එය අමුතුම පෝය දවසක්ය. වසරේ අවසාන පෝයය. ඉතිහාසගත වුණ දවසක්ය.
![]() |
ආයාචනාය මණිඅක්ඛිමහෝරගස්ස යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි |
එදා සෑමා සිල්ගන්න සිල් රෙද්දත් පොරෝගෙන පන්සලට ගියේය. නිකංම නෙවේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ යන අදහසිනි. කෑළනිය රජ මහා විහාරයටය. අද මෙහෙම උබලගෙ කුණු කතා ඇහුවට ඒ දවස්වල සෑමා දහම් පාසලේ ජේෂඨ ශිෂ්‍යය නායක උතුමෙක්ය පොරක්ය.
මුලින්ම අපිට දහම් පාසලේ දුන්නේ පරිවාස ශිෂ්‍යය නායක කමකි. කහපාට පටිටයක් උරහිස හරහා ඉන හරියට එනතෙක් දමාගෙන රෑප සුන්දරියක් මෙන් ඩියුටි කළ යුතුය. අපිට බැජ් එකට අමතරව පටියකින් බෙල්ල හිරකලේ ශිෂ්‍යය සංඛ්‍යාව වැඩි නිසා අපිව කැපී පෙනෙන්නලු. අපේ ප්‍රින්සිපල් සර් කීවේ එහෙමය. පසු කලෙක කණිෂ්ඨ ශිෂ්‍යය නායක වු පසු අපිට නිල් සහ කහ පටියක් පෙර පරිදිම පැලදිය යුතු විය. එසේම ජේෂඨ වූ පසු නිල්, රතු, කහ පටියක් ලැබිණ. ඉස්සර ඔය පටිය දැම්මම කස්ටිය පොලිසියට වඩා බයය. ඒ නිසා අපි පටියට ගරැ කලෙමු.
![]() |
කහ පටි පරිවාස |
![]() |
කහ - නිල් පටි කණිෂ්ඨ |
![]() |
නිල් - කහ - රතු පටි ජේෂ්ඨ |
අපිට ජේෂ්ඨ පට්ටම හම්බෙන්න තිබ්බ සංක්‍රාන්ති සමය නිසා හැම වැඩකටම උපරිම සපෝට් එක දෙන්න අපි පන්සලට රිංගුවෙමු. පෝයට තිබ්බ පෝදින වැඩසටහන් කළේ අපේ බැජ් එකය. පෝයට කලින් ආධාර එකතු කරගෙන, පිරිකර, හා අනෙකුත් වියදම් සදහා සියළු කලමනා එකතු කරගත්තේ අපිමය. සභාපතිතුමා, ලේඛම්ලා අපේ සෙට් එකම නිසා අපිට කිසි අතුරැ අන්තරාවක් නැතිව නිදහසේ හැසිරෙන්නට ඉඩ ලැබිණ. ඒ නිසාම සෑමාට වසර දෙකක් එක දිගට පෝය විසිහතරක් සිල් අරගෙන සහතිකයකුත් ලැබිණ. සෑමා එය ලැමිනේට් කර ෆයිල් කවරයක දැම්මේ කවදා හෝ අපායට ගියොත් දඩුවම් ලිහිල් කර ගැනීමේ පරමාර්ථයෙනි.
පන්සලේ පෙරහැර සීසන් එකට බණ වාර වලට (මාස 2,3ක් පුරාවට) සහභාගීවීම, පන්සල පුරා තීන්ත ගෑම (පොඩ්ඩක් හිතපල්ලකෝ කැළණි පන්සලේ තීන්ත ගානවා කීවම ලේසිද?), අළුත් ශාලාව, ධර්ම ශාලාව, විහාර ගෙදර, පෙරහැරට කලින් දිනවලදී සේදීම පවා කලේ අපේ එකමුතුවෙනි. අතරතුර ලැබෙන කෑම බීම නිසාත්, එකට හිටපු සෙට් එක නිසාත් කිසිදු ගැටළුවක් නැතිව අපි පන්සලේ වැඩ කලේ සුපිරි ෆන් එකෙනි. ඒවා ඉස්සර ෆන් උනාට සෑමාට වයසට ගිය කලෙක සිහිකරන්නට වෙන්නේ පිං අතේ වැඩ කියාය. අද වුවද මතක් වෙද්දිද පහන් සිතක් පහලවේ.
