Monday, October 24, 2011

කසුන් අස්පයා වුණ හැටි........

‍කලින් පෝස්ට් එකෙන් කස්ටිය පීටියා කියන්නේ කවුද කියලා දළ අදහසක් ගන්න ඇති. ඒත් තැනක් නොතැනක් නැතිව අම්ම අප්ප මතක් කරල බනින පොරට එදා සාලිට බනින්න තරම් සාධාරණ හේතුවක් නැති උනේ පොරගේ අතේ වැරදි තිබ්බ නිසා. පීටියාගේ පෙම් හසුනේ සීන් එක ලියන්න කලින් පොඩි ස්ටෝරි පොඩ්ඩක් තියෙනවා කොල්ලෙක්ට නමක් හැදුන හැටි ඒක බලලා පීටියාගේ අනිත් ස්ටෝරිය බලමු.

කසුන් අස්පයා වුණ හැටි


ඒ කාලේ සිද්ද වෙච්ච කථාවක්නේ... නියම වීරයෙක් කියලයි කියන්නේ



අපේ හිටියා කොල්ලෙක්. ඉස්කෝලෙන් අවුට් වෙනකල්ම පොරට කස්ටිය කීවේ අස්පයා කියලා. එත් එහෙම කියන ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ පොරට නම ලැබුණ හැටි. මේ නම දැම්මේ අපේ බුද්ධාගම උගන්නපු හාමුදු‍රුවෝ. දන්නවනේ කස්ටිය ඉස්සර ඉදන්ම හාමුදුරුවරු නම් දාන්න ප්‍රසිද්ධයි කියලා. එත් අද කාලේ වෙන්නේ ඒකේ අනික් පැත්ත. ගොඩක් හාමුදුරුවරු කරන්නේ තමන්ගේ නම මාරු කරලා ගිහියෝ වෙන එක.

අපේ බුද්ධාගම උගන්නපු හාමුදුරුවෝ හරි දරුණුයි. ගාථා එහෙම පාඩම් නැති වුණාම අපිව ඩෙස්ක් උඩට නග්ගවයි. ඒත් ඉතින් හරිම සාධාරණ ක්‍රමයකට තමා දඩුවම දුන්නේ. පේලි හතරක ගාථාවක් දුන්නම...

1. එක පේලියක් විතරක් මතක නම්, අනිත් පද 3 පාඩම් වෙනකල්  පුටුව ඩෙස්ක් එක උඩ තියලා ඉදගෙන පාඩම් කරන්න ඕනේ.
2. පේලි 2ක් විතරක් මතක නම්, ඩෙස්ක් එක උඩ නැගලා හිටගෙන පාඩම් කරන්න ඕනේ.
3. පේලි 3ක් විතරක් මතක නම් පුටුව උඩ නැගලා පාඩම් කරන්න ඕනේ.

ඔන්න ඔහොමයි ඒකාලේ දඩුවම් ක්‍රමය. ඒත් ඉතින් එහෙම කලේ නැත්තම් අපේ එවුන්ට "නහී වේරේන වේරාණීවත් බැහැ"

ඉස්සර අපේ එවුන් (මම කලින් පෝස්ට් එකකත් දැම්මා මතකයි) හාමුදුරුවෝ පන්තියට එන්න කලින් දැන ගන්නවා. හාමුදුරුවෝ ඈත එනකොට බිත්තියට වැටෙනවා සිවුරේ එළිය. ඉතින් අපේ එවුන්ට ඈත තියාම තේරෙනවා හාමුදු‍රුවෝ එනවා කියලා. ආතල්ම සීන් එක කියන්නේ අපේ එහා පන්තියට (9-සී) උගන්නපු හාමුදුරුවෝ එච්චර දරුණු නැහැ. වැඩිය ගහන්නේ බනින්නේ නැහැ අපේ හැමුදුරුවෝ තරම්. සමහර දවස් වලට අපේ එවුන් කොරිඩෝවේ ඉදන් දුවලා එනවා අපේ හාමුදුරුවෝ එනවා කියලා. සෙට් එකම බයේ ඇවිත් පන්තියේ ඉදගත්තට පස්සේ තමා දැන ගන්නේ ඇවිත් තියෙන්නේ එහා පන්තයේ හාමුදු‍රුවෝ කියලා.

