Sunday, March 18, 2012

පංචායුධ මාමාට ලියමි.. (මව්බිම බේරා ගැනීම සම්බන්ධවයි - පොඩි සෑමාගේ ලියුම 8)


මේ දවස්වල පොඩි සෑමා ගෙදර ඉන්නවාට වඩා ඉන්නේ පෝස්ට් ඔපීසියේය. හැමදාම පෝස්ටු ඔපීසියට දුවන්නේ මුද්දර මිලට ගැනීමටය. ඒ තරමට පොඩි සෑමාට ලියුම් ලියන්නට වෙලාය. පෝස්ටු ඔපීසියේ අක්කා කීවේ පොඩි සැමාට ඇගේ ඇසිස්ටන්ට් තනතුරක් හෝ දෙනවා කියාය. ඒ පොඩි සෑමා කොයි වෙලාවෙත් පෝස්ටු ඔපීසියේ සිටින නිසාමය.

ඒ මොන කතන්දර කීවත් මට භුමිතෙල් වලට වඩා වටින්නේ මව්බිම බැවින් පංජාගුද, පචායුධ පංචායුධ මාමාට මෙවර ලිපිය පොඩි සෑමාගෙනි.

පංචායුධ මාමේ...

හැමෝම මට කියන්නේ පොඩි සෑමා කියාය. ලගදී මලින්ද මාමාටත් පෝස්ටුවක් ලියූ නිසා එය ඔබ දකින්නට ඇති. එතුමා හැමදේම ඔබට පෙන්නන බව සුවර්ය. ඒ නිසා ඔබ මා හදුනනවා ඇත. මම ගිය සතියේ තාත්තා සමග කොළඹ යද්දි දැක්කේ දඩාර කට-අවුට් එකකි. එහි තිබ්බේ "මවුබිමද - භුමිතෙල්ද" කියාය. මේ දෙක අතර සම්බන්ධයක් මගේ පුංචි මොල කැටියට නෙතේරුන නිසාම ඔබට ලියන්නට ඉටාගත්තෙමි. මේ ලියුම පාර්සල් කර එවන්නේද අපේ ගෙදර හැදූ ලියුම් කවරයකිනි. එනම් ඇමරිකාවේ එකක් නොවේමය.

ඔබතුමා රට වෙනුවෙන් වේදිකා නාට්‍යය පෙන්නු වීරයෙක් බව කීවේ අපේ අල්ලපු ගෙදර මාමාය. එතුමා ඔබට වැඩ කළ අයෙකි. ඒ නාට්‍යය අපි බැලුවේ ටීවී එකේ නිවුස් වලිනි. ඔබතුමා දින ගණන් නිදාගෙන සිටියේ වේදිකාවක් මතය. පොඩි සෑමාට මතක විදිහට bank in moon (බැනිකී මූන්) ලෙස විජාතික බලවේග මගින් හදේ බැංකු ඇති කිරීමට ගත් අදහසට විරුධව ඔබ එදා ක්‍රියා කලාය. එම වේදිකා නාටකයේද ඔබ ප්‍රධාන චරිතයක් හැදෑරුවාය. දින ගණන් නිදාගෙන සිට නැගිට ගන්නට බැරිව සිටියදී මලින්ද මාමා ගේ සෙනෙහේ දිය පොදින් ඔබ නින්ද අතර මග නතර කොට නැගිට පන නල ලැබුවේය. එදා පොඩි සෑමා සිතුවේ මූන් මාමලාට එරෙහිව ඔබ ‍මියෙන තුරු නිදා සිටී කියාය. ඒත් අපේ රටේ / මවුබිමේ වාසනාවට ජිනීවා වේදිකා නාටකයේ පවා ප්‍රධාන චරිතය රගපෑමට ඔබ ඉතිරි වුවාය. එද ඔබ මලා නම් අද මෙහෙම වෙන්නේ නැතිය.

ඔබ පංචායුධය එල්ලා ගත්තේ වසර කිහිපයකට පෙර තැබු මැතිවරණයකදීය. එහෙත් පොඩි සෑමා එය ගැලෙව්වේ  මොට්ට-සෝරි යන්නට පෙර දිනයේය. ඔබ එය එල්ලාගත්තේ පාර්ලි-මෙන්ට් යන්නට පෙර දිනයේය. එහි නම් වැඩි වෙනසක් නැත්තේමය. පොඩි සෑමා මොට්ට-සෝරි යන්න පෙර කළ කී දෑ සියල්ල දැන් ඔබ වංචායුධය එල්ලාගෙන පාර්ලි-මෙන්ට් එකේ සිට කරනවාය. එහෙත් සියල්ල කරන්නේ මවුබිම වෙනුවෙනි. පොඩි සෑමා ඉස්සර පංචායුධය එල්ලාගෙන කලේ බිම පෙරලීගෙන බඩගාන එකය. ඒ අතින් ඔබ වීරයෙකි. එනිසා ඔබ කියන කරන දෑට විසිල්, අත්පුඩි ෂුවර්ය. 

ඒ අතින් බලන කල ෆොන්සේකා මමා කරපු දෙයක් නැත්තේය. ෆොන්සේකා මාමා ත්‍රස්තවාදීන් මැරුවා පමණි නමුත් ඔබ විජාතික බලවේග වලට එදිරිව දින කිහිපයක් වැටී නිදාගෙන සිටි එකම ඇතිය. ඉතිරි වූ කරුණා මාමා සමග එකට කකා බිබී ඔබ විජාතික බලවේග සමග සටන් කිරීම අතිමහත් සේවයකි. අපි සදාතනිකව ඔබට සපෝට් ඒ නිසාමය.

ඔබේ වදනින් පොඩි සෑමා මව්බිමට ගැති කොලු පැටියෙක් වූයේ ආශ්චර්ය්‍යයකිනි. සැබවින්ම පොඩි සෑමා ඔබට ණය ගැතිය. පොඩි සෑමාගේ ජී-මේල් එක ඩිඇක්ටිව් (සිංහලෙන් නම් විනා‍සකර) දැන් පොඩි සෑමා භාවිත කරන්නේ වී-මේල්ය. එනම් ඔබේ නමේ මුලකුරින් (වී-මාල්) ලංකාවේ නිෂ්පාදිත මේල් යවන ක්‍රමයකිනි. ඉස්සර KFC ගිය පොඩි සෑමා ඇතුලු පවුලේ සැම දැන් එහෙ යන්නේ නැත. දැන් අපි යන්නේ Kaluthara Food Cafe බත් කඩයටය. අපි මැක් ඩොනල්ඩ් නොයා ගමේ හන්දියේ ඩොනල්ඩ් මාමාගේ ආප්ප කඩේට යන්නේ ඔබ නිසාමය. ගූගල් සර්ච් ඇන්ජිම භාවිතයෙන් වැලකුණ අපි දැන් භාවිත කරන්නේ හොද ඉව තියෙන බලු තඩියෙකි. අපිට ඕනෑ කරන හැම දේම බලු තඩියාගේ නහයට තබා විසි කළ විට ඌ කටින් ඔසවාගෙන විත් අතටම ලබා දෙයි. ඒ ඔබේ පැසුනු බුද්ධියෙන් අප ලද දායාදයන්ය.

