Google+ Followers

Monday, October 31, 2011

දමියාගේ වික්‍රමය...

‍මේ ස්ටෝරිය 9 වසර හොල්ලපු ස්ටොරියක්. ඒ විතරක් නෙවේ මුළු ඉස්කෝලෙම vibrate වුණ සිද්ධියක්. පෝස්ට් එක දාන්න කලින් සිද්ධියට භාජනය වෙච්ච පොරගෙන් මම ඇහුවා මචං මේක දාමුද කියලා. ඒත් යහපත් රිප්ලයි එකක් නොලැබුණ නිසා කථාවේ රස ‍නොමැකෙන විදියට, නම් ගම් මනඃ කල්පිත කොරලා දාන්ට තමා මේ වෙර දරන්නේ. කවුරු වුණත් තරහා වෙන එකක් නැහැ මේක දැම්මට. අනික පුද්ගලයෙකුට වෙනම ඉලක්ක කරලා පහර දෙන්න හදනවා නෙවේ. සතුටු වෙන්න කැමති කස්ටියට හිනා වෙන්න අහිංසක අවස්ථාවක් ලබා දෙන්න හදනවා විතරයි.

අපි 9 ඉන්නකොට අපේ සෙක්ෂන් එකේ හිටියා නැටුම් කරපු කොල්ලෙක්. පොර ඉතිං "අනේ", "මෙයා","යනවා යන්න","සම...නලයා.." කෙනෙක්. පොර නැටුම් කරන නිසාද මන්දා හරි හැඩයි. ඒ කාලේ අපිත් එක්ක හිටපු සමහර කෙල්ලෝ පොර එක්ක ඉරිසි‍යාවෙන් හිටියද මන්දා. ඒත් කෙල්ලෝ පොරට පට්ට ආදරෙයි. ඇයි ඉතින් අපේ එවුන් එක්ක ඉන්න බයයි නේ මොනව කොරයිද දන්නේ නැති නිසා. ඒත් මෙයා එක්ක හිටියට කෙල්ලෙක්ට කිසිදු අතුරු ආන්තරාවක් වෙන්නේ නැහැ.

ඔහොම ඉන්න අතරේ අපේ පන්තියේ හිටපු එවුන් දෙන්නෙක්ට පොරගේ ලිංගිකත්වය පිළිබද ගැටළුවක් ඇති වෙලා. කොහොම උනත් සැක ඇති තැන් දුරු කරගන්න එක සාධාරණ කාරණයක්. මම ඒ කොල්ලෝ දෙන්නව ව්‍යාජ නමකින් ඉන්ට්‍රොඩියුස් කරන්නම්. මොකද මේ සිද්ධියට පස්සේ දවසක අපේ ජාගොඩයා පට්ට ගීතයකුත් නිර්මාණය කරපු නිසා නම් දෙක නැතිව ම‍ම ඒ සිංදුව දැම්මට කික් එකක් නැහැ. ඒ නිසා එක‍්කෙනෙක් "සුමිත් කුමාර" ලෙසත් අනිත් පොර "මලිත් කුමාර" කියලත් නම් කරමු.

කොහොම හරි මුන් දෙන්නා ඉන්ටර්වල් එකේ ගේමට එන්ටර් වෙලා මග රැකලා ඉදලා අර යාළුවගේ වටිනාම තැන මිරිකලා ෆුල් චෙක් අප් එකක් දාලා මුන්ගේ සැකේ දුරු කරගන්න ඕන නිසා. පස්සේ අපි ආරංචි කරලා බලන කොට පරීක්ෂණය අති සාර්ථකයි කීවා. තියෙන්න ඕනේ ඒවා තියෙනවා කියලත් කීවා. කොහොම හරි යාළුවා අඩාගෙන ගිහින් කෙලින්ම ඔෆීස් එකට. පිනාට කම්ප්ලේන් එකක් දාලා "සර්, අරගොල්ලෝ මගේ... මිරිකුවා කියලා" (මේකා කොහොම කටක් ඇරලා කිවද මන්දා) කොහොම හරි අපේ පන්තියට නඩුව විසදන්න ආවේ පිනා නෙවේ සුනිලා. සුනියා ගැන කවුරුත් දන්නවනේ. ඒ මදිවට පීටියත් ගේමට බැස්සා.


ෆුල් චෙක් අප් එකක් දාලා - සැකේ දුරු කරගන්න ඕන නිසා.


ඔන්න සුනියා පන්තියට ආවහම අපේ එවුන් මුකුත් දන‍්නේ නැති නිසා ෆුල් අන්දොස්. පන්තිය ඉස්සරහ අර යාළුවත් ඉන්නවා. අපේ එවුන් නාට්ටිය පටන් ගන්න තිරේ අරින කල් බලං ඉන්නවා.

"කෝ ඉස්සරහට එනවා බලන්න සුමිත් කුමාරයි, මලිත් කුමාරයි" සුනියා කීවම දෙන්නම නැගිට ආහ.

"ආ තමුසෙලා දෙන්නද, තමුසෙලා මොකද මේ ලමයට කලේ"

"මුකුත් නැහැ සර්"

"‍මුකුත් නැත්තම් මේ ලමයා අඩාගෙන ඔෆීස් එකට එනවද?" සුනියා මලෙන් කීය. (ඇත්ත තමයි පස්සේ ආරංචි වුණ විදියට මුකුත් නැත්තේ නැහැනේ)

"කියනවා ඇයි තමුසෙලා ඒ වගේ දෙයක් කළේ ??" සුනියා ඇසූවිට ‍අපේ ජෝඩුව ගැහි ගැහී උත්තර දුනි.

"නැහැ සර් හැමෝම මෙයා ගැන එක එක කතන්දර කියනවා. අපිට ඕනෙ වුණා ඇත්ත මොකක්ද කියලා දැනගන්න..."

"ඇයි තමුසෙලා @$$%^&...." කොනක ඉදන් සුද්ධ මහාප්‍රාණ සිංහලෙන් ජාතිය ඇමතු සුනියා ‍ජෝඩුවටම සතියක නිවාඩුවක් සම්මත ‍කළේය. දෙන්නා නිවාඩු අහවර වී පන්තියට එන විට පට්ට සිංදුවක් අපේ එවුන් ලියා තිබිණ.

"පන්තියේ -- මිරිකුවේ සුමිත් කුමාර....."
"ඒකට සහය වුණේ මලිත් කුමාර...."
"මුළු පාසල බැබලුව සිසු සුමිත් කුමාර..."
"අද පාසල් නාවේ ඇයිද මලිත් කුමාර...."

Written by sAm_11.45pm_27.10.'11


පලි- පුද්ගලයෙකුට වෙනම ඉලක්ක කරලා පහර දෙන්න හදනවා නෙවේ. සතුටු වෙන්න කැමති කස්ටියට හිනා වෙන්න අහිංසක අවස්ථාවක් ලබා දෙන්න හදනවා විතරයි.

Saturday, October 29, 2011

දයා පැනඩෝල් බීම

මතකනේ පීටියා ගැන ලියනකොටම මම දයා පැනඩෝල් බීපු එක ගැන කමිං කෑල්ලක් දම්මා. දයාන් කියන්නේ අපේ ක්‍රිකට් ටීම් එකේ පට්ට චරිතයක්. කොල්ලන්ගේ එල බොක්කක්. දයාන් ටීම් එකේ ඉන්න කොට දීපු ආතල් සීන් මම දැන ගත්තේ අපේ ටීම් එකේ කැපා (කැප්ටන්) චමක ගෙන්. ඊට කලින් දයාන් පන්තියේ ඉන්න කොට හැසිරෙන විදිය මතක් කරන්නම්කෝ.

දයාගේ හිසරදය.

අපි නමය වසරේ ඉන්නකොට අපිට විද්‍යාව, ගණිතය උගන්නන්න අළුතින් තරුණ ටීචර්ලා දෙන්නෙක් ආවා. කස්ටියට මතක ඇති විද්‍යාව කරපු මෙන්ඩිස් ටීචරුයි, ගණිතය කරපු ශේෂා ටීචර්වයි. අපේ එවුන් කීවා දෙන්නගේ නම් දෙකත් සබ්ජෙක්ට්ස් වලට මැචිං ලු. "මෙන්ඩිස්" කියන නම "කොන්ඩිස්" වගේ, "ශේෂා" කියන නම ඉතින් ගණිතයේ ‍"ශේෂය" කියන වචෙනට සමානයි නේ. අපේ එවුන් ගාල්ලෙත් එක්ක පට්ට මල වුණාට මේ දෙන්නට පට්ට ආද‍රෙයි. තරුණ ලස්සන ටීචර්ලා දෙන්නෙක්, අනික දෙන්නටම කේන්ති යන්නේ නැහැ. ඒ නිසා කොල්ලෝ පාඩම නැතිවුණත් ටීචර්ලගේ මූණු දිහා හරි බලං ඉන්නවා ගුරු භක්තිය ඉස්මතු කරගෙන.

දයාන් කොලුව හිටියේ අපේ ඩෙස්ක් පෝලිමට පිටිපස්සේ පෝලිමේ. හරියටම බිත්තිය පැත්තේ කෙලවරේ මට පිටි පස්සේ හිටියේ. කොල්ලට එදා ඉදන් ගණිතය ඇලජික්. අනිත් ඒවත් ‍එහෙම තමා. ඒත් කොල්ලා වැඩිපුර ඇලජික් ගණිතයට. ඉතින් පොර හැමදාම ශේෂා ටීචර් ආපු හැටියෙම දාන්නේ එකම ට්‍රික් එක.

"ටීචර් මට ඔළුව කැක්කුමයි"

"ඇයි ඒ?"

"අනේ මන්දා ටීචර් උදේ ඉදන් තියෙන්නේ.."

"ඇයි මුකුත් බිව්වේ නැද්ද?"

"පැනඩෝල් බිව්වා ටීචර්"

"එහෙනම් ඔළුව ඩෙස්ක් එකේ තියාගෙන ඉන්න"


"දයාන් ඔයා පැනඩෝල් බීලද නිදා ගත්තේ???"


මුල්ම දවසේ ටීචර් සමාව දීලා ඔළුව තියාගන්න කීවට කොල්ලා හැමදාම එකම සීන් එක කරන නිසා ටීචර්ට වැඩේ මීටර් විය. එදායින් පසු ටීචර් එනකොටම කොල්ලා නිදිය. ඉවසන්න බැරි තැන දවසක් ටීචර්....

"ඇයි දයාන් නිදි??"

"ඔළුව රිදෙනවා ටීචර්..."

"පැනඩෝල් බිව්වද?" දැන් ටීචර් දයා ව බයිට් එකට අරගෙන ඇත. පොර නිදාගෙන ඉන්න හැමදාකම නැගිට්ටවලා අහන්නේ "දයාන් ඔයා පැනඩෝල් බීලද නිදා ගත්තේ???" කියාය. එදා ඉදන් දයා "පැනඩෝල් විය"

 දයාන්ගේ ට්‍රීට්මන්ට් (Treat) එක

අපේ එවුන් එදා ඉදන්ම කෑමට කිසිම වෙනසක් කරන්නේ නැත. කෑම දාසලා බොහොමයක් බිහිවුණේ අපේ කැලෑසියෙනි. බර්ත් ඩේ කේක් කපන සීන්, කෑමට ජාපාල ඇට දාන සීන් (ජම්බුවා තමා මේ සීන් එකට ප්‍රකට), ඔක්කෝම ඉස්සරහට කියවන්න පුළුවන් වෙයි. ඒ සියළු සීන් ආහාර සම්බන්ධ ඒවාය.

අපි තුන් වෙනි පීරියඩ් එකේම ඉන්ටර්වල් එක ගන්න නිසා කස්ටියම පොර කකා කෑම කන එක නවත්තන්න කාටවත් බැරිය. කෑම ගේන එවුන්ට හැමදාම පාඩුය. කැන්ටිමෙන් කන එවුන් ශේප් එකේ ඉන්ටර්වල් එකේ තනියම කයි. ටීම් එකේ එවුන් ප්රැක්ටිස් දවසට පන්තියට බෑග් එක ගේන්නේ නැති නිසා කෑම එක පන්තියට එන්නේ නැත. ටීම් එකේ එවුන් වටවෙලා කෑම ගන්න කොට සිදුවෙන අක්‍රමිකතා මම දැන ගත්තේ චමකගෙනි. චමකයා දීපු ස්ටෝරියක් තමා දැන් පෝස්ට් වෙන්න යන්නේ....

"බලපං බං දයා හැමදැම කරන්නේ අපේ කෑමවලට පනින එක, මූට කොච්චර කීවත් ගේන්නේ නැහැනේ" චමකයා කීවේ දයා ඉන්න තැනමය. ඉස්සර ඉතින් කියන්න තියෙන දේ අපි දෙබරෙට ගැහුවා වගේ කෙලින්ම කියන නිසා අවුලක් නැත. ඒ නිසා අපේ එවුන් තරහා වෙන්නේත් නැත.

