Tuesday, September 24, 2013

බජාර් එකේ ලලක්කා... - The Head of Women !!!


අපේ අල්ලපු ගෙදර වහලෙ උඩින් හදපු කොන්කිරීට් වතුර ටැංකිය, සති ගානක් පල් කරල වතුර බොන්න පුලුවන් තත්වෙට පත් කරල වතුර පිරෙව්වෙ ජීවිත කාලෙම වතුර බෙන්න බලාගෙන. අන්න එහෙම පුරවපු වතුර ටික පෙනේරෙකින් වැක්කෙරෙනව වගේ විනාඩි දහයකින් බිමට ලීක් වෙන්න ගත්ත. එහෙව් ලීක් වෙච්ච වතුර ටැංකිය වගේ මගේ නාස් පුඩු අතරින් සොටු බේරෙන දවසක, උදේම ආව වෑන් එකක් අපේ ගේට් එක හරස් කරල බ්‍රාස් ගාල නැවැත්තුවා. රතු වෙච්ච ඇස්, නාහෙට හිරවෙච්ච ලේන්සුව, ඇගේ අමාරුවට වකුටු වෙච්ච කොන්ද, සියළු දේ දරාගෙන මම ගියා දොර ලගට, මහා පාන්දර ගේට්ටුවට තඩි බාන එකා අල්ලගෙන අඩු දෙක් කඩලා, මගෙ හොටු ලේන්සුව ඌගෙ අමුඩ ලේන්සුව කරල අන්දවල ගම වටේ ඇවිද්දවන්න. හැම ඉරිදම දහම්පාසල් ගිය මට එච්චර කේන්තියක් එන්න හේතුව මට හිතා ගන්න බැරි වුනා. ඒත් මේ හෙම්බිරිස්සාව ඒකට හේතුව කියල මගෙ යටිහිත කෑගහලා කිව්වා.

මගෙ කාලකන්නි අතිජාත යාලුවා සුමියා ගේ දොරකඩ, ෂෝටක් ගහගෙන, බලාගෙන ඉන්නව මම එනකල්. ඇයි යකෝ තෝ ලෑස්තිවුනෙ නැද්ද? ඌ එහෙම ඇහුවමයි මට මතක් වුනෙ. අද අපේ එවුන් සිරීපාදෙ යනව කියල මට කලින් මැසේජ් එක ගහල තිබ්බෙ. මට දැන් බං මතක් වුනෙ.. අනික පට්ට අමාරුයි... බලපං ඇස් රතු වෙලා... මට සෙම බං.. ඔය සීතලේ යන්නෙ කෝමද?? අනෙ මේ උඹ ගියපාරත් අපි එද්දි ලැට් එකේන එලියට බහින්නෙ නැතුව බඩේ අමාරුවක් කියල මග ඇරියා මතකද? යකෝ කෑල්ලක් වගේ ගෙදරට වෙලා නොයිද පිනක් දහමක් කර ගන්න එලියට බැහැපං. සුමියා බඩේ අසනීපකාරයෙක් වෙච්ච මාව දවසක් ටොයිලට් එකේ දොර කඩලා වෑන් එකේ දාගෙන ගිය සීන් එක මතක් වුනේ ගිය වසරේ ට්‍රිප් එක ගැන කියද්දීය. සුමියා කරන රස්සාව මොකක්ද කියා දන්නා මුත් මම එදා නම් හිතුවේ මූ සුදු වෑන් කාරයෙක් කියාය. මොකද කෝපි කෝප්ප දුසිමක් විතර ගහලත් ලැට් එකේ සනීපයෙන් ඉදගෙන ඉන්න එකෙක් දාගෙන යන්න තරම් දරුණු යාලුවෙක් කාගෙවත් ජීවිතේක ඉදල නැතුව ඇති.

