Wednesday, March 28, 2012

සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..


එදා දෙදහස් දොලහ වසරේ මාර්තු විසි හත් වෙනිදාය.
ස්ථානය නවලෝක රෝහල.
වේලාව දහවල් 12:45 පමණ


එදා සෑමා සිටියේ නවලෝක රෝහලේ පහත මාලයේ චැනලින් සෙන්ටර් එක අසල ඇති ලිෆ්ට් එක අසල හිදගෙනය. ලිෆ්ට් එකට පිටුපස හරවා හිදගෙන සිටි නිසා එයින් යන එන කිසිවෙකු සෑමාට පෙනුනේ නැත. එහෙත් එක වරම පරිසරය කලබළ වූවාක් සේ හැගුන නිසා ඒ පැත්ත හැරී බැලුවේ සෑමාය.

ඈත සිට මිනිසුන් කිසිවෙකුට අත වනයි. හිදගෙන සිටින බහුතරයක් නැගිටිති. සමහරු පසු පසින් දිව යති. කිසිවක් සිතා ගත නොහැකි වූ සෑමාට යමක් ඉවෙන් මෙන් දැනින. ඊට හේතුව රෝහලට ඇතුලු වෙන දොරටුව අසල කැමරා සූදානම් කරගෙන පිරිසක් සිටිය නිසාය. සිදුවන්නේ කුමක්ද කියා දැනුන මුත් සෑමා නැගිට ගියේ ඒ පැත්තටය.

පොලිස් නිලධාරීන් රැසක් වට ‍කරගෙන ඉදිරියට ඇදෙමින් සිටියේ සැබෑ දේශප්‍රේමියෙකි. කුමන අභියෝගයක් හමුවේ වුවද නොසැලී සිනහවී එඩියෙන් මුහුණ දෙන දේශප්‍රේමියෙකි. තමා දේශප්‍රේමී යයි ක්‍රියාවෙන් ඔප්පු කළ පුද්ගලයෙකි. ඔහු පිරිස මැද ඉදිරියට ඇදෙද්දී වට පිට හිදගෙන සිටි බහුතරයක් තම අසුන් වලින් නැගිට සිටියහ. ඇතැමුන් දිව ගොස් තම අත ඔහු දෙසට දිගු කොට ඔහුගේ අත අල්ලා ගත්හ. සියළු කාරණා දෙස බලාගෙන සැලෙන හදින්, තෙත් වූ දෙනෙතින් ඔහුගේ බිරිද පිටුපසින් ඇදුනේ තම ස්වාමියා නෙපෙන්වන දුක තම කළු පාට සාරියෙන් ලොවට විදහා දක්වමිනි. සියල්ල මැද සෑමාද ඒ දෙස බලා ඉදිරියට ඇදුනේ ඔවුන්ට පිටුපසිනි.

ඉන්පසු එතුමා ගියේ විකිරණ පරීක්ෂා සිදුකරන කාමරය තුලටය. පසු පසින් ආ පිරිස් තැන් තැන් වල වාඩි වුණහ. සෑමාද ඒ අවට වාඩි වුනේ සිදුවන්නේ කුමක්දැයි නැවත බලා ගැනීමටය. එතුමාගේ බිරිද සමග ආ මැදිවියේ තවත් කාන්තාවක් සෑමා අසල වාඩි වුණාය. ඇය සෑමා සමග සිනාසුනේ සෑමා හිතන දේ තේරුණ නිසාවත්ද ?

"දැක්කද මල්ලි කොච්චර සෙනගක් ඉන්නවද සර්ට ?" ඇය හඩ අවදි කළාය.

"අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අක්කේ, මිනිස්සු සද්ද නැතිව හිටියට ඇත්ත දන්නවා." සෑමා කීවේය.

"ඒ දවස එනකල් තමා අපිත් ඉන්නේ.." ඇය එසේ කියා නැගිට පසෙකට වුනේ රෝහලේ කාර්යය මණ්ඩලයේ අයෙක් කතා කළ නිසාය.

එතුමාට කතා කළ යුත්තේ 'සර්' කියාය.
එතුමා වෙනුවෙන් ෆේස් බුකියේ අපි කරන (pages, groups, profiles, campaigns, etc;) දේවල් කිව යුතුය.
අන්තර්ජාලය හරහා අත්සන් එක්කොට ධවල මන්දිරයට යැවූ පෙත්සමට අත්සන් කළ බව කිව යුතුය.
එතුමා වෙනුවෙන් හඩන, තැවෙන, දුක්වෙන පිරිසක් හිදින බැව් (එතුමා දන්නා වුවද) කිව යුතුය.

සෑමා එතුමා හමු වූ විට කිව යුතු දේවල් කල්පනා කලේය.

විනාඩි දහයකට පමණ පසු නැවත පරිසරය කලබලකාරී විය. ඒ සමගම එකි සැබෑ දේශප්‍රේමියා පිරිස් මැද ඉදිරියට ඇදුනේ සියල්ලන්ටම සිහනවකින් සංග්‍රහ කරමින් සහ අතට අත දෙමින් කතා කරමිනි. එතුමා හිදගෙන සිටි සෑමාව පවා නැගිටුවමින් ඉදිරියට ඇදෙන්නට විය. සෑමා නැගිටිද්දී එතුමා සෑමා දෙසට තම අත දිගු කළේය. සෑමාට තමා කියන්නට සිටි සියළුම දේ අමතක විය. 

පෙර දවසකදී සෑමා එතුමාට කතිරය ගැසුවේ අද ඔහු අල්ලාගෙන සිටින දකුණු අතිනි. පෙර දවසක රට දැය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෙකු ලෙස අවි එසවුනේ එතුමාගේ මේ සුරතිනි. ‍අද රාජ්‍ය පාලන තන්ත්‍රයේ සිටින කරුණා අම්මාන්ලා ඇටවූ බෝම්බ පහරට ලක්ව තම බඩවැල් පවා තම සිරුරට තද කරගෙන සිටියේ මේ සුරතිනි. එහෙව් අතකින් අල්ලාගෙන සිටින සෑමාගේ වචන සිර විණ. කිසිත් හිත ගත් නොහැකිව ඔහු දෙස බලා සිනාසුනේ සතුටකින්ද නොවේය. නමුත් සියළු කම්කටොළු දරාගෙන ඔහු සිනාසෙන්නේ නම් සතුටකින් නොවුනද සිනාසෙන්නට සෑමාට සිදු විය.

