Sunday, October 27, 2013

හිංචි පිංචි හාවා සහ ස්ත්‍රිත්වය - Something Make You Happy, Girls...!!!




ස්ත්‍රියට සහායක භූමිකාවක් පිරිනැමෙන වත්මන් ඊනියාවාදී ආකල්පය තුල පුරුෂයා වූ කලි සමාජයේ ප්‍රමුඛයා යැයි විශ්වාස වේ. ගෘහිණී තනතුර මත ජීවිතය ගලායන ඇයට ආර්ථීක සන්දර්භය මත පුරුෂයාට මෙන්ම රැකියාවක නිරත වීමේ අනුලංඝණීය වගකීමක් වර්තමානය වන විට පැන නැගී ඇත. සාහිත්‍යය තුල ඇය රාගයේ ගින්නෙන් දැවෙන්නියකි. පෙරදිග සමාජ ක්‍රමය තුල ස්ත්‍රිය වූ කලී හුදෙක්ම රාගය, රතිය, වඩවන්නියකි. “කාමය“ යන්න අර්ථ නිරූපණය කරන්නියකි. කාව්‍යශේඛරයේ ඇය පිරිමින් පිනවන විනෝද සාගරයකි.

“පිරිමිනිදු පතන
අවසර කල රහස් තැන
මිස නොලැබෙන බැවින
ගැහැණු කවරෙද වරෙදෙ නොබැදෙන“

ගැහැණිය වරදෙහි බැදෙන්නට හේතුවක් සාධාරණීකරණය කළ හැක්කේද? වෙනස් විය යුත්තේ ගැහැණියගේ අධ්‍යාත්මයද? නැතිනම් මේ ඊනියා වාදී සමාජ ක්‍රමයද? ගැහැණිය තනිවම වරදෙහි බැදිය හැක්කේද? පුරුෂයා තුලින් පැන නගින සමාජ කාර්යයේ හිස් අවකාශයන් තුල ගැහැණිය වරදෙහි බැදීම පමණක් කෙසේ නම් සාධාරණීකරණය කළ හැක්කේද?

උම්මග්ග ජාතකයෙහි සිරි කලකණ්නි ප්‍රශ්නය තුලින්ද පිළිඹිබු වන්නාවූ ස්ත්‍රී - පුරුෂ භූමිකාවන්, පසුකාලීනව සිග්මන් ප්‍රොයිඩ් පෙන්වා දුන් චිත්තවේගික වපසරියන් මෙහිදී මනාව විග්‍රහ කොට ගත හැකි වන්නේය. “යා දෙක නොරත රත“ යනුවෙන් හැදින්වූයේ කුටුම්භය තුල එකිනෙකා තුල ඇතිවන නුරුස්නා ගති ස්භාවයන් හා ක්‍රියාකාරකම්ය. සාහිත්‍යය තුල ධ්වනිත වන මෙම සත්‍යතාව සැබෑ ජීවිතය තුල ස්ත්‍රියගේ වරදක් පමණක්ම ලෙසින් හැදින්වීම තුල ඇයට නිරායාසයෙන්ම සමාජගත අසාධාරණයක් බිහිවන්නේය.

ජනවහරේ එන ස්ත්‍රිය චපලය. පහත් කාමුක ආශාවන්ගෙන් පෙලෙන්නීය. උත්පත්තියෙන්ම දුර්වලය. පුරුෂ ප්‍රමුඛ සමාජය ස්ත්‍රී - පුරුෂ සමාජභාවය (Gender Neutrality) මෙලෙස හදුනාගනී.

“ගැහැණු ජාතිය ජරා ජාතිය - ගලේ ගහපිය මරා දාපිය
පිරිමි ජාතිය උතුම් ජාතිය - කන්න දීපිය මල් පුදාපිය“

ස්ත්‍රිය විෂයෙහි පිළිකුල් ස්භාවයක් ඇතිකරවමින් පුරුෂයා කෙරෙහි මාන්නත්වයක් ආරෝපණය කළ ඒ සමාජය තවදුරටත් වලංගු වේද, නොවේද යන්න සමාජය තුලින්ම කතිකාවතකට අවසර දිය යුතුය.

