මෙය වසර ගණනාවකට ඉහතදී සිරස ටීවී එකේ විකාශය වූ ගීතයක්ය. මතක හැටියට ගායකයානෝ පණ්ඩිත් අමරදේව මහතාය. එම වසරේ කැළණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරට මාධ්‍ය අනුග්‍රහය දැක්වූවේ සිරස මාධ්‍යය නිසා මෙම ගීතය වීඩියෝ එකක් සමඟම සිරස නාලිකාවේ තිරගත වූයේය. පෙරහැර සමයේ නිතරම පාහේ මේ ගීතය ප්‍රචාරය වූයේය. එකල්හි ධර්ම විද්‍යාල ශාලාවක පැවැත්වූ නර්තන පන්තියක දැරිවියන් නර්තනය කරන රූප රාමුද යොදා ගනිමින් නිර්මාණය කර තිබූ එම වීඩියෝව සෑමාට තවමත් මතකය. ඉන් එක් හේතුවක් නම් එම ගීතයේ පද රචනයය. අනෙක් හේතුව රූප රචනයේ රූප රාමු කිහිපයක සෑමා නමය වසරේදි පොටෝ එකක් විකිණූ කෙල්ල, සිටීමය. ඇය එකල්හි නර්තන කණ්ඩායමේ ප්‍රධාන චරිතයක්ය. එසේම එම වීඩියෝව තවත් මතකයේ රැදුනේ අපි එය එළව එලවා බැලූ නිසාය. ඊට හේතුව පෙර කී කෙල්ල නොව, අපෙ අයියා එම වීඩියෝවේ කොටසක සිටීමය.
ලියන්නට පටන් ගත්තේ එම වීඩියෝව ගැන නොව, ඒ කාලේ අපේ පෙරහැරක්ව තිබූ දුරුතු පෙරහැර ගැනය. එහි සොඳුරු මතකයන් ගැනය. දැන් අප කැළණි පෙරහැරට අමුත්තන්ය. නමුත් ඒ කාලයේ අප කැළණි පෙරහැරේ සාමාජිකයෝය. අලින්ට පොල් අතු කපන්නට යෑමේ සිට සිටියේ අපිය, අපේ එවුන්ය. දහම්පාසල් ශිෂ්‍යයන්ව, ගුරුවරුන්ව, ඒ කාලේ කළ කී දෑ අද මතක් වන්නේ පෙරහැරින් කැළණිය ආලෝකමත් වූ විටය. මාස දෙකක් පුරාවට පැවැත්වෙන බණ වාර සඳහාද සහභාගීවෙමින්, සියළු පෙරහැරවල් වලදී සහභාගී වෙමින් කළ කී දෑ මතක් වන්නේ දුරුතු පෝය මහෝත්සවයේ පෝස්ටර් දකිද්දීය. රෑ පුරා කැළණි පුරවරයේ බණ වාරයන් සහිත විශාල පෝස්ටර් අලවමින් ඇවිදින්නේද අපය. නොවරදවා අපේ ගෙවල් ඉදිරියේ ඇළවෙන පෝස්ටරය තවමත් ඇලවෙන්නේ ඒ මතකයන් අවදි කරමින්ය.