ඉදිරියට ඇදුන සැබෑ වීරයා ලගට ඊලගට ආවේ වයසක අම්මා කෙනෙකි. එතුමාගේ සුරත සිපගෙන කදුලු සලන්නට තරම් ඇය සංවේදී වූවාය. ඇගේ හිස අතගාමින් එතුමා ඉදිරියට ඇදුනේය. ඉදිරියේ හිදගෙන සිටියේ සිගිති දරුවෙකු ඇකයේ තබාගෙන තරුණ යුවලකි. දෙදෙනාම ඔහු දැක නැගිට සිටියහ. එතුමා ඔවුන් ලගට ගොස් තරුණ පියාට අත දි දරුවාගේ මුහුණද අත ගෑවේය. සෑමාට මතක් වූයේ දරුවන් සුරතල් කරන තවත් උතුමෙකි.

මග දිගට රැස්වෙන සියළු නෙත් තෙත් කරවමින් එතුමා පිටත්ව ගියේය.

සියළු දෙනා ඔහු වටා රැස්වූයේ, ඔහු දැක හැගුම් බර වූයේත්, දේශපාලනයෙන් තොරවය. සෑමා මෙය ලීවේ දේශපාලනයෙන් තොරවය. මිනිස් සිත් ඇති සැමටය.

සියළු දෙනා ඔහු වටා රැස්වූයේ, ඔහු දැක හැගුම් බර වූයේත්, දේශපාලනයෙන් තොරවය. 

ප/ලි - මීට පෙර සෑමා එතුමා දුටුවේ යුද්ධය නිමා වූ දිනවල එතුමා කැළණි විහාරය වන්දනා කිරීමට ආපු දිනකය. එවලේ අපි සිටියේ දහම් පාසලේ වැඩකට ගිහින්ය. එක වරම අපිට එලියට බහින්න එපා යැයි විධානය කොට සිය ගණන් ආරක්ෂක සෙබළුන් පන්සල පුරා විහිදී ගියෝය. අපි දාන ශාලාවේ සිට අමාරුවෙන් එතුමා දැක ගත්තෙමු. එදා ඔහු වීරයෙකි. දැන් සම-හරක්ට එතුමා වීරයෙක් නොවේය.

ප/ප/ලි - කිසිවෙකුට හෝ අප්සට් වගේ නම් මේ කතාව select කර, කොපි කර, මයික්‍රොසොෆ්ට් වර්ඩ් හෝ නෝට් පෑඩ් එකකට පේස්ට් කරන්න. ඉන්පසුව crtl + H (Edit > Replace) යතුරු ඔබා ලැබෙන Dialog box එකේ "Find what" යන්නෙහි "දේශප්‍රේමි" වචනය යොදා, "Replace with" යන්නෙහි "දේශ‍ද්‍රෝහී" ලෙස යොදා  Replace කර කියවන්න.

මේ දෙකත් ක්ලික් කර බලන්න..

මහරජුන් සහ ජෙනරාල් එක්ව ලද නිදහසට අවමන් නොකරමු.. !

ඇත්තටම "සෑමා" ලිව්වේ නැහැ - හිතන්න දෙයක් ඉතුරැ කළා

Written by sAm_6.15pm_28.03.'12

102 comments:

  1. එදා දහම් පාසලේ සිරවී සිටියවුන් අතර මමද සිටියෙමි..
    වෙනස..
    එදා මොහු මට වීරයෙකු නොවුනත්...
    අදනං පට්ටම පට්ට වීරයෙකු වීමයි..

    ReplyDelete
    Replies
    1. මතකද උබට.. එදා අපිව කොටු කළා එලියට බහින්න බැරි වෙන්න..

      //එදා මොහු මට වීරයෙකු නොවුනත්...
      අදනං පට්ටම පට්ට වීරයෙකු වීමයි..// මේක ටිකක් මටත් ගැලපෙනව වගේ..

      කෑළණි බෝධිය අසල විවෟත කිරීමක් තිබ්බ. එතන තාමත් එතුමගේ නමයි, ජනාධිපතිතුමාගෙයි නම් දෙක එකට ලියවිල තියෙනවා. තව කැළණි පන්සලේ කෞතුකාගාරය ඉස්සරහ ෆොටෝ තියෙන බෝඩ් එකේ ඒ දෙන්නම එකට පන්සලට ආපු ෆොටෝ එකක් තියෙනවා...

      මගෙ කමෙන්ටුව දැකල ඒව අයින් කරයිද දන්නෙ නැහැ..

      Delete
    2. මක්කෙයි මට මතක නැත්තෙ...
      මරා එනවා කීලා මගේ පෝන් එකත් කෑලි කීයකට මුං ගැලෙව්වද..

      Delete
    3. හිකිස්.. කස්ටිය කිව්ව නේද ෆෝන් ලග තියා ගන්න දෙන්නේත් නැහැ කියලා.. හිකිස්..

      Delete
  2. මමත් ඇත්තටම අගය කරන දේශප්‍රේමියෙක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තට මචං.. දේශපාලනේ නෙවේ.. මනුස්සකම..

