Misuse, අවභාවිතය, නියම වචනයක්ය. අමුතු ගතියක් ඇත්තේය. මා මුලින්ම අවභාවිතය පිළිබඳව ලියන්නට කල්පනා කළේ වචනයක් උච්චාරණයෙන් හෝ භාවිත කරන ආකාරයෙන් කොච්චර නම් විනාශයක් කළ හැකිද යන්න කල්පනා කළ විටය. මෑත භාගයේ මා භාවිත කළ “අපූරුයි“ යන වචනය කොතරම් දෙයක් කරන්නට සමත් වූයේ දැයි දන්නේ අපේ ගෙදර අයය. අපූරුයි යන්න සරලව ගත් විට හොඳයි, නියමයි, යන අරුත් දෙන්නේය. යමක් හොඳයි, වඩා හොඳයි යන්න කීමට සෑමා “අපූරුයි“ යන වචනය භාවිතා කළේය. එය භාවිත කළ ආකරය සහ භාවිත කරන තැන දුටු නිවැසියෝ එය සෑමාට හුදෙක් තහනම් වචනයක් බවට පත් කළේය.
පට්ට, යනු කළෙකට ඉහතදී පට්ට වේසී (කුණුහරපයක් නොව පැරණිම වෘත්තියක්ය,) යන්න හෙවත් නරකම තැනේ අඩිය පෙන්වීමට භාවිතා කරන ලද්දේය. එකල්හි පට්ට කියන වචනය උච්චාරණය කිරීමට ‘ප‘ යන්න කියද්දීම ඉතිරිය ‘වේසී‘ ලෙස කියවෙන බව සමාජයම දැන හුන්නේය. නමුත් වර්ථමාන භාවිතය අනුව පට්ට යනු උපරිමයේ ඇති වචනයක්ය. නියමයි යන්න, හෝ හොඳ හෝ නරක යන දෙකේ උපරිමය (superlative කිවහොත් නිවැරදිද?) දැක්වීමට මෙය යොදා ගන්නේය.
දැන් අතුරු කතා පැත්තක තැබිය යුත්තේය. සෑමා ‘අපූරුයි‘ යන්න අවභාවිත කළ අයුරු සොයා බැලිය යුත්තේය. කෑම ගැනීමට පෙර කෑම තේරීම සෑමාගේ සිරිතක්ය. අම්මා ගෙදර කෑම හදන කාලයේ සෑමා කන කෑම වලට අමතරව, ගෙදර අනෙක් අය කන කෑමද සදන්නේය. එවිට සෑමා කන කෑම අතර නොකන කෑමක්ද පිඟානට එන්නේය. “කෑම වල රස නොදැන කෝමද කියන්නේ හරි නැහැ කියලා.. අදවත් කටක් කාල බලනවා..“ කියමින් එම නොකන කෑම පිඟානට එන්නේය. එදා එසේ පිඟානට ආ ‘තලන බටු‘ අද සෑමා රස දන්නා නිසා, බෙදාගෙනම කන්නේය. එය නොකන කෑම කැවීමට යොදා ගන්නා අම්මලාගේ ට්‍රික් එකක්ය. ඒ අතරම රැකියාවට යද්දී බෙඳෙන බත් ගුලියේද, කන කෑම වලට අමතරව නොකන කෑමක් තිබෙන්නේය. බත් පත දිග හැරගත් විට කන්න ගත්තාම වැරදිලා හෝ එම වර්ගය කැවෙන ලෙස එය සැලසුම් සහගතව සිදු වන්නක්ය. එවිට ගෙදර ආ විට අම්මා අසන්නේ “අහවල් කැමත් බැන්ඳා.. කෝමද රසයි නේද?“ කියාය. එවිට සෑමා “ඒක නම් අපූරුයි..“ අප්පා කියන්නේය. මෙය නොනැවතී දිගටම භාවිත කළ තැනදී අම්මාට අප්සට්ය. එතැන්සිට කුමකට “අපූරුයි“ කිව්වද අම්මා කියන්නේ “මේකා මේ අපූරුයි කියන්නේ, අකැමැති ඒවාට“ කියාය. සෑමා අත වරදක් නැතිය. හොඳයි කියනවාට වඩා, අපූරුයි කීමේ කොපමණ වැඩි අගයක් ගැබ්වී ඇත්තේද? එහෙත් එය නොගැලපෙන වචනයක් සේ අම්මා දැක්කේ මන්ද?
