Sunday, September 2, 2012

බාස් කතා - “මට්ටම් පොල්ල“


මීට පෙර සෑමා බාස් කතාවක් ලීවේය. ඒ ඕ.අයි.සී මහතෙකුගෙන් පාඩමක් ඉගෙන ගත් බාස් මාමෙක් ගැනය. බාස්ලා ගැන තවත් කතා කිහිපයක් මතක් වූ තැන සෑමා නැවත බාස් කතාවක් ලියන්නට හිතා ගත්තේය.

සෑමා පොඩි කාලයේ නිල් වෙන්නට කරන්ට් එක වැදුනේය. පැය භාගයක් පමණ සිහි සුන්ව සිටි බවට සෑමාගේ ගමම සාක්ෂි දරන්නේය. තුන වසරේ සිටි සෑමා නිවසට එද්දී සෑමාගේ නිවස උඩුමහලේ බාස් අංකල්ලා වැඩ කරමින් සිටියෝය. ඒ හෙඩ් බාස් අංකල් වුයේ සෑමාගේ ගමේ පාසලේ, සෑමාගේ පන්තියේ සිටි කෙල්ලෙකුගේ තාත්තාය. ඇය දැන් දරුවන් සිටින මවක්ය. සෑමා පාසල අහවර වී ගෙදර ආවේය. සෑමාගේ අම්මා සෑමාව රැගෙන ඉහල මාලයට ගියේ බාස් මාමලාගේ වැඩ කොටස බැලීමටය. ඒ වේලාවේ බාස් අංකල්ලා දහවල් ආහාරයට ගිහින්ය. උඩුමහලේ බිම ටෙරාසෝ කිරීමට කොන්ක්‍රීට් එක තෙමා තිබිණ. ඒ අතර සෑමා කාමරයකට රිංගා ජනේලයක යකඩ කවුලුව අල්ලා පාර දෙස බැලුවේය. බැලුවා බැලුවාමය සෑමා නිහඩය නිසලය. පහල මහලෙන් තාවකාලිකව විදුලිය ලබා ගැනීමට වයර් ඇදීම නිසා යකඩ කවුලුවට විදුලිය කාන්දු වී තිබුනේය. ඒ වයර් ඇද තිබ්බේ සෑමාගේ තාත්තා නිසා අම්මාට අසූහාරදාහට කේන්ති ගොස් සිටියාය. අම්මා ගම දෙවනත් වෙන්නට කෑ ගසා තිබුණාය. ඇයත් පැමින සෑමා අල්ලා ඇදීමට තැත් කලා නම් කවුරුවත් නොදැන දෙදෙනාම එතැනම සිටිනු නොඅනුමානය. ඉන්පසු තාත්තා පැමිණ ප්‍රධාන විදුලි ධාරාව විසන්ධි කළ විට සැමා විසිවී බිම වැටී තිබුනේය. එහෙම්මම සෑමාව රෝහලට රැගෙන යද්දී මග දී සිහිය ලැබී තිබුනේය. එතැන් සිට සෑමා විදුලි වේගයෙන් වැඩය.

පසු කලෙක වෙනත් බාස් අංකල් කෙනෙක් ආවේ අපේ වත්ත කෙලවර අතිරේඛ වැසිකිලියක් සෑදීමටය. පොර නමින් ‘නෝමන්‘ය බිත්තියක් බැන්දොත් ඒ බිත්තියට ඇණයක් ගසනවා බොරුය. ඒ තරමට සිමෙන්ති වැඩිපුර මිශ්‍ර කරන්නේය. බිත්තියට ඇණයක් ගසන්නට තැත් කර ඇණය දෙකට නැමෙද්දී අපට නිතර මතක් වෙන්නේ ඔහුගේ දයාබර දෙමව්පියන්ය. ඔහු වැසිකිලියේ කොමඩ් එක (පරණ මොඩ්ල් එක) සවිකර එදිනට වැඩ නිමාකලේය. පසුවදා ඔහු පැමිණියේය. වැඩ ආරම්භ කළ ඔහු සෑමා දෙස බැලුවේ උපහාසයෙන්ය.

