අනගාරික ධර්මපාලතුමා (උපත: 1864 සැප්තැම්බර් 17 විපත: 1933 අප්‍රේල් 29) බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙක් වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ වඩාත් ප්‍රකට වූ නාමයය. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහුය. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය.
ඒ 1864 සැප්තැම්බර් 17 වෙනිදා සිදුවූ උපතක් ගැනය.
මේ 2011 සැපැතැම්බර් 17 සිදුවූ තවත් උපතක් ගැනය.
මැද සිටින්නේ සෑමා නම් නොවැටෙන්නට නොදී දෙපැත්තෙන් අල්ලා සිටින්නේ ඔබලාය |
සෑමා බ්ලොග් ලොව තවමත් කබ්බෙකු ලෙස සිටින්නේ නිතර නිතර පැමිණ සෑමාට ශක්තියක් වන සියළු දෙනා නිසාමය. නම් වශයෙන් කීම පෝස්ටුව තවත් දිගු වීමක් වන අතර ඒ නිසා සෑමා පොදුවේ සියල්ලෝටම ස්තුති පුද කරන්නේය. සෑමා වසරක් බ්ලොග් ලොව ජීවත් වුයේ, හුස්ම හෙලුයේ සෑමාව “ලිවීමේ වරදට“ පෙලඹවූ ඔබමය.
වසරක ගමනාගමනය අතර සුන්දර නිර්මාණ බිහිවුයේ පෝස්ටු අතර සැරි සැරූ පාඨක ඔබ නිසාමය.
අතීත මතක, ලේබලය යටතේ ලිවීමට ඇරඹුනු කතන්දර, කැත හිත් වලට ලියවෙන ලස්සන කවි දක්වා දිව ගියේය. ඒ ලේබලය යටතේ සෑමා දැහැමි සිත් නොමග යවනවා යැයි කතන්දර හැදෙද්දී සෑමා කපටි වූයේය. වෙසක් හා පොසොන් මාස වලදී, සෑමා වෙසක් කලාපයක් සහ පොසොන් කලාපයක් නිකුත් කලේ ගෑවුනු මඩ සෝදා ගැනීමට නොව සමාජ සත්කාරයක් කිරීමටය. නැහැදිච්ච අප වැනි බ්ලොග් කරුවන්ට සිල් රෙදි ඇන්දවීමටය. ඒ අතර ආදරය නොමැතිව වියලී ගිය තරුණ සිත් පොලොවට සෑමා ජල සම්පාදන අංශයේ ක්ලෝරින් ටැප් එකක් විවර කලේය. සිතු කුසු ආදර අන්දරයෙන් ඔද වැඩී ගියේ ඒ තරුණ හදවත්ය. ඒ අතර සෑමා අසම්මත පෙමක් වැලහින්නක් සහ මිනිසෙකු අතර සිදු වූ ආදර අන්දරයක් ‘වැලහින්නකට පෙම් බැදිමි‘ අකුරු කලේය. ඒ අතර රටේ බලවත් උදවියට ලිපි ලිවීමේ හා සුදු වෑන් දුටු විට හැංගීමේ ආසාව තිබූ පොඩි සෑමා කරලියට පැමිණියේය. මලින්ද මාමාට කුජීතව ආදරේ කරන, සෑමා පොඩි සෑමාගේ ලිපි නිකුත් කලේය. ඒ අතර මෑතකදී සෑමා පෙම් හබ යටතේ මල කෙලියේ ලියවුනු පෝස්ටු දැම්මේය. සියල්ල එසේ සිදුවද්දී ජෙනරාල් මාමාගේ තරගයකට ලියු ලිපියකින් සෑමා තිළිණයකින් පිදුම් ලැබුවේය.
උක්ත කාරණා සියල්ට මුල පිරුවේ සෑමාගේ පාඨකයන් ලබා දුන් දිරිය ශක්තිය බැව් කිව යුතුමය. පෝස්ටුවක් සයිබර් ගත කොට නික්ම යන සෑමා පැත්තක සිටියදී පාඨක මිතුරෝ මෙහි පැමිණ කියෙව්වෝය. කමෙන්ට් දැම්මෝය.
ඒවායේ අස්වැන්න මෙසේය. සියල්ල වැපුරුවේ පාඨකයෝය. දහඩිය පාඨකයන්ගේය. අස්වැන්නද ඔවුන්ගේමය.
