Thursday, March 1, 2012

පේස් බුකියේ අයියා නොහොත් සූ-මේකර්ට ලියමි.. (පේස් බුකිය වැසීම සම්බන්ධවයි - පොඩි සෑමාගේ ලියුම 6)

මෑතකදී සෑමා කාටවත් ලියුමක් ලිව්වා මතක නැත. අන්තිටම ලීවේ ජයසූලිය ඇකැමතිතුමාටය. ඉන්පසුව ලියුම් නොලීවේ පොඩි සෑමාගේ ගමේ පෝස්ට්ටු ඔපීසියේ මුද්දර ගාස්තු වැඩි වූ නිසාය. අපේ තැපැල් මාමා (සුසිරි අයියා නොවේය) පුස් බයිසිකලෙන් එන්නේය. එසේ තිබිය දීත් අපේ ගමේ විතරක් මුද්දර ගාස්තු  වැඩිවුනේ ඇයි දැයි පොඩි සෑමාගේ සීයා විමසුවේ සහන මල්ල ගන්නට තැපැල් කන්තෝරුවට ගිය විටකය.

"ලොහ්.. ලොහ්...ඈ පියුං කොලුවෝ ඇයි බොල මේ කෙල ගාලා අලවන හතරැස් මුද්දර කෑල්ල මෙච්චර ගණං ?"

"ඇයි සීයා දන්නෙ නැද්ද තෙල් ගණං ගියා නොවැ.." ඒ කීවේ පියුම් අයියා මාමාය.

"ඉතිං හත් දෙයියනේ බොලාගෙ බඩ පිරෙන්ට තෙල් තිබ්බට. තෝ පුස් බයිසිකොලේ නොවැ ලියුම් බෙදන්නේ, අහවල් එකටද මේ මුද්දලේ වැඩි කොලේ..." සීයා සාධාරණ තර්කය ඉදිරිපත් කලේය.

"අපෝ.. සීයා මොනාද දන්නේ. ගිය සතියේ තැපැල් කන්තෝරුවේ ඉදලා තඩි ගැරඩි දෙන්නෙක් එලෙව්වා. උන්ට භුමිතෙල් බූලියක් විතර හැලුවා. ඒකයි මේ ඒවටත් එක්ක ගණන් වැඩි කලේ" පිලිතුරට සීයාගේ හක්කේ තිබි බුලත් හපය එලියට පැන මුද්දරය රතු පාට විය.

පියුම් අයියලා බලාගෙන යද්දී සාධාරණය. මේ සියළු කාරණා මැද මට සිහිවුයේ මුද්දර භාවිතය අවම කෙරූ පේස් බුකියේ නිර්මාණකරු අයියාවය. අද සෑමා ලියුම ලියන්නේ ඒ මහා උත්තමයාටය. මුද්දර අනවශ්‍යය. මෙය පේස් බුකියේ ෂෙයාර් කළ හැකි වීම වියදම අවම කරවීමකි.

දයා-බල මාර්ක් සූකර්බර්ග් අයියේ...
පේස් බුකිය වැසීම සම්බන්ධවයි

ඔබ අද උදේ ඔන්ලයින් දුටිමි. එනිසා නිසැකව ඔබ සැපෙන් සනීපෙන් බවත් දනිමි. ගූගල් දෙවියන්ට පිං සිද්ද වෙන්නට අයියාගේ නම සොයා ගත්තාට මම ඔබට ඉස්සර කීවේ මාර්ක් සූ මේකර් කියාය. අපේ අක්කා මට බැන්නේ එයා සපත්තු මහන කෙනෙක් නෙවේ හලෝ ඒ නිසා එයාට shoe maker කියන්න එපා කියාය. අක්කා දැමූ සද්දය නිසාම මම නිවැරදි නම සොයා ගතිමි.