මලින්ද මාමා ඒ කාලේ ලියපු පොතක් අපිට මතකය. ඔබ ඇතුලු බොහෝ අය එකතුව එය ලියපු බව පොඩි සෑමාගේ දෙසවනට ඇසුනේ ඔබේම මුවෙනි. එහි එක් පිටුවක තිබ්බේ ගැමි දරුවන් පවා විශ්ව ගම්මානයට එකතු කර ගන්නා බවය. දැන් ඒ ගම්මානයට අපි යන්නේ නැත. ඒ ඔබ කියූ පරිදි මව්බිම වෙනුවෙන් අපිට විශ්ව ගම්මානයට ගැති වෙන්නට බැරි නිසාමය. ඔබතුමා මව්බිම වෙනුවෙන් ජනතාවට ආස හිතෙන විදිහට මෙරට නිපදවූ ජෙල් ගා කොණ්ඩය පැත්තට පීරන්නේය. දුෂ්කර ගම් වල දරුවන් ද ප්‍රියමනාපව ජීවත් වන්නට ගාන්නේ පොල්-ජෙල් නොහොත් පොල් ගසින් ගන්නා තෙල් වර්ගයකි. ඒ ඔබ ඉගැන්වූ ක්‍රම වේදයට අනුවමය. ඔබ ලංකාවේ තෙල් ආකර වලින් ලද (මෑතක දී තිබූ මැතිවරණයකට කලින් දින තෙල් මතුවූවා පොඩි සෑමාට මතකය) තෙල් වලින් ඔබ ලංකාවේ නිපදවූ වාහන වල යන්නේය. අපිද ඔබ කියු පරිදි මව්බිම, රට හා ජාතිය වෙනුවෙන් යන්නේ ගමේම නිෂ්පාදිත බක්කි කරත්තය හෝ ගොන් කරත්තය උපයෝගි කරගෙනය. ඇත්තටම ඇමරිකාවට ගැතිවිය නොහැක්කේමය. ඔබ කී ලෙස අපිට අපේ දේ වටිනවාය. ඔබ ලංකාවේ නිපදවූ බැලැක් බෙරි භාවිත කරන්නේ මවුබිම නිසාමය. අපිත් එසේමය. අපි භාවිත කරන්නේ ගිණිපෙට්ටියකට නුලක් දමා ගෙදරම හැදූ ‍පෝං එකෙනි.

එහෙව් සියලු විපරියාස රට දැය වෙනුවෙන් කලේ ඔබ තුමාය. අපි සදා ණය ගැතිවන්නේ එනිසාය. පොඩි සෑමා දැන් කේ.එෆ්.සී නොගියද රට ගැන නොසිතන ගොඩක් අය යන්නේ එතැනටමය. එනිසා ඒවායේ ලයිසන් ඔබතමා කැන්සල් කිරීම හොදය. එවිට රට දැය ගැන නොසිතා එවන් ආයතන වල වැඩ කරන අපේ දේශද්‍රෝහී පිරිස් පාරට වැටෙනවා ඇත. එය ඔබේ දැනුමට අනුව හොදය. සියල්ල විය යුත්තේ මව්බිම වෙනුවෙනි. පොඩි සෑමාගේ ගෙවල් ලග හිටපු අයියා කෙනෙක් දැන් කේ.එෆ්.සී එකේ කැෂියර් එකේය. කෑම බෙදලා දෙන්නේත් එයාය. පොඩි සෑමා ඒ අයියා සමග තරහය. එනිසා ලයිසන් කැන්සල් කළ යුත්තේමය. එසේම කොකා කෝලා එකද රට දැය ගැන සිතා ඔබ වසාවී යයි සිතමි. එවිට එම ෆැක්ටේරිය ලග සිටින බුලත් විට විකුණන අංකල් පවා පාරට වැටෙන්නේය. එසේ කළ යුත්තේමය. මොකද ඔබතුමා කියන්නාක් සේ රට දැය වෙනුවෙන් ඒවා කළ යුත්තේමය.

රට දැය වෙනුවෙන් සියල්ල එසේ වෙද්දී, ඔබ ගිරිය කඩාගෙන රට දැය වෙනුවෙන් කෑ ගසද්දී පොඩි සෑමාට තවත් අදහසක් පහල වෙන්නේය. අපේ රටේ ඉන්න ජාති ද්‍රෝහි පිරිසක් පිට රැටියන්ට ඇදුම් මහන්නේය. එවා පිට රට යවා ඔවුන්ගේ විලි වසා සල්ලි ගන්නේය. ඒවා ඇදගෙනම අපිට එක එක ඒවා කියන්නේය. ඒවාද රට දැය ගැන සිතා නොකල යුත්තේමය. එනිසා අපි ඒ ඇදුම් මැසිය යුතු නැත. එවිට විජාතික බලවේග ඇදුම් නැතිව සිට කෑ ගසනු ඇත. එවිට ඔබ තුමාට සහ ඔබ තුමා වටා සිට විසිල් ගසන් අයට පට්ට ආතල්ය. ගිරිය කඩාගෙන කෑගසනවා වෙනුවට හු කියන්නට හැක්කේමය. ෆොන්සේකා මාමා කැළණි පුදබිම වදින්නට ආ දිනෙක පන්සල් භුමියට පිරිස් ගෙන්වා හූ කියෙව්වා පොඩි සෑමාට තවමත් මතකය. දේශද්‍රෝහීන්ට එසේ කළ යුත්තේමය. පන්සලද, පල්ලියද, කෝවිලද කියා බැලිය යුතු නැත්තේමය. එලෙසම අපේ පරගැති ඇගළුම් කර්මාන්ත වසා දමා ඇදුම් නැතිව කෑගසන සුද්දන්ට අපි හූ කිවිය යුත්තේමය.

අවසන් වරට සෑමාට ඇත්තේ තවත් එක ඉල්ලීමක්ය. ඔබ තුමා මව්බිමට ලැදි, දේශප්‍රේමී අපේ ලේ රත් කරවමින්, ජාත්‍යාලය වඩවමින් සිංහලෙන් කරන කතන්දර ඉංගිරිසියෙන් කරනවා නම් සුපිරිය. ඔබේ හඩ, වාග් කෞෂල්‍යය සහ ඉරියව් සහිතව ඉංගිරිසියෙන් කතාවක් කළහොත් සුද්දන්ට හොදට තේරෙනවාය. එවිට ඔවුන් මීට වඩා ගොඩක් බය වෙනවා සුවර්ය. එවිට අපිට නිදහස්ව නිවහල්ව ඇමරිකාව පරයා නැගී සිටින්නට හැකි වනවා සුවර්ය.