හරි බං... කියමින් මාත් සුමියා ගේ අදුරු මතකයන් අවදි කිරීමට බිය වී සීතලට ඇදීමට සුදුසු ඇදුම් පමණක් මල්ලක ඔබා ගත්තෙමි. එහෙව් පුරවපු ඇදුම් මල්ලේ වැඩි පුරම ලේන්සු තිබුනු බව නොරහසක්ය. නැත්තම් මේ ගලන හොටු ගංගාව නවතාලිය නොහැක. අපේ ගම අසබඩින් ගලන ගග උතුරා ගලන කාලෙට කවුරුවත් එය නැවැත්වීමට උත්සාහ නොකළේ එය තාත්වික දෙයක් නොවන නිසාය. එහෙව් එකේ නාසයෙන් ගලන හොටු දියර උඩට අදින්නේ නැතුව පහලට හෙලමින් ලේන්සුවල රටා මැවීම තාත්වික වන්නේය. එදා උතුරා ගලපු ගගට අද මාගේ නාසය සම වන්නේය. 

මචං.. ඔන්න අපේ නඩේ ගුරා දැනුයි වාහනේට නැග්ගේ..ඌට නහය බුරුල් වෙලාලු.. ඔය ජනේලයක් අයිනක් දියන්.. නැත්තං.. සිරීපාදෙ යන්න කලින් අපේ නඩේටම හොටු හූර හූර ඉන්න වැඩක් මූ සැට් කරයි..

සුමියා මගේ රෝගයේ ආකෘතිය නඩේටම කියා දුන්නේ අපේ ගමේ බේස් හොස්පිටල් එකේ ඕ.පී.ඩී දොස්තර මහත්තයා වගේය. ලෙඩකට බෙහෙත් ගන්නට ගියොත් බේත අරන් ගෙදර එද්දී ලෙඩාගේ රෝග තත්වය ගමම දන්නේය. ඒ ඩොකා ලෙඩේ ගැන හැම තැනම කියන නිසාය. ඩොකා ඒ තරමට සමාජශීලී නොවුනේ නම් ගමේ බෝවෙන රෝග පැතිරීමේ අවධානම වැඩිය. හවසට බාර් එකේ දොරකඩම සැට් වෙන ග්‍රාමීය ඩොකා එතැන සිට එක එකාගේ බෝවෙන රෝග ගැන කියවන නිසා කස්ටිය එදා සිට ඒ රෝගියා අසලට නොයන්නේය. එමගින් බෝවන රෝග අවධානම පහව යන්නේය. දෙවිවරු කිව යුත්තේ එවන් දොස්තරලාටය.

ලෙඩ ගොඩක් අස්සේ සිරීපාදේ සීතල විද දරාගන්නට ඇග වැහෙන, කන් වැහෙන, හිස් වැහෙන බර ඇදුම් මල්ලකට පුරවාගත් මාවත් රැගෙන අපේ උන් ආවෙ කට්ට අවුවක් පායන, පොලවේ පය ගහන්න බැරි, දාඩිය බේරෙන රස්නයක් ඇති අනුරාධපුර පොලොන්නරු පැත්තටය. අපේ එවුන් දෙන්නේ එවන් ටොපිමය. දිනක් කොල්ලෙකුගේ මලගෙදරකට කියා මාව රැගෙන ආවේ සතියක් නයිට ගැසීමට සූදානමින්ය. ඒත් එදා මලගෙදර අහවර වී සතියක් පිරෙන තැන දානය තියෙන දවසය. අපේ එවුන්ටත් මලගෙදර මිස් වී මට මලගෙදර යැයි බොරු කියා රැගෙන විත් තිබුනේය. මුන් සමග එන විට එවන් අත්දැකිම් විද දරාගැනීමේ ශක්තිමත් සිතින් පැමිණිය යුතුය. එසේ ශක්තියක් නොවන්නේ නම් උන් එන වේලාවට ගෙදරින් පිට සිට ට්‍රිප් එක මිස් කළ යුතුය.