මනමේ නාටකයේ මනමේ කුමරිය සියල් සැප හැර වනයෙහි වැදි රජුගේ සෙනෙහස පතන්නේ ඇය වැදි රජ අඩවියේ අනාරක්ෂිත වූ කල්හිය.

“ස්ත්‍රිය සිරි යහනේ ලබන සැපයට වඩා තණ බිස්සේ ලබන සැපය උතුම් කොට සලකන්නීය“ යනුවෙන් දක්වන චුල්ල ධනුද්දර ජාතකය වත්මන් සමාජය විසින් අර්ථ නිරූපණය කළ යුත්තේ පුරුෂෝත්තම සමාජයක ඇයට හිමිව ඇති සාධාරණය කළ නොහැකි අසාධාරණය සමාජය තුල ප්‍රශ්නගත කරමිනි.

පෙරදිග සාහිත්‍යය තුල කාන්තාව නම් මේ වේ. නූතනයේ අපට ඇසෙන ලමා ගීයක තනුවක පද ඇරුත් එකිනෙක විමසන විට ස්ත්‍රී - පුරුෂ සමාජභාවයේ එක් පැතිකඩක් වන “පවුල් ජීවිතය“ හෙවත් “කුටුම්භ සන්ඨාපනය“ යන්නෙහි හරය අවබෝධ කොට ගත හැකිවේ.

“හිංචි පිංචි හාවා යද්දි තනිවෙලා
වෙලේ උන්නු ඉබ්බා දැකලා වතුරේ නෑවිලා“

කතාවේ කතානායකයා නම් හිංචි පිංචි හාවාය. කතානායිකාව වෙලේ උන්නු ඉබ්බාය. මේ හාවා ඉබ්බා දකින්නේ තනිවී යන විටය. තනිකඩව සිටි ඔහුට යථාර්තවාදී (වතුරේ නෑවී) ස්ත්‍රිය මුණගැසෙයි. ඇයද, යථාර්තවාදී ස්ත්‍රියක් සතු ගුණාංගයන්ගෙන් හෙබි තැනැත්තියකි.

“ඉබ්බා දැකපු හාවා ඉවුරෙ නැවතිලා
ඔට්ටු තියලා අපි දුවමුද ඇහුව ළංවෙලා“

ඉවුරු වූ කලී ජීවිතයේ එක් මංසන්ධියකි. යෞවනෝදයට පත්ව සිටි ඔහුට ජීවිත ඉවුරේ නවතින්නට සිතෙයි. එතැන් පටන් අලුත් ගමනක් යන්නට සහකාරියගේ අවශ්‍යතාව ඔහුට දැනෙයි. ප්‍රේමාවනන්ද චිත්තරූපයන් හදවතේ ඇදෙයි. ශික්ෂණාත්මකව එහු තම හැගීම් ඇය වෙත මුදාහරින්නේය. “ඔට්ටු තබා දුවන්නට“ ඔහු ඇයට ආරාධනා කරයි. ඔට්ටු තබන්නේ නම් අවසානයේ ජයක් ලබන්නෙකු සිටිය යුතුය.

“ජීවිත තරගයේ දිනන්නේ කවරහුද? ඔට්ටුව සදහා ඇපයට තබන්නේ මොනවාද?“

ජීවිතය නම් මෙයයි. ඔට්ටුව සදහා ඇපයට තබන්නේ තම පෞද්ගලිකත්වයයි. ගැහැණිය හා පිරිමියා විසින් ජීවිත තරගයේ ඔට්ටුවට තබන ඇපය දෙපාර්ශවය විසින්ම ගෞරවාන්විතව හා විශ්වාසනීයව ආරක්ෂා කළ යුතුව ඇත.

“දුවන්නට හැකි තමුසෙ පහනෙකි
ඔච්චර ඔය කියනව නම් දුවල බලමුද?“

ස්ත්‍රීවාදීන් (Feminists) තුල කාන්තාව සවිමත්ය. පිරිමියා මෙන්ම බලවත්ය. ඇයට සමාජ කාර්යභාරය හුදෙකලාව ඉටුකළ හැක්කේය. එහෙත් එය ප්‍රායෝගික නොවේ. ගැහැණිය ජීව විද්‍යාත්මකවම දුර්වල ප්‍රාණියෙකි. කායිකව දුර්වල ඇය චිත්තවේගික බන්ධනයන් තුලදී ඇය නිරායාසයෙන්ම දුර්වලය. පුරුෂයා සමාජ කාර්ය තුල “හපනෙකු“ බව ඇය දනියි. එහෙත් ඇය අභියෝග ඉදිරියේ නොසෙල්වන්නීය. ඇය ඉන්ද්‍රඛීලයකි. ඇය ජීවිත තරගය දිවීමේ අභියෝගය භාරගන්නීය. එහෙත් ඇයට යම් චකිතයක් ඇත. තවද ඉන් අවසන් නොවූ අහිංසක ඉල්ලීමක්ද ඇත.