“මේක ඊයෙම ඕපන් කළාද?“ ඒ බාස් මාමාය.

“ඇයි මොකද වෙලා තියෙන්නේ ?“ පොර සැම විටම තමාව විහිළුවට ලක්කරන්නට තැත් කරන බව දත් සෑමා ඇසුවේය.

“මේ තියෙන්නේ.. මම හිතුවේ ඔයා ඕපන් කරල කියලා..“  කියමින් පොර කොමඩ් එක පෙන්නුවේය. ඇතුලේ සුට්ටං බෙට්ටකි. සැබෑවට එය බළල් බෙට්ටක් වුවද අහුවූයේ සෑමාවය.

ඒ බාස් මාමාම අපේ ලොකු අම්මලාගේ නිවසේ තාප්පයක් බැදීමේ කටයුත්තකට හදුන්වා දුන්නේ සෑමාගේ අම්මාය. ඇණ ගසන්නට බැරි මට්ටමින් ශක්තිමත් බිත්ති බැදීමේ හැකියාව නිසා ඔහුට එම කාර්්‍යය පැවරෙන්නේය. එම කාර්්‍යයට අත් උදව් දෙන්නට පැවරී තිබුනේ ලොකු අම්මාගේ ලොකු පුත්‍රයාටය. බාස් මාමාගේ තරම ඔහු දැන සිටියේද සෑමා නොදන්නේය. කෙසේ වුවද බාසාට වුවමනා වුයේ ලග සිටින කිසිවෙකු හෝ විහිළු කර විනාස කිරීමය. එසේ තිබියදී අයියා පොරට අත් උදව් දෙමින් සිටියේය.

ඒ අතර බාස් අංකල් වැඩක් පැවරුවේය. සාමාන්‍යෙයන් ගඩොල් බිත්ති බදින විට ගඩොල් වතුරෙන් තෙමන්නේ වැඩි ශක්තියකින් සිමෙන්තියට අල්වා තබා ගැනීමටය. බාස් අංකල් ඔහුට වතුර බේසමක් ගෙන ඒමට භාරදුන්නේය.

“මෙන්න අංකල් වතුර බේසම. මේක ඇති වෙයි නේද?“

“අපෝ ඇති. දැන් ඔය ගල් ටික පොගන්න වතුරට දාන්න..“ බාස් අංකල් අණ කලේ සිමෙන්ති අණන ගමන්ය.

“හරි අංකල් එච්චර ගල් ගොඩක් දාන්න බැහැ මෙන්න ලොකු ගල් දෙකක් දැම්මා..“ ඒ අත් උදව් දුන් අයියාය.

“අපෝ මේ මොකද කරල තියෙන්නේ..“ අංකල් බේසම බලමින් සිනාසුනේය.

“ඇයි අංකල්නේ කිව්වේ ගල් ටික පොගවන්න කියලා..“ ඒ අයියාය.

“ඈ යකෝ තෙමන්න කිව්වේ ගඩොල් ගල්.. ඔයා මේ පොගන්න දාලා තියෙන්නේ අත්තිවාරම බදින් ගෙනාපු කළු ගල්නේ...“

එදායින් පසු අයියා ගෙදර තාප්පය බැදීමට අත් උදව් නොදුන්නේය.

වසර දෙකකට පෙර සෑමලාගේ කඩයක් කුලියට ගෙන සිටියේද බාස් අංකල් කෙනෙක්ය. පොර නමින් ‘සමරේ‘ය. ඒ ඇන්ටී සහ අංකල් ඉදිආප්ප, පිට්ටු වැනි ආහාර හදමින් ව්‍යාපරයක් කලෝය. සෑමාගේ අම්මාද ඔවුන්ගේ දහිරිය වෙනුවෙන් කඩ කාමරය දී තිබුනේ සහන මිලකටය. පසුව ඔවුන් මාස ගණනාවක ණයක් ඉතුරු කරමින් කඩය හැර ගියෝය.

