Friday, November 30, 2012

බේබද්දා නම් හිත හොද එකෙක්ය...


බොන එකා නරකය. ගන්න දෙයක් නැතිය. මතට ලොල් එකා ගෙදරම විනාශ කරන්නේය. අතට හම්බෙන තුට්ටු දෙක පවා විනාශ කරන්නේය. ඌට අනාගතයක් නැතිය. දරුමල්ලන් ගැන නොබලන්නේය. සෞඛ්‍යය පිරිහෙන්නේය. හේ සැම දේටම ප්‍රමාදය. ගෙදර දොර නිතර අඩදබරය. සමාජයේ කොන් වන්නේය.

පංච ශීලයේ අවසන් සිල් පදය පවා අදාලව සුරා නම් හොද නැතිය.

එකී සියල්ල සත්‍යය. ඒ සියල්ල අතර මතට ලොල් පුද්ගල කුලකයේ අමුතු චරිත දකින්නට ලැබෙන්නේය. බොහොමයක් උක්ත හැසිරීම් රටා දක්වද්දී සුළු තරයක් ෂොට් එකක් දැමූවිට දෙන්නේ අමුතු ආකාරයේ ප්‍රථිචාරයන්ය. ෂොට් එකක් දාගත් පසු සිංදු කියන ඈයෝ සිටින්නේය. ඔවුන් නම් සිරාය. කාටත් කරදර නැත්තේය. සිංදුවක් කියාගෙන නැටුමක් නටාගෙන ඇග හිරි ඇරගන්නෝය. ඒ අතර ෂොට් එකක් දැමු විට වලියක වුවමනාවෙන් ඇග කිලිපොලා යන උන්ද සිටින්නේය. උන් නම් මෙලෝ රහක් නැතිය. ඇල්කොහොල් බලයෙන් ගමන් කරන මැෂින් වැන්නේය.

සමහර බල්ලන් පවා සිංහයන් වන්නේද ෂොට් එකක් දැමු විටය. උන් ගෙදර ගියාම හෙන සද්දය. ගේ දෙක කරන්නෝය. එදාට ලමයි, බිරින්දෑ ගෙදරින් එළියේය. හැබැයි මේ නාටකය බහුලව තිබුනේ ඉපැරණි සමාජයේය. දැන් නම් ඒවා නැතිය. බිව්වාට ගෙදර ඇවිත් වෙනදාට වඩා කික් එකේ වැඩ කරන පුද්ගලයන් අද බොහෝය. එසේම එදාට බිරිදට, දරුවන්ට පැලෙන්න ආදරේය. එනිසාම තම ස්වාමියා මසකට වරක් හෝ බොනවාට එවන් කාන්තාවෝ කැමතිය. ඒක නම් සාධාරණය. එවන් බීමක් නම් කාටත් කරදරයක් නැතිය.

සමහරෙක් දවසේ පඩිය වැය කරන්නේ බෙන්න මිස කෑමට නොවේය. එය අමු අමුවේ සෑමා හෙලි කළේ රුපියල් 2500න් මසක් ජීවත් විය හැකි කුලේ අංකල්ගේ කතා වෙන්ය. එසේම දවසේ පඩියෙන් හෝ අමාරුවෙන් සොයා ගන්නා මුදලකින් බොන අයෙක් ඒ මුදල කිසිවෙකුට දීමට අකැමැතිය. එහෙම එකෙක් හිටියොත් පොර නම් බෝධිසත්වයෙක්ය. ඒ කියන්නේ බෝතලයක්ම බොන එකෙක් කියා නොවේය. ගතිගුණය ගැනය.

මේ ඉන්නේ අපේ ගමේ ආනන්ද අංකල්ය. අපි අංකල් කියද්දී පොර සෑමාට කියන්නේ මල්ලී කියාය. සෑමාගේ අම්මාට පොර කියන්නේ කාන්ති අක්කේ කියාය. එසේ නම් සෑමාගේ අම්මා සහ සෑමා අක්කා සහ මල්ලී වන්නේය. ඒ ආනන්ද අංකල්ගේ ගණිතයට අනුවය.