කාලය - වසරයි
අදට හිට්ස් - 177,847
සියළු පෝස්ට් - 164
වසරකදී හිට්ස් ලක්ෂ දෙකක් නොලැබීමට තරම් සෑමා අවාසනාවන්ත වූයේය. :)
මේ සියල්ල අතරතුර බොහෝ බ්ලොග් මිතුරෝ නවක බ්ලොග්කරුවන්ට අනුගමනය කිරීමට වටිනා පෝස්ටු ලිව්වෝය. ඒවා කියවා කරලියට ආ තවත් බ්ලොග්කරුවන් දැන් සිටින්නේය. එසේ තිබියදී තවමත් කබ්බෙක් වන සෑමා ‘පරිනත බ්ලොග් කරුවන්ට‘ කියන්නේ මෙහෙමය.
“හැමදාම එකමදේ එකම විදිහට වෙද්දි එපා වෙනවාය. සෑමා කළත් කවුරු කළත් එය එසේමය. හැම දාම එකම විදිහට කරන නිසා අපේ ගෙදර හිටි බැලලි ද, තමන් සෙට් වෙලා සිටි කළු බළලා අතැර, එහා ගෙදර බලල් තඩියා සමග සෙට් වුනා සෑමාට මතකය. ඒ නිසාම තමා කෙතරම් පරිනත වුවත් වෙනසක් තිබිය යුතුමය. නැතිනම් පාඨකයෝ වෙනසක් සොයා යනු නිසැකය. සෑමාද ට්‍රයි කරන්නේ වෙනසකටය. අළුත් අළුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී කියා අසා ඇත්තෝ බොහෝය. එය ක්‍රියාවට නැංවීම අගනේය.“
පුරා වසරක් සෑමාට ශක්තියක් වූ සැමට උත්තමාචාරය.
This comment has been removed by the author.
ReplyDeleteචිරාත් කාලකයට සුභ පැතුම් :)
Deleteබොටත් එසේම වේවා හසියා !
Delete"වසරකදී හිට්ස් ලක්ෂ දෙකක් නොලැබීමට තරම් සෑමා අවාසනාවන්ත වූයේය."
ReplyDeleteමගුල.. මං අවු 4 ක් තිස්සෙ ලියනවා.. තාම හිට්ස් 70000 ගානයි.. :D :D
හිට්ස්නම් බලන්න එපා සැමෝ!
දිගටම ලියන්ඩ!
සුභ ජය ඔක්කොම වේවා!! :D
ගණන් ගන්න එපා බං.. අවුරුදු හතරට උබ හම්බකරපු රසිකයෝ ගාන ගැන හිතපං.
Deleteමට ලියන අස්සේ හිට්ස් බැලෙනවනේ බනියෝ.. මොනව වුනත්, හිට්ස් කමෙන්ට් කියන්නේ අපිට හම්බෙන ප්‍රතිචාර නොවැ.. ඒව ලැබෙන්න ලැබෙන්න දිරිමත් වෙනවනේ :))
බොටත් ජයම වේවා.. !
සෑම්ට සුභ පැතුම්... ඔය කරං ගියා වගේම දිගටම කරගෙන යමු... විවිධත්වය කියන දේ අවශ්‍යයි කියන එක මාත් පිළිගන්න කාරණාවක්...
Delete//"වසරකදී හිට්ස් ලක්ෂ දෙකක් නොලැබීමට තරම් සෑමා අවාසනාවන්ත වූයේය."
මගුල.. මං අවු 4 ක් තිස්සෙ ලියනවා.. තාම හිට්ස් 70000 ගානයි.. :D :D
හිට්ස්නම් බලන්න එපා සැමෝ!//
බනියා කියපු ටිකම තමා කියන්න තියෙන්නේ මටත්...
@බනී...
උඹේ හිටිස් ගානට වඩා උඹව මේ බොලොක්ක අවකාසේ කී දෙනෙක් දන්නවද කියන එකයි.. උඹ ඒ කී දෙනෙක් එක්ක එදා ඉඳන් අද වෙනකල් හොඳින් ඉන්නවද කියන එකයි මටනං වැදගත්ම දේ... මොන තරං මඩ ගැහුවත් ආතල් එකට වලි දාගත්තත් උඹ වගේ වටින කොල්ලෙක් අහු වෙන්නේ එහෙමත් වෙලාවකට විතරයි...
