Monday, September 2, 2013

පොඩි සෑමා ටෙලිවිෂන් වැඩසටහනකට යයි.. - Little sAm Attends to a TV Program !!


පුංචිම පුංචි කාලේ පොඩි සෑමා මොන්ටි සොරි ගියෙමු. ඒ කාලේ වසර අන්තිමේ කොන්සට් එකක් තියනනීය. එය කරන්නේ අපේ මොන්ටිසෝරි ටීචර්ය. අපේ පන්තියේ හැම එකාටම එක එක ඇදුම් ඩිසයින් කලේ ටීචර්ය. ඇය ඒවාට අපේ අම්මලාගෙන් ගාන කැපුවෝය. අපේ අම්මලාද අත දිග ඇරලා සල්ලි දුන්නෙමු. ඒ අපේ හැකියාව වැඩි දියුණු කළ යුතු නිසා බව පසු කාලීනව අපිට දැන ගන්න ලැබුනෙමි. එදා ටීචර් අපේ ඇදුම් මස්සවා ඇත්තේද ටීචර්ගේම ටේලර් සොප් එකකින්ය. එහි ප්‍රොෆිට් මාජින් එකද වැඩි පුර තබා ඇත්තේ අපේ ඇදුම් හොද කොලිටියෙන් මසන අරමුණින් බව කියවුනාය. පස්සේ අපේ වැඩිහිටියන්ට ආරංචි වූයේ ටීචර් ගිය අවුරුද්දේ ලමයි ඇදපු ඇදුම්ම ඩ්‍රයි ක්ලීන් කර අපිට ඇන්දවූ බවය. ඇත්තටද එදා ඇන්දේ අපි නෙවෙමි. එදා ඇන්දේ මොන්ටිසෝරියේ දෙමාපියන්ය.

දැන් කස්ටිය කල්පනා කරනවා ෂුවර්ය. පොඩි සෑමාට මොන්ටිසෝරිය මතක් වුනේ කෝමද කියා හිතනවා ඇතිය. සීන් එක මෙහෙමය. පොඩි සෑමා තාම ඉස්කෝලෙ යන්නීය. ඒත් මෑත දවසක පොඩි සෑමාට චැට් වැඩසටහනකට සම්බන්ද වෙන්නට අවස්ථාව ලැබුණාය. ඒ වැඩසටහන කරන්නේ ලොව ලාබාලම පක්ෂ නායිකා අක්කා කෙනෙක්ය. අක්කා පොඩි සෑම්ව ප්‍රෝග්රෑම් එකට සැට් කර ගත්තේ දක්ෂ දරුවෙක් ලෙස නර්ථන අංගයක් ඉදිරිපත් කර ගැනීමටය. පොඩි සෑම් වැඩේට යන්නට සතියක පෙර ඇදුම් ආයිත්තම් සූදානම් කර ගත්තාය. ඒ සදහා ගෙදරින් ලැබුනේ මහා සහයෝගයක්ය. මොන්ටිසෝරි ගිය කාලේ වගේම පොඩි සෑමාට වෙනමම සූට් එකක් මැස්සුවේය. පොඩි සෑම් සූදානම් වූයේ නර්තනයකටය. එය එදින වැඩසටහනේ ඉදිරිපත් කර ලෝකයටම හැකියාව පෙන්වීම පොඩි සෑමාගේ අභිප්‍රාය වූවාය.

ඒ අතර ලොකු සෑමා ගමේ ඇන්ටනී අයියා සොයා ගියායා. ඒ අපේ ගෙදර ටීවී එකට ගැසීමට ඇන්ටනාවක් හොයාගෙන ඒමටය. මම වැඩසටහනට යනවා කියූ දින සිට ලොකු සෑමා ඇන්ටනි අයියා පස්සේ පැන්නුවේ ඒ නිසාය. අපේ ගෙදර ටීවී එකේ ඒ චැනල් එක පෙනෙන්නේ නැතිය. ඒ සදහා විශේෂ වූ ඇන්ටනාවක් සැට් කළ යුතු බව ලොකු සෑමාගේ එකම වචනය වූවාය. ඒක ඇත්තය. කොළඹ ඉන්න එකෙක්ටවත් පේන්නේ නැති තරමට චැනල් එකේ සිග්නල් හොදය. ඒ බව අපි හැමෝම දන්නා නිසාත්, මගේ නැටුම වර්චස් වුවත් අවුලක් නැති බව අක්කා කීවේය. ඒ මගේ නැටුම ගමේ හැමඑකාටම පේන්නේ නැති නිසාමි. කෙසේ වුවද මා වැඩසටහනට යන්නට දිනක් තිබියදීම ඇන්ටනාව හයි කළාය. එය කළේ ඇන්ටනි අයියාය. එම චැනල් එක බලන්නට ඇන්ටනාව ගැසූ දින සිට අනිත් එකක්වත් පෙනුනේ නැහැය. ඒ දවසේ සිටම අපි බැලුයේ එකම චැනල් එකය. ඒ අර ලොව වයසින් බාලම පක්ෂ නායිකා අක්කා ඉන්න චැනල් එකය.

