ඊයේ මධ්‍යම රාත්‍රී දොලහැන් ආරම්භ වූ තැන සිට සෑමාගේ ජන්ම දිනය සදහා නොයෙකුත් ආකාරයේ සුභ පැතුම් ලැබෙන්නේය. ඉස්සර නම් බර්ත්ඩේ එකක් සගවාගෙන සිටින්නේ වටේ ඉන්න එවුන්ට කේක් දෙන්නට සිද්ද වෙන නිසාය. ඉස්කෝලෙ කාලේ අපේ එවුන් බර්ත් ඩේ සොයා ගන්නේ නාම ලේඛනයෙන් හෝ රෙකෝඩ් බුක් එකෙන්ය. දිනපතා එය පිරික්සමින් සොයා බලන්නේ හෙට කේක් රැගෙන ආ යුත්තේ කවරෙක්ද කියාය. මන්ද තමාගේ හොදම මිත්‍රයාගේ පවා බර්ත් ඩේ එක සිහි තබා ගැනීම කොල්ලන්ට කරන්නට බැරි දෙයක්ය. එහෙත් කෙල්ලන්ට නම් බර්ත් ඩේ වගේ ඒවා කටපාඩම් වන්නේ ඔවුනට කේක් කන්නට ඇති ප්‍රියතාවය නිසාද නැතිනම් බඩජාරීකම නිසාද යන්න සෑමා ස්ථිරවම දන්නේ නැතිය. දැනගත්තත් මෙහිදී ප්‍රකාශ කළ නොහැක්කේය. කෙල්ලන්ට බර්ත්ඩේ හොද හැටි මතක යැයි සෑමා ඊයේ දින දැනගත්තේ ෆේස් බුක් භාවිත නොකරන, සෑමාගේ ඉපැරණි මිතුරියන් පවා එස්.ඇම්.එස් මගින් විශ් කොට තිබූ නිසාය. ඔවුන්ගේ බර්ත් ඩේ නොදැන සිටිකම සෑමා විලි ලැජ්ජා සහගත වූයේය.
ඉස්සර එලෙස සැගවූ බර්ත් ඩේ එක වර්ථමානයේ සැගවිය නොහැක්කේ සමාජ වෙබ් අඩවි තුලින්ය. එහි බර්තඩේ එක සගවා තැබිය හැකි මුත් බොහෝ අය කරන්නේ හැමෝටම පේන්නට තැබීමය. උපන් වර්ෂය සැගවූවද දිනය නොසගවා තැබීම හොද ක්‍රියාවක්ය. බොහෝ අය එයද සගවා තබන්නෝය. උක්ත වෙබ් අඩවි නිසා රෑ දොලහේ සිටි ටයිම් ලයින් එක වැසී යන්නේ සුභ පැතුම් වලින්ය. එසේම “බර්ත් ඩේ විශ්“ කරන ඇප්ලිකේෂන් පවා ෆේස් බුකියේ ඇතතේය. තාක්ෂණයේ දියුණුව සමගම ජංගම දුරකථනවල පවා එක එකාගේ බර්ත්ඩේ රිමයින්ඩර් දමා ගත හැකි තත්වයක් ඇත්තේය. ඒ සියල්ල සිදුවන්නේ කාගෙන් හෝ කේක් කෑල්ලක්, බෝතලයක් කඩා වඩා ගැනීමේ අරමුණින් නොවන්නේය. ;-) අවංකව සුභ පැතීමේ චේතනාවෙන්ය.
බර්ත් ඩේ එකකට විශ් කළ විට එසේම වේවා කීමට අවස්ථා හමුවන්නේ ඉතා දුර්ලභ ලෙසය. සෑමාගේ නිවස ආසන්නයේ සිටින මිත්‍රයාගේ බර්ත් ඩේ එක 29 වෙනිදා නිසා ඌ මට විශ් කරද්දී මා ඌට විශ් කළේ උබටත් හෙට එසේම වේවා කියාය. ඒ අතර බ්ලොග් ලොව නංගී කෙනෙක් බර්ත් ඩේ එකට විශ් කරද්දී සෑමාට කටපුරා එසේම වේවා කිව හැකි වූයේ ඇයද එදිනම බර්ත් ඩේ සැමරු නිසාය. සමහරු කෝල් කරද්දීද මූ මේ කතා කරන්නේ විශ් කරන්නට බව හැගෙන්නේය. නැතිනම් කවදාවත් කෝල් නොකරන උන් මධ්‍යම රාත්‍රියේ කතා කරන්නේ නැතිය. ඒ අතර එකෙක් නම් රස්තියාදුකාරයාය. මහ රෑ ජාමේ මචං අපි තාම වැඩ කියමින් මූ කොල් කර විශ් කළේය. ඊට මොහොතකට පෙර බුකියේ සිටියදී අපේ එකෙක් “හායි“ කියාගෙන ආවේ හරියටම රෑ දොලහට විශ් කරන්නට හිතාගෙන විය යුතුය. එය එසේ යැයි සෑමාට සිතුනද සිදුවූවේ අනෙකක්ය.