      Delete
  3. දේශපාලනය මට පේන්න බැරි නිසා කොයි දේශපාලුවාත් මට එකයි හැබැයි මේ වීරයෙක් බව අවිවාදයෙන් පිළිගන්නවා.... මෙතුමා නැත්තම් යුද්දේ දිනයිද කියලත් මට සැකයි.සෑහෙන්න අසාධාරණ දූෂණ වලින් පිරුණු තැනක අපි ඉන්නේ... එතුමයි මෙතුමයි දෙන්නම හොඳයි කියන්නේ නෑ... දෙන්නම නරකයි ඒත් නරක අඩුම කවුද කියලා හොයන එකයි වැඩේ

    ReplyDelete
    Replies
    1. //හැබැයි මේ වීරයෙක් බව අවිවාදයෙන් පිළිගන්නවා...// ස්තුතී.. !

      දේශපාලනේ නැතිව බැලුවම ඒ ටික ඇති මචං..

      වැඩිපුර තියෙන ටිකත් වැරදි නැහැ නොවැ.. :))

      Delete
  4. එළියේ ඉන්න ඕනේ වීරයෝ ඇතුලේ.ඇතුලේ ඉන්න ඔනී අමනයෝ එළියේ.වැඩි කාලයක් වෙන්නේ නැහැ.ඉක්මනින් වෙනසක් වෙයි.

    ReplyDelete
    Replies
    1. වෙනසක් කිව්වේ..

      පව් බං එතකොට අහිංසක කරුණා මාමාව ඇතුලට දායි නේ..

      ස්තුති සහෝ !

      Delete
  5. කියෙව්ව සෑම්

    ReplyDelete
    Replies
    1. සෑමා මෙය ලීවේ දේශපාලනයෙන් තොරවය. මිනිස් සිත් ඇති සැමටය.

      Delete
    2. කෙටි කොමෙන්ට් එකක් එකක් දැම්මෙ, දේශපාලන පැත්තෙන් සරත් ෆොන්සේකා මහත්මයාට විරුද්ධ හෝ පක්ෂපාත නිසා නොවේ.
      ඊයේ රෑ මගෙ post එකේ කොමෙන්ට් වලට උත්තර ලියමින් ඉඳල නිදාගන්න යනකොට මේ පොස්ට් එක දැක්ක නිසා.

      මම හෝ ඔබී ඔය එක දේශපාලකයෙක් වත් විශ්වාස කරන්නෙ නෑ. නුමුත් අපි දෙන්නම හිතන්නෙ ජෙනරාල්ට කරපු වැඩේ අන්තිම වැරදියි කියල වගේම, දේශපාලකයින්ට රැවටිලා ජෙනරාල් දේශපාලනයට ඔය තරම් ඉක්මනට පිවිසීම මෝඩ කමක් කියල.

      Delete
    3. අඩේ ඔබා මාමා.. මගේ රිප්ලයි එක අප්සට් ද?

      ඔබා මාමා ගැන දන්නා සෑමා තරහකට දාපු කමෙන්ටුවක් නෙවේ ඒක.
      මාත් ඒ පැත්තේ ඇවිත් කමෙන්ටුවක් දැම්මේ ඒ වෙලාවෙමයි.. පොඩ්ඩක් අවුස්සන්න කලේ.. වැරදීමක් නම් සොරිය.. :(

      ** ඔබා මාමා සහ ඔබී සිතනා දේ හරි යැයි හැගේ.. :)

      Delete
  6. ජෙනරාල් තුමා ගැන සැම් බොහොම හැඟිම් බරයි වගේ ,ඔහු කිසිසේත් සිරගතව සිටිය යුතු කෙනෙක් නෙවෙයි . එතුමගේ වටේ ඉන්න අය මේ වෙනකොට ඔහුවෙනුවෙන්ය කියල තෝරන දේශපාලනික මාවත නිවැරදිද කියන එක නම් මට බරපතල සැකයක්

    ReplyDelete
    Replies
    1. සෑමා මෙය ලීවේ දේශපාලනයෙන් තොරවය. මිනිස් සිත් ඇති සැමටය.

      //ඔහු කිසිසේත් සිරගතව සිටිය යුතු කෙනෙක් නෙවෙයි// ඇත්තය.

      //එතුමගේ වටේ ඉන්න අය මේ වෙනකොට ඔහුවෙනුවෙන්ය කියල තෝරන දේශපාලනික මාවත නිවැරදිද// මේක වැරදිය.

      රටක් බේර ගත්ත මිනිහෙක් ගන්න තීරණයක් වටේ ඉන්න කවුරුවත් තීරනය කරනව කියන එක විහිලුවක්. උබට මට වුණත් මචං කෙලිං තීරනයක් ගන්න පුලුවන් නම්. වටේ ඉන්න එවුන් තෝරන ඒව එතුමට වැඩක් නැති වෙයි..

      Delete
    2. වටේ ඉන්න අය ගන්නවාය කියල කිව්වේ ඔහු සිරගතව ඉන්න නිසා , මම දන්නේ නැහෑ ඔහුම තීරණ ගන්නවද කියල , කොහොම වුනත් මේ වෙලවේ ඔහු වෙනුවෙන් කියල ක්‍රියාත්මක වෙන දේශපාලනික උපක්‍රම වැරදියි , ඒවා එන්නේ කාගෙන් වුනත් එයින් ඔහුටවත් රටටවත් යහපතක් වෙන බවක් පේන්න නෑ ,

      එක් උදාහරණයක් - පහුගිය දවස් වල ටිරාන් අලස් , අර්ජුන , සහ අනෝමා ෆොන්සේකා විවිධ අවස්ථා වල දක්වපු ප්‍රතිචාර සහ කථා අරගෙන බලන්න

      ඊලඟට අර අත්හැර දාපු නඩුව වෙනුවෙන් විනිසුරු වරයා පිලිබඳ අධි තක්සේරුවකට යාම ආපහු කැරකෙන්න තියන ඉඩකඩ , මේවා දිහා බැලුවාම මට නම් බරපතල අවුලක් පේනවා . ඔබ ජෙනරාල්ට ආදරේ දේශපාලනයෙන් තොරව වෙන්න පුලුවන් , නමුත් ඔහු දැන් ඉන්නේ දේශපාලන ක්‍රිඩාවේ , හරි කොලේ නියම වෙලාවට නොගැහුවොත් කපෝති යන්න පුලුවන්

      Delete
    3. අ‍පේ එකාලා අන්තර්ජාතික බලවේග වලට විරුද්ධ වෙන්න යොදන උපක්‍රම වැරදී ඒ ක්‍රීඩාවෙත් වැරදි කොල ගහනවා පෝලිමේ. දැන් කපෝතිය සෙට් වෙලා ඉවරයි.

