Saturday, September 14, 2013

දෙකක් බැලන්ස් කරන හැටි - පිළිතුරු !!! - How to Balance Two Ladies !!




බ්ලොග් ලෝකය අතිශය සුන්දරය. හැම එකාම හොදට හැදුනු එවුන්ය. දෙකක් බැලන්ස් කළ එවුන් නැත්තේමය. ඒ නිසා කවියට පිළිතුර සොයා ගන්නට කිසිවෙකුට හැකි වූයේ නැතිය. එහෙත් දෙකකට වඩා බැලනස් කරපු එකෙක් සිටියේය. ඌ කියා සිටියේ මෙසේය.


මාතලන් ගොයියාද සාර්ථක උත්සාහයක් දරා තිබුණේය. එහෙත් එහි ආදරෙයි කියන ආකාරය දෙවිදිහටම කියවී තිබුනේය. එවිට ගෑනිගෙන් බේරීමක් නැතිය. හොර අයිටම් එක සුජීවා ය. සුජීවා මම ආදරේ සැමදා නුඹටයි කියා, නැවත සුජීවා මගේ හදවත නුඹට දුන්නා කීවොත් ගෑනි කන පැලෙන්න ගහනවා ෂුවර්ය.



හැබැයි morabba de morabba කියු පරිදි, සුජීවාට හදවත දී, නැවත මම ආදරේ හැමදාම නුඹටයි කියා පවුලට කිව හැකිය. වෙනසක් නැතිය. ඒ නිසාද නැවත කන පැලෙන්නට කන්න වෙනවා ෂුවර්ය.


ඉන්දික අයියා සුජීවා මම කියා හොර අයිටම් එකේ නම ආරම්භ කර ඇත්තේය. ඉතිරිය හැලපයියා සාර්ථක ලෙස ආදරේ නැහැ කියා කීවේය. වැඩේ තරමක් ගොඩය. එහෙත් පිලිතුර අසම්පූර්ණය. ඒ නිසා පෙනී යන්නේ බ්ලොග් ලොව දෙකක් බැලන්ස් කරන උන් නැහැ කියාය. එහෙත් බෝල දෙක බැලන්ස් කර ගන්න බැරිව ඉන්නවා යැයි මරු කමෙන්ට් සැට් එකක්ද  තිබ්බේය. ඇත්තය කොච්චර බැලන්ස් කියා සිතුවත් උපතින්ම බෝල දෙක බැලන්ස් නැතිය. 

කෙසේ වෙතත් උත්තරේ මෙහෙමය. හැම වාක්‍යෙයම මුල අකුර ගත යුතුය. අන්තිම වාක්‍ය දෙකේ පලවෙනි වචනෙම ගත යුතුය. එවිට “සුජීවා මම ආදරේ නෑ“ කියා කියවෙන්නේය. පවුලට අසුවූ සැනින් මේ විදිහට පෙන්වූ විට අනේ සුජීවා මට කරදරයක් වෙලා තියෙන්නේ ඒ නිසා මම ඒකිට ආදරේ නැහැ කියලා ලියුමක් ලිව්වා. කියා පන බේරා ගත හැකිය.

ගෑනිට අහුඋනාම එහෙමය. එහෙත් ආදරණීය සුජීවාට කියන්නෙ මෙහෙමය. හැම වාක්‍යෙයම මුල අකුර ගත යුතුය. එසේම අන්තිම වාක්‍ය දෙකම ගත යුතුය. එවිට “සුජීවා මම ආදරේ හැමදාම නුඔටමයි නෑ වෙනස් හැමදාක වෙනස්වීම වෙනස් වුවත්“ වැඩේ අවුලක් නැතිය. සුජීවාද බැලන්ස්ය.

මෙය හුදෙක් රචකයා පිලිබද දන්නා නිසාත්, කවියේ කොලිටිය නිසා දැමූවක් බවත්. නිර්මාණයක ඇති සැගවිච්ච රසයක් පෙන්වා දීමට දැමුවක් බවත් සිතා ගත යුතුය. කුමක් හෝ ලිවිය යුතු නිසා ලියුවක් බව නොසලකන මෙන් සෑමා ඉල්ලා සිටින්නේය.

පිළිතුරු දුන් සැමට ස්තුති...ජය වේවා !

Written by sAm_ශ්‍රී_Perera_9:36pm_14/09/13

15 comments:

  1. බලමුකෝ ඒකෙත් හැටි..ඒ කියන්නේ හැමෝම අසමත් ... :)

    ReplyDelete
  2. කොල්ල දස්සය ආ ..

    ReplyDelete
  3. මම නම් කමෙන්ට් නොකලෙම හොඳටෝම දැනන් උන්නු නිසා..D

    ReplyDelete
  4. සෑමා දැන් පට්ට කළා කාමියෙක් වෙලානේ බොල. :P

    ReplyDelete
  5. පොඩ්ඩක් ඉදපන් මම පාර්ට් 1 බලලා එකට කොමෙන්ටුවක් දාලා එනකම් ......... මට එක කලින් මිස් උනා

    ReplyDelete
  6. වැඩේ වැරදියි සැමා මේක වෙන්න ඔන මම ආදරෙයි උමා කියල නේද?

    ReplyDelete
  7. සුපුරුදු විදියට මගේ කමෙන්ට් එක ස්පෑම් එකේ, සෑමා.

    ReplyDelete
  8. අනේ මන්ද ඉතින් ඕක සුජීවට වත් තේරුනාද කියලා

    ReplyDelete
  9. අයියො ඔකද මම දෑනගෙන නොකිය හිටිය අනෙ හික්

    ReplyDelete
  10. කාලෙකින් මේ පැත්තේ ආපු නිසා කොයිල් වගේ ...

    ReplyDelete
  11. සෑමෝ........උත්තරේ දැක්කට පස්සේ එල්ලෙන දෙකත් බැලන්ස් උනා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...