"අනේ පල මන්දයෝ (මන්දයා යනු දයාන් හැමෝටම භාවිත කරන පොදු නමක්ය) බලපං මම හෙට ගේනවා පට්ට බත් එකක්, චිකන් කෑලි පුරවපු එකක්" දයා කීවාද පොරට කියවුණාද දන්නේ නැත. ඒත් දැන් ඉතින් ‍වැඩේ සෙට්ය.

"අම්ම ගහයි බැට් එකෙන් මෙන්න මූ ට්‍රීට් එකක් දෙන්න යනවා" දයාන්ට වැඩේ සෙට් වෙන පාටක් පෙන්නුම් කරයි.

"හරි හරි බලපංකෝ හෙට ගේනවා" පොතේ හැටියට හෙට ප්රැක්ටිස් නිසා කෑම එක අපිට සෙට් වෙන්නේ නැත. සෙට් වෙන්නේ ටීම් එකේ එවුන්ටය. කමක් නැත දයා කීවට ගේනකල් ෂුවර් නැත.

"හරි හරි උඹ ගෙනෙන් කෝ.." චමකයා කීය.

පහුවදා... අපිට දයා කෑම ගෙනාවද කියලා බලාගන්න ඕන නිසාම ක්‍රිකට් රෑම් එක පැත්තට ඔළුව දැමීමු. කස්ටිට ඉන්ටර්වල් එකත් ඉවරවෙලා පිට්ටනියේ ‍ප්රැක්ටිස් පාරක ඉන්නකොට චමකයාට කිට්ටු වී අපි දයාගේ ට්‍රීට් එක ගැන ඇසුවෙමු.

"ඔව් බං පොර කෑම එකක් ගෙනාවා, හැබැයි චිකන් තියා කුකුලෙක්ගේ තටුවක් වත් නැහැ." චමකයා කීය. දයාන් පිට්ටනියේ එහා පැ‍ත්තේ සිට සීන් එක බලා සිටී.

"චමකයා මොකද කස්ටිය අහන්නේ??" දයා ඇසුවේ ෆීල්ඩ් කරන ගමන්ය.

"ආ.. ඇහුවෙද? ඇහුවේ උබගේ මස් නැති බත් එක ගැන..."

"පලයං යන්න.. මේ තියෙන්නේ පට්ට චිකන්..." කියමින් දයා කලිසම් සාක්කුවෙන් කුකුල් අඩු ටිකක් ගෙන කන්නට පටන් ගත්තේය.


මේ තියෙන්නේ පට්ට චිකන්..



අපිට සීන් එක තේරුණේ දැන්ය. පොර කලින්ම කුකුල් අඩු ටික සාක්කුවේ දාගෙන ඇත්තේ ප්රැක්ටිස් කරන කොට කන්නටය. අපේ එවුන්ගේ ඇස් උඩ ගියේ පොර සාක්කුවේ දාගෙන සිටි නිසාය...

Written by sAm_10.51am_27.10.'11


Friday, October 28, 2011

ගාල්ලේ ගේ තහනම් කලාපය..

කලින් ‍පෝස්ට් එකෙන් කස්ටිය කියවන්න ඇති අපේ එවුන් ගාල්ලේට වෙලාවට වැඩ කරන්න උගන්නපු හැටි. මේ ස්ටෝරියත් ඒ පෝස්ට් එකටම දාන්න හිතුවට ස්ටෝරිය දිග වැ‍ඩිවෙන නිසා වෙනම ලියන්න හිතුවා.

අපේ එවුන් ගාල්ලෙව වෙලාවට පන්තියෙන් එළවන සිස්ටම් එක හොයා ගත්ත නිසා හිටියේ ෆුල් ෆන් එකේ. ඊට පස්සේ ගාල්ලේ ටිකක් දරුණු වුණා. පන්තියේ එවුන් එක්ක වැඩි භජනෙට ගියේ නැහැ. මොකද ඒ වෙන කොට තමන්ට දාපු කාඩ් එකත් ගාල්ලෙට ආරංචිවෙලා තිබ්බේ. ඊට පස්සේ ගාල්ලේ අපේ එවුන් ගෙදර වැඩ කරනවද කියලා හොදටම චෙක් කරන්න ගත්තා. හැමදාම ගෙදර වැඩ දෙන්නත් ගත්තා. ඒ හැම දේම කලේ අපේ එවුන්ව මට්ටු කරන්න. අනික පොත් බලන්න සැරින් සැරේ ලගට එන්න ගත්තා. ඒක නිසා අපේ එවුන්ට ගාල්ලේ පන්තිය පුරා ඇවිදින එකට පිලියමක් හොදන්න සිද්ධ වුණා.

අපේ පන්තිය ඩෙස්ක් පේලි 3 ගානේ තමා දාලා තිබ්බේ. ඒ කියන්නේ පන්තිය කොටස් තුනකට බෙදිලා ඒ මැද්දෙන් ටීචර්ලට යන්න පුළුවං. ඒක ගාල්ලේට පහසුවක් උනා. ගාල්ලේ ඩෙස් අස්සෙන් රිංගන එක නවත්තන්න අපේ එවුන් සමහර දවස්වලට ඩෙස්ක් ලං කරලා යන්න බැ‍රිවෙන විදහට හදනවා. ඒත් වැඩක් නැහැ. ගාල්ලේ ඉඩ ඉල්ලනවා යන්න බැහැ කියලා.

ඔන්න දවසක් ගාල්ලේ එහා පැත්තෙන් රිංගුවා කොල්ලන්ගේ පොත් බලන්න. මේක හැමදාම කරන්න බැරි වැඩක් නිසා එහා පැත්තේ සෙට් එකේ එකෙක් කරපු වැඩේ ටීචර් ලගට එනකොට "ගදා...යි" කියලා නහය වහගෙන. ගාල්ලේත් හිතුවා කවුරු හරි එකෙක් අදෝ වාතයක් ඇරලා තමයි කියලා සද්ද නැතුව සාරි පොටෙන් නහය වහගෙන පොත් චෙක් කරනවා. ඒත් ඇත්තටම කාටවත් ගදක් ආවේ නැහැ. ගාල්ලේටත් වැඩේ මීටර් නැහැ. ගාල්ලේ ‍වටේම ඉන්න සෙට් එකම නහය වහගෙන. ගාල්ලේත් සාරි පොටෙන් නහය වහගෙන. 

පොත් ටික චෙක් කරලා ගාල්ලේ අපේ පැත්තට සේන්දු වුණා. ගාල්ලේ එනකොටම අපේ පැත්තේ සෙට් එකම නහය ව‍හගෙන. පව් වැඩේ ගාල්ලේත් මේක දැකලා නහය සාරි පොටෙන් වහ ගත්තා. ඒ මදිවට අපේ එකෙක් කෑගැහුවා "ගදා..යි" කියලා. ඒ පාර නම් ගාල්ලේට වැඩේ මීටර් වුණා එයාට තමා මේ ගදායි ගදායි කියන්නේ කියලා.

"මොකද තමුසෙලා අද පන්තියේ ජරා කළාද ගදායි ගදායි ගාන්නේ" ගාල්ලේට මලය.
"නැහැ ටීචර් බලු බෙටි ගදක් එනවා ඒකායි" කී විට ගාල්ලේට සීන් එක ඇත්ත බව සිතිණ.
"දැන් මේ යන්නේ 3වෙන් පීරියඩ් එක, ඇයි උදේ ආවේ නැද්ද ගද?" ගාල්ලේ නඩුව ඇරඹීය.
"නැහැ ටීචර් කවුරු හරි ජරාවක් පාගලා, ඒකයි ගද..."
"ඉතින් මම විතරනේ පන්තියට ආවේ..." කියමින් ගාල්ලේ සපත්තු චෙක් කරන්නට විය. අපේ එවුන්ට පට්ට ආතල්ය. "නැහැ ඔන්න මම නම් පාගලා නැහැ" ගාල්ලේ නඩුව ෆයිනලයිස් කළාය.

එතැනින් නොවැතී අපේ එවුන් ගාල්ලේ එන හැමදාම "ගදායි, ගදායි" කියන්නට වූ නිසා ගාල්ලේට පන්තිය පුරා ඇවිදීම එපා විය. එමෙන්ම ඇයට තහනම් කළාපයක් ප්‍රකාශයට පත්වු නිසාම ඇගේ පොත් චෙක් කිරීම අහවර විය.

අපේ එවුන් ඉන්ටර්වල් එකෙත් ගාල්ලේ දැක්කොත් කොහේ හරි හැංගී "ගම ගාල්ලේ" කියා ආදරණීයව ආමන්ත්‍රනය කරයි. ගාල්ලේ ගොඩක් ආදරේ කළේ ජාගොඩටය. ගාල්ලේට ජා' නයාට මොනවාද මෙනි. එහෙම සීන් එකකින් දවසක් මට ටොෆිය සෙට් වුණේ ජාගොඩ නිසාය. 

දවසක් ජා, මාත් එක්ක වතුර බොන ටැ‍ප් එක ලග ඉන්නකොට ඈතින් ගාල්ලේ එනු දුටු ජා "ගම ගාල්ලේ....." යැයි කෑ ගසා අස්ථානගත විය. ජා නිසා මට ‍ටොෆිය සෙට් විය.

ජා "ගම ගාල්ලේ" යැයි කෑ ගසා අස්ථානගත විය.

මම ගාල්ලේ දැක්කේ මගේ ලගට ආවාට පසුය.

"ඇයි මොකද සමින්දික මාව දැකලද කෑගහන්නේ?? " 
ඇසුවේ මගේ කනකින් අදිමිනි. මට කර කියාගන්නට දෙයක් නැත. ජා' පාවා දිය නොහැක. 

"ඇයි ටීචර් මොකද සීන් එක?"
"මොකක්ද සීන් එක? දැන් තමුසෙත් ජාගොඩ වගේ හැදෙන්නද යන්නේ" 

ටීචර් කීවේ එපමණකි. මටද අවුලක් නැත. කෑගැහුවේ ජා'ය. ටීචර් මට බැන්නේ ජා' මතක් කරමිනි. සිතමින් මා හිත හදා ගතිමි.

Written by sAm_9.01am_26.10.'11


***මොනව වුණත් ගාල්ලේ මාව ඉංග්ලිෂ් ඩේ එකට බලෙන් යැවිවා ක්‍රියේටිව් රයිටිං වලට.. මම ඒකේ ඉස්කෝලෙන්ම 3 වෙනියා වුණා.. ටීචර් යැව්වේ නැත්තම් මට ඒ චාන්ස් එක එන්නේ නැහැ..***

Wednesday, October 26, 2011

ගම ගාල්ලේ පුka ලෑල්ලේ...

‍ඉස්සර ඉදන්ම අපේ එවුන් ආරිය සිංහල කොල්ලෝය. ඒක නිසා අපේ එවුන්ට ඉංගිරීසි දිරවන්නේ නැහැ. මතකනේ අට වසරෙදී ඉංගිරීසි සර්ට අපේ එවුන් දීපු ආතල් (ඒක බලන්න මෙතන කොටන්න) නවය වසරෙදි ඉතින් අපිට හිටියේ ටීචර් කෙනෙක්. අපේ එවුන් ඉතින් ටීචර්ලට පණට පණ. මට මතකයි අපි පොඩිම කාලේ ඒ කියන්නේ අපි 5 වසර වගේ ඉන්නකොට (ඒ කාලේ ඉතින් අපි ටීචර්ලට එච්චර ආදරේ නැහැ, දැන්නේ ලස්සන පේන්න ගත්තේ) කෙල්ලෝ හරි ආසයි ටීචර් ලගින් යනකොට ටීචර්ගේ සාරි පොට අතගාන්න. ඒත් අපි නොතේරණ කාලේ ඒ වගේ විකාර වැඩ කලේ නැහැ. 8, 9 වසර වලින් පස්සේ තමා පටන් ගත්තේ. 

ඔය හැම දේටම අපේ එවුන් මුල් පෙත් තැබුවේ 9 වසර සෞඛ්‍යය පොතෙන්. අපේ සමහර එවුන්  9 වසර සෞඛ්‍යය පොත අම්මට අහුවෙයි කියලා ගෙදර ගෙනියන්නත් බයයි. ඇයි ඒකේ අරවා මේවා ප්‍රින්ට් කරලා ඒ මදිවට ඒවා ලකුණු කරලත් තියෙනවා. ඉතින් අපේ එවුන් සෞඛ්‍යය පොත හැංගුවේ, බැලුවේ වැල පත්තරයක් පරිහරනය කරනවා වගේ.