ඔන්න ඉතින් දවසක් බුද්ධාගම උගන්නන්න හාමුදු‍රුවෝ පන්තියට ආවා. එහෙම ඇවිත් කලින් දවසේ පාඩම් කරන්න දීපු ගාථා ටික පාඩම් ගන්නවා කොනක ඉදන්. ඔහොම ඉතින් එකා දෙන්නා පිළිවෙලට ගාථා කියනවා. දඩු‍වමේ ආකරය අනුව සමහර ‍එවුන් ඩෙස්ක් උඩ, සමහර ‍එවුන් පුටු උඩ. රජ්ජුරුවෝ උඩයි උඩයි කිය කිය ඉන්නවා.

මෙහෙම පෝලිමට සීන් එක යද්දී කසුන්ගේ ගාථාව කියන චාන්ස් එක ආවා. පොර දන්නෙත් නැහැ. ඩෙස්ක් එකක් උඩ ඉදගෙන පාඩම් කරන එකෙක්ට කෝචෝක් දානවා.

"කෝ ඊලග එක්කෙනා ගාථාව කියනවා" හාමුදුරුවෝ කීහ. කසුනාට මීටර් නැත. උඩ ඉන්න එකාට කෝ‍චෝක් දමයි.

"තමුසෙට ඇහෙන්නේ නැද්ද ගාථාව පාඩම් දෙනවා" හාමුදු‍රුවෝ සැරෙන් දේශනා කළහ. ඒ පාර කසුනා හිස ඔසවා හාමුදු‍රවෝ දෙස බැලීය. බැලූ බැල්මට හාමුදුරුවන්ට උපරිම කේන්තය පිට කලේ වසර ගණනාවක් නොමැකෙනා ලෙසය.

"මෙහෙ වර අස්පයා..." මම තොට කීපාරක් කීවද ගාථාව කියපං කියලා. නැගපිය ගුරු මේසේ උඩට....

පලි - හාමුදුරුවෝ නම දැම්මට වැඩේ නැගලා ගියේ ජාගොඩ නිසා. පොර තමා හැමදාම පන්තිය ඉස්සරහට ඇවිත්, "මෙහෙ වර අස්පයා..." කියලා කෑගහලා අස්පයාගේ සද්දෙත් දාන්නේ.

Written by sAm_8.50am_24.10.'11


පරණ කතන්දර අතපත ගාන්න -


සමබල අතිරේක ආහාරයක් (සාලි සහ පීටී)
ඩයියා බොකා සහ බාල්දිය
කෘතිම වැස්ස
මැරයා සහ හුණු කොට්ටය
කව කටුව හා ඉදි කටුව
ජෙමාට නම ලැබුණ හැටි
කොත්තා විශ්ව හා සාලි නයිට්රයිඩර් සර්කිට් සමග
බණ්ඩා හා ජම්බෝ ජෙට්
දැන් කස්ටිය චූටි කලේ හිටපු හැටි
භීෂණයේ අතුරු කථා (අගහරුවාදා)
භීෂණයේ අතුරු කථා (සදුදා)
අනිවාරතේට උපහාර
ගණිතය හා සංගීතය 2002


4 comments:

  1. අඩේ මේකට කොමෙන්ටු නැත්තේ ඇයි

    ReplyDelete
    Replies
    1. අහ් දැන් එකක් තියෙනවා..

      ජනතා කැමැත්ත ඕම තමා බොල.. :)

      Delete
  2. මේක නම් පට්ටම පට්ට.. කොමෙන්ට් එකක් නොදා බැහැ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...