මිත්‍රයා ඉස්සර වැඩ කළේ කොළඹය. දැන් ඉන්නේ ගාල්ලේය. කොළඹ ඉන්නා විට අපේ විවිධ කාලකන්නි වැඩ සදහා සමාදර දායකත්වය දුන් මිත්‍රයා අප සමග ආරාධනාවකින් තොරව වෙඩින් එකකට ගිය සාමාජිකයෙක්ය. 28 වෙනිදා රෑ දොලහ කිට්ටුව තිබියදී චැට් එකට එද්දී සෑමා නම් හිතුවේ මූ එන්නේ විශ් කරන්න කියාය. එහෙත් අප මිත්‍රයා මා හට සුභ පැතුවේ අද උදෑසනය. ඒ කියන්නේ 29 වෙනිදා උදෑසනය. එක්කෝ ගාල්ල පැත්තේ කැලැන්ඩරය වෙනස් වී ඇත්තේය. නැතිනම් පොරට පිස්සුය. තවත් වචන අනවශ්‍යය ඔබට කියවා යමක් තේරුම් ගත හැකි නම් මෙම රූපය බලා මා මිත්‍රයා රෑ දොලහට සුභ පැතීමක් නොතියා ඉල්ලා සිටියේ වෙනත් උදව්වක්ය.
මේ චැට් දෙකක්ය. ගාල්ලේ මිත්‍රයා ගේ චැට් වින්ඩෝව දකුණු පස වේ.. |
පොටෝ එකත් අප්ලෝඩ් කළ පසු මට මතක් වූයේ මාගේ ටී-ෂර්ට් එකක ගසා තිබූ වචන කිහිපයක්ය. එය හුදෙක් අප සියළු දෙනාගේ මිත්‍රයන්ට ගැලපෙන්නේමය.
Good Friends Never Let You Do Stupid Things Alone... !!!
Written by sAm_ශ්‍රී_Perera_7:16am_29/10/13
පලි - මා හට සුභ පැතූ සහ මෙතුවක් සෑමා වෙනුවෙන් බ්ලොග් එකට ආව ගිය සැමට ස්තුති !!
වැදගත්ම කාරණය. කෝ කේක්?
ReplyDeleteයකෝ කවදාවත් නැතුව ප්‍රදිප් අයියා එක වෙලා.. කේක් ඉල්ලන්නමද මන්දා..
Deletethaniwa samarana anthima eka kiwane cake dennath ekka ye mokak hari ekak ornaize karamuda trip ekak wagewath...
ReplyDeleteයකෝ... වන්දනා ගමනක් යමු.. !!
Deleteඋඹට විෂ් එකක් දැම්මේ යකෝ චාරිත්‍රයක් විදියට.. නැත්නං ඕක පෝස්ට්කටුවක කොටන්න ඕන දෙයක්ද හැක් හැක්..
ReplyDeleteවිෂ් නොකර මහ රෑට අහවල් සයිට් ඉල්ලන එක චාරිත්‍රද බොලව් ?
Deleteමූද මිනිහ එතකොට?
Deleteසුබ බොත්ඩෙ එකක් වෙවා
ReplyDeleteඑසේම වේවා!!!
ReplyDeleteස්තුතී !
Deleteහැපී ෆයිනල් තනිකඩ බර්ත් ඩේ ඈ
ReplyDeleteස්තුතී !
Deleteමං වගේ යක්කු ගස් නගින වෙලාවට වැල බලන ඩයල් එකක්...
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා සෑමා !
ස්තුති !
Deleteමම බලන්නේ එක පන්නලා !
මදැයි කේක් හරි මොනවා හරි කන්න ආවා...කෝ බොලව් ෆ්‍රයිඩ් රයිස් එකක්වත් දීපිය පට්ට බඩගිනියි..