ඔබට මව්බිමේ ප්‍රණාමය... !

පලි - ඔබතුමාගේ පොටෝ එක ගූගල් වලින් සර්ච් කරන්නට බැරි නිසා අනුගමනය කලේද මම පෙර කී ක්‍රමයයි.

"ගූගල් සර්ච් ඇන්ජිම භාවිතයෙන් වැලකුණ අපි දැන් භාවිත කරන්නේ හොද ඉව තියෙන බලු තඩියෙකි. අපිට ඕනෑ කරන හැම දේම බලු තඩියාගේ නහයට තබා විසි කළ විට ඌ කටින් ඔසවාගෙන විත් අතටම ලබා දෙයි.

එම ක්‍රමය යටතේ ඔබේ ඡායාරෑප විශාල ප්‍රමාණයක් ලැබුන නිසා සියල්ල එකතු කර එකක් සේ දමමි.


Written by sAm_3.15pm_18.03.'12

පළමුවත් මව්බිම, දෙවෙනුවත් මව්බිම, තෙවෙනුවත් මව්බිමය... මලින්ද මාමා කීවේ ඒමය. එතුමා ක්‍රියාවෙන් පෙන්නා ඇත්තේ එසේමය. හිකිස්


පොඩි සෑමාගේ පෙර ලිපි...


  1. සුසිරි අයියා‍ගේ ආදර අන්දරය
  2. අක්කාගේ ප්‍රවාහන සේවය සම්බන්ධවයි
  3. නත්තල් සීයාට අවවාද කිරීමට ලියමි
  4. අක්කාගේ කැම්පස් ගමන සම්බන්ධවයි
  5. පොඩි සෑමාගේ තියරිය අනුගමනය කළ ජයසූලිය මාමාට ලියමි
  6. පේස් බුකියේ අයියා නොහොත් සූ-මේකර්ට - පේස් බුකිය වැසීම සම්බන්ධවයි
  7. ජැනට් ඇන්ටීට ලියමි

74 comments:

  1. සුපිරියි. ආයෙ කියන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතී.. පංච මාමා වගේ වීරයෙක් වෙන්නට ලීවේ නැත. සමහරෙක් සිතන්නේ එසේය. එසේ නොසිතීමට නැවත තුති ;)

      Delete
  2. චාටර්, නිකන් මඩ, කෑලා පත්තර ලිය ලිය ඉන්න වෙලාවේ නරකද චනෙල් 4 එකට විරුද්දව මොකවත් ලිව්වොත්..

    ආ, මට අමතක උනා.. දැන් චැනල් 4 එක MR ගෝට සහ ශවේන්ද්‍ර ලට විරුද්දව විතරනේ යුද අපරාද චෝදනා කරන්නේ. ඉතින් sam ල මොකටද වොරි වෙන්නේ නේද. එකනේ උබලටත් කරගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හද බලාගෙන බල්ලො බුරනව වගේ ජනීව බලාගෙන මෙහෙ මිනිස්සු ෆෝම් එක නෙවේ මචං කරන්න ඕනේ. ජනතාව ෆෝම් කරල එයාල සුද්දන්ගේ නිෂ්පාදන බදාගෙන ඉන්නව. සෑම මේ කතාකලේ උබල හිතන කුජීත දේශපාලනේ ගැන හිතල නෙවේ මචං. මේක තමා ඇත්ත. උන් සැප අරන් ගිරිය කඩන් කෑ ගහනවා. මිනිස්සු ව‍ටේ ඉදන් විසිල් ගහල අප් කරනව. ජනතාව සදා පරාදයි.

      //චැනල් 4 එක MR ගෝට සහ ශවේන්ද්‍ර ලට විරුද්දව විතරනේ යුද අපරාද චෝදනා කරන්නේ. ඉතින් sam ල මොකටද වොරි වෙන්නේ නේද.//

      මේක මචං උබේ හිතේ තියෙන කුජීත දේශපාලනය. ඔය සුද්දට එදිරිව කෑගහන එකාල ලගට ගිහින් බදාගෙන පොටෝ ගහනවා. අපේ මිනිස්සු ලග ඉදන් බනිනව. අපි විසිල් ගහනවා. උබ තාමත් විසිල් ගහනව වගේ. දේශපාලනය නෙවේ යථාර්තය හිතපං. එදාට ඇත්ත දැනෙයි තේරෙයි.

      රටට විනාසයක් වෙන්න ආවොත් සෑම් නොලිය ඉදී කියල හිතනව නම් උබ වැරදියි.

      ** මම පොඩ්ඩකට කලින් මේ වගේ පෝස්ටුවක් තිබ්බ බ්ලොගකට ගිහින් කමෙන්ටුවක් දැම්ම. ඇනෝ විදිහට ආවත් කවුද කියල මට තේරෙනවා. **

      ජය !

      Delete
  3. බීරි අලින්ට වීනා ගහලා වැඩක් වෙයිද සෑමෝ..

    ReplyDelete
    Replies
    1. ඒකයි බොල ලියලම පෙන්නුවේ..

      දැන් ටිකක් බය හිතෙනවා.. බ්ලොග් පෝස්ට් නැති වුනොත් ඇන්ට්‍රියක් දාපං. සෑම නැහැ කියලා..

      Delete
    2. ඇන්ට්‍රියක් දාන්ඩ වෙන්නේ ඇමෙරිකාවෙ පොලෝසියෙ තමා.. හොරාගෙ අම්මගෙන් පේන අහලා වැඩක් නෑනේ...

      Delete
    3. හිකිස්.. ඒකත් ඇත්ත නොවැ.. ඒත් ඇම‍රිකාවට ගැතිවෙන්නත් බෑනේ..

      අනේ මන්දා.. පිස්සු වගේ..

      Delete
  4. විමලාවතී මේක කියවනවා නම් හොදය ඒත් බ්ලොගර් එකද ඇමරිකානු සමාගමක නිසා ඇය මේ පැත්තේ එන්නේ නැත.එම නිසා මෙම ලිපිය ප්‍රින්ට් කර කොටුවේ අතින් අත බෙදුවා නම් ඔබද වීරයෙක් වෙනවා සුවර්ය.

    ReplyDelete
    Replies
    1. එයා ගූගල් භාවිතයෙන් තොර බව කි නිසා බය නැතිව ලිවීමි. අම්මේ සැබෑ වීරයෝ බහුතරයක් හිරේය. එනිසා වීරයෝ නොවීම උචිතය.