අක්කා දවසම චැට්ය. අම්මා කීවේ නම් කමක් නැහැ සුසිරි අයියාගේ වියෝව මැකීමට මෙය කදිම යන්ත්‍රයක් කියාය. උදේම අක්කා ඇදේ සිටම කුණු කෙළ පෙරාගෙන නැගිට ස්ටේටස් දමන්නේ "හායි ෆ්‍රෙන්ඩ්ස් ගුඩ් මෝර්නිං" කියාය. එසේම රෑ නින්දට යත්දීත් "ගුඩ් නයිට්" කියන්නට අමතක නොකරයි. අපේ අක්කාව ගමේ කිසිවෙකු දන්නේ නැති වුනත් අක්කාට පේස් බුකියේ යාළු යේලියෝ 5000ක උපරිමයක් ඇත්තේය. අපේ ආච්චි අම්මා ලෙඩ ඇදේ සිටියදී සීයා ඔහුගේ ප්‍රොෆයිලයෙන් ලොග් ව විරහ වේදනා සහිත අවංක ආදරය ගැන ස්ටේටස් එකක් දැම්මේ ආච්චී‍ගේ ආදරය විග්‍රහ කරමිනි. එම ස්ටේටස් එකට ලයික් 2ක් සහ කමෙන්ට් දෙකක් පමණක් තිබිණ. ඒ සියල්ල මම සහ සීයා දැමු ඒවාය. ඒත් අපේ අක්කා ස්ටේටස් විදිහට සිනහ මුහුනක් (තිත් දෙක සහ වරහන) දැමූවිට කමෙන්ට් වැස්සක් සහ ලයික් මොර සූරන වැස්සක් දැකිය හැක. ඒ අක්කාගේ දස්සකමයි.

ඉතිං මාර්ක් අයියේ, අපේ ගමේ මුද්දර ගණන් ගිය බව ඔබ නොදන්නවා බව දනිමි. මොකද ඔබත් තැපෑලට ආයුබොවන් කියා ගොඩක් කල් වෙන්නට ඇත. ඒත් අපි වගේ දුස්කර පැත්තක තැපෑල අපේ සීයලාට වුවමනාමවේ. අපි වගේ තරුණ අයට ඔබේම පිහිටය. තත්වය එසේ තිබියදී ඔබ ගැනත් නොයෙකුත් කටකතා පැතිරීම ඛේදනීයය. එදා අපේ අක්කාට ආ මේල් එකක් දැක හදිසියේ ඇය කුස්සියට දිව ආවාය.

"අම්මේ.. මාර්ක් අයියා පේස් බුකිය වහන්න හදනවලු.." අම්මාගේ දෙනෙත් සතුටින් ඉපිලින.

"හොද වැඩේ උබලගෙ තාත්තටයි... මාමටයි.." අක්කා ඇ‍ගේ ඇස් උඩ ගිය රිප්ලයි එක දුන්නේ අම්මාය.

"ඇයි අම්මේ එහෙම කියන්නේ.. එයාලට ප්‍රොෆයිල් නැහැනේ චැට් කරන්න..."

"ඇයි බොල නැත්තේ.. හවසට පොඩ්ඩක් හන්දියට ගිහින් බලපංකෝ චිට් කොල උන්ඩි කරගෙන කට්ටය බුකියේ අස්සයෝ ගාල් කරගෙන ඉන්න හැටි."

"අම්ම මේ විකාර කියනවා මම කීවේ මේ..." අක්කාට කිසිවක් කියන්නට නොලැබින.

"තෝ මොනාද දන්නේ... උඹ දන්නේ ඔය අංජනම් පෙට්ටිය දිහා බලාගෙන කොටන්න විතරනේ.."

අක්කාගේ දුක ඇසීමට පොඩි සෑමා වන මම ඉදිරිපත් වුනෙමි.

"ඇයි අක්කේ මොකෑ සීන් එක ?"

"බලන්න මල්ලී ලබන මාසේ මාර්ක් අයියා පේස් බුකිය වහනවා කියලා මේල් එකක් ආවා.."