“හැබැයි හාවො මට ඉස්සර වෙන්න දෙනවද?“

සමාජ සන්දර්භය තුල වචනයෙන් ඉල්ලිය නොහැකි එහෙත් අවබෝධයෙන් යුතුව කළ යුතුව යමක් පුරුෂයා විෂයෙහි ඇතිවේ. ඇයට සැලකීමක් අවශ්‍යය. අවධානයක් අවශ්‍යය. ඇය ඒ තත්වය පුරුෂයා වෙතින් අවශ්‍යෙයෙන්ම බලාපොරොත්තු වේ. අභියෝගය භාරගැනීමෙන් අනතුරුව ඇය කරන මේ ඉල්ලීමට මුළු මහත් සමාජයම සාවධාන විය යුතුය. හුදෙක් එය අනුකම්පාවක් නොවේ. මානුෂීයත්වයට ගරු කිරීමකි.

පුරුෂයා යටහත් කරමින් ස්ත්‍රී ප්‍රමුඛ සමාජයක් බිහිකිරීමට ඇය අවකාශ නොඉල්වයි. ජීවිත තරගයෙන් ඉස්සර වන්නට නුදුනහොත් කාන්තා සංවිධාන පිහිටවන බවටත් උද්ඝෝෂණ, අරගල කරන බවටත් ඇය අනතුරු නොඅගවයි. “ඉස්සර වන්නට“ ඉල්ලීමෙන් ඇය බලාපොරොත්තුවන්නේ ස්ත්‍රී අධිපත්‍යය නොවන පුරුෂාර්ථ සැළකීමේ සම්මතයයි.

“හාවා දුව යනවා - නිදන්නට වුණා
ඉබ්බා හෙමින් හෙමින් නියම තැනට ලංවුණා“

ජීවිත තරගය තුල හාවාට පැවරුණු අතිමහත් වූ සමාජ කාර්යයක් වේ. එම සමාජ ක්‍රමය තුල ඔහුට කුටුම්භ රක්ෂණයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වේ. වඩාත් වෙහෙසට පත් ඔහු ජීවිත තරගය අතරමග නිදන්නට වෙයි. විඩා හරින්නට වෙයි. සමාජ ක්‍රමය තුලින් ඇති කළ විෂය ක්ෂේත්‍රයක් තුල කුටුම්භ සන්ඨාපනය දෙකඩ වෙයි. ගැහැණිය කෙරෙහි වන සැළකීමේ සම්මතය අඩපන වෙයි. අවසානයේ ඇය සම්මතයට පිටුපාන්නට තීරණය කරයි. ඇය ක්‍රම ක්‍රමයෙන් ජීවිතය සොයායයි. සම්ප්‍රදායික ස්ත්‍රිත්වයෙන් මිදෙන්නට උත්සාහ කරයි.

“නිදා උන්නු හාවා ඌට උඩින් පැරදුණා“

අවසානයේ ඇය ජයග්‍රණය ලබයි. එහෙත් එය සමාජය විසින් පිලිකුල් කරන තත්වයේ සම්මතයේ තිර කඩ හැර දැමීමකි. සමාජ කාර්ය විවේචකයන්ගේ ගැරහුමට ලක්වන ක්‍රියාවකි. විවේචකයන් විසින් දොරගුළු දමා ආයාසයෙන් වසා දමා තිබූ රහස්‍යභාවය අහෝසි කරන්නකි.