එදා උදා වුණේය. පොඩි සැමා හෙවත් මා වැඩසටහනට ඇන්ටර් වුනෙමු. ඒ අර කියූ ඇදුම ඇදගෙන නර්ථනය ඉදිරිපත් කිරීමටය. කිසිම බයක් සැකක් නැතුව පොඩි සෑමා නර්තනය කළේය. අර අක්කා කොරය. එදා ඒ අක්කාගේ තාත්තා වැඩසටහනට ඇවිත් තිබුණාය. ඒක පුදුමයක් නෙවේය. එය ඒ පවුලේ අයගේ නාලිකාවක්මු. ඒ නිසා ඒ අක්කාගේ ආච්චී සීයා ආවත් වෙනසක් නැතිය. පොඩි සෑමා වැඩ දමමින් නර්තනය අවසන් කළාය. අක්කා අසුනෙන් නැගිට පොඩි සෑමා ලගට දිව ආවෙමු. අක්කා පොඩි සෑමා කිහිල්ලේ ගසාගෙන ඔළුව අතගාමින් ප්‍රශ්න ඇසුවෝය.

“මේ තරම් දක්ෂ ලමයි අපේ රටේ ඉන්නව කියල කියන්න තමා අපි මේ පොඩි දරුවව වැඩසටහනට ගෙන්නුවේ. දැන් කියන්න බලන්න මේ මල්ලිගේ නම..“ අක්කා ඇන්ටි කෙනෙක් වගේය. ඒත් වැඩසටහනට එන වැඩිහිටි ඩොක්ටර් අංකල්ලාට කියන්නේ අයියා කියාය. නළු ඇන්ටිලාට කියන්නේ අක්කා කියාය. එන අපි වන් පොඩි කිරිසප්පයන්ට කියන්නේද මල්ලී කියාය.

“මමද? මම පොඩි සෑම්...“ පොඩි සෑමා උත්තර දුන්නාය.

“අනෝ සෝක් නමක් නේ මල්ලියට දාල තියෙන්නේ..“ ඇය කීවෝය.

“පොඩි කාලේ දාපු නමනේ අක්කා..“ ඒ පොඩි සෑමාය.

“ඉතිං කියන්නකෝ කවුද මල්ලිට මේ නැටුම කියල දුන්නේ..“

“අපි මොන්ටිසෝරි යන කාලේ ටීචර් එක්ක නැටුවා. එයා තමා අපිට ඒ කාලෙ ඉදලම පුලුදු කළේ...“

“අන්න දැක්කද හොද ගුරුහරුකම් ලැබුනම ලමයි දියුණු වෙන හැටි..“ අක්කා දිගටම කතා කළෝය.

“මට කියන්න බලන්න මල්ලි දන්නවද මේ රටේ ජනාධිපතිතුමාගේ නම..“

“ඔව්.....“ පොඩි සෑමා ඇද-පැද උත්තර දුන්නාය.

“කියන්න බලන්න එතුමාගේ නම..“ ඒ අර අක්කාය.

“මලින්ද රාජ පක්ෂ මාමා“ පොඩි සෑමා කට ඇද කර කීවේය.

“අපෝ එහෙම කියන්න එපා.. අතිගරු මලින්ද රාජ පක්ෂ මාමා.. කෝ කියන්න බලන්න...“ අක්කා පොඩි සෑමාගේ කටේ ඇද ඇරියෝය.

“අතිගරු මලින්ද රාජ පක්ෂ මාමා“

“හරි එතකොට කියන්න බලන්න ඔයා එතුමාට කොච්චර ආදරේද??“ අක්කා තවත් ප්‍රශ්න ඇසුවෝය.

මාස ගණනාවක් තිස්සේ වැඩසටහන බැලූ පොඩි සෑමා අක්කාගේ සහ අක්කාගේ තාත්තාගේ ලයින් එක දන්නීය. ඒ නිසා සෑමා වැඩේ ගොඩ දමා ගැනීමට උත්තර දෙන්නට වූවාය. කරන්නට දෙයක් නැතිය. වවුලාගේ වෙඩින් එකට ආ විට වවුලා එල්ලෙන පරිදි එල්ලී සිටිය යුතුය. සෑමා නිවැරදි උත්තර කට හදමින් ලබා දෙන්නට වූවාය.