තුඹ කරවිල, සෑමාට අජූව කෑමක්ය. මෙලෝ රහක් නැතිය. රසක් නැත කීවේ කාලා බලා නොවේය. එහෙත් එහි ව්‍යුහය සෑමාගේ සිත කුපිත කරවන්නේය. දැක්කාම කන්නට නොහිතෙන මට්ටමේය. ඒ නිසා සෑමා තුඹ කරවිල කටේවත් තියා නැතිය. පසුගිය දිනෙක කතරගම ගිය විටක කිටියා තුඹ කරවිල ගෝනියක් විතර ගත්තාය. සැමා කට ඇඳකරගෙන සිටියදී ගත්ත නිසා “ඇයි ඔයා කාල නැද්ද ඇසුවාය..“ සෑමා එක හෙලාම පිළිතුරු දුන්නේ.. “අප්පට හුඩු.. මම කාල තියෙනවා අපූරු කෑමක්..“ කියාය. අම්මා දුන් උපදෙස් සහ සෑමාගේ වචන භාවිතයේ හිස්ට්‍රිය පෙරළා බැලූ කිටී දැන ගත්තේ සෑමා අපූරුයි කියා ප්‍රකාශ කරන්නේ ඔබ්ජෙක්ෂන් එකක් සිතේ තබාගෙන බවය. එහෙත් සෑම මිනිහෙක්ටම මුහුණ පාන්නට වෙන අවාසනාවන්ත සහ නොවැලැක්විය හැකි හේතුව යටතේ තුඹ කරවිල ගෝනියක්ම නිවසට ආවේය. අපූරුය. අම්මාගෙන් බත් කන කාලයේද සිද්ධ වූයේද එවන් ක්‍රියාදාමයන්ය. නොවැලැක්විය හැක්කේය. එහෙත් අපූරුය.
ඊයේ රාත්‍රී කෑම වේලක් සඳහා ඥාති නිවසකට ගිය සෑමා, කිටී සහ සෑමාගේ දෙමාපියන් කෑම කන අතරතුරද කිසියම් කතාබහකට ආවෝය.
අම්මා - මම දැක්ක ඊයෙ පෙරේදා හාමුදුරු කෙනෙක් බණකටත් දේශනා කරනව, මිනිස්සු, තමන්ගෙ ගෑණිව අගේ කරන්නෙ නැති එක ගැන..
පුංචි - අපේ අයත් එහෙම තමා..
කිටී - ඇයි මෙයා.. එයත් එහෙමයි..
සෑම් - හැමදාම කෑමක් රසට හදද්දි, හැමදාම රසයි රසයි, කිය කිය කෑවහම වටිනාකමක් නැහැනෙ. ඒක නිකං ගතියක් නැහැ.
අම්මා - අන්න ඒක තමා හාමුදුරුවො කිව්වෙ, ගෙදර පවුල හදන කෑම එක කාල ඒක හොඳයිද නරකද කියල කියන්නෙ නැති එක ගැන.
පුංචි - අපෙ පොඩි පුතා විතරයි කියන්නෙ, අපෙ එක්කෙනාත් කියන්නෙ නැහැ..
සෑම් - මොන පිස්සුද මම නම් කැමක් කෑවොත් අපූරුයි කියල තමා කියන්නෙ..
කිටී - අපෝ මම ඔය වචනෙ නවත්ත ගන්න කියල තියෙන්නෙ..
අම්මා - ඔව් මේක බොරුවට කියන වචනයක්..
තාත්තා - නැහැ මේකනේ කතන්දරේ, අපි කෝමද ගෙදර හදන එක හොදයි කියල කෙලින්ම කියන්නේ. අපි ගෙදරින් විතරයි නේ කන්නේ..
අම්මා - ඉතිං බලන්න ස්ටාෆ් එකේ අය ආවහම, මගෙ කෑම හොඳයි කියලමයි යන්නෙ..