      එහෙව් එකේ පක්ෂ දේශපාලනේ හරියට වෙන්නෙත් නැහැ මචං..

      Delete
  7. මම එතුමාව දැක්කා නඩුවකට ඇවිත් යන වෙලාවක..

    ReplyDelete
    Replies
    1. එහෙම අවස්ථා දෙකක් මට මිස් වුණා.. ඒ දවස් වල මම හිටියේ උසාවිය ලග කම්පැණි එකක..

      හරී කිව්වම මට මතක් වෙන්නේ අපේ ඉස්කෝලෙ කොල්ලෙක් හිටියා හරීන් කියලා..

      Delete
  8. Replies
    1. සෑමා මෙය ලීවේ දේශපාලනයෙන් තොරවය. මිනිස් සිත් ඇති සැමටය.

      Delete
    2. මමත් කියෙව්වේ දේශපාලනයෙන් තොරවය. හැබැයි ඒ දේශපාලනයම වීරයාව අනාත කළේයැයි මට හිතේ. ඔහු දේශපාලනය නොකලානම් ?? කොටසක් පමණක් නොව අද මුලු රටම ගරු කරනා වීරයෙකි. කොබ්බෑකඩුව වැනි වීරයෙකි.

      Delete
    3. //ඔහු දේශපාලනය නොකලානම් ?? කොටසක් පමණක් නොව අද මුලු රටම ගරු කරනා වීරයෙකි. කොබ්බෑකඩුව වැනි වීරයෙකි.//

      දේශපාලනේ කරන්න හොද මිනිස්සුන්ට බැහැ කියලද මේ කියන්නේ...? නැත්තම් දේශපාලනෙ‍්ට හොද මිනිස්සු ගියාම ඒ මිනිස්සුන්ගේ යහපත් අතීතයත් අමුතුවෙන් වෙසන් විදිහට ලියවෙනවද ?

      හැමෝම කියන්නේ උබ කියපු කතාව බං. ඒකෙන් ගොඩක් ඉලිප්පිලා පේන්නේ මේක දේශපාලන පලිගැනීමක් කියලා..

      පහළින් නරකයා දාල තියෙනවා සිරා කමෙන්ටුවක්.. :)

      Delete
    4. මේක දේශපාලන පළිගැනීමක් නෙමේ සෑමෝ දේශපාලකයෙකුගේ පළිගැනීමක්.

      හැබැයි ඉතින් මිනිස්සු පළිගන්නේ තමන්ට මොකක් හරි වරදක් / අසාදාරණයක් කරපු මිනිහෙක්ගෙන්මයි නේද ? ඒ අර්ථයෙන් බලපුවම ජෙනරාල් වරදක් කරලා තියනවා. එහෙම නේද ?

      මටනම් නිළ ඇඳුමේ සිටි ජෙනාරාල් වීරයෙකි. ජාතික ඇඳුමට බට ජෙනරාල් යනු තවත් එක දේශපාලඥයෙක් පමණයි.

      Delete
    5. ඒ කියන්නේ ජනාඨිපති‍වරනයට පෙනී සිටීම තමා වරද / අසාධාරනය. ?
      එතන තියෙන වැරැද්ද ඒකද ?

      අනේ මන්ද මචං රටක් දිනවපු මිනිහෙක් දේශපාලනේට ආවහම හිරේ දානවා.. ??

      මාර ආතල්.. මට පිස්සු වගේ මචං..

      Delete
    6. ටිකක් හොයලා බලපන් ඊට වඩා මොනවා හරි වෙලා ඇති... එහෙම ජනාධිපතිවරණයට තරඟ කළ නිසා හිරේ දානවනම් ඉතින් 2006 ඉස්සෙල්ලම රනිල් තුමාවත් දාන්ඩ තිබුනනෙ..

      මේ මේ උඹ මේවට පිස්සු හදාගන්නැතුව හිටපන්.. එතකොට අර සිරිමෙවන්ටයි ළමයටයි යන කල මොකක්ද ?

      Delete
    7. ඇයි මචං වැලහින්න ඉන්නේ.. :)

      Delete
    8. //මටනම් නිළ ඇඳුමේ සිටි ජෙනාරාල් වීරයෙකි. ජාතික ඇඳුමට බට ජෙනරාල් යනු තවත් එක දේශපාලඥයෙක් පමණයි.//
      තවත් එක් ජරා ජීර්ණ දේශපාලඥයෙක් පමණයි.
      මිනිසුන් ගරු කලේ ඒ නිල ඇදුම ඇතුලේ හිටපු ජෙනරාල්ට මිස ඒ ඇදුම ගලවල මඩ ගොඩකට පැන්න තවත් එක හොරෙකුට නෙමේ..

      Delete
  9. Replies
    1. එළියට ආවහම බලා ගමු.. ;)

      Delete
  10. ඔහුගේ අණදීම යටතේ අවුරුදු ගණනාවක් වැඩ කළා මම. ඔහු රජ පිස්සුව ගහපු කපටියෙක් නොවේ. නායකයෙක්. නියම නායකයෙක්. 1993 දී වැලිඔය පැත්තෙන් කඩාගෙන කොටි එන්න හැදුවා. එතුමා සේනාංකාධිපති ඒ කාලේ. එතුමා ගියා වැලිඔය පෙරමුණටම. මොකද අපේ කට්ටිය පොඩ්ඩක් පස්ස ගහමින් හිටියේ. එතුමා නැවතුනා පෙරමුණේ. නැවතිලා කිව්වා 'එකෙක්වත් එන්නේ එහෙම නෑ පස්සට. මම මෙතනින් පස්සට යන්නෙත් නැහැ. හැබැයි එකෙක් හරි පස්සට ආවොත් මම ඌට වෙඩි තියනවා' කියලා. මොකද උනේ? සියලු දෙනා දහිරියෙන් සටන් කරලා කොටින්ව එලෙව්වා. අන්න (රජ වෙන්න කඩු හොයන්නේ නැති) නියම නායකයෝ.