ආනන්ද අංකල් ගංවතුරේ බයිසකල් කරේ තියාගෙන මේ තරණය කලේ තමන් දාගත් ෂොට් එකක බලයෙන්ය. ගංවතුර නොබලා ඉන දක්වා ජලයේ බැස ගමන් කළේ ඒ ෂොට් එක දමා ගැනීමටය. එතරම් මතට ලොල් ආනන්ද අංකල් ක්‍රියාවෙන් නම් හොද එකෙක්ය. ඔහුගේ පෞද්ගලික ජීවිතය කෙසේ වුවද ඔහුගේ සත් ක්‍රියාවක් සෑමා අත්දුටුවේය.

මීට මාස ගණනාවකට පෙර සෑමා ගෙදර තිබෙන මදුරුවා බයිසිකලය කකුල් අස්සේ රුවාගෙන නිවසින් පිටත් වුනේය. ඒ මුදල් පසුම්බිය පවා නිවසේ තබමින්ය. දෙන එකාට දෙයියෝ උඩ පැන පැන දෙන්නේය. හරියටම ෂෙඩ් එකක් නැති ඇතුල් පාරක මදුරුවා පෙට්ට්‍රල් නැතුව හිට්ටේය. ඌ ලේ බොන මදුරුවෙක් වූවා නම් ලේ ජුන්ඩක් පොවා හෝ ගමන් ඇරඹීමට ඉඩ තිබ්බේය. සෑමා අසරණව වට පිට බලද්දී ආනන්ද අංකල් කසියා පොට් එකේ හිටියේය. පොර සෑමා දැක එතැනට ආවේය. 

“මොකද වුනේ??“

“මාර සීන් එකනේ පෙට්ට්‍රල් නැතුව හිට්ට නේ..“

“හරි හරි බයික් එක මම තල්ලුවක් දාන්නම් අපේ නංගිගේ ගෙදරට.. එයා ඉන්නෙ මේ ලග.. ඔයා බෝතලේකට හරි තෙල් අරන් එන්න..“

“ඒක නෙවේ අවුල, මම පර්ස් එකත් දාලනේ ආවේ...“

“හයියෝ එහෙමද? මගෙ අතේ තියෙන්නෙත් 150/-යි. මම මේ පොඩි ෂොට් එකක් දාන්න ආපු ගමන්..“

“ආ.. එහෙනම් කමක් නැහැ.. මම ෂෙඩ් එකට ගිහින් කතා කරල බලන්නම්..“

“අපෝ නැහැ නැහැ.. ඔයා මේක ගන්න.. මට මෙතනින් ණයට නොදී ඉන්නෙ නැහැ.. මම අද ණයට ෂොට් එකක් දාන්නම්...“

සෑමා අකැමැත්තෙන් වගේ සල්ලි ගත්තේය. එදා ආනන්ද අංකල් නැත්තං සෑමාට මදුරුවා ෂෙඩ් එකටම තල්ලු කරන්නට වන්නේය. පයින්ම ෂෙඩ් එකට ගොස් ආනන්ද අංකල් සොයා දුන් බෝතලයට තෙල් දමා ගද්දී සෑමාට තව මිතුරෙක් සෙට් වු නිසා නැවත බයිසිකලය ලගට යෑමට ට්‍රාන්ස්පෝර්ට් ලැබුනේය.

ඉතින් බොන එකා හොද නැද්ද?

සෑමා කලින් සේවය කළ ආයතනයක මැනේජර් කෙනෙක් කෙල්ලෙක්ට කිව්වේ බදිනව නම් පොඩ්ඩක් හරි බොන එකෙක් බැදපං කියාය. ඒකිට මල පැන්නේය. අනිත් පැත්තට හැරී “ඒ මොන එකකටද“ කියා ඇය අසද්දී මැනේජර් කිව්වේ “ඇයි යකෝ එතකොට වෙරි මරගාතෙ හරි ඌ කරපු වැරදි ටික කියවනවා නේ“ කියාය.

සැයු - මත්ද්‍රව්‍යය ඔබේ සියල්ල නැති කරයි !