      ස්තුති !

      Delete
  5. ඔය ලංකාවෙ ලොකු මිනිසුන්(දේශ පාලුවන්.) කරන කිසිදෙයක් මට නම් නොතේරේ....තේරුම් ගන්නට උවමනාවක්ද නැත....ඒත් සෑම්ගේ ලියවිල්ල නම් නියමයි....ලේ පිරිසිදු කිරීම වෙනුවෙන් පින්..!

    ReplyDelete
    Replies
    1. දේශපාලනය ගාවා නැත්තේය. විජාතික බලවේග හමුවේ අපේ එකාලගේ ජෝක්ස් රිඇක්ෂන් විවේචනය කලෙමි. පක්ෂේම අය කියන කතන්දර හමුවේ මෙය පොඩි ලියුමක් පමණි.

      ස්තුති !

      Delete
  6. රටට දැයට ආදරේ කරන මිනිහෙක් හිතේ ආවේගයකින් කියපු කථාවක් විහිළුවට ගන්න එපා

    ReplyDelete
    Replies
    1. [රටට දැයට ආදරේ කරන මිනිහෙක් ] ෂුවර්ද? :P

      Delete
    2. රටට ආදරේ හින්ද නේන්නම් පක්ෂ මාරු කරල තමන්ගෙ ජීවිතේ සරු කර ගත්තේ.

      කලින් විවේවනය කරපු අපූරුව අහන්න වටිනවා පරණ වීඩියෝ වලින්.

      හිකිස්..අවස්ථාවාදී දේසපාලනය.. අපිට ‍ජෝක්ස් !

      Delete
    3. හිතේ ආවේගය කීවෙ අයුබොවන්........?

      Delete
  7. පංචායුධයේ අදහස් හොඳය එනමුත් වචන ගැලපෙන්නේ නැතිය...මට නම් දේශපාලනේ පේන්න බෑ මට ඡන්දේ තිබ්බට මම දාලාම නෑ කවදාවත් කිසිම වැඩකට උන්ගෙන් උදව්වක් ගන්නෙත් නෑ කියලයි හිතාගෙන ඉන්නේ හැමදාම වගේ සුපිරි ලියැවිල්ලක් සැමෝ.....

    ReplyDelete
    Replies
    1. //වැඩකට උන්ගෙන් උදව්වක් ගන්නෙත් නෑ කියලයි හිතාගෙන ඉන්නේ //

      දේශපාලනය එපාය. අපිට හිනා වෙන්ට හේතු හදන මැති ඇමති වරුන්ට ස්තුතිය.

      ගැමියාටද තුති !

      Delete
  8. විමල් එන්න එන්නම ජෝක් වෙනවා...
    කොකා කෝලා නතර කළොත් වෙන්න පුළුවන් එකම දේ කැළනි ඟගේ ජල මට්ටම ඉහල යන එක විතරයි. ඇමරිකාවට වෙන ඉටිගෙඩියක් නෑ.
    ඇමරිකාවෙ *කේ අමාරුවට එරෙහිව රටක් වශයෙන් එකට සිට විරෝධතාවය පලකළ යුතුයි.එහෙත් ගොන්පාට් වලින් නෙවෙයි.
    හැබැයි තවත් දෙයක් උඹලා ඔය ප්‍රමෝට් කරන ජෙනරාල් බැරිවෙලාවත් ජනාධිපති වුනානම් හමුදා පාලනයක රස මිහිර කාටත් විඳගන්න පුළුවන් වෙනවා.මුලින්ම සබ්බුව හම්බුවෙන්නෙ දෙක දුන්න ජේ.වී.පි යටයි. ජෙනරාල් ඇමරිකන් පුරවැසියෙක් ඒ වගේම ඇමරිකන් ඒජන්සියක් වෙච්ච යූ එන් පී කාරයෙක්...එහෙම තත්වයකදි රටේ ජනගහනයෙන් බාගයක් සමූල ඝාතනය කලත්ඇමරිකාවවත් යුරෝපයවත් මීක් කියන්නෙ නෑ. මේ මොහො‍තෙත් ගාසා තීරයේ මිනිස්සු මැරෙනවා. මරන්නෙ ඊශ්‍රායලෙන් කෝ ඒවට එරෙහිව මානව හිමිකම් ප්‍රශ්න..? '89 දී ලංකාවෙ 60000 ක් මැරුවා. අපිව ආබාධිත කළා. ගෙවල් දොරවල් විනාශ කළා...කෝ පෙන්නුවාද චැනල් 4 එකේ වීඩියෝ...හෙව්වද ඇමරිකාවෙන් මානව හිමිකම්...???
    හැබැයි වැරදිලාවත් හිතන්න එපා මේ ආණ්ඩුව හොඳ හින්ද නෙවෙයි මහා මර්ධනයක් රටේ දියත්වෙලා නැත්තෙ....ඇමරිකාවයි නෙටෝවයි මේ ආණ්ඩුව එක්ක තියෙන විරසකය හින්දයි, මර්දනයෙන් උඹලා අපි බේරිලා ඉන්නෙ...නැත්නම් පරාල ඇණ නිලමෙ ඉන්නෙත් මේකෙමයි, ලොකුගේ ඉන්නෙත් මේකෙමයි "ප්‍රා" න්‍යායාචාර්යවරුත් ඉන්නෙ මේකෙමයි....වෙන එකක් තියා මස් ලේම ඉල්ලන-ඒකාධිපති පාලනයක්ම ඕනැයි කියන හඟුරන්කෙත බණ්ඩා ඉන්නෙත් මේකෙමයි...
    (මේ කමෙන්ට් එක කපන්නෙ නැත්නම්....මේකෙ වගකීම සම්පූර්ණයෙන්ම මම බාරගන්නවා)

    ReplyDelete
    Replies
    1. සිරා.. !

      කමෙන්ටුව වටිනවා. වටින්නෙ නැති වුනත් සෑමා ඒව මකන්නෙ නැහැ බොල.

      ඇෆ්ගන් මනුස්සයෙක් ඇමරිකන් තුවක්කුවකින් මැරුනා. ඒවට සද්ද නැහැ. ඒක තමා ඇමරිකන් කාරයාගෙ ගුණමකු කම. අපි ත්‍රස්තවාදියෙක් මැරුවම දගලනවා. පංචායුධ මාමා විරෝධය දක්වන විදිහ ජෝක් එකක්. ඒකයි සින් එක. ප්‍රායෝගික නැහැ. රජයේ පිරිස්ම ඒව විවේචනය කරනවා. එහෙව් එකේ සෑමාගෙ ලියුමේ සදහන් කරපුවා සාධාරණ යයි සිතමි..

      ජය පතමි !

      Delete
    2. @ Sumith Niriella.

