Thursday, January 2, 2014

සෑම් නළුවෙකු වූ හැටි - How sAm Became an Actor !!!


මෙය වෙඩින් ස්ටෝරියක්ය. වෙඩින් දා පෝස්ට් තුනක් ඔටෝ පබ්ලිෂ් වන්නට දමා සෑමා පිටත් වූයේ බ්ලොග් ලෝකයට ලයිව් අප්ඩේට් එකක් දීමටය. එය හරි ආකාරයෙන් සිදුවූ බව කමෙන්ටු මඟින් පෙනුනේය. ඉන් පසුව හෝම් කමින් දවසේ සිට මෙතෙක් දක්වා හරි හැටි යමක් ලියා ගැනීමට නොහැකි වූයේ කාර්යය බහුලත්වය නිසාය. දැන් දැන් එම කාර්යය බහුලත්වය පහව නව කාලසටහනකට පුරුදුව වැඩ කටයුතු ගලා යන බවක් හැඟුණු නිසා වෙඩිමේ පෝස්ට් එකකින්ම වැඩේට බහින්නට සෑමා සූදානම්ය. පවුල කැඩුනත් බ්ලොග විනස කර ගත නොහැකි බව මා ඇය හට කීවා මතකය. ඇයට නම් එය අමතක බවක් පෙනෙන්නට ඇත්තේය. මතක තිබුණා නම් අද මේ පෝස්ට් එකද ලිය වෙන්නේ නැතිය.

හෝම් කමින් එකට ආ අපේ පැත්තේ ආච්චී කෙනෙක් මේ ලඟකදී අපේ නිවැසට ගොඩ වූවාය. ඇය පුංචි කළ සිටම අපේ ගෙදරට එන අය ඇත්තියක්ය. එසේම කිසිම ඥාතීත්වයක් නොමැතිව පුංචි කාලේ සිටම අප හට කෑම බීම පවා ගෙනත් දුන් පවුලේ හිතවතියක්ය. ඇය එදින අපේ ගෙදරට පැමිණ ඇසුවේ මොකක්ද පුතේ එදා දාපු චිත්‍රපටිය කියාය. මා උඩ බිම බැලූ විට අම්මා පහදා දුන්නේ එදා හෝම් කමින් එකේදී ස්ක්‍රීන් එකේ දාපු කැෂුවල් ෂූට් එක ගැනය. වෙඩින් එක දින සිට හනිමූන් සතියක් තිබූ නිසා හැම එකාම සිතා සිටියේ එම දින පහේ අපි දෙන්නා ස්ටුඩියෝ එකත් එක්ක සැට් වී කැෂුවල් ෂූට් එකට ගිය බවක්ය. යකෝ දවස් පහක් තිස්සේ තොපි මේවද කළේ කියා එදිනම සමහරු මගෙන් ඇසුවෝය. එහෙත් එය වෙඩිමටත් කලින් දවසක් යොදාගෙන කළ එකක් බව පිරිස් දැනුවත් කරන්නට සෑමාට සිද්ධ වූයේය.

Studio 4u කණ්ඩායමේ (වෙබ් අඩවිය මෙතැනින්) සහයෝගයෙන් එක් දිනක් ඇතුලතදී ෂූට් එක අවසන් කර ගැනීමට ලැබීම සෑමා ලද භාග්‍යයක්ය. වෙඩින් එකේ වැඩ අස්සේ, රැකියාව කරන අස්සේ, අපේ කිටීට කැෂුවල් ෂූට් එකක අවශ්‍යතාවය දැඩිවම දැනුනාය. විවිධ කයි කතන්දර ගසා වැඩේ බැහැර කිරීමට උත්සාහ ගත්තද වැඩේ කරන්නට සෑමාට සිද්ධ වූයේය. එහි ප්‍රතිඵලයක් ලෙසට අද අප ආසාවෙන් එම වීඩියෝව බලන්නේය. එසේම කිටියාගේ පුංචිගේ පුතා හෙවත් අපේ සංජු එම සිංහල ගීතයේ අයිතිකරුවාය. තම ගීතයේ ඔරිජිනල් වීඩියෝව අවසන් කොට විදේශ ගතවූ සංජු අප හට ඔහුගේ ගීතය නොපැකිලී ලබා දුන්නේ කැෂුවල් ෂූට් එක සඳහාය. 