ඔය කතාව කලින් කිහිපවතාවක් අසා තිබුන නිසා මම ගණන් නොගත්තෙමි. එනමුදු අක්කාගේ සිත මොන ආකාරයෙන් වුනත් හදන්නට නොහැකි වූ තැන මා මේ ලිපිය ලියන්නට වීමි.

අපේ රටේ වගේම මාර්ක් අයියාගේ රටේත් තෙල්, පාං, සිමෙන්ති, සීනි, ඥාන කතා පවා මිල ඉහල ගොස් ඇතැයි සිතමි. එසේ තිබියදී අයියා බුකිය වසනවා නම් දෙපාරක් සිතිය යුතු නොවේද?. මේකේ වෙළද දැන්වීම් නැතිව අයියා කීයක් හරි හම්බ කරන් කන්නේ කෙසේද? පොඩි එකාලට අවුරුද්දට බඹර චක්කර, නිලා කූරු අරන් දෙන්නේ කෙසේද ? මෙකී කරුණු ගැන සිතුවොත් මාර්ක් අයියා බුකිය ‍වහන්නේ නැතිවාට ෂුවර්මය.

අයියාගේ බුකිය නිසා අපේ අම්මා තරම් සංතෝස වූ කිසිවෙක් නැති තරම්ය. ඉස්සර අක්කා භාවිත කලේ ගෙදර ලෑන්ඩ් පෝං එකය. බිල ගෙව්වේ අම්මාය. අක්කා ඉස්සර පැය විසිහතරම පෝං එකේය. එත් අයියාගේ බුකියේ අක්කා රෙජිස්ටර් වූ දා සිට අක්කාගේ කොල් ගැනිලි සේම හොර ගමන් සියල්ලම නැවතුනේය. අම්මා ඒ ගැන සතුටුය. අක්කා හිටපු ගමන් ගෙදරින් කොටු පැන්නම හොයන්නට යන්න වෙන්නේ මට නිසාම පොඩි සෑමාද බුකිය ගැන සතුටුය. එසේම අක්කා නැති වෙලාවට එයාගේ යාලුවෝ සමග චැට් කොරන්නේද පොඩි සෑමාය. එය වඩාත් ආතල්ය.

මොනවා කොහොම කීවත් පොඩි සෑමාට නම් බුකිය වැසුවාත්, ඇරියාත් කිසිම වෙනසක් නැත්තේමය. දැන් පොඩි සෑමා ආදරේ කරන්නේ බ්ලොගටය. බ්ලොග ප්‍රමෝට් වෙන්නේ බුකියේ වුනත් එන ඇත්තෝ එනවා සුවර්ය. බුකිය වැසුනොත් බුකිය නැති නිසා කට්ටිය බ්ලොග් ලියන්නට ගන්නවා සුවර්ය. එය මරුය.

බුකිය වැසුනා කියන්නේ පොඩි සෑමාගේ අක්කාගේ දින චරියාව පවා අප්සට් යනවා ෂුවර්ය. දැනට අක්කාගේ ඇදේ කොට්ටය ලැප් ටොප් එකය. බුකිය වැසුන දාට ඇයට කොට්ටයක් ඕනෑ වෙනවා ෂුවර්ය. එසේම හැමදාම මධ්‍යම රාත්තිරිය වෙන තුරු චැට් කොටන අක්කාට මැහුමක් ගෙතුමක් කරගෙන රැය ගත කරන්නට වෙනවා සුවර්ය. එය ඇයට පවා අපේ ගෙදර අයටත් අදහා ගත නොහැකි තරමේ විපරියාසයක් වනු සුවර්ය.