ස්තුති මාරයියේ.. බොට මට අපි සැමට ජය :)
Deleteඋණුසුම් සුබ පැතුම් සෑම් අයියා !! ජයෙන් ජය!
ReplyDeleteබොටත් ජයම වේවා !!
DeleteCongrats Sam!!!
ReplyDeleteThankz Kavi !!
Deleteසෑමයියේ...
ReplyDeleteහිට්ස් 25000ක් විතර ගන්න බැරිද හදිස්සියකට ඈ...
අවුරුද්දෙ ඇනිවසරියට මගේ සුභ පැතුං ඈ...
මා පැමිනි මුල් කාලයේ සෑමාගේ උදව් පදව් මේ අවස්ථාවේ මතක් වෙනෝ...
එවුවා අපේ හිත් වලට හොදට වදී....
ඇත්තටම කොච්චර ස්තූති කලත් මදී...
ජයවේවා!!!!!!!
ඇයි බං බොට target කවර් කරන්නද 25ක් මදි??
Deleteමට මතකයි එදා..
ජුන්ඩයියන්ට බැට දිදි..
අපිව ආරක්ෂා කළා රැදී..
එවුවා අපේ හිත් වලට හොදට වදී....
ඇත්තටම කොච්චර ස්තූති කලත් මදී...
එහෙනම් අපි බොමු රස මිදී..
:))
කවුද බෝයි දෙබසක් නේද බං හිකිස්..
ජයම වේවා !!
පළවෙනි බ්ලොගැවනිවසරි එකට සුභ පැතුම්!!! ජය!!
ReplyDeleteස්තුති වේවා සහෝ...
Deleteජය !
සුබ අනාගතයක්....!!!
ReplyDeleteනැහැ බං විශ්වාසනීය වෙනසක්..
Deleteතව විවිධ, විවිධ, රසවත්, හරබර ලිපි මෙහි පලවේවා....
ReplyDeleteසෑමාට හද පතුලෙන් නැගෙන සුබ පැතුම්...:D
හද පතුලෙන් බුර බුරා නැගෙන ඒවාට ස්තුති..
Deleteජය !
ඇනිවසරියට සුබ පැතුම්......!!!
ReplyDeleteහිට්ස් ලක්ෂ දෙක ඉක්මවන්න බැරිවුනත් "කබ්බෙකු" වන සෑමා ඉන්නෙ රෑන්කින් වලින්නම් "ප්‍රවීණයන්"ට වඩා ගව් ගානක් ඉදිරියෙනි.
ජයෙන් ජය.....!!!
අද (සැප්: 17) අනගාරික ධර්මපාලගේ විතරක් නෙවී, ජූනියාස් රිචාඩ් ගෙත් උපන්දිනේ..... :)
අප්පද බොල ඔව්නේ.. අමතක වුනා ජේ.ආර් තුමාව.. :)
Deleteස්තුති සුමියා.. !
මමත් මේ ඕක මතක් කරන්ඩ හිටියෙ...
Deleteහිට්ස් නම් මොනාද බන්...
ReplyDeleteඋඹ ලියන එක එලටම ලියනවනේ..ඒ මදෑ...
සුබ පැතුම්....
ස්තුති සිහින !
Deleteහ්ම්ම්ම්ම්
ReplyDeleteතවත් චිරාත් කාලයක් ලියන්නට එකිනෙකට වෙනස් වන්නා වූ අලුත් සිතුවිලි පහල වෙන සුභම සුභ අනාගතයක් වේවා...!!
පහල පහල වෙන සිතුවිලි හොඳ වේවා.
ලියන ලියන අකුරින් සිත් සැනහේවා
කියන කෙරුම් නව වෙනසක් ඇති වේවා
සෑමා අයියට ජයෙන් ජයම අත් වේවා.
(මෙම මහානුභාව සම්මපන්න කවි රත්නය උදේ හවස කීමෙන් මහත් ඵල සුභ ජය දේ ගෙනදේ)
මේක රෙකෝඩ් කරල මීඩියා ප්ලේයරයේ දමා තබමි..
Delete:)
ජය !
ආයු බොහෝ වේවා ! තවත් කල් බ්ලොග් කබ්බෙක් ලෙස වාසය කිරීමට ශක්තිය ධෛර්ය වාසනවා ලැබේවා.... ජයෙන් ජය ආහ්....
