චක්කර කොළ නම් ෆිල්ම් එකක් සොයන්නට ගිය අපේ බුද්ධික අයියා මෑත භාගයේ තවත් වැඩක් කළේය. ඒ සෑමා කමියුනිකේෂන් එකට ගිය අවස්ථාවකය. කමියුනිකේෂන් එක දාපු අලුත බුද්ධික අයියා හන්දියට ගියේ ෆුට් සයිකලේය. ගෙවල් ලග ඉදන් කන්ද පල්ලමේ පැඩල් එක ගසන්නට වත් වේලාවක් නැතිව නිකන්ම හන්දියට ගිය විට කමියුනිකේෂන් එකය. ඒ කියන්නේ පට්ට නියුට්‍රල් එකක්ය. ඒ තරමට කම්මැලි කමේ බයිසිකලේම හන්දියට යන බුද්ධික අයියා හති දාගෙන කන්ද පැත්තට පාගමින් ගෙදර එන්නේ දහවල් කෑමටය. දිනක් පොර හන්දියට ගියේ බයිසිකලේය. ඉන්පසු දහවල කෑමට ගෙදර විත් ගෙවල්, මිදුල් පෙරලමින් බයිසිකලේ හොයන්නට වූයේය. මිදුලේ නවතා තැබු බයිසිකලය කෑම බීම අහවර වී එලියට බහින විට අස්ථාන ගත වී තිබුනේය. අපිද සපෝට් එකට එලියට බැස බයිසිකලේ හෙව්වෝය.
වෙනදාට බයිසිකලය ඉල්ලාගෙන යන අයට කතා කරමින්ද, වෙනදාට නවත්වන තැන් වල අමතක වී නවත්වා ඇතිදැයි බලමින්ද, පැය දෙකක පමණ මෙහෙයුමක් දුන්නෝය. ඒ අතර සැලුන් එකට ආ එකෙක් බයිසිකලේ උස්සලාද කියා පරීක්ෂන පවා ඇරඹුනේය. අවසන අපි හිත හදා ගන්නට සහ බුද්ධික අයියාගේ හිත හැදීමට කටයුතු ආරම්භ කලෝය. “මේක අතෑරලා දාමු අපි හොරා හොයා ගමු“ සෑම අයෙකුගේම මුවින් පිටවූයේ එවන් වදන්ය. බුද්ධික අයියාද කාපු බත්ටික දිරවන්නට තරමේ වෙහෙසක් වී නැවත කමියුනිකේෂන් එකට ගියේ කැඩුනු සිතින්ය. එසේ ගොස් මොහොතකින් අපේ ගෙදරට කෝල් එකක් ආවේ බුද්ධික අයියාගෙන්ය. “මෙන්න බයිසිකලේ තියෙනවා“ ලෙස ඔහු කී පසු අපේ සැට් එකම එතැනය. සෝදිසියෙන් පෙනී ගියේ බයිසිකලය හොරු අරන් ගොස් නොවන වගත්, බුද්ධික අයියා බයිසිකලය හන්දියේ තබා ගෙදරට ඇවිත් ඇත්තේ පයින් බවත්ය.
සෑමා මීට පෙරද මෙවන් අමතක වීම් ගැන ලිපියක් ලියුවේ මතක අමතකද? කමක් නැත ශීර්ෂය යටතේය. මේ ලිපිය ලියවෙන්නට හේතු වූ කරුණ වාර්ථා වන්නේ අපේ මාමාගේ නිවසින්ය. ඒ කියන්නේ අම්මාගේ මල්ලීය. මතක අමතක ලිපියේද නිව්ටන් අංකල්ගේ කණ්නාඩි කුට්ටම් සීට් එක යටින් මතුවන අමුතු සීන් එකක් සෑමා ලියුවේය. මේ ස්ටෝරියද කණ්නාඩි කුට්ටමක් ගැනය. ඒ අපේ මාමාගේය.