පන්දහසක් වන මිතුරු පිරිසට ඇය නැවත ලැන්ඩ් පෝං එකෙන් කතා කරන්නට පවා පටන් ගන්නවා ඇත. එය අපේ ආරිතිකයට හොද නැත්තේමය. එසේම ඇගේ හොර ගමන් වැඩි වී ගමේ කොල්ලන්ට ආදරය කරන්නට පටන් ගන්නවා සුවර්ය. දැන් නම් අක්කා ඉන්නේ ලෙකු සීන් එකේය. ගමේ එකාලා රුපියලකට ගණන් ගන්නේ නැත. ඒත් මාර්ක් අයියා බුකිය වැසු කල අපේ අක්කා පාරට ඇද වැටෙනවා සුවර්ය. ඇයට  සොසේජස් කන අයියලා වෙනුවට සුපුරුදු කොස් දෙල් කන අයියලා පස්සේ යන්නට වෙනවාය. පොඩි සෑමාටද අක්කාගේ පසු පස රැදෙන්නට වෙනවා සුවර්ය.

මාර්ක් අයියාට විහිළු වුනාට මෙය අපේ පවුලේ ජීවන තත්වය පිලිබද ගැටළුකි. එනිසා බුකිය වසන්නට පෙර දෙවතාවක් හිතා බලා කරනවා නම් වටිනවාය. එසේ කරන්නටම ඕනේ නම් අක්කාගේ ලිස්ට් එකේ ඉන්න පන්දහසට සහ අක්කාට පමනක් ලොග් වෙන්නට පුලුවන් ලෙස ඉතිරි කර බුකිය වසන මෙන් ඉල්ලා සිටිමි.

අක්කා වෙනුවෙන් පොඩි සෑමා.....

Written by sAm_10.37pm_29.02.'12

ප/ලි - පෝස්ට් නැතිවාට බනින්ට එපාය. ඉදිරියේදි සාධාරණයක් ඉටු කරනවාය. සෑමා කාරිය බවුලය !

54 comments:

  1. වැඩේ එච්චර දුර දිග ගිහිල්ලද??

    ReplyDelete
    Replies
    1. එසේය.. බුකිය වැසූ කල අක්කා විනාස වේ..

      ස්තුතී !

      Delete
  2. හික් ය. බැරෑරුම් ප්‍රස්නයක් ගැන ඔබ කතා කර ඇත්තේ විනෝදකාමී ලෙස ය. ඔය මගුල වැහුවාට අපිටත් කම් නැතිය. මොකද එතකොට අපිට ඉස්කයිපයෙන් චැට් කළ හැකිය. අවසාන වශයෙන් ආපහු හික් ය.

    ReplyDelete
    Replies
    1. මටත් හික්ය.. ;)

      මෙය වැසූ කල කස්ටිය සෑමාගේ බ්ලොග කරා ඇදී එන්නට පිලියම් මා සකසමි.. එතකොට එලය !

      Delete
  3. පොඩි සෑමා අක්කා ගැනත් ගෙදර ආර්තිකේ ගැනත් මෙසේ බරපතලව සිතීම ගැන අපමණ සතුටු වෙමි..පොඩි සෑමා පොඩි වුවද වැඩ ලොකු බව මේ ලිපිය කියවා අවබෝධ කර ගතිමි..දිගටම මෙවන් ලිපි ලිවීමට ජය..

    ReplyDelete
    Replies
    1. පොඩි සෑමාගේ ලොකු වැඩ ගමේ ග්‍රාම සේවක මාමාගෙන් අසන්ට.. වසලා හමාරය..


      ස්තුතී !

      Delete
  4. සෑමා පොඩි උණාට අදහස් වලින් හරිම පෝසත්ය... ඉක්මණින් තැපැල් ගාස්තු අඩු වේවා කියා පතමි...

    ReplyDelete
    Replies
    1. මා අදහස් ජෙනරේට් කරන්නේ රසික ඔබලා නිසාමය..

      ස්තුතීය !

      Delete
  5. ගෙදර වගකීම් ගැන පොඩි සෑමට තේරුම් ගිහින් තියෙනවා.. ඒ ගැන සෑහෙන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. පොඩි සෑමා යහගුණයෙන් ඉදිරියටය..

      ස්තුතී !

      Delete
  6. බය වෙන්ට කාරී නැහැ බුකිය වසා දැම්මොත් අපි නඩු දාමු.