      මචන්, දවසේ කොමෙන්ටුව.
      මට බ්ලොග් එකක් නැතත් ආණ්ඩුවට විරුද්දව ලියන කොමෙන්ටුවකට නම දැමීමට බය නොවෙමි. සිංහල බ්ලොග් 10 ගත්තොත් 9 කම ආණ්ඩුවට / MR ට බැනලය. නමුත් SF ට විරුද්දව යමක් ලිව්වොත් ලියන්නේ නිර්නමිකවයි. අද SF ට විරුද්දව ලියන උන් පවා කවද හෝ SF බලයට පත් උණු දකට හිරේ යනවා සිකුරුයි. ඒ දවසට මේ කොමෙන්ටුව මතක තිය ගනිල්ලා.

      Delete
    3. @Sumith Niriella
      "හැබැයි තවත් දෙයක් උඹලා ඔය ප්‍රමෝට් කරන ජෙනරාල් බැරිවෙලාවත් ජනාධිපති වුනානම් හමුදා පාලනයක රස මිහිර කාටත් විඳගන්න පුළුවන් වෙනවා.මුලින්ම සබ්බුව හම්බුවෙන්නෙ දෙක දුන්න ජේ.වී.පි යටයි. ජෙනරාල් ඇමරිකන් පුරවැසියෙක් ඒ වගේම ඇමරිකන් ඒජන්සියක් වෙච්ච යූ එන් පී කාරයෙක්..."

      අනාගතය දැකීමේ හැකියාවක් ඔබතුමාට තියනවනේ...!
      බැරිද ඉස්සරහට මොකද වෙන්නෙ කියන්න. ඒක දැනගත්තනං මේ මොන කෙහෙල්මලක්වත් ගැන නොහිතා අපිටත් නිකං විහිළු කතා ටිකක් විතරක් ලියාගෙන ඉන්න තිබුන.

      අපි ඉන්නෙ 89 නෙවෙයි 2012 කියලත් යන්තමට මතක තියාගන්න.

      Delete
    4. @රාජ්

      89 විතරක් නෙවි, 83 හිටපු මිනිස්සුත් 2012 ඉන්නවා කියලත් මතක තියාගන්න. දැන් මේ ආයිත් ඒ මිනිස්සුන්ව බලයට ගේන්න හදන්නේ, ඒ කාලෙ ඉපදිලාවත් හිටපු නැති එවුන්. ඉතින් උන් ඒ රහ දන්නේ නැහැ.

      Delete
    5. @ රාජ්

      අපි ඉන්නෙ 2012 කියන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි මහත්තයෝ....
      "අපි ගමන් කරමින් ඉන්නෙ වෘත්තයක එතකොට පහුවෙච්ච දේවල් ආයෙත් හම්බවෙනවා...."(අශෝක හඳගම - සින්තටික් සිහින)

      මම අනාගතය ගැන කිව්වයි කියලා උඹලට විනෝද වෙන්න අමුතු ඉඩක් ලැබෙන්නෙ නෑ බං....අපි ඉන්නෙ ලංකාවෙ, ලංකාව කියන්නෙ සංස්කෘතික පාරාදීසයක් නෙවෙයි....උඹලා අපි එකතුවෙලා මේක ඒ තැනට ගෙනියන්න ඕන. ඒකට ඔය විදියට මල පැනලා බෑ...විරුද්ධ මතයට ඉඩ දෙන්න ඕන, ඒක ඉවසන්න ඕන, එහෙමයි සංස්කෘතික වෙන්නෙ...එතකොට පාලකයින්ටත් සංස්කෘතික වෙන්න බල කෙරෙනවා. අපි අසංස්කෘතිකව ඉන්න තාක්කල් අපිට ලැබෙන්නෙ අශිෂ්ට පාලකයො, විකටයෝ....

      Delete
    6. @රාජ් - //අපි ඉන්නෙ 89 නෙවෙයි 2012 කියලත් යන්තමට මතක තියාගන්න.//

      මේව මුන්ට තේරෙන්නෙ නැහැ මචං. දැන් ඇමති කෙනෙක්ගෙ වරදක් කිව්වොත් උත්තර දෙන‍්නේ කෝමද ? මේව ඒකාලෙත් වුනා කියල නේද ? ඒ කාලෙ වුනා කියල අද වෙන දේවල් සාධාරණිකරනය කරනවා. ඉතිං මිනිස්සු උඩ දාගෙන (කඩේ ගියේ) ඡන්දෙ දුන්නෙ මවල පෙන්නපු ආශ්චර්්‍යය නිසා නේද,, දැන් එයාලත් ඒවම කර කර ඒ කාලෙත් වුනා කියනවා.. මේව තමා රජ ආතල්..

      @Sumith Niriella -

      //අපි ඉන්නෙ 2012 කියන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි මහත්තයෝ....//
      උඩ තියෙන මම රාජ්ට දාපු රිප්ලයි කමෙන්ටුවේ මේකට පිලිතුර ඇති මචං..

      //අපි අසංස්කෘතිකව ඉන්න තාක්කල් අපිට ලැබෙන්නෙ අශිෂ්ට පාලකයො, විකටයෝ....//

      අපේ නෑයෝ සංස්කෘතික වුනත් අපිට ලැබිල තියෙන්නේ එහෙම අය නොවැ.. මොකද එයාලත් සංස්කෘතික වෙලා මාමාට ඡන්දය දුන්න නොවැ.. :පී

      ජය !

      Delete
    7. AnonymousMar 18, 2012 11:21 PM

      රාජ්ට රිප්ලයි කළ ඇනෝට...

      ඔය කියන කාලෙ එලිපිට වෙච්ච එවා දැන් වෙන්නේ හොර රහසේ. නිර්ණාමිකයි. අදුෂ්‍යමානයි. කතා කරන්න කෙනෙක් නැහැ.

      @Sumith Niriella -

      තව දෙයක්...

      //බැරිවෙලාවත් ජනාධිපති වුනානම් හමුදා පාලනයක රස මිහිර කාටත් විඳගන්න පුළුවන් වෙනවා.// යනු...

      ඒක සැබෑ සත්‍යය නෙවේ.. අනියමාර්ථයේ අසම්භාව්‍යයක් ක්‍රියාවක්...

      දැන් වෙන දේවල් බලලා.. ජනරාල් ආවා නම් මීට වඩා දරුනුයි කියල හිතලා...හිත හදාගන්න කියන්න පුලුවන් ප්‍රකාශන..

