
  8. හෆෝයි අර අහිංසක සිතු කොලුවා. ඇඩේනවා බං

    ReplyDelete
    Replies
    1. අඩන්න එපා. හොදක් වෙයි.
      එහෙම ප්‍රාර්ථනා කරමු සිතූ වෙනුවෙන් !

      Delete
  9. දුකේ බෑ බං අර සිතුවා ගැන... ඉතිරියත් ලියමුකෝ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්, මොනව කරන්නද බං සංසාරේ, සංසාරේ.

      සිතූ කවද හරි කරපු පවක් වෙන්ට ඇති බං !

      Delete
  10. අහිංසක පෙන්වතුන්ට කවදත් කුරිරු සමාජේ කෙනෙහෙලිකම්.මමනම් මේ සිද්දිය තරයේ හෙලා දකිනවා..

    ReplyDelete
    Replies
    1. සද්ද කරන්න එපා සිතූට ඇහෙයි - සිතූ මේ ගැන දන්නෙ නැහැ..

      Delete
  11. සික් සික්.... අලිම කුජීතයි...
    අර චපලද මොකක්ද එක වෙලා මම හිතන්නේ...
    අලිම කුජීතයි

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශේ පැංචිලා, සුදූලා, අමරාවතීලා කවුරුත් මේ පෝස්ට් එකට කමෙන්ට් කරල නැහැ.
      බලන්න සෑම් එක්ක තරහ වෙලාද කොහෙද... :(

      Delete
    2. hey bro..
      C'mon ban..!
      that's a nice story.. really nice machan...
      naughty is really like your blog..(not you..becoz i'm not GAY..hiks)

      Delete
    3. අම්මද බොල නෝටියා කඩු කරුවෙක් වුණානේ. ඔහොම තමා බොක්කෙන් හැගීම් එනකොට.

      ගේ කුරුල්ලෙක් වෙන්ට එපා බොල. මම දන්නවා බොලා හොද රසිකයෙක්. හිකිස් !

      Delete
  12. Replies
    1. කෝ බොල කමෙන්ටුව? මම කියවල ඉවරයි බොලා මකද්දී... :)

      Delete
    2. ඒක දුක වැඩිකමට ලියැවුනේ ගනන් ගන්න එපා

      Delete
    3. කිසි දෙයක් නොදන්නවා වගේ ඉන්නවනම් ලොකු උදව්වක් අයියේ

      Delete
    4. ඒ ‍කමෙන්ටුව කුසු සිතු ආදර අන්දරයට වඩා සෝචනීයයි. ඇත්තට ආදරේ කරපු එවුන් එහෙම තමා බොල. මම කාටවත් කියන් නැහැ. account නම්බර් එක දෙන්නම් කීයක් හරි දාපං...

      :)

      Delete
    5. //මට මැරෙන්න ගමේ තියෙන නියගලා අල මදි වෙයි//

      Delete
    6. හිකිස්.. සිරා මෙතනට තමා වඩා ගැලපෙන්නේ !

      Delete
  13. Replies
    1. ඒ කදුලු විස්වාස කරපං ගැමියා. කමත හාන අම්බරුවෙක් පස්සේ නගුල එනව වගේ ඒ හැමදේම අපි පස්සේ එනව බොල. ඒක තමා ඇත්ත.

      වල් ආවහම වල් නාශක ගහපු කුඹුර වගේ හිත නරක් කොර ගන්න එපා. කුසූ - සිතු ආදරය කවද හරි ජය ගනි හරියට මාලනී - ලකී ඩයස් විවාහය වගේ. (හිකිස්)

      Delete
    2. වෙනස්කම් ටිකයි තියෙන්නේ එයාගේ ගෙදර හිටියේ ගිරවෙක් නෙමෙයි කතා කරන සැළලිහිනියෙක් එයත් මැරුනා එයා මැරුණම කුසු වගේ එයත් මට අඬ අඬ කතා කලා...එයාට තියෙන්නේ චයිනීස් ෆෝන් එකක් නෙමෙයි නොකියා එකක්.....හි හි

      හරි ආසාවෙන් කියෙව්ව කතාව මම හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...මේක ඔයාගේ අත්දැකීමක්ද??

      Delete
    3. හුටස් මගේ අත්දැකිම් නෙවේ බොල.. මේක අවංකම සිතු කුසු ට වෙච්ච දෙයක් !

      Delete
    4. සැමෝ මොනවද මේ රට්ටු කියන කථා.. ඇත්ත කියපන්.

      Delete
    5. අනේ බොල මේක අහිංසක ආදර කතාවක්. මගේ තියෙන ආදර කතා ඔක්කොම ඔක්කාරෙට එන කුරිරු ඒවා !