    ReplyDelete
    Replies
    1. //අන්න (රජ වෙන්න කඩු හොයන්නේ නැති) නියම නායකයෝ. //

      :)

      Delete
    2. සුපිරි විචාරයක්.. නමටම ගැලපෙනව නොවැ..

      බුවා හයිලයිට් කරපු ටික තමා මාත් කැමතිම..

      Delete
  11. malli mokada kiyanne heta sudu van ekakin .......... pora talks epa hariya dena deyak kalaa wena deyak balan hitiyama athi ok u got it?

    ReplyDelete
    Replies
    1. දෙන දෙයක් කන්න කිව්වට කන්න කිසිත් ලැබුනේ නැහැ නොවැ..

      Delete
    2. සුදූ වෑන් එවන්නේ කව්ද කියලා දැන් අතේ මාට්‍ටුනේ...ඒක නිසා මේ ඇනෝ එයාට පු* දෙන එකෙක් වෙන්ටෑ....

      Delete
    3. හිකිස් හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා වගේ...

      මචං ‍මගේ පෝස්ටු වැටුනේ නැත්තම් පොඩ්ඩක් බලපං මම ඉන්නවද කියලා..

      Delete
  12. සිරාවටම හිතට දැනුනා
    අපේ කාලකන්නින්ට මුල අමතක වෙන එක තරං ලේසි දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. Apply to Gen. also

      Delete
    2. තරු පටි ගලවපු ජෙන් කිව්වනං හරි ඇනෝ...ඒකනේ කරන්න පුළුවන් උපරිමේ...හික් හික් ....

      Delete
    3. @ඔබ නොදුටු ලොවක් - ඇයි බං අර සූකරයෙක් කෑගැහුවේ තව මොනාද කියලා.. දැන් පොර හොයා ගන්නත් නැහැ..

      Delete
    4. අනිවා කව්රු මොනවා කිව්වත් අපිට නම් ඔහු ජෙන්රාල්ම තමා ඒක සදාකාලිකයි.වෙන මොකෙක්වත් නෙවේ.

      Delete
  13. දේශපාලනයට අකමැති උවත් පෝස්ටුව කියෙවිවෙමු

    ReplyDelete
  14. යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්න
    අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදක් නම්
    කුමටද ඒ අදිකරණය නීතිය සහ විනිසුරුවන්

    ReplyDelete
    Replies
    1. ස්තුති මේ පැත්තේ ආවට..

      මාත් ගියා සුරා යකාගෙ නේත්‍රා බලන්න..

      Delete
  15. දේශපාලන ඇසකින් තොරව කියෙව්වෙමි....

    ReplyDelete
  16. හමුදාවකට නායකත්වය දුන්න නායකයෙක් විදියට මම ගොඩක් ගරු කරන කෙනෙක් . . . හැබැයි එතුමගෙ දේශපාලනයනං වැඩිය හරියන එකක් නෙමේ

    ReplyDelete
    Replies
    1. දැන් ඒකත් හරි ගිහින් ඇති මචං, අර දරදඩු ගතිය දැන් අඩුයි නොවැ..

      Delete
  17. එහෙව් වීරයෙක්ගේ අත හරි අල්ලන්න උඹ පිං කරලා තියෙනව සැමෝ....කියන්න දේවල් ගොඩයි....වීරයට ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. මටත් ලියන්න තිබ්බ ඒව ගොඩයි මචං.. ඒත් පොඩ්ඩයි ලිව්වේ...

      ජයෙන් ජය. !

      Delete
  18. දේශපාලනය පැත්තක දාපන්. උඹේ ලිවිල්ල සුපිරිය. ඇස් වල වතුර පිරුනේය. ඇස් දොස්තර කෙනෙකුට පෙන්නන්න වෙනවාය. ජනරාල් දැන් දෙශපාළනය කුමක්දැයි වටහා ගෙන ඇති බව පෙනේ..

    ReplyDelete
  19. මෙතෙක් සෑමා ලියපු පෝස්ට් අතරින් හොදමඑක. ඒ ගැන කිසිම විවාදයක් නෑ. දේශපාලන දර්ශනය මොකක් උනත් පෝස්ටුව ආසාවෙන් කියවන්න පුළුවන්. මෙන්න මේටික ඕනෑම මාධ්‍යක මම දැකල තියන ලස්සනම වාක්‍ය ඛණ්ඩයක්.
    "සෑමා නැගිටිද්දී එතුමා සෑමා දෙසට තම අත දිගු කළේය. සෑමාට තමා කියන්නට සිටි සියළුම දේ අමතක විය.
    පෙර දවසකදී සෑමා එතුමාට කතිරය ගැසුවේ අද ඔහු අල්ලාගෙන සිටින දකුණු අතිනි. පෙර දවසක රට දැය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෙකු ලෙස අවි එසවුනේ එතුමාගේ මේ සුරතිනි. ‍අද රාජ්‍ය පාලන තන්ත්‍රයේ සිටින කරුණා අම්මාන්ලා ඇටවූ බෝම්බ පහරට ලක්ව තම බඩවැල් පවා තම සිරුරට තද කරගෙන සිටියේ මේ සුරතිනි. එහෙව් අතකින් අල්ලාගෙන සිටින සෑමාගේ වචන සිර විණ. කිසිත් හිත ගත් නොහැකිව ඔහු දෙස බලා සිනාසුනේ සතුටකින්ද නොවේය."


