Friday, February 10, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (5 කොටස)


මෙතෙක් ස්ටෝරිය.....

ගලා යන ග‍ගක එකට ඇලී ගමන් කරන මල් පෙති දෙකක් මෙන් සිතූ - කුසූ ආලෙන් වෙලී,  ආදරය සරි කර ගනිද්දි, ගග මැදට හෙලාලූ මහා රුක්ෂයක් සේ විමලේ මෙකි ජීවිත මැදට පතබෑවෙයි. අවංක ආදරයක කුලුදුලේ පිපි කුසුමක් වු කුසූ හැගීම් අතර අතරමං කොට පෙති කඩාහැලි රෝස මලක් බවට පත්කරන්නේ විමලේය. කිසිත් නොදත් සිතූ තම ජීවිතය ඇගෙන් ලබන්නට වෙර දරයි.
අසමජ්ජාති කුසූ විමලේ හමුවේ සිතූ පව්ය... !!


"ආනේ මයේ පුතා.. පුංචි අම්ම හොයාගෙන ආව නොවැ.. මම හිතුවෙ නැහැ උඹ නෑම්බියෙකුත් කුදලං ඒවි කියලා..."

සිතූ හා කුසූ රහසෙම පැනවිත් වැලි යට සැගෙවෙන බිංකුන්ඩං සේ සැගවෙන්නට වෙර දරන්නේ තම දෙමාපියන් සමග උරණව සිටි පුංචි අම්මා තුරුලේය. පුංචි අම්මා බොර දියේ මාළු බාන විට කුසූ හා සිතූ තාච්චි අල්ලගෙන මාළු එකතු කරන්නේ තම දෙමාපියන්ගේ මූනේ ග්‍රීස් ගෑමටය.

"ලොකු උදව්වක් පුංචි අම්මේ... මේ ඉන්නේ කුසූ.. මෙයා තමා එයා.."

"අනේ වාසනාවන්.. උඹ පොඩි කාලේ මම බොලාගේ කිහිලි යටන් අත් දෙක දාලා අහසට උස් කරද්දි. බොලා ඔය හිච්චං චූ පොඩ්ඩා මට උල් කොරල මගේ කටට හුජ්ජ කලා නොවැ. අන්න එදා තමා මට තේරුනේ බොලා ඔය වගේ උල් කිරිල්ලකින් කෙලෝගෙන මා ලගටම එයි කියල."

කුසුගේ සිත ලෑන්ඩ් මාස්ටරයක් මෙන් ගැස්සෙයි. ඇගේ අතින් සිතූගේ අත නොහැරිම තදින් මිරිකුනේ පුංචි අම්මාගේ කතාව නිසාය. විමලේ උල් කල පිහිය අද පාරවන්නේ සිතූටය. ඇය සිතූව රැවටුවද යටි සිත පවසන්නේ සිතූ මේ අසික්කිත කතා අසන්නේ ඇය නිසා බවය. එය තාප්පයක් ඇලවූ මැතිවරණ පෝස්ටරයක් මෙන් ඇයට සදා කාලිකව වද දෙනු ඇත. ජීවිතේ අවසාන මොහොත ඇය‍ගේ මරණය දෑස මානේ තිබියදී පවා සිහිවනු ඇත. 

"හරි පුංචි අම්මා.. කෑගහන්න එපා දැන්. වුණ දේවල් වුණා.. මේ දරු පැටියා මට හදාගන්න ඕනේ. අපේ ගෙදරට කිසි දෙයක් දැනෙන්න තියන්න එපා..."

"හරි හරි බං උඹලගෙ අම්මට ගුණයක් නැතිවට මට එහෙම වැඩ කරන්න බැහැ. මම බොලාලව බලා ගන්නම්, මගෙ මිනිහ මැරුනේ උඹලගෙ අම්ම එක්ක ඉඩමකට පැටලිලා කම්බි කටුවක් ඇනිල. එහෙව් මිනිහ නැති වුණ දවසෙ ඉදන් දරුවෙක්ගෙ මුහුනක් බලන්න මට බැරි වෙච්චි. දැන්වත් බලන්න ඇහැක් නොවැ."

