බඩ විරේක වෙන අතීතයක
චීනෙ එක්ක ගණුදෙනු කරනා...
අපට අපේ නොවන...
අපේම මුතු ඇටයක් තිබුණා....
පැටව් වඩාගෙන තුන්යම රට රවටා...
ගිනියම් මහ රෑ අදටත් උන් කිරි ඉල්ලනවා
ඡන්දෙට ඇහැරී කතිරය යළි සොයනා...
අපට අපේ නොවන...
අපේම මැතිරවරණත් තිබුණා..
අපේම මුතු ඇටයක් තිබුණා....
විහිලුවකටවත් කිසිදා නොනැගිටිනා..
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන පක්ෂෙන් නෙරපවනා..
ජය අපේ නොවන..
අපේම විපක්ෂයක් තිබුණා...
අපේම මුතු ඇටයක් තිබුණා...
රාජ් හරි පැරා හරි දාලා තිබ්බා අර සුප්‍රසිද්ධ " ඇඟ බේරා ගැනීමේ " කවි පංතියේ සිංහල අනුවර්තනය...
ReplyDeleteඇත්තමයි මේ ලංකාවේ ඉන්නේ ලැජ්ජාවක් නැති මිනිස්සු පිරිසක්... දේශපාලකයන්ගේ ඇති වරදක් නැහැ සැමෝ..
මේ පත්ව ඇත්තේ ජනතාවට ගැළපෙනම පාලන පන්තියයි.. . . !
ජනතාව හොයන්නෙත් මේ වගේම ආණ්ඩුවක් තමා.. හෙහ් හේ..
Deleteඅලුත් ජනතාවක් පත් කරගන්න කාලෙ හරි.
Deleteමසුරන් ටෝක්ස් එක රාජ්!!!!!!!!!!!!!!!!!!!!!!!
Deleteහෙක් හෙක්
ReplyDeleteලංකාවේ දේශපාලනය කුජීතයි.. කටක් ඇරලා මේ පක්ෂේ හොඳයි කියන්න බෑ..
ReplyDeleteනරකින් අඩුම එක තේරීම ජනතාව සතුයි !
Delete'අපේම මුතු ඇටයක් තිබුනා' නෙමේ සෑම් ඉස්සරහට කියන්න වෙන්නෙ 'අපේම අමුතු ඇටයක් තිබුනා' කියලා.
ReplyDelete- ප්‍රියා.
අමුතුයි තමා නේ? ;)
Deleteඅපේ සර් කෙනෙක් ඉස්සර කියන්නෙ "මේක ඉන්දියන් සාගරේ කුපාඩි ඇටේ " කියල
Deleteලගදීම මාලියු ගී පොත එළිදක්වන්න පුළුවන් වෙයි වගේ
ReplyDelete“මා සිරගත වන්නට පෙර ලියූ“ එකක් වෙයිද මන්දා ;)
Deleteආශ්චර්ය මහත්තයො අශ්චර්ය.
ReplyDeleteසහන් කියල තියෙනව කියන්න ඔන දෙ.මොනව උනත් නිර්මනෙ ලස්සනයි
කාලෝචිත නිර්මාණයක්
ReplyDeleteටැංකූ !
Deleteපට්ට...
ReplyDeleteහික්ස්
ReplyDeleteසමනල සංධ්වනියත් ඔය වගේම චාටර් බං.බලන්ඩ ගිහිල්ලා එපා උනා.
ReplyDeleteඑල කයිය ඈ...
හිකිස්.. මාත් අහම්බෙන් ෆිල්ම් එක බැලුවා ;)
Deleteඇති දෙයක් නැහැ. සිංදුව හොද නිසා.. ඒකට ෆිල්ම් එක ගහල වගේ.. ලොල් !!
මේක ඉතිං හැමදාම ඔය විදියම තමයි බන්. තව කාලයක් යනකල් එකම තොරණ තමයි
ReplyDeleteලයිට් එක එක විදිහට පත්තු වෙන නිසා.. මිනිස්සු එකම තොරන බදාගෙන ඉන්නව බං. කතිර යුද්ධ කාලෙට උන් හිතන්නෙ වෙනස් එකක් කියල :)
Deleteඅපිට අපේම නොවන
ReplyDeleteඅපේම ජනපතියෙක් හිටියා..
එහෙමත් හොදයි නේද බං..
බොරු කියන්න එපා මචං. උබලෑම තමා :))
Deleteඅපේම නොවන චයිනීස් මුතු ඇටයක් තමයි දැං තියෙන්නෙ.
ReplyDeleteඔලුව කොලොප්පන් වෙන ඒවා ලියන්න එපා බං.
ReplyDeleteලියන්නම දෙයක් නැත්නම් කෑල්ලකට නේම් කාඩ් එකක් ගැන ලියහන්.
උඹටත් ලියන්න හිතෙන එවුවා.
ReplyDeleteහික්ස්... කාලෙකින් බබී ආවෙ ඔන්න.. ඔරිජිනල් සින්දුවෙ අර ගෑනියෙක්ගෙ අදෝනාව නැත්තන් පස්ට සින්දුව....
ReplyDeleteහැබැයි සෑම් අයියගෙ සින්දුවට ඊට වදා ආසයි... ;)
ජනතාව හොයන ජනතාව පතන ජනතා ආණ්ඩුවකට සියලු ගෞරව සෑම් සහෝදරයා පුද කර සිටින වගයි.......
ReplyDelete