    කතානායකය ගැන කියන්න තියෙන්නෙ විචාරක මහත්තය කිව්ව මේටික විතරයි
    "අන්න (රජ වෙන්න කඩු හොයන්නේ නැති) නියම නායකයෝ"

    සටකපටකම් නැතිව දේශපාලනය කිරීම වැරැද්දක් නම්, ඒ වැරැද්දට ලැබෙන උපරිම දඩුවම මරණ දඩුවම නම්, ඔහු ඒ දඩුවම ලබන්න තරම් වැරැද්දක් කරල තියනව.

    ReplyDelete
    Replies
    1. //සටකපටකම් නැතිව දේශපාලනය කිරීම වැරැද්දක් නම්, ඒ වැරැද්දට ලැබෙන උපරිම දඩුවම මරණ දඩුවම නම්, ඔහු ඒ දඩුවම ලබන්න තරම් වැරැද්දක් කරල තියනව.//

      අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්..
      කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්....

      - සුනිල් ආරියරත්න -

      Delete
  20. දේශපාලනයෙන් තොරව මාත් එතුමාව අගය කරනවා..:))

    ReplyDelete
    Replies
    1. තුති.. !

      ඒත් එතුමට දේශපාලනක් කරන්න ලැබුනේ නැහැ නොවැ...
      මැතිවරණය අහවර වෙලා සති කිහිපයකින් සිරගත වුනා.

      අකැමැති වෙන්න තරම් දේශපාලයක් කරන්න ලැබුනේ නැහැ නොවැ.

      Delete
  21. මිනිස් හිතකින් කියවා බැලුවෙමි.:)))

    ReplyDelete
    Replies
    1. මිනිස් - ගැහැණු හිතක් නොවැ.. ;)

      Delete
  22. මා ඔහුව අගය කරන්නේ හමුදා නායකයෙකු ලෙස මිස දේශපාලඥයෙකු ලෙස නොවේ. දේශපාලනයට පැමිණීමට ගත් තීරණය ඔහු ගත් වැරදිම තීරණය විය හැක. දේශපාලනය අයිති හොරුන්ට, ස්ත්‍රී දූෂකයන්ට, පාතාලයට මිස යුක්තිගරුක නායකයන්ට නොවේ.

    ReplyDelete
    Replies
    1. ජනතාව මෙසේ සිතන තුරු දේශපාලනය අයිති හොරුන්ට, ස්ත්‍රී දූෂකයන්ට, පාතාලයටය.

      Delete
    2. හරී හරි... දුර්වල චින්තනය මිසක් වැදගතෙකු නායක කමට යොදව ගන්න බහුතරයකට උවමනාවක් නෑ.....

      Delete
    3. හරී සහ නරකයා හරිය !

      Delete
  23. හ්ම්..දේශපාලනයට එන්නැතිව හිටියනම් අදත් හොඳට ඉන්නවා..අපරාදෙ..දුකයි..

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං ඒ කතාවේ තේරුම... දේශපාලනේට එන එක වැරද්දක්ද... එහෙම ආපුගමන් එයා නරක කෙනෙක් වෙනවද... අනේ මන්දා බං හැමොම කියනවා ඔය මගුල.. ඇයි වදේ.. දේශපාලනේ කරා නැතා කියලා නෑ... ඔය පළිය ගන්නවම තමා....

      Delete
    2. මට හරි බයක් තියනවා අනාගතේදී හොඳ චින්තන ශක්තියක් තියන මධ්‍යස්ත මතධාරී වර්තමාන පරපුරේ කවුරුවත් දේශපාලනයට නොඑයිද කියලා. අපිනම් දැන් ඉන්නේ යන පැත්තට හැරිලා. ඔබගේ බොහෝදෙනෙක් ඉන්නේ එන පැත්තට හැරිලා. දේශපාලනය නරක දෙයක් නෙවෙයි. එකවගේ හිත තියන පිරිසක් සංවිධානය කරගැනීමයි අමාරු. ඩී.එස්.සේනානායක මහතා නිදහස කියන එක වචනයකින් එය කළා. ඩඩ්ලි සේනානායක මහතා කෘෂිකර්මය කියන එක වචනයකින් එය කළා. බණ්ඩාරනායක මහතා එය සංවිධානාත්මකව කළා. ජේ. ආර්. මහතා ඉතා සූක්ෂ්මව කළා, විජේවීර මහතා හොඳින් හෝ නරකින් දෙවරක් කළා. බණ්ඩාරනායක මැතිනිය සහ චන්ද්‍රිකා මැතිනිය සිය ස්වාමි පුරුෂයන් හට ලැබුණු මහජන ප්‍රසාදයෙන් එය කළා. හිතන්න ඔබත් අනාගතේදී වගකිවයුතු පුරවැසියෝ. මවුබිමට යුතුකම් ඉටු කරන්න පසුබට වෙන්න එපා.

      Delete
    3. //හිතන්න ඔබත් අනාගතේදී වගකිවයුතු පුරවැසියෝ. මවුබිමට යුතුකම් ඉටු කරන්න පසුබට වෙන්න එපා.//

      හරි දේ හරි වෙලාවට.. රට වෙනුවෙන් (වර්ථමානය වගේ මෝඩ චූන් නැතිව)

      ස්තුති විචාරක..

      Delete
  24. මමත් එතුමට චන්දෙ දීලා අර පෙත්සමත් අත්සන් කරලා.. අපිට කරන්න පුළුවං තත්වෙ දේවල් ටික කලා... තව දෙවල් තිබ්බොත් කරනවා.. උඹ මරුවට ලියලා තියෙනවා.. හැබැයි මේ රටේ කුහකයෝ වැඩි මචං..

    ReplyDelete
    Replies
    1. මේ රටේ කුහකයෝ වැඩි වුනේ දේශපාලනෙන් අන්ධ වෙලා මචං

      මානුෂීයව හිතන එකාල ඇත්ත දන්නවා මචං..

      ස්තුති කිව්වා.. !