ඉංග්‍රීසි ටීචර්ට නම ලැබුණ හැටි

ඉතින් අපි නමය වසරෙ ඉන්නකොට තමා ඉංග්‍රීසි ටීචර් මුලින්ම අපේ ඉස්කෝලෙට ආවේ. ටීචර් ටිකක් ස්ලිම් (ඒ කියන්නේ කෙට්ටුයි). අනික ටීචර්ගේ පෂ්චාත් බාගය ඇත්තෙම නැහැ වගේ. අපේ එවුන් දැක්ක හැටියෙම කීවේ පපුව හතර පැත්තෙන් වලවල් 4ක් හාරලා කැරම් බෝඩ් 1ක් හදමු කියලා. තව එවුන් කීවේ "කෙට්ටු පු..ට මොන වෙට්ටුද කියාය". ආපු පළවෙනි දවසෙම ටීචර් සිංහලෙන් දීපු ඉන්ට්‍රොඩියුස් එක නිසා අපි ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් දොට්ට බහිනකල්ම ටීචර්ට නමක් රෙජිස්ටාර් වුණා.

ටීචර් ටිකක් ස්ලිම් (ඒ කියන්නේ කෙට්ටුයි). අනික ටීචර්ගේ පෂ්චාත් බාගය ඇත්තෙම නැහැ වගේ.

"ළමයි ‍මගේ නම.... මම ආවේ ගාල්ලේ ඉදලා, ඒ කියන්නේ මගේ ගම ගාල්ලේ...." ඉන්ට්‍රොඩියුස් එකට පහුවෙනිදා ඉදන්ම ටීචර් "ගම ගාල්ලේ පුka ලෑල්ලේ" වුණා. ටික කලක් ගිහින් ඉතින් ඕක ටීචර්ට මීටර් වුණා ඒක නිසා අපේ එවුන් "ගාල්ලේ" කියලා ෂෝට් ෆෝම් එක යුස් කරන්න පටන් ගත්තා.


ගම ගාල්ලේ වෙලාවට වැඩ කරන්න ඉගෙන ගත්ත හැටි

කලින් කීව වගේ අපේ එවුන් ආරිය සිංහල කොල්ලෝ. ඒ නිසා ටීචර් පන්තියට එනවට කැමතිත් නැහැ. මොනව උනත් අපේ එවුන් ඒක ටීචර්ට ඇගෙව්වේ අමුතු විදිහට. අනික පත්වීම ලැබුණ අළුත නිසා වෙන්න ඇති එයා බෙල් එක ගැහුවත් පන්තියෙන් යන්නේ නැහැ. දවසක් පීරියඩ් එක ඉවර වෙන බෙල් එක ගහලා ටීචර් යන්නේම නැහැ. ඊලග පීරියඩ් එකේ තිබ්බේ පීටී. දන්නවනේ පීටියා පන්තියට එන්නේ නැහැනේ. අපේ එවුන්ට හිතුණා මෙයා යන්නේම නැතිවෙයි කියලා.

"කසුන් ඔයා යන්නකෝ" ජාගොඩ ගාල්ලේට ඇහෙන්නට (කසුන්ට) අස්පයාට කෑගැසීය.

"ඇයි ජාගොඩ කෑගහන්නේ" ගාල්ලේ ඇසීය. යන්න කියන්නේ ටීචර්ටම බව ඇයට නොතේරිණ. ඒත් අපේ එවුන් සීන් එක දනී.

"මෙයාට වෙලාවට වැඩ කරන්න තේරෙන්නේ නැහැ ටීචර්" ජා' කීය. ටීචර් ඒ කියපු එකවත් නොතේරුණ නිසා පාඩම කන්ටිනියු කළාය.

"සාලිය ඔයා යන්නකෝ" තවකෙක් කෑගැසීය.

"දැන් මොකද ඔතන ප්‍රශ්නේ?" අනිත් පැත්තෙනුත් කෑගසන නිසා ටීචර් ඇසීය.

"සාලියට වෙලාවට වැඩ කරන්න තේරෙන්නේ නැහැ ටීචර්" දැන් ගාල්ලේට වැඩේ ටික ටික මීටර් වේ.

ටික වෙලාවකින් පන්තියම තැනින් තැන එක එකාට "යන්නකෝ", "යන්නකෝ" ගාන්න වූ නිසා ටීචර්ට අප්සට්ය. බැරිම තැන ගාල්ලේ ජාතිය ඇමතීය.

"තමුසෙලට ඉගෙන ගන්න උවමනාවක් නැත්තම් කියනවා. මම යන්නම්" එදායින් පසු ගාල්ලේ ඔරලෝසුවට වැඩ කරන්නට පටන් ගත්තාය.


පලි- හොද ප්‍රතිචාර තියෙනකොට ලග ලග පෝස්ට් ගොඩක් දාන්න හිතෙනවා. ඒක නිසා මේ ටිකේ පෝස්ට් ටිකක් උනන්දුවෙන් දැම්මා. මැසේජ්, කොල් දීලා ස්ටෝරි මතක් කරන කස්ටියට ටැංකූවේවා.


ඊලග පෝස්ට් එකෙන් "ගාල්ලේව පන්තියේ පැත්තකට කොටු කළ හැටි" බලාපොරොත්තුවන්න


Written by sAm_11.52pm_25.10.'11


** මොනව වුණත් ගාල්ලේ මාව ඉංග්ලිෂ් ඩේ එකට බලෙන් යැවිවා ක්‍රියේටිව් රයිටිං වලට.. මම ඒකේ ඉස්කෝලෙන්ම 3 වෙනියා වුණා.. ටීචර් යැව්වේ නැත්තම් මට ඒ චාන්ස් එක එන්නේ නැහැ..

Tuesday, October 25, 2011

පෙම් හසුන....

පීටියා සම්බන්ධ කථාවට පස්සේ පොර ගැන රසික ප්‍රතිචාර වැඩි වුණා. ඒක නිසා පීටියා සම්බන්ධ තවත් කථාවක් අමාරුවෙන් මතක් කරලා ලියන්න තීරණය කළා. පීටියාගේ තියෙන්නෙ ප්‍රසිද්ධ මාධ්‍යයක පළකරන්න බැරි, මාධ්‍යය සදාචාරයට පටහැනි වචන නිසා ඉතින් පොඩ්ඩක් වෙනස් කරලා තමා ලියන්න වෙන්නේ. අනික මේ සීන් එකට සම්බන්ධ චරිත දෙක (ස්ත්‍රී හා පුරුෂ) ප්‍රසිද්ධ කොරන්ට හොද නැති නිසා නම් ගම් නොදා ලියන්නම්. ඒත් දන්න කස්ටිය දන්නවා මේ කවුරු ගැනද කියන්නේ කියලා.

කලින් ලියපු ස්ටෝරි කියවපු අය බලන්න ඇති යකෝ මුන්ගේ ඉස්කෝලේ හිටපු එවුන් ලවු කරපු නැති එවුන්ද කියලා. මොකද ඔක්කෝම කතන්දර කාටහරි ගේමක් දීපුවා, නැත්තම් මඩ නාන සීන්. ඒත් හත්දෙයියනේ එකා දෙතුන් දෙනෙක් එක්ක යාළු වෙච්ච සීන් මේවයේ දාන එක හරි නැති නිසා මම ඒවා දාන්න  ගියේ නැහැ. නැත්තම් ‍මගේ කීර්ති නාමයටත් කැලලක්.

9 වසරේ ඉන්නකොට අපේ පන්තියේ එකෙක් ඉතින් ලවු කළා කෙල්ලෙක්ට. (නැත්තම් එල්ටන් ජෝන වගේ කොල්ලෙක්ට ලවු කරන්නයැ??) ඉතින් කොල්ලා දහ දුක් විදලා කෙල්ලට තමන් ට්‍රයි කියලා ඇගෙව්වා. ඒ කාලේ ලවු කිරිල්ල තමා පට්ට ආතල්. ෆෝන්, ෆේස් බුක්, ස්කයිප්, ගූගල් ටෝක්, යාහූ මැසෙන්ජර්, එම් එස් එන් මැසෙන්ජර්, ටුවීටර් නැහැනේ. ඒකාලේ ඉතින් වෙසක් කාඩ් එකක් දෙන්නෙත් "අතේ තැපැල් කටේ ඇපල්" නැත්තම් "මුද්දරය හුලගේ ගියා, අල්ල ගන්න බැරිව ගියා" කියලා. දැන් ඒකට, කෙලින්ම ෆේස් බුක් වොල් පෝස්ට් එකක් දැම්මම කෙල්ලේ දුසිමක් කමෙන්ට් කරනවා. (මේ තත්වය පිළිබද මගේ මිත්‍රයෙක් පට්ට පෝස්ට් එකක් දාලා තිබ්බා ඒක කියවන්න මෙතන ක්ලික් කරන්න)

ඔන්න ඔහොම අදුරු යුගයක තමා අපේ යාළුවා කෙල්ලෙක්ට ටෝක් කලේ. ඉතින් පොර කෙල්ලට පේන්න හොරෙන් බලං ඉදලා, ඇස් ගහලා, පෑන් පැන්සල් පොත් එහෙම මාරු කරගෙන, ක්ලාස් යද්දි මග රැකගෙන ඉදලා ‍කෙල්‍ලට තමන් ට්‍රයි කියලා සිග්නල් එක දුන්නා. ඒ කාලේ කොහෙමත් කෙල්ලන්ට අපි හැරෙනකොට තේරෙනවා. එත් බබාලන්තේ බේබිලා වගේ අපි අහනකන්ම කන දික් කරගෙන ඉන්නවා. මෝඩ හැත්ත. ඒකට දැන් සහශ්‍රකේ ලමයි හරි ඇඩ්වාන්ස්. 

ඉතින් අපේ එකාට කස්ටිය එකතු වෙලා ලියලා දුන්නා පෙම් හසුනක්. හැබැයි කටුවට. ඒක පොර ගෙදරදී සුවද දාලා, බෝල අකුරු දාලා ලියාගෙන ආවා. හැබැයි අපිට රී කරෙක්ෂන් දාන්න බැරිවෙන්න පොර මේක සීල් කරලා.

"අඩෝ උඔ ඇයි මේක අලවලා ගෙනාවේ?"

"ලේසිනේ මචං දැන් ඉතින් මගේ ප්‍රේම සංදේශය පූජා කරන්න විතරයි තියෙන්නේ" කොල්ලා කීය.

"හරි හරි දැන් උඔ ඕක කොයි වෙලේද පෝට් කරන්නේ?"

"මේක අපි ඉන්ටර්වල් එකේ ඒකිගේ අතටම දෙමු."

පෙම්වතාගේම ප්ලෑන් එක අනුව අපි ඉන්ටර්වල් එකේ මිෂන් එක‍ට සෙට් වුණෙමු. ඒ කාලේ ඒ වගේ වැඩ ලේසි නැත. වටේ ඉන්න කෙල්ලෝම ටීචර්ලට කේලම් කියන නිසා පරිස්සමට කළ යුතුය. ඉතින් අපේ එවුන්ට ඉන්ටර්වල් එකේ කොහොම හරි මිෂන් එක අමතක වුණා. කොහෙම හරි ඉන්ටර්වල් එකේ සෙල්ලම් කරලා අපේ එවුන් පන්තියට එන්ටර් වුණා. එදා ඉන්ටර්වල් එකෙන් පස්සේ පීරියඩ් එක තිබ්බෙත් පීටියට නිසා අපිට ෂුවර් පොර එන්න ලේට් වෙනවා කියලා.

කස්ටියම පන්තියට එන්ටර් වෙලා ටික වෙලාවකින් අපිට දැනුනා අපේ පෙම්වතා මිසිං කියලා. ටික වෙලාවකින් තේරුණා පෙම්වතිත් මිසිං කියලා. මාර කේස් එක අපි නැති වෙලාවේ සුදු වෑන් එකක්වත් ඇවිත්ද? කස්ටිය පරීක්ෂණ ඇරඹීය.

"පිස්සු කෙලින්න එපා බං උන් දෙන්නා එයි. අනික දැන් පීටීයාගේ පීරියඩ් එක. ආවෙත් සෙට් එකටම කන්න වෙයි ඉදගෙන හිටපල්ලා"

"එහෙම කොහෙමද අපේ සහෝදරයෙක් අස්ථාන ගත වෙලා අපි කොහොමද නිහඩ වෙන්නේ.‍ මේක ‍විදේශීය කුමන්ත්‍රනයක ප්‍රථිඑලයක්"

සියළු සීන් මැද පන්තියට පැන්නේ පීටියා, පෙම්වතුන් සහ පිනාය. කස්ටියට සීන් එක මීටර් වෙන්නට විය. අපේ කොල්ලා ලෙටර් එක දෙනකොට, පෙම්වතී ලෙටර් එක අරගෙන ඇත. මේ ආදරයට ‍‍එරෙහි වුණ දුෂ්ඨ කතක් සීන් එක පිනාට කම්ප්ලේන් කර දෙදෙනා චෙක් කර ඇත. දැන් ‍වැඩේ චොරය.