ReplyDeleteඑසේම වේවා...
Deleteකබු පන්තියට ජය ! :ඩී
ඔක්කොටම කලින් සුභ ඇනිවසරියක් වේවා!!!
ReplyDeleteඔය කබ්බො සීන් එක ගැන ලියත්දි මට මතකයට එනවා ජිප්සීස් සුනිල් 80 දශකයේ ඇතිකළ සංවාදයක් පීචං සහ සම්භාව්‍ය කියලා. මෑන් බලෙන්ම පීචන් ගොඩේ එල්ලුනා.
මට නම් ඔය බේද නැහැ. අමරදේව මාස්ටරගේ ගීත වලට වගේම ඇම් ඇස් ගේ විතරක් නෙමේ නිහාල් නෙල්සන්ගේ ගීතත් මගේ ප්‍රියතම ලැයිස්තුවේ තියෙනවා.
අන්න ඒ වගේ තමා මගේ බ්ලොග් රුචියත්.
1000 සටහන ලියවෙන්න එච්චර කල් යන එකක් නැහැ කියලා හිතනවා.
වෙදතුමාගෙ රුචිකත්වය අගය කරනවා..
Deleteජයෙන් ජය !
වසරක බ්ලොග් කෙරුවාවට සුබ පැතුම් සෑම් !
ReplyDeleteසුබ අනාගතයක් !
ස්තුති.. විශ්වාසනීය වෙනසක්..
Deleteජය @
එක එකා අපිට කෙලින්න එද්ද උඹ අළුත් උන්ට අත දුන්නා සැමා අයියේ..
ReplyDeleteඋඹට වරදින්නේ නෑ.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මගෙ අප්පේ රාජ උදහස... ජය ජය වේවා..
Deleteමට නම් සෑමා කබ්බෙක්ද සින්නෙක්ද මොකෙද්ද කියන එක වැදගත් නෑ..ලියන දේ විඳින්න පුළුවන් විදියේ රසයක් තියෙනවා නම් එච්චරයි..
ReplyDeleteසුබ පැතුම් පළමුවෙනි වසරට !
ස්තුති වෙනි අයියා !
Deleteඋනු උනු සුබ පැතුම් ඈ
ReplyDeleteස්තුති සුදු මහතා !
Deleteසුභ පැතුම් !!! උඹම උඹ කබ්බෙක් කියල කියා ගන්න එකේ අපිට එහෙම නෙවෙයි කියන්න බැහැනේ. හැබැයි පුතෝ උඹ කබ්බෙක් තියා ඉබ්බෙක් වුනත් ඒක අපිට වැඩක් නැහැ. උඹගේ ලිවිල්ලට අපි කැමතියි. උඹ දිගටම ලියහන්. අපි දිගටම එනවා.. ඔය ඉතින් ඉහළින ගොඩක් දෙනෙක් එක එක විදියට කියල තියෙන්නේ ඒකනේ..
ReplyDeleteස්තුති රාමා.. සෑමාට උබලා හයියක්..
Deleteසුබ උපන්දිනයක් සෑමෝ....මේ අවුරුද්දට උඹ කරපු හරිය ඉහටත් උඩින්...ඒ අතර අපි වගේ බ්ලොග් ලෝකයේ ළදරුවන්ට හයියක් වෙච්ච එක අති විශේෂයි..
ReplyDeleteචිරාත් කාලයක් බ්ලොග් කෙරුවාවේ නියැලීමට ශක්තිය පතමි !
ස්තුති මුල පටන් හිටියට !
Deleteඑල එල.. සුභ පැතුම්
ReplyDeleteස්තුති සා-තං !
Deleteසුබපැතුම් !!! සැමා, කියවන්ඩ රහක් තියන තැනට ඇවිත් කියවල කොමෙන්ට් එකක් දාල යනව, අවතක්සේරු කරගන්න එපා උඹ දක්ෂයෙක්. මගෙ බ්ලොග් එකත් කියවල බලපන් උඹට තේරෙයි මගෙ දක්සතාවත්.
ReplyDeleteමම බොලාගෙ එකත් බලනව නොවැ.. වරදක් නොපෙනේ..
Deleteමුල වගෙ නෙවේ කල් යද්දි සැරට ලියවෙනවා ෂුවර් !
ස්තුති
සුභ පැතුම් මචං...
ReplyDeleteස්තුති සහෝ !
