ඒ කාලේ ගැසට් එක බලන්නට තැපැල් කන්තෝරුවට යා යුතුය. සෑම ගමකම ගැසට් එක තිබ්බේ තැපැල් කන්තෝරුවේය. ඒ නිසාම තැපැල් කන්තෝරුවේ ඇන්ටී හෝ අක්කා මාර ගණන්ය. දැන් මුද්දරයක් ගන්නවත් තැපැල් කන්තෝරුවට නොයන නිසා අක්කා, ඇන්ටී හන්ටර් වී ඇත්තේය. එහෙත් ගැසට් එකේ අවශ්‍යතාවය තිබෙන්නේය. එයට පිළියමක් දුන්නේ දිනමිණ පත්තරේය. ඒ සිකුරාදා දවසටය. මොනයම් හෝ වැඳගත් දෙයක් ගැසට් වී තිබුණහොත් එදාට පත්තරේ සෙවීම සුදු කැස්බෑවා සෙවීම වැනිය. පත්තරේ ගන්නා නොගන්නා උන් හැම එකාම පත්තරය ගන්නෝය.
අපේ කඩේ ඉන්නේ ආච්චීය. සෙන්චරියට අත වනමින් නීරෝගී සුවයෙන් සිටින ඇය මාරම මීටරේය. සෑමා ඇය ගැන මාළු වැස්ස ලිපියේ සටහනක් තැබුවේය. මට මතක හැටියට පත්තරේ ගැසට් එක එනවා යැයි මා දැන ගත් මුල් කාලයේ, ගැසට් එක ඉල්ලා අයෙක් කඩේට ආවේය. අපේ ආච්චී ගෙන් පත්තරයක් ඉල්ලූ පාරිභෝගිකයා, ගැසට් එක තිබෙන්නේ මේකේ දැයි ඇසුවේය. ආච්චී කීවේ “කැසට්“ හදා ගන්නට නම් ඉස්කෝලෙ ඉස්සරහා ඇති ඉලෙක්ට්‍රික් කඩේට යා යුතුය කියාය. එදා ගැසට් එක ගැන මාත් ආච්චීත් අධ්‍යයනය කළේ අම්මාගේ මැදිහත් වීමෙන්ය. එදා අම්මා වැඩි දුරටත් කියා සිටියේ සිකුරාදා ගැසට් එක ගන්නට පමණක් දිනමිණ ගන්න උන්ට පත්තරය දීමට පෙර හැමදාම එන පාරිභෝගියන්ට පත්තර අරන් තැබිය යුතු බවක්ය. හැමදාම එන උන් අපි නොදන්නා නිසා එවන් බරසාර වැඩ වලට අත ගැසීමට අපි මැලිවූයෙමු.
එහෙන් මෙහෙන් පාත් වෙන පාරිභෝගිකයන් හඳුනා ගත හැකි නියම මඟක් සෑමා සොයා ගත්තේ මින් පසුවය. මසකට වරක් පැමිණ බත් ඔතන්නට පමණක් ඉරිදා පත්තරේ ගන්නා උදවිය පත්තරය ඉල්ලන්නේ නමින් නොව බරින්ය. බර වැඩිම පත්තරේ මොකක්ද? පිටු වැඩිම පත්තරේ මොකක්ද කියා ඔවුන් ඉල්ලන්නෝය. එසේම මසකට වරක් බිස්නස් එකක් කරනු පිණිස වෙළඳ දැන්වීම් සහිත පත්තර මිලට ගන්නා අය සති අන්තයේ පැමිණෙන්නෝය. එලෙස පැමිණ ඔවුන් පත්තරේ ඉල්ලන්නේ නමින් නොව, ඇතුලත ඇති ලුහුඩු දැන්වීම්, අතිරේකයේ නම කියමින්ය. උන්ට පත්තරේ හෙඩ්ලයින් වැඩක් නැතිය. පත්තර ඉවර වූ විටකදී, මඳය පමණක් ඉල්ලාගෙන යන්නට තරම් ඔවුන් උත්සුක වන්නෝය.
ඉස්සර බෝම්බයක් වැදුනොත් පත්තර සොයා ගන්නට නැතිය. ඒ එදිනට රටම පත්තරේ ගන්නා නිසාය. එලෙසම විශේෂ අවස්ථා නිසා පත්තර උණු කැවුම් වන්නේය. සිකුරාදාට දිනමිණ පත්තරේට වන්නේ ඔය සන්ත්‍රෑන්සියමය. හේතුව ගැසට් එකය. දැන් ගැසට් එකට ලැබෙන තැන අඩු වී යන සීන් එකක් ඇත්තේය. ඉස්සර කඩේට එන උදවිය ඉල්ලා සිටින්නේ “පත්තරේ ඉවර නම්, වැඩිපුර ආපු ගැසට් කෑල්ලක්“ හෝ දෙන ලෙසය. දැන් තත්වය වෙනස්ය.