      Delete
  25. ඇසුවෙමි.... එහෙත් නොදුටුවෙමි.....!
    හදවතින්ම ලියලා තියනවා ඒත් ඕවා ගැන කථා කරන්න ගියොත් කියයි ජාත්‍යන්තර කුමණ්ත්‍රන කියලා...... :D

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ දේශද්‍රෝහියෝත් වෙයි අපි.. !

      Delete
  26. මමත් මෙසේම ඔහු දැක ගත්තෙම් මින් මාස තුනකට පමණ පෙර..
    හමුදා නායකයකු ලෙස ඔහුට ගරු කරමි හද පතුලෙන්ම..

    ReplyDelete
    Replies
    1. අහ් ඔයත් දැක්කද..??

      ස්තුති කිව්වා..

      Delete
  27. මා මොහුගේ දේශපාලනයට අකමැති කෙනෙකි. නමුත් ලිපිය සුපිරියට ලියා ඇත. ඇස් වල තෙතමන වැඩිවී වතුර ගලයි. ඇස් වෙදෙක් වෙත යා යුතුය.

    ReplyDelete
    Replies
    1. අකැමැති වෙන්න තරම් දේශපාලනයක් කරන්න ලැ‍බුනෙ නැහැ මචං..

      ජය !

      Delete
  28. පිස්සාද එතුමාට කැමතිය...දුකකට ඇත්තේ ඇස් 2න් දැක ගැනීමට අවස්ථාවක් නොලැබීමය......

    ReplyDelete
    Replies
    1. පිස්සු නැත්තම් සෝක්..

      ඉතිං බලපන් මචං නිව්ස් වලට පෙන්නනවනේ..

      ;)

      Delete
  29. අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
    කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්..!!!

    ෆොන්සේකා මහත්තයා කියන්නේ සැබෑ වීරයෙක්!ඒකේ කතා දෙකක් නෑ.ඒත් මමත් හිතන්නේ කොහෙවත් යන දේශපාලුවෝ එතුමගේ වීරත්වයෙන් ලකුණු දාගන්න ගහපු ගැටේට එතුමා අහු වුනා. දේශපාලනයට එන්න ඉක්මන් නොවුන නම් මේ හැම දේම හොද විදියට වෙනස් වෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මචං රටක් දිනවපු මිනිහෙක් දේශපාලනේට ආවහම හිරේ දානවා.. ??

      මාර ආතල්..

      Delete
  30. මට නම් ඕවා තේරෙන්නේ නැත....මම ඔය අය ගැන දන්නේද නැත....ඒ නිසා කිසිත් නොකියමි.....

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔයා අග මුල හෙව්වොත් සෑමා ඉවරය.. මතකනේ කලින් පෝස්ටුව.. :))

      Delete
  31. මගේ පුද්ගලික දේශපාලන දර්ශනය මොකක් උනත්, මම දැක්කේ එතුමාගේ වටේට සෙට්වුන කේවට්ටයෝ ටික එතුමා‍ගේ බෙල්ල මුලට හිර කරල මාරුවුනා..

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ එතුමව හිරේ දාන්ට කීවේ වටේ හිටපු අය ද?

      Delete
    2. නෑ සහෝ... දේශපාලනේට ඇදල දාපු උන් බන්.. යුද්ධෙට සමතා උනාට මේ දේශපාලනේ ගැන ජෙනරල් දන්නේ නෑනේ..

      Delete
  32. හමුදාවකට නායකත්වය දුන් ව්ශිෂ්ට දැවැන්ත ඔහුගේ නායකත්වයට මම අතිශය ගරු කරන්නෙමි, කවුරු මොනා කිව්වත් ඔහුගේ හමුදා නායකත්වය ඇති විශිෂ්ටයි..!!!, දේශපාලනය ගැන කතා කිරීමට අකමැතිය..!!

    ReplyDelete
    Replies
    1. සාධාරන විදිහට කමෙන්ටුව දාලා.. පොඩ්ඩා කපටි නැත...

      Delete
  33. දේශපාලුවෝ බහුතරය අතරින්, සැබෑම දේශප්‍රේමියෙකු ලෙස,හොරුන්, ස්ත්‍රී දූෂකයන්, පාතාලය නායකයන්, මැඩලීමට දේශපාලකයකු ලෙස තරග බිමට සපමිනි ඔහුට, බහුතර දේශපාලුවන්ගේ බඩගෝස්තර වාදය රැකීමට හා ඔවුන්ගේ සුබසිද්දිය තකා, බහුතර දේශපාලුවන්ගේම මනාපයෙන් සිපිරි ගෙයට යෑමට සිදුවිය,

    තවෙකක් කියමි-එතුමා දේශපාලනයට පිවිසියේ තමන්ගේ චූන් එක ගැනීමට නොව, අවනීතිය ක්‍රියාත්මක වන රටක දුක් විඳිනා පීඩිත ජනතාවට යුතුකම් ඉටුකිරීමටය ( දේශප්‍රේමියා, දේශපාලනයට ආපසු දේශද්‍රෝහියෙක් වූයේ යැය් කියනා අයට පැවසූ වෙමි)

    ReplyDelete
    Replies
    1. සුපිරි එකෙත් සුපිරිය මචං..

      වරහන් ඇතුලේ තියෙන ටික වැදගත්...

      ( දේශප්‍රේමියා, දේශපාලනයට ආපසු දේශද්‍රෝහියෙක් වූයේ යැය් කියනා අයට පැවසූ වෙමි)

      ජය පතමි..

      Delete
  34. ඉටු කර කලයුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්
    (ලක්මව)

    ReplyDelete
  35. දෙන්නටම ( මහින්ද - ෆොන්සේකා ) ගරු කරනව....... ඒත් දේශපාලනේ කරන්න ගිය එක අන්තිම වැරදි..... නැතත් වේදිකාවේදී මෝඩ විදිහට කට පාවිච්චි කළා..... දැන් ඉන්න ජනාධිපති තුමා අපට හොඳා....