සියලු කතා වාර අවසන සිතූ කුසූ දහවල පුරා තප්පුලමින් ගම පුරා සැරිසරන ගොන් නාම්බන් මෙන් පුංචි අම්මාගේ ගවලෙනේ අරක් ගත්හ. පෙර දින හවස් ජාමයේ අල්ලපු වත්තේ කිකිලිය තම වත්තට විත් කෙකර ගා දැමූ බිත්තර පොඩි කර ඔම්ලට් දමා පුංචි අම්මා රෑ කෑම පිළියෙල කළාය.
සිතූ ඊයේ රැයේ අම්මා ලග සිටි කොල්ලාය. අද ඉසකුඩිච්චියක් සමගය.
සිතූ සහ කුසූ දෙදෙනාම කෑම මේසයේ හිද ගත්තද කුසූ ගේ සිත රැදි සතුට සිතූ සිතේ නැත. අමු අමුවේ අල්මාරියක් ඇතුලත දී සෝඩා බෝතලය කැඩුවා සේ විමලේ ගැලවූ ‍ටොනික් පියන අද සිතූ අතට පත්ව ඇත. කුසූ දිගු සුසුම් සලමින් තුටු වන්නේ එලෙසය. සිතූ සැලෙන සිතින් වුවද ඇයව අවිශ්වාස නොකරන්නේ අවංක ආදරය නිසාමය. කරන්නට දෙයක් නැත. තටු කැපූ පරෙවියෙක් ගෙදර ගෙන විත් නැවත කඩකාරයාට රිට(ර්)න් කළ නොහැක. ඕනෑම නිශ්පාදනයක ස්ටිකරය ඉවත් කලොත් වගකීම අවලංගුය. සිතූ නොදැන පුංචිගේ ගෙදර ගෙනාවේ කඩකාරයාම ගැලවූ ස්ටිකරයක් රහිත බඩුවකි භාණ්ඩයකි.

"ඇයි සිතූ.. ඔයා දාපු බිත්තරයක් වගේ ඔම්ලට් එක නොකා බලං ඉන්නේ..?? මම කවන්නද??" කුසූ සුරතල් වීම ඇරඹීය.

"නැහැ කුසූ මට හිතෙනවා මේ බිත්තරේ දාපු කිකිලිත් එක්ක හිටපු කුකුලා වෙන කුකුලෙක් වෙන්න බැරිද..?" සිතූ දැන හො නොදැන කීවේ කුසූ දැවෙන කතාවකි.

"මොකක්?? මට තේරුනේ නැහැ මයෙ අම්මා.. " (සොරි ඉස්සර වගේ ඇය දැන් මයෙ අම්මා කියන්නේ නැත.)

"නැහැ කුසූ.. මේ බිත්තරේ දාන්න හේතු වුණ කුකුළා කවුද කියල කුකුලට වඩා හොදින් දන්නේ කිකිලි නේද..?"

"අනේ බොල කොල්ලෝ.. මයෙ මිනිහ මලාට පස්සේ.. බෝට්ටු කීයක් ගියාද බොල..? ඒත් මේ පාලම නෙවේ හෙල්ලුනේ.. අහවල් එකක් තියා ගිය බෝට්ටු ගාන පාලමේ කොටල නැහැ නොවැ" මැද්දෙන් පැන්නේ පුංචි අම්මාය. සිතූගේ මාතෘකාවෙන් කුසූට බේරීමට ඇය මහත් රුකුලක් වූවාය.

