Saturday, November 26, 2011

බයිස්කෝප් හේමේ..

හේමේ ඔට්ටුව දිනපු හැටි දැන් කාටත් නොරහසකි. ධර්මේ මලගෙදර ගිය හැටිද එසේමය. හේමේ බියර් බෝතලේ සරම අස්සේ ගහගෙන ගම වටා ඇවිදන දිනක මට මුණ ගැසින. එවන් මොහොතක හේමේගේ ජීවිත කතාව එළියට ඇද ගැනීම පහසුය. තාක්ෂණය අද තරම් නොදියුණු යුගයක ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සමග වැඩ කළ පුද්ගලයෙකුගේ අත්දැකීම් බහුලය. එලෙස අසා දැනගත් අපූරැ අත්දැකීම් කිහිපයක් ඔහු මා හමුවේ තැබීය.

ටීවී එකක් විරල යුගයක අපේ ගමට මුලින්ම ‍ටී‍වී එකක් රැගෙන විත් ඇත්තේ හේමේය. එයද අගල් 12ක් තරමේ ටීවී එකක්ය. එකල හේමේගේ නිවස පිහිටා තිබී ඇත්තේ ‍අපේ ගමේ තිබෙන උසම ස්ථානයකය. එසේම මේ ප්‍රදේශයේ තිබෙන උසම ස්ථානය වන්නේද එයයි. ටීවී එක ගේන දවසේ කොල්ලෝ කුරැට්ටෝ ‍ගෙදරටම පැමිණ ඇත්තේ අළුත් ගැජට් එක බැලීමටය. ටීවී එක ගෙනා දවසේ සිට වැල නොකැ‍ඩී සෙනග පැමිණ අලුත් මැජික් පෙට්ටිය කුමක්දැයි කියා විපරම් කර ඇත.

ඒ කාලේ UHF තිබී නැත. තිබී ඇත්තේ VHF පමණි. අගල් 12 රෑපවාහිනීය නැරඹීමට ඔහු ප්‍රදේශයේ උසම ස්ථනයේ සිට තවත් ඉහලට උණ බම්බු ඇන්ටනාවක් බැද ඇත. පසු කලෙක රැසියන් නාලිකාවක් බලන්න පුළුවන් බවට ලැබුණු ආරංචියක් මත හේමේ තවත් උසම උණ බම්බුවක් ගෙන ඇන්ටනාව උපරිම උස් කර නාලිකාව සුසර කර ඇත. එවිටද දකින්නට ලැබී ඇත්තේ ඉරි සහ තිත් සහිත අපැහැදිලි නාලිකාවකි.
දරැවෙක් වගේ ආදරෙන් තියා ගත්තු ටීවි එකක් ගිණි තියන්න පුළුවන් ද?
ඒ දවස්වල විකාශ ඇරඹී ඇත්තේ සවස 6න් පසු රාත්‍රිය වන තෙක්ය. තිබී ඇත්තේද එකම චැනලයකි. ඉතින් සවස ගෙදරට එන පිරිස වාඩිවී රෑ දෙගොඩ හරිය වනතෙක්ම රෑප පෙට්ටිය දෙස බලා සිටිති. සෑම රාත්‍රියකදීම විකාශ වන සිංහල චිත්‍රපට බැලීමට කට්ටිය එකතු වී ඇත. පැමිනෙන පිරිස් බුලත් කෙල ගැසීම හා අපවිත්‍ර කිරීම නිසා පසුදා උදෑසනම ගෙදර පිරිසිදු කිරීමට සිදුවන්නේ හේමේටය. හේමේත් ඔවුන්ට දොස් නොකියා බිරිදගෙනුත් බැනුම් අසාගෙනම සුපුරැදු ලෙස නිවස පිරිසිදු කර ඇත.