සංජුගේ ඔරිජිනල් වීඩියෝව..

දක්ෂ ගිටාර් වාදකයෙකු ලෙසත් හොද හඩකින් ගීත ගායනයේ හැකියාවක් ඇත්තෙකු ලෙසත් සංජු එම සුන්දර පද රචනයට සාධාරණයක් ඉෂ්ඨ කළ බවක් ගීතය ඇසීමේදි පැහැදිලි වන්නේය. එලෙසම අපට ගීතය ලබා දීම පිළිබඳව ප්‍රති උපකාර කිරීමට ඔහුගේ වීඩියෝව මා මෙහි අඩංගු කළේය.



අපේ වීඩියෝව..

වෑහෙනා සුපෙම් භාවනාවන් ඔබේ
හද පායනා පහන් තාරකාවක් වගේ
සුදු කම්මුල් දිගේ ගලනා ආදරේ
ප්‍රේමනීයයි මගේ වස්තුවේ
දෑස පාරයි මගේ සෑම දා මේ භවේ
පූජනියයි අපේ ආදරේ...

සංසාරයෙන් සංසාරයේ 
අපි එක්වෙලා ආදරෙන් ඉන්නැතී
පෙම්වත් සුවේ හැම ආත්මයේ 
මගෙ ඇස් දෙකෙන් ඔබ විඳගන්නැතී
වෙනස් වෙන්නෙ නෑ ඒ ගතී....

වස්සානයේ වර්ශා මැදින්
මඟ හැඩකළා රෝස මල් පෙති වැටී
හසරැල් මතින් සුසුමක් සරින්
රැකගත් ඔයා මාගෙ මනමාලි වී
දුරස් වෙන්නෙ නෑ මා යලී...

ගීතය පුරාවට ඇති පද වල රසවත් බව, අවසන් පද පේලි තුනෙන් තවත් වැඩි වන්නේය. අපේ කිටියා ස්ටුඩියෝ එකෙන් ඉල්ලා සිටියේ එම පද පෙලට වෙඩින් දිනයේ රෑප රාමු කිහිපයක් එක් කර සිටින ලෙසය. එය නැවතත් ප්‍රතිනිර්මාණය කොට අප වෙත ලබා දීමට තරම් ඔවුන් සහයෝගීමත් වූවෝය. එය වීඩියෝවේ සාර්ථකත්වයට බලපෑ බවක් පෙනෙන්නට තිබුණේය. එලෙසම සිංහල ගීතය හැරෙන්නට තවත් ඉංග්‍රිසි ගීතයකට රෑප රාමු එකතු කර දෙන ලෙස ඉල්ලා සිටි නිසා ඔවුන් ඒ සඳහාද අප වෙනුවෙන් සාධාරණයක් ඉටු කළෝය. ඒ අනුව,

I have died everyday waiting for you..
Darling, don't be afraid I have loved you..
For a thousand years..
I'll love you for a thousand more.

ගීතයටද රූප රාමු එක්කොට ඔවුන් අප්ලෝඩ් කර තිබුණේය.