කුසූ කොහෙඹ ගහේ වෙලෙන කරවිල වැලක් මෙන් සිතූ අස්සේ වෙලෙමින් කෑම ගිලිද්දී සිතූ තම අම්මාගේ මතකයේ සැරි සැරුවේය. අම්ම කැවු බත් කට තරම් පුංචි අම්මාගේ ඔම්ලට් එක රස නැත්තේමය. සයිවර් කඩේ සතියක් පිලිණු වූ වඩය කැරපොත්තාට රස සේම සිතූටද අම්මාගේ කෑම තරම් දෙයක් නොවේය.

"හරි හරි අන්න ඉස්සරහ කාමරේ ලෑස්ති ‍කොරල තියෙනවා. කාල අහවර නම් නිදා ගනිල්ල. ඔය ඇද අපේ මිනිහ බීල ආවහම ඇල වෙච්ච යකඩ දැල් ඇද. ඉස්සර කිරි කිරි ගගා තිබ්බ නොවැ. මයෙ හිතේ තෙල් දැම්මොතින් හරි යයි" සිතු බත් පත අත ගගා සිටින විට පුංචි අම්මා කීවා.

පුංචි අම්මාගේ වදන ඇසී, ගෙදරට අළුතෙන් ගෙනා මී කතුර පළමුවර චෙක් කරන්නට දගලන අයෙකු මෙන් කුසූ ගේ සිත දගලන්නට විය. අලුත් මී කතුරට නතුවන්නට වෙර දරන මී පැටියෙකු මෙන් ඇය දගලන්නීය. මීයා ඇය නම් මී කතුර ඔහු විය යුතුය. වෙනසකට ඇත්තේ කුසූ දගන්නේ මීයා ගිලින්නට දගලන පූසා ආකාරයෙනි.

"සිතූ බලන්න පුංචි අම්මා කියනවා දොයියන්නලු.. දොයියමු නේද..?"

සිතුගේ සිත වටලා ගත් සැකයකි. එදා තමා බඩ අතගා අද දරුවෙකු සමග කුසූ තමා ලගය. තම මිතුරන් කළ කී දෑ මතක් වෙන සිතූට පුදුමය. ඔවුන් තම මිතුරියන් සමග කළ දේ හැටියට තම පාසලේ සියළු කෙලිපොඩිත්තියන් දැන් අම්මලාය. සිතූ සසල සිත සිසිල් කරන්නට වෙර දරන විට වොට් දහසක හීටරයක් මෙන්, නැතොත් කූලිං ෆෑන් එකක් නැති සී.පී.යු එකක් මෙන් තම සිත දැවේමය.

"හරි බබා අපි තුන්දෙනාම යමු..." සිතූ කුසූ බදවටා අත දමා සිහින් හඩින් ඇගේ කනට කොදුලේය.

"අපෝ.. පුංචි අම්මවත් අරං යන්න.. ඔයාට මාව විතරක් මදිද සිතූ..?"

"නැහැ මයෙ කුසූ.. අපි තුන්දෙනා කිව්වේ මේ පැටියා එක්ක..." සිතූ කුසුගේ බන්ඩිය එඹුවේය.

ලියාපදිංචි තැපෑලෙන් පාර්සලයක් යවනවා මෙන් සියල්ල කවරයක දමා, කවරයේ කට ගම් ගා අලවා, නූල් කැබැල්ලකින් වටේට ගැට ගසා, ලාකඩ ස්වල්පයක්ද තැවරුවා සේ පුංචි අම්මා සිතූ සහ කුසූ ඉස්සරහ කාමරයට ගාල් කළාය. 

සිතූ ගේ සිත මුහුදෙන් අල්ලා ගත් මාළුවෙකු වේලා ගත් විට කරවල වූවා සේ හැගීමෙන් තොරය. කාමරයට ලත් වනම හේ ඇද පුරා දපනේ දමා වැතිරුනේය.

"සිතූ.. මොකද මේ.. ෆෝන් එකෙන් දාපු සෙල්ලම් ලග ඉන්න කොට නැද්ද. අපොයි මරු චන්ඩි.."