"ආ මේකද තමුසෙලාගේ පන්තිය, හැමෝටම දැනගන්න මම මේ කථාව කියන්නේ" කියමින් පන්තිය අමතා පිනා වෝර්නිං දීම ඇරඹින.

"තමුසෙලා දැනගන්නවා මේක ඉස්කෝලයක්. මෙතන තමුසෙලට ඕන විදියට ලව් කරන්න බැහැ. බලනවා ඉගෙන ගන්නේ නැතිව කරන වැඩ. මේ මිනිහා මේ ලමයට ලිවුමක් දීලා. මේව මේ කාලේ කරන්න ඕන වැඩද? කට්ටියම අහගන්නවා මිනිහගේ ලිවුම..." පිනා කොල්ලාව චාටර් කරයි. අනික ලිවුම පන්තියටම ඇහෙන්න කියවන එක කැත වැඩකි. අවංක නොයිදුල් ආදරයකට අකුල් හෙලනවා සේම මානව හිමිකම් උල්ලංගනය කිරීමකි. මෙන්න පිනාගේ කියවිල්ල...

"සද ඇති පහන් රැයක....ආදරණිය ... ලියමි.." කියා පටන් ගෙන අවසාන කලේ... "මම ඔයාට අදරෙයි...." කියා පිනාගේ කථාව ස්ටක් විය.


"මම ඔයාට අද-රෙයි"


"අදරෙයි??? යකෝ තොට අද රෙන්න බැරිනම් හෙට රීපං, මේ වගේ වැඩ ඉස්කෝලේ කරලා අහුවෙන්න එපා" පිනා කීවේ එපමණකි.

Written by sAm_11.32am_24.10."11

Monday, October 24, 2011

කසුන් අස්පයා වුණ හැටි........

‍කලින් පෝස්ට් එකෙන් කස්ටිය පීටියා කියන්නේ කවුද කියලා දළ අදහසක් ගන්න ඇති. ඒත් තැනක් නොතැනක් නැතිව අම්ම අප්ප මතක් කරල බනින පොරට එදා සාලිට බනින්න තරම් සාධාරණ හේතුවක් නැති උනේ පොරගේ අතේ වැරදි තිබ්බ නිසා. පීටියාගේ පෙම් හසුනේ සීන් එක ලියන්න කලින් පොඩි ස්ටෝරි පොඩ්ඩක් තියෙනවා කොල්ලෙක්ට නමක් හැදුන හැටි ඒක බලලා පීටියාගේ අනිත් ස්ටෝරිය බලමු.

කසුන් අස්පයා වුණ හැටි


ඒ කාලේ සිද්ද වෙච්ච කථාවක්නේ... නියම වීරයෙක් කියලයි කියන්නේ



අපේ හිටියා කොල්ලෙක්. ඉස්කෝලෙන් අවුට් වෙනකල්ම පොරට කස්ටිය කීවේ අස්පයා කියලා. එත් එහෙම කියන ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ පොරට නම ලැබුණ හැටි. මේ නම දැම්මේ අපේ බුද්ධාගම උගන්නපු හාමුදු‍රුවෝ. දන්නවනේ කස්ටිය ඉස්සර ඉදන්ම හාමුදුරුවරු නම් දාන්න ප්‍රසිද්ධයි කියලා. එත් අද කාලේ වෙන්නේ ඒකේ අනික් පැත්ත. ගොඩක් හාමුදුරුවරු කරන්නේ තමන්ගේ නම මාරු කරලා ගිහියෝ වෙන එක.

අපේ බුද්ධාගම උගන්නපු හාමුදුරුවෝ හරි දරුණුයි. ගාථා එහෙම පාඩම් නැති වුණාම අපිව ඩෙස්ක් උඩට නග්ගවයි. ඒත් ඉතින් හරිම සාධාරණ ක්‍රමයකට තමා දඩුවම දුන්නේ. පේලි හතරක ගාථාවක් දුන්නම...

1. එක පේලියක් විතරක් මතක නම්, අනිත් පද 3 පාඩම් වෙනකල්  පුටුව ඩෙස්ක් එක උඩ තියලා ඉදගෙන පාඩම් කරන්න ඕනේ.
2. පේලි 2ක් විතරක් මතක නම්, ඩෙස්ක් එක උඩ නැගලා හිටගෙන පාඩම් කරන්න ඕනේ.
3. පේලි 3ක් විතරක් මතක නම් පුටුව උඩ නැගලා පාඩම් කරන්න ඕනේ.

ඔන්න ඔහොමයි ඒකාලේ දඩුවම් ක්‍රමය. ඒත් ඉතින් එහෙම කලේ නැත්තම් අපේ එවුන්ට "නහී වේරේන වේරාණීවත් බැහැ"

ඉස්සර අපේ එවුන් (මම කලින් පෝස්ට් එකකත් දැම්මා මතකයි) හාමුදුරුවෝ පන්තියට එන්න කලින් දැන ගන්නවා. හාමුදුරුවෝ ඈත එනකොට බිත්තියට වැටෙනවා සිවුරේ එළිය. ඉතින් අපේ එවුන්ට ඈත තියාම තේරෙනවා හාමුදු‍රුවෝ එනවා කියලා. ආතල්ම සීන් එක කියන්නේ අපේ එහා පන්තියට (9-සී) උගන්නපු හාමුදුරුවෝ එච්චර දරුණු නැහැ. වැඩිය ගහන්නේ බනින්නේ නැහැ අපේ හැමුදුරුවෝ තරම්. සමහර දවස් වලට අපේ එවුන් කොරිඩෝවේ ඉදන් දුවලා එනවා අපේ හාමුදුරුවෝ එනවා කියලා. සෙට් එකම බයේ ඇවිත් පන්තියේ ඉදගත්තට පස්සේ තමා දැන ගන්නේ ඇවිත් තියෙන්නේ එහා පන්තයේ හාමුදු‍රුවෝ කියලා.

ඔන්න ඉතින් දවසක් බුද්ධාගම උගන්නන්න හාමුදු‍රුවෝ පන්තියට ආවා. එහෙම ඇවිත් කලින් දවසේ පාඩම් කරන්න දීපු ගාථා ටික පාඩම් ගන්නවා කොනක ඉදන්. ඔහොම ඉතින් එකා දෙන්නා පිළිවෙලට ගාථා කියනවා. දඩු‍වමේ ආකරය අනුව සමහර ‍එවුන් ඩෙස්ක් උඩ, සමහර ‍එවුන් පුටු උඩ. රජ්ජුරුවෝ උඩයි උඩයි කිය කිය ඉන්නවා.

මෙහෙම පෝලිමට සීන් එක යද්දී කසුන්ගේ ගාථාව කියන චාන්ස් එක ආවා. පොර දන්නෙත් නැහැ. ඩෙස්ක් එකක් උඩ ඉදගෙන පාඩම් කරන එකෙක්ට කෝචෝක් දානවා.

"කෝ ඊලග එක්කෙනා ගාථාව කියනවා" හාමුදුරුවෝ කීහ. කසුනාට මීටර් නැත. උඩ ඉන්න එකාට කෝ‍චෝක් දමයි.

"තමුසෙට ඇහෙන්නේ නැද්ද ගාථාව පාඩම් දෙනවා" හාමුදු‍රුවෝ සැරෙන් දේශනා කළහ. ඒ පාර කසුනා හිස ඔසවා හාමුදු‍රවෝ දෙස බැලීය. බැලූ බැල්මට හාමුදුරුවන්ට උපරිම කේන්තය පිට කලේ වසර ගණනාවක් නොමැකෙනා ලෙසය.

"මෙහෙ වර අස්පයා..." මම තොට කීපාරක් කීවද ගාථාව කියපං කියලා. නැගපිය ගුරු මේසේ උඩට....

පලි - හාමුදුරුවෝ නම දැම්මට වැඩේ නැගලා ගියේ ජාගොඩ නිසා. පොර තමා හැමදාම පන්තිය ඉස්සරහට ඇවිත්, "මෙහෙ වර අස්පයා..." කියලා කෑගහලා අස්පයාගේ සද්දෙත් දාන්නේ.

Written by sAm_8.50am_24.10.'11


පරණ කතන්දර අතපත ගාන්න -


සමබල අතිරේක ආහාරයක් (සාලි සහ පීටී)
ඩයියා බොකා සහ බාල්දිය
කෘතිම වැස්ස
මැරයා සහ හුණු කොට්ටය
කව කටුව හා ඉදි කටුව
ජෙමාට නම ලැබුණ හැටි
කොත්තා විශ්ව හා සාලි නයිට්රයිඩර් සර්කිට් සමග
බණ්ඩා හා ජම්බෝ ජෙට්
දැන් කස්ටිය චූටි කලේ හිටපු හැටි
භීෂණයේ අතුරු කථා (අගහරුවාදා)
භීෂණයේ අතුරු කථා (සදුදා)
අනිවාරතේට උපහාර
ගණිතය හා සංගීතය 2002


Sunday, October 23, 2011

සමබල අතිරේක ආහාරයක් (Sali Vs PT)

‍එකම ජාතියේ එවුන් එකම ස්ථානයක රැදවූ කළ සිදුවන්නේ විප්ලවයකි. පිස්සන් කොටුවේ හිදිනා සියළුම දෙනා පිස්සන් නොවෙති. නමුත් අවස්ථානුකූලව තම ශරීර සුවසෙත උදෙසා වෛද්‍යවරයෙක් වුවද පිස්සෙකු ලෙස හැසිරේ. හුදෙක් මා කියන්නට තැත් කළේ අපට පිස්සු කියා නොවේ. නමුත් එකම මොඩලයේ සෙට් එකක් හමුවේ ගුරු මව්වරු පියවරු අසරණව අපේ මොඩලයට කන්වර්ට් වූ බැව් සහතිකය.

සමබල අතිරේක ආහාරයක්

අපට සෞඛ්‍යය විෂය ඉගැන්වූයේ "පීටියාය". ඉස්සර සෞඛ්‍යයට කියන්නේ PT නිසාත්, සෞඛ්‍යය ඉගැන්වූ සර්ට පීටියා කීම සාධාරණය. කස්ටියට 9 වසරේ සෞඛ්‍යය පොත හොදට මතක ඇති. පොත් බෙදා දෙන දවසේ අපේ එවුන් මුලින්ම කියවන්නට ගත්තේ සෞඛ්‍යය පොතයි. ඒකත් මුල සිට නොවේ. ජපන් ක්‍රමයට අග සිටය. සිලබස් එක මතක අයට මතක් වෙයි ඒකට හේතුව. ලිංගික අධ්‍යාපනය පිළිබද පොතේ සටහන්ව තිබුණේ අන්තිම පාඩම්වලය. ඒ නිසා කස්ටිය ජපන් මොඩලයට පොත් කියවීය.

පීටියා ලේසියෙන් පන්තියට එන පොරක් නෙවේ. අපි 9 වසරට ඇවිත් ඉස්සෙල්ලාම උගන්නන්නට ආවේ මාස ගාණකට පසුය. පීටියා පන්තියට විත් මුලින්ම කළේ පෝෂණය පිළිබද පාඩමකි. එදා පීටියා අපිට කීවේ ඊලග දවසේ පාඩමට එන විට පෝෂණීය ආහාර ගැන ‍රෑප සටහන්ගේන ලෙසය. පහුවද සිටම සෞඛ්‍යය පීරියඩ් එක ඇති සෑම දවසකම අපේ එවුන් ‍රෑප සටහන් ගෙනාවත් වැඩක් වුණේ නැත. පීටියා අතුරුදහන්ය. ඒත් කවදා කොහේදී හෝ පොර පාත්වෙන බව දන්නා නිසා අපි මාසයක් පුරාවට ‍රෑප සටහන් ගෙනාවෙමු. බැරිම තැන වැඩේ අතහැර දැමිණ.

ඒ කාළේ ඉදන්ම අපේ එවුන් කෑම සම්බන්ධව පැහැදිලි ඉහල ස්ථානයක සිටි නිසා අපේ එවුන් උදේ 10ට පෙර කෑම කා අහවර කරයි. (කෑම සම්බන්ධ කළින් කථා බලන්න කිලික් කරන්න) එදා උදේම අපේ එවුන් කෑම එකින් එක අහවර කිරීමේ අවසාන සටනේ නියැලී සිටියහ. එදා සාලිය ගෙනත් තිබ්බේ "සමබල අතිරේක ආහාරයකි", එනම් සමපෝෂ ගුලි රැසකි. බත්, පාන්, බනිස්, හැම මගුලම කා අන්තිමට ගුලි එලියට ආපු නිසා කන්න අමාරුය. දෙක තුනක් ගිල දාන්න පුළුවන් උනත් ඉතිරිවාට කළ හැකි දෙයක් නොමැති විය.