වීඩියෝවට අවශ්‍ය පසුබිම් සොයා ගැනීමට කිටී මහත් උත්සාහයක් ගත්තාය. ඇගේ අදහස වූයේ මීට වසර හයකට පෙර අප හමුවූ ක්ලාස් එක අවට පරිසරය යොදා ගත යුතු බවය. ඒ අනුව අප පොත් රෝල් කරගෙන ක්ලාස් යන සීන් එක ඉඟුරු කඩේ හන්දියත්, ස්ටේඩියම් එකත් අතර සුමති ආයතනය ඉදිරිපිටදී ගත්තේය. ඉන්පසු බීච් සීන් එක ගැනීමට අප ගියේ ගෝල් ෆේස්ය. එහිදී පලමු ෂොට් එක ගනිද්දීම පොලිසිය මැදිහත්ව කියා සිටියේ එය අධි ආරක්ෂිත කළාපයක් නිසා ෂූට් කළ නොහැකි බවත්ය. එම පළමු ෂොට් එක අපතේ නොයවා ස්ටුඩියෝ එකේ පිරිස එය ගීතයේ අවසානයේ අප මුහුද දෙසට දිව යන දර්ශණය සඳහා යොදාගෙන ඇත්තේය. උදෑසන තේ බීමට වැලිවිට පැත්තේ කොෆී ෂොප් එකක නැවැත්වූ අතර එම වෙලාවද අපතේ නොයවා එහිදීද දර්ශණ පෙලක් රූප ගත කර ගත්තේය. ඉන්පසු බීච් සීන් එක සඳහා අප ගියේ ගල්කිස්සටය. එහිදී ඔළුව පැලෙන්න රිදෙන තුරු බීච් එක පුරා ඇවිදීමට සිදු වීම ඛේදනීය තත්වයක් ඇති කළේය. ස්ටුඩියෝ ටීම් එකේ හිටපු පොඩිම මල්ලී කෙනෙක් කියන කියන හැම විටකම සෑමාට කිටියාව කිස් කරන්නට වූයේය. හොරෙන් දෙනවාට වඩා කැමරාවක් ඉදිරියේ එවැනි දේ කිරීමට සිදු වීම ඉතා දුක්ඛිතය. අර අහවල් වීඩියෝ කරන ඇත්තෝ කැමරාවලට කොහොම මුහුණ දෙනවාදැයි සිතා ගත නොහැක්කේ ඒ නිසාය.

කැෂුවල් ෂූට් එක නිසා සෑමාට වෙන්නට තිබූ විපතකින් සෑමා ගොඩ ගියේය. වෙඩිම අවසන් වනතුරුම සෑමාගේ කාර් එක තිබුණේ මිතුරන් බාරයේය. උන් මහා විනාසයක් කොට තිබුනේ කාර් එකටය. මොනවාදෝ සුදු පැහැති බැලූන් වර්ගයක් එල්ලා, අහවල් වදන් ලියා, කාර් එක සරසා තිබුණේය. 

 




සෑමා පිටත් වී සුළු මොහොතකින් මිතුරන් වාහනය මගින් නවතා තබන ලෙස කීවේ යමක් දෙන්නට අමතක වූ බව කියමින්ය. කිලෝමීටර් 5ක් පමණ පැමිණි පසු ඔවුන් එනතුරු සෑමා බලා සිටියේය. උන් පැමිණ බාල්දි වලට වතුර රැගෙන විත් කාර් එක සෝදා දුන්නෝය. ඒ වන විටත් අර නොදන්නා බැලුම් වර්ගය පුපුරා ගොස් තිබුණේය. එක්කෝ උන් බැලුම් පුම්බන්නට දන්නේ නැතිය. නැතහොත් එම බැලුම් වර්ගය බාල ඒවාය.


බාල්දිය මට අල්ලා ගන්නා ලෙස පවසා පොටෝව ගසා තිබුණේ මම සෝදා ගත්තා යැයි කීමට බව සලකන්න.

දින පහකට සෑහෙන්න ඇඳුම් කිටී සූදානම් කොට තිබුනේ වෙනම බෑගයක් තුලය. එහෙත් සෑමා කාර් ඩිකියේ ෂෝට් සහ ෂර්ටි කිහිපයක් දමාගෙන සිටියේ වුවමනා වේයැයි සිතාය. කැෂුවල්  ෂුට් එකට ගත් අලුත් ඇඳුම් සියල්ල හනිමුන් එකට වෙනමම පැක් වූයේය. මේ බව නොදත් අපේ අපාය සහයක මිත්‍ර සැට් එක සෑමාගේ ඩිකියේ තිබූ ෂෝට් සියල්ලේම කකුල් මසා තිබුණේය. හනිමූන් ගිය පසුදා සිටම ඔවුන් කෝල් කරමින් ඇසුවේ සෑමා ඇඳන් සිටින්නේ කුමක්ද කියාය. ඒ වන විටත් සෑමා සිද්ධිය නොදැන සිටියේ වෙනම ඇඳුම් තිබූ නිසාය. ඔවුන් ඇසූ විට කාර් එකේ තිබූ කලිසම් සියල්ලටම උන් ගේම දී ඇති බවක් දකින්නට ලැබුණේය. එම ඇඳුම් මසන්නට ගිය ටේලර් ෂොප් එකේ ඇන්ටීද හොඳම එකෙන්, ලඟින් ලඟින් නූල් ඇඳ තිබුනේ ලොවෙත් ගලවන්නට බැරි විදිහටය. ඉන්පසු අපේ එවුන් කීවේ ඇන්ටී මුලදී වැඩේට අකැමැති වූ බවක්ය. පසුව “අනේ මන්ද පුතා ඔයාලගෙ පව්කාර වැඩ වලට මාත් සම්බන්ධ වෙනවා..“ කියමින් කලිසම් මසා ඇත්තේය. ඉන්පසුව අපේ එවුන් කියා ඇත්තේ ඇන්ටී පව් කාර වැඩේ වුනත් ලෙසටම කළා කියාය. “ඔව් පුතා මොනව වුනත් වැඩේ හරියට තියෙන්න එපෑ..“ කියමින් ඇන්ටී මුදල් ගෙන ඇත්තේය.