දැවෙන සිත සනසාලන්නට ඇයට බැරිය. සිතූ ඊයේ රැයේ අම්මා ලග සිටි කොල්ලාය. අද ඉසකුඩිච්චියක් සමගය. මැරුනු සිතින් හෙතෙම කුසූට තුරුලු වුණේය.

ගල් කුලක් මතට මුදු මොලොක් රිජිෆේම් කැබැල්ලක් තැබුවා සේ කුසූ ආදරය සොයමින් සිතූ පපුවේ සැතපුනාය. සිතූ ඇගේ හිසකේ අතර තම අතැගිලි යැව්වේ ඉදියප්ප වංගෙඩියේ සිදුරු තුලින් පිටි එලියට එන්නා සේය. ඇගේ දෙනෙත් පියවිගෙය යද්දී, සිතූ ගේ දෙනෙත් අඩවන් වන්නට විය. එදා විමලේ සමග අල්මාරියවන් අඩි 2 x 4 ස්ථානයක සිදු වු කිසිදු දෙයක් මේ විශාල කාමරයේ නොවූයේ සිතූගේ මල් ඇතුරූ ආසනයක් වන් සිත නිසාය.

වෙනදට මල් ගසා පියවෙන ඇස් අද පියවෙන්නේ ආදරිය ලග සිටින නිසා බව සිතූට දැනුනි. වෙනදාට නිදි නැති කුසූගේ දෙනෙත් අද සිතූ ලග පියවෙන්නේ සියළු බර සිතූ කර පිට දැමූ බව නිසා බව කුසූට පසක් නොවූවාද නොවේය. ඇය සියළු සිතුවිලි මරා දමමින් නිදි ලොවට එළඹියාය. සිතූද එසේමය.

"අඩේ පාහරයා.. තෝ කොහෙ හිටියත් මම හොයාගෙන එනවා යකෝ.. කෝ මගේ කෙල්ල..."

කම්පියුටරේ error මැසේජ් එකක් ආවා සේ "දඩිං" සද්ද නගමින් පුංචි අම්මාගේ දොර කඩන්නට යමෙකු වෙර දරණු ඇසී සියල්ලෝම තිගැස්සී අවදි වූහ.


************
සියල්ල පහලින් කියවන්න.....


************

61 comments:

  1. උපමා උපමේය මාරයි ආ....කියල වැඩක් නෑ...කොහාම ලියනවද මන්ද....

    ReplyDelete
    Replies
    1. ස්තුතී කිව්වා.. ඒත් අහිංසක ආදරය ගැන මුකුත් කියල නැහැ නොවැ.. :(

      Delete
    2. අනේ...සොරි ඉතින්....මාව ෆුල් හොල්මන් වෙලා අප්ප ඊළඟට වෙන්නෙ මොකඩ්ඩ කියල ඩැනගන්න.....o.O

      Delete
    3. කවුද දන්නේ අවිනිෂ්චිත ආදරයක් කොහොම කෙලවර වෙයිද කියල.

      මාත් තවම දන්නැති වෙන්න යනදේ බලං ඉමු අපි.. ;)

      Delete
  2. 21වන් සියවසේ නවතම සුපිරි උපමා උපමේය සමගින් සිතූ කුසූ අන්දරය මෙසේ ගලාගන යන වගයි..

    අයේත් ඉතින් අරූට රට හරකා කියලා තමා කියන්ඩ තියෙන්නේ..

    කතු තුමාගේ හැකියාවන් සුපිරිය..

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ...

      රට හරකා කීවේ.. විමලේ ද? සිතූ ද?

      Delete
  3. හැමදාම වගේ උඹගේ මේ වචන සෙට් එක නං නියමයි ඈ.....විමලයා ඇවිල්ලවත්ද....

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැහැ බොල.. වෙච්ච දේවල් වල හැටියට තව මොකෙක් එයිද කියලා.. බලමුකෝ..

      ස්තුති සහෝ !