ඒ බාස් අංකල් බාස් වැඩ අහවර කර මේසන් හැන්ද, ලෙවල් බටය, මට්ටම් ලීය වැනි දෑ තැබුයේ සෑමාගේ නිවසේ ගැරේජයේය. නැවත ගෙදර ගෙන ගොස් ගෙන ඒමට පොරට ඇති කම්මැලි කම නිසාත්, පසුදා උදයේ කඩයට පැමිණ රැගෙන යාමේ පහසුව නිසාත් පොර එසේ කරන්නේය.

ඒ අතර දිනක් සෑමාට පුංචි මේසයක් සැදීමට අවශ්‍යවන්නේය. මේසයට අවශ්‍ය ලී සියල්ලක් සෑමා සතු වුවත් කකුල් දෙකක අඩුපාඩුවක් සෑමාට දැනෙන්නට විය. අගල් 2‘2 පමණ ඝනකම් ලි කකුල් දෙකක් ලැබුනද තවත් දෙකක අඩුවක් සෑමාට දැනුනේය. වත්තපුරා, සැරිසැරුවද සෑමාට සෙයාගත නොහැකි වුයේ මේසයට අවශ්‍ය කකුල් දෙකය. ඒ අතර සෑමාගේ අතට අසුවුයේ සමරේගේ මට්ටම් පොල්ලය. අවශ්‍යය ප්‍රමානයට තිබුනා සේම කකුල් දෙකක් කැපීමට තරම් උසක්ද තිබුනේය. දෙවරක් නොසිතා පොල්ල අතට ගත් සෑමා එය හරි අඩකට කපා තමාට අවශ්‍යය කකුල් දෙක සකසා ගෙන මේසය සැදුවේය.

පසුදා උදේම ආවේ සමරේය. සියළු උපාංග තිබියදී සමරේගේ මට්ටම් පොල්ල මිසිං ය.

‘බලන්නකෝ නෝනා මගේ මට්ටම් ලීය උස්සලා..‘ ඒ සමරේය.

“ඉතිං මම දැක්ක ඔයා ඊයේ ඇතුලෙන් තියනවා. දැන් නැද්ද???“ ඒ සෑමාගේ අම්මාය.

“බලන්නකෝ.. ෂුවර් එකට කුලයා ගන්න ඇත්තේ.. ඕකා තමා ඔය වගේ අසික්ඛිත වැඩ කරන්නේ..“ කුලේ අප වත්තේ සැරිසරන බවත්, කුලේගේ හොරකම් දන්නා සමරේ කෑගෑවේය. (මීයා විකුණන් කෑ කුලේ ගැන කියවන්න)

“මම කියල තියෙනවා ඔයාට මෙහෙ මුකුත් තියල යන්න එපා කියලා. ඔයා කුලේ එක්කම එහෙනම් බලාගන්න.“ සෑමාගේ අම්මා අත සෝදාගත්තේය.

පසුව එදින රාත්‍රියේ කතාව ඇදී එද්දී සෑමා එතැනය.

“බලන්නකෝ සමරෙගේ මට්ටම් ලීය නැති වෙලා අද මෙතන කුලයට බැන බැන හිටියනේ..“ අම්මා කීවේ තාත්තාටය.

“වැඩිය හිතන්න එපා අම්මේ... අර තියෙන්නේ මේසේ කකුල් දෙකට සෙට් කරලා..“ සෑමා සිනහ නොවී මේසය පෙන්නුවේය.

Written by sAm_8:55am_02/09/2012

66 comments:

  1. ඇති අම්ම සෑමව මට්ටං නොකල.

    ReplyDelete
    Replies
    1. මම ඒව ගැන මුකුත් ලියල නැහැනේ බං.. ;)

      Delete
  2. අර සුට්ටං බෙට්ට නං දාලා තියෙන්නේ සැමා.. අනිවා ඉතින් ඒක :)

    අවසානයේ සැමාගේ අම්මා මට්ටම් ලීයෙන් මූගේ පශ්චාත් භාගය මට්ටම් කලාය.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සෑමාට එක එක ඒවා කියා, රජාගේ පට්ටම් ගලවෙනවා ෂුවර්ය.

      ජය !

