හමුවෙද්දි පාර තොට
නොයෙක් විධ තැඹිලි හෙම
රස නොමැති බැව් දැනම
හලා ගත්තා කටට
ඉවසුමක් නොමැතිවම
වටපිටත් බලාගෙන
හොඳ හරිය හලාගෙන
කට දිගේ හදිසියට
බිව්වාම දඩිබිඩියෙ
එක හුස්මෙ උගුරු අට
ඉස්පාසුවක් නැතුව
මෙලෝ රසයක් කොයිද?
පාරෙ විකුනන්න ඇති
තැඹිලි අමතක කරල
වත්තකට තාප්පෙන්
අඩිදෙකට ගස් නැගලා
ගහයටම ඉඳගෙනම
ඇඟිලා දා හිල් කරලා
කලත්තා බිව්වාම
තිබුණු රස අමතක කරලා
ගෙදර වත්තෙන් කඩාගෙන
ජෝගුවට දමාගෙන
කකුල උඩදාගෙනම
හෙමි හෙමින් රස බලලා
නිදහසේ දිවගාන
තැඹිලි ගෙඩියේ රසය
හදිසියේ බිව්වාම
නැති බවක් දැනේ තව
ගූගල් දෙයියා දන්නේ තැඹිලි ගැන නොව පොල් ගැනය |
Written_by_sAm_ශ්‍රී_Perera_6:23am_27/01/2014
මදි මදි. තව විස්තර ඕන තැඹිලි ගැන..
ReplyDeleteවැඩිය ලියන්න බැහැ.. වතුර අඩු ගෙඩියක් ගැන නේ ලිව්වෙ ;)
Delete//ගූගල් දෙයියා දන්නේ තැඹිලි ගැන නොව පොල් ගැනය// උඹට වැරදිලා සෑමො. අල්ලගෙන ඉන්න දේ නෙමෙයි අල්ලගෙන ඉන්න කෙනා දිහා බලහං.
ReplyDeleteදෙයිය වුනත් හරි දේ කරල නේ ??
Deleteමේ පින්තූරෙන් කියවෙන්නේ නං වෙන සිද්ධියක්...
ReplyDeleteමොන වගේ එකක්ද?
Deleteකෝකද බන් තැඹිලි ගෙඩිය? :D
ReplyDeleteඅතේ තියෙන එක නේද?
Deleteඅපිට ඉතිං තැඹිලි තියා කුරුම්බා ඇට්ටියක් වත් නෑනේ. ඒ හින්දා වැඩිය කියන්න දන්නේ නෑ ඔන්න
ReplyDelete//කුරුම්බා ඇට්ටියක් වත් නෑනේ//
Deleteno balls yet?
හයියෝ..
Deleteහොක් හොක් වයිඩ් බෝල්ස්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපස්සෙ පස්සෙ ගෙදර නිදහසේ බොනවට වඩා පාරේ හදිස්සියට බොන එක සමහර උන්ට රසයි කියලා හිතෙන්ඩ ගන්නවනේ.එහෙම උනොත් තමයි අවුල...
ReplyDeleteඒකත් අපූරුයි මචං.
Deleteතැඹිලි වැහි වැහැපු රටක ඉදන් ලියන ඒවා......
ReplyDeleteඅඩේ මට සිරයි සෑමයි පැටලුණා..........
Deleteසෑම දැන් තමා ගෙදර තැඹිලි රහ දන්නේ.....
සිරා බොනව ඇති.. හොදටෝම තැඹිලි..
Deleteහොරාට බීපං. අහුවෙන්න එපා.
ReplyDeleteතැඹිලි තියෙන්නෙ සහ බොන්නෙ වෙන මොන රටවල් වලද?
ReplyDeleteවෙනසකට වගේ සීරියස් ප්‍රශ්නයක් ඈහුවෙ ගස් වල හෑදෙන තැඹිලි ගෑන. OK?
Deleteතැඹිලි පාට ප්‍රභේදය නම් ලංකාවට විතරක් ආවේනිකයි කියලා කියන්නේ
Deleteතාම මම හිතන්නෙ සෑමට දැනිල නෑ තැබිලි වල රහ.... හොරෙන් බීපු කාලෙ ඉවරයි නේද සෑමෝ...
ReplyDeleteදැන් වත්තෙම ගහක් තියෙද්දි... අනික ඕන වෙලාවක් බොන්නත් පුළුවන්නේ...
උඹට තැඹිලි ගෙඩියකුයි කපුටෙකුයි නම් හොයාගන්න පුලුවන් වෙනියගේ මූණු පොතේ පිටුවට ගිහින් බැලුවානම්.
ReplyDeleteඉස්සෙල්ල පෝස්ට් එකට අපි දාපු කමෙන්ට්ස් වලට උත්තර දීල ඉදිං බං...