      Delete
    2. මලා කුසු වෙන මොකෙක්ව හරි සෙට් කරලා වරද සිතූ පිටම පටලවලා ජීවිතාන්තය දක්වා බාප්පලා ගාවට යවන්නද දන්නේ නෑ හදන්නේ... එහෙම උනොත් කෙල්ලට වෙච්චි අපරාදේ සිතූගෙන්මයි වුනේ කියලා අතේ මාට්ටුනේ වැරදිකාරයා නිදහස් වෙයි අඩේ....

      Delete
    3. ඒ අදහසත් උපරිමයි බොල.. ඒත් බලමු මොකෑ වෙන්නෙ කියලා.. ;)

      Delete
  4. කවුද බොලේ ඇලිස් කිව්වලු මේ විමලේ වෙන්ට බෑ ම්ම්ම් අර බෙලිකටු මාලේ දාපු වෙන උප්පරවැට්ටියක්ද දන්නේ නෑ හි හි මම සිරාවට බැලුවේ කතාව ලියද්දි error මැසේජ් එකක් ඇවිල්ලාවත්ද කියලා සුපිරි කතාව මේක කියවලා අන්තිමේ හිනා යයිද ඇඬෙයිද කියන්න බෑ සෑහෙන්න අවිනිශ්චිතයි.... මම කියන්නද මේ ආවේ කවුද කියලා.......ඇත්තටම ඒ කවුද අයියේ ආවේ.......?????

    හ්ම්ම්ම්ම් කෙල්ලගේ තාත්තා වෙන්න බැරිද???

    ReplyDelete
    Replies
    1. මමත් දන්නෙ නැහැ සහෝ කවුද ආවේ කියල.. අපි ප්‍රාර්ථනා කරමු නපුරක් වෙන්න එපා කියල.. පව් අර සිතූ කොලුවා.. !

      Delete
  5. දැන් රටේ දියුණුවත් එක්ක දෙනපියන්ගේ මුණුවල ගන්න දැලි නැහැ.හැමෝම දැන් උයන්නේ ගෑස් ලිපේ නේ.ග්‍රීස් ගෑවුනාම යන්නේනම් නැහැ ලේසියෙන්.

    පුංචි අම්මාගේ මනුස්සය මැරුණේ පිටගැස්ම හැදිලද?

    කඳුලේ නවකතාකරු කඳුළකින් අවසන් කරන්නද යන්නේ.

    ReplyDelete
    Replies
    1. ග්‍රීස් යකා මතක් වුණ නිසා එහෙම කිව්වේ.. ;)

      ඔව් පුංච්ගේ මිනිහ මැරුන විදිය කලින් කොටසෙත් දැම්ම නොවැ..

      මාත් දන්නෙ නැහැ සහෝ අන්තිමට මෙන මරගාතයක් වෙයිද කියල.. සිතූට හොදක් වෙන්න කියල පිං දෙමු.. !

      Delete
  6. ආවෙ කුසූගෙ තාත්තා.....ඉවරයි..ඉවරයි..සෑම් ඉවරයි...!!

    ReplyDelete
    Replies
    1. අහවල් එකටද බොල මාව කුදලං යන්නේ.. කුසුට මම කරපු අටමගලයක් නැහැ නොවැ.. :))

      Delete
  7. ඇත්තමයි කුසූට සිතුවා ගැන දුක හිතෙන්නේ නැද්ද මන්දා... වරද කරපු එකා කොහේවත් ඉද්දි මේ අහිංසකයා රවට්ටන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ හෙලන කදුලුවලට ඇත්තටම සිතූ කරන ආ‍දරේ අපරාදේ නේද ?

      එයිට වඩා හොදයි වැස්සියෙක් හදා වඩා ගත්තනම්.. ;)

      Delete
  8. මාර උපමා සෙට් එකක් දකින්නෙ මේ කථාවෙ...හෙහ්...හෙහ්..