"මොන මගුලක් ද බං මේවා ගෙනාවේ කන්න. දැන් ඉතින් කාපල්ලා" සාලි කීය.

"යකෝ කන්න ඉඩ තියෙනවනම් නොකා ඉන්නේ නැහැනේ. උබලා දන්නවනේ කෑම බීම ඉස්සරහා අපි පතිවත රකින්නේ නැහැ කියලා." සාලිට රිප්ලයි ලැබිණ.

"හරි උබලා කන්නේ නැහැනේ, මෙන්න බලපං..." කියා සාලි ගුලියක් අරන් පන්තියේ බිත්තියේ ඇලෙන සේ ගැසීය. කස්ටියට මාර ආතල්ය. එකම මොඩලයේ කස්ටිය නිසා දිගට හරහට ගුලි සේරම බිත්තය පුරා ඇලෙන ලෙස මොහොතකින් ප්‍රක්ෂේපනය විය.

එදා ඉන්ටර්වල් එකෙන් පසු වැරදිලා මෙන් පීටියා උගන්නන්න අවේය. අපේ එවුන්ට මාර අප්සට්ය.මෙච්චර දවස් බෑග් එකේ දාගෙන ආපු පෝෂණීය ආහාර ගැන විස්තර අපි අමතක කර ගොඩක් කල්ය. පීටියා පන්තියට ගොඩව ඉදගත්තේය.


"ගන්න ලමයි පාඩම පටන් ගමු" මෙච්චර දවස් පන්තියට අවෙ නැති බැව් වගක් වත් නැති පීටියා කීය. අපේ එවුන් ගෙනුත් අතුරු ප්‍රශ්න නැත.


"මොනවද අපිට කරන්න තියෙන්නේ ?"


"සර් එද අපි කළේ පෝෂණිය ආහාර ගැන පාඩම"


"ආ... ඔව් එදා මම කීවා නේද විස්තර එකතු කරන් එන්න කියලා" කාටවත් කට උත්තර නැත. මාසයක් පුරාවට උස්සන් ඇවිත් හෙම්බත් වූ සෙට් එකම පෝෂණය අමතක කර සිටිය මොහොතක පීටියා විස්තර අසයි.


"අනේ සර් අපි මේ ටිකේම විස්තර ගෙනාවා සර් පන්තියට ආපු නැති නිසා තමා ගෙදර දාලා ආවේ" පීටියාට කට උත්තර නැත. නමුත් මොනවා හෝ කිව යුතුය.


"ඇයි? තමුසෙලා දන්නේ නැද්ද මම කවදා හරි එනවා කියලා?" නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේය. කළ හැක්කක් නැත. කස්ටිය සද්ද නැත.


"නැහැ සර් ඔය පිටිපස්සේ බිත්තියේ තියෙන්නේ, පෝෂණීය ගුලි..." සාලි කීවේ බිත්තියට අත දික්කර සමපෝෂ ගුලි පෙන්නමිනි.


පීටියාට මල ඩබල් විය. ඒත් කිසිවක් කිව නොහැක. පොර වෙනදාට නම් බනින්නේ අම්මා අප්පා මතක් කරමිනි. ඒත් ඉදලා ඉදලා ඇවිත් බැනලා යන එක හරි නෑනේ සද්ද නැතුව හිනා වුණා පමණි.


කේස් එක ෂේප් කියලා හිතුවට පත්තු‍ වුණේ පහුවෙනිදා උදේය. ඒ පන්ති භාර ටීචර් ඇවිත් ජාතිය අමතන්න පටන් ගත්තාමය. අපේ එවුන් බණ අහනවා සේ සිටියා පමණි. ටීචර්ම මල ගිය ඇත්තන්ට හා දෙවියන්ට පිං අනුමෝදම් කර, පිටත් වූවාය.


Written by sAm_7:39am_23.10.'11


9-D පන්තයෙන් තව බලාපොරොත්තුවන්න.....
* පෙම් හසුන පීටියාගේ අතට අසුවීම.
* කස්සා අස්පයා වීම
* ගම ගාල්ලේ පුka ලෑල්ලේ කතන්දර
* ගම ගාල්ලේට පන්තියේ පැත්තක් තහනම් කලාපයක් කිරීම
* දයා පැනඩෝල් වීම  දයාගේ ට්‍රීට්මන්ට් (Treatment) එක
* දමියාගේ වික්‍රමය (ගීතය සමග)

* "අහිංසා ඔයා" කථාව

Tuesday, October 18, 2011

ඩයියා බොකා සහ බාල්දිය (Dias, Bokks & Buckets :)

‍කලින් ස්ටෝරි එකට පස්සේ කස්ටිය මගෙන් අහන්න ගත්තා කෝ මල්ලි අළුත් කතන්දර නැද්ද කියලා. මාත් පොර වගේ ගණන් උස්සලා හිටියා ස්ටෝරි එළියට දාන්නේ නැතිව. ඇයි හත් දෙයියනේ එක දිගට ලියනකොට කස්ටිය ගණන් ගන්නේ නැහැ. මූට කොහොමත් වැඩක් නැති එකේ මොනව ලිව්වත් අපේ මොකෝ කියලා හොරෙන්ම කියවලා ලයික් එකක්වත් නොදා මාරුවෙනවා. ලයික් බලාගෙන නොලිව්වට පොඩි කික් එකක් එන්නේ කස්ටියගේ සපෝට් එකෙන් නිසා කස්ටියට අඩුව දැනෙන්න මම ටිකක් සද්ද වහලා හිටියා. ඒත් පරණ ස්ටෝරි මතක් වෙනකොට මගේ අත වෙව්ලන නිසා ඔන්න වෙව්ලන අතින් කී බෝඩ් එකේ ටයිප් කරන්න පටන් ගත්තා.

9 වසරේ අපේ පන්තියේ හිටපු මැක්සා කොල්ලෙක් තමා දයාන්. මේ ලගදිත් මළ ගෙදරකදී සෙට් වුණා. මළ ගෙදර වුණත් ඒ කාලේ ස්ටෝරි කිය කිය හිනා වුනේ ආයිත් ඉස්කෝලේ යන්න හිතෙන විදිහට. පොර ඒ දවස් වල ක්‍රිකට් ටීම් එකේ හිටියා. චමකයා, රුකා එක්කම ටීම් එකේ සෙල්ලම් කරපු දයාන් හිටියෙත් අපේ පන්තියේ. ඉතින් පොර මැච්වලට ගියාම පිස්සු කෙලින  ඒවා අපිට හොදට අප්ඩේට් වෙනවා. තුන් දෙනාව අවුස්සලා තිබ්බම තුන්දෙනාගෙම කැ‍රැට්ටුව එලියට එනවා. අපේ එවුන්ට ඉතින් පට්ටම ෆන්. අර කථාවක් තියෙන්නේ මොක්කුද එවුන් මොනවද තලනකොට තව කාටද මන්දා රජ මගුල් කියලා. අන්න එහෙම අහුල ගත්ත කථා ටිකක් දිග අරින්නම්.

බොකාට නම ලැබුණ හැටි

අපේ ටීම් එකේ රුකා, දයා, චමක, ඇරෙන්න තව හිටියා තරිදු, තිළිණ(පප්පා), තිමිර, හර්ෂ, හසිත..... ඉතින් මේ සෙට් එක මැච් වලට රට වටේම යනවනේ. ඔන්න ඔහොම යනකොට කස්ටියට හොද හොද කා‍ඩ් වැටෙනවා. රුකා කියන්නේ හොදට කන බොන මිනිහනේ (හැබැයි කෑම දාස තරම් බැහැ). ඉතින් රුකා හොදට කාලා බීලා ගියාලු බැට් කරන්න. මෙන්න බැට් කර කර හිටපු කොල්ලට එක පාරට බොකක් සෙට් වෙලා පැමිලියන් එකට ඇවිත්. එදා ඉදන් රුකා "බොකා" වුණාලු. අපිට පස්සේ තමයි රජයේ රස පරීක්ෂකගේ වාර්ථාව ආවේ. රුකාට තෙල් කෑම කෑවහම පොඩි සීන් එකක් තියෙනවලු. එදත් පොර බිත්තර රෝල්ස් එකක් කාලා තමා වැඩේ චොර වෙලා තියෙන්නේ. රුකා බොකා වුණාට පස්සේ තමා ගොඩාක් කතන්දර හැදෙන්න ගත්තේ. කොහෙම හරි කොල්ලා එදා මැච් එක ගහලා එද්දිත් කෝච්චි ස්ටේෂන් එකේ බොකක් දාලා පස්සේ කාලෙක "ස්ටේෂන් බොකා" කියලත් ප්‍රකට වුණා. (දගයා කැන්ඩි බොකා වුණ හැටි පස්සේ දවසක දගයගෙන් අවසර අරන් ලියන්නම්)

මෙහෙම 9 වසරෙදි බොකා වුණ කොල්ලගේ සීන් නැගලා ගියේ 12, 13 වසර වලදී. මොකද ඒ කාලෙත් කොල්ලා අපිත් එක්කම තමා හි‍ටියේ. පන්තියේ එකට හිටියත් අපේ එවුන් බොකක් සෙට් වුණොත් ටොයිලට් එකටත් හොරා බොක දාලා එනවා. මොකද නැත්තම් ආයෙත් පන්තියේ වසලා හමාරයි.

අපි ඒ ලෙවල් කරන කාලේ ඩයස් තමා කැඩෙට් සාජන්ට් වෙලා හි‍ටියේ. අපේ එවුන් ආදරේට කියන්නේ ඩයියා කියලා. පොරගේ වැඩේ ඉතින් ගල් ෂෝටක් ගහගෙන කැඩෙට් රෑම් එකට වෙලා ඉන්න එක. උදේ ඉදන් ප්‍රැක්ටිස් කරලා ඩයියා ඉන්නේ දාඩිය නාලා. ඉතින් කැඩෙට් රෑම් එක ලගින් යනකොට ඩයියව දැක්කොත් අපි දුවනවා. මොකද නැත්තම් පොර ඇවිත් බදා ගන්නවා (දාඩිය ගදේ බෑ). අපේ එවුන් පිනාව දැක්කවත් එහෙම දුවලා නැතිව ඇති. කස්ටිය බලනවා ඇති බොකා ගැන කියලා ඇයි ඩයියෙක් ගැන කියන්නේ කියලා. මේකයි කථාව අපේ එවුන් ඉස්සර වල බහිනනේ කොහොමත් ඩයියගේ කැඩෙට් රෑම් එක ලග. දාඩිය නාගෙන ඇවිත් ඩයියා බදා ගත්තත් අපේ එවුන්ට හොදම පොට් එක තමා එතන. මොකද පිනා කොහෙන් ආවත් පේනවා. කලින්ම දුවලා බේරෙන්න පුළුවන්. ඒ ලගම ටොයිලට් එකත් තිබ්බ නිසා අපේ එවුන්ට හොදයි.

දවසක් අපි ඉතින් ටොයිලට් එක ලග එන්නවා කස්ටිය වල බැහැලා. ඔන්න ‍ඔහොම ඉන්නකොට ‍ඇතුලෙන් හොද පුසුබක් එනවා. අපේ එවුන් නහය වහගෙන හරි එතනට වෙලා ඉන්නේ නහය පිනවනවාට වඩා අපේ ආරක්ෂාවට හොද නිසා.

"බලපංකෝ බං ගද. ඇතුලේ ඉන්න එකා ඉස්කෝලේ ආවට පස්සේ දාන පළවෙනි බොකද කොහෙද." ඩයියා ඉවසා ගත නොහැකි සුවද නිසා කීවේය.

"අවුලක් නැහැ බං උබේ දාඩිය ගදට වඩා හොදයි" කොටා ඩයියාට කීවේ කිංඩියට මෙනි.

"අනේ පල ඩෝ යන්න. කෝ බං මෙතන තිබ්බ ගිණිපෙට්ටිය" ටොයිලට් එකේ කවුළු‍ව අතගාමින් ගිණිපෙට්ටිය හොයමින් ඩයියා කීවේය. ඩයියා උස නැති නිසා ඇගිලි පුරුක් වලින් ඉස්සී ටොයිලට් එකේ කවුළුව අතරින් අතගාන්නට විය.

ඩයියා උස නැති නිසා ඇගිලි පුරුක් වලින් ඉස්සී ටොයලට් එකේ කවුළුව අතරින් අතගාන්නට විය.

"අප්පට හුඩු ගිණිපෙට්ටිය ඇතුලට වැටුණා බං. දැන් මොකද කරන්නේ?"

"ඊයා බං ඇතුලේ එකා බොකදාන එක එළියේ ඉදන් ඉවසන්න බැරි නම් මොන හිතකින්ද බං ඕක ආයෙත් අල්ලන්නේ??" මාකා කීවේ කට ඇද කරමිනි.