සිල් ගන්න එක අපිට ආතල් වුනේ නිදහස තිබ්බ නිසාය. දහම් පාසලේ ලමයි වෙනම හෝල් එකකට ගාල් කර සිල් ගැනීම වෙනමම සිදුකලේ කැලනි පන්සලේ පෝය දවසට සිටින මහා සෙනග කන්දරාව නිසාවෙනි. එක පාරක් සීල ව්‍යාපාරයට මුදල් අහේනියක් වෙලා දන්න දන්න එවුන්ගේ ගෙවල් වල ගිහින් සල්ලි එකතු කලා මතකය. ඒ එන කොට අපේ සභාපතිතුමාගේ බයිසිකලය කාණුවකට ගොස් රෝද ඇදවීමේ පාඩුවත් බැලන්ස් කිරීමට අපමණ වෙහෙසක් දැරීමට සිදුවිය. මොනවා උනත් සභාපතිතුමාගේ නිල රථය හරියට තිබිය යුතුය. එසේම පෝය දවසට දාන වේලට පසු අයිස්ක්‍රීම් කෑමට වෙනම මුදලක් ඉතිරි විය යුතුය.
ධර්ම ශාලවේ පෝ දින ඉඩ නැති නිසා අපි සිල් ගත්තේ වෙනම ශාලාවකය |
2004 දෙසැම්බර් 24 26, උදේ සිල් සමාදන් වුණ සෑමා පුටු කාමරෙන් එලියට පැන්නේ උදෑසන දානේ වේල ගන්නටය. හරියටම 9.30ට පමණ වන්නට ඇත. අපේ එවුන් එක එකා එක එක කතන්දර කියනු ඇසෙන්නට විය.
"අඩේ කොහොමද බං මුහුද ගොඩ ගන්නේ, කවුද බං ඕවා කියන්නේ" මුං කතා කරන්නේ උපාසක වදන් නොවේය. උඹ බං බොලං වදන් පමණි. පුටු කාමරෙන් පැන්න මට මේවා අන්ඩර දෙමලය. සිල් අරන් පාලි පාඨයක් ඇසුනා වැනිය.
"විහාර මහා දේවියත් ඒ කාලේ මහ මුහුදට බිලි වූනා කියන්නේ බොරැද එතකොට" අපේ එකාලා විහාර මහා දේවියත් එලියට ඇද ගෙනය. සියල්ල මැද්දේ සෑමා හඩ අවදි කලේය.
"මොකද බං සීන් එක?? හාමුදුරැවෝ බණ දේශනා කලේ නැද්ද"
"නැහැ යකෝ.. අපි හාමුදුරැවන්ගේ ආවාසේ හිටියේ. නිවුස් එකක් ගියා බං මුහුද ගොඩ ගලලා කියලා.. සුනාමිලු.."
සුනාමි... ඇහුවමයි..
කතාව එතනින් ඉවර වුනත් පස්සේ සිල් ගන්න ආපු ආච්චිලා සීයලා නොහොත් උපාසක උපාසිකාවෝ කැළණි ගග පැත්තට දුවන්නට පටන් ගත්තේ පැය කිහිපයකිනි. දහම් පාසලේ කස්ටිය වෙනමම සිල් ගන්නා නිසා එළියට යාමට අවසර නැති මුත් විධායක බලතල නිසා අපිත් සිල් රෙදි පසෙක තබා ගග පැත්තට ඇදුනෙමු.