දිනක් මාමා අපේ ගෙදර ආවේය. අම්මා මොනවාදෝ කොල (මුකුණුවැන්නද මන්දා..) මිටියක් බෑග් එකක දමා මාමාට දී ඇත්තේය. මාමා අපේ කඩයට වී පත්තරයක් බලමින් සිටියදී එය අතට ලැබී ඇත්තේය. එය බයික් එකේ හැන්ඩ්ල් එකේ එල්ලාගෙන මාමා මෙහෙන් පිටත් වූයේය. ඉන්පසු නිවසේ සිටියදී කණ්නාඩි කුට්ටම සිහි වී ඇත්තේය. එය අපේ ගෙදර නැතිය. තිබූ තැනක්ද නැතිය. එහෙත් ගෙදරම තිබූ බව කියමින් මාමා ගෙදර එවුන්ගෙන් අසා ඇත්තේ කණ්නාඩිය ගැනය. දෙලෝ රත් වෙමින් ගෙදර උන් නිවනක් නැතිව කණ්නාඩිය සොයමින් සිට ඇත. දවසක්ම කණ්නාඩිය අතුරුදහන් වන්නට හේතු නැත්තේය. ගෙදර නැතිනම් පිට තැනක හෝ දමා ආ යුතුය. එසේ නම් කණ්නාඩි කුට්ටම අපේ ගෙදර තිබිය යුතුය. එහෙත් තිබුණේ නැතිය. පසු දින දහවල් කෑම පිසීම සදහා මුකුණු වැන්න කොළ මිටිය එලියට ගෙන ඇත්තේ ශීතකරණය ඇතුලේ තිබීමෙන්ය. එය හැර බලන විට කණ්නාඩි කුට්ටම අයිස් වී කූල් වී තිබුණු බව ආරංචිය.
අමතක වීම් ගැන තව කතා කිහිපයක් මතකයේ තබා ගනිමින් මේ පෝස්ට් එක ලියන්න ගත්තද, කොටස් දෙකකට ඩ්‍රාෆ්ට් කරමින් ලියු නිසා සෑමාට ඉතිරි කතාව අමතකය.
Written by sAm ශ්‍රී Perera_12:03pm_03.10.13
කමෙන්ට් එකක් දාන්න අතමක වෙයිද මන්දා....
ReplyDeleteමට රිප්ලයි කරන්න තාම අමතක වෙන්නේ ;)
Deleteමේ ටිකේ වැඩ කරන තැන වැඩ වැඩි නිසා දවල්ට කාලා වතුර පවා බීමට මට අමතක වේ......අමතක විමෙත් හැටි ඕංං.....ජයෙන් ජය!සැමෝ
ReplyDeleteසික්.. උදේට දත් මදින්නෙත් නැද්ද? :)
Deleteජය !
සෑමා බලහං කොලුවො අද ජොකා දාලද වැඩට ගියේ කියලා..මාමගෙ රෝගය බොටත් නැති වෙන්න විදියක් නෑ..ජානෙන් ඇවිල්ලා තියෙන්න පුලුවන්...
ReplyDeleteහිකිස්.. ජොකා කෝමත් නොදාන නිසා අවුලක් නැහැ බං :පී
Deleteජොකා ඇති මොන්ටෙරෝ එකේ වයිපරේ එල්ලලා... ටිකක් බලහං ගිහිං...
Deleteහාපෝ අමතක වෙන්නැති එකම දෙත් අමතකවීම නොවැ බං මගුල...!!!
ReplyDelete“මගුල“ අමතක වෙනවද බං ?
Deleteකණ්නාඩි දෙක ඔලුවෙ තියෙන වගත් සමහරුන්ට අමතක වෙන වෙලාවල් තියෙනවනෙ.
ReplyDeleteඒක සාම්ප්‍රදායික අමතක වීමක් ප්‍ර සා !
Deleteඅන්න කොල්ලෝ!
ReplyDeleteමටත් ඔය වගේ අමතක වීම් ගැන කතා ගොඩක් තියෙනවා, නමුත් කරුමෙට එකක්වත් මතක් වෙන්නේ නෑ බං.
හිකිස්.. ගොඩක් සර්ලට අමතක වීම් වැඩි හෙන්රියෝ..
Deleteදවසක් අපේ මැත්ස් සර්.. අපේ බෝඩ් එකේ ගානක් හද හද ඉදලා.. ස්ටාෆ් රූම් එකට දුවල එන්නම් කියල ගිහින්... එහා පන්තියේ බෝඩ් එකේ ඉතුරු ටික ලිව්වා බං.. කොල්ලො කිව්වලු සර් අපිට දැන් තියෙන්නෙ ෆිසික්ස් කියල.. සර් සොරි කියල අපේ පන්තියට පැන්නා..