ශිෂ්‍ය නායකයන්ව සිටියදී දහම් පාසල් පෙරහැර සහ දේවදූත හෙවත් දොරකඩ අස්න පෙරහැරවල් කාගේත් සිත් ගත් පෙරහැරවල්ය. එදාට අපේ එවුන් තැන් තැන්වලය. ඊට හේතුව තම තමන් ට්‍රයි කරන්නාවූ කෙල්ලන්, තම තමන් යාළු වූ කෙල්ලන්, සහභාගීවන විවිධ අංග භාරව ගමන් කරන්නට කාගේත් ඇති කැමැත්ත නිසාය. විවිධ අංග, නර්ථන භාරව ඒ හා සමඟම සංවිධාන කටයුතු කරමින් ගමන් කරන්නට වන්නේ ශිෂ්‍ය නායකයින්ටය. එහිදී තමන් සිත්ගත් තැන තෝරා ගැනීමට කවුරුත් පෙළඹෙන බව නොරහසක්ය. එහෙත් පෙරහැර ආරම්භයට පෙර, කිසිවෙකුටවත් නොපවසා ඒ ඒ තැන් සියළු දෙනා තෝරාගෙන හමාරය. දහම් පාසල් පෙරහැරට සහාභාගිවන්නේ දහම්පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක්ය. එහෙත් දේවදූත පෙරහැරට කැළණිය අවට පාසල් වල ශිෂ්‍යාවන් සහිත නර්ථන කණ්ඩායම්ද සහභාගි වන්නේය. එයද අපේ එවුන්ගේ සහභාගිත්වය වැඩි කරවීමට සමත් වූ කරුණක්ය. ඒ අතර මඟතොට දී ලැබෙන කෑම බීමද, සෑම වසරකම මෙතුවක් නොවරදවා ලැබෙන කැන්ඩොස් ආයතනයේ චොක්ලට් බීම දන්සැල, අමතක කළ නොහැකි දේවල්ය. උපාලි විජයවර්ධන මහතාට පිං පිණිස පැවැත්වෙන එය දහම්පාසල් දරුවන්ටම පමණක් වෙන්වූ සංග්‍රහයක්ය.
පෙරහැර අවසන් වූ විට ගෙදර යන්නට ලැබෙන්නේ නැතිය. සියළු කටයුතු අවසන්ව ශුද්ධ පවිත්‍ර කරන කටයුතු පවා පැවරෙන්නේ ශිෂ්‍ය නායක නායිකාවන්ටය. ඒ සඳහා දහම් පාසල් ශිෂ්‍යන් යොදා ගැනීමට අවසර ලැබෙන නිසා වැඩ කටයුතු ඔවුන් ලවා කර ගැනීමට අප උපරිමයෙන් කටයුතු කරන්නේය. එහෙත් අවසන අමාරුම වැඩ ටික සැට් වන්නේ අපටය. වරෙක චොක්ලට් බීම සංග්‍රහය අවසන් වි අලුත් ශාලාවේ බිම සේදුවේ අපිය. එදා එළියට බහින විට දහම් පාසල් නැෂනල් එකේ සරම දුඹුරු පැහැ ගැන්වී තිබුණේය. ඒ සියළු දුක්ඛිත කටයුතු අප කළේ ඉතා සතුටින්ය. නැවත දින කිහිපයකින් එළැබෙන දේව දූත පෙරහැරටත් පැමිණ එවැනිම කට්ටක් කන්නේ සතුටින්ය. උඩමළුවේ පෙරහැර, පහත මළුවේ පෙරහැර ආදිය පැවැත්වෙන්නේ මහ රෑටය. ඒවා මෙන්ම මහ පෙරහැර ආදියට සහභාගි වීමේදී ඇතිවන මහන්සිය අප ගණනකටවත් නොගෙන සතුටින් සියළු කටයුතු කරන්නේය. පෙරහැරේ අලිපිටේ යන්නට ඇති ආසාව සියළු දෙනාගේ විඩා නිවන කරුණක් වී තිබුණේය. එලෙස ලැබෙන අවස්ථාවෙන් අලි පිටේ නැග්ගද, පෙරහැර වටේ ගොස් ඇවිත් බිම බැස්ස විට අලි පිටේ යාමේ විපාකය දැනෙන්නේ දෙපා වලටය. හොඳටම පලල් වී තිබූ දෙකකුල් එකතු කොට ඇවිදින්නට පවා නොහැකි වන තත්වයක් උදා වන්නේ අලි පිටේ යද්දී කකුල් දෙපැත්තට ඇඳෙන නිසාය.
