Monday, October 31, 2011

දමියාගේ වික්‍රමය...

‍මේ ස්ටෝරිය 9 වසර හොල්ලපු ස්ටොරියක්. ඒ විතරක් නෙවේ මුළු ඉස්කෝලෙම vibrate වුණ සිද්ධියක්. පෝස්ට් එක දාන්න කලින් සිද්ධියට භාජනය වෙච්ච පොරගෙන් මම ඇහුවා මචං මේක දාමුද කියලා. ඒත් යහපත් රිප්ලයි එකක් නොලැබුණ නිසා කථාවේ රස ‍නොමැකෙන විදියට, නම් ගම් මනඃ කල්පිත කොරලා දාන්ට තමා මේ වෙර දරන්නේ. කවුරු වුණත් තරහා වෙන එකක් නැහැ මේක දැම්මට. අනික පුද්ගලයෙකුට වෙනම ඉලක්ක කරලා පහර දෙන්න හදනවා නෙවේ. සතුටු වෙන්න කැමති කස්ටියට හිනා වෙන්න අහිංසක අවස්ථාවක් ලබා දෙන්න හදනවා විතරයි.

අපි 9 ඉන්නකොට අපේ සෙක්ෂන් එකේ හිටියා නැටුම් කරපු කොල්ලෙක්. පොර ඉතිං "අනේ", "මෙයා","යනවා යන්න","සම...නලයා.." කෙනෙක්. පොර නැටුම් කරන නිසාද මන්දා හරි හැඩයි. ඒ කාලේ අපිත් එක්ක හිටපු සමහර කෙල්ලෝ පොර එක්ක ඉරිසි‍යාවෙන් හිටියද මන්දා. ඒත් කෙල්ලෝ පොරට පට්ට ආදරෙයි. ඇයි ඉතින් අපේ එවුන් එක්ක ඉන්න බයයි නේ මොනව කොරයිද දන්නේ නැති නිසා. ඒත් මෙයා එක්ක හිටියට කෙල්ලෙක්ට කිසිදු අතුරු ආන්තරාවක් වෙන්නේ නැහැ.

ඔහොම ඉන්න අතරේ අපේ පන්තියේ හිටපු එවුන් දෙන්නෙක්ට පොරගේ ලිංගිකත්වය පිළිබද ගැටළුවක් ඇති වෙලා. කොහොම උනත් සැක ඇති තැන් දුරු කරගන්න එක සාධාරණ කාරණයක්. මම ඒ කොල්ලෝ දෙන්නව ව්‍යාජ නමකින් ඉන්ට්‍රොඩියුස් කරන්නම්. මොකද මේ සිද්ධියට පස්සේ දවසක අපේ ජාගොඩයා පට්ට ගීතයකුත් නිර්මාණය කරපු නිසා නම් දෙක නැතිව ම‍ම ඒ සිංදුව දැම්මට කික් එකක් නැහැ. ඒ නිසා එක‍්කෙනෙක් "සුමිත් කුමාර" ලෙසත් අනිත් පොර "මලිත් කුමාර" කියලත් නම් කරමු.

කොහොම හරි මුන් දෙන්නා ඉන්ටර්වල් එකේ ගේමට එන්ටර් වෙලා මග රැකලා ඉදලා අර යාළුවගේ වටිනාම තැන මිරිකලා ෆුල් චෙක් අප් එකක් දාලා මුන්ගේ සැකේ දුරු කරගන්න ඕන නිසා. පස්සේ අපි ආරංචි කරලා බලන කොට පරීක්ෂණය අති සාර්ථකයි කීවා. තියෙන්න ඕනේ ඒවා තියෙනවා කියලත් කීවා. කොහොම හරි යාළුවා අඩාගෙන ගිහින් කෙලින්ම ඔෆීස් එකට. පිනාට කම්ප්ලේන් එකක් දාලා "සර්, අරගොල්ලෝ මගේ... මිරිකුවා කියලා" (මේකා කොහොම කටක් ඇරලා කිවද මන්දා) කොහොම හරි අපේ පන්තියට නඩුව විසදන්න ආවේ පිනා නෙවේ සුනිලා. සුනියා ගැන කවුරුත් දන්නවනේ. ඒ මදිවට පීටියත් ගේමට බැස්සා.