“ගොඩාාාාාක් ආදරෙයි...“

“අන්න හරි මල්ලී.. ඔයාල වගේ දක්ෂ පුංජි දරුවන්ට එතුමා ගොඩක් ආදරෙයි...“

“ඔව් නැන්දේ අපි එයාටම තමයි මනාප..“

“අන්න දැක්කද බුද්ධිමත් දරුවෝ..“ කියමින් ලොව ලාබාලම පක්ෂ නායිකා අක්කා පොඩි සෑමාගේ හිස අතගෑවෝය. අක්කාගේ තාත්තාද එදා වැඩසටහනට ඇවිත් තිබු නිසා පොඩි සැමා ගෙදර ආවේ ලිමොසින් එකෙන්ය. පොඩි සෑමා ලිමොසින් එකෙන් ගමෙන් බසිද්දී ගමේ එවුන් වට වූවෝය.

පලි- අක්ෂර වින්‍යාසය ජල්තර විය හැකිය. උක්ත ආක්‍යාත නොගැලපෙනවා ඇත. මන්ද මෙය පොඩි සෑමා විසින් ලියූවක් නිසාය. ඊයේ රාත්තිරියේ ලියන්නට පෝස්ටුවක් නැතිව කල් මරද්දී සිරිලංකාවේ නාලිකාවක, පොලොව විකුණන ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ දියණියක් දක්ෂ අයුරින් මෙහෙයවන චැට් වැඩසටහනක් දැක ලියූවක්ය.

Written_by_sAm_9:32pm_01/09/13

පොඩි සෑමා පෙර ලියූ ලිපි -

52 comments:

  1. මෙය කියවිමේදි මතක් වුයේ මම ලංකාවට ආ වෙලාවේ බැලු ලකී විත් කොෆි වැඩසටහනේ ලකී ඩයස් මහතා තමාට මුණුබුරෝ,මිණිබිරියෝ හිටිය නම් උන්ගේ වයසේ නළු නිළියන්ට නංගි මල්ලි කියන අපුරුවය......:p

    ReplyDelete
    Replies
    1. හිකිස්... මහළු නොවෙන උදවිය නොවැ..

      Delete
  2. බලාපන්කෝ ඉතිං ලංකාවේ TV කරුමාන්තෙකට ගිහිං තියන කල දසාව!

    ReplyDelete
    Replies
    1. මේ වගේ දක්ෂ දරුවෝ ආවහම ඒම තමා බොල.

      Delete
  3. අනී.......!හරි හුරතල් :*

    ReplyDelete
    Replies
    1. මඩයා කාලෙකන්ද මන්දා...

      Delete
    2. දන්නවද?මාස තුන හතරකට පස්සෙ කියවපු පලවෙනි බ්ලොග් පොස්ට් එක.

      Delete
  4. ඔය ලා බාල පස්ස නායිකාවගෙයි පියානන්ගෙයි බඩදගලන සිඟිති ආතල් එක ගැන වෙනමම ලිපියක් ලියන්න වටිනවා. එත් ඇත්තටම ඕක ඒ හැටි ගණන් ගන්න දෙයකුත් නෙමෙයි. එක එක්කෙනාගේ මානසික තත්වවල හැටි.එක පව්ලකට බෝ වෙලා තියෙන රජ පිස්සුවෙ limited edition එක.

    ReplyDelete
    Replies
    1. සිරාවට රජ පිස්සුවෙ එක පැතිකඩක් තමා..

      Delete
  5. පොඩි සෑම් අයියේ... උබ ඒ අක්කත් එක්ක නැටුවෙ නැතෙයි....

    ReplyDelete
    Replies
    1. නටන්න ගිහින් කකුලක් එහෙම පෑගුනොත්..

      Delete
  6. පොඩි සෑමා මලින්ද මාමාට අදරෙයිලු.............
    ඈත්තටම බන් වෑරදිලා බෑලුවොත් මිසක් ඔය චෑනල් එක බලන්නෙ නෑතුව ඈති මොකෙක්වත්...

    ReplyDelete
    Replies
    1. අපෙ ගෙදර වැරදිලා දැමෙනවා බං.
      ඔය අටමගලෙ දාගෙන අම්මා දොයි..

      Delete
  7. යකෝ පොඩි සෑමා ටීචර් එක්කත් නටල තියෙනව එහෙනං.