එවන් කාලකන්නි මිතුරන් ගෙන් මට ඇත්තේ “යකෝව් හනිමූන් යන්නට ඇඳුම් ඕනෙමද ??“ කියාය. කැෂුවල් ෂූට් එක ලෙසටම කළ ස්ටුඩියෝ ෆෝ යූ ආයතනයට සහ විවිධ අජූත ක්‍රියා මැද වෙඩිම සඳහා උපකාර කළ මිත්‍ර ද්‍රෝහියන්ටත්, නන් අයුරින් උපකාර කළ සියළු දෙනාටත් ස්තුති වන්ත වෙමි. වෙඩිමේ ඔරිමජිනල් පොටෝ ලැබෙන තුරු කිසිම පොටෝවක් පබ්ලිෂ් නොකරන බැවින් පහත පොටෝ ටික බලා සැනසෙන්න.



Written by sAm_ශ්‍රී_Perera_6:28am_02/01/2014

62 comments:

  1. පට්ටයි සෑම් අයියේ.....වීඩියෝ එක සුපිරි.....
    මරණය දක්වා විවාහ ජීවිතයේ ඵල නෙලීමට හැකිවේවා......!!!! ;)

    ReplyDelete
  2. වීඩියෝව ලස්සණයි. සෑමාට වඩා සෑමීගේ රඟපෑම හොඳයි වගේ.:)

    ආදරය සැමදාම මේ වගේ උතුරායන නව දිවියක් සහ රස වෑහෙන මතකයන් වැඩි කෙරෙවෙන නව වසරක් දෙන්නටම!!!

    ReplyDelete
  3. මම ඔය වීඩියෝව බැලුවා.. පට්ටය වීඩියෝ එක !

    ReplyDelete
  4. සැමාට බොක්ක සෙට් එකක් සිටීම මේ කටයුතු නිසි ලෙස කිරීමට මහත් පිටුවහලක් වී ඇත. සැමාට ජය.. සුභ අනාගතයක්.. (ඇලජික්ද මන්දා ඒක)..

    වීඩියෝ එකනං මරු.. අපේ යසෝගේ වීඩියෝ එකේ වැඩේ කරනවා කිව්වේ මේ කස්ටියම නේද,, එලම තමා

    ReplyDelete
  5. එල කිරි බං.
    මාත් ඔහොම ම කරනවා අප්පා....

    ReplyDelete
    Replies
    1. වෙරලු මල් සුවද තැවරූ අර වගේ බැලුම් බෝල වලින් වහන්න ඕන කෙන්ජයියගෙ කාර් එක :D

      Delete
    2. මං පිච්ච මල් සුවඳ පර්ෆියුම් එකක් දෙන්නෙයි බොට..

      Delete
    3. දේශා මම ආස ඇයගෙන් වහනය වන ගාඩිනියා සුවදට...TQ .... :).

      Delete
  6. විවාහයට සුභ පැතුම් !!!!!!!!

    ReplyDelete
  7. විවාහයට සුභ පැතුම් !!!!!!!!