තාත්තා - ඔව් ඒක ඇත්ත, ඒ මිනිස්සු එහෙන් මෙහෙන් කන නිසා වෙනස දන්නව. ඒකට අපි.. අපි එහෙම පිට තැන්වලින් කන්න යන්නෙ නැහැනේ..
සුපුරුදු පරිදි මුළු ඩයලොග් එකටම තාත්තා කතා කළේ වාක්‍ය දෙක තුනක් පමණක්ය. ඩයලොග් එක චකබ්ලාස්ය. එය හුදෙක් “අපූරුය“
පලි - මා කිසියම් තැනක ‘අපූරුයි‘ කියා කමෙන්ට් කර ඇතිනම්, එය අවභාවිත කළ වචනයක් නොවන බව කරුණාවෙන් සළකන්න.
Written_by_sAm_ශ්‍රී_Perera_7:18am_24/01/14
සහතික ඇත්ත සෑමෝ... මම නම් ගෙවල් දෙකකින් කනවා... 01 අපේ ගෙදර..
ReplyDelete02. දෝණි ලගෙ ගෙදර..
හැබැයි බැන්දට පස්සෙ කෑම කන්න වෙන්නෙ නැති හැඩයි....
එතකොට පවුල අපූරු කෑම වේලක් දෙයි යකෝ..
Deleteඅපූරුයි...
ReplyDeleteස්තුති !
Deleteඅපූරුයි.....!!!!!!!!!!!
ReplyDeleteස්තුති !
Deleteපට්ට අපුරුයි.:-P:-P:-P;-)
ReplyDeleteපට්ට් ඉස්තුති !
Deleteහපූරුයි හපූරුයි.
ReplyDeleteහපුයි.. ස්තුතී..
Deleteබැඳලා තාම මාසයක් ගියෙත් නෑ.. කිටී දෝශාරෝපණ එල්ල කරන්න පටං අරං !
ReplyDeleteඑල එල...
කොස්සෙන් ගුටි කන ඒව මෙතන කියන්නෙ නෑ බන් :D
Deleteතාත්තා වගේම හැදියං පුතේ!
ReplyDeleteගෙදරින් මිස එහෙන් මෙහෙන් කන්න යන්නෙපා. අජීරණේ හැදුණොත් විනාසයි.
ඉදල හිටල ස්නෑක් එකක් වත් එපාද?
Deleteඑතකොට balanced meal කියන්නෙ ඔක්කොම balance කරල ශේප් එකේ කන එක නෙමේද?
ස්නැක් එකක් වගේ කෑවාට වරදක් නැහැ. හැබැයි ඕවාට පුරුදු වුනාම හෙන ලෙඩේ බං. පාන් පිටි, සෝස්, කාලා ඉතිරිවෙච්ච මස් :D
Deleteගෙදරින්ම කාපන්. අනාගෙන, හලාගෙන, ඇඟිලි සූප්පු කර කර කන්න පුළුවන් ගෙදර බත් එක විතරයි. පිට තැන් වලට ගියාම ඔහොම කන්න බැහැනේ :D
අරූ බොස් !!
Deleteහදවතින්ම අපි - ඔබ සමඟයි !!!!
හිකිස්... ගෙදර කෑම හඳපු නැති වෙලාවට ඉතිං ස්නැක් එකක් කන්න වෙයි නේද? පොඩි ප්ලේන්ටියක් බීලා.
Deleteඒකත් අපූරුයි..
අපූරුයි....
ReplyDeleteස්තුතී....
Deleteබොහොත් අපූර් හෙය්..
ReplyDeleteස්ටූටී හේ !
Deleteස්ටූටී හේ !
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහරිම අපූරුයි
ReplyDeleteස්තුති
Deleteඅපූරුයි.. අපූරුයි...
ReplyDeleteහැබැයි ගෙදර මනුස්සය උනත් උයල දෙන හැම දේම කන්න යන්න එපා.
ඒක අපූරු කියමනක් ප්‍රසා..
Deleteඅපූරුයි බන් :D
ReplyDeleteබොට තුබ කරවිලම ඉදිරියට කන්ඩ ලැබේවා :P
නොදකින්...