මුහුණට හමුවෙන සියළු දෙනා කියන්නේ ගග ඉහලට ගලනවා කියාය. හිතා ගන්නට බැරිය. කවදාවත් නොහිතපු සිදු වීමකි. ඒ දවස් වල මෙගොඩ කැළණිය සහ එගොඩ කැළනිය අතර යාකරමින් පාලමක් ඉදිවෙමින් තිබිණ. ඒ දවස්වල තිබුණේ කණු ටික පමණි. සියළු කුතුහලයන් මැද්දේ ගග පැත්තට දිවෙන අප ඉදිරියට ආ ආච්චි කෙනෙක් කීවේ සුනාමි දෙපිටින් යන කතාවකි.
"පුතාලා යන්න එපා ඒ පැත්තට... මොනව හරි ලොකු දෙයක් වෙන්න යන්නේ" සිල් ගන්න ඇවිත් බණ නාහන අපේ එවුන් ආච්චිගේ කතා අහයිද?
"ඇයි ආච්චි අම්මේ මොකද වෙන්නේ.." මොනවා උනත් එකෙක් ඇසීය.
"යන්න එපා පුතේ ගග උඩහට ගලපු පාර පාලමත් කැඩිලා. ඉතිරි වෙලා තියෙන්නේ කණු දෙකක් විතරයි.."
පිස්සු හැදෙනවාය. සැක හැර දැන ගැනීමට අපි ගං ඉවුර උඩට නැගුනෙමු. ගග දුඹුරැ පාට වී ඉහලට ගලනු දුටු අප පුදුම වීමු. නමුත් පාලම කැඩුනු පාටක් පේන්නට නැත. තිබ්බේ බාගෙට වැඩ ඉවර කරපු කණු දෙක පමණි.
වැඩිදුර අධ්‍යයනයේදි අපට පෙනී ගියේ ආච්චී දුර ඉදන් සිල් ගන්නට ආ ඇත්තියකි. ඇය පාලම හදමින් පවතින බව නොදන්නවා ඇත. හිතන්නට ඇත්තේ සම්පූර්ණව හදා තිබූ පාලම සුනාමියේ අතුරැ ඵලයක් ලෙස කැඩී ඇති බවකි.
සුනාමි යලි ලංකාවට තියා කාටවත් නොඒවා... නැත්තම් ආච්චිලා අතරමං වනු ඇත.
Written by sAm_3.23pm_26.12.'11
ස්තූතිය - සෑමා ශිෂ්‍යය නායක ෆොටෝ හොරකං කරපු ෆේස් බුකි ප්‍රොෆයිල් එක බාර මල්ලීට. අපිට සතුටක් වුණ ලාභ අපේක්ෂා නැතිව දහම් පාසලට, පන්සලට ගිහින් වැඩ කරපු ඒ කාලේ සහය දුන් සැමට.
සුනාමි... ඇහුවමයි..
කතාව එතනින් ඉවර වුනත් පස්සේ සිල් ගන්න ආපු ආච්චිලා සීයලා නොහොත් උපාසක උපාසිකාවෝ කැළණි ගග පැත්තට දුවන්නට පටන් ගත්තේ පැය කිහිපයකිනි. දහම් පාසලේ කස්ටිය වෙනමම සිල් ගන්නා නිසා එළියට යාමට අවසර නැති මුත් විධායක බලතල නිසා අපිත් සිල් රෙදි පසෙක තබා ගග පැත්තට ඇදුනෙමු.
මුහුණට හමුවෙන සියළු දෙනා කියන්නේ ගග ඉහලට ගලනවා කියාය. හිතා ගන්නට බැරිය. කවදාවත් නොහිතපු සිදු වීමකි. ඒ දවස් වල මෙගොඩ කැළණිය සහ එගොඩ කැළනිය අතර යාකරමින් පාලමක් ඉදිවෙමින් තිබිණ. ඒ දවස්වල තිබුණේ කණු ටික පමණි. සියළු කුතුහලයන් මැද්දේ ගග පැත්තට දිවෙන අප ඉදිරියට ආ ආච්චි කෙනෙක් කීවේ සුනාමි දෙපිටින් යන කතාවකි.