      Delete
  14. සික් මහ වල් කෙල්ලෙක්නෙ ඒ මදිවට බොරුත් කිව්ව හැටි.......

    ReplyDelete
    Replies
    1. ‍බොහොම ස්තුතී වින් වැට්. මේ පෝස්ටුවේ පළමු කාන්තා කමෙන්ටුව. ;)

      මම හිතුව කෙල්ලෝ ආයේ එන එකක් නැහැ කියල. :ඩී

      Delete
    2. මම කෙල්ලෙක් නෙවේ..කිරිල්ලියෙක්..මම ඕන තැනකට ඉගිල්ලෙනව........

      Delete
    3. අපොයි.. කෙල්ලෙක් වුණානම් මෙයත් එන්නේ නැහැ. වෙලාවට කිරිල්ලියක් වුණේ.. හිකිස්...

      Delete
  15. අනේ මන්ද... මොනා කියන්නද කියල... :(

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් කෙල්ලෝ කමෙන්ට් කරන්නෙ නැහැ මේවට :)

      Delete
  16. //විමලෙ සිප ගත්තේ
    කුසූගේ රස නැවුම් **ත්තේ//

    මොකක්ද බං තරු දෙකක් දල තියෙන්නේ.ටයිප් කරද්දී වැරදුනාද?

    ReplyDelete
    Replies
    1. බලධාරියා කපලා මචං... උඹ විතරයි ඕක ගැන ඇහුවේ :ඩී

      Delete
  17. ගෝඩ් සේව් මි !!!!
    අම්බෝ දැන් හරි නේ. කුසූට දැන් සනීප ඇති නේ !!!
    (වැරදියට හිතන්න එපා මං කිව්වේ ලෙසේ ගැන)

    //විමලෙ සිප ගත්තේ
    කුසූගේ රස නැවුම් **ත්තේ//

    තරු දෙක එක තරුවක් සේ පෙනේ. මට පෙනෙන දේ ඔබටත් පෙනේද ? එහෙනම් 7788ට එස් එම් එස් කරන්න !!!

    ReplyDelete
    Replies
    1. මං රෙප්ලයි කළා එතකොට සිතු,කුසු,සිතු,කුසු,කුණ,කුණ වගේ සද්දයක් ආවනේ?

      Delete
    2. @මධු- තරුදෙක එක තරුවක් නොව දෙකක්මය. එම අකුර සම්පුර්ණවිමට කී-බෝඩ් එකේ බොත්තම් දෙකක් එබිය යුතුමය. (අකුර + පාපිල්ල)

      @අසරණයා- කුණ කුණ කියන්නේ ඇයි බං ?

      Delete
  18. කෙල්ලේ ඔක්කොම එකයි.. මේ තියෙන්නේ එක කථාවක් විතරයිතත තව කොච්චර නම් මෙහෙම කථා ඇත්ද...? ඇත්තටම මුන්ව දාගන්න කොල්ලෝ තමයි හරක්...

    සෑම් පුලුවන් නම් ඉක්මනට ඉවර කරන් නැතුව තව කොටස් ටිකක් වැඩි කරලා ලියපං..

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් කතාව ඉවර වෙයි සිතී... :(

      Delete
  19. මචන් උබේ ලිවීමේ හැකියාව ගැන කියන්න වචන නෑ...ඇත්තම කිව්වොත් මමත් මොහොතතට සිතු වුනා...දැන් සමාජයේ වෙන ඇත්ත මේක බන්...හැගීම් වලට වහල්වීම මත ජීවිත විනාශ කරගන්න තරුණ තරුණියෝ කොච්චර නම් ඉන්නවද?...මේක කතාවක්ම විතරක් නෙමෙයි හැමෝටම ඉගෙන ගන්න දේකුත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ

      උබටත් ජය !

      Delete
  20. @ "අසරණයා"ට...
    "අසරණයා"නේ.....අනේ මන්දා...?
    හ්ම්....අර උඩ "මහ වෙදනා"කිව්වා වගේ මේ කතාවේ අන්තිම කොටසත් කියවනකම් කමේන්ට් දාලා තේරැමක් නෑ වගේ.... බලමු නේද අපි....."සිතුවා" 64 වලට මාට්ටු වෙලා, SPBMවෙලා "කුසූ"ව එල්ල ගනීද, කියලා....
    තව දෙයක් සෑම්.... මම මේ කමේන්ට් දාන්න පහලට ස්ක්‍රෝල් කරන කොටයි මම දැක්කේ, කතාවේ චරිත වගේම සැබෑ චරිතත් අපි අතරෙ ඉන්නවා කියලා.....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...