"මොනව කරන්නද බං ටෝක් කරලා ඉල්ලමු" ඩයියා තීරණයකට ආවේය. දොර ලගට ගොස් නහයද නොවසා කාරුණිකව ආමන්ත්‍රනය ඇරඹීය.

"මචෝ සොරි වෙන්න ඕනේ ඩිස්ටර්බ් කලාට ඇතුලට අපේ පොඩි බඩුවක් වැටුණා අරන් දියන්කෝ.." ඩයියා කීය.

"එහෙමද? හරි උබලගේ ඇතුලට වැටුණ බඩුව අරන් දෙනවා, හැබැයි කොන්දේසියක් පිට" ටොයිලට් එක ඇතුලෙන් රිප්ලයි ලැබිණ.

"අම්මට හුඩු බලපංකෝ නිකං මූ ටොයිලට් එකේ ඉදගෙනත් කොන්දේසි. බලපං ඇතුලේ ඉන්නේ තමිල් සෙල්වම් ද කියලා" මම කීවේමි.

"ඒකනේ බං මේකා කියයිද දන්නේ නැහැ බොක දැම්මට පස්සේ පස්ස පැත්ත හෝදන්න කියලා" කොටා කීවේ ඇත්තය. ඒ තරම් පොරවල් තමා ඉන්නේ.

"අවුලක් නැහැ මොකද කරන්න ඕනේ?" ඩයියා කීය.

"මම ගිණිපෙට්ටිය දෙනවා උබලා මට වතුර බාල්දියක් ගෙනත් දෙන්න ඕනේ" ඇතුලේ බොක දමන්නාගේ එකම ඉල්ලීම එය විය.

"කමක් නැහැ බං මං ගෙනත් දෙන්නම්. පිං සිද්ධ වෙන වැඩක් නේ. මම ගේන්නම්" ඩයියා බාල්දියක් උස්සන් ටැප් එකට ගියේය. එදා ඉදන් ඩයියා පිංවත් පුතෙකි. හැම දේටම අතහිත ඩයියාගෙනි.

"අනේ මන්දා බං කවුද බලපං ඇතුලේ ඉන්නේ." 

"දන්නේ නැහැ බං මොනව උනත් සුපිරි පොරක්. නැත්තම් කොහොමද දෙයියෙක් වගේ ඉන්න ඩයියව වතුර ගේන්න යැ‍ව්වේ"

"ආ, ඇරපං දොර මම වතුර එක ගෙනාවා" ඩයියා කීය.

"හරි හරි ඕක දොර ලගින් තියපං මම ගන්නම්. මෙන්න උබලගේ බඩුව" ඇතුලට ගිය බඩුව එලියට අවේ ටොයිලට් කවුළුවෙනි.

"ඇත්තටම කවුද බං ඇතුලේ ඉන්නේ" අපේ සෙට් එකටම කුකුසකි. මුහුණ බැලිය යුතුම පොරකි.

"ගණන් ගන්න එපා බං. මොන දෙයියෙක් වුණත් මෙතනින් එළියට එන්න ඕනේ නේ. ටිකක් ඉදලා බලමු. හෝදගෙනට එයි." ඩයියා කීවේ ගානකට නොගෙනය.

ගත වූයේ විනාඩි කිහිපයකි. දොර බරාස් ගා ඇරිණ. සියල්ලෝම සියළු රසින් පිරි ගුණ සුවදන් පිරි ටොයලට් එක දෙසට ඔළු එබූහ. සියළු බාධක පරයා කමිසය යට කරමින් එළියට පියවර මැන්නේ බොකාය. සැබවින්ම "ස්ටේෂන් බොකාය"

Written by sAm_9.04pm_17.10.2011

පලි- කිසිම චරිතයකට, ස්ථානයකට හෝ ඉලක්ක කරගත් පුද්ගලයෙකුට එරෙහිව ලියන ලද්දක් නොවේ. හුදෙක් තෘප්තිමත් අතීතය ආවර්ජනය කිරීමේ තැතකි. මෙහි එන චරිත සියල්ල මා හොදින් හදුනන නිසාත්, ඔවුන් විහිළු, හදුනන නිසාත්, බ්ලොග් එකේ පෝස්ට් ගැන මා දිරිමත් කළ නිසාත්, මෙය ලියැවිණ.

Tuesday, October 11, 2011

කෘතිම වැස්ස... (Artificial rain)

අපේ එවුන් මොනවා කළත් විභාගයක් ෆේල් වෙන්නේ නැත. අවුරුද්දෙන් අවුරුද්ද අළුත් පන්ති වලට උසස් වීම් ලැබීම සිරිතයි. කොහොම හරි 8 වසරෙන් එගොඩ වෙලා කස්ටියම 9 වසර‍ට සෙට් වුණා. ඒත් ඉතින් 8 කට්ටියගෙම පෙර වැරදි තියෙන නිසා එකම ක්ලාස් එකකට දාන්නෙ නැහැ. මොනව වුණත් ටීචර්ලට මොලේ තියෙනවනේ. කස්ටියව කලවං කරලා (9 වසර A ඉදන් 9 වසර H වෙනකල්) පන්ති 8කට ඔබන එක තමා කරන්නේ. එහෙම කළත් ආයෙත් ඒ ඒ පන්තිවල අමුතු අමුතු කල්ලි සෙට් වෙන එක සක්‍රයගේ පුතා වයිම ආවත් නවත්වන්න බැහැ. 

නවය වසරේ අපි සෙට්වුණේ මඩුගල්ලේ ටීචර්ගේ පන්තියට. ඒ කියන්නේ 9-D පන්තියට. 8-D වගේම මේ පන්තියත් තිබ්බේ තුන් වෙනි තට්ටුවේ කෙළවරේ. (8-D කේස් ටික කියවන්න). කෙලවරේ පන්තිය නිසාම ෆන් මැක්ස්. මතක හැටි‍යට අපේ පන්තියේ හිටි‍යා... චන්න (පන්ති නායක, දෝදු කුමාර), චමක, රුක්ෂාන් (බොකා), දයාන් (පැනඩෝල්), තුවාන්, උමේෂ් (එහා පන්තියේ වුණාට අපේ පන්තියෙම තමා හිටියේ), ගයාන් (කරුණාතිලක), ගයාන් (ජහරේ), ජාගොඩ, තුෂාන්(ෂෝටා), දමිත් (දමිත්ලා දෙන්නයි), සුදත් (පාරවල් සුදා), චරිත (කොටා), අස්පයා, සාලිය, හනුමා, දිනේෂ්, රසාංගි, දිනිති, අප්සරා,  හර්ෂණී, ශානිකා.... එහා පන්තියේ හිටියා සහන් (ජම්බුවා), යාපා, පුස්පේ, වගේ පට්ට සෙට් එකක්. (තව මිස් වුණ අය මතක් කරලා සපෝට් එකක් දෙන්න)

අපේ පන්තිභාර මඩුගල්ලේ ටීචර් හරිම හොදයි. කස්ටියට කියද්දි මතක් වෙනවා ඇති. ටීචර් පන්තියට ඇවිත් උගන්නනකොට කස්ටියට කිසි කරදරයක් නැහැ. ටීචර්ට කරදරයකුත් නැහැ. පළවෙනි පීරියඩ් එක නිසා කොල්ලො ඇස් පියගෙන ඉන්නේ. ටීචර් කියන දෙයක් අන්තිම පේලියට ඇහෙන්නේ නැති නිසා ඉස්සරහ ‍එවුන් විතරක් පාඩම අහගෙන ඉන්නවා. පිටිපස්සෙම එවුන් අභිරෑපන රංගනයක් බලන් ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා. සමහර දවස්වලට පීරියඩ් එක ඉවර වෙලා ටීචර් ආයුබොවන් කියලා පන්තියෙන් ගිහින් ඒත් සෙට් එක දන්නේ නැහැ. ඒ තරමට ටීචර් උච්ච ස්වරයෙන් කථාකරනවා.


අපේ ක්ලාස් ‍එකේ 4 දෙනෙක් ක්‍රිකට් ටීම් එකේ හිටියා. චමක, තුවාන්, රුක්ෂාන් සහ දයාන්. චමක පස්සෙ දවසක ටීම් එකේ කැප්ටන් වුණා. රුකා වයිස් කැපා වුණා (ඊට පස්සේ කැප්ටන් තනතුරත් දැරුවා). දන්නවනේ ඉතින් ක්‍රිකට් කරපු එවුන්ගේ වැඩේ චුයිංගම් හපන එක. ඉතින් මුන් ටික කරන වැඩේ උදේම හැමෝගෙම කටේ චුයිංගම් ඔබනවා. ඉතින් අපේ එවුනුත් හරක් වගේ ඒක දවසම හප හප ඉන්නවා.


මේ කාලේ ඉතින් කස්ටිය කෑම මුලක් දිග අරිනකන් තමා බලන් ඉන්නේ. කෙලවරේ පන්තියේ බත් එක දිග ඇරියම මුළු සෙක්ෂන් එකම පැනලා කනවා. ඉතින් කෑම එක දිග අරින්න කලින් ඇදිරි නීතිය දාන්න ඕනේ. කොහොමත් අපේ එවුන් දෙවෙනි, තුන් වෙනි පීරිය‍ඩ් වලදි කෑම කාලා ඉවර කරනවා. වෙනදා වගේම උදේ පීරියඩ් එක ඉවර කරලා මඩුගල්ලේ ටීචර් පන්තියෙන් ගියා විතරයි ඔන්න පුරුදු පරිදි බත් මුලක් දිග ඇරියා.


"අන්න මචෝ " අතන බත් එකක් දිග ඇරලා. චන්නයා බත් එක පෙන්නන්න කලින්ම කස්ටිය සෙට් වී හමාරය. ඒ බලනකොටත් 5,6 දෙනෙක් ඩෙස් පුටු පෙරලගෙන බත් එකට පනිමින් සිටියහ.


"කොහෙ කන්නද බං චමකයා උදේම ඇවිත් අපේ කටේ චුයිංගම් ඔබනවා. දැන් බත් එකට පැන‍්නොත් චුයිංගම් එකත් අපරාදේ..." චුයිංගම් එක දත් අස්සේ ගසාගෙන මම කීවෙමි.


"මොන අපරාධයක්ද බං මෙන්න මෙහෙම චුයිංගම් එක ඩෙස් එක යට අලවපං, පස්සේ කමු" ‍කටේ තිබ්බ චුයිංගම් එක අතට ගෙන හොදින් කරකවා බලා 'දයාන්' (ඒ කාලේ අපි කීවේ පැනඩෝල් කියලා. නම වැටුණ හැටි පස්සේ බලමුකෝ) චුයිංගම් එක තම ඩෙස්ක් එක යට ඇලවීය.


"ඊයා බං. උබ ඒක හෙට කනවද?" චමක ඇසුවේ තමන් සමග එකට ක්‍රික්‍රට් ප්රැක්ටිස් කරන දයාන් ගැන දන්නා බැවිනි.


"පිස්සුද බං බත් කාපු හැටියේ කන්න බැහැ. හෙට කමු" කියමින් දයාන් බත් මුලට පැන්නේය.


උදේම කටේ දාගත් චුයිංගම් එකට පෙරේතකමේ අපි බත්පත ඉදිරියේ පතිවත රැක‍්කෙමු. අපේ එවුන්ට පාන්, බනිස් වගේ සරල ආහාර ගත්තාට කිසි ප්‍රශ්නයක් නැත ඒත් බත් එකක් ගිල්ලොත්, නූඩ්ලස් එකක් ගිල්ලොත් ප්‍රශ්න රැසකට මූණ දෙන්නට සිදුවේ. බත් කෑවහම ඇගිලිවල ගෑවෙන නිසා අත හේදිය යුතුමය. එත් 3න් වෙනි තට්ටුවේ ඉන්න අපට අතහේදීමට පහලට බැසීමට සිදුවේ. ඒක නිසා සමහරෙක් කරන්නේ අත පොලිෂ් වනතුරු ලෙව කෑමය. නැතොත් අත දැලෙන් එළියට දමා වතුර බෝතලය හලා අත් සේදීමය. එහෙම හෝදනකොට සැලකිලිමත් විය යුතුය. නැත්නම් කවුරු හරි පහලින් ගියොත් ඉදුල් බැරල් ගණන් නාන්නට වේ. කලින් පෝස්ට් වගේම පන්තියේ පිහිටීම සහ අත හෝදන තැන ගැන සරළ අ‍වබෝධයක් පහළ රෑපයෙන් ගමු. නැත්තම් කථාවේ ආතල් කැඩේ.