    ReplyDelete
  8. මොකද බං අර දෙන්න දෙපැත්තට හැරිලා අහක බලං ඉන්නෙ....????? අපි දෙන්න නං ෆොටෝ එකකටවත් අත් දෙක අතෑරියෙ නෑ... හි හි

    ඔච්චර මඟුල් කරන්න ගියානං එහෙම අපෙ නැන්දම්මටයි මාමණ්ඩිටයි අපේ ළමයින්ට ඔහොම වද දෙන්න එපා කියල කෑ ගහලම පපුවෙ අමාරුව හැදෙනව... හි හි..

    වීඩියෝ නං ‌සොරි සෑම්.. උඹේ මේ අටමඟලෙ කෑලි බෑලි වැඩි හින්ද ඕපන් වෙන්නෙත් අමාරුවෙන් මේ නෙට් ස්ලෝ දවස් අස්සෙ....

    ReplyDelete
  9. සිංහල සිංදුව තියන වීඩියෝ එක වඩා ලස්සනයි. පොඩ්ඩි කියනව වගේ මටත් හිතුණේ රඟපෑමට දක්ෂ කිටී කියල...

    ReplyDelete
    Replies
    1. මොනවා ඔය ලව් කරලා තියෙන්නේ රඟ පෑමකටද? මං හිතුවේ ඇත්තටම කියලානේ!

      Delete
  10. වීඩියෝ එක එළ ඈ... දැං ඉතිං අතට නිවාඩුනෙ. මැසිම තියෙනවනෙ.

    සුභ පැතුම් මෙව්ව කරගත්තට...!

    ReplyDelete
  11. ලස්සන රූප රාමුවක් මචෝ..පට්ට..විවාහ ජීවිතේට බොක්කෙන්ම සුභ පතනව මචෝ..

    ReplyDelete
  12. සුබ විවාහ දිවියක්. ලස්සන වීඩියෝ එකක්.

    ReplyDelete
  13. නියමයි වීඩියෝ එක සුපිරි

    ReplyDelete
  14. වීඩියෝ එක ලස්සනට ඇවිත් තියෙනව සෑමො.
    මටනං පේන්නෙ උඹම කාර්එක හෝදගෙන වගේ :D

    වාසනාවන්ත විවාහ දිවියකට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මටත් හිතුනෙ ඒක තමා යාළුවො සෙට් එක සෑම ලව්ව මුළු කාර් එකම හෝදවල වගේ :D

      Delete
  15. බඳින් කලින් හොරෙන් ගිය තැන් තැනවල සී.ටී.වී. ක්ලිප්ස් ටිකකුත් එකතු කළා නං කොහොමද?

    විහිළු නොවෙයි, ඇත්තෙන්ම රස වින්දා! මෙහෙම වැඩක් දැක්කාමයි. අපේත් පවුලේ මල්ලිලා නංගිලාගේත් වීඩියෝවල තියෙන්නේ පොරුව, කැම සහ එකිනෙකා කවා ගන්නා එක විතරමයි!

    වෙන්ඩ මනමාලිගේ වෝඩ් රෝබ් එකත් සෑහෙන්න ප්ලෑන් කරන්න ඇති නේද? ඇයි එන සීන් එකකට එක ඇඳුමක් ඕනෑ නේ විත්‍රපටි කොලිටියට ගන්න නං!

    සුව යුග දිවියකට මගෙන් සුභපැතුම්!

    ReplyDelete
  16. මගේ ඊලඟ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවටයි නිලියටයි තෝරගත්තා !!!

    සුභ පතනවා 3 වෙනි වටයට !!

    ReplyDelete
  17. කලින් දැක්ක විඩියෝව.. සින්දුවත් පට්ට විඩියෝ එකත් පට්ට :)

    දැං තාම රඟපානවද ? :D

    ReplyDelete
  18. සෑමෝ පට්ට පදිරි වීඩියෝ එක... පට්ටම ලස්ස්නයි... අනික තමා රැග් එක... කතා කරල වඩක් නෑ.. සුපිරියටම දීල තියෙනව.... බැලුන් වගේ ඒවත් ඔය එල්ලල තියෙන්නෙ... බුහා.......