Written_by_sAm_ශ්‍රී_Perera_11:14pm_29/11/12

60 comments:

  1. අර අන්තිමට කියපු කතාවටමන් උබේ කටේ මසුරමක් දාන්න ඕන. අඩේ මගේ යාලුවෙකුත් කිලෝමීටර් 5 බයිසිකලයක් කරේ තියාගෙන ගියා ඔය බීමට පින් සිදුවන්න හික් හික් මෙන්න ලින්කුව http://oldpettagama.blogspot.com/2012/11/133.html

    ReplyDelete
    Replies
    1. මට මතකයි උබේ ඒ කතාව :)

      ඇයි බොරුද මම කිව්වේ??

      Delete
    2. ඉතින් මම් කියුවයැ උබ බොරු කියනව කියලා ඈ බං වෙරි මරගාතෙවත් මම එහෙම ලියලද ?

      Delete
    3. බොන උන් හොදයි කිව්වම ජෝනා එවලේ ඉදන් බොනවලු :ඩී

      Delete
  2. අපේ එකෙක් බීල කොමෝඩ් එකකට වමනේ කරලා , ඊට පස්සේ ඔක්කොම අතින් එලියට අරං දැම්ම දවසක්.. එතන මාධ්‍ය වේදියෙක් සිටි නිසා කාර්යාලය පුරා වන පත්තරයක් පවා හුවමාරු වුනා. :)

    හොඳ එකා (නො)බිව්වත් හොඳය ....

    ReplyDelete
    Replies
    1. ඌ කොමඩ් එක අස් කරලද ඒ කියන්නේ?

      Delete
    2. මම දන්න අයිය කෙනෙක් (අපේ මස්සිනාගෙ යාළුවෙක්) වෙඩිමකට ගිහින් කරටි කැඩෙන්න ගහල ඉද්දි මෑන්ට මහ වැඩේ සෙට්වෙල. අමාරුවෙන් වැනි වැනි ගිහින් මිනිහ කලිසම පහත්කරල වැඩේ කරන්න ගත්තලු. තතනනව තතනනව ඒත් මොකුත් වැටුන්නෑලු. ඔන්නොහෙ කලිසමත් උස්සගෙන ආයිත් හෝල් එකට ආවලු, එද්දි උගේ කකුල් දෙක දිගේ බේරෙනවලු ගන්දස්සාරෙට. මෑන් වෙරිමරගාතේ කලිසම පහත්කළාට යට එක ගලවල නෑ, ඒකට තමා බඩු බාලා තියෙන්නෙ.

      Delete
    3. කොමඩ් එකේ තිබුණු වමනේ අතින් අරං එලියට දාලා...

      Delete
    4. @DDT - අපොයි පාර්සල් කරල විසික් කරන්න තිබ්බ ටික :/

      Delete
  3. ෴ සැයු - මත්ද්‍රව්‍යය ඔබේ සියල්ල නැති කරයි ! ෴

    මොනවද බං උඹේ නැතිවුනේ.

    හැබෑටම බං බිව්වම සමහරු වෙනදටත් වඩා හොඳ වෙන එකනකම් ඇත්ත. අපි පොඩි දවස්වල තාත්ත බොනවට මම හරි කැමතියි. එදාට එයා අපිට පැලෙන්න ආදරෙයි. සල්ලිත් දෙනව, ගෙදර එන්නෙත් ආප්ප කොත්තු ගෝදුම රොටි එක එක එව්ව උස්සගෙන. තව ඔය ඔපිස් එකේ යාළුවොත් එක්ක ඇවිත් සමහරදාට ගෙදර තියාගෙනත් බොන දවස් එහෙමත් තිබුන. අපි ඒ පැත්තට ගියාම අනිත් අන්කල්ලත් එහෙම අපිව චුට්ටක් හුරතල් කරල ආ ... මේක බීල ඉක්මනට දුවනව කියල ස්ප්‍රයිට් බෝතලයක් එහෙම දෙනව, ඒ දවස්වලට මම තාමත් පට්ට ලයික්.
    වැඩේ කියන්නෙ බං දැන් නම් මට බොන එවුන් ඉන්න අහලක ඉන්න හිතෙන්නෙ නෑ, ඇල්කොහොල්, සිගරට් ගඳ එහෙම මට කොහොමටවත් දිරවන්නෑ.