රාත්‍රියේ පැවැත්වෙන පූජාවක් සදහා අපේ එවුන් මල් තෙල් පහන් අරගෙන, මම එක අතකින් ලේන්සුවත් අරගෙන, මහ මලුව පැත්තට ඇදුනේ අවට සැරිසරන කෙල්ලන්ගෙන් ඇස බේරා ගනිමින්ය. රෑපයට නොරැවටී මෙහි ආ කාරණා සාර්ථකව කර ගත යුතු බැව් අපේ සුමියා කිව්වේ පුංචි කොළ කෑලි වල තමන්ගේ ටෙලිපෝං නොම්මරය ලියමින් සිටින වෙලාවේදීය. රෑප ග්‍රහනයට නොවැටෙන ලෙස බිම බලාගෙන ඉදිරියට ඇදෙන මට දෙපස මල් කඩවල් හා සෙල්ලම් බඩු කඩවල කෙල්ලන් ඇස් කොනක ගැටෙන්නට වූයේය. එහෙත් සිත තද කරගෙන නාස් පුඩු හිරකරගෙන බිම බලාගෙන යද්දී දොදොල් කඩයක කෙල්ලෙක් කඩයේ දොදොල් පිලිවෙලකට අඩුක් කරමින් සිට මා එන පාර හරහට පැන්නේ කඩේ තියෙන බඩු පැහැදිලිව පේනවා දෝ බලන්නාක් සේය. ඇය මා ඇග හැපී, මා ඇය ඇග හැපී දෙදෙනාගේ මුහුනු විනාඩියක් පමණ බලා සිටින්නට ඇත. ඒ ඇස් දෙකට කදුලු ගලාගෙන ඇවිත්.. අපෙ කතාව ආරම්භ වුණා..

“අනෙ සමාවෙන්න...“

“ඉට්ස්.. ඕකේ.. ඉට්ස් ඕකේ..“

“අනෙ දැක්කෙ නැහැ මහත්තයා..“

“හරි හරි කෙල්ලෙ.. ගණන් ගන්න එපා.. අතැවැරැද්දක්නෙ වුනෙ..“

“ඒ වුණාට.. මහත්තයගෙ ඇගේවත් හැප්පෙන්න වටින කෙනෙක් නෙවෙ මහත්තය මම...“

“ඇයි කෙල්ලෙ එහෙම කියන්නෙ.. මේ ලෝකෙ මනුස්සයො අපි ඔක්කොම එකයි නේ...“

“මහත්තය ඔහොම කිව්වට.. මේලෝකෙ ගොඩක් පෝසත් මිනිස්සු.. දුප්පත් අපි දිහා බලන්නෙ හරි පහත් විදිහට මහත්තයා..“ එයා පපුව කඩා වැටීගෙන කදුලු අතරින් කතා කරද්දි මගෙ ලෝකෙම කඩා වැටෙන්න වුණා..

“පිස්සුද කෙල්ලෙ.. සල්ලි වලින් දුප්පත් වුණාට.. හදවතින් .. රෑපෙන් ඔයා කොච්චර පෝසත් කෙනෙක්ද??“

ආයෙත් අපි අතර නිහඩතාවයක් ආව.. හරියට ඔපරේෂන් තියටර් එකකට ඇතුල් වුනා වගේ.. නිහඩයි..

“ඔයා කොහෙද කෙල්ලෙ යන්නෙ..“ මම ඒ නිහඩතාවය බින්දා. දොස්තර අතින් කතුරක් බිම වැටුන  වගේ.. ආයෙත් තියටර් එකම චංචලයි..

“එහෙමටයි කියල තැනක් නැහැ මහත්තයා..“

“අම්මලා විශ්‍රාම ශාලාවෙ ඉන්නව.. මම ආව ටිකක් මේ කඩවල් වල තියෙන ඒව බලල යන්න කියල..“

“හිහ්.. ඇයි බලන්න විතරද මුකුත් ගන් නැද්ද?“

“අහ්..අප්.. අපිට කොහෙන්ද මහ්... මහත්තයා ඕවා ගන්න සල්ලි...“ ඒ කතාවට මගෙ පපුව පිච්චිලා ගියා.. 

“හරි හරි.. එන්නකො මාත් එක්ක.. ඔයා කැමති කඩේකින් කැමති දෙයක් ගන්න..“

“අහ්. අනේ මහත්තයා..“

“මමනෙ කියන්නෙ.. මෙහෙ එන්නකො...“

“මම බලෙන්ම වගේ එයාගෙ අතින් අල්ල ගත්තා..“

“මුලින්ම එයා නැවතුනේ දොදොල් කඩයක ලග..“

ආ.. එන්න එන්න එන්න... කළු දොදොල්.. හොදා දොදොල්... ගන්න.. ගන්න.. ගන්නෝ.. කළු දොදොල්.. කළු දොදොල්... කාල බලන්න. කාල බලන්න... එන්නෝ...