    ReplyDelete
  19. කාර් එකනම් සුපිරියට සරසල තියනව, ඇත්ත කියහන් බැලුම් පිපුරුව කිව්වට, උබ යන ගමන් කාර් එකේ එල්ලල තිබුන බැලුන් ටික ගලෝගත්ත නේද හෝටලේට ගියාම සෙල්ලන් කරන්න? :D

    සුභ නව වසරක් වගේම ප්‍රීතිමත් යුග දිවියකට සුභපැතුම් අයියේ... :)

    ReplyDelete
  20. සතුටින් සාමයෙන් වැජඹේවා යුවතිපති යුවල.

    ReplyDelete
  21. අපූරු රංගනයක්නේ සෑමා.. ඔබේ යුග දිවියට සුබ පැතුම්..

    ReplyDelete
  22. රංගනයත් අපූරුයි..රංගනයක් නොවූ සැබෑ වෙඩිමත් අපූරුයි..දෙකටම සුබ පැතුම් !

    ReplyDelete
  23. රංගනය විශිෂ්ඨය. සුමති ටෙලි සම්මානය ලබා දීමට යෝජනා කරමි. සුභ මංගලම්...!

    ReplyDelete
  24. සුභ මංගලම් සෑම් අයියේ...

    ReplyDelete
  25. wishing u a very happy married life,,, congratzzzz,,,,

    ReplyDelete
  26. මරු ඈ.. විඩියෝ ගැනනම් ඉතින් චැට් වලත් කතා වුනානේ.. රඟපාන්න චාන්ස් එයි දැන් මේවා බලලා.. නොගිහින් ඉන්න එපා.. හෙහ්

    සුභ මංඟලම් වේවා!!

    ReplyDelete
  27. වීඩියෝව බලාන්ට වෙන්නේ පසුව තමා සෑමෝ...
    ලස්සනයි බොලල්ලා දෙන්නා..
    රැග් එක නම් පව් අප්පා :D

    ReplyDelete
  28. ලස්සණ ම ලස්සණ අනාගතයකට සුබ පතනවා!

    ReplyDelete
  29. හැමදාමත් සතුටින් ඉන්න. අපිටත් වෙඩින් එක කිව්වනම් අපිත් එනවා.. :)

    සුබම සුබ යුග දිවියක්.. ! වීඩියෝ එක බැලුවා.. නියමයි..

    ReplyDelete
  30. නියමයි සැමා ඔයානම් ටිකක් ආදුනික ගතියයි ,, ඒත් ඔයාගේ වයිෆ්නම් ලස්සනට වීඩියෝ එකේ රගපාලා තියෙනවා .. නියමයි , ඒ වගේම ඒ වැඩේ නියමයි ... දෙපැත්ත හැරිලා ඉන්න ෆොටෝ එක හරිම ලස්සනයි මං ආසම එක,, ජිවිතේ හැමදාමත් ඔය සතුට ඔයාලා දෙන්න ලග රැදෙන්න කියලා මං හදවතින්ම ප්‍රර්ථනා කරනවා අයියේ ...

    ReplyDelete
  31. හයියෝ ...සංසාරේ........අම්මා මුත්තා කාලේ දැක්ක විගඩංද බොල මෙව්වා . ඇ සැමේ ...තව ටික දවසක යනකොට පැණිහද කන සීන් එකේ උණුසුම් අවස්ථා එහෙමත් ...ෆොටෝ අල්ලලා දායිද බං ස්ටූඩියෝ මල්ලිලා .

    මොකද දැන් දීගේ රහද . ...දැන්නං රහ ඇති . තව ටික දවසක් කාලා බලහංකෝ

    ReplyDelete
  32. නියමයි..
    ජීවිතේ ලස්සනම දවස ගොඩක් ලස්සන කරගෙන...

    ජයම වේවා සැමෝ..
    සුභ මංගලම් !!!

    ReplyDelete
  33. මම හිතුවේ මේකා වෙඩිම ගැන මොකවත් දාන්නේ නැතුව ඉදි කියලා. පුදුමයි මෙච්චර ගොඩක් එක දවසින් ගැහුවා කියපුවාම. සුභ පතනවා දෙන්නටම

    ReplyDelete
  34. මෙන්න දවසේ කියමන
    //අර අහවල් වීඩියෝ කරන ඇත්තෝ කැමරාවලට කොහොම මුහුණ දෙනවාදැයි සිතා ගත නොහැක්කේ ඒ නිසාය.//

    සිරා ෆොටෝ ටික

    සෑමටයි කිටියටයි වාසනාවන්ත අනාගතයක්!!!