හවස සිට රෑ දෙගොඩ හරිය වනතුරැ සිදුවන මේ ක්‍රියාදාමය ඉවසිය නොහැකි තැන හේමේගේ බිරිද හේමේට කියා ඇත්තේ පිරිසට නොඑන ලෙස බලකරන ලෙසයි. නමුත් හේමේට තම මිතුරන්ට අසල්වාසීන්ට කිසිවක් කිව නොහැකි තැන ඔහු තමා ආදරයෙන් නිවසට ගෙනා ටීවී එක පොලේ ගසා ඇත. ඉන්පසු පෙට්ට්‍රල් පවා දමා ගිණි තබා ඇත. ගින්න දුටු හේමේගේ නිවස එහා පැත්තේ ගබඩාවේ සිකුරිටියා හේමේට කෑගසා ඇත. "තමුසේ පොලිසියේ නෙවේනේ, සිකුරිටියෙක්නේ, ගබඩාවට අලාභානි වුනොත් මම බලා ගන්නම්. තමුසේ තමුසෙගේ ඩියුටිය කරනවා. මගේ ඒවාට ඔළුව දාන්නේ." මේ සිදුවීම නිසාම නිවසින් පිටත්ව ගිය හේමේගේ බිරිද මාසයකට පමණ ගෙදර ආවේලු.


ඒ අතර තුර ගමේ සිටි හේමේ ගේ මිතුරෙක් ගෙදරට ඩෙක් එකක් රැගෙන විත් ඇත. හේමේ සහ මිතුරන් ඉන්පසු චිත්‍රපට බැලීමට බයිස්කෝප් තියටර් එකක් විදියට නිවස භාවිත කර ඇත. එදිනට විකාශ වන චිත්‍රපටයේ විස්තර සහිතව කැළණිය දක්වාම ඔවුන් පෝස්ටර් අලවා පිරිස් රැස් කොට ඇත්තේ රැපියල් 3ට ෆල්ම් පෙන්නවීමටය. සියළු කටයුතු වලට පෙර එකල සිටි OIC මහතාගෙන් පවා අවසර ගෙන ඇත.


ටික කලක් පවුලේ සැමට බයිස් කෝප් පෙන්නවූ හේමේට වැල වර්ගයේ බයි‍ස්කෝප් ලැබී ඇත. එකල වැල බයිස්කෝප් යටින් යන පසුබිම් වාදනයේ තිබී ඇත්තේ දෙමල සිංදුලු. ඉතින් සද්දෙට දැම්මට අවුලක් නැත. සුපුරැදු පරිදි එදිනට නියමිත පවුලේ සැමට චිත්‍රපටයේ පෝස්ටර පාර ඇලවූ පිරිස රාත්‍රියේ පැමිණි ප්‍රේක්ෂකයන් පිරික්සා බලා ඇත. පොඩි හිටියන් එකෙක්වත් පෙනෙන්නට නොවුන තැන....


"අලුත් පීස් එකක් තියෙනවා බලමුද?" බයිස්කෝප් මඩුල්ල පිරිස ඇමතීය.


"මොනවද තියෙන්නේ?" වයසක පොරක් ඇසීය.


"හොද එකක් තියෙනවා, හැබැයි ටිකට් එකේ ගාන වැඩී. රැපියල් 15ක් වෙනවා" පවුලේ සැමට එක රැපියල් 3කි. ඒවගේ පස් ගුණයක් වටිනා බයිස්කෝප් එකට කස්ටිය සෙට් වේ.


"හරි හරි කමක් නැහැ දාමු.." සමහරැ ඉතිරි මුදල් එවලේම දී ඇත. සමහරෙක් පසු දින දෙන පොරොන්දුව මත බයිස්කෝපය බලා ඇත.


වැල බයිස්කෝප් සම්ප්‍රදාය මෙලෙස දිගටම හිස ඔසවා යන්නට විය. මග තොටේ හේමේ දකින ග්‍රාම සේවක මහතා පවා හේමේ දුටු විට අසා ඇත්තේ.. "හේම සිරි.. අළුත් එකක් ආවොත් අපිටත් කියනවා.." ලෙසයි. ඒ තරමට හේමේගේ මාකට් එකද ඉහල ගොස් තිබී ඇත. (දවසක් ග්‍රාමේ ඇසු පැනයම හාමුදුරැනමකුත් ඇහුවලු. ඒක නොලියා ඉන්නම්)


දවසක් රෑ කස්ටිය සද්දෙට බයිස්කේප් එක දාගෙන ඇත. සද්දේ අවුලක් නැත. පසුබි‍මින් දෙමල ගීත අඩංගුය. හේමේ හමුවීමට පැමිණ ඇත්තේ OIC මහතායි. නමුත් ඔහු තියටර් එකට පැමිණ නැත. එළියෙන් ඔහුගේ හඩ ඇසී ඇතුලේ සිටි නරඹන පිරිස කලබල වී ටීවී එක වසා ඇත.