දැන් පුවත්පත් කලින්ම වෙන්කර තබා ගැනීම සුදුසු කාලයක්ය. මෙය සියළු බ්ලොග්කරුවන්ට පෙර දැනුම් දීමක්ය. නලින් අයියා බ්ලොග් පෝස්ට් උස්සා පත්තරේට ඔබන්නේය. එවිට පත්තරේ සුදු කැස්බෑවා වගේ අස්ථාන ගත වන්නේය. ඒ නිසා ඔබේ පිටපත සිකුරාදා දිනයට කලින්ම වෙන් කරවා ගත යුත්තේය. ගැසට් එක නැතුව හෝ ලඟම ඇති පුවත්පත් අලෙවි නියෝජිතයාගෙන් ඉල්ලා ගත යුතුය.
ඔබේ පිටපත කලින්ම වෙන් කරවා ගැනීමට සෑමා ඇමතිය හැකිය. මිල ගණන් මෙසේය..
ගැසට් + බ්ලොග් පිටුව දෙකම සහිත දිනමිණ පුවත් පත = 200/=
බ්ලොග් පිටුව සහිත දිනමිණ පුවත් පත = 100/=
එවිට ඉවත් කරන ගැසට් එක තවත් කෙනෙකුට රුපියල් 50කට හෝ විකිණිය හැකිය.
අද දිනමිණ පුවත් පතේ බ්ලොග් පිටුව මෙතැනින්.
සෑමාට බිස්නස් එකක් සැට් කර දුන් නලින් අයියාට ස්තූති !!
Written_By_sAm_ශ්‍රී_Perera_6:43am_17/01/2014
පලි - අපේ ගෙවල් ලඟ අසිතයා පුවත් පත් අලෙවිය පිළිබඳ දිනක් සෑමා සමඟ කතිකාවක් ගොඩ නැඟුවේය.
අසියා - මචං දැන් පත්තර වැඩිය විකිණෙන් නැතුව ඇති නේද?
සෑම් - ඇයි බං ඒ?
අසියා - දැන් බං ඉතිං සයිට් එකෙන් බලන්න පුලුවන්නේ..
සෑම් - ඒක අමාරුයි බං.. ලයිට් එකට ඇස් රිදෙනවා.. පත්තරේ ඕන තැනක පෙරලගෙන බලන්න බැරියෑ..
අසියා - පිස්සුද බං මාර ලේසී..
සෑම් - ඒත් වැඩක් නැහැ බං..
අසියා -ඇයි බං ඒ??
සෑම් - ඇයි යකෝ වැඩට යන එකෙක් හරි ඉන්න හැම ගෙදරකම පත්තර ගන්නවා.
අසියා - ඇයි බං වැඩට යන උන්ට ඔපීසියේ ඉන්ටර්නෙට් නැද්ද?
සෑම් - තියෙනව බං, තිබ්බට ඉන්ටර්නෙට් එකෙන් බත් ඔතන්න බැහැනෙ.. පත්තර පිටුවෙන් පුලුවන්නේ
හැක් හැක් ඉන්ටනෙට් එකෙන් බත් ඔතන්න බැරි නිසාම නලී අයියලා බේරෙනව
ReplyDeleteනැත්තං ඉතිං අපිත් ඉවරයි.. !!
Deleteඒ අනාට දිනමිනේ බත් ඔතන්ඩ බැ පිලුනු වෙනවා
Delete@ අටම්......ශුක්‍ර කතාව!!!!
Deleteඅන්තිම සීන් එක නිසා තමා බං සැමෝ මාත් පත්තර ගන්නේ.. හැක්.. අර ගණං හිලව් වැට් නැතිවද?? ඔන්න බලහං නලියා ලබන පාර උඹේ දෙකක්ම දාවි පත්තරේට.. හැක්..
ReplyDeleteඋඹේ දෙකක්ම මේ පාර දාල තියෙන්නෙ මොනවද උඹ නලියට දුන්නෙ ඉඳගෙන.
Deleteදෙන්නං කාසි වලට වැඩ කරන එකා නෙව.. හැක් හැක්..
DeletePraසන්ன කතෘ අයිතිය සුරකින්න ඉදගෙන :)
Deleteඅපොයි ඔය එක එක ඒව සුරකින්න බෑ හිටගෙන. :D
Deleteඉඳගෙන හරි හිටගෙන හරි මගේ ඒව දැම්මොත් නලියට ජොබ අහිමි වෙයි.. වැඩිහිටියන්ට පමණයි ඒව දැම්ම කියල..
Deleteමමනම් දැන් ගැසට් එක බලන්නේ නෙට් එකෙන්...