      Delete
  3. හැක්.. හැක්.. කෝ බලන්ඩ සෑමගෙ පිට මට්ටං වෙලාද?

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියනව නේ.. පිට නෙවේ බොල, මම නියම මට්ටමේ ඉන්නේ :)))

      ජය !

      Delete
  4. // සැබෑවට එය බළල් බෙට්ටක් වුවද අහුවූයේ සෑමාවය// මරු බළලා ඌත් වැසිකිලි පාවිච්චි කරනවනෙ

    ReplyDelete
    Replies
    1. යහපත් එකෙක් !

      දොර ඇරල තිබ්බ නම් හැමදාම යයි !

      Delete
  5. මේසෙ කකුල් පෙන්නුවට පස්සෙ අම්මගෙ ප්‍ර‍තිචාරය උනේ මොන වගේ එකකද ?

    ReplyDelete
    Replies
    1. මුකුත් කිව්වෙ නැහැ. ඒ බලපු විදිහම ඇති :)

      Delete
  6. එක්කෝ මට හිතුනා උගේ මට්ටම ලීයට වැඩක් දුන්න එකත් පවු නෑ කියලා..

    ReplyDelete
    Replies
    1. පව් යකෝ.. මට පස්සෙ දුක හිතුනා. :)

      Delete
  7. සමරේට අහු උනානම් ගමක බැනුම් තමයි

    ReplyDelete
    Replies
    1. විනාසයි එහෙනම්.

      ස්තුති මේ පැත්තෙ ආවට.

      Delete
  8. සැමාගේ ලොකු අම්මගේ ලොකු පුත්‍රයා තමා දවසකටවත් මිනිහා.පොර බ්ලොග් බලනවනම් සැමා ඉවරයි :)

    ReplyDelete
    Replies
    1. වෙලාවට බලන්නෙ නැහැ !

      Delete
  9. ඇත්ත කියපන්, උඹ අර කරන්ට් එකත් වද්දගෙන ජනේලෙන් එබුනෙ පාරෙ ගියපු කව්රු දිහා බලන්නද? (ආයෙ ලොකුය පොඩිය කියල වෙනසක් නෑ කියල ඔය උඹමනේ කිව්වෙ)

    ReplyDelete
    Replies
    1. ලොකු පොඩි කියල වෙනසක් නැහැ කියන්න හොදම උදාහරනය මෙන්න.

      ඒකාලේ එතැනින් ඔලුව දාපු සෑමා, අද ඉන්නෙත් ඒ කාමරේමයි. තාමත් ඔතනින් ඔළුව දාල පාරෙ යන කෑලි බලන්න පුලුවන් නොවැ :)

      Delete
  10. කළුගල් තෙමල සෑම කල වැඩේ හරි, ඒකට බැනපු බාසයි වැරදි. මොකද හොඳ බැම්මට ඔය දෙවර්ගෙම තෙමන්න ඕන. නැත්තං බදාමෙ තෙත ගල උරාගෙන බදාමෙ විනාඩියෙන් කරකුට්ටං වෙලා වැඩේ අවුල් වෙනව.

    ඔය බාසල වැඩ කරන පැතිවල පොඩි උන්තනියෙම එහෙම යනව නෙමෙයි මලේ, මොකද උන් ඒ ජාතියෙ පොරවල්. ඒ නිසා පරිස්සමින්. කීප සැරයක් අපේ පැත්තෙ ඔය වගේ කේස් ගිහිල්ල බාසල පොළිසියෙනුයි කොල්ලොන්ගෙනුයි අම්බානට කාල තමයි ගියෙ.

    ReplyDelete
    Replies
    1. අත්තිවාරම බැන්දටත් පස්සෙ අහවල් එකට මු කළු ගල් තෙමුවද ? ඒකෙන් තමා චාටර් වුනේ !

      බහුතරයක් බාසලා පරසිද්ධ කාන්තාවෝ අස්ථාන ගත කිරීම්වලට :)

      Delete
  11. මට තියෙනවා පොඩි කාළේ හිටන් ප්‍රශ්ණයක් ඔය මට්ටම් ලෑල්ල මට්ටම්ද කියලා හොයන්නේ කොහොමද..