      Delete
    8. @Sumith Niriella
      ඉස්සෙල්ලම කාරණාවක් පැහැදිලි කරගන්න වෙනව.
      "ඒකට ඔය විදියට මල පැනලා බෑ...විරුද්ධ මතයට ඉඩ දෙන්න ඕන, ඒක ඉවසන්න ඕන, එහෙමයි සංස්කෘතික වෙන්නෙ"
      නිරිඇල්ල අයියේ උඹත් එක්ක මගේ කිසිම තරහක් නෑ. ඒ වගේම මම කැමතියි උඹව මුනගැහිල කතාකරන්න ඇත්නම්. අදහස් දැක්වීම මලපැනීමක් විදියට ගනංගන්න එපා.

      "අපි ගමන් කරමින් ඉන්නෙ වෘත්තයක එතකොට පහුවෙච්ච දේවල් ආයෙත් හම්බවෙනවා...."
      සම්පූර්ණයෙන්ම වැරදියි. අපි ගමන් කරමින් ඉන්නෙ සර්පිලයක. වෘත්තයක ගමන් කලොත් හැමදාම එකතැනනේ.;-). මේ සර්පිලය ඇතුලෙ ගමන් කරනකොට එක් එක් අවස්ථාවල් එනව මීට කලින් අපි පහුකරගෙන ගිය, හැබැයි ඒ අවස්ථාවල් හැම විටම දැන් තියන අවස්ථාවෙන් වෙනස්. හැබැයි සමානකම් නැතුවමත් නෙවේ. ඉතින් මේ නිසා අපි තීරණ ගන්නකොට ගන්න ඕන බොහොම හිතල බලල. මොකද අපි ඉන්නෙ කලින් පහුකරපු ලක්ෂයක් ඇතුලෙ කියල හිතල තීරණ ගත්තොත් සර්පිලය දිගේ උඩට(තියා යටට වවත්)යන්න වෙන්නෙ නෑ.

      අපි ඉන්නෙ 2012. "2012 කියන්නෙ 89 නෙවෙයි" කියන එකෙන් අදහස් වෙන්නෙ 89 අමතක කරන්න ඕන කියන එක නෙවේ. 89 අමතක නොකලයුතු සේම 89න් ඉදිරියටත් යායුතුයි. 89 අමතක නොකර නිකංම හිටියනං-ඉදිරියට නොගියනං-කවදාවත් අපට 2009 මුනගැහෙන්නෙ නෑ. පිලිගන්නවද? ඒවගේම අපිට 2009 දිගටම ඉන්නත් බෑ. අපි එයිනුත් ඉදිරියට යායුතුයි. ආන්න ඒකයි මගේ නං චින්තනය.
      අභියෝග කරන්න! තරහ වෙන්නෙ නෑ. රෙද්ද උස්සගෙන වලියට එන්නෙත් නෑ.

      AnonymousMar 18, 2012 11:21 PM
      රහ හොදට දන්නව. මම ඉපදුනේ 80. 89 වෙනකොට අවුරුදු 9ක් උනත් අපිට මතකයි වෙච්ච දේවල් මොනවද කියල. 89 දි යූඑන්පීය කැකුණ තලනකොට මගුල් කාපු හබන්කුකුලන් ගැන ඇනෝ මොනවද දන්නෙ? මම නං හම්බන්තොට ඉන්න එකෙක් විදියට ඒව දන්නව. කරුමෙට කියන්න විදියක් නෑ. මොකෝ අපිත් ජීවිතේට ටිකක්හරි ආ‍දරෙයිනේ.
      හැබැයි මම නං මැරෙනකං 89 කරතියාගෙන යන්නෙ නෑ. (නිරිඇල්ලට කියපු ටිකත් බලන්න)

      Delete
    9. නිරිඇල්ල මහත්තයයි ඇනෝයි දෙන්නනම ඒ දවස්වල පෙන්නපු ඉඩිඅමීන් චිත‍්‍රපටි ටික හොඳට බලලා ලණුව ගිලලා වගේ...

      මට හිතන විදියට දැනුත් තියෙන්නෙ හමුදා පාලනයක්...

      Delete
    10. @නරකයා.. - සහතික ඇත්ත මචං..

      ෆොන්සේකා ඡන්දෙට ආව දවස්වල රජයේ නාලිකා පෙන්නුවේම අමීන් ගේ ච්ත්තරපට. ඒ හැම දෙයක්ම දැන් හැබෑවෙලා. ඒ පාලනය දැන් උදාවෙලා..

      හරිම ආශ්චර්්‍යයමත්.. ජය !

      Delete
    11. @ නරකයා

      හයියෝ.... ඔයා මට කරලා තියෙන අපහාසයක්...!!!
      මහත්තයෝ මම දේශපාලනේ කරන්නෙ 1986 ඉඳලා ....'90 ජනවාරි ඉඳලා 94 වෙනකල් හිටියෙ හිරේ...ඉඩිඅමින් ගෙ බයිස්කෝප් බලන්න ඕන නෑ මට
      මම "ඉඩිඅමින්"ලා දැකලා තියෙනවා....උන්ගෙ වධ හොඳ හැටි විඳලා තියෙනවා ඒවගේ ප්‍රතිඵලයක් විදියට මම දැන් බීරෙක්...
      (මෙතනින් එහා කිවයුතු දේවල් මගේ බ්ලොග් එක පටන්ගත්තම කියන්නම්)

      ඔබට ජය...!

      Delete
  9. එල එල.. මේක් ඉක්මනට තැපැල් කරපං..

    ReplyDelete
    Replies
    1. තැපැල් කොරන්ට කලින්ම කියවන්න ඇති නේද??

      අහ් වැරදුනා.. එයා දැන් ගූගල් භාවිතයෙන් තොරයිනේ..

      Delete
  10. සුපිරිය. උපරිමයෙන් රස වින්දෙමි!!!

    ReplyDelete
    Replies
    1. ටැංකූ වේවා..

      මම ඒපැත්තෙ ගිහින් බැලුවා.. එහෙත් හොදයි නොවැ.. මෙච්චර කල් දැක්කෙ මිස් වෙලා බ්ලොග් ගඩොල්.. :)

      Delete
  11. කුමන දේශපාලන පක්ශයක උවත්, කුමන විදිහේ මතයන් දරන්නෙක් වුවත් මොහු ශ්‍රී ලාන්කීකයෙක්... අපගේ මවුබිම විනාස කිරීමට හදන මෙම සුදු ජාතීන්ගේ පැත්ත ගෙන ඔබලා සිනාසෙන්නේ ශ්‍රී ලාන්කීකයෙකුට බව ඔබලාට අමතකය............ සින්හලයෙකුට ඔබ මඩ ගසනවිට ඔහුට මඩ වැදීමට පෙර ඔබගේ දෑතේ මඩ තැවරෙන බව සිහියට එනවානම් මෙවැනි දේ දැමීමෙන් වලකින්න...... අපි ශ්‍රී ලාන්කීකයන් එය මතකතබාගන්න..