මේක ආදර්ශ රෑපයක් විතරයි. මේ වගේ 3 වෙනි තට්වක ඉදලා තමා කට්ටිය අත් හෝදන්නේ



පළවෙනි බත් එක අහවර උනත් බත් මුල් දෙක තුනක් දිග ඇරෙනකොට අපිට බලා ඉන්නටම බැරිය. බැරිම තැන චුයිංගම් එක දැලෙන් එළියට විසිකර අපිත් කෑමට සෙට් වීමු.


"සෑම් වතුර බෝතලේ ගනින් අත හෝදන්න" චන්නයා මගේ බෝතලේ ගෙන දැලෙන් එළියට දමා අත හෝදන්න සෙට්වේ.


"පොඩ්ඩක් හිටු අපි කාලා ඉවරයි අපිත් හෝදන්න ඕනේ" හනුමා (තිළිණ) පැන අත දැලෙන් එලියට දමා සේදීමට පටන් ගත්තේය. තිළණ සමග බත් කෑ සියල්ල එළියට අත් දමා වතුර බෝතලය හිස් වෙනතුරු අත් සේදූහ. ඇත්ත තමයි අපේ ශාරීරික අධ්‍යාපනය උගන්නන සර් (පීටීයා) කියලා තියෙන්නෙත් කෑමට පෙර පසු හොදට අත් හෝදන්න කියලා. කෑම දිරවලා ටොයිලට් ගියාමත් හෝදන්න කිව්වා.
*******
ඔන්න ඉතින් පහුවෙනිදා ආයෙත් උදේම ටීචර් පන්තියට ආවා. වෙනදා වගේ නෙවේ ටීචර්ගේ මූණත් ටිකක් අවුල්. ආ.. කියන්න අමතක වුණානේ. අපේ ටීචර්ගේ දුවෙක් හිටියා "ලංකා" කියලා. එයත් දෙයියනේ කියලා අපේ ඉස්කෝලෙටම පත්වීම අරගෙන ආවා ඉංග්‍රීසි උගන්නන්න. එයා ඉගැන්නුවේ එහා පන්තියට. ඒත් අපේ එවුන් අපේ ටීචර්ට වැඩිය එහා පන්තියේ ඉන්න ටීචර්ගේ දුවට ආදරෙයි. ඇත්තනේ අපේ ටීචර් කළේ සිංහල, දුව කළේ ඉංග්‍රීසි. අපේ එවුන් ඉතින් සුද්දෝ වගේ ටීචර් පස්සේමයි.


එද ටීචර් ආපු වෙලේම දයාන් චුයිංගම් එකක් හපනවා. මේක මීටර් වුණේ චරිත(කොටා)ටය.


"මොකද බං උදේම චුයිංගම් හපන්නේ. ටීචර් දැක්කොත් බැනුම් අහපං" සාලී කීවත් දයාන්ට ගාණක් නැත.


"ඒ උබට කොහෙන්ද බං චුයිංගම් මම අද කාටවත් චුයිංගම් දුන්නේ නැහැනේ" චමක පිටිපස හැරී දයාන්ගෙන් ඇසීය.


"උඹම දෙන්න ඕනේද බං චුයිංගම්. මම ඊයේ අරන් තියල ගිය එක කන්නේ.." දයාන් ඊයේ ඩෙස්ක් එකේ ඇලවූ චුයිංගම් එක උදේම කටේ දමගෙන ඇත.


"හොදයි හොදයි ගද යන්න කාපං" චන්න එසේ කියන ගමන් මගේ වතුර බෝතලය අරන් උගුරක් බී ‍තම ඩෙස්ක් එක උඩම තබා ගත්තේය. මාත් ඉල්ලන්නට ගියේ නැත.


කීවා ‍වගේම ටීචර්ගේ මූණ සවුත්තුය. අසරණ බැල්මක් පන්තිය සිසාරා හෙලයි. අපේ එවුනුත් හිතා ගන්න බැරුව ටීචර් දිහා බලං ඉදී.


"ළමයි ඕගොල්ලෝ හැසිරෙන විදිය අන්තිමයි" බැරිම තැන ටීචර් කීය. අනිවා ටීචර් දයාන්ගේ චුයිංගම් එක දැක ඇත.


"ඔයාලා කරන වැඩ වලින් මගේ නම තමයි කැත වෙන්නේ. අනිත් ගුරුවරු බනින්නේ මගේ පන්තියෙ ලමයි නරකයි කියලා......" ටීචර් නන්ස්ටොප් දුක කියයි. අපේ එවුන්ට ප්‍රශ්නාර්ථයකි.


"ඇයි ටීචර් මොකක්ද වැරැද්ද අපිට කියන්න අපි හදා ගන්නම්" බැරිම තැන පන්තියේ ගුණගරුක නායකතුමා චන්න නැගිට ඇසීය.


"ආ ඔයා නායකයා නේද? නැගිටලා කියන්න බලන්න අපේ පන්තියේ ලමයි මෙතන දැලෙන් අත් එලියට දාලා හෝදනවා නේද?" චන්නට කට උත්තර නැත. ඊයේ හේදුවේත් පන්ති නායකයා මූලික වීමෙනි.


"නැහැ ටීචර්. අපි හෝදන්නේ නැහැ." චන්නයා නයා ඇරියේය.


"බොරු කරන්න එපා ලමයි. මම ඊයේ උගන්නලා පන්තියෙන් එළියට ගිහින් පඩිපෙල බැස්සා විතරයි. මෙන්න එකපාරට වැහි පොද ගහනවා. මම මගේ බෑග් එකෙන් කුඩේ අරන් ඉහල ගත්තා වැස්සක් කියලා. ටික දුරක් ගිහින් හැරිලා බලනකොට ඔය ලමයි අත් හෝදනවා දැක්කා" ටීචර් අසරණව කීය. කස්ටිය සද්ද නැත.


"අනේ ඔව් ටීචර්. ඒත් අපි ඉදුල් හෝදන්නේ නැහැ. බැරිම වූණාම පහලට යන්න වෙලා නැති වුණාම තමා හෝදන්නේ" චන්නයා නැගිටගෙනම කීය.


"මරු නායකයා. පන්තියේ එවුන් වැරදි කරනවා. මෙයා සුද්ද කරනවා. ඔන්න ඔතන ඔයාගේ ඩෙස්ක් එක උඩ තියෙන රතු පාට බෝතලෙන් තමා කට්ටිය ඊයේ අත් හේදුවේ" ටීචර් කීවේ චන්නට කට උත්තර නැතිවෙන ලෙසය. චන්නයා ඉල්ලගෙන කෑවේ මගේ බෝතලේ ඩෙස්ක් එකේ තබා ගෙනය.


"ඒ මදිවට කියනවා ඉදුල් හෝදන්නෙත් නැහැලු. මම කුඩේ අකුලලා බෑග් එකේ දාගත්තා ලමයි අද උදේ බලනකොට ගදේ බැහැ. ගොටුකොළ කෑලිත් කුඩේ පුරාම. මීට පස්සේ ඒ වගේ බලු වැඩ කරන්න එපා"


උපදේශය.....
*** ගුරුවරු කියන දේ පිළිපැදිය යුතුය. එදායින් පසු හැම දිනකම අපි එළියට අත් නොසේදුවෙමු. ෂොපිං බෑග් එකකට ඉදුල් වතුර පිරෙන ‍සේ හෝදා දැලෙන් එලියට දමා කරකවා ඈතට විසි කළෙමු***


Written by sAm_1.20pm_11.10.'11

Friday, October 7, 2011

මැරයා සහ හුණු කොට්ටය [thug & the duster]

කලින් පෝස්ට් එකෙන් කට්ටිය කියෙව්වානේ ජම්බො ජෙට් ගැන. ඒකට ගොඩක් ප්‍රතිචාර තිබ්බ නිසා අපේ මැරයා ගැන පොඩි පෝස්ට් එකක් දාන්න හිතුවා. එදත් මම මැරයා ගැන පොඩි ඉන්ට්‍රෝඩියුස් පාරක් දැම්මනේ. මැරයා කියන්නේ උඩ රැවුල වවා ගත්ත ක්ෂණික විස්ථාපන (තප්පරයකට අවම මීටරයක විතර විසථාපනයක්) සහිතව ගමන් කරන අපේ ගණිත ගුරුවරයා. 8 වසරෙදි අපිට ගණන් දාන්න ආවේ පොර තමා. පස්සෙ පස්සේ 10, 11 වසර පහුවෙනකොට පොරට ගණන් දැම්මේ අපේ එවුන් තමා. මෙනව උනත් බෙල් එක ගහපු හැටියෙම පොත් ටික කිහිල්ලේ ගහගෙන පොර පන්තියට අඩියට දෙකට එනවා. අපේ එවුන් ඒ කාලේ ගිණි බයේ ඉන්නේ. ඒ වුණත් පොර ජෝක්ස් නම් ‍ජෝක්ස් ගේම නම් ගේම.

අපේ ක්ලාස් එක තිබ්බේ සෙක්ෂන් එක කෙළවරේ. දන්නවනේ ඉතින් කෙළවරේ පන්තිය සෙට් උනා කියන්නේ රජ මගුල්. පන්තිය නිකන් අපේ ඉස්කෝලේ කොටසක් නෙවේ වගේ. අනික සර් කෙනෙක් ටීචර් කෙනෙක් එනකොට කලින්ම නිවුස් එක එන නිසා කවදාවත් වැරැද්දකට නෝන්ඩිවෙන්නේ නැහැ. ඉතින් අපේ පන්තිය කෙලවරේ වහලේ හිටියා පරවියෝ සෙට් එකක්. තේරෙන්වනේ වහලේ කෙළවර අහුවුණාම පරාල පිහිටන විදිය. හිතන්න ගිහින් කතාවේ ආතල් කුඩුවෙන නිසා යටින් තියෙන් ෆොටෝ එක බලලා වහලේ පිහිටීම ගැන දළ අදහසක් ගන්නකෝ.

මෙන්න මෙහෙමයි වහලේ පිහිටීම

අනේ ඉතින් පරවියෝ සෙට් එකත් කිසි අවුලක් නැහැ අපේ එවුන්ගේ කෝලම් බලාගෙන සතුටින් ජීවත්වෙනවා. අපේ එවුන් ටීචර්ලට කරදර කළත් සත්ව හිංසාවක් නැති නිසා අපි සේරම හිටියේ රජගෙදර පරවියෝ වගේ. පරවියෝ කරදර කළේ බොහොමයක් වෙලාවට අපිට නෙවේ. උනුත් අපි එක්කම ඉදලා ගුරුවරුන්ට කරදර කරන්න පුරුදු වෙලා. ගුරුමේසෙයි පුටුවයි තිබ්බෙත් පරවි කූඩුව යට නිසා හිටපු ගමන් ගුවන් ප්‍රහාර එල්ලවෙනවා ටීචර්ලගේ ඔලුවටම. ඊටත් ව‍ඩා පරවියෝ කෑගහනකොට තමා පුදුම ආතල්. අහල ඇතිනේ පර‍වියෝ කෑගහන විදිහ. (ම්හ්..හූම්.. ගාලානේ කෑගහන්නේ). ඉතින් ඔහොම ටික දවසක් ගෙවෙනකොට අපේ එවුනටත් (පැණියා තමා මේකට දස්සයා) පුරුදු වුණා ඔය කෑගැහිල්ල. අනික ඒ සද්දෙ දානකොට කාටවත් තේරෙන්නේ නැහැ. කට අරින‍්නේවත් නැතිව ඒ සද්දේ දාන්න පුලුවන්. අපේ එවුන් ඒ සද්දෙ වැඩිපුර දාන්න පටන් ගත්තේ බුද්ධාගම පීරියඩ් එකේ ජම්බො ජෙට් උගන්වන වෙලාවට. ඉතින් ටීචර්ටත් ටිකක් දෝදු නිසා අපිටම කියනවා "ළමයි බලන්නකෝ  මේ පරෙයියන්ගේ කරදරේ කවුරු හරි නැගිටලා එළවන්න" කියලා අපේ එවුනුත් නැගිටගෙන බෙල් එක ගහනකන්ම "ෂෝ..ෂෝ" ගගා බොරුවට දගලනවා. සමහර දවස් වලට පාඩම කරන්න අමාරුයි කියලා ටීචර් අපිව පන්තියෙන් එළියටත් ගෙනියනවා.


එදා අපිට තිබ්බේ ගණන් පීරියඩ් එක. මැරයා අඩියට දෙකට පන්තියට ඇවිදගෙන ආවා. අපේ එවුන් කියන්නේ පොරගේ පු.. කඩියෙක් ඉන්නවා කියල තමා. ඒ මොකද ඇහුවම කියන්නේ පු‍... කඩියා නිසා තමයිලු එච්චර කල‍බලෙන් වැඩකරන්නේ. ආපු වේගෙන්ම "ආයුබෝවන්" කියපු මැරයා පුටුව පෙරලගෙන ඉදගත්තා විතරයි ආයෙත් නැගිටලා පන්තියෙන් එළියට දිව්වා. අපේ එවුන්ට ‍ලොකු ප්‍රශ්නාර්ථයක්.