    හෑ.....බනින්ඩ පටන් ගන්ඩ එහෙම එපා ඔන්න මට ඈ.

    ReplyDelete
    Replies
    1. ටින් ටින් පොන්ටින්..

      දේශපාලනේ කරන එක වැරදී කියන එකෙන්ම තේරෙනවා ඔබ තුමාගේ චින්තනය.

      මනුස්සකම නොදන්න දේශපාලන කණ්නාඩි ඉවත් කල දවසට තේරෙයි. එදා වෙනකල් අපේ ගොනා අපිට හොදා කිය කිය ගග ගලන පැත්තට පාවෙයි.

      Delete
  36. \\ටින් ටින් පොන්ටින්..\\
    සැමෑ උඹත් හරියට වැල්ලේ ඔළුව හංග ගත්ත පැස්බරෙක් වගේ. කෙලින්ම කියපං මම ජෙනරල්ගේ දේශපාළන හෙංචයියෙක් කියල බය නැතුව. අනිත් අයත් බොරුවට දේශපාලනේට ආව එක වැරදියි වගේ කථා කියන්නැතුව මහින්දගේ හෙන්චයියෙක් කියල කොන්ද කෙලින් තියාගෙන කෙලින් කියපල්ලා. යූද්දය දිනන්න මේ රටෙ මහ ජනතාවගේ ඉඳලා ජනාධිපති දක්වා බොහෝ අය දායක වුනා. ඇත්ත ඒකයි. ඒ කාලේ ඒකට විරුද්ද මත දරපු අයත් අද ඒක හරි කියලා කියනවා. හමුදාවෙන් පෙන්ෂන් ගත්තාම ඔනෑම ගමන් මගක් ගන්න ජෙනරාල්ටත් අයිතියක් තියෙනවා. ඒ වටා ඕනෑ කෙනෙක්ට ගොනු වෙන්නත් අයිතියක් තියෙනව. මගෙ සාමාන්‍ය විශ්වාසය ඔනෑම දෙයක් සිද්ද වෙන්න අවශ්‍ය වටපිටාව සැකසුනාම තම්යි ඒක සිද්ද වෙන්නේ. උඹගේ ලිවීමේ දක්ෂතාව අගය කරනවා. අපිත් මේ දේශපාලන මඩගොහොරුවට නොවැටී ඉමු.

    ReplyDelete
  37. දේශද්‍රෝහියෙක්May 17, 2012 at 11:45 AM

    සරත් මහත්තයා ගැන මෙච්චර හැගීම්බරව ලියපු උඹත් මට වීරයෙක් බන්....අනික උඹේ පින්තූරෙකුත් දාගෙනම ලියපු එක ලොකූ වීරකමක්...අපි සිංහයා එලියට එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටිමු..!!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      මම තාමත් හිතන්නේ හිතෙන දේ ලියන්න බය වෙන්න ඕනෙ නැහැ කියල. මොකද මගෙ හිත දකින්නේ ඇත්ත විතරයි..

      උබට ජයෙන් ජය !

      Delete
  38. දේශපාලනේ පැත්තකින්ම තිබ්බොත් තමන්ගෙ පක්ෂෙ එක්ක ඉන්නකල් වීරයෙක් වුන මිනිහා වෙන විදියකට දේශපාලනයට ආවම බල්ලට දාන අපේ මහ ජනතාවගේ මානසිකත්වය ගැන නම් කියලා වැඩක් නෑ.එහෙම මිනිස්සු වෙනුවෙන්නෙ දහස් ගාණක් ජීවිත පූජ කලේ.

    ReplyDelete
  39. ඕං ආයෙත් කියෙව්ව.

    ReplyDelete
  40. මට මිස් වෙලා මේක. ජෙනරාල් තුමා මගෙත් වීරයෙක්. ඒත් අද එතුමා දේශපාලන මඩ ගොහොරුවට බැහැලා. දැක්ක නේ වෙච්ච දේ. දේශපාලනේ වරද ජනාධිපතිකම ඉල්ලීම නෙවෙයි. එතන එතුමා අතින් වැරදි ගොඩක් වුනා. වැරදි පක්ෂ එක්ක වැරැදී විදියට කතා කරමින් ගිය එකම වරදක් වුනා. ඒත් ඒ වරද නොවී නම් එතුමා අද මගේ බලාපොරොත්තු සඵල කරමින් ෆීල්ඩ් මාෂල් වරයෙක් වත් කරන්නට ඉඩ තිබුනා.

    ReplyDelete
  41. මටත් බොහොම වෙලාවක් කතා කරන්න හම්බ වුනා. හැබැයි අනෝමා මහත්මියත් එක්ක. ජෙනරාල් නිදහස් වෙන්න කලින් (වෙන්න කලින් කියල කිව්වේ, නිදහස් කලා කියල මම විශ්වාස නොකරන නිසා ) අන්තිම බෝධි පූජාව තිබ්බේ අපේ පනසලේ. අනෝම මහත්මිය මගේ පොඩි එකීව විනාඩි 10ක් විතර හුරතල් කලා. මාත් එක්ක කිව්ව 'අප්සරා' පොඩි කාලේ මේ වගේ, දූව දැක්කහම අප්සරාගේ පොඩි කාලෙ මතක් වුනා කියල. ගත්ත ෆොටෝස් බුකියෙවත් දැම්මේ නැත්තේ වෑන් වලට බයේ තමා (මම ගැන නොව දරු පවුල ගැන තාත්තා කෙනෙක් විදිහට බයයි )

    ලිපිය කියෙව්වෙ දෙවෙනි වතාවට.

    ReplyDelete
  42. පරණ හැංගුනු පෝස්ටුවක් ඔන්න මමත් කියෙව්වා..
    දේශපාලනය ගැන නම් දන්නේ නැහැ අනේ මම :)
    කොහොම උනත් එතුමා පිළිබඳව ඔබේ ආදරය අගෙයි :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...