    ReplyDelete
    Replies
    1. මචං මට මතකයි දවසක් මේ වගේ කමෙන්ට් එකක් වෙන තැනකත් දාල තිබ්බා.

      ඇත්තට බං සමහරු බිව්වම හරි හොදයි. වෙනදට කතා නොකරන අය පවා ෂොට් එකක් දැම්මම හොදට කතා කරනවා.

      Delete
  4. අනේ මන්දා ඔව්වා , බොන උන්ගෙන්ම තමා අහන්ඩ වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං නාන එවුන්ගෙන අහල වැඩක් නැහැ නේ?

      Delete
    2. ඔය ඉන්නේ කවර වලට දාලා මහල ගිලින එකෙක්.

      Delete
  5. “ඇයි යකෝ එතකොට වෙරි මරගාතෙ හරි ඌ කරපු වැරදි ටික කියවනවා නේ“

    මේකනම් හැමෝම කරන්නේ නෑ මචෝ.....

    ReplyDelete
    Replies
    1. බහුතරයක් ඒත් කියවනවා බං. එක්කෝ කට්ටිය මැද පොර වෙන්න හරි වැරදි කියවන උන් ඉන්නවා.

      Delete
  6. //සෑමා කලින් සේවය කළ ආයතනයක මැනේජර් කෙනෙක් කෙල්ලෙක්ට කිව්වේ බදිනව නම් පොඩ්ඩක් හරි බොන එකෙක් බැදපං කියාය. ඒකිට මල පැන්නේය. අනිත් පැත්තට හැරී “ඒ මොන එකකටද“ කියා ඇය අසද්දී මැනේජර් කිව්වේ “ඇයි යකෝ එතකොට වෙරි මරගාතෙ හරි ඌ කරපු වැරදි ටික කියවනවා නේ“ කියාය.//

    අලේ කතාවේ ඔක්කෝටම වඩා මට නම් මේ ටික මරේ මරුය...හි හි හී

    ReplyDelete
    Replies
    1. ආදරුසෙට ගන්නවා හොදයි !

      Delete
  7. බිලාම බලන්න වෙනවාය! අනේ මන්දාය.......

    ReplyDelete
    Replies
    1. මෙන්න මූ බබා වෙන්න හදනවාය.. අනේ මන්දාය..

      Delete
  8. සැයු නියමයි හික්ස් සෑමාට හිතෙන දෙවල්.

    ReplyDelete
    Replies
    1. සෑමාට හිතෙන දේවල් බ්ලොගේ ලියන්න බැහැ බොල

      Delete
    2. " සෑමාට හිතෙන දේවල් බ්ලොගේ ලියන්න බැහැ බොල.."

      ඒ හරිය මේ උමගිලියලා නොදන්නවයි.. නැද්ද මං අහන්නේ?

      Delete
  9. අරක්කුත් ඒ ඒ පුද්ගලයට වැඩකරන්නෙ ඒ ඒ විදිහට.. කොහොම වැඩ කළත් පිරිහීම නියතයි..

    ReplyDelete
  10. මචන් අරක්කු කියන එකේ නියම පලවිපාක දැක්කේ මෙහෙදී තමා,ඔන්න මමනම් දැන් අමද්‍යප...:D

    ReplyDelete
    Replies
    1. මෙහෙදි කිව්වෙ කොහෙදිද බං?

      අමද්‍යප වුනේ අද හවස ඉදන්ද?

      Delete
  11. මල්ලි, අද අවුරුදු තුන හතරක විතර පස්සෙ ඩුබායි වලට කන පැලෙන්න වහිනවා. ඒක නිසා මමත් කන පැලෙන්න දෙකක් දාගෙන තමයි ඉන්නෙ. අපේ වයිෆ්ගෙන් අහන්න ඕනෙ මම බිව්වම හොඳද කියලා....!

    ReplyDelete
    Replies
    1. ඒ අර උඹයි සඳරුයි කාළේකින් පොස්ට් දාපු නිසා.. මම දැක්කා කව්ද කියලා තියෙනවා අද කාන්තාරෙට වයිවී කියලා....