"මො‍කෝ බං මැරයට වුණේ??"
"අනේ මන්දා බං ආපු වේගෙන්ම ගියේ"
"සිංදුවක් කියන්න යන්න ඇති බං"
"මම හිතන්නේ පු.. ක‍ඩියා පු.. නිල් වෙන්න හපන්න ඇති. තෙල් ටිකක් ගාගෙන එයි."


නොයෙක් මති මතාන්තර මැද්දේ මැරයා පන්තියට ආවේ රතු වූ මුහුණිනි. ෂර්ට් එකේ දකුණු පැත්ත තෙත් වී ඇත.


"මොකද සර් වුණේ" එකෙක් අභීතව ඇසීය.


"බලනවා අයිසේ, ඉදගත්තා විතරයි පරෙයියෙක් ජරා කළානේ" මැරයා කීය. පන්තියටම නන්ස්ටොප් හිනාය.


"ඔව් සර් හැමදාම උන් ටික ඔතන ඉදන් ජරා කරනවා" තවකෙක් කීය.


"එහෙමද? ‍එහෙනම් මේ හුණු කොට්ටේ අරගෙන් පරාලේ අස්සේ හිරවෙන්න ගහනවා. එතකොට උන්ට රෙන්න ති‍යා ඉන්නවත් බැහැනේ" මැරයා විසදුම ප්‍රකාශයට පත් කළේය.


අපේ එවුනුත් එවන් සමාජ සත්කාරවලට බැහැ කියන්නේ නැත. හුණුකොට්ටය අරන් දෙපාරක් තුන්පාරක් ට්‍රයි කර අවසානේ පරාල අස්සේ හිරවන සේ ගැසීය. මැරයාත් සතුටුය. අපිත් සතුටුය. දැන් අපිට පන්තියේ ගහ මරා ගන්නවත් හුණු කොට්ටයක් නැත.


පහුවෙනිදා පන්තියට ආවේ ජම්බෝ ජෙට්ය ටික වෙලාවක් පාඩම කරන්නට ඉඩහැර සුපුරුදු ලෙස පරෙයි හඩ නැගෙන්නට විය. ටීචරුත් දැන් කම්මලේ බල්ලා බදුය. කොච්චර ස‍ද්දේ ආවත් අහිංසක සත්තුනේද කියා පාඩම ක‍රගෙන යයි. අපේ එවුනුත් පරෙයි ටෝන් එක දාගෙන වැඩය.


"හරි ළමයි මේ නෝට් එක ලියාගන්න පොතේ" කියමින් ජම්බෝ ‍පුටුවෙන් නැගිට්ටාය. බෝඩ් එක දිහා බලං ජම්බෝ කියවයි.


"කෝ ළමයි උදේ ඉදන් බෝඩ් එක මැකුවේ නැද්ද? බලන්න ලියන්න ඉඩක් ඇත්තෙම නැහැ" හුණු කොට්ටය හෙවත් ඩස්ට‍රය වෙච්ච දේ දන්නේ මැරයා සහ අපි පමණි. අපේ එවුන් සද්ද නැත. බොරුවට ඩස්ටරය හොයයි.


"මේ ලමයි කිසි වුවමනාවක් නැහැ කෝ ‍දැන් කට්ටිය හොයනවලා ඩස්ටර් එක.." ජම්බෝ සද්ද දමයි. අපේ එවුන් ඩස්ටර් එක තියෙන තැන දැන දැන බොරුවට පන්තිය පුරා හොයයි.


"නැහැනේ ටීචර් වෙන පන්තියක කවුරුහරි ඒක හොරකම් කරන්න ඇති" කීවේ කල්පයායි (අපේ නායක පන්ති නායක).


"එහෙමද? එහෙනම් කොල කෑල්ලක්වත් ගන්නවා මේක මකන්න" කියමින් ටීචර් කොල කෑල්ලක් ගෙන බෝඩ් එක පිහිදමන ගමන් කරුමයට මෙන් උඩ බැලීය.


"තමුසෙලා කාවද ඕයි රවට්ටන්නේ? අර තියෙන්නේ හුණුකොට්ටේ උඩ. හොද හිතින් කියනවා කවුද ඕක උඩට දැම්මේ? දාපු එකාගේ අඩු කඩනවා මම" ජම්බෝ මහේන්ද්‍ර සිං දෝණි ලෙස ඉදිරියට පැන්නේය.


"කියන්නම් ටීචර් ඒත් ටීචර් ගහන්න එපා." අපේ එකෙක් කීය.


"තමුසෙලා කියන විදියටද මම ඉන්න ඕනේ. ‍කියනවා කවුද ඕක කළේ" ජම්බෝ පිපිරෙමින් ඇසීය.


"ගණන් සර් කීවේ මේක උඩ හිර කරන්න කියලා. නැත්තම් පරෙයි බෙටි දානවනේ" කීවේ එපමණකි. ජම්බෝ නිහඩව නිසල විය.


Written by sAm_11.24am_06.10.'11

Saturday, October 1, 2011

කවකටුව සහ ඉදි කටුව (Boka Vs Kabral)


‍8 වසරේ ඉන්නකොට අපේ ජාතික ක්‍රීඩාව වුණේ (clip game) විලි ගේම්ය. බොහෝ වෙලාවට විලිගේම් කෙලවර වන්නේ වලියකිනි. එනිසා වලිගේම් කීවත් වැරදි නැත. අපේ එවුන් විලිගේම් ගහන්නේ අපේ නැෂනල් ටීම් එක ටෙස්ට් මැච් ගහනවා වගේය. සදුදා පටන් ගන්න සමහර ගේම් ඉවරවෙන්නේ සිකුරාදාය. කසුන්, සදිප, ටෝචා, එක ටීම් එකකි. බණ්ඩා, පුෂ්පේ සහ මම එක ටීම් එකකය. හැමදාම ගෝරියකි. දිල්ෂාන්, සංගාට වැනි සුපිරි ක්‍රීඩකයන්ට වෙන්වූ වෙනමම බැට් ඇත. ඒ වගේ අපේ එවුන්ටත් විලි ගේම් වලට වෙනමම ක්ලිප් ඇත. කොහොම හරි හොරයක් බොරුවක් වංචාවක් කර දිනන්නට විලි ඇතුලේ චෝක් කෑල්ලක්, පැස්ටල් කූරක් හිරකර විල්ලේ බර වැඩි කිරීම සිරිතයි.


අපිට ඒ දවස්වල ඉංග්‍රීසි ඉගැන්නුවේ කෙනට් සර්ය. අපේ එවුන් කියන්නේ 'කෙනා' කියාය. පොර හැන්ඩියාය. මුලින්ම රගර් (මට මතක විදිහට) පුහුණුකරුවෙක් විදිහට තමා කෙනා ඉස්කෝලෙට ආවේ. ඊට පස්සේ පොරව දැම්මා අපිට ඉංග්‍රීසි උගන්නන්නත්. කෙනා ඉංග්‍රීසි වලටත් දස්සයාය. කෙනා කොල්ලන්ට බනින්නට දන්නේ නැත. බනින්න යනකොට හෝ ගහන්න යනවිට පොරට හිනා යයි. ඒ තරටම පොරට දරුණු වෙන්නට බැරිය. ඒ බව දන්නා නිසාම අපේ එවුන් කෙනාට ආදරේය, සලකන්නේ දෙවියෙකුට මෙනි. ඒ වගේම කෙනාට බය නැත. ඒත් අපේ එවුන් කෙනා උගන්නනකොට සද්ද බද්ද දාන්නේවත් කරදර කරන්නේවත් නැත. ඉංග්‍රීසි අප්පිරිය එවුන් කෙනාට කරදර නොකර නිදාගනිති. කෙනා උන්ට කරදර කරන්නේත් නැත.


ගොඩක් වෙලාවට අපි කරන්නේ කෙනාට කරදර නොකර අපේ ජාතික ක්‍රීඩාවේ (විලි ගේම් ගැසීමේ) නියැලීමයි. කෙනාට සීන් එක එච්චරම මීටර් නැත. ඉස්සරහ පෝලිමට කවර් වී විලිගේම් ගැසීම අපේ ආතල් එකයි. ඒ අතරින් පතර ප්‍රශ්න වලට උත්තර දුන්නම කෙනා සැටිස්ය.


කවකටු සීන් එක දවසේ කෙනාට තිබ්බේ අන්තිම පීරියඩ් එකය. අන්තිම පීරියඩ් එකට එන ටීචර් හෝ සර් අපි ගාථා කියා පෝලිමට පන්තියෙන් පිටවෙන තුරු පන්තියේ රැදී ඉන්න එක සිරිතය. නැත්තම් අපේ එවුන් ගාථා කියන්නේ නැත. පෝලිම් නැත. කෙලින්ම පන්තියෙන් එලියට පනින්නේ කූඩලු පැළවල බීජ ස්පෝටනයෙන් ව්‍යාප්ත වෙනවා සේය (ඒ කාලේ අපේ විජ්ජා ටීචර් කීවේ එහෙමය).


ඉතින් එදා කෙනා පාඩම අහවර කර ගාථා ඉවර වෙනතුරු කොරිඩෝවට වී පන්තිය දිහා බලා සිටියේය. අපේ එවුන් කෙනා‍ හිටියත් ගණන් ගන්නේ නැති නිසා කස්ටිය වැදගෙන එක එක වැඩය. සමහරු ගාථා කියන්නේ නැත. වටපිට බල බල සිටී.


"කාගෙද බං මේ කවකටුව? උදේ ඉදන් මගේ ඩෙස්ක් එක උඩ"
බොකා (රුක්ෂාන්) හෙමින් කීය. පොර උදේ ඉදන් කවකටුවේ අයිතිකරු සොයයි. තවම හමුවී නැත. බොකාට මලය.


"ඕක ටෝචා (කබ්රාල්) ගේ බං"
බොකා සහ‍ ටෝචා ඇවිස්සීම සිතූ කවුරුන් හෝ පිටුපස සිට කීවේය. ‍‍ටෝචා යනු කබ්රාල් නම් පොරකි. වැඩිය ප්‍රසිද්ධ චරිතයක්ද නෙවේ. ඕලෙවල් කරන දවස් වලදීම පොර අතුරුදහන්ය. පොරට නම දැම්මේ සදීපය (සදීප දිනූෂ). කසුන්, සදීප හා ටෝචා සිටියේ එකටය. ටෝච් එකට වැරදීමකින් "චෝට්" එක කියපු නිසා ඒ නම වැටී ඇත.


"බලපං ඉතින් මම උදේ ඉදන් අයිතිකාරයා හොයනවා. මූ ආතල් එකේ ඉන්වා පු.. දික්කරගෙන"
ටෝචා හිටියේ බොකාට ඉස්සරහ පෝලිමේය. කස්ටිය වැදගෙන වෙන වැඩය. කෙනා කොරිඩෝවට වී සිටී.


"‍ටෝචා.... කවකටුව ගනින්..."
බොකා නැවත කෑගැසීය. ටෝචාට ඇසුනේ නැත. ටෝචා සදිප සමග ලොකු ඩිස්කෂන් එකකය. දෙන්නාම වැදගෙන සිටිති.


බොකා හිතුවේ ටෝචා ඩොන්ට් කෙයාර් එකේ සිටිනවා කියාය. බොකාට තවත් මලය. ටෝචාට කො‍ච්චර කතා කළත් ඇහෙන්නේ නැත. බොකා කවකටුව අතට ගෙන ටෝචාගේ පුka... නිල් වෙන්න ඇන්නේය.


ටෝචාගේ පුka... නිල් වෙන්න ඇන්නේය.


"මොන හු... කරනවද යකෝ..."
ටෝචාට කෑගැසින. පුka... අතගාමින් බොකා දෙස හැරිණ. කොරිඩෝවේ සිටි කෙනාට සීන් එක මීටර්ය.


"මොකද ඔය ලමයා වැදගෙන කුණුහරපෙන් කෑගහන්නේ??"
කෙනාට තද වෙන්නේ නැත. ඒත් තදවුණා සේ කෑගැසීය.


"බලන්න සර්, මෙයා මට ඉදිකටුවකින් ඇන්නා..."
ටෝචා පැමිණිල්ල ඉදිරිපත් කලේත් පුka... අතගාමිනි.


"මෙයාගේ බොරු සර් මම ඇන්නේ ඉදිකට්ටකින් නෙවේ කවකට්ටකින්"
බොකා කීවේ එපමණකි. කෙනාගේ ආරෑඪ කරගත් කේන්තියද නිවී සිනහවක් පහල විය.


Written by sAm_12:47pm_27.09.'11

Related Posts Plugin for WordPress, Blogger...