ReplyDeleteරෙද්ද මගේ අරක විකසිත නොකර...
සිරාවටම මමත් ඒකට එකගයි....!
Deleteඔන්න පාන්දරම ඉල්ලීම ඉස්ට කොලා.. අපූරු රිප්ලයි ටිකක් දැම්මා..
Deleteතැඹිලි හදිස්සියෙන් කඩන්න බෑ බිම වැටුනොත් පුපුරනවා. හදිස්සියට කපන්න බෑ වැඩිපුර කැපිලා වතුර අහකට යනවා. හදිස්සියට බොන්න බෑ කට දෙපැත්තෙන් වැක්කෙරෙනවා.
ReplyDeleteඒ වගේම අහලා තියනවා නේද අර සුප්‍රසිද්ධ කොළඹ යුගයේ කවිය.
දෙළුම් ගෙඩි රැක්කා
තැඹිලි ගෙඩි වික්කා
පසුව වට්ටක්කා
වැලක එල්ලී සිටිනු දැක්කා
එහේනම් දැන් හෙමිහිට බොනව වගේ බලාන කකුල් උඩදාගෙන බොන්නේ හරිය හික්ස්..!!!
ReplyDeleteහදිස්සියෙන් බොන තැඹිලිත් රහයි මචං....
ReplyDeleteබැදපු ඈයො මෙහෙම කතා කියන්වයි? මායියා දැක්කොතින් ඔන්න අපිනම් නැහැ ...
ReplyDelete//නිදහසේ දිවගාන
ReplyDeleteතැඹිලි ගෙඩියේ රසය
හදිසියේ බිව්වාම
නැති බවක් දැනේ තව// හැබෑටම සැමාටත් පහල වෙන කවි සිතුවිලි..
සෑමාගේ මේ යටි අරුත් සහිත කවි නම් අපූරුයි.
ReplyDeleteවාරෙට ඔහොම තමයි සෑමෝ... උඹ බැඳලනෙ ^_^
ReplyDeleteවෑවර තැඹිලි හොඳ ගිනියම් ඇති දාටයි..
ReplyDeleteඒවායේ රස දැනෙන්නේ වැඩි පුර රෑටයි... එහෙමත් කියනවා. ;)
सुपर, उत्कृष्ट कविता .. अपने असली कवि .. उत्सुक .. !
ReplyDeleteවැවර බොන්න මගේ මේ වයසට අකැපයි
සීවර දෙයියෝ දුටුවොත් මගෙ වත ඉවරයි
ලීවර අහුවෙන්නේ බීවොත්, වෑවරමයි
පීරුවේ නැති දාට බොර වතුරත් කදිමයි
හෙක්.. හෙක්.. හේ.. :v
කසාද බැන්දම මිනිස්සු කවියෝ වෙනවා කියල අහල තිබුනේ නම් නැහැ හික් හික් හික්
ReplyDeleteමග දිගට දකින ගෙඩි
ReplyDeleteතැබිලි ගෙඩි තැබිලි ගෙඩි
දනන් සිත් පහන් වන
සුන්දරම ඇසුරුමක
මග දිගට අලෙවියට
තැබිලි ගෙඩි තබා ඇත
එය දකින සැම දෙනගෙ
පිපාසය දෙගුන වෙයි
සිත පිනා යන ඇසුරුමක
ගුනැති බීමක් බහා
ලොව මැවූ මැවුම් කරු
කළ හපන්කම බලව
සැමා මතු නොව යකා
එමතු නොව සැම දෙනා
තැබිලිවල මහිමයෙන්
මන්මත්ව යනු නියත
මහ පාර දෙපස අයිනේ තැබිලි විකුනන්නට තිබෙනු දැක යකාට පහළ වූ සිතිවිල්ලකි.වෙන මොකුත් නොසිතනු මැනව.
මතුරපු තැඹිලි ගෙඩියක් බිපුවාම ඇඟට මාර හයියක් එනවා කියලා අහලා තියනවා. ආයේ අළු කෙහෙල් මාළු තුන හතරක් කනකල් නවත්ත්වා ගන්න බැලූ. මොකද කියන්නේ. අත්හදා බලමු ද? උඹ විකුනන ඒවා වගේ නෙවේ. ඇඟට අගුණ නෑලු.
ReplyDeleteකැත හිත..
ReplyDeleteගූගල් දෙයියෝ හරි තැඹිලි උඹට පෙන්නලා තියෙන්නේ.. දැන් මූ ඒවා නොදැක්කා වගේ ඉන්නවද කොහෙද..
ReplyDeleteඋඹව නං හදන්න බෑ නායකතුමා!!! ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!