කන්න කන්න කන්න.. ආ සාම්පල් කෑල්ලක්  කාල බලන්න.. මේ ඔය ගන්නව නම විතරක් කන්න.. මෙතන ඔය සාම්පල් කාල බඩ පුරවගන්න එන්න එපා..

මේ ඔය කෙල්ලට මම කියන්නෙ එනව මෙතන දොදොල් කන්න...

දොදෙල් කාරයගෙ කතාවට එයාගෙ ඇස්වලින් කදුලු පැන්නා..

“මේ එයා ඔයාගෙ දොදාල් කාල බඩ පුරව ගන්න ආවෙ නැහැ හරිද... කීයද තමුසෙගෙ දොදොල්..“

“කිලෝ එක 400යි..“

“දානව කිලෝ 10ක්...“

“කිලෝ දහයක්???“

“ඔව්.. මේ.. මීට පස්සෙවත් දැන ගන්නව මිනිස්සුන්ගෙ මූණ බලල මිනිස්සු පහත් නොකර ඉන්න..“ එහෙම කියපු මං එතැනින් දොදොල් කිලෝ දහයක්ම අරන් එයාගෙ අතට දුන්න.. ඒත් මගෙ කේන්තිය ඉවර නැහැ..

“ගන්න කෙල්ලෙ.. මේ ඕන කඩේක තියෙන ඕන දෙයක් ගන්න..“

“අනෙ මහත්තයා..“

“මංනෙ කියන්නෙ.. ඔයා ගන්න ඕන දෙයක ගන්න...“

එහෙම කියල කේන්තියෙන් හිටපු මං. හැම කඩේකින්ම එයා ආස හැම දෙයක්ම අරන් දීගෙන දීගෙන ගියා.. එයා එක පාරක් දෙපාරක් එපා කියද්දි මම බලෙන්ම වගෙ අරන් දුන්නා.. කෝම හරි දැන් එයාගෙ අතේ පුංචි ලොරියක විතර බඩු.. සල්ලි වලින් නම් ලක්ෂෙක විතර බඩු..

“මේ කෙල්ලෙ අපි දෙන්නත් කොහෙ හරි පොඩ්ඩක් වාඩි වෙලා කතා කරමුද?“

“මේ බඩු කන්දත් තියාගෙන කෝමද මහත්තයා අපි කතා කරන්නෙ.. මේ බඩු කන්දට මට මහත්තයාගෙ මූණවත් පේන්නෑ.. මහත්තයා මම කියන්නද? මම දූලා ගහින් අපෙ අම්මල ඉන්න විශ්‍රාම ශාලාවෙන් මේ බඩු ටික තියල එන්නම්...“

“අහ්.. ඒක හොදයි.. හැබැයි ඉක්මනට එන්නෝ....“

“හරි හරි..“

“මේ...“

“ඇයි මහත්තයා..“

“ආයෙ මට මහත්තය කියන්න එපා හොදේ..“

“හොදයි මහත්තයා..“

එහෙම කියපු එයා ආයෙ දුවන්න ගත්තා.. විනාඩි 10ක් ගියා, පැයක් ගියා, දෙකක් ගියා.. ඒත් එයා තාම නැහැ.. ඒ ගත්ත බඩු ලොට් එක විශ්‍රාම ශාලාවෙ මුල්ලක අඩුක් කලත් මෙච්චර වෙලා යන්නෙ නැහැ. පුජා අඩවියෙ තෙල් කෑම අරන් යද්දි කරදරයක් වත් වුනාද? අනික මට එයාගෙ නමක් වත් අහගන්න වුනෙ නැහැ. මම කෝම හරි එයාව හොයා ගන්නව කියල හිතපු මම, මුළු පුජා භූමිය පුරාම විශ්‍රාම ශාලා, කඩ පිල්, දොදොල් කඩ පීර පීර එයාව හෙව්වා. ඒත් ඔහෙ නැහැ. කමක් නැහැ මම දන්නව කවදා කොතැනක හරි මට එයාව හම්බෙන එක හම්බෙනවා. ආපහු යන්න හැරුණු මම නිකමට වගේ අර එයාට දොදොල් අරන් දුන්න කඩේ ඇතුලට ගොඩ වුණා.