ReplyDeleteමට දැනුත් බඩගිනි යකෝ..රයිස් මතක් කරන්න එපා..
Deleteඅඩේ සෑමගේ 86 වේනි බර්ත් ඩේ එකට... ගාලු පුතාගෙන් උණුසුම් සුභ පැතුම්....
ReplyDeleteමම බොට වඩා වසරක් බාලයි නේ :)
Deleteස්තුති !
යා..... උබ පොඩි එකා හරිනේ....
Deleteඑහෙනම් ඔන්න සුභම සුභ මෙව්වා එකක් වේවා....... ආ වචනේ අමතක උනා බර්ත්ඩේ ....
ReplyDeleteස්ටූටී!
Deleteහැපී බර්ත් දේ ටු යූ
ReplyDeleteස්තූතී !
Deleteසුබ උපන් දිනයක් සැමා... මේ ලඟදි හිරුවගේ උපන් දිනේ තිබිලා මම ස්කයිප් එකෙන් msg එකක් දැම්මා පස්සේ මේල් එකක් දාන්නම් කියලා..පහුවදා මට ඒක කරන්න බැරි උනා...:(
ReplyDeleteමට නම් ඔය උපන් දින ප්‍රශ්න නිසා සෑහෙන ගැටළු ඇති වෙලා තියෙනවා.. මගේ එක්කෙනා සැප්තැම්බර් 01 ... මම සැප්තැම්බර් 02.. හැමදාම ඉතින් මට විශ් කරන්න අමතක වෙනවා.. හයියෝ සති දෙකක් විතර යනකම් මූණ එල්ලන් ඉන්නේ..
හරි ඕවා වැඩක් නැහැ.. සුබම සුබ උපන් දිනයක් වේවා මචන්...!
හම්මෝ ඔය මූණු එල්ලුනාම ශේප් වෙන්න බැහැ බං.. >.<
Deleteස්තුති අහ් !
සුබ උපන්දිනයක් වේවා ,, ගෙවුණු වසරට වඩා සතුට සැනසුම ලැබෙන වාසනාවන්ත වසරක් ,, නිදුක් නිරෝගී සුවය .. ඒ වගේම පවුලේ හැමෝටම සතුට ලැබෙන්න ඕනේ ,,
ReplyDeleteඅර යාළුවා ඉතින් දන්නේ නැහැනේ ඔයාගේ බර්ත් දේ එක කියලා ,, අනික හැමෝගෙන්ම ඔහොම ඉල්ලන්නේ නැහැනේ සැමා ඔවුවා ගැන දන්න පුද්ගලයාගෙන් නේ ඉතින් අහන්නේ හි හි ජෝර්ක් ඈ
අපි විශයයෙහි ප්‍රවීණයෝ නංගි.. ඕනෙම සයිට් එකක් අපෙන් දැන ගන්න.
Deleteඒත් බර්ත්ඩේ දවසේ එහෙම එපා !!
පවු බොල ඌ මොකක් හරි තදියමක ඉන්න ඇති.
ReplyDelete:-)
කොහොම උනත් හැපිම හැපි මෙවුවා එකක් වේවා!
ස්තුති.
Deleteතදියමට මා පිලිතුරු දුනිමි ථ)
සෑමට සුබ උපන්දිනයක් වේවා, ඉදිරි කටයුතු සාර්ථක වේවා !!
ReplyDeleteඋඹේ හැටි දැනගනම වෙන්ටැ බර්ත්ඩේ දවසෙ අරව ඉල්ලන්න ඇත්තෙ.
ස්තුති..
Deleteමම ඕකෙ විශය නායකයා බං !
"Good Friends Never Let You Do Stupid Things Alone"
ReplyDeleteඅඩේ මූට වෙන වැඩක් තිබිලම නැද්ද අප්පා මහා රෑ බර්ත්ඩේ කාරයාගෙන් ඔව්ව අහන්නේ අසික්කිතයි. යකෝ ලංකාවේ හිටියනම් මම එනවා බෝතලයක් කඩාගන්න කොහෙද එකත් කරුමේ
අඩේ බොන්න හොද නැහැලු බර්ත් ඩේ එකට. එදාට විතරයි නොබී ඉන්න තියෙන දවස !
Deleteසුභ උපන් දිනයක් මචං...
ReplyDeleteඋඹ ටත් මගෙ වගේ එහෙම එකක් තියෙනව එහෙනම්..
බැචුලය කියන අවසන් වසර නේද මේ වසර...