      Delete
    2. දුමී අයියා ආදරේ උතුරනවද බං බිව්වම??

      @මාතලන්.. - අන්න කතාව !

      Delete
  12. සැමෝ මේකනම් මරුම කතාව බං.මේවගේ දේවල් බොන කාලේ මටත් හොඳටම වෙලා තියනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. බොන කාලෙ කිව්වේ මාසයකට විතර කලින් නේද?

      Delete
  13. ඔයිට වඩා පට්ට ආතල් වැඩ වෙන්නේ මල් ගැහුවහම....

    ReplyDelete
    Replies
    1. මල් නම් ආතල්. ඒත් අපිට කොයින්ද මල්?

      Delete
  14. මල් තමා පට්ටම.....

    ReplyDelete
  15. කවුද ඩෝ බොන උන් නරකයි කියන්නෙ.... බොන්නෙ කන්නෙ නැති සත්ගුණවත් බහුතරයක් සුදනො ළග නැති බොහෝ හොද ගතිගුණ බොන්නන් ලග තිබෙන බව ඉතා වගකීමෙන් කියමි....

    ReplyDelete
    Replies
    1. මෙන්න අපි අත් දෙකම උස්සල සපෝට්

      Delete
  16. බිව්වහම එලියට එන්නේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ගති. අනික් වෙලාවට අමාරුවෙන් හිර කරගෙන ඉන්න ඒවා. තව බොන්න, නටන්න, කතා පවත්වන්න, සිංදු කියන්න, වාද කරන්න, චන්ඩි වෙන්න, පරණ හිතේ කෝන්තර එලියට දාන්න, අඟනුන් සොයා යන්න ගට එන්නේ බිව්වහම. මීට අමතරව ලව් මාන්දම එලියට එන්න වගේ බොහෝ දේවල් ඇල්කොහොල් මගින් ව්වෘත්ත වනවා.

    ReplyDelete
    Replies
    1. වෙස් මුහුනු ගැලවෙන්නේ ඇල්කොහොල් වලින් නොවැ

      Delete
  17. ෂික් බොන එවුන්ට අපහාස කරන්න එපා බං..!
    ෂොට් එකක් දාගත්තම තියෙන ආතල් එක දන්නෝ දනී..!

    ReplyDelete
    Replies
    1. අපහාස කරන්න එපා?? ඇයි එහෙම කියන්නේ. අපි නිර්මාංශ, අමද්‍යප දරුවෝ..

      Delete
  18. හැක හැක.
    එහෙනම් ටිකක් බොන කෙනෙක්ම හොයාගන්න ඕනි.

    ReplyDelete
  19. මත නම් මට අදාල නොවන ප්‍රදේශයකි. නමුත් බීලා උන් අපිට දෙන ආතල් එක නොබී බලා සිටිම ෆන්ය

    ReplyDelete
  20. මටත් මේක කියවද්දී කතාවක් මතක් වුනා බන්.

    ඔන්න දවසක් එකෙක් කාලෙකට පස්සේ නට් වෙන්න ගහලා ගෙදර ගියාලු.දැන් මූට වෙච්ච දෙයක්වත් වෙන දෙයක් ගැනවත් මෙලෝ සිහියක් නැහැලු.පහුවෙනිදා උදේ නැගිට්ටම පවුල හෙන ආදරෙයිලු.කට හෝදන්න වතුර වීදුරුවකුත් ගෙනල්ලා දීලා තේ එකත් ඇඳටම ගෙනල්ල දුන්නලු.මිනිහට හිතාගන්න බැහැල්ලු සීන් එක.මිනිහා ශේප් එකේ නැගිටලා ගිහින් වයිෆ්ගෙන් ඇහුවලු මොකද අනේ ඔයා මට අද මාර ආදරේ කියලා?.

    ගෑනි කිව්වලු ඇයි අනේ ඔයා ඊයේ බීලා ඇවිත් වමනේ දාද්දි මම ඔලුව අතගාන්න ආවම වෙරි මරගාතේ මාව එලෙව්වේ යනවා යන්ඩ
    මම කසාද බැඳපු මිනිහෙක් කියලා.

