Saturday, September 15, 2012

ධාතු පෝලිම අස්සේ එකෙක්ට ඇරපු හැටි..


ධාතු වන්දනා කිරීමේ උත්සුක වූ ජනතාව කැළණි විහාරයේ සිට වරාගොඩ පාර හරහා නුවර පාරේ බුළුගහ හන්දිය දක්වාද, බියගම පාර දිගේ මානෙල්වත්ත දක්වාද දිවෙන පෝලිම් සකසා ගත්තෝය. ඒ අතර බියගම පාර දිගේ දිවෙන පෝලිම වැටුනේ ගමේ බාර් එක ඉදිරියෙන්ය. එකී පෝලිම නිසා කැළැඹී ගියේ හවසට මතින් පිඹිදෙන කොල්ලෝ සහ අංකල්ලාය. එදින බාර් එකද වැසුන බැව් කිව යුතුය. එහෙත් පිටුපස දොර විවර වීම කවරෙකුට වැලැක්විය හැක්කේද? මලින්ද මාමාටත් නොහැකි වූ කලෙක.

වැසූ බාර් එක එහා පැත්තේ තිබෙන්නේ අපේ බුද්ධික අයියා කරන (චක්කර කොළ ෆිල්ම් එක ගමට ගෙන්නූ පොර) කමියුනිකේෂන් එකේය. ඒ අතර මත් වතුර ඉල්ලා අයෙක් කෑගසනු ඇසින.

“මල්ලි ඇරපංකෝ..“ පළමු වර එසේ කෑගැසූ පොර නැවතත්...

“මොකක්ද බං ඇරපංකෝ...“ කියා දෙවෙනි වර කෑගැසීය.

එලියට ඔළුව දැමු සෑමාට පෙනුනේ පොරක් බාර් එක අරින ලෙස කෑ ගසන අයුරුය. එත් ඌ කෑගහන්නේ අරින්න කියාය. කමියුනිකේෂන් එක ඇතුලේ සිට අපට හිනාය. ඒ අතර කමියුනිකේෂන් එක ඇතුලට ආවේ ගමේ අංකල් කෙනෙක්ය.

“බලන්න මල්ලි අරූ අරහෙම පාර පුරා අරින්න කිය කිය කෑගහන එක හරිද?“

අංකල් අපේ සිනහව දෙගුණ කලේය.

අංකල් රීලෝඩ් එකක දමාගෙන කඩෙන් පිටත්ව ගොස් යලිත් ඇතුලට ඔළුව දැම්මේය.

“මල්ලි අරූ සද්දයක් නැහැ නේද?“ අංකල් අපෙන් ඇසුවේය.

“ඔව් නේද සද්ද නැහැ.. මොකෝ වෙලා තියෙන්නේ?“

“පේන්න නැහැ මල්ලි, අරූට කවුරු හරි ඇවිත් අරින්න ඇති..“

පසු විපරමකදි දුටුවේ පොර බාර් එක පිටිපස්සේ සිට ක්ෂණිකව බෝතලයක් ලග නමන අයුරුයි. සිද්ධිය සිදුවු අවස්ථාව, කතා විලාශ හමුවේ මතක්වෙද්දි අපට තාමත් සිනාය.

Written by sAm_8:17pm_13/09/2012

දාපු පොඩිම පෝස්ට් එකද මන්දා..

ඔය ගමන්ම මේ පෝස්ට් එකත් කියවලා තියා ගන්න. හමුවෙමු සැප්ටැම්බොර් 17...

58 comments:

  1. ඇරියා කිව්වම මාත් දුවගෙන ආව!:D
    අපෙත් කතා හිත!:P
    පැය 24 මතට තිත කැලණියට වැඩ කොරල නෑ වගේ!

    ReplyDelete
    Replies
    1. කැළණියේ කෝමද නවත්තන්නේ..

      රජ පරම්පරාවෙ අයට රහමෙර ඕනෙමයිනේ.. නැතුව කෝමද පුතාලා සේනාංක වල ලොක්කන්ට ගහන්නේ ??