විචක්ෂණ බුද්ධියෙන් සමාජය අවබෝධ කරගත යුතු කාලය එළඹ ඇත. සාහිතයේ එන කවර කලෙක වුව වරදෙහි බැදෙන කාන්තාව එවන් තත්වයකට පත් කිරීමට යොමු කරන සමාජ ක්‍රමයේ සංකල්පයන් ස්ත්‍රී - පුරුෂ සමාජභාවය සමාජ ගත කිරීමේදි අත්‍යවශ්‍යෙයන්ම හදුනාගත යුතුය. නෙඑසේව ස්ත්‍රිය සමාජ කාර්යයෙන් ඈත් කොට තැබීම විසදුම නොවේ. ස්ත්‍රියටත් පුරුෂයාටත් සමාජ සන්දර්භය තුල පැන නගින කාර්යභාරය අනෝන්‍ය වශයෙන් හදුනාගත යුතුය. මානුෂීයත්වය සම්මතය කොටගනිමින්, ගෞරවනීය හා විශ්වාසවන්ත ලෙස - ස්ත්‍රී පුරුෂභාවය සමාජ ගත කළ යුතුව ඇත්තේය. “පවුල් ජීවිතය“ හෙවත් කුටුම්භ සන්ඨාපනය නම් එයයි. සුභාෂිතයේ සදහන් පරිදි අවබෝධ කරගත යුත්තේ,

“මිනිස් හට සොදුරු ගුණ සහ නුගුණ ඇත
නිදොස් කෙනෙක් මෙදියත උපදිනේ නැත“ යන්නයි.

පලි - මෙය කියවා අවසන් වූ තැන ඔබ සෑමාගේ චින්තනයේ වෙනසක් ඇතිවී දැයි සැක පහල කරනු ඇත. නොඑසේනම් මූ බීලාදැයි අසනවා ඇත. මෙය හුදෙක් සෑමා ලියූවක් නොව, සෑමාට ඔහුගේ රසිකාවියක් එවූ ලිපියක්ය. එහි ඇති රසවත් බව හා ගැඹුරු බව දුටු විටම සෑමා මෙය පෝස්ට් කළ යුතු බව සිතා ගත්තේය. මෙය කැමති පරිදි වෙනස් කොට පෝස්ට් කරන්න යැයි ඇය පූර්ණ බලතල සෑමාට ලබා දුන්නද, මෙහි වෙනස් කරන්නට දෙයක් නැති බව සෑමා දුටුවේය. ඒ නිසා මෙය අමු අමුවේ පෝස්ට් කළේ ඊයේ සවසය. නමුත් ෆොන්ට් එකේ වෙනසක් ඇති වී මහා අර්බුධයක් ඇති වූයේය. ;)

මෙය ඈගේය...

ශානිකා දිල්ෂාණි
නීති පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය.


45 comments:

  1. ඊයේ බය උනා සෑමා ට පිටසක්වල ප්‍රහාරයක්වත් එල්ල වෙලාද කියලා...... අද බය උනා සෑමාගේ බ්ලොගට එහෙම දෙයක් වෙළද කියලා ප.ලි. නිසා දන ගත්තා ඒ දෙකම නෙවි කියලා ........ මුළු ලිපියෙන්ම මට වටින්නේ මෙන්න මේ කෑල්ල " පිරිමි ජාතිය උතුම් ජාතිය - කන්න දීපිය මල් පුදාපිය“ (උදේම මේ කොමෙන්ටුව දාලා වැඩේ කෑවද මන්දා)

    ReplyDelete
    Replies
    1. kamak ne me kotasa hari oyata watinwane....

      Delete
    2. අහ්.. නංගි වැඩේට බැහැලා වගේ.. ජය වේවා..

      පලි - ලියනව වගේ නෙවෙ මුන්ගෙ ඒවට උත්තර දෙන්න ගියාම :)

      Delete
  2. වහාම ක්‍රියාත්මක වන පරිදි සියළුම පාසල්, පෙර පාසල් වල අදාල ගීතය (හිංචි පිංචි හාවා) ගායනය තහනම් කල යුතුය. එසේම රටේ ස්වාධීනත්වයට, භෞමික අඛණ්ඩත්වයට, ප්‍රජාතන්ත්‍රවාදි මෙවුවා එකට සහා අපේ පුරුශෝත්තමවාදි කාන්තාවාදි ආතල් කුඩු කරන මෙවන් ගීත රටේම තහනම් කර ගායකයාව 'ස්වාසිලංතයට' පිටුවහල් කල යුතු‍ය. (පොඩි කාලෙ සිංදුව කිවුවට දැන් ඒකා ලොකු ඇතිනෙ)

    ReplyDelete
    Replies
    1. චතුරංගයෝ.. මාත් දැන් මධ්‍යස්ථ මතධාරියෙක්.. ඒ නිසා ඕවාට මම එකග නැහැ :ඩී

      ජය වේවා !

