එක එකාට ලේසි වෙන්න
කරගන්නට වැඩේ
හෙමි හෙමීට කතිරෙ ගසන්
ගියාද ඔබ කඩේ..??
ඔබ්ජෙක්ෂන් දාපු එවුන්
වුණත් එකම ගමේ
කපල දාල දැඟලුවාද..?
වෙඩිල්ල කොට පඩේ
ගමේ එකා අතෑරලා
කිහිල්ලෙ ගහන් කුඩේ
දිනෙව්වාට ගිහින් කඩේ
මොකක්ද ඇති වැඩේ..??
හදිස්සියට හිත හිරවී
හුස්ම දිගට ඇඳී
පපුව ඇවිත් මිරිකුව නේ
හැදුන විටදි ලෙඩේ..
මංත්‍රිතුමා අවෙ නැද්ද
සිප ගන්නට අනේ
ඒ එද්දිත් ගෙනත් නැද්ද
බොට කන්නට වඩේ..??
තුන්සිය හැට පස් දවසක්
හැපුව බුලත් විටේ
මෙලෝ රහක් නැහැ දැන්වත්
විසිකරපං ලඩේ
අමතක කර නොහොබින දේ
අලුත් කැලැන්ඩෙරේ
ලස්සන වෙන්නට පතනෙමු
එකතු කරන් නඩේ..
හෙටින් උදාවන හැම දිනයක්ම..
සුභ අලුත් දවසක් වේවා.. !!
ජය වේවා !!
Written by sAm_ශ්‍රී_Perera_7:12am_31/12/13
ඔන්න එහෙනම් සෑමා ට කිරි - පැණි* ඉතිරෙන සුභ නව වසරක් වේවා.
ReplyDeleteසියලු පැතුම් සඵල සුබ අලුත් අවුරුද්දක් ඔබට සමග ප්‍රීතිමත් යුගදිවියක් ඔබට සැමට.
ReplyDeleteසුභ නව වසරක් වේවා.
ReplyDeleteපින්තුරේ දැක්කම නං බුලත් කොළේට ඡන්දේ දාන්න දාන්නමයි හිතෙන්නේ.. හැක්.. ඔබ ඩබලට සුනවවේ..!!!
ReplyDeleteඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
ReplyDeleteවිදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
….
සුබ නව වසරක් වේවා!
බත, බුලතින් සරු නොවේවා...!!!
ReplyDeleteකොච්චර කිව්වත් අපෙ අය
ReplyDeleteයනවාමයි කඩේ...
සෑමාටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !
ඔන්න එහෙනම් සෑමෝ උබටත් එසේම වේවා... ආ තව එකක්... ලමයෙක් අඩන අවුරුද්දක් වේවා....
ReplyDeleteසුබ නව වසරක් ඔබ දෙපොලට!!!
ReplyDeleteවාසනාවන්ත සුබ නව වසරක් වේවා !
ReplyDeleteකාර්යබහුල වුනත් රසවත් පෝස්ටු බෙදාගන්නට ලැබෙන
ReplyDeleteහිතන්නට වටිනා දෙයක් හැමෝටම බෙදාගන්නට ලැබෙන
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සෑම්ටත් කිටීටත්..
විසිකෙරුවට හපකරවූ කටෙ තියන ලඩේ
ReplyDeleteකියපං මට උඹ දෙනවද අඩු ගානේ වඩේ
චන්දෙ කරන උන් කවදත් යනවා ගොඩෙන් ගොඩේ
කාටත් නොගිහින් අපි ඉමු මේපාරත් කඩේ
සැමා ඇතුලු සැමාගේ බ්ලොග් රසික රසිකාවියන්ට සුබ නවවසරක් වේවා
මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
මේකනෙ සෑමෝ...
ReplyDeleteනෙළුම් පිපෙන්නෙ මඩේ
මැණික් තියෙන්නෙ මඩේ
ලෙඩේ තියෙන්නෙ බඩේ
වඩේ තියෙන්නෙ කඩේ
සුභ අලුත් දවසක් වේවා.. !!