    ReplyDelete
    Replies
    1. අපේ ඕ/ලෙවල් කරපු සිංහල ටීචර්ට පිංසිද්ද වෙන්නෝනි ඔබා මාමේ. එයා ලස්සන නිසා අපි හැමදාම පන්තියේ හිටිය.. ;)

      Delete
  9. අසමජ්ජාති කුසූ විමලේ හමුවේ සිතූ පව්ය... !! :S

    ReplyDelete
    Replies
    1. ඇයි බොරුද මම අහන්නේ..??

      Delete
  10. අඩේ බන් සැමා.... සිරා වචන සෙට් එක.... කතාව ඊලග එක එනකන් දැන් බලාගෙන ඉන්න ඕනනේ දොර කඩන එර මැසේජ් එක බලාගන්න

    මට විතරක් වෙන්න ඇති මේක නම් හිතෙන්නේ... සමහර වෙලාවට මට කොල්ලා කෙල්ල මාරු වෙනවා බන්.,.... කසු ,සිතු..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. බලපං උබේ කමෙන්ටුව ස්පෑමි වෙලා අද දැක්කේ...

      ස්තුති.. මාරුව ඇරෙන්න ඇති නේද ?

      Delete
  11. අපෝ මේ සැමා ආස්සරේ කරන කොලු ගැටවු කොහොම ඉන්නව ඇත්ද...... මුන්දගෙ වචන ඉල කඩනවනේ.....

    ReplyDelete
    Replies
    1. ෂැගී කොල්ල අපිත් එක්ක ඉන්න තිබ්බේ..
      මල ගෙවල්, බණ ගෙවල්, දානෙ ගෙවල් ප්‍රිතිමත් කරනු ලැබේ..

      Delete
  12. මාත් මේ උපමා උපමේය ගැන කියන්න හැදුවේ... උඩ දෙන්නෙක්ම කියලනේ.. :( ඔන්න මම කිව්වෙ නෑ මොකුත්...
    කුසූට වුණේ පව් වැඩේ තමා.. ඒත් හැමෝම එයාටම බනින්න එපා. එයාගෙ පැත්තෙනුත් හිතල බලන්න. එයා හරි පව්.. අසරණ වෙලා..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඇත්ත කිව්වනම් නේද හොඳ තමන් ආදරේ කරන කෙනා තමන්ට මොනා හරි හංගනවා කියලා දැනුනාම දුකයිනේ... හැම දේකටම ඉඩ නොහැර අවංකව විරුද්ධ වුනා නම් මේ මුකුත් කරදර නෑ පව් අප්පා දෙන්න ගැනම දුක හිතෙනවා තමා

      Delete
    2. මටත් හිතෙන්නේ කුසූ ඇත්ත කිව්ව නම් සිතූගේ ආදරේ ඩබල් වෙයි. හැබැයි අනික කුසූ බය ඇති සිතූ විමලේ එක්ක රණ්ඩු වෙයි කියල. එහෙම බැලුවම දෙන්නම අසරණයි.

      ගැමියා එදා ඩිලිට් කරපු කමෙන්ටුව මතක් වුණා ;)

      Delete
    3. අමතක කල යුතු මතකයක් මට ලඟදිම නියඟලා හොයන්න වෙයි වගේ ෂිහ් දාපු පරක්කුවට ඒක මැකුවටනේ කොහොම දැක්කද

      Delete
    4. අනේ මන්දා වෙලාව තමයි මගෙත් කරුමෙට මම දැක්ක නොවැ.. ;)

      Delete
  13. ඔව්...ඇත්ත කියන එක හොඳයි.. සිතූ කුසූව අතහරිවී.. කුසූ බඩේ දරුවෙකුත් එක්ක තනි වේවි.. බඩට දරුවෙක් දුන්න කියල ඔය විමලයා කුසූව බඳින එකක් නැතිවෙයි...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දැන් ඒත් පරක්කු වැඩි. කුසු එදා සිතු කතා කලාම කිව්වේ ෆිල්ම් එකක සද්දයක් කියලනේ. එදාම කිව්වනම් විමලේ ගේ කතාව මේ ඔක්කොම හරි.