දීපන් බොල කොල්ලොන්ට තඩි පාටියක්...
ස්තුතී !
Deleteඔව් බං මාමන්ඩියත් කිව්වා මේ පාර හොදට බීපං කියල !
සුබ උපන් දිනයක් සැමා. පව් අර යාළුවා, අපි උනත් දෙයක් ඉල්ලන්නෙ ඒ දේ ගැන ප්‍රොපෙෂනල් පොරක්ගෙන්නෙ
ReplyDeleteස්තුති.
Deleteඔව් මම බේත දුන්නා..
බෝතලයක් එහෙම කැඩුවෙ නැද්ද ? දැන්වත් දීපන්කො බන්...පණු බේත් බෝතලේ...මේ ලැබුවෙ 40 වෙනි උපන්දිනේ නේද ?
ReplyDeleteහරියටම 40න් බාගයයි බං.
Deleteපනු බේත් මැලේසියාවෙන් අරන් වරෙන්.
සුබ උපන් දිනයක් වේවා සෑම් ...!
ReplyDeleteසියලු ප්‍රාර්ථනා ඉටුවෙන ......සුබ උපන්දිනයක් !!සැමෝ
ReplyDeleteඅන්න නියම යාළුවෝ.. ඌඹටම හරි යනවා හැබැයි.. මොකෝ උඹත් මහ රෑක මගෙන් ඔයිට සම්බන්ඳ එකක් ඇහුවනේ..
ReplyDeleteහැපි උපන්දිනයක් වේවා සෑමෝ.. සතුටින් ඉදපං..
අපිත් ඒම තමා නේද බං? කුණු එකතු වෙන්නෙ කුනු ගොඩට කියනව නේ..
Deleteස්තුති ! ;)
අද මගේ පරණ ගෑල්ලමයගෙ බර්ත්ඩේ එක.. බොලා දෙන්නටම හැපි බර්ත්ඩේ වේවා !
ReplyDeleteනිකමට අහන්නෙ, මොකක්ද බං අර වැල සයිට් එක ? :)
Deleteඊමේල් එකක් දාන්නම් !
Deleteපරණ ගෑල්ලමයා වාසනාවන්ත දවසක ඉපදුන නිසා යසිත්ගෙන් බේරෙන්න ඇති :)
කෙරී පැකර් උඹව හොයාගෙන එනවා දන්නවා නම්.
ReplyDeleteඒ අහවල් එකටද බං ?
Deleteඅවසාන තනිකඩ බර්ත්ඩේ එකනම් පාර්ටි එකක් දෙන්නම ඕනේ බං..!! නැත්නම් වස් වදිනවලු ..
ReplyDeleteඅපි අද උබලගෙ ගෙවල් ලග කඩයක් ඕපන් කරන්න ආව. ඒකෙ කෑම ගොඩාක් තිබ්බ.
Deleteලකියා ගෙන් අහපං. වස් වදින්නෙ නැහැ ඒක නිසා.
අඩේ උබ දැන් කඩ ඕපන් කරන්නත් යනවද ?...
Deleteමම උඹට වෙන තැනක විෂ් කලා. නමුත් උඹට සුභ පසුවූ උපන්දිනයක් සෑමා.
ReplyDeleteඒ කොතැනද බං?
Deleteරාජ සම්පත ඉතින්....!!!! ^_^
ReplyDeleteස්තුති ඉතිං !
Deleteඅපිට කේක් ඕනි සෑමෝ..
ReplyDeleteපරක්කු වෙලා හරි ඔන්න, සුබ උපන් දිනයක් වේවා කියල මමත් කියන්නම් :)
ReplyDeleteකවදාවත් මගෙ ෆෝන් එකට බර්ත් ඩේ දාලා නෑ... මොනවාහරි එකකට ටික් එකක් දාලා තියෙන්න ඇති.. උපන්දින වලට දවස් 7 ක ඉදන් සෑමට කෝල් කරනකොට චෝගම් වගේ "7 more days" කිය කිය කවුන්ට්ඩවුන්..
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා...
ReplyDeleteලැබුවාවු නව වසරේ ඔබගේ සියලු බලාපොරොත්තු සපල වේවා.
දේව ආශිර්වාදය ලැබේවා...
ඔබගේ හැකියාවන් දියුනු වෙවා..
පරක්කු වෙලා හරි හැප්පි හැප්පි බර්ත් ඩේ !!
ReplyDeleteකේක්ස්ස් ස් . එපා . මේ ඇති :-)