      Delete
  3. ලිපිය පට්ට . එක ගැහැණියෙක් ලේසියෙන් තවත් ගැහැනියකට සමාන කරන්න බෑ . ගැහැණිය තේරුම් ගන්න ඕන එක එක විදියට හිතලා බලලා .

    සෑම්ගේ රසිකාවිය හොඳට හිතලා තියෙනවා . එල එල

    ReplyDelete
  4. තව දෙතුන් පාරක් කියවන්න වෙනවා සෑම් හරිහමන් කමෙන්ට් එකක් දාන්න... අද වෙලාව නැති හින්ද හෙට වත් බලමු... හි හි....

    ReplyDelete
    Replies
    1. ඈ බොල ඊයෙ ෆොන්ට් අවුල් ගිහින් දාපු වෙලාවේ මුලින්ම ඇවිත් දැගලුවා නේද බොලව්..

      මේක හිරුවා කියවන්නම ඕනෙ එකක්..

      ජය වේවා !

      Delete
    2. මං මේ කල්පනා කලේ අර වලස් දඩයම විචාරය කරන්න කිව්වම කඩියා කියන්නේ බල්ලෙක් කිව්වා වගේ නැතුව ශානිකා කවිය නියමෙට ගලපලා තියෙනව... එතනිත් එහාට නං ඉතිං කියලා තියෙන්නෙ හැමදාම කියන ටිකම තමයි... ඕක කොයි විදියට කිව්වත් තේරුම් ගන්න අය තේරුම් ගන්නවා.. නැති අය ෆෙමිනිස්ට්ලා කිය කිය බැන බැන ඉන්නව... අර අන්තිමට දාලා තියෙන ෆොටෝ එකේ තියෙන එක තමයි මුළු පෝස්ට් එකටම හරියන්නෙ...

      ප්‍රශ්නෙ තියෙන්නෙ දැං අර අපේ බහුබූත බ්ලොග් භාෂාව කියෝලා කියෝලා මේ වගේ වචන ටිකක් එකපාරටම ජීර්ණය වෙන්නෙ නැති එක... විශේෂයෙන්ම ඒක “සෑම්ගේ” බ්ලොග් එක උනාම... හි හි...

      ඒයි සෑම්.. දැං මගේ බ්ලොග් එක පැත්තෙ එන්නෙම නැත්තේ ඒ තරං බිසීද...

      ආ... හලෝ... හැප්පි හැප්පි බර්ත්ඩේ වේවා..... හි හි

      Delete
    3. අඩේ පොටෝ එක මගේ තේරීමක්.. සතුටුයි නේද :))

      බ්ලොග් රෝලෙ හිරුගේ බ්ලොග් එක තියෙනවද බලන්න.
      සොරි වේවා.. (බුකියේ රික්වෙස්ට් එකක් දාපං හිරුවෝ..)
      අහ් අන්න ඒකනේ රෝලෙන් මිසින් :) දැන් හැම හැමදාම එමි :)

      Delete
  5. මට මේ ලිපියේ මුලින්ම හිතුනා මේක තනිකර යන්නේ ලෝ ටෝක් වලින් නිසා. කොහොම වුනත් මේ ප්‍රශ්නේ පෙරදිග විතරක් නෙවෙයි බටහිර වගේම මැද පෙරදිග වගේ සමාජයන්ටත් පොදු කාරනාවක්. බොහෝවිට ස්ත්‍රිය සැලකෙන්නේ හුදෙක් ලිංගික අවශ්‍යතාවයන් සපුරාගැනීමට ඇති මෙවලමක් ලෙසය.