"කවුද ටීවී එක වැහුවේ" හේමේ ඔළුව දමා ඇසීය.


"මම..මම.." ඇතුලෙන් හඩක් ආවේය. එ සමගම OIC මහතා පෙන්වමින් හස්ත සංඥාවෙන් කියා ඇත්තේ එතුමා දකීවී යයි බයේ ටීවී එක වැසූ බවකි.


"ඕක දානවා අයිසේ.." හේමේ කීවේ කිසි ගානකට නැතුවය. හේමේ කියූ නිසා නැවත ටීවී එක දමා ඇතුලේ කස්ටිය ගැහි ගහී බයිස්කෝප් එක කන්ටිනයු කළාලු.


"මොකද හේම සිරි? පොස්ටර් ගහලා තිබ්බේ සිංහල චිත්‍රපටියක් ගැන නේද?" එතුමා ඇතුලට නොගොස් එලියේ සිටම අසා ඇත.


"ඔව් සර් ඒත් වෙනසකටත් එක්ක දෙමල චිත්‍රපටියක් දැම්මා..."


පසුබිම දෙමල සංගීතය, මතුපිට ඉංග්‍රීසි වැල රැපය, ව‍ටේට ගමේ නාකි සෙට් එක බව එතුමා නොදැන සිට ඇත.


Written by sAm_23.11.'11

හේමේගේ හිරේ ගිය හැටි දැනගන්න, ලයික් එකක් දාලම යන්න...
Pls keep your vote for the blog appearance.... (poll is displayed at page top right hand corner)

5 comments:

  1. හේමේ මාර පොරක්නේ ....වැල හේමේ කියලා කාඩ් එහෙම වැදිලා නැද්ද....

    ReplyDelete
  2. ෆට්ට කතාව.
    මං නං මනාප සුදු කළු තීම් එකකට.

    ReplyDelete
  3. @ඔබ නොදුට ලොවක්- කොහෙ කාඩ් ද මචෝ ඔය ස්ටෝරිය අහගත්තෙත් පොර ඩ්‍රින්ක් එකක් දාලා හිටපු නිසා නැත්තම් නෝ කතා..
    @රාජ්- දුක තමා කොලුවෝ මාත් කැමත් ඒ තීම් එකට තමා.. ඒත් අපේ එකාලට ඇස් පේන්නේ නැතිලු.. වට් ටු ඩූ නරක සීසන් එකට..

    ReplyDelete
  4. සිරා කතාව මචන්. මටත් මතකයි, තාත්ත දවසක් කිවුවා, තාත්තලා දවසක් කොහෙද ගිහින් ගෙදර එනකොට ( 70 ගනන් වල ) බද්දෙගම බස් එකට හිරිඹුර හරියෙන් නැග්ගලු සෙට් එකක්. අ0කල්ලා සෙට් එකක්. වැල බලලා පොලීසියට මාට්ටු වෙලා, බස් එකෙන් පෝද්දල පෝලීසීයට ගෙනියල තියෙන්නේ බස් එකේ හිටපු හැමෝටම මූනු ටික බලා ගන්නත් එක්කලු..

    ReplyDelete
  5. සමනල් පැටියා -
    දැන් වගේ නෙවේ මචං ඒ කලේ වැල දුලබයි. ඒකනේ කස්ටිය ලිං ගානේ හැංගිලා ඉන්නේ. ඉස්සර අපේ පැත්තේ අංකල්ලා කොලබ යනවලු බං පුට් සයිකල් එකේ ෆල්ම් බලන්න.

    අපේ එවුන් දැන් කිහිල්ලේ ෆෝන් ගහගෙන බලන්නේ :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...