ෆුල් චෙක් අප් එකක් දාලා - සැකේ දුරු කරගන්න ඕන නිසා.


ඔන්න සුනියා පන්තියට ආවහම අපේ එවුන් මුකුත් දන‍්නේ නැති නිසා ෆුල් අන්දොස්. පන්තිය ඉස්සරහ අර යාළුවත් ඉන්නවා. අපේ එවුන් නාට්ටිය පටන් ගන්න තිරේ අරින කල් බලං ඉන්නවා.

"කෝ ඉස්සරහට එනවා බලන්න සුමිත් කුමාරයි, මලිත් කුමාරයි" සුනියා කීවම දෙන්නම නැගිට ආහ.

"ආ තමුසෙලා දෙන්නද, තමුසෙලා මොකද මේ ලමයට කලේ"

"මුකුත් නැහැ සර්"

"‍මුකුත් නැත්තම් මේ ලමයා අඩාගෙන ඔෆීස් එකට එනවද?" සුනියා මලෙන් කීය. (ඇත්ත තමයි පස්සේ ආරංචි වුණ විදියට මුකුත් නැත්තේ නැහැනේ)

"කියනවා ඇයි තමුසෙලා ඒ වගේ දෙයක් කළේ ??" සුනියා ඇසූවිට ‍අපේ ජෝඩුව ගැහි ගැහී උත්තර දුනි.

"නැහැ සර් හැමෝම මෙයා ගැන එක එක කතන්දර කියනවා. අපිට ඕනෙ වුණා ඇත්ත මොකක්ද කියලා දැනගන්න..."

"ඇයි තමුසෙලා @$$%^&...." කොනක ඉදන් සුද්ධ මහාප්‍රාණ සිංහලෙන් ජාතිය ඇමතු සුනියා ‍ජෝඩුවටම සතියක නිවාඩුවක් සම්මත ‍කළේය. දෙන්නා නිවාඩු අහවර වී පන්තියට එන විට පට්ට සිංදුවක් අපේ එවුන් ලියා තිබිණ.

"පන්තියේ -- මිරිකුවේ සුමිත් කුමාර....."
"ඒකට සහය වුණේ මලිත් කුමාර...."
"මුළු පාසල බැබලුව සිසු සුමිත් කුමාර..."
"අද පාසල් නාවේ ඇයිද මලිත් කුමාර...."

Written by sAm_11.45pm_27.10.'11


පලි- පුද්ගලයෙකුට වෙනම ඉලක්ක කරලා පහර දෙන්න හදනවා නෙවේ. සතුටු වෙන්න කැමති කස්ටියට හිනා වෙන්න අහිංසක අවස්ථාවක් ලබා දෙන්න හදනවා විතරයි.

7 comments:

  1. පන්තිය හෙල්ලුනේ භුමි කම්පාවක් දවසේද.?.

    ReplyDelete
    Replies
    1. නැහැ බොල මේක මහ ඛේදවාචකයක් !

      Delete
  2. හැක හැක හැක ඊයා :/

    ReplyDelete
    Replies
    1. ඊක්කා තමා, ලෙහල බලන්න තියෙන ගෝනිය ඔබල බැලුවම..

      Delete
  3. චිකේ වල් සමනලයෝ දෙන්නෙක්නෙ බන් ... හික්
    අඩේ බලන යනකොට ඔයවගේ එවුන් එකෙක් දෙන්නෙක් හරි හැම ඉක්කොලේම ඉන්නවා වගේ.
    අපෙත් හිටිය එකෙක් අම්මෝ අපේ සෙට් එක ඌට දීපු වදයක් .... :D

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඔව් බොල සෙක්ෂන් එකට එකෙක් බැගින් ඉන්නව.. හරි දුලබයි :)

      Delete
  4. අපෙත් හිටියනේ බොලේ ඔහොම එකෙක්...කට්ටිය ඕකගේ ගලවලා බලන්න ඕනේ කියලා කතා වුනාට කලේ නෑනේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...