      ජය !

      Delete
  2. ඉතිං උඹ ඒ පැත්තට ගියේ නැත්ද?

    ReplyDelete
  3. අයිය කෙනෙක් ඒ වගේ ඉල්ලීමක් කලාම සෑමා විපරම් නොකර බෑනේ.

    ReplyDelete
  4. // “මල්ලි අරූ සද්දයක් නැහැ නේද?“ අංකල් අපෙන් ඇසුවේය. //

    මෙතන පොඩි අවුලක් තියනවා නේද ? අවුල අයියගෙද, මල්ලිලාගෙද, අංකල්ගෙද කියලා හිතා ගන්ඩ බෑ.. :-)

    ReplyDelete
    Replies
    1. උබට සෙට් වෙල නැද්ද අංකල් කිව්වම මල්ලි කියල උත්තර දෙන, අයියෙ කිව්වම පුතා කියල කතා කරන, අංකල්ලා එහෙම ???

      පොඩ්ඩක් සමාජ ගතවෙයන්කෝ සෙන්නෝ.. :ඩී

      ජය !

      Delete
    2. මට සෙට් වෙලා තියෙනවා මගේ යාලුවාගේ තාත්තා ..යාලුවත් මට වඩා අවුරුදු තුන හතරක් වයසයි .. මම අංකල් කියද්දී උන්දැ මට කතා කරන්නේ මල්ලි කියලා

      Delete
    3. හිකිස්..

      කලින් වැඩ කරපු කොම්පැනියේ හිටිය නිමල් අයියා.. පොර අපෙ තාත්තගෙ වයස. පොර අයියා.. අපි මල්ලිලා..

      ජය !

      Delete
  5. Replies
    1. ස්තුති ඊ.මේ.ක.හෙ.ම.බි.ක.ව.

      :)

      ජය !

      Delete
  6. සැහ් මූ කියන ජරා කථා

    ReplyDelete
    Replies
    1. ජරා කතාවක් නෙවේ නේ බං.

      කුනුහරප ෆ්‍රී !

      ජය !

      Delete
    2. // කුනුහරප ෆ්‍රී ! //

      අනිවා, එකෙන්ම. උඹ ඉතින් මේක දාන තරමක් කුණුහරුප දාන්නෙ ෆ්‍රී නේ, මොකෝ අපෙන් අයකරනව කියලයැ. :D

      Delete
    3. free කිව්වෙ යකෝ... නැහැ/තොරයි කියන එක... :)

      Delete
    4. හැබෑ ...ට? :D :D :D

      ඒ කිව්වෙ වෙන කාගෙ හරි බ්ලොගක් ගැනද බං. :D

      Delete
  7. මමත් බය වෙලා ආවේ ධාතු පෝලිම අස්සේ කව්ද ධාතු වඩම්මන්න හදන්නේ කියලා බලන්න..

    ReplyDelete
  8. පව් බන් අහින්සකයෙකුට තිබහ නිවාගන්න එකට උබලා මඩ ගහනවා

    ReplyDelete
    Replies
    1. පිපාසයට ජල බිදුවක් බොනවා මිස මොකටද ජෝනෝ ඇල්-කෝල් ?

      Delete
  9. අනේ හැබෑට මූට කියපු ගමන් අරින්න එකෙක් හිටියෙ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. පැත්තකට කතා කරල ඇරපු එක හොදා බං !

      ජය !‘

      Delete
  10. මාත් මේ දුවන් ආවා කාටද ඇරියේ කියලා බලන්න මදැයි.

    ReplyDelete
  11. හික්ස්...
    කැලණියේ මතට තිත නේ???????

    ReplyDelete
    Replies
    1. ඔව් බං මතට තුත් තිරි !


      ජය !‘

      Delete
  12. අරූට එහෙනම් ඔලුව බිම නමාගෙන අරින්ඩ ඇති ඉස්ම පයින්ඩම !!