ජය වේවා !!
නව යුවලට සුභ නව වසරක් වේවා !
ReplyDeleteසුබ නව වසරක් වේවා සෑමා. අනිකි පැත්තට ගහපු උනුත් මේ පැත්තට ආව එකනේ වැඩේ..
ReplyDeleteසැමාටත් අලුත් මනමාළි පොඩ්ඩටත් සුබම සුබ නව වසරක් වේවා!
ReplyDeleteඋඹ නොකියා කියන්නෙ 2014දී පෙරලමු කියලද ?
ReplyDeleteදෙන්නටම සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා !!
Harry බෑලුවද ඉතින්?
ReplyDeleteවෙරි happy නව වසරක්!
උඩ කොමෙන්වල තියෙන සෑම ප්‍රර්ථනාවක්ම ඉටුවේවා
ReplyDeleteදෙක තුන වෙන්නට සුභ පැතුම්!
ReplyDeleteසිත තුටින් බරවෙන පැතු පැතුම් ඉටුවෙන උබ තාත්ත කෙනෙක් වෙන නව වසරක් වේවා අයියේ :D
ReplyDeleteනව යුවලට සුභ නව වසරක් වේවා ! සතුට සමාදානය නිරතුරු වැඩිවේවා
ReplyDeleteමැලේ රාළට යටින් තියෙන කමෙන්ට් වල සියලු පැතුමන් ඉටුවේවා...දුසිමක් පමණ දරුවන් ලැබේවා....2014 එහි ආරම්භය වේවා !
ReplyDeleteඅපොයි අර අහිංසක ගෑණි..! තාම පැණිහඳ කෑව විතරයි..!
Deleteඔබට සාමය සතුට පිරි සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!
ReplyDeleteජය සතුට පිරේවා..!
ReplyDeleteඔබ දෙපොළට සුබම සුබ නව වසරක් වේවා!!!
ReplyDeleteදහසකුත් සුපෙම් පැතුමන්
ReplyDeleteසිතුම් පව්රෙන් වට වෙනා
සිමින් සැලෙනා සොදුරු හදවත්
යුගල මල් පිපිදෙනා.............
කටු කොහොල් මත තබන පියවර
මල් පොකුරු වී තිබෙවා
අහසෙ බබලන සදක් මෙන් නොව
අමවක දිනකද තුටු සිනා කැන්
මුව තිබෙවා......................
නෙතග දිදුලන කදුලු කැට
මිනි මුතු සෙ පෙනෙවා
වැටෙන වරකුදු යලි නැගීමට
සිතෙ සවි බල තව ලැබෙවා..........
දැනෙන තනිකම වසින්නට තව
ඇසනි වරුශා වි වැටෙවා.....
වසන්තය මෙන් ජිවිතෙ මග
පිපිදෙනා එකලු තරුවක් සෙ
දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
෴෴සචි෴෴
වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....
2014 ඉවර වෙන්න කලින් සෑමා තාත්තා කෙනෙක් වෙන ආරංචිය අපිට අහන්නට ලැබේවා.. එක පාරම සිවුනිවුන් වගේ ගහන්නම ලැබේවා..
ReplyDeleteසුහ නව වසරක් වේවා..
ඔබ දෙපලට ලැබුවාවූ නව වසර සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වන්නාවූ ශුභම ශුභ වසරක්ම වේවා යැයි පතනෙමි.
ReplyDeleteඔකෙක්කොන් ඔමදිතෝ ගොසයිමසු (විවාහයට සුභ පැතුම්..!)
ReplyDeleteඅකෙමස්තේ ඔමදිතෝ ගොසයිමසු (සුභ නව වසරක් වේවා...!)
ඩබලටම හරිය.
සුභ 2014ක් වේවා!
ReplyDeleteසුභ නව වසරක් සෑමා...
ReplyDelete