      ඒත් කුසුට සිතුගේ ආදරේ ඕනෙ ඒකයි මේ සේරම..

      Delete
  14. ඊලඟ කොටසෙන් කතාව විහරද ??
    අඩේ කෙල්ලෙක් එක්ක ඉදලත් සිතූ මොකද මුකුත් නොකලේ !! මට තියෙන වැදගත්ම ප්‍රශ්නේ එය ය !

    ReplyDelete
    Replies
    1. ඔව් කතාව ඊලග කොටසින් ඉවර වෙයි. ඒත් මේක සාලිය - අශෝකමාලා කතාව වගේම ඉතිහාස ගත වෙයි.

      මුකුත් නොකල නිසා සිතූ p''' කියල හිතනව එහෙම නෙවේ. සිතූ එල කොල්ලෙක්. ඒත් ආදරේ ඊට වඩා ගැඹුරුයි.. ;)

      Delete
    2. ඔන්න මම නම් සිතූ p කියලා හිතුවේ නෑ.
      ඉතින් බොල මං කිව්වෙත් ආදරේ ගැබුර බලන්න ගොඩ ඉදන් බෑ නේ. ඒකට පොලු කෑල්ලක්වත් ඔබලා බලන්ඩ එපෑ. ආ නැද්ද හා හික්ස් :)

      Delete
    3. ඒක නම් සිරා කතාව. කලින් මතක් වුණානම් මධුරංගයගේ නම එක්ක කතාවටම ඇතුලත් කොරනවා..

      විමලේ ආදරේ මැන්න නොවැ.. ;)

      Delete
    4. විමලේට ආදරේ ගැබුර මදි උනා වෙන්ටෑ.

      සිංදුවකුත් මතක් උනා !!

      විලේ ගැඹුර ඔරුව දන්නේ නෑ.
      මලේ සුවඳ ජලේ දන්නේ නෑ.
      සිතේ අරුම නඟා දන්නේ නෑ.

      Delete
    5. සිතූ උඹට බොරු කරන්නෙ නෑ..

      බි'පෙ'සි !

      Delete
    6. කනවද !!! නැද්ද !!! කනවද !!! නැද්ද !!!

      වෙන මොකවත් නෙමේ බං. මේ කළු දොදොල් කෑල්ලක් තියෙනවා. කනවද නැද්ද කියලා හිත හිතා ඉන්නේ !!!

      Delete
    7. හිකිස්.. අපේ එකෙක් කළු කෙල්ලක්ට ට්‍රයි කලා. අනිත් එවුන් ඔක්කොම බනිද්දි මූ කිව්වේ..

      "කළු වුණත් දොදොල් පැණි රසයි මචං"

      :))

      කාපං ඉතිං !

      Delete
  15. ඊලග එපිසෝඩ් එකත් කියවනකං මොකවත් නොකිය හිටිය නම් හොදා කියල හිතෙනවා..
    එකත් බලලම ඉමු


    එළ බං!!

    ReplyDelete
    Replies
    1. අහිංසක ආදරයක් ගලා යන හැටි බලාගෙන නිහඩව ඉමු සහෝ...

      ස්තුතී කිව්වා... :)

      Delete
  16. අන්තිම කොටස පල වෙනකන් ඉවසන්න බෑ කමෙන්ට් කරන්න.. උපමා ටික නම් එලකිරි.. එ හින්දම කතාව මී කිරි එක්ක පැණි කනවා වගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතී බොල..

      කිරි දොවල දොවල ගොම බිංදුව වැටෙයිද ?

      Delete
  17. හෆ්ෆා උපමා නම් කියා වැඩක් නැත.. උපරිමය..
    මඟහැරුණ කොටස් එක්කම කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. ස්තුතී නන්දු..