![]() |
මේ පාලම ඒ දවස් වල හදමින් තිබිණ - (ගූගල් සර්ච් ෆොටෝ එකකි. සෑමා නැත) |
"ඇයි ආච්චි අම්මේ මොකද වෙන්නේ.." මොනවා උනත් එකෙක් ඇසීය.
"යන්න එපා පුතේ ගග උඩහට ගලපු පාර පාලමත් කැඩිලා. ඉතිරි වෙලා තියෙන්නේ කණු දෙකක් විතරයි.."
පිස්සු හැදෙනවාය. සැක හැර දැන ගැනීමට අපි ගං ඉවුර උඩට නැගුනෙමු. ගග දුඹුරැ පාට වී ඉහලට ගලනු දුටු අප පුදුම වීමු. නමුත් පාලම කැඩුනු පාටක් පේන්නට නැත. තිබ්බේ බාගෙට වැඩ ඉවර කරපු කණු දෙක පමණි.
වැඩිදුර අධ්‍යයනයේදි අපට පෙනී ගියේ ආච්චී දුර ඉදන් සිල් ගන්නට ආ ඇත්තියකි. ඇය පාලම හදමින් පවතින බව නොදන්නවා ඇත. හිතන්නට ඇත්තේ සම්පූර්ණව හදා තිබූ පාලම සුනාමියේ අතුරැ ඵලයක් ලෙස කැඩී ඇති බවකි.
සුනාමි යලි ලංකාවට තියා කාටවත් නොඒවා... නැත්තම් ආච්චිලා අතරමං වනු ඇත.
Written by sAm_3.23pm_26.12.'11
ස්තූතිය - සෑමා ශිෂ්‍යය නායක ෆොටෝ හොරකං කරපු ෆේස් බුකි ප්‍රොෆයිල් එක බාර මල්ලීට. අපිට සතුටක් වුණ ලාභ අපේක්ෂා නැතිව දහම් පාසලට, පන්සලට ගිහින් වැඩ කරපු ඒ කාලේ සහය දුන් සැමට.
"The sin of a life time, are all rendered null, Once Kelaniya is worshiped a single time"
පලි- නත්තල, සුනාමිය එක ලග වැටුන නිසා පෝස්ටුව හරි වෙලාවට සෙට් කර ගන්නට බැරි වුනාට සොරි හොදේ. දන්නවනේ ඉතිං නත්තලට...
අනේ අපොයි..හතර පෝයට සිල් ගත්ත ළමයෙක් නේද මේ...අනිච්චේ දුක්කේ..
ReplyDeleteඑදා දෙසම්බෙර් 26 ලෙස නිවැරදි විය යුතුය.හතර පෝයටම සිල් ගත්තු එකෙක්ට පහුකලිනවා වෙච්ච දෙයක්. අෆොයි
ReplyDeleteරෑ - බොලාට කතන්දර ලියන්ට ගිහින් තමා මෙච්චර චාටර් වුනේ.. :)
ReplyDeleteමකරවත් කොහොම හරි කුමාරයෙක්ට සෙට් කලා නේද?
අසරණයා- ස්තුතියි සහෝ.. ඔන්න හරි ගැස්සුවා.
පහු කාලීනව මුකුත් වෙලා නැහැ බොල තාම ඒ අහිංසක, නොකැලැල් කොල්ලා තමයි..
ස්තුතියි දෙපලටම..
අන්න අපායේ යමපල්ලෝ බදවා ගන්න ඉන්ටවීව් කෝල් කරලා. යම රජ්ජුරුවෝ සැමා එනකන් බලා ඉන්නවලු. ශිෂ්‍ය නායක ට්‍රේනින් තියන එකේ අවුරුදු දෙකක් සිල් ගත්ත සැටිපිකෙට් එකත් අරන් ඉක්මනට පලයන්.
ReplyDeleteඋචාච සයන මහාසයන කියන්නෙ නැතිඑකනං හොදයි. මට දැං මතක් උනේ මම අවුරුදු 15කට විතර කලිං සිල් අරගෙන පැන්න ගමන් කියල. ඊට පස්සෙ පන්සිල් ගත්තෙත් නැති නිසා තාම අටසීලෙන් ඉන්නෙ.