පෙරහැරට පෙර පන්සල පුරාම ඇති ගොඩනැඟිලි වල සායම් ගෑවෙන්නේය. එයින් කොටසක් දහම් පාසල් ශිෂ්‍ය නායකයින්ට වෙන් වන්නේය. බොහෝවිට පාසල් නිවාඩු කාලය සෙට් වෙන නිසා අපේ එවුන් උදෑසනම වැඩට බහින්නේය. එසේම ධර්මශාලාව, බුදු මැදුර ආදිය සේදීමේ කටයුතු සිද්ධ වන්නේ රෑ ජාමයේය. ඒවාටද කිසිම අකැමැත්තක් නොදක්වා අපේ එවුන් සෙට් වන්නේ මහ රෑට ගෙදර යන්නට බස් නැති වුනත් පයින් හෝ ගෙදර යෑමේ අදහසින්ය. එසේ ගෙදර යන විට මඟදී හමුවන රතු පල්ලියේ කනත්තට අපේ එවුන් වෙන වෙනම බයය. එහෙත් හැම එකාම තදයෝ මෙන් කියන්නේ ඔට්ටුවක් දමා කනත්තට යා හැකි බවය. කිසිම දාක එකෙක්වත් එම ඔට්ටුව භාරගත් බවක් නම් මතක නැතිය.
සතුටු සිතින් එකල් හි කෑ කටු දැන් නැවතත් එන්නේ නැතිය. එදා පෙරහැරේ ගිය අපි, දැන් පැත්තක හිඳගෙන පෙරහැර බලන තැනට වැටිලාය. පෙරහැර බලන අතර පුටුවකට වී හිඳගෙන ඒ සොඳුරු අතීතය මතක් කරනවා හැරෙන්නට නැවත අතිතයට ගොස් ඒ කාලයට එකතු විය නොහැකිය. එදා සිටි උන් අද තවමත් කතා බහ කළත්, තවමත් හමු වුවත්, ඒ ලෙසම අතදැකීම් නොලැබෙන්නේය. එදා කළ දෑ පිළිබඳ සිත් සතුටින් මෙනෙහි කරමින් බ්ලොග් පෝස්ටුවක් දැමීම, ඒ දවස් අහිමි වීමේ දුක තුනී කරන්නාවූ හේතුවක්ය.
Written_by_sAm_ශ්‍රී_Perera_8:34pm_15_01_2014
January 4, 2012 - සෑමා විසින් ගසන ලද පොටෝවකි... |

සොඳුරු අතීතයක මතක. මේවා අප සැමටම ඇත. මතක් කර දුන්නාට පින්.
ReplyDeleteස්තුති නිලූක..
Delete//සැමා විසින් ගසන ලද පොටෝවකි.....// නරකද ..පාර්ට් ටයිම් ජොබ් එකක් කලොත්..!..))
ReplyDeleteරිවිර පත්තරේ කතෘ මහත්තයත් පාර්ට් ටයිම් පොටෝ රස්සාවට බහින්න කිව්වා.. කැමරාවක් තමා නැත්තෙ බං ;))
Deleteපරණ මතකයන් යලිත් අත්දකින්න බැහැ කියා හිතෙනකොට, හිතට දැනෙන්නේ මහ අමුතුම සාංකාවක් නේද..
ReplyDeleteආයෙත් අහලා..
Deleteමෙහෙම පෝස්ට් එකක් දාන්න හරි ඒ වගේ මතකයක් අතීතයක් තිබුන එක ගැන සතුටු වෙයෙන් සෑමා.. උඹට විතරක් නෙමෙයි අපිටත් ඉතින් ඔහොමම තමයි..
ReplyDeleteඇත්තටම සතුටුයි මචං..
Deleteදහම් පාසල නම් ෆන්.. අපි ඉතින් කලින් අයින් වුණා.. හිහ් හිහ්..