    ReplyDelete
  21. සිරාවට ඕයි... බිව්වම තමා බොක්කේ අග්ගිස්සේ තියෙන ඒවා එලියට එන්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකෑ .... ඇයි බං සමහරු ප්‍රශ්න අමතක කරන්නත් බොනවනේ. කට්ටියකට මතක ඒව අමතක වෙන්නයි, තව කට්ටියකට අමතක ඒව මතක් වෙන්නයි ඕවා ඩබල් ඇක්ටින්ද?

      Delete
  22. "සැයු - මත්ද්‍රව්‍යය ඔබේ සියල්ල නැති කරයි !"

    ආයෙත් අහලා..

    ReplyDelete
  23. අනේ මන්ද ගොඩක් සුන්දර මිනිස්සු බොන අය :/
    කොටින්ම බ්ලොග'ස් ල බහුතරය තිතට මත තියන අය. සමාජ අත්දැකීම වැඩිත් ඒ අයගෙ, ඒක මම දැකල අධ්‍යයනය කරල තියෙන දෙයක්

    ඒත් ඉතින් මට නම් බොන්ඩ හිතෙන්නෙ නෑ, මන් වටේ ඉන්න උන්, යාලුවො බොන්නෙත් නෑ අපේ අම්ම දාසක් කීව "උබ කව්ද හරි දවසක බිව්වොත් එදාට උඹෙ අම්ම මැරුනයි කියල හිතාගනින් කියල. පොඩි කාලෙ ඉඳන්ම අම්ම මගෙ හිතට ඒක කාවැද්දුව හින්ද මම බොන්නේ නෑ. ආසාවකුත් නෑ."

    ඉස්කෝලෙ ඉන්න කාලෙදිනම් පට්ට ආතල් එකක් ගත්ත, වටෙම ඉන්නෙ බොන උන්. උන් බීල කරන වැඩ වලින් නොබොන අපිට තමා පට්ට ආතල්.

    ReplyDelete
  24. ඇත්තටම බොන එක වරදක්ද නැද්ද කියලා හරියටම කියන්න බෑ.... සමහර අපේ උන් ඉන්නවා බිව්වට පස්සේ ජන්මාන්තර වෛරක්කාරයාවත් බදාගෙන ඉඹිනවා- අඬනවා --උම්මා දෙනවා හප්පේ එකම විකාරයයි. අන්න නියම මෛත්‍රිය කියලා හිතෙනවා එතකොට.

    ReplyDelete
  25. ඉඳලාමත් හීනියට එකක් දාගත්තට මොකෑ බං,.......!

    ReplyDelete
  26. යන්ට ඕනැ බාර් එකට..............

    ReplyDelete
  27. අහ්හ් පොඩ්ඩක් බොන එක්කෙනෙක් තමා බඳින්න ඕනෙ.. , එතකොට පොඩ්ඩක් බිව්වාම ඔක්කොම වමාරනවානෙ..;)

    ReplyDelete
  28. හ්ම්ම්ම්.... බීම.... අනේ මන්දා....
    බේබද්දන්ට නම් මම අකමැතිය.....

    ReplyDelete
  29. ඉස්සර අපේ ගෙවල් ලගත් මෙහෙම අන්කල් කෙනෙක් හිටියා.මමනම් හෙන ආසයි එයා බොනවානම්..බිව්වම අපිට ඒක ඒක දේවල් අරන් දෙනවා..බිලා නැත්නම් මුණක් බලන්නෙත් නෑ..
    වෙස් පෙරළෙනවා කියන්නේ නිකන්යයි.

    ReplyDelete
  30. ඇත්තම කියන්න සෑමෝ මම නම් තාම කල්පනා කරනවා ඇයි මේ මිනිස්සු සිගරට් අරක්කු බොන්නෙ කියලා..?

    ReplyDelete
  31. අද ඉඳලා ආයෙ බොන්ඩ පට්ටාං ගන්ඩෝනෙ, හික්!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  32. මම බොන මිනිසුන්ට නොව බේබද්දන්ට අකමැත්තෙමි.... :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...