    බණ කියන ගමං පාස්ටර්ලට කඩේ යන මාර චැනල් එකක් ඕක.

    ReplyDelete
    Replies
    1. සිරාවට බං. ඒත් සහෝදරයට කඩේ නොයන එකනෙ අවුල..

      Delete
  8. T** එක ගැනද මචන් මේ කියන්නේ ..? මොකද දැන් හැම එකේම යන්නේ මේවානේ. කොන්ද හිරි වැටෙනවා අප්පිරියාවට.. මොනවා කරන්නද සැමෝ බලන් ඉන්නවා ඇර.


    හිට් ලක්ෂ 4 ට සුබ පැතුම්. මම මේ ටිකේ යන්නේ 50,000. ඉතින් ලක්ෂ 4ක තියෙන ආතල් එක හොඳටම තේරෙනවා.. දිගටම ලියන්න සැමෝ.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒක තමා.

      මම ආව ඒ පැත්තෙ සුභපතල යන්න. ස්තුති..

      Delete
  9. සැමාගේ නැටීම ගැන හැමෝම දන්නවා වගේ. මගේ TV බැලිල්ලක් නැති නිසා ඔය නාලිකා ගැන නොදනිමි.

    ReplyDelete
    Replies
    1. බලන්න වටින වැඩසටහන. ලිමොසින් එකත් පෙන්නනවා.

      Delete
    2. \\\බලන්න වටින වැඩසටහන. ලිමොසින් එකත් පෙන්නනවා.\\\\

      ++++++++++++++++

      Delete
  10. මුලින්ම සෑම්ගෙ ලක්‍ෂ හතරට සුබ පැතුම් ! උඹත් ගානෙන් ගාන ලක්‍ෂපතියෙක් උනා එහෙනම් ඈ...

    ඔය තාත්තයි දුවයිත් මහ විහිළුවක් බං, සල්ලි තිබුනට උන්ට මොළේ නෑ. නොබැලුවට ඉඳල හිටල දැකල තියෙනව මමත්. ඔය චැනල් එකේ එවුන්ටත් පිස්සුනේ බං. කමක් නෑ, උන්ගෙ ආතල් උන්ට.

    කොහොමටත් ඔය රියැලිටි ෂෝ මට දැන් තිත්තයි, දකින කොටත් තරහයි. සිරසෙ පළවෙනි එකේ අන්තිම දවස් හතර පහ බැලුවා මිස ඉන් පස්සෙ මම ඔය එකක්වත් බැලුවෙ නෑ. ඒකෙන් හම්බකරපු සල්ලි කන්දරාව දැක්ක ගමන් අනිත් එවුන්ගෙ ඇස් නිලංකාර වෙල ගියා. ඉතිං අරුන්ට බැන බැන හිටපු එවුන් විලිලැජ්ජ නැතුව ඊටත් පජාත විදියට පටන්ගත්තා. අන්තිමට හැමදාම රෑට මොනව හරි චැනල් එකක ඔය බඩකඩුත්තුව. අර විචාරක මහත්මයත් එකපාරක් ලියල තිබුනා ඔය පොඩි එවුන් ගෙනිහින් නටවපු තැනක වැඩ වෙච්ච හැටි.

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      රියැලටියේ රියැලටියක් නැති බව නම් සැබෑව..

      Delete
    2. මේ දවස්වල හිරු TV එකෙන් ඇවිත් මෙහේට ලංකාවේ අයට සංචාරය කරන හැටි කියා දෙන්න පය 2කක පොරොග්ග්රෑම් එකක් ෂුට් කරනවා........ මට බය ඕක පෙන්නුවට පස්සේ අපේ ය ඕක මොන විදියට ප්රෝයෝජනය ගනීද කියලා

      Delete
  11. ඔය අක්ක නං එහෙම තමයි. සමහර වෙලාවට අක්ක ඉන්නව කියල බලන්නෙ නැති එයාගෙ තාත්ත හතරැස් කුනුහබ්බ ඇදබානව.

    ReplyDelete
    Replies
    1. මේක ලියද්දි අංකල්ගෙ කුනුහබ්බ කතා කියන සීන් එක අමතක වුනානේ බං..

      Delete
    2. අපි වගේ ගොඩේ හැත්ත නෙවේ යකෝ ඒ මිනිස්සු. විවෘත විදිහට හිතන පතන මිනිස්සු.. :P

      Delete
  12. හාර ලක්ෂයට සුබ පැතුම් සෑමා... යමක් කියන්න ආවත් මේක පොඩි සෑමා ලියපු එකක් කියල කොටල තියන හන්දම ඒක නොකියා යනවා.