ReplyDeleteඋඹ දන්නවද මන්දා.. මුල් කාලෙ (5වසර වෙනකල්) මාවත් ගෙදරින් ගහල පැන්නුවෙ දහම් පාසලට.. තොපි අයින් උනේ ඊටත් පස්සෙ එළැඹුන හොඳ කාලෙදි බං.. අපරාදේ.. :ඩී
Deleteඋඹ දන්නවද මන්දා.. මුල් කාලෙ (5වසර වෙනකල්) මාවත් ගෙදරින් ගහල පැන්නුවෙ දහම් පාසලට.. තොපි අයින් උනේ ඊටත් පස්සෙ එළැඹුන හොඳ කාලෙදි බං.. අපරාදේ.. :ඩී
Deleteගිය දේවල් ගැන දුක්වෙලා පලක් නෑ. ඔය ලැබුණු දේවල් ගැන සතුටු වෙලා අපිට ඒවායින් පෝස්ට් දෙන්ටකෝ... :D :D
ReplyDeleteපෝස්ට් දෙන්න - අපිට සපෝට් එකක් දෙන්න හොදේ..
Deleteකියවන් හිතුනෙම නෑ මොනාද යකෝ මර්වියගේ වැඩ නේ තෝ කරන්නේ.. හැක්..
ReplyDeleteඅඩේ මොනවද බං මං කරපු මර්වියගෙ ජාතියෙ වැඩ ?
Deleteදහම් පාසල් ගියපු එක තමා. හැක්..
DeleteSIRASA kiyanne koti nalikawada
ReplyDeleteOYA RUPAWAHINI EKENDA ANNO?
Deleteඋඹල ඒ කාලෙ කරපුව දැං ඒ වයසෙ ඉන්න වෙන සැට් එකක් කරනව ඇති බොල. උංටත් ඉඩ දීහං. :D
ReplyDeleteටිකකි ඉරිසියයි මචං !
Deleteවයසට ගියාම ඕම තමා බන්, හැමදාම එකම දේ කර කර ඉදල බෑනෙ අලුත් දේවලුත් කරන්න එපායෑ :D
ReplyDeleteදැන් නම් කරන්න කියල අලුත් දේවල් නැද්ද මන්දා..
Deleteතව තික කාලෙකින් ළමයි බලාගන්න පුරුදුවෙන්නත් එපැයි :D
Deleteහලේ ඉතිං ඔච්චර පංසල් ආස්සරේ ලැබිලත්, දහම් පාසැල් ගිහිල්ලත් සෑමා අන්තිමට සෑමාම වෙච්ච හැටි! :-(
ReplyDeleteසෑමා - සෑමාම වූයේ උපතින්ම ධාර්මික වූ නිසාය :)
Deleteදැං ඉතින් දෙන්නත්තෙක්කම පෙරහැර බලලා සිත පහන් කර ගත්තෑකි. :)
ReplyDeleteසිත මැටි වලින් හදලද බන් ‘පහන්‘ කර ගන්නෙ..
Deleteආ සෑම ගිහිල්ල තියෙන්නෙ පංසල්.. කවද ගිය පංසල්ද නේද සෑමෝ....
ReplyDeleteමේකා කතාව කියවල නැහැ මයෙ හිතේ..
Deleteපිං අතේ වැඩ කොරගන්න එක කෝකටත් හොදයි සෑමෝ...
ReplyDeleteමේව ලියන එකත් පිනක් බොලව්.. රජ වීදියේ කවද දැකපු පෙරහැරවල්ද :))
Deleteගෘහස්ත ප්‍රචණ්ඩත්වය උත්සන්න වෙනකොට ඕවා මතක් වෙන එක සාමාන්‍යයි සෑමෝ. දුක් නොවී ඉදින් කොල්ලෝ...
ReplyDeleteහා බොරුද මං අහන්නේ....!