Deleteකබ්බො කියන්නේ කවුද බන් .. හරි හරි කප් ගහපු උන් නේද!... වසරක ප්‍රගතියට හදවතින්ම සුබ පැතුම්. තව බොහෝ කාලයක් බ්ලොග් අවකාශයේ කප් ගහන්නට ලැබේවා!!
ReplyDelete..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..
කප්පිත්තෝ... :)
Deleteස්තුති ලො.ජෝ !
ජීවිතේට දැකල නැතත්..උඹල අපි මිත්‍රයෝ බං...!
ReplyDeleteමේසෙ උඩ ලැපක් තියාගෙන...ලෝකෙපුරා විහිදුන හිතවතුන් මොනිටර් එකෙන්..බලා..කී බෝඩ් එකෙන් කොටා ....ඇසුරුකරන...උඹල අපි කවදා...කොහේදි හරි හමුවේවි..!
බොලාට සුභ පැතුම්...!!!(කොහෙන්ද..උඹ දකුනෙ භාශාව කොපිකලේ..)
හමුවෙන තුරු.. ලියනා දේ බලමින් හයියක් වු වීපොකුරට ජය !
Deleteස්තුති බං !
වසරක බ්ලොග් කෙරුවාවට සුබ පැතුම්! ජය වේවා!
ReplyDeleteසවියක් වුනාට ස්තුති ලහිරුවා !
Deleteසුභ පැතුම් සෑමෝ..
ReplyDeleteඅළුත් අළුත් දෑ තව තවත් තිළීණ කරන්න හැකියාව ලැබේවා..
එකෙන්ම එසේම වේවා !
Deleteස්තුති රූ.
සුභ උපන්දිනයක් වේවා සැමා අයියගේ වසරක බ්ලොග් කෙරුවාවට... තව තවත් ලියන්න ශක්තිය ලැබෙන්න ඕනේ... සැමා අයියගෙන් අපි නිතරම දැක්ක වෙනස්ම දේවල් නිසා තමයි සැමා අයියා විශේෂ.සැමා අයියගේ සිතු කුසු ආදර අන්තදරය තරම් මාව කම්පනයට පත් කරවපු වෙන කතාවක් නෑ... තාමත් මම ඒ කතාවට ආදරෙයි.දිගටම ලියන්න සැමා අයියේ කාලෙකින් කතාවක් දැක්කේ නැති එක ටිකාක් විතර පාළුවක් අපිට....
ReplyDeleteඊළඟ අවුරුද්ද වෙද්දි පෝස්ට් 200ක් දාන්න ලැබේවා කියලත් පැතුවා ඕං.ජය වේවා සැමා අයියේ....
ස්තුති ගැමියෝ.. කියන්න දෙයක් නැහැ උබට. මුල ඉදන් හිටියට තුති !
Deleteසුබ පැතුම් සෑම් ...
ReplyDeleteබ්ලොගේට සුබ උපන්දිනයක් වේවා!ර්
ReplyDeleteවැඩිය කොමෙන්ටු නොදැම්මත් කියවනව.
ඒ හරුපෙ මොකක්ද බං.. උබ එදා ඉදලම කමෙන්ට් දදා කියවපු බුවෙක් නොවැ..
Deleteජය !
ජය වේවා සෑමා.
ReplyDeleteමට මතකයි ආපුම දවස් වලත් ඔයාට මඩ වැදුනා.:))
එහෙමයි කියලා අපි වැටෙයිද නේද???
මඩ කාලයි මෙතනට ආවේ නිසූ.. :))
Deleteස්තුති !!
අවුරුද්දට ජය
ReplyDeleteඔය කබ්බ, හිට්ස් වචන ගැන වැඩිය හිතන්න එපා බන්
ස්තුති අවතාර්..
Deleteහිතන්නෙ නැහැ බං.. ඒක අපිට කියන නමනේ..;)
වසරකදී හිට්ස් ලක්ෂ දෙකක් නොලැබීමට තරම් සෑමා අවාසනාවන්ත වූයේය.
ReplyDeleteලද දෙයින් සතුටුවනු හොදය.... සෑමා වසරක් තුල කල කී දෑ ඉමහත්ය.
ඒ පිළිබදව මාගේ සුබ පැතුම් භාර ගනුව ! ජය !
ස්තුති සිරා.. උබ මෑතකදි ඇවිත් හැමදාම සටහනක් තියපු පොරක්..