Delete:D මේ කතාව උඹේ පෝස්ට් එකේ තියන කතාවල් වලටත් වැඩිය ජොලිනේ බං. මේක ඇඩ් කරපං මේකෙ අනිත් කොටසට.
අමතක වුන කොටසක් බං.. දැන් මතක් වුනෙ :ඩී
Deleteඅපේ ගෙදර නම් වැඩිම අමතක වෙන ලෙඩේ තියෙන්නෙ අපේ නංගිට අද දැකල කතා කරපු කෙනෙක් හෙට දැක්කත් අහක බලාගෙන යනවා...
ReplyDeleteමරු නංගි බොල.. යාලු වෙලා ඉන්න එකාව පහුවදාට අමතක වෙයිද?
Deleteහිකිස්.. හිනා යනෝ..
මටත් වෙලාවකට ඔය අමතක වීමේ ලෙඩේ දරුණුවට තියෙනවා. ගොඩක් වෙලාවට අමතක වෙන්නේ මම ගත්තු ණය !
ReplyDeleteසික්.. මටත් එහෙම වෙනව නම්..
Deleteඑක්කො බං.. අපි ගත්ත ණය.. ණය දීපු එකාට අමතක වුනා නම් කෝමද??
මොක අමතක වුනත් කමක් නෑ මුල අමතක නැත්නම් කියනවනෙ.
ReplyDeleteවෙලාවකට අමතක වෙන එකෙත් මාර ෆන් එකක් තියෙනවා අමතක උන එක ආයෙ මතක් උනාම.
පට්ට අවුල් යන්නෙ බං.. අර දිව අග තියෙනවා.. එන්නෙ නැති මට්ටමේ අමතක වීම් වලට බං..
Deleteජය !
මටත් මතක් උනා කතාවක්.
ReplyDeleteඒ වෙනකොට මංතුමා ඉස්කෝලෙ 7-8 වගේ. දවසක් තාත්තගෙ බයිසිකලෙන් ගියා පාරට. එදා ගංවතුරත් ටිකක් තිබුන. බයිසිකලේ පාර අයිනෙ තැනක නවත්තල යාළුවො එක්ක ඇවිදල හැන්දෑවෙ පයින්ම ගෙදර ආව. .තාත්ත උදේ බලද්දි බයිසිකලේ නෑ. මටත් මතකයක් නෑ. ටික වෙලාවක් කල්පනා කරද්දි තමයි මතක් උනේ බයිසිකලේ අහවල් තැන දාල ආව නේද කියල. දැන් ගෙදරට කියන්නත් බෑ. තිබුන තැනින් නැතිවෙලා තිබුනොත්.
ඔන්න කිලෝමීටරයක් විතර දුර ගෙදරක කෙනෙක් රෑ බයිසිකලේ ගෙනියල තිබුන. මං තුමාත් වැරැද්ද පාපොච්චාරණය කලා.
මගෙ අප්පේ යකෝ.. බයිසිකලයක් පිනට දෙන්න තරම් රාජ් දානපතියෙක්ද ඉස්කෝලෙ යන කාලෙම??
Deleteඑක අතකට උබ සාධාරනයි.. ගංවතුර බලන්න බයිසිකලේ ගිහින් වැඩක් නැහැ.. වතුර පෑගෙන්නෙ නැහැනෙ.. ;)
ඔහොමත් අමතක කරනවද මනුස්පයෝ?? :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හෙල්මට් අමතක කරල අද දඩත් කෑවලු නේ ??
Deleteරාජ සම්පත්ම ලැබේවා.. !!
මටත් ඔය ලෙඩෙ තියෙනවද..... මතක නැනේ
ReplyDeleteවයසට ගියාම නම්, සාධාරණයි ඔය ලෙඩේ...
Deleteමං මොකක්ද කියන්න ආවේ????
ReplyDeleteඋඹ ආවද?
Deleteමටත් ඕක තියනවා නේ බොලේ හැමදාම වගේ තොප්පිය අමතක වෙනව නේ බොලේ
ReplyDeleteතොප්පිය / කුඩේ වගේ දේවල් අමතක වීම සාමාන්‍යයි නේ ?
Deleteතොප්පිය / කුඩේ වගේ දේවල් අමතක වීම සාමාන්‍යයි නේ ?
Deleteඈයි බන් දෙක දෙක දාන්නේ අමතක වෙලාද ???