පවුලට බ්ලොගක් අටෝල දීල බ්ලොග් ප්‍රචන්ඩත්වය බොට පහදා දෙන්නද :ඩී
Deleteඅපෝයි......, මගේ බ්ලොග් එකටත් තට්ටු වෙන පොටක් :පී
Deleteකාලය මැව් වෙනසක අරුමේ..
ReplyDeleteමේ වගේ වෙලාවලට අතීත මතක අතර තනිවෙන්න ලැබෙන එකත් ලොකු දෙයක් සෑමෝ..
හඳ මට්ටමට පාවෙන්න මොනව හරි උරලා.. මේව ගැන හිතනකොට කෝමද :))
Deleteහඳ මට්ටමට පාවෙන්න මොනව හරි උරලා.. මේව ගැන හිතනකොට කෝමද :))
Deleteමම පසුගිය ඉරිදා කැළණි පෙරහැර පළමු වරට පෙරහැර බැලුවෙමි. ගෙදර් එනවිට බොල්ලෑගල හන්දියේදී අර අටම් ලියපු වැකුම්කීනර් කතාව මතක්වෙලා හිනහා ගියා.
ReplyDeleteසෑම ඉන්නෙ බොල්ලෑගල හන්දියෙද?
Deleteවිශ්වයා කොහෙද බොලව් ඉන්නෙ??
Delete@සසිඳු - බොට මොකටද ඒක?
@සැමා - බොට මොකටද ඒක?
Deleteමම ඔන්න ඊයක් එවුවා. කොහේ වදීද දන්නේ නැහැ එනකම් බිම දිගාවෙලා ඉන්න.
//හොඳටම පලල් වී තිබූ දෙකකුල් එකතු කොට ඇවිදින්නට පවා නොහැකි වන තත්වයක් උදා වන්නේ අලි පිටේ යද්දී කකුල් දෙපැත්තට ඇඳෙන නිසාය.//
ReplyDeleteඋඩ ඉන්න එකා රජා වාගේ යනවා පෙනුනට ඒකත් ලේසි නෑ නේද බං.. කොහොමත් ඉතින් 'අලි' පිටක් නෙ. :)
සිරාවට.. රනිල් කන කට්ට තේරෙනව නේද?
Deleteකිටියාත් සෑමාත් සැදැහැවත් ය :3
ReplyDeleteපෙරහැර දකිනකොට ළමා කාලයේ දුටු සහ විඳපු පෙරහැරත් දැන් දකින පෙරහැරත් අතර වෙනස .... හැම තිස්සෙම හිත දුවන්නෙ එදා දුටු පෙරහැරටයි.
ReplyDeleteඒ වෙනස් වීම නවත්වන්න බැහැ !
Deleteඑදා ඔබ වෙහෙස මහන්සියෙන් කල ඒ සියලු දේවල් උතුම් කුසල කර්ම. එහි ඵලය ඔබට ජීවිතය පුරා ලැබෙනවා ඇති.
ReplyDeleteහොඳ පින්තූරයක්. ටිකක් වෙහෙස වෙලා සොයාගත් කැමරා කෝණයක් බව පෙනෙනවා.
හිටි තැනම ඉදන්ගත්ත පොටෝවක් විචාරක. මට මෙහෙම ෂොට් වදිනවා කරුමෙට වගේ..
Deleteස්තුති !
අපිටත් අනාගතේ මෙහෙම හිතෙයි නේ
ReplyDeleteඔන්න ඩැයිවර් කොල්ලත් ආවා මේ පැත්තේ....ඔය සමානම මතක අපටත් තියෙනවා.මතක් වෙද්දිත් දුකයි..
ReplyDeleteකොච්චර සුන්දරද මල්ලී ඒ සොඳුරැ අතීත සැමරැම්. මට ඔය වගේ මතකයන් තියෙන්නේ පොසොන් උත්සවය ගැන. මම ඒ ගැන විස්තරයක් අනාගතයේදී පළකරන්නම්... උඹට ජය!!!
ReplyDelete