Monday, November 7, 2011

ඩුම්මගෙ සූදුව...

මේක අපේ ඉස්කෝලෙ වුණ පට්ටම පට්ට සීන් එකක්. අපි 10 වසරේ ඉන්නකො අපේ සෙට් 1ක් කාඩ් පැක් එකකින් අහිංසකව (අහිංසකව වුණත් ගැහුවේ බූරුවා තමයි ඉතින්) සෙල්ලම් කරන්න ගිහින් මාට්ටු වුණා. කස්ටියගෙ නම් දාන්න බැහැනේ. පෝස්ට් එකට  "ඩුම්මගෙ සූදුව" කියලා දැම්මේ අපේ එවුන්ගේ නම් නොගෑවෙන්න තමයි. ප්‍රින්සිපල් සර් ගේ ඔෆීස් එකේ හිටපු කා.කා.ස (ඒ කියන්නේ පියන් දුමින්ද අයියා) තමයි අපේ එවුන්ව පිනාට මාට්ටු කළේ. ඒක නිසා පෝස්ට් එකට පොරගේ නම දැම්මා. ඒ සීන් එක කවියෙන් ඉදිරිපත් කරන්නයි මේ වෙර වෑයම. හැමදාම එකම විදියට නැතුව වෙනසක් කරන්න කියලා ඇඩ්වයිස් තිබ්බා. අදහස් වලට ඉහළින්ම උත්තමාචාර කරලා වැඩේ දෙන්නයි හදන්නේ.

පළමුව ඔබ දුන්න "කමෙන්ට්" සිහිකරගෙන බ්ලොග් ගුණ කද
දෙවනුව නුඔ දාපු "ලයික්" මෙනෙහි කරලා මෙන්න වැන්ද
‍තෙවනුව "ෂෙයා(ර්)" කෙරුවට වැන්ද නැමිලා පින් දී සොද
පබ්ලිෂ් කරනව ඩුම්මගෙ සූදුව කවියෙන් මම කර ප්‍රබන්ධ


පපර පපං.. පපර පපං.. බ්‍රම්..... (රබානේ සද්දේ..)

ෆන්, උපරිම පිරි අපෙ පාසල අසුවුණි ප්‍රින්සී රජුන්ට
කෙලින් ඉන්න නොදී අපිට බලේ ගත්තේ පොර‍යි අතට
පිටින් ආපු ටීචර්ලත් පිරුණානේ ඔෆීසියට
ඔවුන් අතර හිටිය ඩුම්ම කියලා කෙනෙක් පියන් ලෙසට


ටැප් එක ලග තට්ටු‍ දෙකයි අපි හිටි බිල්ඩින් විස්තර
නගින්න එහි එක තට්ටුව පඩිපෙල ඇත මැද්දෙ විතර
තදින්ම සූදුව එතනයි කොල්ලෝ සිකුරිටි නිතරම
පනින්න බැහැ අල්ලන්නට ප්‍රින්සී වුණත් බයයි මිතුර


තදින්ම සූදුව එතනයි කොල්ලෝ සිකුරිටි නිතරම


මෙකලා වීරයෙක් හිටියා දුමින්ද යයි කියල යසට
සිතලා වැඩකරන එතුම ඩුම්මා නමින් පරසිද්දෙට
ලැබිලා පියන් කමක් පසුව ආවා නේද ඔෆීසියට
එකලා ඔහු කළ දස්කම් කියනව මං පෙළින් පෙළට


පපර පපං.. පපර පපං.. බ්‍රම්..... (රබානේ සද්දේ..)

කොල්ලෙක් බිල්ලට තියලා හිදුවා ඔහු පඩිපෙල යට
අපේ එවුන් සූදු කෙළිය කාටත් බෑ අල්ලන්නට
පිනා වුණත් සතුටු වෙලා ‍රජෙක් වගේ උන්නු මැතිට
ඩුම්මා මේජර් කෙරුවා අපේ හොරම අල්ලන්නට


එක්ක ගොසින් ඩුම්ම ගොයියා හොර රහසෙම රෑම් එකට
පොතක් දීලා ඩුම්ම අතට යන්න කිව්ව පාසල වටේට
ගිහින් ඔන්න ඕප දූප එකතු කරන් ආයෙ එන්න
ඊට පස්සෙ සිද්ද වෙච්ච දේ පුදුමයි අහං ඉන්ට


ඇදගෙන සුදු ෂර්ට් එකක් පොතකුත් ගහගෙන කිහිල්ලෙ
පෑනකුත් අතේ අරන් සර් කෙනෙක් ලෙසින් හැඩට
ඩුම්ම ආව පන්තියකට සර් කෙනෙක් හම්බ වෙන්ට
හම්බ වෙලා යන ගමනුයි බෙල්ල දැම්මෙ පඩිපෙල යට


නොදැකම මේ ඩුම්ම අයිය කොල්ලො සලං දැම්ම හොදට
නැගලා යන බූරු අතට ඔට්ටුම දැමුණා කදිමෙට
පස්සෙ ඩුම්ම දැක්ක එකෙක් පෙන්නුව ඩුම්මව හොරැහින්
අවුලක් නැහැ පොර ෂේප්නෙ අනපං කුට්ටම හනිකෙන්


පපර පපං.. පපර පපං.. බ්‍රම්..... (රබානේ සද්දේ..)