අඩේ දෙයි හාමුදුරුවනේ.. මම දෙදොල් ගත්ත කඩේ තඩි කළු මිනිහා එතැන කඩේ ඇතුලෙ හිටපු කෙනෙකුට කියන කතාවක් ඇහිල මම එතැනම ගල් ගැහුණා.

හෙහ් හෙහ් හේ.. මුදලාලි නෝනා ඒ හාදයගෙන්ම පනස් දහක විතර බඩු ගැරුව නේ.. අපේ කඩෙන්ම ඒ හාදයා පනස් දහක විතර බඩු ගත්ත නේ... පව් අප්පා.. බැරි වෙලා හරි ඌ දන්නව නම් නෝන තමයි මේ කඩ පේලියෙම අයිතිකාරි කියල.. පපුව පැලිල මැරෙයි.. ආක්....“ 

sAm_ශ්‍රී_Perera_8:15am_24.09.13

51 comments:

  1. දවල් හීන........... පැණි පමණට වැඩිය හලන්න ගියාම වෙන දේවල්

    ReplyDelete
    Replies
    1. පැණි නෙවෙ කොරලේ.. මේ තෙල්.. දොදොල් තෙල්... :)

      Delete
  2. හි හි හි ....... උබ ඔච්චර ලොකු ගානක් ගෙව්වේ ක්‍රෙඩිට් කාර්ඩ් එකකින්ද බන් ?

    ReplyDelete
    Replies
    1. ඇයි බං ට්‍රිප් යද්දි කැට කඩලානේ සල්ලි අරන් යන්නෙ...

      Delete
  3. අපිත් ඔය වගේ වැඩක් කරමුකෝ මචන් කාව කාව හරි සෙට් කරන්.. අටමත් බැහැයි කියන එකක් නැහැ කපුවට අඳින්න.. අනිත් එක මෝඩයන්ගේ සල්ලි ගත්තට පව් නැහැ .. ඇරත් පව් නම් මොනාද ඩෝ..

    ReplyDelete
    Replies
    1. //ඇරත් පව් නම් මොනාද ඩෝ..//
      මේ ටිකට තාම හිනා බං..

      අටමා තමා ගැලපෙනම මනුස්සයා..

      Delete
    2. //ඇරත් පව් නම් මොනාද ඩෝ..//
      මේ ටිකට තාම හිනා බං..

      අටමා තමා ගැලපෙනම මනුස්සයා..

      Delete
    3. //ඇරත් පව් නම් මොනාද ඩෝ..//
      මේ ටිකට තාම හිනා බං..

      අටමා තමා ගැලපෙනම මනුස්සයා..

      Delete
    4. //ඇරත් පව් නම් මොනාද ඩෝ..//
      මේ ටිකට තාම හිනා බං..

      අටමා තමා ගැලපෙනම මනුස්සයා..

      Delete
    5. //ඇරත් පව් නම් මොනාද ඩෝ..//
      මේ ටිකට තාම හිනා බං..

      අටමා තමා ගැලපෙනම මනුස්සයා..

      Delete
    6. මේ මොකෑ බං :o
      ඇත්ත කියහන් උබට තියෙන්නේ හෙම්බිරිස්සවද නැත්නම් වෙන මොකක් හරි එකක්ද.., උබලගේ ගෙවල්වල ඉදලා මුල්ලේරියාව ඉස්පිරිතාලෙට ලගයි නේද...

      Delete
    7. කැළණි ගඟ උඩින් පාලමක් හෙම දාලා තියෙන්නේ.. පොඩ්ඩ දුරයි...

      Delete
    8. @chami - ඇයි බං දෝංකාරේ වගේ එකම කමෙන්ට් එක දිගට වැටෙන්නේ???

      @මාතලන්- අලුත් පාලමෙන් වැඩක් ගන්නත් එපෑ බං...

      Delete
  4. හෙම්බා ගැහුවම සිහිවිකල් වෙන ගතියකුත් තියෙනවද උඹට?

    උඹලෑ පැත්තේ බේස් හොස්පිටල් එකක් තියෙන්නේ කොහෙද බං? මට මතක නෑනේ.