Deleteජය !
උණුසුම් සුභ පැතුම් මගෙනුත්..... තව ලස්සන රසවත් හරවත් දෙවල් අපිට ලියන්න ශක්තිය සහ දිරිය ලැබේවා
ReplyDeleteස්තුති කාව්‍යා !
Deleteමගෙනුත් සුබ පැතුම් වසන්තයක්ම උදා වෙවා................ :D
ReplyDeleteස්තුති සචිත්!
Deleteසුභ පැතුම් සෑම් ! තව තවත් ලියන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව!
ReplyDeleteඅවුරුද්දක උඹේ ගමන ගැන උඹ තෘප්තිමත්නම් කියවන අපි තෘප්තිමත් නම් එච්චරයි, අනිත් කතන්දර ගැන එච්චර හිතන්න එපා බං. මොකද, පාටියක් එහෙම දාමුද?
පාටියක් දෙනවා.. උබ බ්ලොගක් පටන් ගත්තම.. :)
Deleteස්තුති සහෝ !
සුභ පැතුම්
ReplyDeleteස්තුති
Deleteසුභ පැතුම් සෑමා...
ReplyDeleteහැමදාම කොමෙන්ට් නොකලට අනිවාර්යයෙන්ම මේක මම බලනවා මචන් ....
ස්තුති ශානක !
Deleteදිගු ගමනකට උණුසුම් සුබ පැතුම්!
ReplyDeleteආයු බොහෝ වේවා!!
ස්තුති ජයම වේවා !
Deleteසුභ පතනවා සහෝ! අවසාන චේදයට එකගයි ගොඩක්!
ReplyDeleteජයෙන් ජය!
ස්තුති හිරු හිමවි !
Deleteජයවේවා සැමයියා ! හිට් යකාට ගියාවෙ ගණන් කරපන් පස්සෙන් පන්නන කබ්බ රැල... හැමදා කබ්බෙක් වී තවතවත් ලියන්නට සුභ පැතුම් මගේ හිත පතුලෙන්ම...
ReplyDeleteස්තුති සහෝ..
Deleteජයෙන් ජය බොටත් !
මැරෙනතුරු බ්ලොග් ලියන්න ලැබේවා!
ReplyDeleteඋණුසුම් සුභ පැතුම්!
එකෙන්ම.. ස්තුති !
Deleteතව තවත් රසවත් ලිපි ලිවීමට ඔබට ශක්තිය ලැබේවා !
ReplyDeleteසුභ ගමන්. දිගටම ලියන්න . අපිත් එනව බලන්න .
ස්තුති ගිම් !
Deleteමගෙනුත් උණුසුම් සුභපැතුම් සෑම් අයියේ.... ඔබේ වටිනා අදහස් තව ගොඩාක් කාලයක් කියවන්න ලැබේවා!!!!!!
ReplyDeleteස්තුති මධු !
Deleteහදවතින්ම සුභ පතනවා මචං තවත් බොහෝ කාලයක් ලියන්න ශක්තිය ලැබේවා.
ReplyDeleteස්තුති නිශා !
Deleteනියමයි අයියා.... ජය වේවා....
ReplyDeleteහැපී උපන් බ්ලොග් දිනයක් සෑමෝ!
ReplyDeleteස්තුති පුබු !
Deleteඅපේ උණුසුම් සුබ පැතුම් ....!!!!!
ReplyDeleteස්තුති රොබින් !
DeleteCongradz bro :) keep it up
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසෑමාට සුභ පතන්නේ ඉත සිතිනි. එහෙත් සිදු වූ ප්‍රමාද දෝෂය ගැන අපගේ බවලත් කණාටුව. :D.
ReplyDeleteස්තුති !
Deleteප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ :)
සෑමාට ජය වේවා ...!
ReplyDeleteචිරාත් කාලයක් බ්ලොග් ලෝකයේ යෙහෙන් වැජඹේවා............!!!!
ස්තුති මඩයා !
Deleteඑළකිරි සෑමා!!දිගටම ලියපන්!!!! :)
ReplyDeleteස්තුති නාඩියා !
Deleteමම විතරමද මන්දා බං අඩු. සුභපැතුම් හොඳේ.අවුරුද්දක් උනා එහෙනම්. මට ඒක විශේෂයි මොකෝ මට බ්ලොගක් ලියපන් කියල මුලින්ම කිවුවේ උඹ නිසා. ජය.!!