    ReplyDelete
    Replies
    1. එලය.. අපි පාරට බහිමු... ! ජිනීවා වගේද බුකිය :))

      ස්තුතී !

      Delete
  7. බුකිය වහන්නේ නැතෝ ඕක බොරුවක්ය කියලා කව්දෝ කිව්වලු. මොනාවා උනත් ලියුම දාපු එක මරු. බූඩි හිතන් ඉන්නේ පෙත්සමක් ගහන්න තමා හරිය :P

    ReplyDelete
    Replies
    1. හිකිස් සිරාය.. ඕක වහන්නේ නැත්තේමය..

      ස්තුතී !

      Delete
  8. ලිවුමට පිළිතුරක් නොලැබුනොත් මට කියන්න.සුකිරි හම්බුනු වෙලාවක මම කියන්නම් සැමගේ ප්‍රශ්නේ ගැන.සුපර් මාර්කෙට් ඒකෙන කලින් බඩු ගත්තේ දැන්නම් හන්දියේ කඩේකින් ගන්නේ.තෙල් ප්‍රශ්නේ ආපු දවසේ ඉඳල.

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙමද ? පව් බොල කොල්ලා.. එහෙව් මනුස්සයා‍ කෝමද බොල බුකිය වහන්නේ..?

      ස්තුතී මසං !

      Delete
  9. ෆේස්බුක් වහනව කිව්වෙ කවුද? මේක ඇත්තක්ද?කෝම උනත් දැන් ලිවුම ලැබිල ඇති එයාට......හික්ස්,

    ReplyDelete
    Replies
    1. හැමෝම කියනවාය.. ඒත් බොරුය.. ලියුම ලැබුනු කල හොද ප්‍රතිචාරයක් ලැබෙනු සුවර්ය !

      Delete
  10. තැපැල් ගාස්තුත් වැඩිවෙලාද බොල ?? එහෙනං ලොක්කට මූන දාල මුද්දරයක් ගහන්නම බැරිවෙනව . . . එදාට මිනිස්සු කෙල ගාන්නෙ රූපෙ පැත්තෙ

    ReplyDelete
    Replies
    1. අපොයි.. අපේ දිවේ ඒ ජලා මූන ගා ගන්ට.. සීයා කැමති වෙන එකක් නැහැ බොල

      ස්තුතී !

      Delete
  11. ඕකනම් වහන එකමය කාරිය. සෑමට කිව්වම මොකද සෑමෝ මටනම් ඔය ම්ළමගුල වහ කදුරු වගේය.. දෑහැට පේන්ඩ බැරිය. බුකිය යනු නරක තැනක් බව අපේ පොඩිකාලේදීම අපිට වටහා දී තිබුනි. එම නිසා ෆේස් බුකියද එසේ විය යුතුය. අපිනම් ඕවාට නැතිය.

    සෑමාගේ සයිලිය පිටපත් කලාට සමාව බාජනයකට දෑමීමට ඉල්ලමි. පොඩි එකාට උගේ බාසාවෙන්ම පිළිතුරු දුන්නා විනා අනුකරණය නොකෙළෙමි.

    ReplyDelete
    Replies
    1. මගේ සයිලිය තවෙකෙකු අනුගමන කිරීම සමාව ඉල්ලීමට කරුණක් නොවේය. මා තුටු වෙමි. එයද සිරාය. ජය පතමි..

      Delete
  12. සෑමා පොඩි උනාට ලියන්නේ ලොකු ලොකු උන්ටය
    දැන් කාලේ හැදෙන පොඩි උන් ඔහොම්මමය
    අක්කාගේ කොටු පැනිලි නවතා දීමට වහාම Shoe Maker අයියා මැදිහත් වෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමු......
    සැමට නැතත් අක්කාට සහ එයාගේ 5000 ක වූ පිරිවර සේනාවට බුකිය ඇර තැබීමට තරම් අයියා කාරුණික වනු ඇතැයි සිතමු. සෑමාට සහ පවුලේ සැමට මින් පසුව යහපත් කලක් උදා වෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රාර්ථනයට ස්තුතීය...