Deleteබ්ලොගෙ පොඩි කේස් එකක් බං.. දෝංකාරෙ වගේ.. දෙකක් වැටෙනවා ;)
Deleteබ්ලොගෙ පොඩි කේස් එකක් බං.. දෝංකාරෙ වගේ.. දෙකක් වැටෙනවා ;)
Deleteබ්ලොගෙ පොඩි කේස් එකක් බං.. දෝංකාරෙ වගේ.. දෙකක් වැටෙනවා ;)
Deleteඊයේ රෑ කමෙන්ට් කරන්න අමතක වෙලා අද මේ දාන්නේ..
ReplyDeleteඊයෙ රෑ දාන්න ගිය එක අද දාන්න මතක් වෙනව නම්.. බලාගෙන යකෝ විවාහ ජීවිතේ..
Deleteජය !
ඊයෙ රෑ දාන්න ගිය එක අද දාන්න මතක් වෙනව නම්.. බලාගෙන යකෝ විවාහ ජීවිතේ..
Deleteජය !
ඊයෙ රෑ දාන්න ගිය එක අද දාන්න මතක් වෙනව නම්.. බලාගෙන යකෝ විවාහ ජීවිතේ..
Deleteජය !
++++++++++++++++++
Delete++++++++++++++++++
++++++++++++++++++
ඊයෙ රෑ දාන්න ගිය එක අද දාන්න මතක් වෙනව නම්.. බලාගෙන යකෝ විවාහ ජීවිතේ..
ReplyDeleteජය !
අමතක වෙන බෝලාලා ඔක්කොම කොලොන්නාවේද ???? එහෙ එවුන්ට විතරයි නිත්‍යානුකුලව අමතක කරන්න අවසර තියෙන්නේ ....... මට මතක විදියට ....
ReplyDeleteඅපිට කොලොන්නාව ලගයි බං.. කැළණි පාලමෙන් පැනල ගියෑකි නොවැ.. :ඩී
Deleteබුද්ධික නම් මාරම බුවෙකි
ReplyDeleteවරක් අපේ ගමේ කසිප්පු බොන අයෙකුට බොරු දත් කූට්ටම ගලවා ආපසු දමා ගැනීමට අමතක වී ගලක් උඩ එය රැය පහන් කර තිබුණි (දැන් බොලල්ලා අහන්නෙපා ඇයි ඒක ගලවලා තියෙන්නේ කියලා,ගලවලා නෙවෙයි වැටිලා ) පසු දින සොයා යන විට එය නිරුපද්‍රිතව හමු වී ඇත.එය නැවත්තත් ඔහු පාවිච්චියට ගෙන ඇත. හන්ගොල්ලන් ,හැකරැල්ලන් හෙම එය උඩින් ගියා දැයි මම දන්නේ නැත.
කසියා බොන කටට මොන හංගොල්ලොද අයියෝ.. ගැරඩි පිටින් නේ බොන්නේ.. :)
Deleteඕව මොනවද බන් මට අමතක වෙන විදියට...
ReplyDeleteසෑමෝ........බොග දාලා හෝදගන්න නම් අමතක කරන්න එපා...රටම ගඳ ගහයි......සෑ ගූමා කියලා තමයි කියන්න වෙන්නේ ඊට පස්සේ.
ReplyDeleteපල යන්න :ඩී
Deleteකණ්නාඩිය අමතක වෙන්න පුළුවන් විදි ගොඩක් තියනවා. මට නම් වෙන්නේ ඒක ගැලෙව්වා කියලා අමතක වෙලා තව පාරක් ගලවන්න හදන එක
ReplyDeleteඒ අතින් උබ සුපිරි ඩයල් එකක් නේ පූමෝ..
DeleteWhat the F
ReplyDeleteහුටා! ෆැශන් කියලා ලියන්න අකුරු මතක නෑ....
ඇයි අපේ බුවෙක් , බුවෙක් කිවට තලතුනා පොරක්. කෝ යකෝ මගෙ කන්නාඩි කුට්ටම ෂික් කොහෙ දැමස්මද නිච්චි නෑනේ කිය කිය හොයනවා පොරගේ නලලෙම තියාගෙන. නිකමට අත ගාලා බලන් නෑනෙ.
ReplyDeleteඅපේ බබා බලා ගන්නා කෙනා බබාට කියන්නේ මතක නැතුව බෝතලේ අරන් එන්න කියාය.
ReplyDelete