    ReplyDelete
    Replies
    1. ලෙවල් බටේ නම් ඕකේ.. උබ කිව්වත් වගේ මටට්ම් ලැල්ලෙ කෝමද මට්ටම හොයන්නේ?

      Delete
  12. බාස් කතා නං මරු බං. ඉල නෑ සමහර ඒවට

    ReplyDelete
  13. මම නම් බාස්ල ඉන්න පැත්තකටවත් යන්නේ නෑ.. අයි යකෝ.. ඇත උදව් කාරයොත් තියාගෙන.. අපිට වැඩ කරලා ඉවරයක් නෑ... මේසේ තාම යහතින්ද..?
    එල පුසෙක්..
    මාරු බාසෙක්...
    පැණි සෑමා අයියෙක්...(අපරාදේ අයියා බන්.. අර වෙලාවේ පොඩ්ඩක් කරන්ට් එක චාර්ජ් කර ගන්ට තිබ්බේ..)

    ReplyDelete
    Replies
    1. බාස්ල ඉන්න පැත්තට යන්නෙ නැහැ කිව්වම උඩ ඉන්දික අයිය දාල තියෙන කමෙන්ට් එක මතක් වුනා.

      ඒකද බං උබ බය ? :))

      Delete
    2. කෝලං....
      ඒක නිසා නෙමේ මැට්ටෝ... මම ඕවා දන්නෙත් නෑ.. උන්ට උදව් කරලා ඉවරයක් නෑනේ අයියා බන් ඒකයි...
      අරක ගෙනෙන් චුන් චෑන් මේක ගෙනෙන් චුන් චෑන්..
      මල වදේ.. අත් උදව් කාරයොත් දීල.. අපිම නහින්න ඕනේ..

      Delete
  14. සමරෙයට මොක උනහම මොකෝ බං උඹේ වැඩේ ගොඩ නොවැ. අනික පොඩි එවුන් කඩේ යවන උන්ට ඔහොම වැඩ කොරන්නම ඕනෙ. ජය..!

    ReplyDelete
    Replies
    1. අපොයි මම ඉස්සර අපේ ගෙවල් දෙකේම පොඩි එකා වෙච්චි.. කඩේ ගියා වටේටම !

      :(

      Delete
  15. ඕක ඉස්සුව‍ නිසා වෙන්න ඇති මනුස්සයත් කඩ කුලියට පොල්ල තියලා යන්න ඇත්තේ ;)
    අනේ සීදේවි පූසා :P

    ReplyDelete
    Replies
    1. අඩේ ඇත්තටම ඒකද මන්දා ?

      අද සමරේ අංකල් පාරෙ ගියා බං. මට තනියම හිනා. පොර මාත් එක්ක හොදට හිනා වුනා :)

      Delete
    2. පොඩිකමට කල වැඩක් නිසා සමරේ අංකලුත් ඉවසලා ඉන්න ඇත්තේ :)

      Delete
  16. අම්මාගේ අඬුවට අහු වුනත් සෑමාගේ කන්දෙක තාමත් යහතින් ඇතැයි සිතමි..

    ReplyDelete
  17. කරන්ට් එක වැදීමෙන් පසු සෑමාගෙ මොළය කර වී ඇති නිසා පට්ට කතා ලියැවෙන්නේය.ඌ මේවා ලියන්නේ හදවතින්ම හෙවත් බොක්කෙන්ය.නමුත් අපට ඒවාට හිනා යන්නේය.ඒ බව නොදන්නා ඌ හෝ ගාලා සිරා කතා ලියන්නේය.

    මේ මාගේ මෙහි දමන පළමු කොමෙන්ටුවය.කරන්ට් සෑමාට ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රථමාගමනයට තුතිය.

      තව මොහොතක් මිස් වුයේ නම් මොලය පමනක් නොව සරීර කුඩුවම කර වන්නේය. අහිංසක සෑමා එදා ඔන්ද ස්පොට් වුයේ නම් අද බ්ලොග නැත. ගමේ කතුන් බහුතරයකටද එහෙනම් දරුවන්ද අහිමිය.