බලන්න පුදුමයි මහතුනි කොල්ලන්ගේ සූදු පිටිය
එතෙන්ට චන්ඩියා තමයි ෂෙක්ෂන් එකෙ .... ගොයියා
දිනන්ට අත ගත්ත ගමන් ඩුම්මට ඔහු ඔ‍රව හිටිය
කොහෙන් ආපු ගොබිලෙක් දැයි ගොයියා අපේ නැගිට සිටියා


ඩුම්ම ගිහින් හොර රහසෙම පිනාට කම්ප්ලේන් කෙරුව
පිනා ආවා හනි හනිකේ ගුරුවරු පස්දෙනෙක් අරන්
කළුවා, බැරයා, මැරයා තිදෙනා ඒ අතර හිටියා
සුමනේ, සුනියා අයියා කට්ටියම අල්ලගත්තා


පපර පපං.. පපර පපං.. බ්‍රම්..... (රබානේ සද්දේ..)


පැන්න කලට ප්‍රින්සි නිරිදා වේවැල අරගෙන ගහන්ට
ඉන්න හිටින්ත් බැරි වුණි මල මුත්තර පිටවු කලට
සුමනේ කිව්ව පෝලිමේ තියමුකො අයියෝ ගහන්ට පෙර
දෙන්න දෙන්න එකතු කරල දන ගැස්සුව කොරිඩෝවේම


දෙන්න දෙන්න එකතු කරල දන ගැස්සුව කොරිඩෝවේම


පීරියඩ් තුන හතර ගිහින් එක එක්කෙනා නැගිට්ටනවා
එක එක්කෙනා නැගිටින කොට රතු වෙනකල් පහර දෙනවා
අට දෙනෙකුට පහර දීලා පන්තිවලට පන්නනකොට
බලං හිටපු කීපදෙනෙක් අප‍රාදේ ඉල්ලං කනවා


ඩුම්මා කල දස්කම් ගැන එක කටකට බැහැ කියන්ට
හැමදාමත් මතක් වෙන්ට ඉතිහාසෙත් තියෙයි හොදට
හිටියා නම් අද වෙනතුරු වැඩ කරනවා ඉස්කෝලෙට
එතුමා පැන්ෂන් වැඩියේ අපේ තියෙන අහේතුවට


පපර පපං.. පපර පපං.. බ්‍රම්..... (රබානේ සද්දේ..)


Written by sAm_4.21pm_04.11.'11


මෙතනම පහළ ඇති "ලයික්" කියලා බොත්තමක්. ආයේ විරිදු ඕනෙම නම් කොටල යන්න වෙයි....

10 comments:

  1. Audio clip 1k dammanam niyamai..

    ReplyDelete
  2. විරිදුවනම් සිරා තමයි
    ඒක සැබැයි ...සැබැයි....සැබැයි

    ReplyDelete
  3. සැබැයි හැබැයි ස්තූතියි..!!!

    ReplyDelete
  4. අඩෝ මේක පට්ට නේ බන්, උබ කවදා ඉදන්ද කවියෙක් උනේ. අපි හිතුවෙ සින්දු විනාස කරන වැඩේ විතරයි පුලුවන් කියලා, මේකත් නරකම නෑ.

    ReplyDelete
  5. දන්නවනේ ජයේ අපි ඉතින් කලාවට බර කලාබර කොල්ලෝ කියලා.. තව කාපු සිංදු ටිකක් එන්න තියෙනවා.. මතකනේ 2006 උඔලගේ පන්තියේ කූඩුවට ගහපු සිංදුව.. :පී

    ReplyDelete
  6. වෙල්ඩින් වතුරෙන් නෑවීලා .....

    ReplyDelete
  7. සැමා මේපාර තල් වත්තෙ තොරන උඹ ද කරන්නේ.....

    ReplyDelete
  8. @මේනා- තොරණ ගැහුවොත් විරිදු අපෙන්..

    ReplyDelete
  9. ස්තුතී අසරණයා. කවිය නැතිව ස්ටෝරිය ලීවා නම් ටෙෆිය සෙට් වෙන බැවින් කවියෙන් ෂේප් වීමි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...