Deleteනොදකින්...
Deleteඅල වගේද ගෝවා මල්ලි
ReplyDeleteසෙවලයි බන්ඩක්කා....
උඹ තුඹ කරවිල මතක් කරනවා...කරවිලත් හොයාගන්න බැරි තැන්වල.
සික්.. අපූරු කෑම සෙට් එකක් ගැන ලියල තියෙන්නෙ අරූ..
Deleteමාත් තුඹ කරවිල කටේවත් තියන්නේ නැත......
ReplyDeleteඒවා 'අපූරුයි'. ඒකයි....
අන්න අපූරු කෑම..
Deleteඅන්න අපූරු කෑම..
Deleteබලන් ගියහම මම අවභාවිත කරන වචන ලිස්ට් එකක්ම තියෙනවනෙ... කවුද දන්නෙ ඒකට කියන්නෙ අවභාවිතය කියල...
ReplyDeleteඅවභාවිතය බව නොදැන අවභාවිත කරල වගේ සාතන්..
Deleteපලි -ලියැන් නෑ කියල කකා බැන්නට පස්සෙද බ්ලොග් පැත්තට බැස්සෙ.. :))
මොනවට කියනවද සෑමෝ කෑම ගැන නම්... අපේ අම්මත් ඔය වැඩේම තමා මටත් කරන්නේ.. හැබැයි වෙනස, කන්නේ නැති කෑම තුනකට කන එක කෑමයි එයා දාන්නේ බන්ස්.. අම්මා කන්නේ නැති කෑමක් අල්ලගෙන මම ගේම ඉල්ලනවා,
ReplyDelete"අම්මා ඒක කන්න කැමති නෑ වගේ තමා මම මේවා කන්න කැමති නෑ"
එතකොට හට්ටි, මුට්ටි, කොහු මිටවල්, පොල් කටු හැදී, සෙරප්පු, දෙකේ දෙකේ ලී කෑලි, දේශපාලනික තර්ජන, මගේ රූම් එක දිහාට පියාබන හින්දා රූම් එකේ දොරත් වහලා මමත් මමත් සද්දේ වහලා ඉන්නවා.
විරෝධය පල කලහම කෑම එකත් නැතිවෙන හින්දා මමත් ඔහේ කනවා බන්. දුක් වෙන්න එපා....!
සිරාම කතාව.. එක අතකට අපූරුයි..
Deleteවිරෝධය පෑමෙන් ප්‍රජා අයිතියත් නැති වෙන නිසා සද්ද නැතුව දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න තමා තියෙන්නෙ නිමෝ..
අපූමරුයි මචං . කරවිල කියන ජාතිය නම් මම මගේ ජීවිතේටම කාලා තියෙන්නේ වංඟියක් දෙවංඟියක් විතර . අප්පා බත් පිඟානක කරවිල ගෑවුනත් මට කන්ඩ බෑ නොවැ .
ReplyDeleteකරවිල බැදලා නම් අපූරුයි බං..
Deleteතුඹ කරවිල තමා අපූරුම..
ඉතින් කොහොමද මේකට අපූරු ලියවිල්ලක් කියලා කියන්නේ?
ReplyDeleteකට ඇරලා ලියපං හෙන්රි.. අපූරුයි කියලා :)
Deleteඅපූරුයි :D
ReplyDeleteතාත්තාගේ කතාව නම් අපුරුයි.
ReplyDeleteස්තුති
Deleteඅපූරු යි! අපූර්ව = අ+පූර්ව, ඒ කියන්නෙ පෙර නොවූ විරූ....
ReplyDeleteඒ කියන්නෙ මගෙ වචනේ හරි.... :)
Deleteමට හස්චින් ගිහින් ඉවරයක් නැහැ අයියෝ .....ෂෝයි ලිපියක් සැමෝ
ReplyDeleteඇක්චුවලි ඔයා මැරී කරාට පස්සේ ලියන ඒවා ගොඩක් හොදයි
මැරි කලාම මිනිස්සු පරිනත වෙනවනෙ බන් :D
Deleteඅපූරුයි අපූර්වි :D
අපූර්වි කියන්නේ “අපූරු - ඊරී“ කියන එකද බොල ??