ReplyDeleteනෙට් එකෙන් බලනවට වඩා පත්තරයක් අරන් බලන් එක තාම මම කැමති.මොකො ඉතින් පේජ් ලෝඩ් වෙන්න,කනෙක්ශන් ස්ලෝ වෙන්නේ එහෙම නැනේ...
කොහෙන් ගියත් උබේ මාකටින් පාරක්නම් තියෙනවා....
නෙට් එකේ බලනකොට ගැසට් එක පට්ට ස්ලෝ නේද? ගොඩක් කාලෙකට කලින් බලද්දි එහෙම වුණා..
Delete:))
දැන් අලුත්ම ක්‍රමේ ඉන්ටනෙට්ටුවෙන් කෑම එතීමට හැක ..... විමසීම් නලීන්
ReplyDeleteඒකත් එල..
Deleteබත් එතීම සම්බන්ධව අවුරුදු තුනක එක්ස්පීරියන්ස් එකෙන් මට කියන්න තියෙන්නෙ ඕකට හරියන්නෙ සිංහල පත්තර වලට වඩා ඉංග්‍රිසි පත්තර කියන එකය... සන්ඩේ ඔබ්සවර් එකක් වගේ නං මාසයක් දෙකක් ෂේප්... හි හි
ReplyDeleteසිකුරාදා දිණමිණටත්, තරුණයා එකට වෙච්ච වැඩේ වෙයිද දන්නෑ... කඩේට ගිහින් තරුණයා පත්තරෙ තියෙනවද කියල ඇහුවම කට්ටියම කන්න වගේ බලනවා මොකෝ මේ හිටි ගමන් පත්තර හොයන්නෙ කියල...
සන්ඩේ ඔබ්සවර් තමා නියම භාණ්ඩේ.. ඇත්තටම බත් ඔතන්න සිංහල පත්තරේ නම් ලංකාදීප, ඔය කතා තාත්විකව කිව්ව නම් නලින් අයිය තරහ වෙනව බොල. මාකටින් ඉගෙන ගනින් :))
Deleteවිලි ලැජ්ජාවයි තරුණි ඉල්ලන්න ඕනෙ ගැනි තරුණයා ඉල්ලලා.. :ඩී
ඔය වෙන දේවල් බලන්න මලයා මෙයා තරුණයා ඉල්ලලා තියෙන්නේ
Deleteබත් ඔතන්න ආදේශකයක් හොයාගත්තොත් නලින් අයියලා කම්මුතුයි.
ReplyDeleteඅපිටත් ඒ සෙතේම තමා මධුරංගයෝ..
Deleteඇයි රේස් කොලේ
Deleteකොච්චර pdf විදියට දේවල් ආවත් අපි තාමත් කැමති ඒක ප්‍රින්ට් කරගෙන ගියවන්න. කියවද්දී අතට අහුවෙන්නේ නැතිනම එකේ ගතිය අඩුයි. කකුල් දෙක උඩ දාගෙන පත්තරයක් කියවද්දී ඒකෙත් පොඩි ගතියක් තියනවා. ඒ හින්දා බත් ඔතන එක හින්දා නැතුව ගන්න ටික දෙනෙක් හරි ඇති.
ReplyDeleteසිරාවටම!
Deletepdf පාඩම් කරනකොට ආතල් එක කොහොමද කියහන්කෝ. බුවෑක්කා!!!
පිඩිඑෆ් පොත් කියවන උන් මට පේන්න බැහැ බං. විකාරයි...
Deleteපිඩිඑෆ් පොත් කියවන උන් මට පේන්න බැහැ බං. විකාරයි...
Deleteකවමදාක හෝ අපි ලිව්ව එකක් ඔය පත්තරේ ගියොත් කියහල්ලා. අන්න එදාට මම ඕක ගන්නවා ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කුණු හබ්බ ටිකක් අඩු එකක් ලියහං මලයෝ අරගන්නවාමයි..
Deleteමගෙ ඒවත් දාන එක ලේසි නැහැ ප්‍රසිද්ධ මාධ්‍යක :ඩී
Deleteපව් අසරණය..
ReplyDeleteකවුද බං?
Deleteකවුද බං?
Deleteගැසට්/බ්ලොග් පිටුව දෙකම නැති දිණමිණ පුවත්පත කීයටද විකුණන්නෙ බං. ඒව දෙන්නෙ අර පරන පත්තර වගේ කිලෝ ගානට වෙන්න ඇති නේද?
ReplyDeleteපරණ පත්තර කිලෝව 20ද කොහෙද බං.. පත්තරේම ගත්තත් 20යි. හැබැයි ග්රෑම් 500ක් ඇති.. :ඩී
Deleteපරණ පත්තර කිලෝව 20ද කොහෙද බං.. පත්තරේම ගත්තත් 20යි. හැබැයි ග්රෑම් 500ක් ඇති.. :ඩී
Deleteතැංකු සෑමා....