    (අරවගේ ටැංකියක් අපේ අම්මලගේ ගෙදර තිබ්බා. පස්සේ අන්තිමට ආපිකෝ ප්ලාස්ටිෂෙල් එකක් ගෙනත් ඒක ඇතුලේ තියලා වතුර ගහන්න ගත්තා. ලෙඩේ සනීපයි. හික් හික්!)

    ReplyDelete
    Replies
    1. හෙම්බ හැදුනම දන්නවනේ හෙන්රියෝ සැප..

      ඇයි බොල බියගම බේස් හෙස්පිටල් එක.. ;)

      ඔය ටැංකි කතාව මතක් වුනෙ අපෙ ලොකු අම්මලගෙ ගෙදර මං සුට්ටං කාලේ ටැංකිය ඕපන් කරපු දවස මතක් වෙලා.. එයාලත් දැන් ප්ලාස්ටික් එකක් තියන් ඉන්නෙ. අර ලීක් වෙච්ච ටැංකිය වටේ බදාම ගහලද කොහෙද කාලයක් පාවිච්චි කලා..

      :))

      Delete
    2. ඇත්තෙන්ම මට හාංකවිසියක් අමතක වුනා ඒ බියගම හොස්පිටල් එක ගැන. ඒකත් සෑහෙන පරණ එකක්නේ.

      Delete
    3. මේක ලියද්දිත් මට හාංකවිසියක් ඒ හොස්පිටල් එක අමතක වුනා හෙන්රියෝ.. උත්තරයක් දෙන්න හොයනකොට එක පාර මතක් වුනා :)

      Delete
  5. අඩේ උබට හිතෙන දේවල... අනේ අනේ....

    ReplyDelete
    Replies
    1. ඇයි බං වැරදිද? සත්‍ය ආදරවන්තයෙක්ට මේව වෙන්න බැරිද?

      Delete
  6. සෑම මලක්වත් ගහලද මන්ද පාන්දරම.

    ReplyDelete
    Replies
    1. මල් නෙවෙ මචං.. මර්ලින් :)

      Delete
  7. මුල ටික කියවගෙන එනකොට මම හිතුවා ඇත්ත කතාවක් කියලා ... බලනකොට මේකා හෙම්බිරිස්සා විකාරෙන් ලියපු එකක් නෙවැ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් තමා බං. ඇයි මෙහෙම දෙයක් කොල්ලෙක්ට වෙන්න බැරිද මං අහන්නේ ???

      Delete
  8. මලක් ගැහුවම මේ වගේ වෙනවා.. හැබයි කාලෙකින් රහ පෝස්ට් එකක්..

    ReplyDelete
  9. අපෝ මේ වගෙ ගොබ්බයො ඕන තරම් ඉන්නව.
    සැමා කියන්නෙ ඉතින් මොත්තිලටත් මොත්තෙ දාන බුවානෙ.

    ReplyDelete
    Replies
    1. නැතුව මෙහෙව් රටේ මෙහෙව් කොල්ලෝ නැද්ද බොල..

      අපි නම් ඉතිං ඕවට නැහැනේ..

      Delete
  10. අඩේ සුපිරි බන්. උඹට අර චන්ද්‍රා අනගිරත්න මහත්තයා වගේම සිරාවට ජෝක් කතා ලියන්න පුළුවන්

    ReplyDelete
  11. Replies
    1. කොරලම බලන්න එපැයි වටිනාකම..

      Delete
  12. අර දොස්තරනං එල ඩොකා..
    පොල්හේනේ ඩොක්ට සරත් වගේ උං නං එපා...

    ReplyDelete
    Replies
    1. සරත් රොද්‍රිගු මහත්තයාද? පොර මොකැ කලේ බං??

      තෝ බිල මාට්ටු වුනාද ඩොකාට?

      Delete
  13. ඔක්කොට වැඩිය ආතල් ටයිටල් එක බං...
    මම යූ ටියුබ් ගිහින් සින්දුව හොයාගෙන අහලා හෙන ෆන් එකක් ගත්තා. ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සිරාම සිංදුවක් බං.. මම පාඩම් කර ගන්න මාර ගේමක් ගහනවා මතක හිටිනේනෙම නැහැ..