ReplyDeleteස්තුති සරා !
Deleteඅවුරුද්දට සුභ පැතුම් සෑමා.. ඉස්සරහටත් තව හොද විවිධත්වයෙන් පිරි නිර්මාණ කරන්න ලැබේවා..
ReplyDeleteඋඹේ මම කැමතිම කැත හිත් වලට ලියවෙන කවි වලට.. :)
ජය වේවා සෑමා.. ඉස්සරහටත් මම හැමදාම ඉන්නවා උඹත් එක්ක...
එදා ඉදන් හිටපු උබ කවදත් ඉන්න බව දන්නවා දින්නා..
Deleteස්තුති උබටත් !
හැපි බී'ඩේ වේවා සැමියෝ ..
ReplyDeleteජය වේවා ඇහ්
(බයි ද වේ කවුද බං කබ්බො කියන්නෙ?)
ස්තුති ගැටේ.. !
Deleteඋබ හින්ද නේ මේක පටන්ගත්තේ !!
(දන්නෙ නැති වුනාට උබත් කබ්බෙක්...)
උණුසුම් සුභ පැතුම් සෑමෝ :ඩී
ReplyDeleteතවත් වසර ගණනක් මේ සමාජ සත්කාරය කොරන්න ලැබේවා !!! ;)))
ස්තුති රස්තියා !
DeleteVery Happy Blogoversay, Sam!
ReplyDelete(මම හිතුවෙ උඹේ බ්ලොගියට අවුරුද්දකට වැඩිය ඇති කියලා)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ස්තුති හෙන්රියා !
Delete(ඇයි බං එහෙම හිතුවේ ?)
අපුරුයි.. මන් ඉතින් ඔය ලියවිලි වලට යටිනින්න උඹව දන්නවා කියලා හිතනවා. දිග ගමනකට සුබ පැතුම්... එකක්.. හිට්ස් කියන්නේ එකක් විතරයි ..
ReplyDeleteස්තුති සරත්..!
Deleteජය වේවා !
ඇනිවසරියට සුබ පැතුම්......!!!
ReplyDeleteතව දීර්ග කාලයක් බ්ලොග් අවකාශයේ රැදෙන්නට වාසනාව ලැබේවා !! නැවුම් අදහස් පහල වේවා !! අලුත් නිර්මාණ කිරීමට කාලය ලැබේවා !!... වාසනා වේවා !! යැයි ද පතමි ..
ස්තුති චමියා..!
Deleteමගෙන් 100 උනුසුම් සුභ පැතුම්, 1000 ඉලක්කයත් ජයගන්න සුභපතමි....
ReplyDeleteස්තුති !
Delete100?? 1000? මට තේරුනේ නැත.. :(
සුභ පැතුම් සැමෝ !!!!!!!!!!!!!!!!! ටිකක් ලේට් වෙලා වගේ හ්ම්ම්ම්ම්........
ReplyDeleteබවලත්තු කවදත් ලේට් නෙවැ..
Deleteස්තුති සි.ම !
මෙනි මෙනි හැපි වැලන්ටයින් සොලි මොකද්ද මොකද්ද එකක් ඩේ.....
ReplyDeleteජය වේවා.....සුභ පැතුම් හදවතින්ම...
ස්තුති තරුවා..!
Deleteමං බ්ලොග් ලියන්ට පටන් ගත්තේ අද ඊයෙනේ... ඒත් සැමාගේ බ්ලොග් එක නං කාලයක ඉඳන් බලනවා... මගෙනුත් සුභපැතුම්... දිගටම ලියන්ට... අපි හැමදාම එන්නම් බලන්න...
ReplyDeleteබොටත් දිගු ගමනකට ආසිරි පතමි !
Deleteස්තුති !
ජය වේවා සැමා අයියේ සුභපැතුම් .................!!!!!!
ReplyDeleteස්තුති ගයියා මලයා !
Deleteබොක්කෙන්මයි සෑමෝ කියන්නේ සුභා කියලා... හිට්ස් නම් මොනවද බං.. ලියන එක හිරියට ලුණු ඇබුල් දාලා ලියපන්.. එතකොට ඉතුරු ඒවා නිකන්ම හම්බවෙයි..
ReplyDeleteස්තුති සල් මරා !