    එහෙම හිතාගෙන කමෙන්ට් කරන්ඩ ආවේ

    මේ ඇරලා තියෙන්නේ බෝතලයකට නෙහ්.

    ReplyDelete
    Replies
    1. අපොයි.. මිනිස්සුන්ට ගහනකල්ද උබ බලන් ඉන්නෙත් ?

      ජය !‘

      Delete
  13. කැළණියේ ජනතාවට ජයවේවා...!

    ReplyDelete
  14. ආචාර්ය තුමා දිගු කල් දිනේවා!!!!! ;)

    ReplyDelete
  15. බලද්දි කාටවත් ඇරලා නෑනේ.. උඹ හෙඩිම දාලා අපිව මුලා කලා.. :)

    ReplyDelete
    Replies
    1. අරිනකල්ද බලන් ඉන්නෙ උබත් ??

      :)

      Delete
  16. ඇරලා නේද එහෙනම්........

    ReplyDelete
  17. ඔක්සිජන් නැතුව ඉන්න ඇහැකියැ ඔය මිනිස්සුන්ට! :D

    ReplyDelete
    Replies
    1. ප්‍රාණවායුව බං සබ්යෝ !

      :)

      Delete
  18. සිරා කතාවක් එල ඇ......

    ReplyDelete
  19. ධාතු නෙවේ බුදුහාමුදුරුවො වැඩියත් බොන්න ඕන එකා අරවගෙන බොනව.

    ReplyDelete
  20. මම ආවේ ඇමා සැරගත්තද වෙන එකෙක්ට ඇරලවත්දෝ කියලා බලන්න... කාටවත් කරදරයක් නැතිව තිබහ නිවාගන්න හදපු එකෙක්ටනේ මඩ ගහලා තියෙන්නේ.... :P :P

    ඒක නෙමේ සැමා අයියේ මාර ස්පීඩ් පෝස්ට් වැටෙනවනේ දැන් බිසී නැතෙයි??

    ReplyDelete
    Replies
    1. බිසි තමයි ගැමියා..ස්පීඩ් එකෙන් පෝස්ට් වැටෙන්නෙ මේ ටිකේ ඩ්‍රාෆ්ට් පාරක් දුන්නා...

      ජය !

      Delete
  21. කවුද යකෝ ඇරියේ...? උඹ අපිව කඩේ නම් ඇරියා..!

    ReplyDelete
    Replies
    1. කඩේ නෙවෙ බං බාර් එකට ඇරියේ !

      ජය !

      Delete
  22. කෙටි කතාවක් කොටියම කන්න ඕනා කැළනියේ උන්ව (ඇමති)

    ReplyDelete
    Replies
    1. අඩේ අපිවත් කයිද කොටියා ?

      Delete
  23. කස්ටිය පොලිමේ ඇවිත් වගේ ඇරපුව බලන්න

    ReplyDelete
  24. බර එකේ අයිය එන හැමෝටම ඇරියද නැත්නම් හිතවත් උදවියට විතරද ?

    ReplyDelete
    Replies
    1. ඩේලි කස්ටර්මර්ලට තමා අරින්න ඇත්තෙ බං !

      ජය !

      Delete
  25. කෙටි වුනාට එළ....

    ReplyDelete
  26. බීලා වාත කරන එවුන් වගේම බොන්නන්ගෙ සාහිත්‍යයත් හරි ඉන්ටරෙස්ටින්ං, නැත්ද සෑමා. දැං බලාපං, නැන්දම්මා ගැන තියෙන කතායි, ඩෝප් සීන් කතායි අතහැරියොත් විහිලු කතා කීයද ඉතුරු වෙන්නෙ කියලා.:D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  27. දාතු පෝලිම අස්සේ ඇරියා තමයි ඉතින් ... ඒකටනේ දාතු ගෙනාවෙත්..

    ReplyDelete
  28. ඇරියේ පස්සෙන්ද බන්?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...