      සෑමා පොඩි වුනාට ලොකු වැඩ වලට කැමතිය. එ නැහැදිච්ච කමය.. :)

      Delete
  13. අක්කා වෙනුවෙන් කෑ ගැසූ පොඩි සෑමාගෙ දුක දන්නා ගූගල් දෙයියෝ මේ ලියුම දැකීමෙන් පසු බොරුවටවත් වහනවා කියූ ෆේස්බුකිය ගැන සූ මේකර් අයියාගෙ කටදෙපොලින් කෙල බිදක් නොහලන්නට වගබලාගන්නවා නියතය.. ලෙස සිතමි.
    වසාත් බැරිය නොවසත් බැරිය..ඇඩ්වෙන්නා කෙසේවෙතත් ඇඩ්කරගන්නාගේ අනාගතය ගැන වගකිවයුතුය වන්නෙ ඔහු හෝ ඇයමය.. නැතිනම් වන්නේ කොට්ටය ලැප වී.. අනාගතය ලිප වීමය..
    මෙය සෑමාගේ අක්කා කියවයිනම්.. අක්කාගේ ගමන් බිමන් වලටයැයි කියා ඩීසල් පෙට්‍රල් සහෝදර ප්‍රේමයට භූමිතෙල් සමග ගිනි පෙරෙල්ලක් දමනවා බලාගත හැකිය.. :D
    උපරිමය..!

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවද සුපිරිය.. නන්දුගේ අදහස් මැනවින් කාන්දු වී ඇත

      ස්තුතී !

      Delete
  14. අඩේ සෑමෝ.. තරහ වෙන්ඩ කාරී නෑ මෙහෙම කිවුවට..
    මටත් කියහන්කෝ උඹේ අක්කගේ නම පොඩ්ඩක්.. බුකියේ සර්ච් පාරක් දාලා ඇඩ් කරගන්ට.. හික්ස්..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. පොඩි සෑමාගේ අක්කාට 5000ට වඩා ඇඩ් කළ නොහැකිය..

      Delete
  15. පොඩි සැමාගේ කතාව ඇත්තය ...... ෆේස්බුක් එක වැසුවොතින් අපේ සමහරුන් අනාථ වනු ඇත.
    කතාව එල.

    ReplyDelete
    Replies
    1. පේස් බුකි ගතවූවෝ අනාථ නාථය.. ;)

      ස්තුතී කිව්වා..

      Delete
  16. සැමා උඹේ බ්ලොග් එක බලන්න බෑ හරිම අමාරුයි ඇහැට. පාට වල් කිසිම සෞම්‍යකමක් නෑ.. පුලුවන්නම් වෙනස් කරන්න..

    ReplyDelete
    Replies
    1. මා කිලින් යූස් කලේ කළු-සුදුය එය පට්ටය. කස්ටිය කැමති නැහැ කියු නිසා මාරු කලෙමි. මාතලන් කීව දේ අපේ ගෑනිත් කීවාය.

      කළ යුතුමය. දන්නවනේ ගෑනු..

      අවංකව බොහොම ස්තුති සහෝ.. :*

      Delete
  17. අනේ පොඩ්ඩෝ ඕක වහන්නේ නැහැ. බොරු ආරංචියක් නොවැ... බයවෙන්ට එ‍ා :)

    ReplyDelete
    Replies
    1. එය ඇත්තය. ඒත් අක්කා තේරුම් ගන්නේ නැත්තේමය..

      ස්තුතී !

      Delete
  18. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා ලියුම සුපිරියි පාට අප්සට් ගහපු එකෙන් කියවන්න අමාරුයි.....කුසූගේ කතාව ලියද්දි තිබුනු පාට එල ආයෙත් ඒක දාගන්නකෝ..........බුකිය පාලනය අපහසු නම් සැමා අයියාට බුකිය බාරදෙන මෙන් ඉල්ලා හිටිමි...