    ReplyDelete
    Replies
    1. අපට පාවිච්චි නොකර හිටු කියකිය එයා අයිෆෝන් අරව මේව පාවිච්චි කරන්නෙ ඒ ඒ නිසා වෙන්නැනි! :D

      Delete
    2. උබලට අයිෆෝන් පාවිච්චි කරන්න පින නැහැ කියල ඒ මනුස්සය මොනවා කරන්නද ?

      Delete
    3. ඒ වයිශ්‍යාවකගෙ පුත්‍රයාට අයි ෆෝන් පාවිච්චි කරන්න පින ලැබුනෙ, වයිශ්‍යා අම්මගෙ හෝ පිම්පි තාත්තගෙ බූදලේ සල්ලි වලින් වෙන්න ඇති

      Delete
    4. @ බහු භූතයා. මෙතනට විමල්ගේ අම්ම තාත්තා අදාල නැහැ.ඔහු කරන ගොන් පාර්ට් විතරයි වැදගත්.

      Delete
    5. අසරණයා - ඒක ඇත්ත.. අපිට ආතල් විතරයි ඕනේ.. එතුමට ජය..

      @Anonymous Mar 18, 2012 02:05 PM - මේ ඇනෝ නැවත එන්නේ නම් මේ රිප්ලයි එක දකීවා..

      අමුතුවෙන් සිංහලයාට මඩ ගහන්න හැදුවේ නැත. මඩ ගැන කතා කල නිසා කියන්නම්. අපේ සිංහල එකාලා මඩ නාගෙන සිටිති. ත්‍රස්තවාදි කොටි කරුනා ඇකයේ හොවා එයිට එදිරිව අවි එසවූවෝ සිරගත වූ කලෙක ඔය කියන්නාවූ මඩ ගසන කතන්දර හුදු විහිලුවක් පමනි.

      මඩ නාගෙන සිටින්නේ සිංහලයාමය.. ඔබ කියන ජාත්‍යන්තරය පුකෙන් සිනා සෙනු ඇත.

      Delete
    6. මචං කමොන් මෑන්... ටිකක් ප‍්‍රායොගිකව හිතපල්ලා.....

      Delete
    7. දෙවෙනි ඇනෝ- වයර් ෂෝට් ද? විමල්ගෙ ගොංපාට් වලට ඉලක්ක වෙන්නෙ අයිෆෝන් පාවිච්චි කරන්න පින තියන අයවනෙ!

      Delete
  12. පංචායුධය බෙල්ලේ හිරවෙන්නේ ඒ මාමා ඉංගිරිසියෙන් කථා කරපු දාටය....සැමෝ එදාට සෙනේ දිය පොවලාවත් ඒ කඩු පාර වලක්වන්නටනං බැරිවේය...ඒ තරමට ඒ මාමාගේ දැනුම කුජීතය..

    ReplyDelete
    Replies
    1. මාත් අසා ඇත්තෙමි. පහළ කමෙන්ටුවක ඇති..

      //පංචායුධ මාමා condemn කියන වචනේ condem කියල ලියපු බැනර් එකක් එල්ලගෙන පාගමනක් ගියා වගේ මතකයි පොඩි සෑමෝ...//

      දැක්කාම ඇඩුනේය..

      Delete
  13. කියන ඕන ඔක්කොම කියලා තියෙනවා.... නියමයි......

    ReplyDelete
    Replies
    1. තුති..

      මේ පැත්තේ ආවාට තුති !

      Delete
  14. විමල් වීරවංශ මහාතා තම රැවුල ගිනි තබා ගන මියයයි,මෙයට හේතු වී ඇත්තේ පොඩි සෑමා විසින් එතුමාට යවන ලියුමක් බවයි වැඩිදුර ආරංචි මාර්ග පවසන්නේ -පුවතක් :P

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් පුවත් පතකද ?

      Delete
  15. පංචායුදෙත් බෙල්ලේ එල්ලගෙන කක්කි දාලා නානවා. කක්කි කනවා. අනේ මිලින්ද මාමේ පොඩි එකා ගූ නෑවා ඇති. හෝදලා දාන්න. නැත්නං මාමිත් කක්කි ගඳ ගහයි.. පවු අනේ පොඩි එකා

    ReplyDelete
    Replies
    1. මට කක්ක කැවිල තියන නිසා කොහොමත් මගේ ලග කක්ක ගදයි මාතලන් මලයෝ. පොඩිඑකාගෙ ආසාවනේ ඔන්නඔහෙ අතගාපුදෙං.

      Delete
    2. ලොකු මාමා ගද ගසන්නේද පොඩි මාමාලා කක්කි නාගෙන සිටින විට වඩාගෙන හුරතල් කරන නිසාය..

      Delete
  16. මව්බිමද භූමිතෙල්ද? මව්බිමද භූමිතෙල්ද යැයි දෙපැත්තට ඔළුව වනමින් සිටිද්දී කේක් කෑල්ලද පොල් කෑල්ලද යැයි බලමින් සිටි මීයාගේ මෙන් මගේද කඳ බෙල්ලෙන් වෙන් වුනේය.

    ReplyDelete
    Replies
    1. අප්පේ අර මීයට අටවපු උගුල නේද ?

      Delete
  17. සැමා කෝකටත් පරිස්සම් වුනොත් හොඳයි වගේ..මේ ලියුම් ලියවිල්ල කොහෙන් නතර වෙයිද කියල මම මේ කල්පනා කරන්නෙ..:D

    ReplyDelete
    Replies
    1. මටත් වෙලාවකට හිතෙනවා..

      ඒත් සියල්ල උපහාසය නිසා මකුත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද ?

      Delete
  18. අඩා සෑමා මවුබිම වෙනුවෙන් පන දෙන්ඩ උනත් ලෑස්ති ( මතකනේ ලෙමන් පෆ් උපවාසේ , සෙල්ලං නෑ ) ජාතියේ මුර දේවතාවන්ට මඩ ගැසීම නවතනු........
    ( විකි ලීක් එකේ තිබුනා තිරුකුණා මලේදි අර දෙමල කොල්ලො ටික මැරුවේ STF එකෙන් කියලා ඒ වැඩේට STF එකට නිල නොවන තුවක්කුත් තියන්ව කියලා කවුද මන්දා අපේ දේශප්‍රේමියෙක් කීවා කියලා................ )

    ReplyDelete
    Replies
    1. අප්පේ කවුද බොල ඒ දේහප්‍රේමියා..

      ස්තුති මෙහෙ ආවට.. ජය !

      Delete
  19. පංචායුධ මාමා condemn කියන වචනේ condem කියල ලියපු බැනර් එකක් එල්ලගෙන පාගමනක් ගියා වගේ මතකයි පොඩි සෑමෝ...

    ලංකාවේ හදපු සුදූ වෑන් එකක් එවයිද මාමා???

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි වගේ එහෙම පොටෝ එකක්..