      මට මතක් වුනේ මගෙ ආදර 'ලන්දු' :)

      Delete
  18. අනේ අනේ... මෙහෙමත් ගැනු.. මුන් උල තියලත් මදි..

    (සෑමෝ, උබේ බ්ලොග් 1ක මගේ බ්ලොග් එකේ අප්ඩේට් වෙන් නැනේ..)

    ReplyDelete
    Replies
    1. පව් කුසූ.. විමලය නිසා නොවැ අසරණ වුනේ.. හිකිස්..

      අපොයි.. මටමයි වෙන්නේ.. ඇයි බොල ඒ.. ? ආයෙත් ඇඩ් කොරලා බලන්ට..

      Delete
  19. ආයේ නිකමට මේ පැත්තේ ඇවිල්ලා යද්දි පින්තූරේ දිහා ටිකක් වැඩිපුර බලන් හිටියා මේ පින්තූරේ ඉන්න කෙල්ලව නිකන් දැකලා පුරුදුයි වගේ.... ගත්තේ කොහෙන්දෝ කියන්න හැකිදෝ

    ReplyDelete
    Replies
    1. ගූගල් දෙයියන්ගෙන් ඉල්ල ගත්තේ.. ඇයි මොකෑ ගැමියා සීන් එක ?

      Delete
    2. ආ ගූගල් දෙයියෝ දුන්නු දේවල් නම් ප්‍රශ්න කොරන්න හොඳ නෑ මම හිතුවේ බල බල හිටිය වීඩියෝ එකකින්වත් කැප්චර් කොරගත්තද කියලා හි හි හි... පෙනීම අවුලක්ද දන්නේ නෑ හැබැයි ගනන් ගන්න එපා

      Delete
    3. අලේ සෑමා ගැන සිතන කැත.. :)

      Delete
  20. ෂුවර් එකට ගේමට එන්ටර් වෙන්නෙ පුංචි අම්ම තමයි.......ඊළඟ කොටස විමලේ සහ පුංචි අම්මාගේ සටනද?.....:D

    ReplyDelete
    Replies
    1. අප්පද බොල පුංචි අම්මා මනුස්සයත් නැති තනිකඩ ගෑණි.. විමලෙට කිට්ටු කරන්ට එපා බොල..

      ගින්දර + පුළුන් ;)

      Delete
  21. ෆෝන් එකෙන් දාපු සෙල්ලම් වලටද කොහේද මෙහෙම වෙලා තියෙන්නෙ. අනේ මංද මට අවබෝධයකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් කියවන එකාලට තියා ලියන මේකටවත් හිතා ගන්න බැහැ :)

      Delete
  22. නෙක්ස්ට් පාට් එකත් එනකන් ඉමු නේද සෑම්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මට ලැජ්ජයි වගේ පාට් දාන්න..

      Delete
  23. හම්...දැන් දැන් ඔය බූරැ පැටියට තේරෙනවා වගේ. මටත් තරහ තියෙන්නේ කෙල්ල ගැන,(එක අතකට එයාත් පවු තමා!) ඒත් මේතනදි කෙල්ල එයාට උන අකරතැබ්බය කොල්ලට කිව්වනම් හරිනේ...දැං ඉතිං කාපංකො ටොපිය.!
    එනිවේ සහෝ.....ස්ටෝරිය නට්ට පයිස්....ආ!

    ReplyDelete
  24. ///"අනේ බොල කොල්ලෝ.. මයෙ මිනිහ මලාට පස්සේ.. බෝට්ටු කීයක් ගියාද බොල..? ඒත් මේ පාලම නෙවේ හෙල්ලුනේ.. අහවල් එකක් තියා ගිය බෝට්ටු ගාන පාලමේ කොටල නැහැ නොවැ"///

    මේක සැර වැඩි නැත්ද ?

    කෙල්ල කපටියි. කොල්ල මෝඩයි... ආදරේ හින්දම වෙන්න ඇති... ඈඟට වදින්නම ලියල තියෙනවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...