    ReplyDelete
    Replies
    1. අඩේ............ තව දින්ගෙන් අමතක වෙනවා හෙට සෑමගේ ජන්ම දිනය කියල එහෙනම් මම මගේ හර්දයෙන්ම උණ්ඩුකපුච්චයෙන් මැ මගේ උණුසුම් සුභ පැතුම් පිරිනමනවා මොකකට හරි දාල පරිස්සමෙන් භාර ගන්න (මොකද උණුසුම් නේ අතපිච්චෙයි) :) Wish u all the very best bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. tawa duratat kanathawa mewalamak wiya yuthu ne neda???

      Delete
    3. ස්තුති කෝරලේ මහත්තයා ;)

      බ්ලොග්ලෝකෙ ප්‍රථම සුභ පැතීම උඹගෙන් කියල ඉතිහාසගත වෙනවා !!

      Delete
  6. ප.ලි කොටස කියවනකල්ම මන් නිකන් කොයිල් වෙලා හිටියේ ,, මන් හිතුවා හරි හි හි ,, ගොඩක් මද්‍යස්ථ ලිපියක් ඔයත් බ්ලොග් එකක් ලිවුවනම් හරි නේද ශානි ,, සෑම් ඔයා මේ ලිපිය පළකිරීම ගොඩක් වටිනවා මගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. මාත් අදහස දැම්මා බ්ලොග් එකක් ලියන්න කියලා. :)

      ඒත් මෙහෙම ලිපි ලියල දුන්නත් කමක් නැහැ. මට ආතල් එකේ ඉන්න පුලුවන් නේ :ඩී

      ජය වේවා !!

      Delete
    2. ah ehma nam be man liyala dennam ithuru tika sam aiya balaganna...

      Delete
    3. @apurwi: blog ekak karanna taram confidence tama nene...

      Delete


  7. අහ්හ්හ් මේකද ඊයේ ෆොන්ට් එක අවුල් ගිහින් තිබ්බේ ...?

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් ඊයෙ ඇවිත් උබල දැගලුවේ මේකෙ ෆොන්ට් අවුලක් ගිහින් තමා :)

      Delete
  8. දැන් කමෙන්ට් වලට උත්තරදෙන්න හිතාගෙන ඉන්නේ උඹද රසිකාවියද?

    ReplyDelete
    Replies
    1. ඒ ඇත්ති උත්තර දීල නොවැ !

      Delete
    2. mamath puluwan widiyata uttara dennamkoooooo

      Delete
  9. සිරාගේ ගූ පොස්ට් එක කියවලා ආවේ. මේ තියෙන්නේ සැමා අලුතින් හදපු වැසිකිලියක්. දෙයියනේ කියලා බොකක් දැම්මහැකි.

    මම ගොන්ජි පජාන් වලින්

    ReplyDelete
    Replies
    1. මට ඕන තරම් අය පෝස්ට් එවනව මේක දාන්න, අරක දාන්න කියල, ඒ අතරින් කාලයක් තිස්සෙ ඉදලා දැම්මෙ මේක. මෙතන වැසිකිලියක් නෙවෙ. ඒත් අහක යන්න බල්ලෝ ජරා කරල යනව හරියට අපේ ගේ ඉස්සර මිදුල වගේ. එතකොට බල්ලට බැනල වැඩක් නැහැ, බොක අයින් කරල දානව මිසක්. කොතන රිව්වත් බල්ල බල්ලමි ආයුබොවන්ඩ !

      Delete
  10. මේක ලියපු එකාට කියයහන් බොදු සේනාව වගේ එකක් පටන් ගන්න කියලා.
    තව ටිකක් බරට හිටින්න "සප්තමහා සාගරය, සමුද්‍ර ඝෝෂය, මහා මේඝය" වගේ වචන ටිකකුත් අතරින් පතර එක් කොරානම් නියමයි.
    කෝ බන් ගැටපද විවරණය දාලා නැනේ. හොඳ වෙලාවට කුමරතුඟු මුනිදස් ගෙන් සිංහල ඉගන ගත්තේ අඩවි රජ වගේ එවුන්ට නම් සොරි.

    ReplyDelete
  11. ඒක මිසක්.. සෑමට මෙහෙම දෙයක් ලියන්න පුළුවන්නම් මොනවා කරන්න බැරිද..

    ශානිකාගේ අදහස් ගොඩක් හොදයි කියලා හිතෙනවා.. නරකද බ්ලොග් එකෙක් ලිවුවනම්..