Deleteතාත්තා කන්වර්සේශන් එක ගානට හැඩක් කරලා.. අන්න ඉගෙන ගනින්.. අපූරුයි කිය කියම ඉන්නේ නැතුව.. බොට කිවුවට ඉතින් අපිත් මේවා ඔළුවට දා ගන්න ඕන..
ReplyDeleteඅපෙ වචන සීයට අපෙ තාත්ත කියන්නෙ වචන පහයි බං :))
Deleteඅන්න පොයින්ට් ඉගෙන ගන්නවනම්..තාත්තා නියමෙට වැඩේ ගොඩ දැම්මා...
ReplyDeleteපුතත් ඒ වගේමයි බං :ඩී
Deleteඅගේ කිරීම හැම මනුස්සයෙක්ම කෙලින්ම හෝ වක්‍රයෙන් බලාපොරොත්තු වෙන දෙයක් නෙ.......
ReplyDeleteසහතික් ඇත්ත. අපූරු කියමන..
Deleteමට නං අදටත් රසම ආච්චිඅම්මා උන් කාලේ උයා දුන් කෑමය.. ඒ කැම එකට ගහන්න තාම කැමක් මට හමු වී නැත. ගලේ අඹරන මිරිස් ගුලිය ගොරක ගුලිය ඕව දාල එදල ගන්න කෑම අම්මෝ රස...
ReplyDeleteඅපෙ අම්ම සම්බෝලෙ හදන්නෙත් එහෙමයි නලින් අයියා.... අපූරුයි..
Deleteමම වගේම පොරක් තමා එහෙනම් සෑමා. කන්න ගියාම තෝරනවා හැම දෙයක්ම
ReplyDeleteනැතුව මචං.. අපේ බඩට කන ඒව අපිම එපෑ තෝරන්න...
Deleteඅපූරැම අපූරැයි!!
ReplyDeleteඉස්තුති :)
Deleteහරිම මාන්දමිකයි උඹේ අපූර්වත්වය...
ReplyDeleteමාන්දමිකව ස්තූති..
Deleteමමත් දවසකට සිය සැරයක් විතර කියන වචනයක් තමා බං...
ReplyDeleteහරි අපූරු කොල්ලෙක් නේ..
Deleteඅපූරුයි සැමා (මෙම්ය අවභාවිතයක් ලෙස නොසලකන්න)
ReplyDeleteඅපේ අම්ම නම් නොකන එව්ව කවන්න බත් එකක් බෙදාගෙන ඇවිත් කවනව. ඒකෙ තියන නොකන ඒව ගැන මං ප්‍රශ්න කරහම කියන්නෙ ඔයා කෑවෙ නැතුවට මං කනවනෙ මටත් එක්ක බෙදාන ආවෙ කියල. අන්තිමට නොදැනුවත්වම මාත් කාල. කාලයත් එක්ක ඔක්කොම වෙනස් උනා, දැන් මන් නොකන්නෙ තාරයි, තීන්තයි විතරයි.
ඔය කියන විදිහට තේරෙනවා දේශ්ගෙ කෑමෙ තරම.. තාරයි තීන්තයි පවා කනවත් ඇති බඩගිනි වූනාම..
Deleteඅපූරු බඩක් නොවැ..
මමත් තුඹකරවිල නොකන්නේ උඹ නොකන හේතුව නිසාමයි.හැබැයි උඹනම් දැන් තුඹකරවිලත් කයි.හරි අපූරුයි....!
ReplyDeleteමම වගේමයි. අපූර්වත්වය නිසා නොකන ඩයල් එකක් චින්තකත් :))
Deleteමං ගෙවල් ගොඩකින් කනවා.
ReplyDelete1 අල්ලපු ගෙදර
2 අපේ ගෙදර
3 කිරි අම්මගේ ගෙදර
තුනම අපුරුයි..
4 හංදියේ රෙස්ටුරන්ට් එක. එක උත්කෘෂ්ටයි.. :D
හුටා... :D
Deleteඒ අදහස නම් අපූරුයි..
DeleteThis comment has been removed by the author.
ReplyDelete