*****
සෑමා - “මොකද බං මේ පාරවල් කඩාගෙන හදන්නේ..“
සම්පා - “අනෙ මන්ද බං.. හොදට තිබ්බ පාරවල් නේ..“
සෑමා - “පිස්සු බං. මුන්ට සල්ලි ඕන වුනාම පාරවල් කඩනවද මන්දා..“
සම්පා - “අඩේ... මේ චෝගම් එකට වෙන්න ඇති බං හදන්නෙ..“
සෑමා - “චෝගම්.. ඒ මොකක්ද බං ඒ.. සුනාමි වගේ සීන් එකක්ද?“
සම්පා - “නැහැ යකෝ.. ඒක මොකක්ද සමුළුවක්.. “
*****
“අයියෝ පුතේ අර මනුස්සය නැති වෙලානේ..“
“කවුද අප්පා??“
“බුද්ධික දන්නවද ඔයාගෙ යාලුවා නැති වෙලා නේද?“ එතැනින් ගිය බුද්ධික අයියාද කතාවට සෙට් වේ.
“කවුද?“
“අර ටෙලිකොම් එකේ මනුස්සයා.. ත්‍රීවීල් එකේ එන්නෙ, ෆෝන් ලයින් බ්‍රේක් ඩවුන් වුනාම හදන්න“
“අහ්.. අයි.ඕ.සී එකේ කිව්ව නේද?“
“පිස්සුද මොන අයි.ඕ.සී ද? මිනිහා ටෙලි කොම් එකේ..“
“ඔව්, ඔව්.. දන්නවද සමී.. පොර ගාව මොබයිල් ෆෝන් තුනක් තියෙනවා..“ බුද්ධික අයියා සෑමාවද කතාවට සැට් කර ගනී.
“ඇත්ත වෙන්න ඇති.. පොර ටෙලිකොම් නේ.. ඉතිං ෆොන් තියෙන්න එපෑ..“ ඒ සෑමාය.
“ඔව්.. මට ආරංචි වුනා අයි.ඕ.සී එකේ කියලා..“ ඒ බුද්ධික අයියාය.
“අයි.ඕ.සී වෙන්නෙ කෝමද බං.. ඒ මනුස්සයා මෑතක් වෙනකල්ම ටෙලිකොම්..“ සෑමාගේ අම්මා බුද්ධික අයියාව නිවැරදි කළාය.
“හරි.. හරි.. ටෙලිකොම් තමා.. ඒත් දවස් දෙකක් අයි.ඕ.සී හිටියා..“ ඒ බුද්ධික අයියාය.
“යකෝ.. අයි.ඕ.සී නෙවේ.. අයි.සී.යූ...“ සෑමාට වැඩේ නිවැරදි කළේය.
“මේකා විකාර කියවනවා.. මම හිතුවා අයි.ඕ.සී කිව්වේ පෙට්ටල් ෂෙඩ් එක කියලා..“
බුද්ධික අයියා ආ ගිය අතක් නොමැත..
*****
Written by sAm_ශ්‍රී_Perera_6:45pm_8/10/13
Written by sAm_ශ්‍රී_Perera_6:45pm_8/10/13
අපෙ සෙට් එකෙත් හිටියා එකෙක් ඌට ඒඩ්ස් කියන්න බෑ ඇසිඩ් කියලයි කියන්නෙ. වෙලාවට අයි. ඕ. සී කියලා කියුවේ ඕ. අයි. සී කියලා නොකියා. කතාව නම් සුපිරි. :-D
ReplyDelete- ප්‍රියා.
හිකිස්.. ඒඩ්ස් / ඇසිඩ් කියන්න තරම් උගෙ දිව කොටද බං.. බුද්ධික අයියා නම් කල්පනාව නැතුව කියන්න ඇත්තෙ :ඩී
Deleteජය !
පළමු කොටස ටියුබ් ලයිට් ය :/
ReplyDeleteඒක නොදැනුවත් කම නිසා කියපු කතාවක් බං.. නැත්තං මාත් චෝගම් නොදන්න විදිහක් නැහැ නොවැ..
Deleteජය !
චෝගම් තමා බං අපේ හෙණහුරා වෙන්නෙ ලබන අවුරුද්ද වෙනකොට. ග්‍රීසියෙ ආර්ථිකය කඩං වැටුණෙ තමන්ගෙ ආර්තිකයට දරන්න බැරි ඔලිම්පික් ගේම්ස් කරගහගත්තු නිසා. මඟුල් ගෙදරකට අපි වියදං කරනකොට, ඒ වියදමෙන් 60%ක් වත් ආපිට කලෙක්ෂන් විදිහට හම්බ වෙනවා. මේ මඟුලට එන උං අපිට දෙයි මේං කියලා බිබික්කමක්.