    ReplyDelete
    Replies
    1. සිරාය පාට වෙනස් කරමි...

      බුකිය මට දුන්නොත් හොදට තිබේය.. ;0)

      ස්තුතී සහෝ.. ජය !

      Delete
  19. අයියෝ මම තාමත් හිනා වෙනාවා..අනේ මේවා ලියලා මිනිස්සුන්ව හිනස්සලා මරන්නද හදන්නේ...කියලා වැඩක් නෑ..උපරිමයි..සෑම්..

    ReplyDelete
    Replies
    1. ස්තුති සොහෝදරී...

      හිනා වී තර වෙන්ට ;)

      Delete
  20. එහෙනම් සෑම් අයියෙ පිස්සත් කියනව shoe maker අයියට සෑම් අයියල zoo keeper කරන්න එපැයි කියල හොඳේ.....

    ReplyDelete
    Replies
    1. අපොයි "ජය සූ ලිය" කලා වගේද ? :))

      Delete
  21. පොඩි සෑමාගේ භාෂාවෙන් ම ලියමි.
    //බුකිය වැසුනොත් බුකිය නැති නිසා කට්ටිය බ්ලොග් ලියන්නට ගන්නවා සුවර්ය.//
    එසේමය, කස්ටිය බ්ලෝග්ගේ කමෙන්ටු වලින් චැට් කරාවිය, පොස්ට් වශයෙන් පින්තුරු දමාවිය. අපි පල්ලෙහායින් කමෙන්ටු දමාවිය, එය නිසැකවම මරුය ;)
    දෙවැනි රූපේ ඉන්න අක්කා මන් වගේමය :p
    අපිත් කාලය බහුලය ;)
    පොඩි සෑමාගේ ලිපි කියවීමට විශේෂයෙන් කැමතිය. දිගටම ලිව්වනම් හොඳය. නැත්තම් අපි පව් ය.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට සතුටුය. සුපිරිය. ලියනවාය. හැමදාමය. :)

      Delete
  22. මේ මොකද බොල බ්ලොගට වෙලා තියෙන්නේ... බොහොම කැතයි.

    ReplyDelete
    Replies
    1. ඊයේ දින පොඩි තාක්ෂණික දෝසයක් සිදුවීන.. දැන් හරිය.. ;)

      Delete
  23. මාළු, පාන්, ඩීසල්, පෙට්‍රල්, බූමිතෙල්, තැපැල් ගාස්තු, වෙන මොනවද වැඩි වෙලා තියෙන්නෙ, නෑ මොනවා හරි අඩු වෙලා තියෙන දෙයක් තියෙනවද ?
    මනුස්ස ජීවිත වල වටිනා කම ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. මේක සිරා ඔබා මාමේ.. ජීවිත දැන් බල්ලට ගිහින් නොවැ..

      Delete
  24. හැම දාම හිනා වෙනවා උඹගේ මේ අකුරු ටික කියවලා...බාසාව නං එළ ඈ....බුකිය වහන එකක් නෑ මචෝ....

    ReplyDelete
    Replies
    1. ඕක වහලා මාකර් සුකිරි අයියා ඉන්නෙ කොහොමද බොල..

      Delete
  25. blog eke gomai mati gaawadoooooo mokakda me karagatte ayyoooooooo...meka narakama na blog chakre color ekat mekata galapenna wenas kalot nam sirawata tiyei

    ReplyDelete
    Replies
    1. ඊයේ දින පොඩි තාක්ෂණික දෝසයක් සිදුවීන.. දැන් හරිය.. ;)

      Delete
  26. delete button eka koooooo

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ බොල සිංහලෙන්ම ඩිලීට් කියලා..

      Delete
  27. ඇති යාන්තන් අක්කා සූසිරි අයියගෙන් ගැල උනා. අක්කා ලඟදි බුකියෙන් කොල්ලෙක්ව සෙට් කරගනීද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හිකිස්... පව් බොල කොල්ලෝ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...