    ReplyDelete
    Replies
    1. ෆල දින්නෝ යන්න. අපිත් බර වචන දන්නවා. උබලට නොතේරෙයි කියල තමා නොලිය ඉන්නෙ

      ජය වේවා !!

      Delete
  12. සැමෝ මේක කියවන්න මට නං කාලක් වත් බොන්න වෙනවා.. හිටහං කාලක් ගේනකං... (උඹ එදා පන්ට් එක වර්චස් කරගත්තේ නැත්නං මම හොදට කියවනව නේ ඒ වෙලාවේ)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මම දැක්ක උබ මුලින්ම ඇවිත් දගලනවා.. ෆොන්ට් අවුල් කියල..

      Delete
  13. VERY HAPPY BIRTHDAY SAMMY BOY!

    ReplyDelete
  14. බර වචන වලිං ලියපු හින්දා තේරුනා හොරයි.. සරලව කිව්වා නං... මහත්තයාටත් සතුටුයි නෝනටත් සතුටුයි.. දෙන්නගෙම සතුට ! :)

    ReplyDelete
  15. සෑමෝ...හෙනට බර වැඩියි බන් වචන.. තේරුම් ගන්න අමාරුයි.... කොමෙන්ටුත් බැලුව.. එක එකා එක එක ඒව කියනව... අනික මෙක ලියල තියෙන්නෙ "නීති විද්‍යාලෙ" එකියෙක් නොවැ... ඉතින් තේරුම් ගන්නෙ කොහොමයි.....

    ඔය කෝරලය උබට සුභ පතලත් තියෙනව...
    එතකොට තවත් කොයිල් වගේ... අනේ මන්ද...

    ඔන්න එහෙනම් මමත් උබට කිවුව සුභ පැතුව කියල හිතා ගනින්කො..." මොන මගුලකට හරි..."

    ReplyDelete
  16. දුර සිහා ඇති බව පෙනේ... නීති පීඨයේ බැවින් වැඩිදුර නොවදාරමි.

    ReplyDelete
  17. //නමුත් ෆොන්ට් එකේ වෙනසක් ඇති වී මහා අර්බුධයක් ඇති වූයේය. ;)//

    ඒකෙත් හැටි. ගෑනු ලමයෙක් ලීව එකක් හන්දා වෙන්ට ඇති.:)

    ReplyDelete
  18. අම්මපා කියවගෙන එනකොට හිතුනෙම අද නං සෑමට මොනවා හෝ බරපතළ ලෙඩක් හැදීගෙන එනවා කියලයි... අගදිනේ වෙනසට හේතුව දැක්කේ... ඒ හින්දා ගානක් නෑ..

    ReplyDelete
  19. අම්මටසිලි සිලි කිව්වලු. හරියන්නෑ ආයි කියවන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ohhh..........kamak ne aye man wenuwen eka parak kiywannako....

      Delete
  20. ආ දැන් පුලුවන් කියවන්න
    හය හතර

    ReplyDelete
  21. කථාවෙ මුල හරියෙදිම මට දැනුනා මේක සෑමා ලියපු එකක් නෙමෙයි කියලා...එත් මම හිතුවෙ නෑ සෑමට රසිකාවියොත් ඉන්නවා කියලා...ඕකට නියම වචනෙ රසිකාවියො නෙමෙයි බන්..පාඨකයො...මටත් ඔය වගේ පාඨකයෙක් එවපු යමක් තියෙනවා...ඉදිරි දිනක බලමු...

    ReplyDelete
  22. ක්‍ෂතිජයෙන් දීලා තියෙනකොට මට හිතුනා මේක සෑමාගේ වැඩක් වෙන්න බෑ කියල. ඒත් කවුද දන්නේ දෙයියනේ මේකට ක්ෂිතිජයෙන් දෙන්න පුලුවන්ද බැරිද කියලා. හැබැයි උඹේ ආකෘතිය මේකේ තියෙනවා. ඕකෙන් කියන්වෙන්නේ දෙගොල්ලොන්ට ගත වෙන වෙලාව ගැන වෙන්න බැරිද (මම කිව්වේ සිංදුවෙන්). හාවා ඉක්මනට ගිහින් නිදා ගන්නවා. ඉබ්බා හෙමින් හෙමින් යනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...