      ජය !

      Delete
  18. ඉතින් පොල්ල නැතුව මට්ටම් කරන්ඩ බැරි ද....

    ReplyDelete
    Replies
    1. පුලුවන් නේද? ‘බනිස් ලෑල්ලෙන්‘

      Delete
    2. දැන් නම් බනිස් ලෑලි අල්ලන්නේ නෑ.. ස්පාංචිය හෝ රෙජිෆෝම් කෑල්ල තමා අල්ලන්නේ... උබ දැකලත් ඇති !!!

      Delete
    3. ඔව් බං මම දැකල තියෙනවා

      Delete
  19. උපශාන්ත අයිය කියල තියෙනවා වගේ සමහර බාස්ලා (අපේ ජනගහනෙම කස්ටියනේ) අමතර දේ වලට දස්සයි....

    මේ ළඟදී ඇහැ වගේ ලියන් ගොඩක් ඉන්නා පැත්තක, අවුරුදු 12ක ගැණු ළමෙක් ගැබ්බර වෙලා තිබුනේ ඒ ළමයාගේ ගෙදරට අල්ලපු ගෙදර වැඩ කරමින් හිටපු බාසෙක් අතින්..

    කවුරු හරි, කරන්ට් වැදුණු කෙනෙකුට ලබා දිය යුතු ප්‍රථමාධාර ගැන කිව්වොත් ..

    ReplyDelete
    Replies
    1. බාස්ලා ඉතිං බදාම ගහලා හැඩ කරල වැඩි වැඩ දාන අයනේ :)

      ප්‍රථමාධාර විදිහට කරන්නේ බිම දාලා පාගන එක. වතුර දෙන්න එපා කියනවා. මට මතකයි මට කෝපි හද හද පෙව්වා. !

      තව තියෙනවද දන්නෙ නැහැ !

      Delete
  20. අම්මපා බොලාගෙ කතා නම් පට්ටය කරන්ට් එක තව ටිකක් වෙදුනනම් හොදය

    ReplyDelete
    Replies
    1. ස්තුති නරුමයා. අලුත් එකෙක් වගේ ?

      Delete
  21. ඔන්න වැඩ...

    මමත් පොඩිකාලෙ, අපේ ගේ හදනකොට.. ඔය ගඩොල් පොගවන්ඩ ගෙනාපු වතුර බැරල් එකක කිමිදෙන්ඩ ගිහින් බාස් මාමා කකුල් දෙකෙන් උස්සලලු ගොඩ අරගත්තෙ..

    ReplyDelete
    Replies
    1. අපෝයි.. උබේ ඔලුව ඇනුනෙ නැද්ද ?

      ඒක තමා පොඩ්ඩක් සෙන්නට අප්සට් :)

      Delete
  22. අප්පොච්චියේ කරන්ට් එක වැදුනට පස්සෙ තමා එහෙනම් මේ මෙහෙම වෙලා තියෙන්නෙ..මොනා කරන්නද සෑම් ජීවිතේ ඔහොම තමා..ආයෙ වද්ද ගන්න එපා හොඳේ?.:D:D:D

    ReplyDelete
    Replies
    1. කරන්ට් එක වැදුනට පස්සෙ මගෙ ධාරිතාව වැඩිවුනා මිස ෂෝට් සර්කිට් වුනේ නැහැ බොල

      ගර්ර්ර්ර්ර් !

      Delete
  23. “වැඩිය හිතන්න එපා අම්මේ... අර තියෙන්නේ මේසේ කකුල් දෙකට සෙට් කරලා..“ සෑමා සිනහ නොවී මේසය පෙන්නුවේය.

    කෝ බං ඊට පස්සේ උන හොදම සිද්දිය???

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ එච්චරයි. එතනින් ඉවරයි !

      Delete
  24. අපොයි පව් අර පොඩි සෑමා....:D

    ReplyDelete
    Replies
    1. :)

      ඔයා විතරයි පව් කිව්වේ !