      :ඩී

      Delete
    2. ඒ සින්දුවට මාර වීඩියෝ රිමික්ස් එකකුත් තියෙනවා මං දැකලා තියෙනවා බං...

      Delete
  14. අඩෝ ඇහැරියන් බං... දැන් රෑත් වෙලා!

    ReplyDelete
    Replies
    1. අඩේ.. මේක පාන්දර දැම්මෙ.. හොද සිහියෙන් :)

      Delete
  15. මාත් බැලුව සෑමගෙ පාස්වර්ඩ් එකවත් මොකෙක් හරි උස්සලද කියල. ඇත්ත කියහන්, උඹ පත්තර කඩේට මේ තියරිය දාන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හිකිස්.. කෑම බීම වගේ පත්තරත් විකිනෙනව නම් ඇප්ලයි කරනවා සුවර්.. අපෙ පැත්තෙ උන් කෑම ඔතන්න ඕන නිසානෙ බොල පත්තර ගන්නෙ :ඩී

      Delete
  16. උඹ ඊගාවට ට්‍රිප් එක යන්න කලියෙන් යන දිහාවක් අපිටත් කියපං. ගවුමක් ඇඳන් ඒ පැත්තට එන්න! :D

    ReplyDelete
    Replies
    1. හිකිස්.. එල ඈ...

      කාලෙක් සබියා එලියට බැහැලා..

      Delete
  17. එළ කිරි
    මේවගේම නැතත් පොඩි පොඩි ටොපි අනන්තවත් කාපු උන් මෙතන ඕන තරන් ඇති සමහර විට ඒව කියන්නැත්තෙ ලැජ්ජවටද දන්නෙත් නෑ ඒත් ඒව මාර රහයි කියල උන් දන්නෙත් නෑ
    ජය ! සෑමා

    ReplyDelete
  18. කාලෙකින් මේ පැත්තේ ගොඩ වුන ගමන්ම දැක්කේ සිරා සීන් එකක්නේ.. මොනා උනත් ඉතින් මේවා වෙන්නේ උඹලටම තමයි හැමදාම..

    ReplyDelete
  19. කලු උනාට දොදොල් හරි රහයි සෑමා...

    ReplyDelete
  20. උඹට දොදොල් කන්න බැරිවුනාට දුකයි සෑමෝ!

    ReplyDelete
  21. රුපියල් හාරදාහක දොදොල්....ඈ අඩේ ලක්ෂෙක බඩු...

    කිරි පැණි කලවම් කරලනේ ලියලා තියෙන්නේ... මාර පදමයි ඈ

    ReplyDelete
  22. සෑමෝ......ඔහොම ඩොකෙක් ඉඳලා තියෙනවා මගේ යාලුවෙක් දන්න. ඌට කරටි කැඩුනාම ඇම්බියුලන්ස් එකේ බාවලාලු ගෙදර ගිහින් බස්සන්නේ. සමහරක් දාට ඌව බස්සගන්න බැහැලු. පහුවදා උදේට ඇවිත් කූද්දපන් කියනවාලු.

    ReplyDelete
  23. උඹේ ලියවිල්ල නං පංකාදුයි. අර කාල තරණ යාත්‍රිකයෙකුට විලියම් ෂේක්ස්පියර් කිව්වලුනෙ ‘මෙහෙම ගියොත් මැටි ගුළියකින් ගංවතුරක් මිරිකලා ගන්න උනත් පුළුවං‘ කියලා...

    ReplyDelete
  24. අඩේ හෙම්බේ හැදුනාම අපිනම් බෙහෙත් ගන්නේ රුහුණු පුතා එකෙන්. එලි වෙනකොට බඩු කොහෙන් ගියාද නෑ

    ReplyDelete
  25. බොට මනමාල විසේ ඉහට ගහලා නෙව. ඇති යකෝ ඔයින් බේරුනා. තව පොඩ්ඩෙන් ඔහොම දත ගැලෙව්ව මදිවට අස්ථි දෙක තුනකුත් අහිමි වෙනවා...

    ReplyDelete
  26. අඩෙ මම මුලින් හිතුවෙ ඇත්ත කතාවක් ලියනව කියල.හැබැයි ඇත්තවෙන්නත් පුලුවන් නේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...