ReplyDeleteඋඹේ අරමුණු මාතෘකාවෙන් මගෙ කමෙන්ට් එක පිට ගිහිං තමා. ඒ වුණාට බං චෝගම් කියනකොට මට මතක් වෙන්නෙ නටපු තොයිලෙකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ කියන කතාව.
චෝගම් කියන්නේ මෝඩ ඡන්ද කඩාගන්න හදපු මැෂින් එකක් බං..
Deleteඑච්චරයි මට හිතෙන්නේ ;)
ජය !
පොදු රද මඩුලු සමුළුවෙන් මෙරටට ලැබෙන වරප්‍රසාද බොහෝමයි
Deleteප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි
බොරු කියන මහත්තයෙක් ඈ !
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteචෝගම් දැන් චුයින්ගම් වෙලා තියෙන්නේ
ReplyDeleteහිකිස්.. හැම තැනම පැටලි පැටලි ඇලෙනවද බොල ?
Deleteපොළොව පලන් යන්න ඇති.....
ReplyDeleteඅර අසර් කාරය පේන්න නැහැ නේද දැන් මාස 4 කින් විතර ...? නයෙක් පොළොන්ගෙක් ගහලද දන්නේ නැහැ...
Deleteබුකියෙත් සද්ද නැහැ බං.. එහෙ එවුන් මූට ගැහුවද දන්නෙ නැහැ නයෙක් කියලා !
Deleteවිදින ඒවා ලියන්න ගියොත් නම් පෝස්ට් බර ගානක් ලියන්න පුළුවන් බං.
ReplyDeleteසහතික ඇත්ත බං
Deleteඅයියෝ නම් ගම් වත ගොත පටලවා ගැනීම සහ ටිකක් එහා මෙහා වීම තමයි පොඩි කාලේ කාඩ් එකක් වැටීමේ ප්‍රධාන සාධකය
ReplyDeleteකාඩ් වැටෙන්නෙ විදිලි වලන් තමා :)
Deleteහෙහ් ;)
ReplyDeleteබුද්ධික අයිය ඊට පස්සෙ නැවතුනේ අයි.ඕ.සී. එකේද දන්නෑ.
ReplyDeleteපොර ඕ.අයි.සී ට කියල මාව දැම්මා අයි.ඕ.සී එකට :ඩී
Deleteචෝගම් නිකන් චන්ගුමී වගේ ..... !!!
ReplyDeleteඊයා බං.. චංගුමි !!
Deleteචුයින්ගම් ලස්සන නමක්... D :D :D
ReplyDeleteඇලෙනව නේ ?
Deleteහිකිස් !
ReplyDeleteචෝගම්??? චුවින්ගම් වගේ කියවෙන්නේ...:-)
ReplyDeleteබුද්ධික අයියා පව්, අෆ්‍ෆා! සෑමා බ්ලොග් ලියනවා කියලා දන්නේ නැත්තං හොඳා!
ReplyDeleteමගෙ අප්පෙ දැනටමත් ආරංචි වෙලාද මන්දා.. කමියුනිකේෂන් එකට එනව මගෙ රසිකයො :ඩී
Deleteපාරවල් කඩනවා මෙලෝ සිහියක් නැතිව.
ReplyDeleteරෑට ආවා නම් ර පේමන්ට් එකට අල්ලන ගල් පැලට් තුන් හතරක් අරන් යන්න තිබ්බා මගේ ගේ ඉස්සරහට දාගන්නත්. ඒ තරමට ගොඩ ගහලා...
සිරාවට බං.. එහෙම කරන්න එපා හැබැයි.. ජනතා මුදල් නොවැ !! හිකිස්..
Deleteඅන්න ඒකයි නොකර ඉන්නේ... පවුනේ ආණ්ඩුව!
Deleteපව් හලෝ බුද්දික...
ReplyDeleteමේ කතා අහන අපි පව් නැද්ද අලෝ..
Deleteඅපේ පැත්තෙ වයසක උන්දෙක් කැබ් එකේ ගියා කියලා කියන්නෙ ලෙබ් එකේ ගියා කියලා...මම බුද්ධිකයට මේ පෝස්ටුව ගැන ඔත්තුව දුන්නොත් සුදු කොඩි උස්සන්න වෙයිද ?
ReplyDeleteබුද්ධිකයට ආරංචි වෙලා ඇති බං දැනටමත්.. ;)
Deleteමටත් පොඩි අවුලක් තියෙනවා, 'අනිද්දා' වෙනුවට 'පෙරේදා' කියලා කියවෙන... කරුමෙ කියන්නෙ කියන වෙලාවට මීටර් වෙන් නෑනෙ... වටේ ඉන්න උං කින්ඩිය දාද්දියි නුවණැස පහල වෙන්නෙ... :(
ReplyDelete