    ReplyDelete
  35. වෙන්න තියෙනවානම් දෙයක් ඒක වලක්වන්න බෑ.

    Congratulations! Best wishes for a happy wedded life!

    ReplyDelete
  36. හයියෝ සැමා අයියත් බ්ලෝග නවත්තයි වගේ

    ReplyDelete
  37. බාල්දිය මට අල්ලා ගන්නා ලෙස පවසා පොටෝව ගසා තිබුණේ මම සෝදා ගත්තා යැයි කීමට බව සලකන්න.............
    අත් දෙක නවාගෙන ඉන්න විදිහෙන් හිතා ගන්න ඇහැකි සින් එක

    දැන් ඉතින් බෙරේ ගහන එකයි ඇත්තේ සුබ පැතුම්

    ReplyDelete
  38. දැන් මේකත් රැල්ලකට යයිද මන්දා ? අපේ එවුන් කොපි කරන්න දක්ෂයිනේ. මේක උඹ නාඳුනන කෙනෙකුට පෙන්වලා ගුණදොස් කියන්නම්. මටනම් ඉතිං මේ ඉන්නේ සෑමා කියලයි හිතුනේ. මේ වීඩියෝ එක කලින් දැක්කා වගේ මතකයි බං. උඹ බුකියට කලින් මුදා හැරියද ?

    සුභ මංගලම් කිව්වා එහෙනං

    ReplyDelete
  39. සුපිරි වීඩියෝව...අලුතෙන් ඇරබු නව දිවියට මගෙනුත් සුබපැතුම්...............

    ReplyDelete
  40. බිරිඳ මා ළඟ ඇතිවිට ඇය මාගේ දකුණු අත වගේය, බිරිඳ මා ළඟ නැති විට දකුණු අත මාගේ බිරිඳ වගේය කියලා කවුදෝ යුග පුරුෂයෙක් කියලා තියෙනවාය කියන්නේ.

    සුභ වේවා!! වලි නැති සොමිබර විවාහ ජීවිතයක් වේවා!!

    අර කළම්බෝ නාට්‍යයෙ කියන්නා වගේ
    "මගුල නෙමෙයි කසාදෙයි වටින්නේ.මඟුල එක දවසයි හැබැයි කසාදේ හැමදාටම"

    ReplyDelete
  41. වෙඩිම ඉවර වෙලා කාර් හෝදන්නත් වුණා නේද එහෙනම්?? පව් අප්පා

    ඕවා දිට්ට දම්මවේදනීයව පල දුන්න විපාක වෙන්නත් පුලුවන්

    Happy wedded life SAMA and SAMII

    ReplyDelete
  42. සුභ මංගලම් සෑමෝ....අර වීඩියෝව නම් සුපිරි...

    ReplyDelete
  43. සෑමා බැලුම් පුපුරා ගියා කීවාට කෑලි තිබුනේ නැති බව ආරංචි විය :3

    ReplyDelete
  44. ජයවේවා සැමා....

    ReplyDelete
  45. හප්පා හොඳ වෙලාවට මම වෙඩිමක් නැතිව බැන්දේ..... නැත්නම් මටත් වාහන හොදනන් වෙනවනේ හික් හික් හික්.

    ReplyDelete
  46. දැන් ප්‍රශ්න ගොඩයි. හැක් හැක්..... උඹ දන්නේ නැ නේ ;)

    ReplyDelete
  47. All the best & good luck to Sam & Kitty!!!!

    ReplyDelete
  48. සුබ මංගලම් මචං!

    ReplyDelete
  49. suba pathum.....bara wahana license gattada......

    ReplyDelete
  50. සුභ මංගලම් සෑමෝ....වීඩියෝව නම් සුපිරි.ඒ බැලුම් පිපිරෙනවද?හෙක් හෙක් අයි කාන්ට් බිලිව්.
    සිංහල බ්ලොග්ගල

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...