    ReplyDelete
  13. ඔය චැනල් එක එහෙනං අපිට අහුවෙන්නෙ නෑ :D

    උයා මොන්තිසෝලි ගියාද අනේ :D :D

    ReplyDelete
    Replies
    1. අප් මොනතිතෝලි ගිය දරුවෝ හරිය ?

      Delete
  14. ලක්‌ෂහතරට සුබ පැතුම්,ලියුම ලිව්වේ පොඩිඑකානෙ උගෙ හැටියට ලියුම හොඳයි.අනේ නොවාසනාවන් ඔය මඟුල් බලන්න නැති එකමයි කාරිය

    ReplyDelete
    Replies
    1. ස්තුති හැලපයියේ !

      Delete
    2. ස්තුති හැලපයියේ !

      Delete
    3. ස්තුති හැලපයියේ !

      Delete
    4. දෝංකාරෙද බං ඔය තුන් පාරක් ඇහිල තියෙන්නෙ.

      Delete
  15. ඔය හාර ලක්සෙ තෝ මංකොල්ල කාපුව නෙමේ හරිද...
    ලියපු ඒව‍ට අපිල සංග්‍රහ කරපු ඒවා.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියට කියන්න, හාරලක්ෂෙ දැක්ක ගමන් මටත් එකපාර කටට ආවෙ හාරලක්ෂෙ මංකොල්ලය. ඔය සීන් එකෙන් ෆිලුම් එකකුත් හැදුවද කොහෙද නේද.

      Delete
    2. ඒක තමා කෙන්ජියෝ බුකියේ එහෙම ස්තුති කළේ.. උබල තමයි මාව ගොඩ දැම්මෙ..

      ඇන්ටන් ජෝන්ස් ගෙ සිංදුවකුත් තියෙන්නෙ බං..

      Delete
    3. ඒක තමා කෙන්ජියෝ බුකියේ එහෙම ස්තුති කළේ.. උබල තමයි මාව ගොඩ දැම්මෙ..

      ඇන්ටන් ජෝන්ස් ගෙ සිංදුවකුත් තියෙන්නෙ බං..

      Delete
  16. ක්‍රිකට් ඈරෙන්න ටිවි බෑලිල්ල අඩු නිසා තෙරුම අඩුයි පුතෙ.ලක්ශපතිවිම ගෑන සුබ පෑතුම්

    ReplyDelete
    Replies
    1. කිරිකොට් වුනත් බලන්න දෙයක් නැහැනෙ බං දැන්.

      Delete
  17. ඔය චැනල් එකයි අදාල චරිතෙයි කවුද කියලා මට හිතාගන්න අමාරුයි. ඒ කොහොම වෙතත් උඹට සුභ පැතුම් හාර ලක්ෂපතියෙක් වීම ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුති හෙන්රියා.

      මේ චැනල් එක උබලට පේන්නෙ නැතුව ඇති.. ;)

      Delete
  18. මට මතක් උනේ මගෙ සමරු පොතක මං සිස්සන්තෙන් පාස් වෙලා යන දවසෙ කොලුවෙක් ලියපු සමරු සටහන :D

    ඒගැන ලියන්ඩ ඕනි..

    ලක්ස 4 කොඩියට ගැසූ සෑමාට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. අඩෝ අන්න වටිනා දේවල්.. තකහනියෙ දාපිය.

      ස්තුති..

      Delete
  19. එල එල
    සෑම් බබා ......
    අනිත් දවසේ එනකොට බබාට මම ගුණසිරි බුල්ටෝ එකක් ගෙනත් දෙන්නම් .
    අපෝ අර අන්තිමට කිව්ව වැඩසටහ නම් මතක් කරන්න එපා .

    ReplyDelete
  20. මොකක්ද සෑමෝ ඔය වැඩසටහන. මම TV බලන්නේ news ටිකයි ආයේ merlin යනකොටයි විතරයි... පච වාහිනිය වෙන්ට ඇති. අපේ ගෙදර පැත්තේ ඕක තහනම් ;v

    ReplyDelete
  21. සුභ පැතුම් සෑමෝ..

    ReplyDelete
  22. හාර ලස්සේට කොඩිය දාපු, මොන්ටිසෝරි ගිය හොද දරුවට මගේ සුභ පැතුම්

    ReplyDelete
  23. හාරලක්ෂෙට අපෙත් මෙව්වඑක!!!!! පොඩි සෑමව අත නෑර දිගටම තියාගන්න එක ගැන සතුටුයි.

    ReplyDelete
  24. හාරලස්සෙට සුභපැතුම් සෑමෝ.!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...