ReplyDeleteස්තුති කරන්න ඕනෙ බ්ලොග්කරුවෝ.. ඔබට.. කලින් කිව්වත් වගේ නලියා ඉතිහාසගත වෙන වැඩක් කලේ..
Deleteමගුලට ගිය සල්ලි හොයා ගන්න පත්තර කළු කඩයක් දාල, මේව කැත වැඩ බන් මිනිස්සුන්ව හූරන් කන එක :3
ReplyDeleteමඟුලක් අරගෙන බලපං කෝ.. මෙහෙම ඉන්න එක ලොකු දෙයක් :))
Deleteඅනේ අප්පේ ගැසට් එකකට ගිය කල!
ReplyDeleteබත් ඔතන්නේ නැතුව කෑම පෙට්ටියක දාගෙන පලයල්ලකෝ.., ඔච්චර නහින්නේ.
ReplyDeleteසෑමෝ ටැංකු වේවා...........!
දැන් කෑම පෙට්ටියෙ තමා ගෙනියන්නෙ.. අපෙ උන් කියනවා මු බැන්දට පස්සෙ ඉස්කොලෙ යනව වගේලු වැඩට එන්නෙ..
Deleteඋන් ඊරිසියාවට කියන කතා බන්, උබ ගණන් ගන්න එපා සෑමෝ...!
Deleteසෑම් අයියට මෙහෙම අයිඩියා දෙන්නේ අර කිටී අක්කද ඈ...?
ReplyDeleteනැතුව පවුල කියන විදිහට තමා ගොඩ යන්න පුලුවන් :පී
Deleteමගෙ ලිපි කොච්චර ගියත් බොරු පත්තරේ නං මං ගන් නෑ. සෑමා, නලියා තියා දෙයියන්නාන්සෙ කිව්වත්... මේ ආණ්ඩුව පෙරළිලා යූඇන්පී ආවත් දිනමිණ නං අපිට අරහං... අම්මපා...!
ReplyDelete:ඩී
Deleteයකෝ පත්තරේ නෙට් එකෙන් බලනව, නෙට් එකේ යන එව්ව පත්තරෙන් බලනව...ඌ මට ගහනව මට ඌ ගහනව.....අනේ මන්ද බන් මට මඥ්ඥං වගේ මෙව්ව අහල..!!!!
ReplyDelete+++++++++++
Deleteනලින් අයියා අදාල පිටුව දාන නිසා ගන්න ඕනෙ වෙන එකක් නැද්ද මන්දා...
Deleteඅපිට ඉතින් දිණමින එද්දී බැරිය.. ඒ හන්දා නෙට් හොදයි.. අනික බත් ඔතන්නෙත් නැහැනේ අපි..
ReplyDeleteඔන්ලයින්ම බලපං දිනේෂ් !
Deleteඅළුත් ව්‍යාපාරයට ජය,!
ReplyDeleteස්තුති !
Deleteස්තූතියි සෑම් මලේ! අන්තිමට දාපු සංවාදයත් එළ!!! උඹට ජයෙන් ජය!!!
ReplyDeleteතාම පත්තර ලෑල්ල ආච්චිද කරන්නෙ....උන්දැට දීර්ඝායුෂ ලැබේවා !
ReplyDeleteInternet will never replace the newspaper because you can't swat a fly with internet.
ReplyDeleteDude.....චෑ චෑ චෑ අන්තිම සවුත්තු කතාවක්.
Deleteඔන්න බලහන්....තව ටික දවසකින් නලියාව ලේක් හවුස් එකේ මාකටින් මැනේජර් කරනවා.
ReplyDeleteමමත් ජිවිතෙ ප්‍රථම වතාවට බේරෙ ගෙදර පත්තර ගන්න ගත්ත.
ReplyDeleteඇත්තටම මිනිස්සු මෙච්චර කල් දිනමිණ පත්තරේ ගත්තෙ බත් ඔතන්න ද? දෙයියයෝ සාක්කි..නලීන් මේක දැක්කොත් බඩකපාගන්නවා..
ReplyDeleteඒකට හරියන්නේ බේරේ ඔබ්සවර් එකම තමා..
Deleteමං ඒත් බැලුවා මූ ආන්ඩුවට පැන්නාවත්ද කියල..?
ReplyDeleteඅර බරට පත්තර හොයන එවුන්ට පරණ පත්තර ගුලි කරලා දීපන්, බලන්නේ නැතිවම අරගෙන යයි.
ReplyDelete"ඉන්ටර්නෙට් එකෙන් බත් ඔතන්න බැහැනෙ.. පත්තර පිටුවෙන් පුලුවන්නේ"" :D දවසේ කියමන :v
ReplyDelete