Deleteබ්ලොග් ලොව දිගු ගමනකට මගෙනුත් සුබ පැතුම්..!
ReplyDeleteස්තුති රෙහා !
Deleteදරාගන්නම බැරි උනහම අපේ ආදරේ කවි කරපු, වචන කරපු ඔයා ලියන්න පටන් ගන්නකොට මං කියෙව්වෙ හරිම ආසාවෙන්. පස්සේ ඔයා පටන් ගත්තා බ්ලොග් එකක්. “මැණික මේක බලන්න“ කීවට බැලුවට, මං මෙලෝහසරක් දැනන් උන්නෙ නෑ. දවස් දෙකකට වඩා කමෙන්ට් නොකරට මම හැමදාම කියෙව්වා. මට සිංහල ටයිපින් බෑනේ. විශ්වාස කරන්න දැනටම පැයක් විතර ගියා. පස්සෙ පස්සෙ බ්ලොග් එක ඔයාටයි මටයි කථා කරන්න තියෙන කාලය ගොඩාක් අඩු කරන කොට නොසෑහෙන්න දුකත් හිතුනා. ඉද හිට අඩපාලි නොකියුවත් නෙමෙයි.
ReplyDeleteඒත් දැන් සාධාරණ ආඩම්බරයක් දැනෙනවා. අපි ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. ඒත් ඔයා මිනිස්සු ගොඩක් හම්බ කරල තියෙනවා. බ්ලොග් එක ගැන මට තියෙන්නෙ අවංකවම මිශ්ර හැගීමක්. ඒත් ඔයා ගැන ආඩම්බරයි. ඔයාව නවත්වන්න මටවත්, කාටවත් බැරි බව මම දන්න නිසා අමුතුවෙන් මොකුත් කියන්නෙ නෑ. එකම එක දෙයක් විතරයි.... හැමදාමත් ගොඩාක් ආදරෙයි!!!!!!!
මීට තනිකම එක්ක පවුල් කන ඔයාගෙ සදාකාලික පෙම්වතිය....
(ඔය... ලීවට මම කමෙන්ට් එක දාගන්නවත් දන්නෑ.
ස්තුති වද නොදී ශක්තියක් වුනාට :)
Deleteවැඞි වැඞියෙන් බ්ලොග් ලිවීමට සවි ශක්තිය ලැබෙවා....
ReplyDeleteස්තුති ලකියා !
Deleteඊයේ තමයි මේ පොස්ට් 1 කියෙව්වේ.ඒත් සෑමෝ...දාපු කොමෙන්ටුව Publish වෙලා නෑ.සමාව භජනය කරනවා...
ReplyDeleteසුභ පැතුම් මගෙනුත්..අනේ දෙය්යනේ කියල අවරුදු දෙකක් වෙද්දී හිට්ස් ලක්ෂ 100 කට වැඩියෙන් ලැබේවා..
ඒ වගේම තව තවත් ලස්සන බ්ලොග් පොස්ට් ලිවීමට ශක්තිය ලැබේවා...
ස්තුති හිමා...
Delete:)
වසරක ගමනට මගේ සුභපැතුම්.. ඒ වගේම ලෙසටම ලියා කියන දේ කෙලින්ම කියන්න සෑමා ට තවත් ශක්තිය ලැබේවා..
ReplyDeleteස්තුති ඇලා..
Deleteබොටත් ජයෙන් ජය !
සුභ පැතීමට පරක්කු වීම ගැන කනගාටුය!
ReplyDeleteචිරාත් කාලයක් ලිවීමට සුබ පතමි!:)
කටු ඉඹුල් මතින් මල් උයන් තනන්නට..
ReplyDeleteදිගු ගමනකට ජය සෑමෝ..!!! :)
ස්තුති නන්දු !
Deleteපරක්කු උනා නේ හොඳටම සුභ පතන්න. දන්නවනේ ඉතින් උඹට මම බොක්කෙන්ම සුභ පතනවා කියලා.
ReplyDeleteඋබ මුල ඉදන් හිටිය එකානේ :)
Deleteස්තුති !
ජය !!!
ReplyDeleteස්තුති මචං !
Deleteජය වේවා!
ReplyDeleteයුධ බිමේ දුනු දිය ඇද්දනම් දැන් විදපන් දිගටම... අපි බලන් ඉන්නවා ඉස්සරහටත් ...
ReplyDeleteජය...
ස්තුති !
Delete