      Delete
  25. උබට තිබ්බේ ලඹ කැටේ නුලත් උස්සන්න. බාල්දියට ගැට ගහන්න වගේ. මමත් ඉස්සර වඩු බාස්ලා ගියාට පස්සේ යතු ගැන වැඩ එහෙම කරලා තියෙනව. කොංක්‍රීට් වලට දාපු රබර් ලෑලි යතු ගාලා, යත්තේ තලේ කියත වගේ වුනා මතකයි.

    ReplyDelete
    Replies
    1. උබ දන්නවද මම ඉස්සර ආසම වැඩේ මේසන් හැන්ද පාවිච්චි කරල බදාම ගාන එක. මාරම සිරා. අපේ ගෙදර වැඩට ගෙනාපු සිමෙන්ති කොට්ට භාගයක් ඉතුරු වෙලා මම හැදුව තඩි පොකුණක්. ඒක තාම තියෙනවා. 10 වසරෙදි කළේ. දැන් නම් පොඩ්ඩක් ලීක් :)


      ජය !

      Delete
  26. මමත් ඔය වගේම මක බාස් වැඩක් කළා., දන්නවදේ අර කපරාරු කලාම සුද තියන්න ගන්න මනිස් ලෑල්ල.. ? අපේ ගෙදර ඉස්සරහ ත්න්බර්ජියා වැල මුලතිබුන ලේනුන්ට කුරුල්ලන්ට කෑම වතුර දෙන්න තිබුන තට්ටුව කැඩුනා. මම අර මනිස් ලෑල්ල අරන් එකට උඩින් තියලා ඇන ගැහුවා. නියම කෑම තට්ටුව.. හැබැයි ඉතින් අම්මා කාටවත් මට බනින්න දුන්නේ නැහැ. ඒ මොකද අපි දෙන්නම සම හවුල් කාරයෝ..

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මෝ මරු ජෝඩුව. ඒකට මට වුනේ අනිත් පැත්ත නේ. අම්ම හරහට හිටියා :((

      Delete
  27. සෑමාත් කතා ෆැක්ටරියක්නෙ. ඔහොම බාස්ලා වැඩ ඉවරකරලා දාලා ගිය මට්ටං ලෑල්ලකින් නම් මමත් ඔයවගෙ වැඩක් කරලා තියෙනවා. උඹ දන්නවද සමහර වෙලාවට ඔය වගෙ වැඩ කරන්නෙ බාස්ලා. මම දන්නවා එක බාස් ගෝලයෙක් කුළු ගෙඩියෙ මිට කඩලා අරං උදැල්ලට කූඤ්ඤයක් ගහපු.! ඇයි බං එක සෙට් එකක් ඇවිත් ස්ලැබ් එකක් දැම්මා මගෙ ගෙදර. ලයිට් මීටරේ වැහුවෙ නෑ. කොන්ක්‍රීට් වල වතුර පෙරිලා ඒ මගුල ෂෝට් වෙලා පිච්චිලා ගියානෙ. පස්සෙ මට CEB එකට අලාබෙ ගෙවන්න උනා පන්දාස් ගානක්! උන් කියනවා මමලු මීටරේ වහගන්න ඕනෙ. grrrrrrrrrrrrrrrrr!!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. CED එකේ ඉන්නේ කැකිල්ලේ රජ්ජුරුවොද බං?

      හැබැයි එක අතකින් බැලුවම උබේ මීටරේ උබ පරිස්සම් කර ගන්නෝනි;;; හිකිස් !

      Delete
  28. පව් අහිංසක කුලේ... සෑමා මට්ටම් කොරලත් මදිය..

    ReplyDelete
  29. සැමාගේ මට්ටම් සැම්මට්ටං කිව්වලු.. හි හි හී..

    ReplyDelete
  30. සෑමා හෙලා දකිමු!ඌ ව මට්ටම් කල යුතුය!

    ReplyDelete
  31. ඉතින් ඊට පස්සෙ සැමා අයියගෙ මොකද්ද බාස් මට්ටම් කරන්න ගත්තේ...??

    ReplyDelete
  32. එදා සෑමට කරන්ට් එක නොවැදුනානං අද මෙහෙම බ්ලොගක් නැත...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...