      ලංකාවේ හදපුවාට යටවී මලත් කමක් නැත..

      Delete
  20. සෑම් අයියා දෙන්න හිතෙනව වොන්ඩර් බාර් එකක්........

    ReplyDelete
    Replies
    1. ඒවා නම් කමක් නැත. කඩු පාරවල් එපාය.. ;)

      Delete
  21. ආ... මේ කොන්ඩම්වංශ ගැනනෙ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආරක්ෂිත ඇසුරකට ඒවා භාවිතය හොදයි ඔබා මාමේ..

      Delete
  22. මම ගොඩාක් කැමති උඹටත් මටත් ස්වභාවක මරණයකට.

    මේ දේශපාලනය කරන වුන්ගෙන් කිසි කෙනෙක් සාමාන්‍ය ජනතාව තරම් රටට ආදරේ නැහැ. ඒ දේ තේරුම ගන්න පුළුවන් මිනිස්සු ඉන්නේ ටික දෙනයි.සාමාන්‍ය වුන රටට ආදරේ කලත් ඔතනට ගියාම සල්ලි බල පෙරේත කම ලබෙද්දීම ඉබේම මේ වගේ කාලකන්නි වෙනවා.. බොරුවට දෙපැත්තට බෙදිලා කෑ ගහල වැඩක් නැහැ.රනිල් ආවත් වැඩක් ෆොන්සේකා ආවත් වැඩි වෙනසක් වෙන්නේ නැහැ.වටේ ඉන්නේ පරණ හොරු ටිකමයි.

    පක්ෂයක් වෙනුවෙන් මැරෙන්නේ නැතිව රටක වෙනුවෙන් මැරියල්ල.වීරවංස වගේ ජෝකියෝ තව ඉන්නවා.මේවා ලියවෙද්දී අපේ ලේ රත්වෙනවා.

    ReplyDelete
    Replies
    1. **මම ගොඩාක් කැමති උඹටත් මටත් ස්වභාවක මරණයකට.**

      මුකුත් ඕනෙ නැහැ මේ ටිකෙන්ම තේරෙනවා.. හිකිස්..

      Delete
  23. පට්ට පට පටය..

    මේක හොරකම් කොරන් ගිහින් බුකියෙ දාන්නද?

    හපොයි.. දැනුයි මතක් වුනේ ඇමතිලා කීපදෙනෙක් බුකියෙ යාලුවෝය.. උන් දැක්කොත් සුදු වෑන් එවනවා ශුවර්ය... සෑමාද ගස් යන්න පුලුවන්..ඒක නිසා නොදා ඉන්නම්...

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. කොලුව බය වෙලාද මන්දා..

      කවුද බං බුකියෙ ඉන්න යාලු ඇමතිලා...?

      Delete
  24. එල සේක !!!
    අඩේ මේකව යවන්න ඕන දිනමිණ කන්තෝරුවට !!!

    ReplyDelete
    Replies
    1. එහෙ යැව්වොත් වසලා හමාරයි බොල.. හැරෙන තැපෑලෙන් පොඩි සෑමාව හොයාගෙන එනවා ඇත...

      Delete
  25. මූට එදිනෙදා පාවිච්චි කරන ඇමරිකන් බඩු ලැයිස්තුවක් හදලා දවස් දෙකක් ඒවා පාවිච්චි නොකර ඉඳලා පෙන්නන්න කියන්න ඕන...මෝඩ කම තිබ්බට ප්‍රදර්ශනය කරන්න යන එක තමයි ප්‍රශ්නේ!ඃ

    ReplyDelete
    Replies
    1. හප්පේ එහෙනම් බුවාට ටොයි ලැට් යන්නටත් බැරි වෙනවා සුවර්ය.. :))

      Delete
  26. ක‍්‍රියේෂන් එක පට්ට

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ..

      උබේ බ්ලොගේ ෆලෝ කරන බට්න් එක හොයා ගත්තේ මාර ගේමක් දීලා..

      Delete
  27. සුපිරිම මාතෘකාවක්.
    මචෝ මෙච්චරකල් කාගෙ කාගෙත් බ්ලොග් කියවල, ඒ ඒ අයගෙ අදහස්වට කමෙන්ට් කරපු උදවිය අද පොඩ්ඩක් වෙනස් වෙලා වගේ පේනවා.. මහත්තයෝ කාගෙ කාගේත් මඩිස්සල් වල හුණු තියෙනවා කියල පැරැන්නො කිව්වේ කට කහනවට නෙවෙයිනේ..

    පළමුවත් මවිබිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම බව සැබෑමය..
    (මාමාගේ වචනය උපුටා ගැනීම නොවේ!) ඒත් අද අපි මේ කරන්නේ සෑමා පවසා ඇති දේ සාක්ෂි සහිතව ඔප්පු කිරීමක්.. අපේම උන් අපිට විරැද්ධව අනෙත් අයව උසිගන්නකොට අපිට ඉතින් අබ සරණයි.. පුද්ගලිකව මමත් ඔය NGO ආයතනයකින් '88/'89, '83 කාලේ ගැන මහ දේවල් කන්දරාවක් ගැන හැදෑරුවා. ඒක කළේ රාජ්‍ය ද්විභාෂා ප්‍රතිපත්තියක් ද මොකක්දෝ එකක් හින්ද. ඒ කොහොම උනත් අද ඉන්න කව්රු කව්රුත් අඩුවැඩි වශයෙන් ඔය කාලෙ ගැන දන්නවා.. බොහෝ වෙලාවට ඒ තමන්ගේ පුද්ගලික දේශපාලන දර්ශන රාමුව ඇතුලේ ඉදන්.. එක කොටසක් කියනව අසවලා වැරදියි, අනිකා කියනවා අපි නෙවෙයි, තව අය කියනවා අපි ඒ කාලෙ හින්ද අසරන උණා.. ඔය වගේ දේවල්. එහෙම නේද??
    මම නම් කියන්නේ, අපි හැම දෙනාම එකතුවෙලා (රටයි, ලෝකෙයි හිනස්සන‍්නේ නැතුව) රටෙයි, අපෙයි දෙකම ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන පැහැදිලි දැක්මක් ඇතුව වැඩක් කරන්න ඕනි. අපි පිටරටට ණය වෙලා ඉන්නතාක් මම නම් හිතන්නේ නෑ ඕක කරන්න පුළුවන් කියලා. අද ගොඩාක් දේවල් සල්ලි වලින් මනින කාලෙක රටවලුත් සල්ලි වලින්ම ඇති/ නැති වෙන්න බැරි නෑ....

    ප.ලි ඉහත සදහන් කිසිම පාර්ශවයකට අද පවතින තත්වය වෙනස් කළ හැකිද යන්න ගැන නම් සැක සහිතය..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...