ReplyDeleteරෙප් මහත්තයා - මම ගියා බොල ඉන්ටර්විව් ෆේල්. අර කටු ඉඹුලේ තමයි ඩියුටි සෙට් කරල තිබ්බෙ. කිතුලට නැග්ගට ඉඹුලේ වැඩ බැහැනේ බොලව්. වෙන මොනව හරි වේකන්සියක් තිබ්බොත් යනවා..
ReplyDeleteජය ශ්‍රී !
රාජ් - අඩේ උබ තාම පවාරනය කරල නැහැ රාජ් පුතා. තවමත් සීලෙන් ඉන්න නිසා අපි සලකන විදිහ වැරදිද මන්දා... :)
ReplyDeleteසිල් ගත්ත මිනිස්සු මෙහෙමනං නොගත්ත උන් කොහොම ඇද්ද? එක අතකට කැළනියට හරියන්නෙ මර්වින්ම තමා!
ReplyDeleteඉන්දික උපශාන්ත - එහෙම කියන්න එපා බොලව් අපි හරි දැහැමි දරැවෝ. මේ කයි කතන්දර ලියන්න ගිහින් සවුත්තු වුණාට. අනික අපේ මැරවින් මාමා සුදුමයි අදින්නේ අන්තිම දැහැමි මාමා.
ReplyDeleteපිං සිද්ද වෙච්චාවේ !
සෑමාත් සිල් ගත්ත කොල්ලෙක් කියලා අදමයි දන්නේ.
ReplyDeleteදැන් සිල් බිඳගෙනද දන්නේ නෑ. :)
ඒ කාලේ නම් මතක් කරන්නවත් ආස නෑ. සෑහෙන ජීවිත සංඛ්‍යාවක් අනාත උනා.
මම සිල් ගත්තේ "සිල් පෝයටයි" "බැල් පෝයටයි" බොල...
ReplyDeleteතාම ඒ සීලේ තියෙනවා.. :)
මේක දැක්කාම අතීතය මතක් උනා බන්.....අපේ දහම් පාසලේ අවුරැදු 10ක් කැළණිය වැන්ද කාලේ මතක් උනා ....
ReplyDeleteJ B L නොහොත් ජයේ - සිරාවට බං, ඒ පිනම ඇති අපිට :)
ReplyDeleteනැත්තම් උඹලා දැන් කරන දේවල් වල හැටියට ඔහොම ඉදීද ?
දෑ අවුරුද්දක් එක දිගට සිල් අරගත්තු බව සහ සහතිකයක් සමග තගි වවුචරයක්ද ලද බව සහ සුද්දෙන් අපි සියල්ලොම දන්නා නමුදු පෙර කී තෑගි වවුචරයට මක් වීද යන්න රටට හෙලි කල යුතුමය....
ReplyDeleteවව්චරය මා මිතුරෙකු අතට පත්කලේ දෙදෙනාගේම වවුචර් එකතු කර පොත් පත් අරගෙන බෙදා හදාගෙන පාඩම් කරනා අටියෙනි.
ReplyDeleteඑකී මිතුරාගේ විශ්වාසවනතභාවයේ තරම අනුව මට වවුචරැත් නැත, පොතුත් නැත.. එය කතාවට ඇතුලත් නොකලේ වවුචරය පමණක් නොව කලින් මාගේ (නාසා ආයතනය එවන ලද) විස්තර පවා එකී විශ්වාසවන්ත මිතුරා ඉස්සූ බැවිනි.
මේ සිද්ධි දන්නා නුඹ කවරෙක්ද?
අඩො අංජා හා හා පුරා කියලා මත් වතුර කට ගෑවේ එදා තමයි... හිහ් හිහ්...
ReplyDeleteඋබ 5වසරේ ඉදන් බොනවනේ බං.. :)
Delete